වීඩියෝව: සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන ජාතික පරිමානයෙන් විකාශය කෙරුනු රූපවාහිනි වැඩසටහන අමතා කතා කරයි

Video: SEP presidential candidate Pani Wijesiriwardena addresses nationally-televised meeting in Sri Lanka

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 11

ඔක්තෝබර් 5 වැනි දින, කොලඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත් වූ “මහජන වේදිකාවේ” දී සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන පැවැත් වූ කතාවේ උපසිරැසි ගැන් වූ වීඩියෝ පටයක් පහත පල කරනු ලැබේ. හාර දහසක පමන ජනකායක් සහභාගී වූ මෙම රැස්වීම රූපවාහිනි සහ අයිටීඑන් මාධ්‍ය ජාල හරහා ජාතික පරිමානව විකාශය කරනු ලැබුනි.

ජනාධිපති අපේක්ෂකයන්ට “සමාන අවස්ථා” දිය යුතු යැයි සංවිධායකයන් ප්‍රකාශ කල සිටියත්, මේ වැඩසටහන අදියර දෙකකින් සමන්විත විය. විජේසිරිවර්ධන වැටුනේ “සුලු පක්ෂ” අපේක්ෂකයන්ට විවෘත වූ පලමු අදියරටයි. එහි දී අපේක්ෂකයන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට විනාඩි හතර බැගින් ලබා දෙන ලදි.

දෙ වැනි අදියර ඊනියා ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට වෙන් විය. එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන ආන්ඩුවත්, පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂත් මේ යටතට වර්ගීකරනය කර තිබුනි. මොවුන්ට දිග කාලයක් ලබා දෙනු ලැබූ අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධ ඇතැම් ප්‍රශ්නවලට පිලිතුරු ලබා දීමට ද අවකාශ සලසා තිබුනි.

වැඩිදුර කියවීමට:

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරනයට තරඟ වදියි
[2019 ඔක්තෝබර් 03]

ශ්‍රී ලංකාවේ සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ප්‍රසිද්ධ රැස්වීම් නිවේදනය කරයි
[2019 ඔක්තෝබර් 10]

Share this article: