ධනවාදයේ බිඳවැටීම සහ ඇමරිකා එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා සටන

The Breakdown of Capitalism and the fight for Socialism in the United States

By Socialist Equality Party, 4 September 2010

සමාජවාදී සමානතා පක්ෂයේ කි‍්‍රයා මාර්ගය
3වන කොටස

යට දැක්වෙන ලියවිල්ල 2010 අගෝස්තු 11-15 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප‍්‍රාන්තයේ ඈන්ආබර්හි පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) ප‍්‍රථම ජාතික සම්මේලනය විසින් සම්මත කර ගන්නා ලදී. මෙය කොටස් තුනකින් යුතු ලිපියේ අවසාන කොටසයි. පලමුවන කොටස2011 මාර්තු 05 සහ දෙවෙන කොටස මාර්තු 06 පලවිය. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්නේ කෙසේද යන්න පිලිබඳ තොරතුරු ලබා ගැනීම පිනිස මෙහි ක්ලික් කරන්න.

මහසංගත බලය සහ ධනේශ්වර රාජ්‍යයට එරෙහිව කම්කරුවන්ගේ සමාජමය අයිතීන්

85. ඉහත දක්වන ලද සමාජමය අයිතිවාසිකම් වනාහී කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් ය. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය තුල ආර්ථික බලය අති මූලික ආකාරයෙන් ප‍්‍රතිසංවිධානය නොකොට ධනය යලි බෙදාහැරීමෙන් තොරව ඒවා දිනාගත හැකි යයි යමෙක් සිතුවොත් එය මනෝරාජික ය. මෙම අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා මහසංගතවල සහ ධනවතුන්ගේ මෙතෙක් කල් අනභියෝගීව පවත්නා වරප‍්‍රසාදයන්ට කෙලින්ම පහර දීම අත්‍යවශ්‍ය බව සමාජවාදී සමානතා පක්ෂය විවෘතව කියා සිටී. පරම්පරා ගනනාවක් තිස්සේ කම්කරුවන් විසින් නිර්මානය කරන ලද අතිමහත් ධනය වරප‍්‍රසාදිත අතලොස්සකගේ අතින් ඉවත් කොට සමස්ත මහජනතාවගේ පරිහරනය සඳහා යොදා ගත යුතුය. ධනපති පන්තියේ ආර්ථික හා දේශපාලන බලයට එරෙහිව එවන් විවෘත ප‍්‍රහාරයකින් තොරව කම්කරු පන්තියට කිසිවක් දිනා ගත නොහැකි ය. එහෙයින් කම්කරු පන්තියේ සමාජමය අයිතිවාසිකම් සඳහා කරන අරගලයෙන් තර්කානුකූලව පැන නගින්නා වූ තවත් ඉල්ලීම් මාලාවක් සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරයි. එම ඉල්ලීම්වලට පහත සඳහන් දෑ ඇතුලත්ය.

බැංකු සහ මූල්‍ය ආයතනයන් අත් පත් කර ගැනීම සඳහා

86. කම්කරු පන්තියේ සියලුම මූලික අවශ්‍යතා මහා බැංකුවල ඒකාධිපතිත්වය ද සමග දේශපාලන සහ ආර්ථික ජීවිතයේ සෑම අංශයක් පිලිබඳව ක්ෂනික සහ සෘජුව ඝට්ටනය වෙයි. ආර්ථිකයේ බලගතු බල කඳවුරු වන මෙම සංගත බිලියන සංඛ්‍යාත ජනයාගේ සාමූහික ශ‍්‍රමයේ නිෂ්පාදනය වූ දැවැන්ත සමාජමය සම්පත්, ලෝකය පුරාම පාලනය කරති. මේ දැවැන්ත මුදල් සම්භාරය යෙදැවෙන්නේ සමාජයේ යහපත සඳහා නොව ආන්ඩු මිලයට ගෙන පිලිවෙත් ඒකාධිපති ලෙස තීන්දු කිරීම සඳහා ද එමගින් ඉතා කුඩා ස්තරයක සම්පත් වැඩි කර ගැනීම සඳහා ද වේ.

87. ගතවූ අවුරුදු 40 ඇතුලත එක්සත් ජනපදයේ බැංකුවල බලය අති මහත් සේ වර්ධනය වී තිබේ. මෙම කාල පරිච්ඡේදය තුල මූල්‍යමය බලය විසින් දුවවනු ලබන මහසංගත ඒකාබද්ධ කොට තහවුරු කිරීම් මාලාවක් මගින් වැටුප් කපා සමාගම්වල පරිමාව කපමින් විශ‍්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සේවා අරමුදල් කොල්ල කා ඇත. 1990 ගනන්වල කොටස් වෙලඳපලවල උත්පාතය සමග වෝල්වීදියේ ආයෝජනවලට වහාම ප‍්‍රතිලාබ ජනිත කර ගැනීම සමග වඩවඩාත් (විශාදි ?) වියරු සහගතව යොමුවීමක් දක්නට ලැබුනි. මෙම කි‍්‍රයාවලිය සැබෑ නිෂ්පාදන බලවේගයන් විනාශ කිරීමක් ෆැක්ටරි වසා දැමීමක් සහ රැකියා විනාශයක් මත රැඳී පැවතුන අතර ඒ සමග ම ඉදිරියට ගියේ ය.

88. තම ධනය වර්ධනය වීම එන්න එන්නම උග‍්‍රවන ආකාරයකට සැබෑ වටිනාකම් නිෂ්පාදනයෙන් වියෝ කර ගත්තා වූ මූල්‍ය වංශාධිපතිත්වයේ මෙම පරපුෂ්ට භාවය 2008 මූල්‍යමය ව්‍යුහය (විලයනය වීම) ගිනියම්ව බිඳවැටීම පිටුපස ප‍්‍රධාන සාධකයක් විය. සමහර අවස්ථාවල දී ගෝල්මන් සැච්වැනි සමහර සමාගම්වල කැරුනු නිවාස වෙලඳපලේ බිඳවැටීම මත දැනුවත්ව ඔට්ටු දැමීම මගින් ධනය වෝල්වීදියේ සමපේක්ෂකයින්ගේ අතට දැනුවත්ව මාරු කර යැවීම සඳහා අර්බුදය සිතාමතාම අවුලුවන ලදී. නිදහස් වෙලඳපල පිලිබඳ සුභාරංචිය, බැංකු ද ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් ද පොදු භාන්ඩාගාරය කොල්ලකා මූල්‍ය වංශාධිපතිත්වයේ බොල් නය ගෙවීම වලක්වා ලූයේ නැත. ආන්ඩුවේ ශේෂ පත‍්‍රයන්ට මාරු කරනු ලැබූ මෙම නය දැන් ගෙවීමට යන්නේ සමාජසේවා වැඩපිලිවෙලවල් ගැඹුරට කප්පාදු කිරීමෙනි.

89. මූල්‍ය ප‍්‍රභූව ද එහි දේශපාලන නියෝජිතයන් ද විසින් අර්බුදයට ප‍්‍රතිචාර වශයෙන් ගනු ලබන පියවරයන් බැංකුවල බලය අතිමහත් ලෙස පුලුල් කොට ඇත. බැංකු බිඳවැටීම් මාලාවක බිඳ වැටීමකට පින්සිදුවන්නට එක්සත් ජනපදයේ, සිටිගෲප්, ජේපීමෝර්ගන් චේස්, බෑන්ක් ඔෆ් ඇමරිකා සහ වෙල්ස් ෆාගෝ ප‍්‍රධාන බැංකු හතර රටේ බැංකු සම්පත් වලින් සියයට 70ක් පාලනය කරති. මෙය 2000 දී පැවතියේ සියයට 50ට වඩා අඩු මට්ටමක ය.

90. මෙම මූල්‍ය ආයතනයන් පෞද්ගලික අධිකාරයේ පවත්නාතාක් කල් එකදු මහ ජනතාවගේ සමාජමය අවශ්‍යතාවයක් වත් සන්තර්පනය කල හැක්කේ නැත. බැංකු ද අනෙකුත් මහා මූල්‍ය ආයතන ද කම්කරු පන්තිය අතට ගෙන කුඩා තැන්පත් කරුවන්ට සම්පූර්න ආරක්ෂාව සපයමින් මහ ජන සන්තකයට ගෙන කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තැබිය යුතුය. දිලිඳුකම අහෝසි කර දැමීම සඳහා ද එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරමය මහජනතාවගේ අවශ්‍යතාවන් සපුරාදැමීම සඳහා ද පොදු වැඩපිලිවෙලක් දියත් කිරීම සඳහා දැවැන්ත සම්පත් මින් ලැබෙනු ඇත.

ප‍්‍රධාන මහ සංගත ජනසතු කිරීම සඳහා

91. බැංකු ලඟට සිටින්නේ දැවැන්ත මහ සංගත ය. එක්සත් ජනපදය තුල ඒකාධිකාරය ඉතිහාසයේ වෙන කවර අවස්ථාවකටත් වඩා දැවැන්ත මට්ටමකට දැන් නැගගෙන ඇත. රෙකුලාසි ඉවත් කිරීමේ ද මහ සංගත තහවුරු කිරීමේ ද යෙදුනු දශක ගනනාවක් තුලින් තතු නිර්මානය කර ඇත්තේ - බලශක්ති අංශයේ එසොන්මොබිල් සහ චෙව්රොන්ටෙක්සකෝ ද කෘෂිකර්මාන්තයේ ආචර් ඩැනියල් මිඩ්ලන්ඩ්ස් සහ මොන්සැන්ටෝ ද වෛද්‍ය රසායනාංශයේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ෆිසර් ද පරිගනක තාක්ෂනයේ දී මයික්‍රොසොෆ්ට්, ඇපල්, ඉන්ටෙල් සහ ගූගල් වැනි - මහා සංගතයන් අතලොස්සක් විසින් ආන්ඩු පිලිවෙත් තීන්දු කරමින් ලෝකය පුරාම කෝටි සංඛ්‍යාත කම්කරුවන් සූරාකන තත්වයක් නිර්මානය කර ඇත.

92. මෙම මහා සංගතයන් වඩා කාර්යක්ෂමව දිවැවිය හැක්කේ පෞද්ගලික පාලනය යටතේ පවත්නා කල්හිය යන්න වංචාවකි. මෙම මහා සංගත සමස්තයක් වශයෙන් සමාජයේ වියදමෙන් තමන්ගේ ම පටු ආසක්තයන් ආරක්ෂා කර ගැනීමට වෙහෙස නොතකා වැඩ කරති. ඔවුහු බලශක්ති මූලාශ‍්‍රයන්ගේ ද පොදු ප‍්‍රවාහනයේ ද විකල්ප මාර්ගයන් වලකාලමින් ද පරිගනක කි‍්‍රයාකාරක පද්ධතීන් මත ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ද තම අධිකාරය පවත්වා ගෙන යති.

93. ඩොලර් දස බිලියනයක් හෝ ඊට වැඩියයි වටිනාකම් තක්සේරු කරන ලද සකල කාර්මික නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂන සංගතයන් පොදු දේපල බවට පරිවර්තනය කල යුතු ය. එසේ කිරීමේ දී කුඩා කොටස්කරුවන් ට ද විශ‍්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සේවා අරමුදල් තුල කරන ලද සුලු ආයෝජනයන්ට ද පූර්න වන්දි ගෙවීමක් කල යුතුය. සමාජයේ අති මූලික කි‍්‍රයාකාරීත්වයට තීරනාත්මක වූ - විද්‍යුත් සංනිවේදනය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව සහ ප‍්‍රවාහනය වැනි අංශ පොදු අයිතියට යටත් කොට ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ තැබිය යුතුය.

94. මින් අදහස් වන්නේ සෑම දෙයම ජනසතු කිරීම නොව දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් යොදාගන්නා කුඩා සහ මධ්‍යම ප‍්‍රමානයේ ව්‍යවසායයෝ නය සහ සහන විශ්වාස කටයුතු ආකාරයකට ලබා ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයකට පත්ව සිටින අතර මහා සංගත ඒකාධිකාරයන්ගේ ඒකාධිකාරී පිලිවෙත් වලට එරෙහිව සහනයක් ලබා ගැනීමට මිරිකී සිටිති.

කම්කරු පාලනය උදෙසා

95. බැංකු සහ මහ සංගත කම්කරු පන්තිය අතට ගැනීමත් සමග අත්වැල් බැඳ නිෂ්පාදනය මත සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිහිටුවීම සිදුකල යුතුය. ගෝලීය නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ තර්කානුකූල සැලැස්මක් මගින් ධනේශ්වර වෙලඳපලේ අරාජකත්වය අහෝසිකොට සියලු තීන්දු මානව සමාජයේ අවශ්‍යතාවයන් උදෙසා සහතික කිරීම සඳහා නැතුවම බැරි පදනම මෙයයි.

96. සමාජවාදී පිලිවෙතක අරමුන වන්නේ ධනපති මූල්‍ය ජාවාරම් කරුවන් වෙනුවට කිසිවෙකුටත් වග නොකියන නිලධාරි තන්ත‍්‍රයක් පිහිටුවා ගැනීම නොවේ. කාර්මික ප‍්‍රජාතන්ත‍්‍රය වනාහී වැඩ කරන ජනතාව විසින් තමන්ගේ වැඩ දිවිය මත සැබෑ පාලනයක් පවත්වා ගැනීමය. ජනයාගෙන් අතිමහත් වැඩි කොටස තමන්ගේ කාලයෙන් වැඩිමනත් ප‍්‍රමානයක් ගත කරන තැන එනම් වැඩ පල ඒකාධිපතිත්වයක් යටතේ පවත්වාගෙන යන්නා වූ ක‍්‍රමයක තිබෙන්නේ මොන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? වැඩ තත්වය, ආරක්ෂාව, වැටුප්, සේවයට බඳවාගැනීම සහ වැඩ පැයගනන් ඇතුලු තත්වයන් කෙරෙහි බලපාන්නා වූ සියලුම කොන්දේසි ශ‍්‍රම බලකායේ ප‍්‍රජාතන්ත‍්‍ර හඬට යටත් විය යුතුය. මේ සඳහා සියලුම සංගතවල පොත්පත් වැඩ කරන ජනතාව සහ පුලුල් ජනකාය විසින් පරීක්ෂා කර බැලීමට විවෘත විය යුතුය. සියලු සේවකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර ඡන්දයක් මගින් සංගත නායකත්වය පත්කොට පාලනය කලයුතුය.

සමාජ සමානතාවය උදෙසා

97. කිසියම් සමාජයක් ඉදිරියට යන්නේ ද පස්සට යන්නේ ද යන්න පිලිබඳ ඉතාම මූලික නීර්නකයක් වන්නේ එම සමාජය වඩාත් සම ද අසම ද යන්නයි. ඇමරිකා එක්සත් ජනපදය තුල පවත්නා අසමානතාවය ඉතිහාසයේ පෙර නුවූ තරම් වේ. ගතවූ දශක දහය තුල සමාජ අසමානතාවේ වර්ධනය කම්කපාකාරී ය. 1970 ගනන්වල දී ජනගහනයේ ඉහලම සියයට 1 ජාතික ආදායමෙන් සියයට 8-9 තරම් අත්පත් කර ගත්තේ ය. 2007 වන විට එහි පංගුව සියයට 23.5ක් දක්වා ඉහල නැග්ගේ ය. මෙය වනාහී 1920 ගනන්වල මහා අවපාතයේ මුවවිට දී දක්නට නොලැබුනු මට්ටමකි. මෙම කාල පරිච්ඡේදයේ දී ම සකල ආදායම් වර්ධනයෙන් සියයට 58ක් ඉහල සියයට 1 අතට ගොස් ඇති අතර සියයට 35ක් ඉහලම සියයට එකේ දහයෙන් පංගුව අතට ගොස් ඇත. දුප්පත්ම සියයට 60 ආදායම සියයට 5කින් පිරිහී ඇත.

98. ලෝක පරිමානව ගතහොත් බිලියන පතියන් එක්දහසකට වැඩිවෙති. එක්සත් ජනපදයේ මින් 400කට වැඩි ගනනක් වාසය කරති සාමූහිකව ගතහොත් 2009 වර්ෂයේ දී මෙම සුපිරි ධනපතියන්ගේ ධනය ටි‍්‍රලියන 3.6ක් දක්වා එනම් සියයට 50කින් ඉහල ගියේය. මෙම තට්ටුවේ ධනය වැඩී ඇත්තේ පරම්පරා ගනනාවකින් ලෝකයේ ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුදය මැද ය. එම වැඩීමට උපස්ථම්බක වූයේ ලෝකයේ පුරාම ආන්ඩුවල පිලිවෙත්ය, අන් සියල්ලටමත් වඩා ඔබාමා පාලනාධිකාරයේ පිලිවෙත ය. මූල්‍ය පද්ධතිය ආන්ඩු විසින් ඩොලර් ටි‍්‍රලියන ගනනක් ගෙවා ඇප දී බේරා ගැනීම සමග ම මහා සංගත විධායකයන් සහ හෙජ් ෆන්ඩ් කලමනාකරුවන් සඳහා ගෙවන දීමනා කුමන ආකාරයකින් හෝ පාලනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීමත් සමග අත්වැල් බැඳගත්තේ ය.

99. ධනවාදයේ ක්ෂමාලාපකයෝ මෙසේ කියති. අසමානතාව කිසිසේත්ම ආර්ථික අර්බුදයට සම්බන්ධයක් ඇත්තේ නැත. හරියටම ඩොලර් ටි‍්‍රලියන ගනන් නිෂ්පාදන කි‍්‍රයාවලියෙන් ඉවත් කර ගැනීමේ ආර්ථික විපාක නැත්තාක් මෙනි. මූල්‍ය වංශාධිකාරයේ නිරන්තර හා අතෘප්තිකර මුදල් පිපාසාව විසින් රට බංකොලොත් කොට එක් සමපේක්ෂන බුබුලකින් තවත් සමපේක්ෂන බුබලක් කරා දුවවා ඇත. සෑහෙන වැටුප් ගෙවීමට මුදල් නැතැයි කියමින් දැවැන්තව රැකියා කපා දමන මහා සංගතවල එම විධායකයෝම තමන්ට ද තමන්ගේ ප‍්‍රධාන විධායක නිලධාරින්ට ද වර්ෂයක් පාසා මිලියන ගනන් හෝ කෝටි ගනන් වුව කෙසේ හෝ ගෙවා ගැනීමට සමත් වෙති.

100. සමාජ සමානතාවය පෝෂනය කිරීමට ද ඒ සමග ම බදු බර ධනපතියන් මත තබමින් අතිමහත් පලල් ජනතාවගේ බදු බර කපා දමන්නා වූ ප‍්‍රගතිශීලී ආදායම් බද්දක් ද ඇතුලු රැඩිකල් ආකාරයෙන් ධනය යලි බෙදාහරින්නා වූ ක‍්‍රමයක් ද ප‍්‍රධාන මහා සංගතවල ලාබ මත විශාල බදු ද පැනවීම මගින් ඉටුකල යුතු ය.

101. ධනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම ආර්ථික වශයෙන් හා දේශපාලන වශයෙන් පමනක් නොව සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් ද යුක්ති යුක්ත වේ. සෑම මහා දේපලකට පිටුපසින් මහා අපරාධයක් පවතින්නේ ය යන බල්සාක්ගේ ආප්තය අද දින වංශාධිපතිත්වය සම්බන්ධයෙන් ද යුක්ති යුක්ත ය. එන්රොන්ගේ පටන් අවමුඛ උගස් මගඩිය දක්වා විනාශකාරී සහ කෙලින්ම අපරාධකාරී වූ ක‍්‍රම මගිනි, මෙම ධනයෙන් වැඩි ප‍්‍රමානයක් ගොඩ ගසාගෙන ඇත්තේ. එහෙත් මෙම මහසංගත අපරාධ කරුවන්ගෙන් සොච්චම් අතලොස්සක් පමනි ඊට වගකීම් වශයෙන් දඬුවම් ලබා ඇත්තේ. වඩාත් අපරාධකාරී වූවන්ගෙන් අතිමහත් බහුතරය නිදැල්ලේ ගැලවී ගොස් ඇත. සමපේක්ෂන ජාවාරමේ නියුක්ත වූවන් සහ සමාජයීය සහ සංගතවල සම්පත් වංචාකලවුන් පරීක්ෂනයට බඳුන් කොට දඬුවම් පැමිනවිය යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී.

102. සමානතාවය සඳහා සටන වනාහී වර්ගය, ලිංග භේදය, ජනවර්ගය, ආගම, ජාතික මූලයන් සහ ලිංගික හැඩගැස්ම මත පදනම්වූ සියලු ආකාර වෙනස්කම් කිරීම්වලට විරුද්ධව කෙරෙන අරගලය ඇතුලත් කර ගත්තකි. කෙසේ වෙතත් සැබෑ සමානතාවයෙන් අදහස් වන්නේ වර්ගය හෝ වෙනත් කන්ඩාම් මත සීමිත අධ්‍යාපනය සහ රැකියා අවස්ථාවන් පංගු කිරීම නොවේ. මේ වර්ගයේ කන්ඩායම්වාදී පියවරවලින් වාසි ලැබෙන්නේ වරප‍්‍රසාදිත අතලොස්සකට ය. ඒ අතර එම පිලිවෙත මගින් රැකියා සහ උසස් අධ්‍යාපනයට ප‍්‍රවිෂ්ටය සඳහා කෙරෙන්නා වූ භේදකාරී ඝට්ටනයක් මගින් සුදු සහ සුලු ජාතික කම්කරුවන් සහ ශිෂ්‍යයන් එකිනෙකා කොටවනු ලැබේ. සකල සමාජ අවශ්‍යතාවයන් සහතික කිරීම සඳහා ද සරසවිවලට නිදහසේ සහ නොමිලයේ ඇතුලත් කර ගැනීම සඳහා ද දැවැන්ත සමාජ ආයෝජනයක රාමුව තුල සම්පූර්න සමාජ සමානතාවය තහවුරු කල යුතුයයි අපි කියා සිටිමු. වැඩ කරන ජනතාවගේ සියලු කොටස් අතර අරගලයේ සමගිය මත පදනම් වූ මෙවන් පිලිවෙතක් මගින් පමනි සකල ජනතාවට ම ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු කොට තමන්ගේ පූර්න විභවශක්තිය අත්විඳිය හැක්කා වූ සමාජයක් සඳහා කොන්දේසි නිර්මානය කල හැක්කේ.

දේශපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍ර ඉල්ලීම්

103. කම්කරු පන්තියේ අනාගතය සඳහා තීරනාත්මක වූ ඉල්ලීම් මාලාවක් අපි අවසානයේ ඉදිරිපත් කරන්නෙමු. ආර්ථික ඉල්ලීම් කොතරම් වැදගත් වුවත් කම්කරු පන්තියේ අරගලය ඒවාට පමනක් සීමා කල නොහැකිය. "තම” පාලක පන්තියට එරෙහි අරගලය විකසිත වන්නා වූ වඩාත් පුලුල් ආර්ථික හා ජාත්‍යන්තර සන්දර්භය ගැන වැඩ කරන ජනතාව නිරතුරුව සැලකිල්ලට ගතයුතුය. තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්නයන්ට මුහුන දී පිලිතුරු දෙන්නා වූ ඉල්ලීම් සසප තම කි‍්‍රයාමාර්ගයට ඇතුගත් කර ගනී.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු

104. සමාජ අසමානතාවේ වර්ධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග නොසැසඳේ. නව වංශාධිපතිත්වය ආන්ඩු කිරීමේ දී ද නව වංශාධිපති මූලධර්මයක් ගෙනැවිත් ඇත. එහිදී රාජ්‍යය වඩවඩාත් විවෘත ලෙස පන්ති පාලනයේ උපකරනයක් ලෙස කි‍්‍රයාත්මක වෙයි. පැරනි රෝමයේ පටන් පූර්වවිප්ලවීය ප‍්‍රන්සය සහ රුසියාව දක්වා ද වර්තමානය දක්වා ද මහා ධනය ගොඩගසා ගත්තෝ එය රැකගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටිති. මෙම තතු තුල ඇමරිකානු විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ දී තහවුරු කරගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීහු - නිදහස් කථනයට දේශපාලන සංවිධානයට ඡන්දය දීමට අපරාධ නඩු විභාගවල දී නියමිත පටිපාටිය අනුව නඩු විසඳීමට සහ නීති විරෝධී සෙවිලි සහ අත්අඩංගුවට ගැනීම්වලින් ආරක්ෂාවීමට - යන මේ සියල්ල නිරන්තර නිර්දය ප‍්‍රහාරයකට ලක්ව පවතී.

105. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයන් රට තුල ඔත්තු සේවාව පුලුල් කොට නිදහස් කථනය සහ සංවිධානය වීමේ අයිතිය සීමා කොට විධායකයේ බලය පුලුල් කිරීමට යොදාගෙන ඇත. ඇමරිකානු පාලක පන්තිය හෝම්ලන්ඩ් සිකියුරිටි ඩිපාට්මන්ට් (දේශීය ආරක්ෂා අංශය) විවිධ රාජ්‍ය ආයතන සියගනනක් ද පෞද්ගලික සමාගම් සිය ගනනක් ද ඇතුලත් කර ගෙන "දැවැන්ත ජාතික ආරක්ෂක රාජ්‍යයක්” ගොඩ නගාගෙන සිටී. මහජනතාවට එරෙහි ඔත්තු සේවය සඳහා එෆ්බීඅයි සංවිධානය සහ නැෂනල් සිකියුරිටි ඒජන්සි (ජාතික ආරක්ෂක ඒජන්සිය) පලල් කිරීමට පේටි‍්‍රයොට් ඇක්ට් (ජාති මාමක පනත) සහ විධායක බලතල යොදාගෙන ඇත. ඇමරිකානු පුරවැසියන් ඇතුලු ඕනෑම කෙනෙක් දින නියමයක් නොමැතිව චෝදනාවෙන් තොරව අත්අඩංගුවේ තබාගැනීමට බලතල ප‍්‍රකාශයට පත්කොට ඇත.

106. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය ඇමරිකානු සමාජය ව්‍යුහය තුල ගැඹුරෙන් මුල්බැසගෙන ඇත. විශේෂයෙන්ම ආන්තික සමාජ අසමානතාවේ ප‍්‍රතිඵලයක් වූ එය එක් පාලනාධිකාරයක නිර්මිතයා නොවේ. බුෂ්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් ගැඹුරු කර සිටින ඔබාමාගේ ධවල මන්දිරය මෙය ඔප්පු කර ඇත. ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම ගැන චෝදනා ගැන පරීක්ෂන පැවැත්වීමට ඔබාමා පාලනාධිකාරය විරුද්ධ ය. පේටි‍්‍රයොට් ඇක්ට් සහ අනෙක් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීතිවලට සහාය දෙන එය වධ දීම් සහ අපරාධකාරිත්වයේ වෙනත් සාක්ෂ්‍ය සමග ඡායාරූප පලකිරීම වලක්වා ඇත. ඒ සමග ම එය වධබන්ධනවලට ලක්වූවන් විසින් පවරා තිබෙන නඩු වැලැක්වීම සඳහා රාජ්‍ය රහස් වරප‍්‍රසාද යොදාගෙන ඇත. ආන්ඩුවේ කි‍්‍රයා එලිදරව්කර අනතුරු අඟවන්නන්ට එරෙහි මර්දනය උග‍්‍ර කර සිටින ඔබාමා එක්සත් ජනපද යුද මෙහෙයුම්වල අපරාධකාරිත්වය එලිදරව් කරන්නා වූ ලියකියවිලි ප‍්‍රකාශයට පත්වීම ගැන විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහි මෙහෙයුමක් අරඹා ඇත.

107. ඇමරිකානු සමාජය අරක්ගෙන සිටින්නා වූ අර්බුදයට විසඳුමක් තමන්ට නැති තතු තල ඇමරිකානු පාලක ප‍්‍රභුව සහ එහි ආන්ඩුව තම රටේ ජනගහනයෙන් ලෝකයේ අන් මොනම රටකටත් වඩා වැඩි අනුපාතයක් සිරබන්ධන ගත කොට ගෙන සිටී. "නිදහස් ලෝකයේ” නායකයා යැයි කියා ගන්නා මේ රට තම ජනගහනයෙන් මිලියන 2.3ක් ජනයා අතිශය මුර්ග තත්වයන් යටතේ සිරගත කර ගෙන සිටී. මිලියන 5ක්ම ඇඟ බැඳීමට ලක්ව හෝ පරිවාසගතව සිටී. ලෝකයේ මරන දඬුවම කි‍්‍රයාත්මක කරන දියුනු රටවල් අතුරෙන් එකකි ඇමරිකා එක්සත් ජනපදය. අධිකරන මිනිමැරුම් ඇරඹූ 1977න් මොබ ඇමරිකාව තුල පුද්ගලයන් 1216ක් මරා දමා තිබේ.

108. එනම්, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, සීඅයිඒ, එෆ්බීඅයි, එන්එස්ඒ සංවිධාන, වසා දැමීම සහ පේටි‍්‍රයට් ඇක්ට් (ජාතිමාමක පනත) සහ "ත‍්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය” නමින් අටවන ලද වෙනත් පොලිස් රාජ්‍ය පියවරයන් අහෝසි කර දැමීම අත්‍යවශ්‍ය ය. පාලක පන්තිය විසින් මූලික අයිතිවාසිකම්වලට එරෙහි ප‍්‍රහාරය සඳහා ප‍්‍රතිගාමී සමාජ සහ දේශපාලන බලවේගයන් අවුලුවාලීමට දරන තැතට එරෙහිව කම්කරු පන්තිය ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කල යුතු ය. එය, අතීතයේ දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍ර සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට පමනක් නො ව, ඇමරිකානු සමාජය ප‍්‍රජාතන්ත‍්‍රකරනය කිරීමට ද සටන් වැදිය යුතු ය. මේ සඳහා මරනීය දන්ඩනය ඉවත් කිරීම ද, දේශීය පොලීසිය සහ සිරගෙවල් සම්පූර්නයෙන් ම විසුරුවා හැරීම ද මෙයට ඇතුලත්වීම අත්‍යවශ්‍ය ය.

යුද්ධයට සහ යුදවාදයට එරෙහිව

109. යුදවාදයේ වර්ධනය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට දරුනු ම තර්ජනයක් එල්ල කරයි. අඩසියවසකට පෙර ජනාධිපතිව සිටියා වූ ද ඊට කලින් දෙවන ලෝක යුද්ධයේ දී හමුදා නායකයා ව සිටියා වූ ද ඩ්වයිට් ඩී. අයිසන්හවර් ”යුද්ධ කාර්මික සංකීර්නයක්” (මිලිටරි ඉන්ඩස්ටි‍්‍රයල් කම්ප්ලෙක්ස්) පැන නැගීම පිලිබඳව අනතුරු හඟවමින් එවන් තත්වයක් "නො තැන් වූ බලය භයංකර ලෙස උග‍්‍රවීමේ විභවයක් දරා සිටී” යයි ප‍්‍රකාශිත වේ. මිලිටරියේ බලය ගත වූ දශක ගනනාවක් තුල නො කඩවා වැඩි වී ගොසින් "සර්ව ස්වේච්ඡා හමුදාවක්” (වැටුප් සඳහා සේවයට බැඳෙන සොල්දාදුවන් පමනක් ඇතුලත් කර ගත්) බවට පරිවර්තනය කිරීම නිසා මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර හැඟීම්වලින් හමුදාව ඈත් කර දමා ඇත.

110. බොහෝ දුරට කම්කරු පන්තියෙන් බඳවා ගනු ලබන වර්තමාන සොල්දාදුවෝ නිරතුරුව ම සේවයෙහි යොදවනු ලබති. වොෂින්ටනයේ නව යටත් විජිත යුද්ධ සඳහා දසදහස් ගනන් සොල්දාදුවෝ පශ්චාත් (ට්‍රෝමටික්) පීඩනයට, භයංකර තුවාලවලට හෝ මරනයට පත්වෙති. ඔවුන් රනවිරුවන් යයි ඔවුන්ට කියාගනු ලැබේ. එහි අරමුන වන්නේ වෙනම හමුදා කුලකයක් ගොඩනැගීමට දරන ප‍්‍රයත්නයක් තුල ඔවුන්ට තමන් රනවිරුවන් යයි උගන්වනු ලැබේ. නිලධාරි මන්ඩලය එන්න එන්නම වැඩි වැඩියෙන් දේශපාලනීකෘතව ද දක්ෂිනාංශිකව ද හැඩ ගැහෙති. එහි ප‍්‍රධාන නිලධාරීහු ප‍්‍රතිපත්ති පිලිබඳ ප‍්‍රශ්නවල දී සිවිල් ආන්ඩුවට විරුද්ධව අභියෝග කරති. ඇමරිකානු යුද හමුදාවේ සමාජමය තත්වය සහ මතවාදය නිසා එය එන්න එන්නම වැඩිවැඩියෙන් ලෝකය පුරාම සන්නද්ධ හමුදා කුමන්ත‍්‍රන ක‍්‍රියාත්මක කරමින් ලේවැකි ඒකාධිපත්‍යයන් අටවා ලූ විවිධ රටවල හමුදාවන්ට සමාන තත්වයකට පත්වෙමින් සිටිති.

111. හමුදාව එන්න එන්න ම වැඩිවැඩියෙන් ඇමරිකානු දේශපාලන ජීවිතයේ සෘජු භූමිකාවක් ඉටු කරන්නට පටන් ගෙන තිබේ. ඇමරිකාව තුල යුද හමුදාව පාවිච්චි කිරීම තහනම් කරන පොසේ කොමිටාටොස් පනත අවලංගු කෙරෙන පරිදි ප‍්‍රදේශීය පසුබිම තුල හමුදාව වැඩිවැඩියෙන් විවෘතව යොදා ගැනුමට පටන් ගෙන තිබේ. නොදර්න් කොමාන්ඩ් හෙවත් උතුරු ආඥා අංශය පිහිටුවීම මගින් ප‍්‍රථම වතාවට ඇමරිකා එක්සත් ජනපදය අධීක්ෂනය කරන්නා වූ හමුදා ආඥා ව්‍යුහයක් ඇති කර තිබේ. මේ සියලුම පියවර වනාහි එක්සත් ජනපදය තුල මිලිටරි පොලිස් පාලනය සඳහා මූලික අරමුන සපයයි.

112. ලෝක ආර්ථිකය පෙර නුවූ විරූ පරිදි තනි නිෂ්පාදන පද්ධතියක් තුලට ඒකාග‍්‍රිත කරනු ලැබ ඇත. එහෙත් මෙය විසින් සිදු කර ඇත්තේ ජාතික රාජ්‍යයන් අතර ගැටුම් උග‍්‍ර කිරීම ද යුද්ධය පිලිබඳ අන්තරාය උග‍්‍ර කිරීම ද වේ. ජනාධිපති බුෂ්ගේ "21 වන ශතවර්ෂයේ යුද්ධයන්” ඇරඹුනේ 2001 ඔක්තෝබරයේ දී එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමනය කිරීමෙනි. දැන් මෙම යුද්ධය එක්සත් ජනපදයේ ඉතිහාසයේ දක්නට ලැබුනු දීර්ඝතම යුද මෙහෙයුම බවට පත්ව තිබේ. මීට පසුව 2003 මාර්තු මාසයේ ඉරාක ආක‍්‍රමනය ඇරඹුනේ ය. මෙම යුද්ධ දෙක සමග කුඩා යුද්ධ ගනනාවක පැටලී ප‍්‍රධාන බලවතුන් අතර වඩාත් පලල් යුද්ධයක් ඇතිවීමේ තර්ජනය උග‍්‍ර වී තිබේ.

113. ඇමරිකානු ආක‍්‍රමනය විසින් ලක්ෂ සංඛ්‍යාත ඉරාක සහ ඇෆ්ගන්වරුන් මරා දැමුනු අතර තවත් දසලක්ෂ ගනනක් අනාථයින් බවට පත් කරනු ලැබ ඇත. විදේශීය ආක‍්‍රමනික හමුදාවේ මරන සංඛ්‍යාව හත්දහසක් පමන වේ. ඇමරිකානු හමුදාව විසින් සිවිල් ජනයාට විරුද්ධව කරනු ලබන මුර්ග ප‍්‍රහාරයන් ලෝකය පුරාම නිත්‍ය දෙයක් බවට පත්වී ඇත. මේ අතර තම සතුරන් යයි දක්නා ලද අය - එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලු - ඝාතනය කිරීමට අයිතිය එක්සත් ජනපද ආන්ඩුව විසින් විවෘතව තහවුරු කර ගනු ලැබ ඇත.

114. ඔබාමා පාලනාධිකාරය මෙම යුද්ධ ප‍්‍රසාරනය කොට ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හේවායන් සංඛ්‍යාව දැවැන්ත ලෙස ඉහල දමා තිබේ. පකිස්තානය තුල බෝම්බ ප‍්‍රහාර උග‍්‍ර කරනු ලැබ ඇති අතර ජනාධිපතිවරයාගේ පාලනය ඉරානයට එරෙහි තර්ජනයන් සහ තහංචි දිගින් දිගටම උග‍්‍ර කරයි.

115. සිතා ගත නො හැකි තරම් විනාශයන් ඇති කල හැකි දියුනු උපක‍්‍රම සකසා ගැනීමේ දී ඇමරිකානු රාජ්‍යය අතිමහත් සම්පත් ප‍්‍රමානයක් වියදම් කර තිබේ. හමුදාමය අයවැයෙන් සහ විදේශයන්හි යුද්ධ සඳහා කෙරෙන වියදම් (ඩොලර් බිලියන හත්සියයක් වූ) එකතු කරන කල ඇමරිකාවේ සමස්ත යුද වියදම ඩොලර් එක් ටි‍්‍රලියනයකි) මෙයට ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පිටස්තරව යුද හමුදා සම්බන්ධ වියදම් ද ඇතුලත් ය.

116. රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් පාලනාධිකාරයන් දෙක ම තමන්ගේ අවසානයක් නැති ගෝලීය "ත‍්‍රස්තයට එරෙහි යුද්ධය” යුක්ති සහගත කිරීම සඳහා 2001 සැප්තැම්බර් 11 අරුමපුදුම සහ පැහැදිලි නො කෙරුනු සිද්ධීන් ඉදිරිපත් කරති. තත්‍ය වශයෙන් ගතහොත් මෙය වනාහි භූ මූලෝපායික වශයෙන් ගතහොත් ප‍්‍රානසම වැදගත්කමක් දරන්නා වූ සහ ලෝකයේ තෙල්, ගෑස් සහ අනෙකුත් ස්වාභාවික සම්පත්වලින් බොහෝ ප‍්‍රමානයක් දරා සිටින ප‍්‍රදේශයන් මත ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා කෙරෙන ආක‍්‍රමනශීලි යුද්ධයන් යුක්තිසහගත කිරීමට ඉදිරිපත් කෙරුනු ව්‍යාජයක් පමනි.

117. ආර්ථික අර්බුදය ගෝලීය ආතතීන් කොතරම් තියුනු ලෙස උග‍්‍ර කර ඇත්තේ ද යතහොත් ඕනෑම මොහොතක මහා යුද්ධයක් ඇරඹිය හැක. ඇමරිකා එක්සත් ජනපදය චීනය සමග යුද ගැටුමකට කඩිසරව සූදානම් වෙයි. ලෝක යුද්ධ දෙකකට මගපෑදූ අන්තර් යුරෝපීය භේද යලිත් ඉස්මත්තට එමින් පවතී. නැගෙනහිර යුරෝපයේ ද පැරනි සෝවියට් සංගමයේ ද තම බලපෑම ප‍්‍රසාරනය කිරීමට සෝවියට් සංගමයේ බිඳගෙන වැටීම යොදා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන්නා වූ ප‍්‍රයත්නය රුසියාව සමග ආතතීන් එන්න එන්නම උග‍්‍ර කරයි. මෙය සෘජු යුදමය ගැටුමක් ඉස්මතු කරයි. 2007 අගෝස්තු මාසයේ දී ජෝර්ජියාව ඇමරිකා එක්සත් ජනපදයේ පිටුබලය ලැබ දකුනු ඔසටියාවට එරෙහිව ප‍්‍රහාරය පෙන්නුම් කරන්නේ මෙය යි. 1930 ගනන්වල දී මෙන් ම දැන් යලිත් වරක් ගෝලීය අර්බුදය විසින් උග‍්‍ර කරනු ලබන ආර්ථික සහ වානිජ ඝට්ටන අනිවාර්යයෙන් ම එක්සත් ජනපදය ද එහි පැරනි ධනවාදී, පැරනි යුරෝපීය හා ජපාන ධනවාදී රජයන් අතරට යුදමය ආතතීන්ට අනිවාර්යයෙන් ම මගපාදනු ඇත. ප‍්‍රධාන බලවතුන් න්‍යෂ්ටික අවි ගෙන සිටින වර්තමාන තතු තුල නව ලෝක යුද්ධයක් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයට තර්ජනය කරනු ඇත.

118. සමාජවාදී සමානතා පක්ෂය සියලු එක්සත් ජනපද සහ වෙනත් අධිරාජ්‍ය හමුදා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ක්ෂනිකව සහ කොන්දේසි විරහිතව ඉවත් කර ගත යුතු යයි කියා සිටී. මෙම ආක‍්‍රමනකාරී යුද්ධය සැලසුම් කර ක‍්‍රියාත්මක කල සියලු දෙනා ඊට වගකිවයුත්තන් බව ප‍්‍රකාශ කර චෝදනා විභාග කල යුතු ය. එක්සත් ජනපද යුද්ධ රහස් ඔත්තු තන්ත‍්‍ර බිඳ විසුරුවා හැරිය යුතු ය. පිටරටවල පවත්නා එක්සත් ජනපද හමුදා කඳවුරු වසා දමා ස්ථාවර හමුදාව විසුරුවා හැරිය යුතු ය. එසේ කිරීම මගින් එක්සත් ජනපද මිලිටරිය විසින් විනාශ කරන ලද රටවලට වන්දි ගෙවීමට ද එසේ ම ස්වදේශය තුල අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතාවයන් සඳහා වියදම් කිරීමට ද මුදල් සපයා ගත හැකි වනු ඇත.

119. යුදවාදයට එරෙහි එකම ප‍්‍රගතිශීලි විකල්පය වනාහි සමාජවාදී ජාත්‍යන්තරවාදය යි - ලෝකයේ සම්පත් දිලිඳු භාවය, රෝග සහ නූගත්කම අවසන් කරවීම සඳහා ද සකල මානව වර්ගයාගේ ම ජීවන තත්වයන් සහ සංස්කෘතික මට්ටම් ඔසවාලීම සඳහා ද අවශ්‍ය සම්පත් යොදා ගෙන වර්ධනය කිරීම ඉටු කල හැකි එකම මග වන සමාජවාදී අනාගතය සඳහා අරගල කිරීමට කම්කරු පන්තිය ඒකාබද්ධ කල යුතු ය.

ආගාමික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු!

120. ධනේශ්වර හාම්පුතුන්ගේ අධිසූරාකෑමට එරෙහිව සහ පොලීසිය සහ ආගමන අධිකාරීන් විසින් ගෙන යන මර්දනයට එරෙහිව ආගාමික කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සමස්තයක් වශයෙන් කම්කරු පන්තිය භාර ගත යුතු ය.

121. මහ ධනපති දේශපාලකයින් සහ මාධ්‍ය ආගාමිකයන් දඩමීමා කර ගෙන වර්ගවාදී සහ ජාත්‍යොත්තමවාදී හැඟීම් අවුස්සති. වැඩ කරන පන්තියට අයත් මෙම පීඩිත කොටස විරැකියාවට, වැටුප් පහත වැටීමට සහ සමාජ තත්ත්වයන්වලට එල්ල කරන ප‍්‍රහාරවලට වැරදිකරු යයි යන තිත්ත බොරුව ඔවුන් විසින් ප‍්‍රචාරය කරනු ලැබේ. ඇත්ත වශයෙන් නම් මේ සියල්ල මුලුමහත් කම්කරු පන්තියට එරෙහි මහා සංගතවල ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයකි. ඉහත කී බලවේගවල අරමුන වන්නේ ධනපති ක‍්‍රමයට එරෙහිව පැනනගින මහජන කෝපය ඉවතට හරවා සමස්තයක් වශයෙන් කම්කරු පන්තිය දුර්වල කිරීම ය.

122. දේශපාලන සංස්ථාපිතයේ කොටස් ආගාමිකයින් මහාපරිමානයෙන් අත් අඩංගුවට ගැනීමට හැකි කිරීම සඳහා උග‍්‍ර වර්ගවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් යෝජනා කරති. මේ අතර එක් වැඩි වී ගෙන යන ඉල්ලීමක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ උපන් සියල්ලන්ට ම පුරවැසිකම් සහතික කර ගෙන අනතුරු අවස්ථාවේ 18 වන සංශෝධනය වෙනස් කිරීම ය. ඉහත සඳහන් සංශෝධනය සම්මත කරන ලද්දේ නිදහස ලත් වහලුන් ගේ පුරවැසි භාවය සහතික කිරීම සඳහා පමනක් නො ව නීතිය ඉදිරියේ සියලු පුරවැසියන්ට සමාන ආරක්ෂාව සලසා දී නියමිත පටිපාටිය අනුව සියලු පුරවැසියන්ට නිවැරදි අධිකරන පටිපාටියක් තහවුරු කරලීම ය. එය ඉවත් කිරීමට ගෙනෙන මෙම සංශෝධනය සමස්ත කම්කරු පන්තියට ම තර්ජනයකි.

123. ඔබාමා පාලනාධිකාරය ලිබරල් සහ "වාම” යයි කියනු ලබන සහකාරයින්ගේ ආධාරයෙන් මෙම පිලිවෙත්වලට එරෙහිව පුලුල් මහජන විරෝධය තමන්ගේ ම ප‍්‍රතිගාමී පියවරයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා යොදා ගෙන ඇත. ඔවුන් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ "පරිපූර්න ආගමන ප‍්‍රතිසංස්කරනය” යන පදය යි. ඔබාමා දැන් වැඩිවැඩියෙන් දේශසීමාවේ යුද බලය තහවුරු කරමින් සිටී. (මේ සඳහා ඉබේ ක‍්‍රියා කරන ස්වංක‍්‍රීය ප‍්‍රිඩේටර් රහස් ඔත්තු යානා ද යොදා ගෙන තිබේ.) ඒ අතර ආගාමික කම්කරුවන් අල්ලා ගැනීම සඳහා වැඩපලවල්ට කඩා පනිනු ලැබේ. එසේ ම එවන් කම්කරුවන් බලාත්කාරයෙන් පිටමං කිරීමට ද පියවර ගනු ලැබේ. දේශසීමාවල පොලිස්හමුදා මුර තර කිරීම නිසා රක්ෂාව ඇමරිකා එක්සත් ජනපදයට රිංගා ගැනීමට වියරු ප‍්‍රයත්න දරන්නා වූ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් පසුගිය සමයේ දී මරා දමන ලදි ඔබාමා පාලනාධිකාරය විසින් ඉදිරිපත් කරන ලද එක යෝජනාවක් නම් බයොමෙටි‍්‍රක් (ජීව දත්ත මානක) හැඳුනුම්පතක් ඇති කිරීම යි. මෙය වනාහි මුලු මහත් ජනගහනයම පරිපාලනය කිරීම සඳහා ආන්ඩුවට ඉඩ සලසන ජාතික හැඳුනුම්පතක් සඳහා ගැනෙන ප‍්‍රථම පියවරයයි.

124. සමාජවාදී සමානතා පක්ෂය ආගාමික විරෝධී නීති ඉවත් කිරීමට ද ආගමන සහ තීරුබදු පැටවීමේ හා එක්සත් ජනපද දේශසීමා මුරසේවය විසුරුවා හැරීමට සටන් කරයි. ලියකියවිලි රහිත සියලුම කම්කරුවන්ට පූර්න නීතිමය අයිතිවාසිකම් සපයා දෙමින් වැඩ කිරීමට අයිතිය සහ තමන්ගේ උපන් රටවල්වලට ගමන් කොට ආපසු ඇමරිකාවට පැමිනීමට ඇති අයිතිය ද ආරක්ෂා කිරීමට සටන් කරයි. එක්සත් ජනපදයේ පමනක් නො ව මුලු භූගෝලය පුරා දේශසීමාවල් යුදමය පාලනයට යටත් කිරීම ද ආගමනික කම්කරුවන්ට නඩු පැවරීම ද යන මේ දේවල්වලට එරෙහිව කම්කරු පන්තිය විවෘත දේශසීමා මූලධර්මය ආරක්ෂා කල යුතු ය. තමන් ජීවත් වීමට හා වැඩ කිරීමට කැමති ඕනෑම රටක සම්පූර්න පුරවැසි අයිතිය ඇතිව ජීවත් වීමට අයිතිවාසිකම් තහවුරු කල යුතු ය.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා

125. කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට ද යුද්ධය අවසන් කිරීමට ද මෙම ක‍්‍රියාමාර්ගය සඳහා ගෙන යන අරගලය අඛන්ඩව ඉස්මතු කරන්නේ කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව සංවිධානය කිරීම යි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුල සහ ඇමරිකා එක්සත් ජනපදයේ ධනපති විපක්ෂ ක‍්‍රමය තුල කම්කරු පන්තියේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාම කිසිසේත් ම කල හැක්කක් නො වේ.

126. ඔබාමා පාලනාධිකාරයේ අත්දැකීම තුලින් යලිත් වරක් තහවුරු කොට ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂය මහ ධනපති සංගතයන්ට පක්ෂපාතී බව ය. මෙම පාලනාධිකාරයේ සෑම පිලිවෙතක් ම - යුද්ධය පලල් කිරීම, බැංකු ඇප දී බේරා ගැනීම, කම්කරු පන්තියට මහා පරිමානයෙන් එල්ල කරන ප‍්‍රහාර සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීමට නිරන්තර ගන්නා පියවරයන් ඇතුලූ මේ සියල්ල - තීන්දු කර අනදෙනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන පද්ධතිය පාලනය කරන මහා සංගත මූල්‍ය ප‍්‍රභූව විසිනි. ප‍්‍රධාන පක්ෂ දෙක අතර මතභේද පවතින්නේ නම් එය හුදෙක් ලාභ ආරක්ෂා කිරීමට ද කම්කරු පන්තිය තුල ස්වාධීන විරුද්ධ පක්ෂයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා ද යොදා ගත යුතු උපායන් පිලිබඳව ය.

127. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය වනාහි නමින් සමාජවාදී කියා ගන්නා කන්ඩායම් ද ඇතුලුව, ඩිමොක‍්‍රටික් පක්ෂය මහජන පීඩනය තුලින් වමට තල්ලු කල හැකි යයි කියා පාන්නා වූ සියලු ම මධ්‍යම පන්තික සංවිධානයන්ට විරුද්ධ අරගලයක් ද වේ. මෙම ආස්ථානය යොමු වී ඇත්තේ කම්කරු පන්තිය එහි ස්වාධීන දේශපාලන පක්ෂය පිහිටුවා ගැනීමෙන් වලක්වාලීමට ය.

128. ඇත්ත වශයෙන් ඩිමොක‍්‍රටික් පක්ෂය සමාජ ප‍්‍රතිසංස්කරනය සඳහා නාමික කැපවීමක් හෝ අතහැර දැම්මේ දිගු කලකට පෙර ය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ දක්ෂිනාංශික චලනය බැඳී පවතින්නේ එහි මධ්‍යම පන්තික සහකරුවන් විසින් පන්ති සහ සමාජ සමානතාවය පිලිබඳ ප‍්‍රශ්නයන් යට ගසා දැමීම සඳහා සියලු වර්ගවල ජීවන රටා පිලිබඳ ප‍්‍රශ්න ද අනන්‍යතා දේශපාලනය ද යොදා ගැනීමත් සමග ය.

කම්කරු පන්ති අරගලයේ නව සංවිධාන සඳහා

129. කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් දිනාගත හැකි වන්නේ මහා ජන අරගලයන් තුලින් පමනි. සකල ඉතිහාසය පෙන්නුම් කරන්නේ කිසිම දෙයක් ඉහල සිට පහලට ප‍්‍රදානය කර නැති බව යි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්, සමාජ ප‍්‍රතිසංස්කරන, පැය අටේ වැඩ දිනය, ලමා ශ‍්‍රමය තහනම් කිරීම වැනි මෙවන් අයිතිවාසිකම් හා ධනේශ්වර ක‍්‍රමය තුල දිනා ගනු ලැබුවේ විප්ලවවාදී මහා නැගිටීම්වල අතුරු ඵලයක් ලෙස ය.

130. පවත්නා වෘත්තීය සමිතිවලට එරෙහිව කම්කරු පන්තියේ නව පුලුල් සංවිධාන ගොඩනගා ගත යුතු ය. ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානය සහ චේන්ජ් ටු වින් කෝලිෂන් යන සංවිධාන කම්කරු පන්ති සංවිධාන නොවෙති. ඒවා මහා සංගත පරිපාලකයන්ගේ අමතර උපකරනයන් ය. ඒවා වැඩ කරන්නේ කම්කරු පන්තිය සූරාකෑම තව තවත් උග‍්‍ර කිරීමට ද කම්කරුවන් තුලින් පැන නගින්නා වූ සෑම විරුද්ධත්වයක් ම හුදෙකලා කොට අධෛර්ය කිරීමට ය. ඒවා ජාතිකවාදී හැඟීම් අවුස්සාලමින් කම්කරු පන්තියේ එක් කොටසක් තවත් කොටසකින් වෙන් කර ලීමට කටයුතු කරති. දේශපාලන වශයෙන් වෘත්තීය සමිති වැඩ කරන්නේ කම්කරු පන්තිය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස පෙල ගස්වා එමගින් එය ධනපති පන්තියේ දේශපාලනයට යටත් කිරීමට ය.

131. ගත වූ දශක හතර පුරා වැඩ වර්ජන, එනම් කම්කරු පන්ති සටන්කාමී ඉතා ප‍්‍රාථමික ප‍්‍රකාශන සංඛ්‍යාවෙන් පහත වැටී ඇත. 1968 දී වැඩ වර්ජන නිසා නැති වූ වැඩ දින සංඛ්‍යාව මිලියන 35කි. 1962 වන එම සංඛ්‍යාව මිලියන 16කට වැටිනි. අද එය දෙමිලියනයකට අඩු ය. මෙය සමාජ ආතතීන් පිරිහීමේ ප‍්‍රතිඵලයක් නො වේ. ඇත්ත වශයෙන් මෙම කාල පරිචඡේදය තුල සමාජ අසමානතාවය වැඩි වැඩියෙන් උග‍්‍ර වී ඇත. වැඩ වර්ජන සංඛ්‍යාව පහත වැටී ඇත්තේ වෘත්තීය සමිති නිලධරය පාවා දීම නිසා ය. ඒ සමග ම සමිති නිලධරයේ ධනය වැඩිවීම සාමාජික තත්වයන් එන්න එන්න ම පිරිහීමත් සමග බැඳී ඇත. වෘත්තීය සමිතිවල කම්කරු සංඛ්‍යාව ද පහත වැටෙමින් පවති. 2001 සිට 2008 දක්වා මෝටර් රථ කර්මාන්තයේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතිය සාමාජික සංඛ්‍යාව 701,000 සිට 431,000 දක්වා එනම් සියයට 40න් පහත වැටින. එහෙත් එම යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියේ ඩොලර් බිලියන සම්පත් වැඩි වී ගියේ ය. මෙය වනාහි මෝටර් රථ කම්කරුවන් මත එන්න එන්න ම උග‍්‍ර වන්නා වූ කප්පාදු පටවමින් පාලකයින්ට සහන සලසමින්, වැටුප් හා සේවා කොන්දේසි කපමින් බහු-තට්ටු වැටුප් ක‍්‍රම ඇට වූ කාලපරිච්ඡේදයකි.

132. කම්කරු පන්තිය තමන්ගේ ආසක්තයන් තහවුරු කර ගැනීමට නම් සැබෑ පෘථුල ජන සංවිධාන ගොඩ නැගිය යුතු ය. මෙවන් සාමාන්‍ය සාමාජික, වෘත්තීය සමිති, කම්හල් සහ අසල්වැසි ප‍්‍රදේශ පාදක කොට ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරී කමිටු විප්ලවවාදී අප‍්‍රතිහත භාවයෙන් ද සම්මුති විරහිත භාවයෙන් ද මහ ධනපතියේ ප‍්‍රධාන පක්ෂ දෙක කෙරෙහි ම විරුද්ධත්වයෙන් ද සැදී ගත යුතුව ඇත. මෙම සංවිධාන කම්කරු පන්ති අවශ්‍යතා තුලින් ඇරඹිය යුතු ය. කම්කරු පන්තිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පාලනය කල යුතු ය. කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා සෙසු සංවිධාන විසින් භාර ගත යුතු ය. රැකියා නියුක්ති හා වියුක්ත පුහුනු හා නොපුහුනු, රටතුල උගන්වා උඩින් රට පැනීම යනාදී භේද නොතකා විවිධ කර්මාන්ත ශාලා හා වැඩපලවල් කම්කරුවන් එකතු කල යුතු ය. ධනපති පන්තියට එරෙහි ඔවුන්ගේ පොදු අරගලය ඒකාබද්ධ කොට සංවිධානය කල යුතු ය.

කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා

133. කම්කරු පන්ති බලයේ මෙම ස්වාධීන සංවිධාන කම්කරු පන්තියට තමන්ගේම බලය අතට ගැනීම සඳහා විප්ලවවාදීව බලමුලුගන්වා ගැනීමේ උපකරනයන් බවට පත් විය යුතු අතර වෝල් වීදියේ මහා සංගත දේශපාලන, ආර්ථික සමාජ ජීවිතය මත පවත්වා ගෙන යන්නා වූ ඒකාධිපතිත්වය බිඳීම සඳහා ද යොමු වී ගත යුතු ය. ඉහත සඳහන් කර්තව්‍යය සාක්ෂාත් කර ගත හැක්කේ කම්කරුවන්ගේ ආන්ඩුවක් තුලින් පමනි. එනම්, මහජනතාවගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන්නා වූ සමාජ පිලිවෙත් ක‍්‍රියාත්මක කරන කම්කරුවන් සඳහා කම්කරුවන් විසින් පවත්වාගෙන යන්නා වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් ගොඩනැගීම තුලින් පමනි.

134. පවත්නා රාජ්‍ය සංස්ථාවන්ට සමාජවාදී අපේක්ෂකයන් පත් කර ගැනීම තුලින් සරලව ම සමාජවාදය අත්පත් කර ගත නො හැකි ය. රාජ්‍ය සහ විවිධ ආයතන ප‍්‍රජාතන්ත‍්‍රවාදි වන්නේ අතිශයින් ම රූපික ආකාරයකට පමනි. යතාර්ථ වශයෙන් ගතහොත් ඒවා ධනවාදය විසින් නිර්මානය කරන ලද මහ සංගතවල ආධිපත්‍යයේ උපකරන වන අතර ඒවා තුල ධනපති පන්තියේ නිවුන් පක්ෂ වූ ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ තනි අයිතිය භුක්ති විඳිති.

135. කොන්ග‍්‍රසයේ ද ධවල මන්දිරයේ ද ප‍්‍රධාන උසාවි ද අරක්ගෙන සිටින්නෝ සමස්තයක් වශයෙන් ඒ හෝ මේ මහා සංගත ආසක්තයන්ගේ ද මූල්‍ය වංශාධිපතිත්වයේ ද නියෝජිතයෝ ය. ඡන්ද පත‍්‍රිකාවල නම් ඇතුල් කර ගැනීමේ දුෂ්ට ඡන්ද නීතිය ඇතුලුව අනේකවිධ ආකාරයන්ගෙන් එනම්, ඡන්ද ක‍්‍රියාවලිය තුල මුදල්වල අධිබලපෑම මාධ්‍යය මහාසංගත විසින් පාලනය කිරීම තුලින් එම විධික‍්‍රමයන්ගෙන් පාලක පන්තිය උත්සාහ කරන්නේ කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් සැබවින්ම වලක්වාලීමට පාලක පන්තිය උත්සාහ කරන බව ය.

136. කම්කරුවන්ගේ රාජ්‍යයක් පදනම් වී ගත යුත්තේ විප්ලවවාදී මහජන අරගලයන් තුලින් පැන නගින්නා වූ ද ජනගහනයේ කම්කරු පන්ති බහුතරය නියෝජනය කරන්නා වූ ද සෘජු සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව රූප සහ ව්‍යුහයන් මත පදනම් වී ගත යුතු ය. එවන් ආන්ඩුවක් සැබැවින්ම ජනප‍්‍රිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ කෙසේ ද? කර්මාන්ත ශාලාවලින් සෘජුව තෝරා පත් කර ගැනුනු කන්ඩායම් මත පදනම් වී ගන්නේ කෙසේ ද යන කරුනු සහතික කරයි.

137. ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප‍්‍රතිවර්තනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ පියවරයන් ආරම්භ කරන ගමන් ම එවන් ආන්ඩුවක පිලිවෙත වනු ඇත්තේ පාලනයේ දී ද තීරන ගැනීමේ සන්තතිය තුල දී ද කම්කරු පන්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සහභාගි වීම දිරිමත් කිරීම ද ක‍්‍රියාත්මකව වර්ධනය කිරීම ද වේ.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය

138. සමාජවාදී සමානතා පක්ෂය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ පොදු අවශ්‍යතාවය මත පදනම් වූ ක‍්‍රියාමාර්ගයකින් සමන්විත එකම පක්ෂය වේ. එය අරමුනු කර ගෙන ඇත්තේ සෑම රටකම කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් වාත්තු කිරීම ය.

139. ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරුවන් මුහුන දී සිටින්නා වූ ප‍්‍රශ්න ප‍්‍රාදුර්භූත වසයෙන් ගත් කල්හි ලෝකයේ වෙන ඕනෑම කොටසක කම්කරුවන් මුහුන දී සිටින්නා වූ ප‍්‍රශ්නයන් ම වේ. යුද්ධය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය, සූරාකෑම, විරැකියාව සහ පාරිසරික විනාශය හුදෙක් ඇමරිකානු ප‍්‍රශ්න නො වේ. ඒවා වනාහි, ගෝලීය විසඳුම් ඉල්ලා සිටින්නා වූ ලෝක ප‍්‍රශ්නයන් ය.

140. ධනවාදය ගෝලීය ආර්ථික පද්ධතියකි. මහා ජාත්‍යන්තර සංගතයෝ ලෝක වෙලඳ පොලක් සඳහා නිෂ්පාදන කරමින් ලාභ ම ශ‍්‍රමය හා අමුද්‍රව්‍ය සඳහා ලෝකය පීරති. එකම බැංකු සහ මූල්‍ය වෙලඳ පොලවල් සෑම රටකම පිලිවෙත් අනුගමනය කරති. නිෂ්පාදනය ගෝලීය වන හෙයින් පුලුල් ජන සමාජයේ ගැටලු විසඳිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පමනි.

141. සමාජවාදී සමානතා පක්ෂය ගෝලීකරනයම ගැටලුවය යන මතය ප‍්‍රතික්ෂේප කරයි. කල යුතුව ඇත්තේ, ජාතික ආර්ථික රාමුව යලි පිහිටුවා ආර්ථික රාජ්‍යය ශක්තිමත් කිරීම ය යන විසඳුම ද එය ප‍්‍රතික්ෂේප කරයි. ගෝලීකරනය හා සම්බන්ධ වූ තාක්ෂනයේ සහ පනිවිඩ හුවමාරුවේ අතිමහත් වර්ධනය සෑම මනුෂ්‍යයෙකුගේ ම ජීවන තත්වය රාංගිකව වර්තනය කිරීම සඳහා පදනම සම්පාදනය කරයි. ගැටලුව වන්නේ, ගෝලීකරනයම නො වේ. ගෝලීකෘත ආර්ථිකය පුද්ගලික ලාභයට සහ ධනපතියන්ගේ ආසක්තයන්ට යටත් කිරීම ය.

142. මහා ව්‍යවසාය ද එහි දේශපාලන නියෝජිතයන් ද එක්සත් ජනපදයට පිටින් රටවල පවත්නා අඩු වැටුප් එක්සත් ජනපදය තුල වැටුපට සහ කම්කරුවන්ට සපයන සහනවලට නිරන්තරව පහර දීම සඳහා යොදා ගන්නා කල්හි මෙය අවධාරනය කරන්නේ ඇමරිකානු කම්කරු පන්තිය ජාත්‍යන්තරව කම්කරුවන් සමග එක්ව ජාත්‍යන්තර සංගතයන්ගේ ආර්ථික ඒකාධිපතිත්වයට එරෙහිව සමාජවාදය සඳහා ලෝක පරිමාන අරගලයක් මෙහෙයවිය යුතු ය යන්න යි.

143. සමාජවාදී සමානතා පක්ෂය සකල වර්ගයේ ජාතිකවාදය, ජනවාර්ගික සහ ආගමික ජාත්‍යොත්තමවාදය සහ වර්ගවාදය ප‍්‍රතික්ෂේප කරයි. එක්සත් ජනපදය විසින් මෙහෙයවුනු මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ සාපරාධී යුද්ධයන් යුක්ති සහගත කිරීම සඳහා සිතාමතා ම වගා කරනු ලබන අරාබි විරෝධී සහ ඉස්ලාම් විරෝධී හැඟීමක් මෙයට ඇතුලත් ය.

සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු! හතර වන ජාත්‍යන්තරය ගොඩනගනු!

144. සමාජවාදී සමානතා පක්ෂය පදනම් වී ගන්නේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ මහා සම්ප‍්‍රදාය මත ය. සමාජවාදය පෙනී සිටින්නේ සමානතාවය, මානව සහෝදරත්වය සහ සහයෝගීතාවය සහ මානව වර්ගයා පීඩනයෙන් ද අවශ්‍යතාවෙන් ද සෞම්‍ය සහ ආධ්‍යාත්මිකව විමුක්ත කර ගැනීම සඳහා ද වේ. කාර්ල් මාක්ස්ගේ ද ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ද න්‍යායික ප‍්‍රයාමයෝ සමාජවාදය සඳහා ඓතිහාසික අවශ්‍යතාවය එලිදරව් කර තහවුරු කොට නූතන විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයක් නිර්මානය කිරීම සඳහා අත්තිවාරම දැමූහ. 1917 ඔක්තෝබර් විප්ලවයත් සමග සමාජවාදය ධනවාදය පෙරලා දැමුවා වූ ද ප‍්‍රථම කම්කරු රාජ්‍යය එනම්, සෝවියට් සංගමය පිහිටු වූවා වූ ද මහා ජනතා ව්‍යාපාරයක ක‍්‍රියාමාර්ගය බවට පත් විය. රුසියානු විප්ලවය සමාජ සමානතාවය සඳහා කම්කරු පන්තියේ වඩාත් පලල් පෘථුල ජාත්‍යන්තර අරගලයක කොටසක් විය. ඇමරිකානු කම්කරුවන් ඉදිරියට ගත් සෑම පියවරක් ම සමාජවාදය සමග බැඳී පැවතුනු අතර සමාජවාදී මතධාරී සටන්කරුවන් විසින් මුල් තැන ගෙන ඉටු කරන ලදි. මෙයට පැය අටේ වැඩ දිනය පටන් ලමා ශ‍්‍රමික විරුද්ධ නීති, සාර්වත‍්‍රික පොදු අධ්‍යාපනය පෘථුල කාර්මික වෘත්තීය සමිති නිර්මානය කිරීම සහ දකුනු ප‍්‍රදේශවල බලපැවැත් වූ වර්නය අනුව ජන කොටස් වෙන් කර තැබූ ජිම් ක්‍රෝ නීති අවසන් කිරීම යන මේ සියල්ල ඇතුලත් ය.

145. බොහෝ ශ්‍රේෂ්ඨ පරමාර්ථයන් මෙන් ම සමාජවාදය ද අපයෝජනය කොට පාවා දෙනු ලැබ ඇත. සෝවියට් සංගමය තුල සමාජවාදය පාවා දෙනු ලැබුවේ ජෝශප් ස්ටැලින් විසින් නායකත්වය දෙනු ලැබූ ප‍්‍රතිවිප්ලවවාදී නිලධරයක් විසිනි. ස්ටැලින්වාදය රුසියානු විප්ලවයේ සමානතාවාදී ජාත්‍යන්තරවාදී උරුමයේ අඛන්ඩතාවය නො වේ. එය වනාහි "තනි රටේ සමාජවාදය” යන ජාතිකවාදී ක‍්‍රියාමාර්ගය මත පදනම් වූ විප්ලවයට ප‍්‍රතිරූප තත්වාරක්ෂක නිලධාරිවාදී ප‍්‍රතිගමනයක් විය. ස්ටැලින්වාදී නිලධරය කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රය තලා දමා ඒකාධිපති පාලනය පිහිටුවා සැබෑ මාක්ස්වාදීන්ට මරන දඬුවම පමුනුවා ලෝකය පුරාම රටවල කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයට වල කැපී ය - මේ සියල්ල කරන ලද්දේ "සමාජවාදයේ” නාමයෙනි. රුසියානු විප්ලවය සහ සමාජවාදය මෙසේ පාවාදීම ද මුදුන්පත් කරන ලද්දේ 1990 ගනන්වල දී සෝවියට් සංගමය බිඳ දැමීම සහ ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා ක්‍රෙම්ලින් නිලධරය ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය සමග සෘජුව සම්බන්ධවීම තුල ය.

146. සමාජවාදී සමානතා පක්ෂය පදනම් වී ගන්නේ නිලධරයට එරෙහිව සමාජවාදය සඳහා සටන් කලා වූ කම්කරු පන්තියේ හොඳම ධෛර්යමත් ම සහ දුරදක්නා නියෝජිතයන්ගේ උරුමය මත ය. මෙම සම්ප‍්‍රදායේ දැවැන්ත ම සදේහිතයා වූයේ ලෙනින් සමග රුසියානු විප්ලවයේ සහනායකයා වූ ට්‍රොට්ස්කි ය. ස්ටැලින්වාදයේ පාවාදීම්වලට විරුද්ධව 1923 දී වාම විපාර්ශවය ආරම්භ කිරීමත් සමග ඇරඹුනු අරගලයට නායකත්වය දුන් ට්‍රොට්ස්කි 1938 දී සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වූ හතර වන ජාත්‍යන්තරය ආරම්භ කරමින් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ පුනරුදය සඳහා පදනම දැමුවේ ය. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන හතර වන ජාත්‍යන්තරය පමනක් ම අද දින මෙම ග‍්‍රහලෝකයේ කම්කරු පන්තියේ සැබැවින්ම විප්ලවවාදී පක්ෂය වන්නේ ය.

147. ඇමරිකාව ද කම්කරු නිලධරයන්ට එරෙහිව සටන් වැදුනා වූ කම්කරු පන්තියේ විමුක්තිය සඳහා ජීවිත කැප කල සමාජවාදය සඳහා සටන් කල මහා සටන්කරුවන් ජනිත කර ඇත. ඔවුන් අතර, බිග් බිල් හේවුඩ්, ඉයුජින් ඩෙබ්ස් සහ ජේම්ස් පී. කැනන් වෙති. ජනතාවගේ ආසක්තයන් සඳහා සමාජය ප‍්‍රතිවර්තනය කොට දිලිඳුකම, සූරාකෑම සහ පීඩනය එක්සත් ජනපදයෙන් ද සමස්ත ලෝකයෙන් ද පිටුදැකීම සඳහා සමාජය ප‍්‍රතිවර්තනය කිරීමට අද දින අරගලය සංවිධානය කිරීම සඳහා ඇමරිකානු කම්කරුවන් එම පොහොසත් සමාජවාදී උරුමය යලි අත්පත් කර ගත යුතු ය.

148. මෙම ක‍්‍රියාමාර්ගය සමග එකඟ වන්නා වූ ද සමාජවාදය සඳහා අරගලයට සහාය දෙන්නා වූ ද යුද්ධයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයට සහාය දෙන්නා වූ ද සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයට එක්ව සමාජවාදය සඳහා අරගලය සියතට ගන්නා ලෙස ය.