එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ යෝජනා: කම්කරු පන්තිය සංවිධානය කිරීම සහ සමාජවාදය සඳහා අරගලය

Resolutions of the SEP (US) National Congress: The Organization of the Working Class and the Fight for Socialism

1 September 2012

2012 ජූලි 8-12 දිනවල පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේදී ඒකමතිකව සම්මත කරගන්නා ලද තෙවන ඉදිරිදර්ශන යෝජනාව මෙහි පලවෙයි. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ජාතික සම්මේලනය පවත්වයි , ප‍්‍රධාන යෝජනාව: සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන සහ දෙවන යෝජනාව: 2012 මැතිවරනය හා සසප මැතිවරන උද්ඝෝෂනය යන ලිපි ද කියවන්න.

1. සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු වූ වර්කර්ස් ලීගය 1966 දී ආරම්භ කරන ලද තැන් පටන් ම, එක්සත් ජනපද පාලක පන්තිය තීරනාත්මකව පරාජය කිරීමට සමත් එකම බලවේගය වන ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව අවධාරනය කිරීම මගින් අනෙකුත් සියලුම දේශපාලන ප්‍රවනතාවයන් ගෙන් බිඳී වෙන් විය. බ්‍රිතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගයේ නායකයා වූ ජෙරී හීලි එකල ඇමරිකානු ට්‍රොට්ස්කි වාදීන් ට කී පරිදි , " අපේ යුගයේ මූලික ප්‍රශ්න විසඳනු ඇත්තේ කලු බලය හෝ රටපුරා පැතිර පවත්නා දුසිම් ගනන් සාම සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ව්‍යාපාර විසින් නොවේ. විප්ලවවාදී පක්ෂයක් විසින් නායකත්වය දෙනු ලැබූ කම්කරු පන්තිය විසිනි .”

2. කම්කරු පන්තිය තුල සසපය ගොඩනැගීමේ අරගලය වනාහී ධනේශ්වර ක්‍රමය විසින් ද වෘත්තීය සමිති , මහා ධනපති පක්ෂ , සහ ලිබරල් හා ව්‍යාජ වාම කන්ඩායම් වල සිටිනා ධනේශ්වර යේ සේවකයන් විසින් ද පතුරුවනු ලබන සකල ආකාර දේශපාලන දේශපාලන පසුගාමිත්වය සහ මිත්‍යාවන් ට එරෙහිව සමාජවාදී විඥානය සඳහා අතිශය අධිෂ්ඨාන සහගත සටනකි . සමාජවාදී විඥානය පන්ති අරගලය තුල දී ස්වයංසිද්ධව පැනනගින්නේ නැත. එය කම්කරු පන්තිය තුලට සසප කාර්යධරයන් විසින් ගෙන යායුතු ය. ලෙනින් පැහැදිලි කල පරිදි, විප්ලව වාදී න්‍යායකින් තොරව විප්ලවවාදී පක්ෂයකට පැවතිය නොහැකිය."

3. සමාජවාදය සඳහා දේශපාලන පදනම සපයන විප්ලවය පැනනගින්නේ කම්කරු පන්තිය සිය ස්වාධීන පන්ති අවශ්‍යතා සඳහා ද මූලික සමාජ, ආර්ථික සහ දේශපාලන අයිතීන් සඳහා ද කරනු ලබන අරගල තුලිනි. අරගල පුපුරා ඒමට පෙරාතුව ම සසපය කම්කරු පන්තිය තුල සහ එහි වඩාත් දියුනු කොටස් තුල තමන්ගේ දේශපාලනික පැවැත්මක් තහවුරු කර ගතයුතු ය. මෙම අරගලයන් ඒකාබද්ධ කිරීමටත් ඒවා ධනේශ්වර පද්ධතිය ට එරෙහි දේශපාලන ප්‍රහාරයක් තුල මෙහෙයවීමටත් සටන් වදින්නා වූ දේශපාලන පෙරටු බලඇනියක් ක්‍රමානුකුලව ගොඩ නගාගත යුතුය. ඊජිප්තුවේ සිට ග්‍රීසිය හරහා අමරිකා එක්සත් ජනපදය දක්වා කම්කරු පන්ති අරගලයන්හි අත්දැකීම් විසින් තහවුරු කර ඇත්තේ විප්ලවවාදී දේශපාලන නායකත්වය නැති තැන කම්කරු පන්තිය පාලක පන්තියේ ද එහි නියෝජිතයන්ගේ ද දේශපාලන උගුල් සූත්තර වලට හසු කරගැනීමට මං පෑදෙනු ඇති බව ය.

4. වෘත්තීය සමිති විසින් පවත්වා ගෙන යනු ලබන ගල ග්‍රහනය බිඳ දැමීම සඳහා සසපය සාමාන්‍ය සාමාජිකයන් ගේ ස්වාධීන කමිටු ගොඩනැගීමට සටන් වදී. සංවිධානයෙන් තොරව සටන් කිරීම කම්කරු පන්තියට කල නොහැකිය. ඒඑෆ්එල් - සීඅයිඕ (එක්සත් ජනපදයේ විශාලතම වෘත්තීය සමිති සම්මේලනය ) සහ චේන්ජ් ටු වින් කොඑලිෂන් සංවිධානය කම්කරු පන්ති සංවිධාන නොවේ. ඒවා වනාහී මහ සංගත අධිකාරීන් ගේ ආධාරක හස්ත ලෙස වැඩ කරන්නෝය. මෙම සංවිධානවලට 'සංගමය' යන නම යොදාගැනීම පවා සමාජ යථාර්ථය වසන් කරන්නකි. මේවා තවදුරටත් කම්කරු පන්තියේ මුලික ආරක්ෂක සංවිධාන ලෙස පවා ක්‍රියා නොකරති. ඒවා දොට්ට දැමීම්වලින්, වැඩපල වැසීම් වලින්, වැටුප් කැපීම වලින්, සහන කැපීම් වලින්, වැඩ වේගවත් කිරීම් වලින්, හෝ ධනපතියන්ගේ වෙනත් ඉල්ලීම්වලින් කම්කරුවන් ආරක්ෂා නොකරති; කම්කරුවන් ඔවුන්ගේ පොදු අවශ්‍යතා උදෙසා එක්සත් කිරීමට සටන් නොකරති. මෙයට ප්‍රතිපක්ෂව උන් කරන්නේ කම්කරුවන් ආරක්ෂා වී ගැනීමට කරන්නා වූ සියලු අරගලයක්ම කඩාකප්පල් කිරීම සහ කම්කරු පන්තියේ අසමගිය අවුලුවාලීමට කටයුතු කිරීම ය. මොවුහු බොහෝ කලකට පෙර පන්ති සටනේ ධර්මය අත හැර දමා කෝපරේට් වාදය, කම්කරු-පාලක හවුල සහ ආර්ථික ජාතික වාදය වැලඳගෙන සිටිති. සාමාජිකයන් මුදල් බලයෙන් යට කරගනු ලබන අතර ඔවූන්ට මෙම සංවිධාන මත මොනම පාලනයක් ව්ත්පවත්වා ගෙන යා නොහැකි ය. ඒ අතර මෙම සංවිධාන නිරතුරව ම තර්ජන, ඡන්ද දූෂන සහ ප්‍රචන්ඩත්වය යොදා පාලක පන්තියේ අනසක ට කම්කරුවන් යටත් කිරීම කරගෙන යති.

5. මෙම සංවිධාන ඩිමොක්‍රැටික් පක්ෂයේ නැතිව බැරි මුක්කු ලෙස කටයුතු කරති. අරගල පැනනගින කල්හි ඒවා ධනේශ්වර ද්විපක්ෂ ක්‍රමයෙන් ස්වාධීන වීම වැලැක්වීම සඳහා දැනුවත්වම සහ ඉතා සැලකිල්ලෙන් කටයුතු කරති. පසුගිය වසරේ විස්කන්සින්හි අයවැයෙන් එල්ල කරන ලද පහරවලට එරෙහිව පුපුරාගිය අරගල තුලදී, ඒඑෆ්එල්-සී අයිඕ සංවිධානය ඩිමොක්‍රැටික් පක්ෂය සමග ද එහි පරිවාර සංවිධාන සමග ද එක්ව රිපබ්ලිකානු ආණ්ඩුකාර ස්කොට් වෝකර් ඉවත් කිරීමේ ද ඩිමොක්‍රැටික් ප්‍රතිවාදියෙකු පත් කර ගැනීමේ ද ව්‍යායාමයක් පිටුපස අරගලය නොමග යැවීමට කටයුතු කළහ. ඔබාමා පාලනාධිකාරය කම්කරු පන්තියට එරෙහිව ගෙනයන ප්‍රහාරවලදී වෘත්තීය සමිති එය සමග ඉතා සමීපව කටයුතු කරති.

හිඟන - පඩි මත අලුත් කම්කරුවන් යොදා මෝටර් කර්මාන්තය යලි සංවිධානය කර පිහිටුවා ගැනීම සඳහා යූඒඩබ්ලිව් වෘත්තීය සමිති සම්මේලනය පාලකයන් ට තීරනාත්මක සහයෝගයක් දුනි. ඔවුහු ඔබාමාගේ ඡන්ද මෙහෙයුම පිටුපස මුලුමනින්ම ගාල්වී සිටිති.

6. සසප ය කම්කරු පන්ති අරගලයට සම්බන්ධ වී ඇත්තේ හුදෙක් පැරනි සංවිධානවල පාවාදීම් එලිදරව් කොට හෙලාදැකීමට පමනක් නොව , කම්කරුවන්ගේ මෙම අරගල ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාමාර්ගයක් හෝ භාවිතයක් ඉදිරිපත් කොට ඒ සඳහා සටන් කිරීමට ද ය. සසපය විස්කොන්සසින්හි ජනතා ව්‍යාපාරයේ මුදුන්පෙත්තේ දී මහා වැඩ වර්ජනයක් අරඹන ලෙස කියා සිටියේ ය. මෙම කැඳවීමේ නිවැරදි භාවය ඔප්පු විය; එහෙත් ඒ ඛේදජනක ලෙස නිෂේධනාත්මකව ය. මහා වැඩ වර්ජ්නයකට විරුද්ධ වූ වෘත්තීය සමිති නායකයෝ දැනුවත් ව කම්කරුවන් නොමග යැවීමට බලයේ ඉන්නා ආණ්ඩුකාරයා ව්‍යවස්ථානුකූලව ආපසු කැඳවීමේ මෙහෙයුමක් අලෙවි කළහ. ප්‍රතිඵලය වූයේ කම්කරු පන්ති බලය විසුරුවාලමින් කම්කරුවන් සහ තරුණයන් ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස කොටුකර දමමින් රිපබ්ලිකානු ආන්ඩුකාර වෝකර් දෑත සවි කිරීම යි .

7. කම්කරු අරගල මාලාවක් තුලදී , සසපය කම්කරුවන් යූඒඩබ්ලිව් නිලධර කටුවෙන් ස්වාධීනව සංවිධානය කිරීමට සටන්කර ඇත. ඉන්ඩියානා පොලිස්හි ජෙනරල් මොටෝර්ස් කම්හලේ වැටුප් කපන සම්මුතියක ට විරුද්ධව ඡන්දය දුන් කම්කරුවෝ එය අනුමත කිරීම ගැන යූඒඩබ්ලිව් (UAW ) නිලධාරීන් හෙලාදුටුවෝය. ඒ අවස්ථාවේදී සසප මෙම කැරලි ගැසීම ඉදිරියට ගෙන යාමට සාමානය කම්කරුවන්ගේ කමිටුවක් සංවිධානය කලේ ය. ඔහියෝ ප්‍රන්තයේ ෆින්ඩ්ලේ නගරයේ කූපර් ටයර් කම්හලේ දොට්ට දම්නු ලැබූ කම්කරුවන් හුදෙකලා කරමින් අටවා තිබු දඬුකඳ බිඳ සිය අරගලය මිඩ්වෙස්ට් ප්‍රාන්තය පුරා සහෝදර කමකරුවන් වෙතට ගෙනයන ලෙස සසපය එම කම්කරුවන් උනන්දු කලේය. ඔවුන් මුලික කර්මාන්ත වල ඉන්න ෆැක්ටරි කම්කරුවන් වේවා පොදු සේවක රැකියාවල ඉන්න ගුරුවරුන් වැනි කම්කරුවන් වේවා එසේත් නැතහොත් වෘත්තිය සමිති පිලිබඳ මොනම හෝ අත්දැකීමක් වත් නැති කම්කරුවන් වේවා මේ සියලුදෙනා ට ම සසපය නො පසුබටව කියාසිටින්නේ පැරනි සංවිධාන ප්‍රතිසංස්කරනය කරගැනීම හෝ යලි පනගැන්වීම කල නොහැකිය යන සත්‍යයයි .

8. කම්කරුවන් නියෝජනය කරන්නේ යයි කියාපාමින් කම්කරු පන්තිය පාවාදීම මගින් තම ආදායම් සහ වරප්‍රසාද මඩි ගසා ගැනීමට විකල්ප ක්‍රම පාදාගෙන ඉන්නා 'සමිතියේ ’ විධායක ස්ථරය කම්කරුවන්ගේ අවශ්‍යතාවලට එරෙහිව තමන්ගේ අවශ්‍යතා පිහිටුවාගෙන බොහෝ කල්ය. උදාහරනයක් හැටියට යූඒඩබ්ලිව් සංවිධානයේ සාමාජිකත්වය සියයට 80කින් වැටී තිබෙන තතු තුල එහි වත්කම් ඩොලර් බිලියනයකට වැඩි මට්ටමකට නැග තිබේ. ඩිට්‍රොයිට් මෝටර් කර්මාන්තයේ ඩොලර් බිලියන ගණන් කොටස් යූඒඩබ්ලිව් සංවිධනය අත තිබේ. මෙම සංවිධාන කතා කරන්නේ කම්කරු පන්තියේ ආසක්තයන්ට සහමුලින්ම සතුරු වූ වරප්‍රසාදිත ඉහල මධ්‍යම පාන්තික තට්ටුවක් වෙනුවෙනි.

9. වෘත්තිය සමිති කම්කරු පන්තියට විරුද්ධ සංවිධාන බවට පෙරලෙත්, පෙරලෙත් ඉන්ටනැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් ( අයිඑස්ඕ ) වැනි සුලු ධනේශ්වර ව්‍යාජ වාම සංවිධාන අවධාරනය කර ඇත්තේ එවන් වෘත්තීය සමිති සංවිධාන කම්කරු පන්තිය තුල පවත්වාගෙන යන අධිකාරයට අභියෝග කල නොහැකි බවය. අයිඑස්ඕ වැනි කන්ඩායම් වල දක්ෂිනාංශික විකාශනයේ ප්‍රමුඛ අංශයක් වී ඇත්තේ ඔවුන්ගේ සාමාජිකයන් වෘත්තීය සමිතිවල ඉහල වැටුප් ලබන තැන්වලට නැගගැනීම ය. . ඔවුහු ඒවා තුල අනිවාර්යයෙන්ම කම්කරු පන්තිය පාවාදීමට ද කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයට සහ මහා කොම්පැනිවල අනසක ට යටත් කිරීමට ද කටයුතු කර ඇත. සසප ආරම්භය දුන් ඉන්ඩියානාපොලිස් නගරයේ සාමාන්‍ය සාමාජික කමිටුව කලාක්මෙන් අරගල වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් බිඳීමට තර්ජනය කර සිටින කල්හි , හිටපු රැඩිකල්ලු සටන්කාමී කම්කරුවන් බියවැද්දීමට ද පාලකයින් ඔත්තු සැපයීමට ද ඔවුන් දඩයම් කිරීමට ද පටන්ගත්හ..

10.ඒ එෆ් එල්-සී අයි ඕ සග චේන්ජ් ටු වින් සංවිධාන එකම ශක්‍ය 'කම්කරු පන්තික' සංවිධානයයි කියමින් ඒවායේ සංවිධානාත්මක පරිපාලනය අවධාරනය කිරීම මගින් ව්‍යාජ වම්මු ඉතිහාසය බොරු කරති. පන්ති අරගලයේ පුපුරායාම පොදුවේ ගෙන ඇත්තේ මහා සංගත විසින් පාලිත ව පවත්නා තත්වයට එරෙහි කැරැල්ලක ස්වරූපයයි . එක්සත් ජනපදය තුල 1930ස් ගනන් වල කාර්මික කම්කරු සමිති ගොඩනගාගත හැකි වූ යේ තනි කුඩා වෘත්තීය සමිතිවල සංවිධනය වූ ඇමරිකානු ෆෙඩරේෂන් ඔෆ් ලේබර් (ඒඑෆ් එල්) ට එරෙහිව කටුක අරගලයක් තුලින් පමනි. ඒඑෆ්එල් ට එරෙහි නව විකල්ප සංවිධාන ගොඩ නැගීම ට පක්ෂය දිරි දිය යුතු ද නැත ද යන්න පිලිබඳ තදබල විවාදයක් එවකට මාක්ස්වාදී ව්‍යාපාරය තුල පැනනැගුනි. අන්තිමේ දී ඒඑෆ්එල් -සීඅයි ඕ වට එරෙහි ප්‍රහාරයට පක්ෂපාතී වූ පිල නිවැරදි බව තීන්දු වූ යේ 1930ස් ගනන් මැදදී පුපුරාගිය මහා ස්ට්‍රයික් සටන්මාලාව සමග කොන්ග්‍රස් ඔෆ් ඉන්ඩස්ට්‍රියල් ඔර්ගනිසේෂන්ස් (සී අයි ඔ ) ගොඩ නැගීමෙනි . එසේ වුවද 1930ස් ගනං වල ඒඑෆ්එල් සංවිධානය කම්කරු පන්තියට කටුක ලෙස විරුද්ධ වුව ද , එකල්හි එය කම්කරු සංවිධානයක් යයි කිව හැකි ව තිබුනි.

11.ඒ එෆ් එල් - සී අයි ඕ සහ චේන්ජ් ටු වින් සංවිධාන වල වත්මන් තත්වය වනාහී වෘත්තීය සමිති දශක ගනනාවක් තිස්සේ ඩිමොක්‍රටික් පක්ෂයට යටත් වීම ද , දෙවන ලෝක යුද්ධය ඉක්බිත්තේ සිදු කල ප්‍රති කොමියුනිස්ට්වාදී විරේක ද වෘත්තීය සමිත් විසින් ධනවාදය ද , ඇමරිකානු අධිරාජ්‍යවාදය ද ආරක්ෂා කිරී ම ද යන මේ සියල්ලේ මුදුන්පත් වී මයි. ගෝලීකරන ක්‍රියාවලිය තුල එම සංවිධානවල බිඳවැටීමට තුඩු දුන්නේ ජාතිකවාදී යටත් වීමයි.

මූල්‍ය ප්‍රාග්ධනයේ වර්ධනය සහ ප්‍රසාරනය ද ඒ සමග ජාත්‍යන්තර සංගත ගොඩ නැගීම ද වෘත්තීය සමිති වල ජාතික ප්‍රතිසංස්කරන ක්‍රියාමාර්ගයට යටිවල කැපීය. වෘත්තීය සමිති නිලධරය මෙයට දක්වූ ප්‍රතිචාරය වූයේ ආරක්ෂා කරන බව කියාසිටි කම්කරු පන්තිය බිල්ලට දී තම වරප්‍රසාද රැක ගැනීම සඳහා වඩ වඩාත් ඍජුව මහා කොම්පැනිවල හස්තයක් බවට පරිවර්තනය වී ගැනීමයි.

Share this article: