රුසියානු විප්ලවය පිලිබඳ පැවැත්වෙන දේශන මාලාව ගැන ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නොර්ත් සාකච්ඡා කරයි

ඩේවිඩ් නෝර්ත්ගේ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය:

රුසියානු විප්ලවය අප දන්නා ලෝකය නිර්මානය කලේය. එය කම්කරු පන්තිය බලය අත්පත් කරගත් ප්‍රථම අවස්ථාවයි. 1847 දී කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනය පල කලේය. එම අත්‍යසමාන ලියවිල්ල ආරම්භ වන්නේ මෙසේය. “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයි." ඔවුන්ට අවශ්‍ය වුනා පැහැදිලි කරන්න, මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය පන්ති අරගලයේ ඉතිහාසය බව. 1917 දී බෝල්ශේවික පක්ෂය බලයට පත් වීම මගින් සනාථ කෙරුනේ 1847 දී සටහන් කර තිබූ ඉදිරිදර්ශනයයි. යන්තම් වසර 70ක කාලයකදී ඔප්පු කලේ, කොමියුනිස්ට් ප්‍රකාශනය මනෝරාජික ලියවිල්ලක් නොව, ඉතිහාසයේ අති මූලික ගාමකය පිලිබද නිවැරදි හා විද්‍යාත්මක තක්සේරුවක් බවයි.

රුසියානු විප්ලවයේ අසමසම ලක්ෂනය කුමක්ද? කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් විසින් න්‍යායිකව මෙහයෙවනු ලැබූ එකම විප්ලවයයි. වෙනත් වචනවලින් කියතොත් එය පෙන්නුම් කලේ, නිවැරදි නායකත්වය දෙනු ලැබූ කල්හි, විප්ලවවාදී පක්ෂයක් පවතින තතු තුල, කම්කරු පන්තියට ධනපති ක්‍රමය පෙරලා දමා බලය සියතට ගෙන කම්කරු රාජ්‍යයක් පිහිටුවිය හැකි බවයි.

කුමක් ද රුසියානු විප්ලවය කියන්නෙ. රුසියානු විප්ලවයට තුඩු දුන් කාරනා මොනවාද ? අධිරාජ්‍යවාදී යුද්ධය, දේශපාලන මර්දනය, සමාජ සූරාකෑම. ඉතින්, 1917 විප්ලවවාදී අරගලයට ගාමකය සැපයූ සියලු දැවැන්ත ඓතිහාසික කාරනා අදත් පවතී. අපි රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සමරන්නේ එක්සත් ජනපදයේ සහ සත්තකින්ම ලෝකයේ ම ඉතිහාසය තුල පැවති දැවැන්තම දේශපාලන අර්බුදයේ පසුබිම යටතේය. ජීවන කොන්දේසි පෙන්නුම් කරන්නේ ධනවාදයේ පරිපූර්න නොහැකියාවයි. ඔවුන් ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය කුමක්ද? එකදු දේශපාලන, සමාජ, ආර්ථික, පාරිසරික ගැටලුවකට වත් ධනවාදී ක්‍රමයට විසදුමක් ඇතැයි මවා පෙන්වීමක් වත් නැත.

සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ අවසානයෙන් වසර 25කට පසුව, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ සුපුෂ්පිත වීමක් යයි කියන ලද තත්වය අත්දැකීමට අපිට ඉඩකඩ ලැබූ වසර 25කට පසුව, අපට ලැබී ඇත්තේ මොනවාද? නිමක් නැති යුද්ධය, කම්කරු පන්තියේ කොන්දේසි අඛන්ඩව පරිහානියට ලක් වීම, නරකම රූපාකාරයන්ගේ ස්වෝත්තමවාදය මතුවීම. ඒ සියල්ල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති තනතුර තුල දේහානුරූප වි ඇත. ඔහු ධනවාදයේ පරිපූර්න ප්‍රතිගාමි ස්වභාවය කැටි කර දක්වයි.

මෙම ආරම්භක දේශනවල අරමුන වන්නේ, රුසියානු විප්ලවයට යටින් දිවෙන කේන්ද්‍රීය දේශපාලනික, න්‍යායික, මූලෝපායික ද කිවහැකි, කාරනා ගැන දල විශ්ලේෂනයක් සැපයීමයි. එය වැදගත් වන්නේ සාමාන්‍ය ඓතිහාසියක ඥානයේ අර්ථයෙන් පමනක් නොවේ. එයම පමනක් වුවත් නිසැකවම දේශනවලට යුක්තියුක්ත භාවයක් ලබා දෙයි. මෙම සිද්ධියට අතිමහත් සමකාලීන අර්ථභාරයක් ඉල්ලා සිටී.