ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂයට පිලිතුරු දෙයි

The Socialist Equality Party (Sri Lanka) replies to the United Socialist Party

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2015 අගෝස්තු 14

ව්‍යාජ වාම එක්සත් සමාජවාදී පක්ෂය (එසප), “ශ‍්‍රී ලංකාව: ව්‍යාජ වාම එසප කුමන හෝ ධනපති පක්ෂයක් සමග පෙලගැසීමට සූදානම් වෙයි” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජූලි 29දා පල කල හෙලිදරව්කාරී ලිපියට ප‍්‍රතිචාර වශයෙන්, පසුගිය සතියේ සමාජවාදී සමානතා පක්ෂයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කලේය.

රතු තරුව යන මාධ්‍ය තුල, “මාක්ස්වාදී විධික‍්‍රමයට එරෙහි කට්ටිවාදය” යන හිසින් එසප ලිපිය පල වූයේ, “ලෝසවෙඅ (සසප) මඩගැසීමට ප‍්‍රතිචාර දක්වමින් පල වන කතෘමන්ඩල ප‍්‍රකාශය” යන නමිනි. සසප “මුසාවාද හා මඩ ගැසීම්” පිලිබඳව දිගින් දිගටම චෝදනා නගන එය, ලෝසවෙඅ ලිපිය “ඔවුන්ගේ කට්ටිවාදය හා මාක්ස්වාදය ද ට්‍රොට්ස්කිවාදය ද වටහා ගැනීමට ඔවුන් දක්වන අසමත්කම යන දෙකම” හෙලිදරව් කරන බව පවසයි.

එසප නායක සිරිතුංග ජයසූරිය, අගෝස්තු මහ මැතිවරනය සඳහා නාම යෝජනා භාරගත් අවසාන දිනය වූ ජූලි 13දා, යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසලදී පල කල අදහස්වල දේශපාලන ගම්‍යයන් සසප විසින් වාර්තාකර පැහැදිලි කරනු ලැබීම කෙරෙහි ඔවුන් දැඩි ලෙස විරුද්ධත්වය පල කරයි. දුසිමකට වැඩි මාධ්‍යකරුවන් එහි රැස්ව සිටි අතර සිරිතුංග ඉංග‍්‍රීසියෙන් පල කල අදහස් ලෝසවෙඅ වාර්තාකරු විසින් පටිගත කරන ලදී. ව්‍යාකරන හෝ වෙනත් දෝෂයන් සංස්කරනය නොකල සම්පූර්න වාර්තාව මෙතැනින් ලබාගත හැකිය.

වාර්තාවේ වඩාත් කැපීපෙනෙන ලක්ෂනය, සාකච්ඡාවේ ගතිකයයි. ප‍්‍රධානකොටම දෙමල ප‍්‍රදේශයක් වන යාපනයේ පැවැත්වූ කථාවේදී, එක්සත් ජාතික පක්ෂය හා එජනිස නායකත්වය දරන ශ‍්‍රීලනිප යන ධනපති කඳවුරු දෙකෙන් ස්වාධීනව පෙනී සිටීම ජයසූරියට පහසු කාර්යයක් වූයේ නැත. සිංහල ආධිපත්‍යය වෙනුවෙන් ගෙන ගිය දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධයට එම ධනපති පක්ෂ දෙකම වගකිවයුතු වන අතර සිය දහස් ගනනකගේ ජීවිත බිලිගත් යුද්ධය දිවයිනේ උතුර හා නැගෙනහිර වැඩි හරියක් විනාශයට ඇද දැමීය.

කලින් එජාප සමග එක වේදිකාවක පෙනී සිටීම ගැන ලෝසවෙඅ වාර්තාකරු ඔහුට අභියෝග කල විට ජයසූරිය නිර්ලජ්ජිත ලෙස පැවසුවේ, තමන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සමග කල්ලි ගැසුනා පමනක් නොව අතීතයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ද වැඩ කර ඇති බවත්, යලිත් එසේ කරන බවත්ය. “පීඩකයාට විරුද්ධව සටන් කිරීම සඳහා අපි යකා සමග වුවත් කරේ අත දමාගන්නෙමු. රනිල් වික‍්‍රමසිංහ හා එජාපය සමග අප කලේ එයයි. එහෙත් ධනපති පක්ෂ සමග එක්ව අපි මැතිවරන නොකරන්නෙමු.” යනුවෙන් ද ඔහු පැවසීය.

ධනපති දේශපාලඥයින් වෙනුවෙන් කඩේ යන්නේ නැති බව පැවසුව ද ජයසූරිය, හරියටම කරමින් සිටින්නේ එයයි. “කෙතරම් ප‍්‍රතිගාමී වුව ද කුමන හෝ ධනපති පක්ෂයක් සමග පෙලගැසීමට සූදානම්, ඡන්දදායකයින් ඉදිරියේ ව්‍යාජ ලෙස එජාප ප‍්‍රජාතන්ත‍්‍ර වර්නයෙන් සරසන එසප, කුලියට දීමට ඇති දේශපාලන මෙවලමක්” යයි සසප ලිපියෙන් කියා ඇත්තේ එබැවිනි.

එසප සහ නිදහසේ වේදිකාව

2009 ජනවාරියේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග කාර්යාලයට යන අතර මගදී මහ දවාලේ මරාදැමීම ට පසුව, එජාප මූලිකත්වයෙන් පිහිටුවන ලද, “නිදහසේ වේදිකාව” තුල, විශේෂයෙන්ම එසප සහභාගිත්වය, රතුතරුව කතුවැකියෙන් ආරක්ෂා කරයි. ඔහුගේ ඝාතනය ආරක්ෂක හමුදාවල සහය ඇතිව වැඩ කල ආන්ඩු පාක්ෂික මිනීමරු කල්ලි විසින් කරන ලද ඝාතන සිය ගනනෙන් එකකි. රාජපක්ෂ ආන්ඩුව යටතේ හමුදාව උතුරේ දියත් කල මෘග ප‍්‍රහාර, 2009 මැයි මස බෙදුම්වාදී එල්ටීටීඊය තලා දමා සිවිල් වැසියන් දහස් ගනනක් මරාදැමීමෙන් කුට ප‍්‍රාප්ත විය.

“නිදහසේ වේදිකාව” වනාහි “යුදවාදී ඒකාධිපතිත්වයට එරෙහි විරුද්ධත්වයක් නිර්මානය කිරීමට දැරුනු තීරනාත්මක ප‍්‍රයත්නයක්” බව ද “ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ සංයුක්ත ප‍්‍රායෝගික උද්ඝෝෂනයක් මිස දේශපාලන කාන්ඩයක් නොවේ යයි” ද කියන එක්සත් සමාජවාදී පක්ෂය, එයට නැග ගැනීමේ වැදගත්කම වටහා ගැනීමට අසමත්වීම ගැන සසප හෙලා දකියි. එපමනක් නොව ධනවාදයේ රාමුවෙන් පිටත වැඩ කිරීමට සූදානම් නැති කුමන බලවේගයකට වුව, එනම්, එජාප වැනි අපකීර්තියට පත් ධනේශ්වර පක්ෂයන්ට පවා එම පෙරමුනට ඇතුලු වීමට ඉඩ දීම නිවැරදි යයි” එසප කියාසිටි.

කෙසේ වෙතත් “නිදහසේ වේදිකාව”, විශේෂයෙන්ම දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට කල දෙයක් නැතුවාක් මෙන්ම යුද්ධයට විරුද්ධ වූයේ හෝ ඝාතක කල්ලි වලින් කිසිවෙකුත් ආරක්ෂා කිරීමට ප‍්‍රායෝගික පියවර කිසිවක් ගත්තේවත් නැත. ශ‍්‍රීලනිපය තරම්ම සිංහල වර්ගවාදය තුල ගිලී සිටින එජාපය, එවන් පියවරකට ඉඩ දෙනු නැත. එක්සත් ජාතික පක්ෂය දිවයින සිවිල් යුද්ධයට ඇද දැමු 1983 දෙමල විරෝධී සංහාරයන් ට මෙන්ම බලයේ සිටි තාක් කල් නිර්දය ලෙස යුද්ධය ගෙන යාමට ද වග කිවයුතු ය.

“නිදහසේ වේදිකාවේ” දේශපාලන අරමුන වුයේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහතික ප‍්‍රදානය කොට එජාපයේ දේශපාලන භාග්‍යය යලි උදාකර දීම ය.

සම්බන්ධවූ සියල්ලන්ගේ අනුමැතිය ලත් “නිදහසේ වේදිකාවේ වරපත‍්‍රය” මෙම දේශපාලන කන්ඩායමේ ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගය විය. එම කෙටි ලියවිල්ල, “සකල ජනවර්ග සහ සාමයික ජනකොටස් වලට දිවයිනේ සතර දිග ප‍්‍රාන්ත නවය තුල ජීවත්වීමේ සහ අදහස් ප‍්‍රකාශ නිරීමේ නිදහස” ගැන නොපැහැදිලි ලෙස කතා කල නමුත් එය කිසිවකට හෝ, වෙසෙසින්ම ම සංයුක්ත ප‍්‍රායෝගික පියවරයන්ට වග වූයේ නැත.

දැන් එජාප නායක වික‍්‍රමසිංහ ට සහාය දෙන රයිට්ස් නව් - කලෙක්ටිව් ෆොර් ඩිමොක‍්‍රසි නමැති රාජ්‍ය නොවන සංවිධානය - “නිදහසේ වේදිකාවෙහි” අරමුන පිලිබඳව වඩාත් ඍජු ලෙස කතාකරයි. “විපක්ෂ සංවිධාන මහජනයාගේ ඇස් ඉදිරියේ සුජාත කිරීම සඳහා මෙම ප‍්‍රයත්නය, මාවත හෙලි කලේය. එහෙත් එය ඒ සමගම, මානව අයිතින් ආරක්ෂා කරන්නන්ට අවස්ථාවක් ද ලබා දුනි.”

2010 යේ ජනවාරි ජනාධිපතිවරන ව්‍යාපාරය මැද්දැවේ එසප නායක ජයසුරිය, මෙම වංචනික “වේදිකාවේ” සාර්ථකත්වය හුවා දැක්වීම සඳහා වික‍්‍රමසිංහ සමඟ ඒකාබද්ධ වේදිකාවකට නැග ගත්තේ ය. “ඒ වන විට එජාප සිටියේ, යුද්ධයේ අවසාන මාස කිහිපය තුල සිදු කල ප‍්‍රචන්ඩ ක‍්‍රියා වලට කෙලින්ම වග කිය යුතු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ “පොදු (ජනාධිපති) අපේක්ෂයා” ලෙස ඉදිරිපත් කිරීම සඳහා සහාය දෙමිනි.

එකල ලොසවෙඅවාර්තා කල පරිදි වික‍්‍රමසිංහ විසින් මෙසේ ජයසුරිය ප‍්‍රසංශාවට ලක් කලේය: “මෙම බලය ගොඩ නංවවමින් ආරම්භකත්වය ගත්තේ ඔහු ය. අපි ඔහු අනුගමනය කලෙමු. අපි අද බොහෝ දුර පැමින සිටිමු. මම සිරිතුංගට ආචාර කරමි. මරන තර්ජන හමුවේ අපි එලියට බැසීමට බිය වූවෙමු. එවිට සිරිතුංග ඉදිරියට පැමිනි අතර එමගින් දැනට සිටින ජනාධිපති අභියෝගයට ලක් කිරීමට අපට අවස්ථාව උදා විය.

ප‍්‍රසංශා ගිල ගන්නා ගමන්ම ජයසුරිය, (රාජපක්ෂගේ) පිලිමලා ලෙස ඉදිරිපත්වූ ජෙනරාල් ෆොන්සේකා සහ ඔහුගේ යුද අපරාධ පිලිබඳව මුලුමනින්ම නිශ්ශබ්ද විය.

එක්සත් පෙරමුන

මේ පිලිබඳව එවක සසප ජනාධිපති අපේක්ෂක විජේ ඩයස් ලෝක සමාජ වාදී වෙබ් අඩවිය තුලින් කල විවේචනයට එසප ප‍්‍රතිචාර දැක්වූයේ දැන් වගේම විසකුරු ආකාරයකටය. මෙයට සවිස්තරව පිලිතුරු දුන් ඩයස්, එසප එජාපය සමග ගෙන යන අවස්ථාවාදී උපාමරුව, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් යොදන ලද එක්සත් පෙරමුනු උපායේ විදියක් ය යන එසප කියාපෑම එලිදරව් කලේ ය.

එසප ඩයස් ට පිලිතුරු දුන්නේ නැත. “සර්වාදයට එරෙහි අරගලයේ දී ලෙනින්, ට්‍රොට්ස්කි සහ බෝල්ෂෙවික්වරු බොහෝ අවස්ථා වල සුලු ධනේශ්වර සහ ධනේශ්වර බලවේග සමග මෙවන් ක‍්‍රියාවන්ට එලඹුනු බව” නිකම්ම කියාපෑවේය. මේ කියන “බොහෝ අවස්ථා” සංයුක්තව විග‍්‍රහ කර බැලීමට කිසිදු ප‍්‍රයත්නයක් නැත. මක්නිසා ද යත්, එක්සත් සමාජවාදී පක්ෂය යෙදී සිටින ආකාරයේ ධනපති පක්ෂ සමග අවස්ථාවාදී සම්බන්ධකම් ගොඩනගා ගැනීමට ලෙනින් හා ට්‍රොට්ස්කි එක්සත් පෙරමුනු උපාය යොදාගත්තේ නැති නිසාය. එක්සත් පෙරමුනු උපාය යොදා ගත්තේ, කම්කරු පන්තික පක්ෂ සහ සංවිධාන පිලිබඳව මිස ධනේශ්වර පක්ෂ සම්බන්ධයෙන් නොවේ.

පරදුවට තැබී ඇති දේශපාලන ප‍්‍රයුක්තයන් පිලිබඳ සාරාංශයක් ලෙස අපි ඩයස් ගේ පිලිතුර තරමක් දුරට උපුටා දක්වන්නෙමු:

සිය පිලිතුර තුල එසප, මෙම දේශපාලන ප්‍රෝඩාවේ නියමුවන් ලෙස ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ නම් ද පටලවයි. ලේඛකයා අවමානයෙන් යුතුව පවසන්නේ, “ලෝසවෙඅ උගත් මහාචාර්යවරුන්ට” අවශ්‍ය නම් උද්ධෘතයන් පවා සැපයිය හැකි බවයි. අවශ්‍ය නැත. මාක්ස්වාදී ව්‍යාපාරයේ දිගු ඉතිහාසය තුල, එක්සත් පෙරමුනු උපාය අතර වෙනස්කම් පිලිබඳව ද එසප සිය සම්පූර්න දේශපාලන මාවතේ, දිගටම අනුගමනය කල, කම්කරු පන්තියට නිරතුරුවම ව්‍යසනයක් බව සනාථවී තිබෙන අවස්ථාවාදී සන්ධානයේ ස්වභාවය පිලිබඳව ද සසපට හොඳ අවබෝධයක් තිබේ.

එක්සත් පෙරමුනේ සාරය වන්නේ, පන්ති අරගලයේ ක‍්‍රමෝපායන් යොදාගනිමින් කම්කරු පන්තිය, පන්ති සතුරාට එරෙහිව සිය අයිතීන් ආරක්ෂාකර ගැනීම සඳහා එක්සත් කර බලමු ගැන්වීමයි. මේ ක‍්‍රියාවලිය තුලදී මාක්ස්වාදීන්, අවස්ථාවාදී කම්කරු පන්ති නායකයන්ගේ චපලකම් හා දෙපිටකාට්ටුකම් නිරාවරනය කිරීමට සෑම අවස්ථාවක්ම උපයෝගී කර ගනියි. එක්සත් පෙරමුනක් ගොඩනැංවීම සඳහා දියකල නොහැකි කොන්දේසිය වන්නේ, විප්ලවවාදී පක්ෂයේ දේශපාලන ස්වාධීනත්වයයි. හවුල් දේශපාලන ක‍්‍රියාමාර්ග එපා, සටන්පාඨ හා ධජ පතාක පටලවා නොගනු.

නාසීන්ට විරුද්ධව 1930 ගනන් වලදී ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා සිය ව්‍යාපාරය ගෙනයද්දී ලියොන් ට්‍රොට්ස්කි මනාව පැහැදිලි කල පරිදි, “සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ජර්මානු වෘත්තීය සමිති නායකයන් සමඟ පොදු වේදිකාවක් ඇත්තේ නැත, පොදු ප‍්‍රකාශන, සටන් පුවරු, ධජ පතාක ඇත්තේ නැත! පහර දෙන්නේ කෙසේ ද, කා හට පහර දෙන්නේ ද, හා කවදා පහර දෙන්නේ ද යන දේ ගැන පමනක් එකඟ වනු! එවන් එකඟත්වයක් යක්ෂයා සමඟ, ඔහුගේ මිත්තනිය සමඟ හා නොස්කේ හා ග්‍රෙන්සින්කි සමඟ හෝ ඇතිකර ගත හැකිය. එහෙත් එක් කොන්දේසියක් යටතේය, එනම්, එකිනෙකාගේ අත් පටලවා නොගෙනය.”

1980 ගනන්වල, එවකට එජාප ආන්ඩුව බලයේ සිටියදී සසප පුර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය (විකොස) සටන් වැදුනේ හරියටම ඒ සඳහාය. 1983 එල්ටීටීඊයට එරෙහිව යුද්ධය දියත් කල එජාප, දකුනේ වැඩෙමින් තිබුනු නොසංසුන්තාව මැඬීම සඳහා ආරක්ෂක හමුදා නිදහස්කර ගැනීමේ අරමුනෙන්, උතුරට ඊනියා ඉන්දීය සාම හමුදා කැඳවීමට ඉඩ සැලසූ, ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබීය. ප‍්‍රතිගාමී, සිංහල ස්වෝත්තමවාදී දෘෂ්ටි ආස්ථානයක සිට ගිවිසුමට විරෝධය පල කල ජවිපෙ මර්දනය කිරීමේ කඩතුරාව යටතේ ආන්ඩුව, යුද නීතිය ක‍්‍රියාත්මක කලේය. හමුදාව ද ජවිපෙ මැරයන් ද සිය ගනන් කම්කරුවන්, වෘත්තීය සංගමිකයන් සහ දේශපාලන සටන් කරුවන් ඝාතනය කලහ.

කම්කරු ආරක්ෂක භටකායන්, ඒකාබද්ධ පිකට් උද්ඝෝෂන, ඒකාබද්ධ පෙලපාලි, සහ එජාප ආන්ඩුවට එරෙහි මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීම ඇතුලූ ප‍්‍රායෝගික පියවර ගැනීම සඳහා එක්සත් පෙරමුනක් ගොඩනැගීමට එකඟවන ලෙස විකොස, ලංකා සමසමාජ පක්ෂයට ද ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ද ලංකා වතු කම්කරු සංගමයට ද (සීඩබ්ලිව්සී) එවකට ජයසූරිය ද නායකයෙකුව සිටි නව සමසමාජ පක්ෂයට ද ලියා දැන්විය.

ශ‍්‍රී ලංකා මහජන පක්ෂය නව කම්කරු පන්තික ප‍්‍රතිසංස්කරනවාදී ප‍්‍රවනතාවයක් යයි නම් කල නසසප, ඔවුන් පෙරමුනට වැද්ද නොගැනීමට විකොස කට්ටිවාදිව, විරුද්ධවන්නේ යයි කියා සිටිමින්, විකොස යෝජනාව එකහෙලා ප‍්‍රතික්ෂේප කලේ ය. එකල විකොස පැහැදිලි කල අයුරු ශ‍්‍රීලමප, ධනේශ්වර පක්ෂයකි. ඉන් ටික කලකට පසු එය ශ‍්‍රීලනිපය සමග යලි එක්වීමට නියමිත විය. එහි නායිකා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරයට පත් වූවාය. ශ‍්‍රීලනිප වත්මන් නායකයා ජනාධිපති රාජපක්ෂ හැර අන් කිසිවෙකු නොවේ. ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන් කුප‍්‍රකට ය.

මෙම වෙනස්කම් ඇති තරම් පැහැදිලිය. විකොස ඉදිරිපත් කල එක්සත් පෙරමුනු යෝජනාවට එරෙහිව නසසපය ඇට්ටර ලෙස ආරක්ෂා කලේ, ලෙනින් සහ ට්‍රොට්ස්කි විප්ලවවාදී පක්ෂයකට නොතරම් යයි සැම විටම හෙලාදුටු දේශපාලන කල්ලි ගැසීමකි. විකොස පෙන්නුම් කල පරිදි නසසප, ධනේශ්වර ශ‍්‍රීලමප ය සමග ආන්ඩුවක් ගොඩනැගීම සඳහා “ඉදිරිදර්ශන හා ඉදිරි මාවත” නම් පොදු ක‍්‍රියාමාර්ගයක් මත මැතිවරන පෙරමුනක් ගොඩනගාගෙන තිබුණි. ස්ටැලින්වාදීන් ඉදිරිපත් කල මේ වර්ගයේ මහජන පෙරමුනු සන්ධාන, 1930 ගනන් වලදී ප‍්‍රන්ස හා ස්පාඤ්ඤ කම්කරු පන්තියට දේශපාලන ව්‍යසනයන් අත්කරදී තිබුනි. 1980 ගනන් වලදී ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රතිපලය ඊට වෙනස් නොවීය. ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් අවශ්‍යම වෙලාවේදී එය, කම්කරු පන්තිය පක්ෂාඝාත කලේය.

ජවිපෙය ආන්ඩුව තුලට කැඳවා ගැනීම පිලිබඳ අදහස සමග ක‍්‍රීඩාවේ යෙදුනු එජාප ජනාධිපති පේ‍්‍රමදාස ඉක්බිතිව කලේ, 1989න් මෙපිටට ජවිපෙට සහ දකුනේ සිංහල ගැමි තරුනයන්ට එරෙහිව ආරක්ෂක හමුදා ලිහාහැරීමය. යුද හමුදාව, එහි ඝතක කල්ලි, සහ රහස් වධක සිර කඳවුරු ජාලය විසින් මරා දමන ලද සංඛ්‍යාව 60,000ක් යයි ගනන් බැලේ. දැන් ජයසුරිය එකම වේදිකාවක පෙනී සිටිමින්, ප‍්‍රජාතන්ත‍්‍ර සටන් කරුවෙකු යයි වර්නනා කරන රනිල් වික‍්‍රම සිංහ, එම එජාප ආන්ඩුවේ ඇමතියෙකුව සිටි බවත්, එම අපරාධයන්ට ඍජු දේශපාලන වගකීමක් දරන බවත් සැලකිල්ලට ගත යුතු ය.

විපක්ෂයේ විරෝධය

2012 අග වන විට එසප, නිදහසේ වේදිකාවේ, තවත් කොටස්කරුවකුව සිටි ව්‍යාජ වාම නසසප සමග “විපක්ෂයේ විරෝධය” නම් (විවි) එජාප විසින් නායකත්වය දරන ලද සන්ධානයකට එක්විය. එය “නිදහසේ වේදිකාවෙහිම” කොටසක් විය.

2013පෙබරවරියේ විපක්ෂයේ විරෝධය අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේදී වික‍්‍රමසිංහ මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මෙය වනාහි විප්ලවයක ආරම්භයයි.” සත්තකින්ම එජාප නායකයා මෙය කීවේ ජනතාවගේ විප්ලවයක් යන අරුතින් නොවේ. ඇත්ත වශයෙන් ම එය එහි ප‍්‍රතිවිරුද්ධය විය. දේශපාලන පෙරමුනක් ලෙස “විපක්ෂයේ විරෝධය” නිර්මානය කලේ, කම්කරු පීඩිතයින්ගේ වැඩී එන කෝපය සුරක්ෂිත පාර්ලිමේන්තු මාවතකට හරවා යැවීම සඳහාය. ඔහු මෙසේ පැවසීය, “අපි යහ පාලනයක් කරා ගමනක් අරඹා ඇත්තෙමු.”

එජාපයට අමතරව විවි තුල එසප සහචරයන් වුයේ, නසසප, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුන නම් දෙමල ධනපති පක්ෂ දෙකක් සහ සිංහල අන්තවාදී නව සිහල උරුමය හා මව්බිම ආරක්ෂා කිරීමේ පෙරමුන නම් වර්ගවාදි සංවිධාන දෙකකි.

රට “පාදඩ රජයක්” බවට පත්වීම වලක්වාලීම සඳහා සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවා, ශ‍්‍රී ලංකාවේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම් පිලිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලය (යුඑන්එච්සීආර්) ඉදිරිපත් කල යෝජනාව සමග කටයුතු කරන ලෙස ඉල්ලා ලියුමක්, 2013 මාර්තුවේදි රාජපක්ෂට යැවීමෙන් “විපක්ෂයේ විරෝධය” හි දේශපාලන දිශානතිය ඉක්මනින්ම පැහැදිලි විය.

2009 වන තෙක් රාජපක්ෂගේ කුරිරු යුද්ධයට සහාය දැක්වූ එක්සත් ජනපද ය, එම යෝජනාවට නරුම ලෙස සහාය දුන්නේ, චීනයෙන් ඈත්වන ලෙස ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිට බලකිරීමේ ක‍්‍රමයක් ලෙසය. එම තත්වය එලඹුනේ, ඔබාමා පාලනාධිකාරය ආසියානු කලාපය පුරා චීනයේ අනුහසට වලකපමින්, මිලිටරිමය වශයෙන් එරට වැටලීමේ සිය “ආසියවට හැරීම” පෙරමුනට ගෙන එමින් සිටි තතු තුලය. පෙනටගනයේ සැලසුම් කරුවෝ, ඉන්දියානු සාගරයේ නාවුක මාර්ග මංසන්ධියක ශ‍්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම, අප‍්‍රිකාවෙන් හා මැද පෙරදිගින් කෙරෙන චීනයේ බලශක්ති හා ඛනිජ අපනයන අවහිර කිරීම ඇතුලු සිය මිලිටරි සැලසුම් සඳහා වැදගත් කමක් දරතියි සෑමවිටම සැලකිල්ලට ගත්හ.

“විපක්ෂයේ විරෝධය” කෙරේ එසප සහ නසසප දක්වූ සහයෝගය ජාත්‍යන්තරව ව්‍යජ වාම සංවිධන වල වඩා පුලුල් මාරුවක කොටසකි. එය “මානව අයිතින්” පිලිබඳ කඩතුරාව යටතේ 2011 දි එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ලිබියාව ට කරන ලද මිලිටරි මැදිහත්වීමට ද සිරියාව තුල දිගින් දිගටම ගෙන යන තන්ත‍්‍ර-මාරු මෙහෙයුමට ද ඔවුන් දුන් සහයෝගයෙන් පෙන්නුම් කර තිබේ. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල වොශිංටනය රාජපක්ෂ ඉවත් කිරීම සඳහා යොදාගත්තේ ඍජු මිලිටරි මැදිහත් වීමක් නොව රාජ්‍යතාන්ත‍්‍රික කුමන්ත‍්‍රනයේ ක‍්‍රමවේදයන්ය.

කොලඹ තන්ත‍්‍ර මාරුව

“නිදහසේ වේදිකාව” සහ “විපක්ෂයේ විරෝධය” බොහෝ සෙයින්ම, රාජපක්ෂ කල්තියා 2015 ජනවාරි 8දාට ජනාධිපතිවරනය ප‍්‍රකාශකල වහාම දියත් කෙරුනු, තන්ත‍්‍ර මාරු අභ්‍යාසයේ කලලය වූයේය. ඉන්පසු දිනයේ රාජපක්ෂගේ ප‍්‍රමුඛ හෙංචයියන්ගෙන් කෙනෙක්වූ, සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන ආන්ඩුවෙන් එලියට බැස පුවත් පත් සාකච්ඡාවක් කැඳවා, තමා රාජපක්ෂට විරුද්ධව ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශයට පත් කලේ ය.

ශ‍්‍රීලනිප නිර්මාතෘවරයාගේ දුව වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ක්ලින්ටන් පදනම හරහා වොෂින්ටනය සමග ඇයට පවතින සම්බන්ධකම් ද සමග මෙම පුවත්පත් සාකච්ඡාවට සහභාගී වීම වඩා පුලුල් දේශපාලන කුමන්ත‍්‍රන එයට සම්බන්ධ බව ඇඟවී ය. “ආසියාවට හැරීමේ” ඇමරිකානු පිලිවෙතෙහි එක ප‍්‍රධාන නිර්මාපකයෙකු වූ ඔබාමාගේ හිටපු රාජ්‍ය ලේකම් හැටියට හිලරි ක්ලින්ටන්, ලංකාවේ ද කලාක් වැනි ඇමරිකාවේ සියලු කුමන්ත‍්‍රනයන්ට සම්බන්ධය.

ඒ දක්වා එලිදරව් වී තිබුනු ප‍්‍රසිද්ධ තොරතුරු අනුව සසප ලේඛනගත කොට දැක්වූ පරිදි, අඩුගනනේ 2014 දක්වා ඈතට දිවෙන රාජපක්ෂ ට එරෙහි පියවරයන්හිදී කුමාරතුංග ද වික‍්‍රමසිංහ ඇතුලු එජාපයේ ප‍්‍රමුඛ පුද්ගලයන් සහ එක්සත් ජනපද නිලධාරීන් අතර ක‍්‍රියාකාරී සහභාගිත්වයක් පැවතුනි.

ජනාධිපති ධුරයට වික‍්‍රමසිංහ ඉදිරිපත් නොවු අතර එජාපය පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ සිරිසේනට සහය දුනි. රාජපක්ෂ පරාජයට පත් කල පසුව ජනාධිපතිවූ සිරිසේන, එජාප නායකත්වය දැරූ සුලුතර ආන්ඩුවක අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ පත්කරමින් ප‍්‍රත්‍යූපකාර දැක්වීය.

ඉහල මධ්‍යම පන්තික ශාස්ත‍්‍රාලිකයන් සහ වෘත්තික කන්ඩායම්වල විශාල පදාසයන් ද එන්ජී ඕ සංවිධාන හා වෘත්තිය සමිති ද සමග එක්වූ ව්‍යාජ වාම සංවිධාන, “ඒකාධිපති” සහ “ෆැසිස්ට්වාදී” රාජපක්ෂට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍ර විකල්පය ලෙස, ආන්ඩුවේ අපරාධ සහ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට ගැඹුරින්ම සම්බන්ධව සිටි සිරිසේනට සහය දුන්නෝය.

නසසපය සහ එසපය අතර තත්‍ය ශ‍්‍රම විභජනයක් පැවතුනි. රාජපක්ෂගේ “ෆැසිස්ට් රෙජිමය” හෙලා දකිමින්, නසසප, නායක වික‍්‍රමබාහු කරුනාරත්න සිරිසේනගේ වේදිකාවල නිරතුරුව පෙනී සිටි අතර එසප ඈතින් සිට වක‍්‍ර ආකාරයකින් රාජපක්ෂ විරෝධී ව්‍යාපාරයට සහාය දැක්වීය. එසප ජනාධිපති අපේක්ෂක ජයසුරිය, තමා එජාප සහ ශ‍්‍රීලනිප යන දෙකින්ම ස්වාධීන යයි මවාපාමින්, සිරිසේනගේ “නව ලිබරල් ආර්ථික පිලිවෙත්වලට කැපවීම” ගැන සීමිත විවේචන එල්ල කලේ ය. එහෙත් සිරිසේන, විශේෂයෙන්ම වැඩබලන ආරක්ෂක ඇමති ලෙස ක‍්‍රියා කල අවස්ථාද ඇතුලුව ආන්ඩුවේ යුද අපරධවලට වගකීම ගැන ජයසූරිය මුනිවත රැක්කේය. ඔහුගේ ප‍්‍රධාන ප‍්‍රහාරය එල්ල වූයේ රාජපක්ෂට හා ඔහුගේ “ඒකාධිපති පාලනයට” එරෙහිවය. සිරිසේන “අඩු නපුර” ලෙස පෙන්නුම් කල එසප, චන්ද දායකයින් අතර වඩාත් දෙගිඩියා සහගත කොටස් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පිටුපසට දැක්කීමේදී ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය.

එක්සත් සමාජවාදී පක්ෂයේ ඓතිහාසික මුලයෝ

එක්සත් සමාජවාදී පක්ෂය සසපට එරෙහිව අවලාද නගමින්, ඉදිරියෙහි ඇති විප්ලවවාදී සටන් සඳහා සූදානම් වීම් වස් කම්කරුවන් විසිවන සියවසේ ශ‍්‍රී ලංකාව තුල මෙන්ම ජාත්‍යන්තරව ද තීරනාත්මක මූලෝපායික අරගලයන්ගේ පාඩම් වලින් සන්නද්ධ විය යුතු බවට සමාජවාදී සමානතා පක්ෂය යොදන අවධාරනය සමච්චලයට ලක් කරයි. 2010 වර්ෂයේ දී එක්සත් සමාජවාදී පක්ෂයට පිලිතුරු දෙමින්, සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් අදාල විෂයන් සහ එක්සත් සමජවාදී පක්ෂයේ ඓතිහාසික මූලයන් සටහන් කලේය. යලිදු ඔවුන් පිලිතුරු නොදී මගහැරියේය.

ඓතිහාසික ප‍්‍රශ්න පිලිබඳව දක්වන හෑල්ලු ආකල්පය සුලුධනේශ්වර සංවිධානයන්ගේ අඩයාලමයි. ජයසූරිය කුමන ඉතිහාසයක් වත්, විශේෂයෙන්ම තමාගේම සංවිධානයේ ඉතිහාසය සිහියට නැගීමට කැමති වනු නැත. මන්ද යත් ඔහුගේ සංවිධානයේ වාර්තාව, කම්කරු පන්තියට ඉමහත් හානි සිදු කල අවස්ථාවාදී උපමාරු මාලාවක් වන හෙයිනි. කම්කරු පන්තියට ඉදිරියට යා හැක්කේ ශ‍්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද තමන්ගේ ම මූලෝපායික අත්දැකීම් වල සාරභූත පාඩම් ඉගෙනගන්නාතාක් දුරට පමනි. ඉතිහාසය පැහැදිලි කරන්නේ, එක්සත් සමාජවාදී පක්ෂය ට මාක්ස්වාදය හෝ සප‍්‍රතිපත්තික විප්ලවවාදී දේශපාලනය සමග මෙලෝ සම්බන්ධයක් නැති බවය.

1964 දී කම්කරු පන්තියේ පුලුල් උද්ඝෝෂනයක් මැද්දේ ලසසපය, සිරිමා බන්ඩාරනායක මහත්මිය ගේ ධනේශ්වර ආන්ඩුවට එකතු වීම, ශ‍්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය මත ප‍්‍රගාඪ බලපෑමක් ඇති කලේ ය. එය වනාහි ට්‍රොට්ස්කිවාදී යයි පෙනී සිටි පක්ෂයක් සමාජවාදී ජාත්‍යන්තර වාදයේ මූලධර්ම එලිපිටම අතහැර දැමූ ප‍්‍රථම වතාව යි. එහි විපාකය වූයේ, කම්කරු පන්තියේ එක්සත්කම සඳහා අරගලයක් නැති වූ තතු තුල, ජවිපෙ සහ එල්ටීටීඊ සුලු ධනේශ්වර ගෙරිල්ලා වාදය ද ඇතුලු, වර්ගවාදී දේශපාලනය මුල්බැසගැනීමය. ලසසපයේ පාවා දීම, ඉනික්බිත්තේ සකල ඉතිහාසය නිර්නය නො කලේ වුව ද එහි විපාක ග‍්‍රහනය කර නොගෙන සිවිල් යුද්ධය පුපුරායාම ද ඇතුලු පසු කාලීන සිද්ධීන් වටහාගැනීම උගහටය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බි‍්‍රතාන්‍ය ශාඛාව වූ සෝෂලිස්ට් ලේබර් ලීගයේ ලේකම් ජෙරී හීලි, 1964 දී කොලඹට ගොස්, ලංකා සමසමාජ පක්ෂය බන්ඩාරනායකගේ ආන්ඩුවට ඇතුලුවීමට තීන්දුකල සම්මේලනය අසල සිට එම තීන්දුවට එරෙහි ව කරුනු පැහැදිලි කිරීමේ ප‍්‍රයත්නයක යෙදුනේ ය. මෙම පාවා දීමේ මූලයන් පැවැත්තේ, 1950ස් ගනන් වල මුල හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගි, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ නායකත්වයෙන් යුත් අවස්ථාවාදී ප‍්‍රවනතාවය තුල බව හිලී පෙන්වා දුනි. පබ්ලෝවාදීහු, පශ්චාත් යුදකාලීන ධනවාදයේ පුනස්ථාපනයට ද මහජන ව්‍යාපාරය තුල ආධිපත්‍යය දරා සිටි ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදී නායකත්වයන්ට ද අනුගත වූහ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1953 දී ගොඩ නගන ලද්දේ, පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව සටන් වැද ට්‍රොට්ස්කිවාදයේ මූලධර්මයන් ආරක්ෂා කිරීමට ය. සසප එහි ශ‍්‍රී ලංකා ශාඛාව ය. දැනට එක්සත් සමාජවාදී පක්ෂය සම්බන්ධව සිටින කොමිටි ෆොර් ඒ වර්කර්ස් ඉන්ටර්නැෂනල් යන අවස්ථාවාදී “ජාත්‍යන්තරයේ” මුල් ටෙඩ් ග‍්‍රාන්ට් කරා දිවෙයි. ඔහු කලක් පැබ්ලෝට හා මැන්ඩෙල්ට සමාන අදහස් දරා සිටි අතර පැබ්ලෝවාදී එක්සත් ලේකම් මඩලයේ නිල බි‍්‍රතාන්‍ය නියෝජිතයා ද විය.

ලංකාව: මහා පාවාදීම නමැති සිය පොත් පිංච තුල හීලී මෙසේ පැහැදිලි කලේ ය. “ලංකා සම සමාජ පක්ෂයේ පිරිහීම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල අරගලය සමග නොවෙන්කල හැකි ලෙස බැඳී ඇත. එය පැබ්ලෝ සහ ඔහුගේ යුරෝපිය සගයන් වන ජර්මේන් (මැන්ඩල්) සහ පියරි ෆ‍්‍රෑන්ක් විසින් කරන ලද පාවාදීමේ පරිපූර්න නිදසුන වන්නේය.” හීලි මෙසේ අවධාරනය කලේ ය, “පිලිතුර සොයාගත හැක්කේ ලංකාව තුල නොවේ. පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලය පිලිබඳ ජාත්‍යන්තර අධ්‍යයනයකිනි. සභාග ආන්ඩුවේ සැබෑ නිර්මාතෘන් ඉන්නේ පැරිසියේ ය, වසර ගනනාවක් තිස්සේ ලසසප පසු පසට ලුහුටා යාමට ආශීර්වාදය ද මුක්කුව ද දෙමින් පැබ්ලෝවාදීහු , කොලඹ සභාග ආන්ඩුව සඳහා මග හෙලිකලහ.”

1968 දී ආරම්භ කරන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මෙම පාඩම් වලින් පන්නරය ලැබූ අතර හීලිගේ එම උරුමය සාඩම්බර ලෙස ආරක්ෂා කලේය. ජාත්‍යන්තර කමිටුව සමග එක්ව හිලී ගේ පසු කාලීන දේශපාලන පිරිහීමට එරෙහිව දේශපාලන අරගලය ගෙනයාමට විකොසට හැකි වූයේ මෙම පදනම් මත පමනි. එම අරගලය සමාප්ත වූයේ 1985-86 දී එස්එල්එල්හි අනුප‍්‍රාප්තික බි‍්‍රතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් බිඳි වෙන් වීමෙනි. ජාත්‍යන්තර කමිටුව කවිපයේ පාවා දීම් සවිස්තරව පිරික්සා, ඉන් ගතයුතු පාඩම් උකහා ගත් අතරම, හීලි විසින් ට්‍රොට්ස්කිවාදයේ මුලධර්ම ආරක්ෂා කිරීම සඳහා, විශේෂයෙන්ම 1960 ගනන්වල ඉටු කරන ලද ඉමහත් දේශපාලන භූමිකාව වටහා ගත්තේ ය.

ලසසපයේ පාවාදීම අමතක කිරීමට එසප දක්වන මනාපය පුදුමයක් නොවේ. ලසසප පාවාදීමෙන් පසුව ද දශකයක පමන කාලයක් ජයසූරිය, නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න ද සමග ඒ තුල රැඳී සිටියේ ය. ප‍්‍රථම බන්ඩාරනායක ආන්ඩුව 1965 දී බිඳ වැටුනි. දෙවැන්න 1970 දී බලයට පත් වූයේ ලසසපයට ප‍්‍රධාන ඇමතිකම් පිරිනමමිනි. එම හවුල් ආන්ඩුව 15,000ක් තරුනයින් මරාදමා ජවිපෙ කැරැල්ල මැඩපවත්වමින් ද බුද්ධාගම රාජ්‍ය ආගම කල වර්ගවාදී ව්‍යවස්ථාවක් පනවමින් ද අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල දෙමල ජනයාට එරෙහි වෙනස්කම් කරන්නාවූ නීති පනවමින් ද වතුකරයේ දෙමල කම්කරුවන් ඉන්දියාවට බලෙන් පටවා යැවීම ද සිදු කල අවධිය පුරා ජයසූරිය හා කරුනාරත්න ලසසපය තුල සිටියහ. නියම අවස්ථාවාදීන් වූ ඔවුහු ලසසපය හැරපියා ගියේ එම පක්ෂය කම්කරුවන් විසින් කොතරම් පිලිකෙව් කරනු ලැබී ද යත් 1977 මහා මැතිවරනයේ දී පූර්න විනාශයක ට අද වැටුනි. ජයසූරිය හා කරුනාරත්න 1978දී නසසප පිහිටුවා ගනිමින් තමන්ගේම පක්ෂයක් මෙහෙයවීම පිනිස ලසසපයෙන් ඉවත්ව ගිය නමුත් කිසිවිටෙකත් සභාග දේශපාලනයෙන්, එනම් පන්ති සහයෝගිතාවෙන්, නොබිඳුනි.

සසප වාර්තාව

එක පසෙකින් සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද අනෙක් අතින් සියලු ව්‍යාජ වාම සංවිධාන ද අතර ඇත්තේ නොපෑහියහැකි පන්ති ආගාධයකි. විකොස පිහිටුවීමෙන් පසුව ගත වූ අඩ සියවසක් තරම් කාලයක් තුල, සකල වර්ගයේ ජාතිකවාදයන්ට සහ වර්ගවාදයන්ට එරෙහිව කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය සඳහා එය ගෙන ගිය මූලධර්මාත්මක අරගලයේ ද බලයට පත් සෑම ආන්ඩුවක්ම දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගාදැමීම සඳහා ගෙන ගිය යුද්ධයට එරෙහි දිරිය අරගලයේ ද ප‍්‍රතිපල වශයෙන් පක්ෂය කම්කරු පන්තිය තුල ගැඹුරට මුල් බැස ගත්තේය.

සසප ඔවුන්ගේ අවස්ථාවාදී වැඩ-කටයුතු වලට සහභාගී නොවීම “කට්ටිවාදීය” යි කියන රතුතරුව කතු වැකිය, න්‍යායික පැහැදිලිකම සඳහා සසප ගෙනගිය දීර්ඝ අරගලයට ගරහමින් එය කම්කරු පන්තිය තුල ගෙනගිය දිර්ග අරගලයේ වාර්තාව මකාලීමට තතනන්නේ තමන්ගේම බොරු ගොතා ඉදිරිපත් කරමිනි. “මෙම ඇට්ටරකම සහ කට්ටිවාදය ද ගලා එන්නේ සසපයට කම්කරු පන්තිය තුල බලපෑමක් හෝ පදනමක් ඇති බවට වැඩි සාක්ෂියක් නැති තතු තුලය. එය කම්කරු පන්තියේ දෛනික අරගලයන්ට සහභාගී වීමට කුමන ප‍්‍රයත්නයක් හෝ නොදරයි. ඒ වෙනුවට, බොහෝවිට සංකීර්න වූ ජීවමාන අරගල වලට සහභාගිව සිය දෑත් කිලිටු කර නොගන්නා සසප සාමාජිකයෝ සිය “නිවෙස් තුල සුවය පතමින්”සමාජවාදයේ පාරිශුද්ධ භාවය පිලිබඳ ව දෙසති.”

එසප කම්කරු පන්තිය සහ එහි දෛනික අරගල යනුවෙන් අදහස් කරන දෙය කම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට සම්බන්ධක් නැත. සියලු ව්‍යාජ වාම සංවිධාන මෙන් ම එසප ය ද “කම්කරු පන්තිය” අනන්‍ය කර ගන්නේ, වෘත්තීය සමිති වල දූෂිත මධ්‍යම පන්තික යාන්ත‍්‍රනයන් ද, ලංකාව වැනි රටවල් තුල පාලක පන්තීන් කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප‍්‍රතිරෝධය පගා දැමිමේදී තීරනාත්මක භූමිකාවක් ඉටු කරන්නාවූ රාජ්‍ය නොවන සංවිධාන ද සමග ය. එසපය කිට්ටුවෙන් සම්බන්ධ ව සිටින්නේ, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය (FTZGSEU), ලංකා ගුරු සංගමය (CTU) සහ ආන්ඩුවේ හෙද සේවා නිලධාරි සංගමයේ (GNOA), සමගය. මේ සියල්ලෝ ම පාවා දීමේ වාර්තාවක් දරා සිටින්නෝ ය. ලංකා ගූරු සංගමය ද හෙද නිලධාරි සංගමය ද මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ මැතිවරන ව්‍යායාමයට කි‍්‍රයාශීලීවම සහභාගිව සිටිති.

එක්සත් සමාජවාදී පක්ෂයේ බාල අවලාදයන්ට සම්පූර්න උත්තරයක් දුන්නොත් දැනටම දීර්ඝ වූ මෙම පිලිතුර දෙගුනයක් දික්වනු ඇත. එහෙත් සමහර අවලාද යටවී යාමට ඉඩ දිය නොහැක. සසපයේ සාමාජිකයින් අවස්ථා ගනනාවක දී, කම්කරු පන්තිය ද ගම්බද ජනතාව ද අතර තමන් කල සප‍්‍රතිපත්තික අරගලයට විශාල වන්දියක් ගෙවා ඇත.

* 1971 දී, ජයසූරිය ද සාමාජිකයෙකු වූ ලසසපය ඇමතිපදවි දැරූ බන්ඩාරනායක ආන්ඩුව, ජවිපෙ නැගිටීම මර්දනය කිරීම සඳහා හමුදා බලය යොදා ගත්තේ ය. ප‍්‍රකාශන තහනම් කොට පක්ෂය නීතිවිරෝධී කරනු ලැබූ තත්වයන් තුල වැඩකිරීමට විකොසට සිදුව තිබියදී ද දේශපාලන වශයෙන් ජවිපෙ ට විරුද්ධ වුවත්, ජවිපෙ සහ ගම්බද තරුන ජනතාව රාජ්‍ය මර්දනයට ලක්කිරීමට එරෙහිව සප‍්‍රතිපත්තික ආස්ථානයක පිහිටා සටන් වැදුනි. මෙහිදී විකොස මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් වීරකෝන් සහ එල්. ජී. ගුනදාස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මරා දැමීය.

* 1977 දි බන්ඩාරනායක ආන්ඩුව පරාජයවූ ඉක්බිති, බලයට පත් එජාප ආන්ඩුව ඉක්මනින්ම වර්ගවාදී ආතතීන් උග‍්‍ර කොට උතුරේ හමුදා බලය තර කලේය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, එවක පැවති වර්ගවාදී ප‍්‍රතිගාමී වාතාවරනය ට මුහුන දෙමින්, උතුරෙන් හා නැගෙනහිරින් කොන්දේසි විරහිතව හමුදා ඉවත් කරනු යයි බලකරමින් කම්කරු පන්තියේ එක්සත්කම වෙනුවෙන් පෙනී සිටියේ ය. 1979 දී ආන්ඩුවේ පිලිවෙතට විරුද්ධ වීම උඩ පොලිසිය සමග එක්ව ක‍්‍රියාකල යූඇන්පිය සංවිධානය කල මැරයන් විසින් විකොස සාමාජික ආර්.පී. පියදාස මෘග ලෙස මරා දන ලදී.

* 1988 - 1998 කාලයේ ඉන්දු ලංකා ගිවිසුමට ද ජනතා විමුක්ති පෙරමුනේ “මව්බිම සුරැකීමේ” වර්ගවාදී ව්‍යාපාරයට ද එරෙහිව අස්ස්ථානයක් මත පිහිටාගත් පක්ෂය නම් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂයට පොලිස් ප‍්‍රහාරයන්ට හා අත්අඩංගුවට ගැනීමට පමනක් නොව ජවිපෙ ප‍්‍රහාරයන්ට ද මුහුන දෙන්නට සිදුවිය. ජවිපෙ තුවක්කු කරුවෝ විකොස සාමාජිකයන්ව සිටි ආර්.ඒ. පිටවල, පී.එච්. ගුනපාල සහ ගේ‍්‍රෂන් ගීකියනගේ යන තිදෙනා මරා දැමූ හ.

* උතුරේ සහ නැගෙනහිරේ දි සසප සාමාජිකයෝ, යුද්ධයට එරෙහිව ද හමුදාවන් කොන්දේසි විරහිතව ඉවත් කිරීම සඳහා මෙන්ම, එල්ටීටීඊයේ දෙමල බෙදුම්වාදයට එරෙහිව ද දුෂ්කර දේශපාලන අරගලයක යෙදුනහ. 1998 දී පක්ෂය තැතිගන්වා නිශ්ශබ්ද කිරීම සහ කම්කරුවන් එක්සත් කිරීමට පක්ෂය ගන්නා උත්සාහය නිරර්ථක කිරීමේ අරමුනෙන් එල්ටීටිඊය, සසප සාමාජිකයන් පස් දෙනෙක් - රසේන්ද්‍රන් සුදර්ශන්, තිරුඥානසම්බන්දර්, කාසිනාතන් නගුලේශ්වරන්, ඒ. රාසරත්නම් සහ ඉ. නියල්වේල්- අත්අඩංගුවට ගත්හ. ඔවුන් නිරුප‍්‍රදිතව නිදහස් කරන ලද්දේ සසප විසින් ද ජාත්‍යන්තර කමිටුවේ සෙසු සහෝදර පක්ෂ විසින් ද ගෙනයන ලද ජාත්‍යන්තර ව්‍යායාමය හේතු කොටගෙනය. 2007 දී, ආන්ඩු පාක්ෂික ඝාතක කල්ලි නිදැල්ලේ වැඩට බැසගෙන සිටි තතු තුල, නාවුක හමුදා පාලනය යටතේ පැවති කයිට්ස් දූපත වෙත ගමන් කරමින් සිටි සසප සාමාජික නඩරාජා විමලේෂ්වරන් අතුරුදහන් විය. ඔහු මරා දැමුවා විය යුතුය.

2005 ජනාධිපතිවරනය

සසප දේශපාලන අරගලයෙන් ඉවත්ව සිටීම පිලිබඳ උදාහරනයක් යයි රතු තරුව දක්වන එකම සංයුක්ත අවස්ථාව නම් යට දැක්වෙන අවස්ථාවයි. 2004 ජනාධිපතිවරනය තුල කොහේවත් සසපය දකින්නට ලැබුනේ නැත. එල්ටීටීඊය ගත් වැරදි මැතිවරන වර්ජන පිලිවෙතට එරෙහිව බලගතු උද්ඝෝෂනයක් ගෙන ගිය එසප ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසුරිය තරඟයේ දි තුන්වැනි තැනට පත් විය. මැතිවරනය වේදිකාවක් කර ගත් ඔහු ජයගත් මහින්ද රාජපක්ෂ වර්ගවාදී බලවේග මුදා හරිනු ඇති බවට අනතුරු ඇඟවීය. සසප එවන් කිසි දෙයක් කලේ නැත. ඔවුන් ගේ අපේක්ෂක විජේ ඩයස් එම වේදිකාවේදීම කතාකරමින් (පුරුදු පරිදි) පොඩි ඉතිහාස පාඩමක් උගන්වමින් එකදු මැතිවරන පොරොන්දුවක් වත් ඉටු නොවනු ඇති බව ප‍්‍රකාශ කල අතර කම්කරු පන්තිය ගලවාගතහැක්කේ තමන්ට පමනක් බව කියා සිටියේය.

සියලු අවස්ථාවාදීන් මෙන්ම සංඛ්‍යාවන් ට වහ වැටී සිටින එසප, ජනපතිවරනයේ දි තුන්වන තැන තමන්ට ලැබීම ගැන උදම් අනයි. චන්ද විමසීම තිබුනේ 2004 නොව 2005 දී බව වත් ඔවුන්ට මතක තිබිය යුතුය.

වඩාත් අරුත් බරව කියතොත් එක්සත් සමාජවාදී පක්ෂය, එල්ටීටීඊයේ “චන්ද වර්ජන වරද ගැන” එතරම්ම උත්සුකවූයේ එය යූඇන්පියේ ජයග‍්‍රහනය වලක්වනු ඇතැයි වූ බිය නිසා ය. රාජපක්ෂ රට යලිත් යුද්ධයට ඇද දමනු ඇතැයි කම්කරු පන්තියට අනතුරු ඇඟවූයේ ඩයස් සහ සසපය පමනකි. සසප මැතිවරන ප‍්‍රකාශය පැහැදිලිවම පෙන්වාදුන් පරිදි, “ඔහු (රාජපක්ෂ) ජවිපෙ සහ ජාතික හෙල උරුමයේ සිංහල අන්තවාදීන් සමග සන්ධාන ගත ව සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ හමුදාව ශක්තිමත් කොට, වත්මන් සටන් විරාමය සංශෝධනය කොට සුනාමි අරමුදල් ඒකාබද්ධව පරිපාලනය කිරීම සඳහා එලඹගත් පී-ටොම්ස් ගිවිසුම අතහැර දමන ලෙස ය. මෙම පිලිවෙත් වල තර්කනය යුද්ධයේ මාවතට පිවිසීමය.”

ජයසූරිය සඳහන් කරන “වේදිකාව නම්” එක් එක් අපේක්ෂකයාට කෙටි දේශනයක් කිරීමට ඉඩදී තිබුනු ජනාධිපතිවරන ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමේ නිල අවස්ථාවය. ඒ අවස්ථාවේදී ලොසවෙඅ වාර්තා කල පරිදි රාජපක්ෂට එරෙහිව ‘හෙනගහන කතාවක්’ කිරීම කෙසේ වෙතත් ජයසූරිය කලේ, ශබ්ද විකාශනය වෙත ට ලංවීමට පෙර, අලුතින් පත්ව සිටි ජනාධිපතිවරයාගේ අත දෝතින්ම ගෙන ජයග‍්‍රහනය ගැන ඔහුට සුබ පැතීමය. එය ජයසූරියගේ කතාවේ තානය තීන්දු කලේය. එහිදී රාජපක්ෂට නියාලු උපදේශයක් දෙමින් ජයසූරිය, ඔහුට “විශේෂයෙන්ම” සිංහල ජාතිකවාදීන් පාලනය කර දෙමල ජනතාවට හිමි අයිතීන් ලබා දීමේ විශාල අභියෝගයක් තිබෙන බව පැවසීය. “අද වැනි දිනකදී මෙයට වඩා අසාරවත් දෙයක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැත.” ඔහු කථා කලේ එපමනකි.

තමාට ලැබුනු මිනිත්තු කීපයේ දි ඩයස් මුලුමනින්ම වෙනස් තානයක් ඉදිරිපත් කලේ ය:

“සසප ජනාධිපති අපේක්ෂකයා ලෙස ආරම්භයේ දීම මා ප‍්‍රකාශ කලේ අප මේ ඡන්ද විමසීමට මැදිහත් වන්නේ හුදෙක් මේ රටේ ඡන්ද ටිකක් ගරා ගැනීමට නොවන බව ය. අපගේ ඉලක්කය වන්නේ පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ ඉදිරි දර්ශනය, එනම් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ සාකච්චාවක් ශ‍්‍රී ලංකාව, ඉන්දු උප මාහද්වීපය, දකුනු ආසියාව හා ලෝකය පුරා ආරම්භ කිරීමය. මෙම කටයුත්තේ දි දරන ලද ප‍්‍රයත්නය පිලිබඳව සසප සාමාජිකයන්ටත් අපට සහාය දුන් සියලු දෙනාටත් මම ස්තුති කරමි.

දැන් මැතිවරන ප‍්‍රතිපල ප‍්‍රකාශිතව තිබේ. අලුත් ජනාධිපතිවරයෙකු පත් ව සිටී. එහෙත් සසප කියාසිටින්නේ කම්කරුවන්ගේ, පිඩිත ගොවීන්ගේ, තරුනයින්ගේ සහ දෙමල ජනතාවගේ සහ වෙනත් පීඩිත කොටස් වල එකදු ප‍්‍රශ්නයක් හෝ විසඳෙනු නැති බවය. මැතිවරන ප‍්‍රතිපල පිටුපස ඇත්තේ වංචනිකත්වය හා කිසිවිටෙකත් ඉටු නොකරනු ඇති පොරොන්දුය. මගේ ප‍්‍රකාශය සමපේක්ෂනයක් නොවේ. එය වනාහි ඊනියා ස්වාධීන රාජ්‍යයේ 58 වසරක ඉතිහාසයේ පාඩමයි. යූඇන්පිය අවුරුදු 30ක් ද ශ‍්‍රීලනිපය විවිධ සභාග සහ සන්ධාන තුලින් ද මෙරට පාලනය කරන ලද නමුත් ජනතාවගේ කිසිදු ප‍්‍රශ්නයක් විසඳනු ලැබූ වේ නැත.

යුද්ධයට විසඳුමක් ලබා ගත හැකිවූ ද සියලු දෙනා ට ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය තහවුරු කරන්නාවූ ද ඉහලයන ජීවන වියදමට සමාජවාදී විසඳුමක් ලබාදෙන්නාවූ ද ක‍්‍රියාමාර්ගයක් සඳහා සටන් කල යුතු යයි සසප ජනතාවට අවධාරනයෙන් කියා සිටින්නේ එහෙයිනි. මහජනතාව ට අවශ්‍ය ක‍්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය නම් ජාත්‍යන්තර සමාජවාදයේ ක‍්‍රියා මාර්ගයයි. මගේ දේශනය සමාප්ත කරන්නේ ඉදිරි කාල පරිච්චේදය තුල සසප මෙම ක‍්‍රියාමාර්ගය මහජනතාව ඉදිරියේ තැබීමටත් ඒ සඳහා සටන් වදින බවට සහතික වෙමිනි.

මෙයයි සත්‍ය ඉතිහාසය.

එසප යාපනයේ කරන්නේ කුමක් ද ?

වත්මන් මැතිවරනයේදී එසප, ජයසූරිය තම යාපනේ දිස්ත‍්‍රික්ක අපේක්ෂක ලැයිස්තුවේ නායකත්වයට පත් කරමින් සිතාමතාම යාපනය දෙසට හැරීගෙන ඇත. යාපනේ දි ඔවුන් එජාපයටත් ශී‍්‍රලනිපයටත් එරෙහිව දෙමල ජනතාවගේ අයිතින්හි ආරක්ෂකයා ලෙස පෙනී සිටින්නේය. සුදුසු තත්ත්වයන් උදාවූ කල සිය පක්ෂය එජාප සහ ශී‍්‍රලනිප යන දෙකින් ඕනෑම එකක් සමග වැඩ කිරීමට සුදානම් යයි ජයසූරියගේ කීම පිලිබඳ සසප කල එලිදරව්ව ගැන එසප මෙතරම් ග‍්‍රස්ත ප‍්‍රතිචාරයක් දැක්වුයේ ඒ නිසාය.

යාපනේ දේශපාලන තත්වය උග‍්‍ර අතට හැරෙමින් ඇති අසහනකාරී තත්වයකි. විශේෂයෙන්ම තරුනයින් සම්බන්ධයෙන් ගත් කල තත්වය එයයි. 2009 දි එල්ටීටීඊය ලද පරාජයෙන් පසුව ආරක්ෂක හමුදාවේ පාලනය යටතේ තබා ඇති යාපනයේ ජනතාව නිරන්තර හිරිහැරයට සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනයට ලක් කෙරේ. විරැකියාව ඉහල මට්ටමක පවතී. බොහෝ දෙනෙකුට සුදුසු වසස්ථාන නැත. උතුරු පලාත් සභාවේ බලයට පත්වීමෙන් පසුව ජනතාවගෙන් බහුතරයක් මුහුනපා සිටින අයහපත් තත්ත්වයන් ට සහනයක් දීමට කිසිවක් කර නැති ධනේශ්වර ටීඑන්ඒ සංවිධානය පිලිබඳව පවතින්නේ නිරන්තර අතෘප්තියකි.

සසප යාපනයේ මැදිහත් වන්නේ දෙමල කම්කරුවන් සහ තරුනයන් මුහුන දි සිටින දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කරමින්, ශ‍්‍රී ලංකා - ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය තුල කම්කරු පන්තියේ එක්සත්කම ගොඩනැගීම සඳහාය. එසප ව්‍යායාමය මෙයට මුලුමනින්ම ප‍්‍රති විරුද්ධ දිශාවටය: එල්ටීටීඊයේ පරාජයෙන් ද, දෙමල ජාතිවාදයේ බංකොලොත්කමින් ද උගත යුතු පාඩම් උකහාගැනීමෙන් කම්කරු පන්තිය වලක්වාලීමට ය.

“දෙමල ජනතාවගේ ස්වයංනිර්නය” යන එක්සත් සමාජවාදී පක්ෂයේ සටන් පාඨයේ අරමුන එයයි. එහි අර්ථය, ස්වාධීන ධනේශ්වර රාජ්‍යක් ලෙස හෝ, ටීඑන්ඒ යෝජනා කරන පරිදි ෆෙඩරල් ශ‍්‍රී ලංකාවක් තුල ස්වපාලිත ප‍්‍රාන්තයක් ලෙස හෝ උතුර හා නැගෙනහිර පාලනය කරමින් දෙමල කම්කරු පන්තිය සූරාකෑමේ දෙමල ධනේශ්වරයේ අයිතිය ආරක්ෂා කිරීමය. ටීඑන්ඒහි සහචරයෙක් ලෙස ක‍්‍රියාකල එසප , වඩ වඩාත් අපකීර්තියට පත්වෙමින් ඇති මෙම ධනපති පක්ෂය නගාසිටුවීමට වත්මන් මැතිවරනය තුලදී වැඩ කරයි.

කෙසේ වතුදු, විශේෂයෙන්ම දෙමල කම්කරු පන්තියට මෙවන් ව්‍යසනයක් අත්කර දුන්නේ දෙමල බෙදුම්වාදයේ මෙම ඉදිරිදර්ශනයයි. ජයසූරිය යාපනේ දී කල කතාව ඉස්මතුකරමින් සසප පැහැදිලි කල පරිදි:

එල්ටීටීඊයේ පරාජය ප‍්‍රාථමික වශයෙන්ම මිලිටරි පරාජයක් නොවිය. දෙමල ධන්පති පන්තියේ ආසක්තයන් නියෝජනය කල එල්ටීටීඊය ඒ අනුව සිය ප‍්‍රදේශවල දෙමල කම්කරුවන් සහ ගොවීන් විසින් පල කල කුමන විරෝධයක් වුව පාගා දැමීමට කටයුතු කලේ ය. දෙමල බෙදුම්වාදය සහ වර්ගවාදය මත පදනම් වූ එල්ටීටීඊය රටේ දකුනෙහි සහ, පොදුවේ ගත් කල ඉන්දියාවේ ද ලෝකය පුරාම ද කම්කරු පන්තිය ඇමතීමට අසමත් විය. ඒ වෙනුවට ඔවුන් ආයාචනය කලේ, කොලඹ පාලනයේ යුද්ධයට රාජ්‍යතාන්ත‍්‍රිකව ද මිලිටරිමයව ද සහාය දුන් ඇමෙරිකානු අධිරාජ්‍ය වාදයට සහ ඉන්දියානු ධනේශ්වරයටය.

යාපනයේ කම්කරුවන් සහ තරුනයන් වටහාගත යුත්තේ, සිය මිතුරන් නම් තුච්ඡ, දුෂිත දෙමල ප‍්‍රභූපෙල නොව සිය පොදු පීඩකයා වන ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමේ අරගලයකදී ශ‍්‍රී ලංකාවේ ද දකුනු ආසියාවේ ද ලෝකය පුරා ද එක්සත් වන කම්කරු පන්තිය බව ය.

එක්සත් සමාජවාදී පක්ෂය කොලඹදී කරන්නේ කුමක් ද ?

යාපනේදී දෙමල ජනතාව ආරක්ෂා කරන බවට දිව්රන එසප, කොලඹදී ගයන්නේ වෙනත් දේශපාලන සින්දුවකි. එහිදී එක්සත් සමාජවාදී පක්ෂය, නසසපය සහ පෙසප සමග ගොඩනැගීමට උත්සාහ කල “විකල්ප වමේ පෙරමුන” පොදු අපේක්ෂක ලැයිස්තු හෝ ආසන බෙදාගැනීම් පිලිබඳ ආරවුල් නිසා අසාර්ථක විය.

දෙමල සුළු ජනතාවට කුමන හෝ සහනයක් දීමට මුලසිට ම ගැඹුරු විරුද්ධත්වයක් පල කල ජවිපෙන් බිඳුනු සංවිධානයක් වන පෙසප සමග එසප සාකච්ඡා පැවැත්වීම අර්ථයක් දරයි. ජවිපෙ ප‍්‍රජාගනවාදී දේශපාලනය පිලිකෙව් කිරීම කෙසේ වෙතත් පෙසප නායකයෝ, 1980 ගනන් වලදී ඉන්දුලංකා ගිවිසුමේ පසු තලයේ ගෙනගිය ජවිපෙ වර්ගවාදී මෙහෙයුම ද එහිදී සිදුකල සාපරාධී කටයුතු පිලිබඳව තමන් ඉටු කල භූමිකාව ගැන ද කයිවාරු ගසති. එසප “ස්වයං නිර්න අයිතියට” දැක්වූ සහය නිසා සාකච්චා බිඳ වැටුනු අතර, එවන් සාකච්චා පැවැත්වුනාය යන කාරනය ම ඔප්පු කරන්නේ එසප කොලඹ දි සිංහල වර්ගවාදයට අනුගතවන ආකාරයයි.

කම්කරුවන් ද තරුනයින් ද ග‍්‍රීසියේ සිද්ධීන්ගෙන් පාඩම් උගත යුතුය. සිරිසාවේ නාමයෙන් “විකල්ප වාම බලයක්” ලෙස ඔවුන් ග‍්‍රීක සහ යුරෝපිය කම්කරු පන්තිය ඓතිහාසිකව පාවා දී ඇත. කප්පාදුවට විරුද්ධ වීමේ පොරොන්දු මත පසු ගිය ජනවාරියේ මැතිවරනයෙන් ජය ගත් සිරිසා ආන්ඩුව, මේ වනවිට සිය පොරොන්දු ඉක්මනින්ම අතහැර දමා, ගිය මාසයේ පැවැත්වුනු ජනමත විචාරනයේ දී ‘කප්පාදුවට විරුද්ධ’ දැවැන්ත මහජන තීන්දු ව ප‍්‍රතික්ෂේප කරමින් යුරෝපය ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ රුදුරු ආඥා කම්කරු පන්තිය මත පැටවීමට පියවර ගනිමින් සිටියි. බලයට පත් ව්‍යාජ වම්මු සැබවින්ම කටයුතු කරනු ඇත්තේ කෙසේ ද යන්න පිලිබඳව සෑම රටකම කම්කරු පන්තියට මෙම පාවාදීම අනතුරු ඇඟවීමකි.

එසප සිරිසාවේ මැතිවරන ජයග‍්‍රහනයට හා සිරිසා ආන්ඩුවට සහයෝගය දුන් නමස්කාර කල අතර කොමිටි ෆෝ වර්කස් ඉන්ටනැෂනල් හි ග‍්‍රීක ශාඛාව වූ එසපයේ සහෝදර සේක්නිමා සංවිධානය හුවා දක්වයි. දේශීය පිලිවෙත අනිවාර්යයෙන්ම විදේශ පිලිවෙත අනුව යයි. එසප සිරිසාවට දෙන උද්යෝගිමත් සහාය, ශ‍්‍රී ලංකාවේදී ඔවුන් ඊට නො දෙවෙනි ද්‍රෝහී ක‍්‍රියාකලාපයක් ඉටු කරනු ඇතැයි යන්න පිලිබඳව කම්කරුවන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි.

ලෝකය පුරා වන සිය සහචරයන් සේම ලංකාවේ ව්‍යාජ වම්මු ද කම්කරු පීඩිත ජනතාවගේ අවශ්‍යතා පදනම් කර නොගනිති. ඒ වෙනුවට ඔවුන් නියෝජනය කරන්නේ ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස්වල අවශ්‍යතා ය. එසප සහ නසසප ධනපති පන්තියේ ප‍්‍රතිමල්ලව කොටස් සමග දශක ගනනාවක් තිස්සේ කරගෙන ගිය තුච්ඡ උපාමාරු දැමීමේ ප‍්‍රතිපලයක් ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතයට උකහා ගනු ලැබ ඇත. ඒ රටේ ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට එම පාලක පන්තිය අදිටන් කරගෙන සිටින තතු තුලය.

ග‍්‍රීසියේ සිද්ධීන් පෙන්නුම් කරන්නේ, භූ-දේශපාලන ආතතීන් ගිනි අවුලුවමින් ද යුද අන්තරාය උග‍්‍ර කරමින් ද හැම රටකම කම්කරු පන්තියේ හා නාගරික, ග‍්‍රාමීය පීඩිතයින්ගේ ජිවන තත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය තියුනු කරමින් ගෝලීය ආර්ථික බිඳවැටීමේ ගැඹුරු වීමයි. සසප ශ‍්‍රී ලකාවේ මැතිවරනයට ඉදිරිපත් වන්නේ, ධනපති පන්තියේ සියලු කන්ඩායම් වලින් ද ඔවුන්ගේ ව්‍යාජ -වාම සමායාචකයන්ගෙන් ද ස්වාධීන වීමට කම්කරු පන්තිය උගන්වාගෙන සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් උදෙසා සටන් වැදීමටය.

අප කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, පක්ෂයේ මැතිවරන ප‍්‍රකශය අධ්‍යයනය කොට අපගේ ව්‍යායාමයට ක‍්‍රියාත්මකව ආධාර කරන ලෙස ය. පක්ෂයේ අපේක්ෂකයන්ට චන්දය දී සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයට ඔබගේ සහාය පල කරන ලෙස ද අපි ඉල්ලා සිටිමු. අන් සියල්ලටමත් වඩා අප ඉල්ලා සිටින්නේ සසප සාමාජිකත්වය ලබාගෙන, අනිවාර්යයෙන්ම ඉදිරියේ පුපුරා යනු ඇති අරගලවලට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනගන ලෙස ය.

Share this article: