<

 

එක්සත් ජනපදය සිරියාව ඈඳා ගැනීම සඳහා යුද්ධය උත්සන්න කරයි

US escalates war for annexation of Syria

2018 ජනවාරි 25

දශකයකට පසුව මෙම මස නිකුත් කරන ලද තම ප‍්‍රථම ජාතික ආරක්ෂක මූලෝපායික ලියවිල්ලේ, පෙන්ටගනය සෘජුව ප‍්‍රකාශ කලේ ආසන්න ලෙස දශක දෙකක අවධානයට යොමුවූ භූගෝලීය ත‍්‍රස්ත විරෝධී යුද්ධය අවසන් වූ බවත් සහ එය (පෙන්ටගනය) “මහා බලවතුන්” සමග ගැටුමකට, එනම් තාප න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ රුසියාව සහ චීනය සමග යුද්ධයක් සඳහා තම නව මූලෝපායික හැඩගැස්ම සූදානම් කර ඇති බවත් ය.

සිරියාව තුල පෙන්ටගනය විසින් ප‍්‍රකාෂිත කරනු ලැබ තිබූ මූලෝපායේ සිදුවූ මාරුව දැනටමත් භූමියේ ලේවැකි සාධකවලින් සාක්ෂාත් වී ඇත. එක්සත් ජනපදය (එජ) සිරියාවේ ප‍්‍රදේශ නිමක් නැතිව වාඩිලා ගැනීමටත්, තමන්ට අභිමත පරිදි අනුග‍්‍රාහක ආන්ඩුවක් ඇටවීමටත්, සහ තම ප‍්‍රතිමල්ලවයන්ගේ බලපෑම විනාශ කිරීමටත් සැලසුම් කරයි. මෙම ක්‍රියාවන් මගින් අවුලවන ලද අෆ්‍රින්හි වයඹදිග සිරියානු කුර්දි ප‍්‍රදේශය තුල සිදු කෙරෙමින් පවතින තුර්කි ආක‍්‍රමනය වඩාත් පුලූල් සහ වඩාත් ලේවැකි ගැටුමක් ඇවිලවීමේ තර්ජනය ඇති කරයි.

එජ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ජනවාරි18 දා ස්ටැම්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ හූවර් ආයතනයේ ප්‍රේක්ෂක ජනයා ඉදිරියේ සිරියාව ඈඳාගැනීමේ නව යුද්ධය ප‍්‍රසිද්ධියට පත්කලේය. ඔහු එජ හමුදාවන් (අවම තරමින් භටයින් 2,000) සිරියාව තුල අඛන්ඩව සිටින බව පැවසීය. ඔහු ත‍්‍රස්ත විරෝධී යුද්ධය; මෙම සිද්ධියේදී ඉරාක සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යයට එරෙහි යුද්ධයේ රූපාකාරයෙන් දියත් කිරීම සඳහා වොෂිංටනය සිරියාව ආක‍්‍රමනය කලා යන ව්‍යාජ කඩතුරාව යොදා ගත්තේය.

කලාපයේ තම මූලික ප‍්‍රතිමල්ලවයන්ට එරෙහි තම භූ-මූලෝපායික අවශ්‍යතාවන් සඳහා ලූහුබැඳ යාම එජ අධිරාජ්‍යවාදයේ අරමුන බව ටිලර්සන් පැහැදිලි කලේය. එජ, සියල්ලටත් වඩා, තමන් විසින් ආරම්භ කරන ලද මූලික රාජ්‍ය තන්ත‍්‍ර මාරුව සාක්ෂාත් නොවන්නාවූ රුසියාව, ඉරානය සහ තුර්කිය විසින් මැදිහත්වී ඇතිකරන කුමන හෝ යුද්ධ සමථයක් වැලැක්වීමට අධිශ්ඨාන කර ඇත.

මෙම ප‍්‍රතිපත්තිය ඩිමොක‍්‍රටික් පක්ෂයේත්; සිරියාවට සහ රුසියාවට එරෙහි ප‍්‍රමානවත් ආක‍්‍රමනශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම ගැන ට‍්‍රම්ප් පාලනය විවේචනය කර ඇති පාලක පන්තියේ කන්ඩායමේත් ඉල්ලීම් සමග පෙල ගැසී ඇත. ඩිමොක‍්‍රටික්වරුන් සමග පෙලගැසුනු සහ ඇමේසන් හිමිකරු වන ජෙෆ් බෙසොස්ට අයිති වොෂින්ටන් පෝස්ට් මෙම ක‍්‍රියාව “සිරියාව පිලිබඳ සත්‍යය ටිලර්සන් පවසයි” යනුවෙන් සඳුදා කතුවැකිය මගින් ඔජ වැඩවීය.

“රුසියාව සමග රාජ්‍ය තාන්ති‍්‍රක ගනුදෙනු මගින් මූලිකව සිරියාවේ සමාදානය ඇති කිරීමට සොයා බැලූ පසුගිය වසර කිහිපයේ එජ ප‍්‍රතිපත්තියෙන් කැඞීම ගම්‍ය කිරීම” ගැන ද පෝස්ට් ටිලර්සන්ට ප‍්‍රශංසා කලේය. රුසියාව සමග සාකච්ඡා කරනවා නොව, අසාද්ට එරෙහි පමනක් නොව මොස්කව් සහ ටෙහෙරානයට එරෙහිවද “බරපතල සහ ස්ථීරසාර” ලෙස අනිවාර්යයෙන්ම යොදා ගැනීම සඳහා එජ සිරියාව තුල හමුදා බලඇනි පවත්වා ගෙන යාමට කැප විය යුතුය.

ටිලර්සන්ගේ ප‍්‍රකාශය එලිදැක්වුනේ වොෂින්ටනයේ වසර තුනහමාරක සිරියානු මැදිහත්වීම තුල ඇමරිකාවේ ප‍්‍රධාන නියෝජිත පාබල හමුදාව ලෙස සේවය කර ඇති මූලිකව සිරියානු කුර්දි වයිපීජී මිලිෂියාවෙන් සමන්විත 30,000 ක ශක්තිමත් දේශසීමා ආරක්ෂක හමුදා බලඇනියක් සංවිධානය කරමින් සිටින බව ඉරාකයේ සහ සිරියාවේ එජ හමුදා බලඇනිය විසින් නිවේදනය කර සතියකටත් වඩා අඩු කාලයකදීය.

ටිලර්සන් සහ පෙන්ටගනය විසින් එලිදරවු කරන ලද මෙම ප‍්‍රකෝපකාරී ප‍්‍රතිපත්තිය, තම දේශසීමාවේ කුර්දි මිලිෂියාවක් රැඳවීමේ හෝ සිරියාව තුල ස්වාධීන කුර්දි කලාපයක් නිර්මානය කිරීමේ කුමන හෝ ක්‍රියාවක් ප‍්‍රතික්ෂේප කරන තුර්කිය කුපිත කලේය. තුර්කිය බියවී ඇත්තේ එවැනි ක්‍රියාවක් අන්කාරාහි ඒකාධිපති ආන්ඩුවට එරෙහි පීඩිත කුර්දිවරුන්ගේ අරගලයක් පමනක් නැවත උද්‍යෝගවත් කරනු ඇත යන්නටයි.

තුර්කිය තම අෆ්‍රින් ආක‍්‍රමනය ආරම්භ කලේ සැලසුම් කරන ලද දේශසීමා හමුදා බලඇනිය පිලිබඳ නිවේදනය හකුලා ගන්නා ලෙසට එජ බලධරයින් කල බලපෑම ව්‍යවර්ථ වීමෙන් පසුවයි. බදාදා තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්දොගන් යුප‍්‍රටීස් නදියට යන්තම් නැගෙනහිරින් පිහිටි මන්ජිබ් දක්වා අෆ්‍රින් සිට තුර්කි හමුදාව යවන බවට තර්ජනය කලේය. යුප‍්‍රටීස් නදිය 2016 අගෝස්තු මස එජ බැකිම සහිතව වයිපීජී මිලීෂියා හමුදා බලඇනි විසින් යටත් කරන ලදී. මෙම නගරයේ රඳවනු ලැබ ඇති ඇමරිකානු විශේෂ හමුදා බලඇනි විසින් මෙය එජ නියෝජිත සිරියානු හමුදාවන් මෙහෙයුම් සඳහාත් සහ පුහුනු කිරීම් සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරයි.

මෙවැනි ඉදිරි වර්ධනයක් එජ සහ එහි මතුපිටින් පමනක් දිස්වන නේටෝ සගයා වන තුර්කිය අතර ආයුධ සන්නද්ධ ගැටුමකට පසුබිම සකසයි. මෙමගින් තවදුරටත්, කලාපය අස්ථාවර කරමින්, තුන්වන ලෝක යුද්ධයක් සඳහා දහනශීලී ස්ථානයක් නිර්මානය කරයි.

නිව්යෝර්ක් ටයිම්ස් ට අනුව, එජ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බදාදා එර්දොගොන් දුරකථනයෙන් අමතමින් “ජාතීන් දෙක අතර වර්ධනය වන ගැටුමේ අවදානමට එරෙහිව” අනතුරු ඇඟවීය. ටයිම්ස් තව දුරටත් සඳහන් කලේ “යන්තම් දිනකට පෙර ධවල මන්දිරයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී කුර්දි හමුදා බලඇනි සමග ආරාවුලකදී නේටෝ සගයකු වන තුර්කියේ පැත්ත ගන්නා බවට ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරින් කල යෝජනාවෙන් ක්ෂනික හැරීමක් මෙමගින් සලකුනු කල” බවයි.

පෙන්ටගන් බලධරයෝ මෑතදී සංඥා කලේ, අවශ්‍යනම්, එජ හමුදාව “සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදා බලකායේ (එස්ඞීඑෆ්)” සලූව යටතේ සිරියාව තුල ඇමරිකානු මෙහෙයුම් සඳහා ගොදුරු ලෙස යුද්ධ භටයන් සැපයූ කුර්දි වයිපීජී මිලීෂියාවේ සේවාවන් දුරස්ථ කිරීමට සූදානම් බවයි.

“(එස්ඞීඑෆ් හි) බහුතර කන්ඩායම වත්මනේදී වයිපීජී මිලීෂියාව වන්නේ යැයි අපි නොදකිමු” යනුවෙන් එක් පෙන්ටගන් නිලධාරියෙක් වොයිස් ඔෆ් ඇමරිකා වන වොෂින්ටනයේ නිල ප‍්‍රචාරක මාධ්‍යයට පැවසීය. “අපට භාවිතා කල හැකි වඩාත් ජනතාව සහිත වඩාත් හැකියාවන් සහිත අරාබි හමුදා බලඇනියක් ඇත.”

මෙම “වඩාත් ජනතාව සහිත සහ ... වඩාත් හැකියාවන් සහිත” හමුදා බලඇනිය නිසැකවම ආකර්ෂනය කරගනු ඇත්තේ පලමු අවස්ථාවේම සිරියාව ආක‍්‍රමනය කිරීමේදී කඩතුරාවක් ලෙස එජ භාවිතා කල එම “ත‍්‍රස්තවාදීන්ගෙන්” ය. රක්කා නගරයෙහි ජනඝාතක එජ- වයිපීජී මිලීෂියාවේ වටලෑම තුනීවෙමින් තිබුනු දිනවල, එජ හමුදාව නගරයෙන් අයිඑස්අයිඑස් සටන්කරුවන් 4,000 පමන ඉවත් කිරීම අධීක්ෂනය කලේ, ඔවුන් රටේ ප‍්‍රධාන තෙල් බිම් දෙසට ලඟා වෙමින් සිටින සිරියානු ආන්ඩුවේ හමුදාවලට එරෙහිව යෙදවිය හැකි නිසාය. මෙම අයිඑස්අයිඑස් සටන්කරුවෝ දැන් අසාද් ආන්ඩුවටත් සහ ඉරාන සහ රුසියානු හමුදා බලඇනිවලටත් එරෙහිව සටන් කිරීමට සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදාව ලෙස නම් කිරීමට නියමිතය.

එමනිසා, “ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” සිට “මහා බලවතුන්ගේ” ගැටුම දක්වා සිදුවූ මාරුව අත්පත් කරගන්නේ විශේෂයෙන්ම කෲර සහ සාපරාධකාරී රූපයකි.

සිරියානු කුර්දිවරු සම්බන්ධව ගත්විට, ඔවුන් මුලුමනින්ම, පෙර දැකියහැකි පාවාදීමකට ගොදුරු වූයේ, රිජු අධිරාජ්‍යවාදී වැයික්කි බෙදීම මගින් සහ ඒ හෝ මේ අධිරාජ්‍යවාදී බලයන්ගේ කරත්තයට ගැට ගැසීමට කුර්දි ධනපති ජාතිකවාදී නායකත්වයේ බංකොලොත් ප‍්‍රයත්නයන් මගින් ඇතිවූ එවැනි දීර්ඝ ඓතිහාසික විපත් වල මාලාවක් ලෙසිනි.

කෙසේවෙතත් තුර්කිය සහ එජ අතර වත්මන් ආතතිය විසඳනු ඇත්තේ සමස්ථයක් ලෙස කුර්දි සහ සිරියානු ජනතාවට කටින තවත් ඛේදවාචයක් තුලින්, හෝ නේටෝ සගයන් දෙදෙනා අතර මුහුනට මුහුනලා හමුදා ගැටුමක් තුලිනි. වත්මන් අර්බූදය ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන දැවැන්ත අනතුර එලිදරව් කරයි.

සිරියාව තුල කොල්ලකාරී සහ නීතිවිරෝධී එජ මෙහෙයුම ධනපති ක‍්‍රමයේ විසඳිය නොහැකි අර්බූදය මගින් ධාවනය වන, එජ අධිරාජ්‍යවාදය මගින් පමනක් නොව සියලූම ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේද පුලුල් හැරීමක කොටසකි. මෙම අර්බූදය “මහා බලවතුන්ගේ” ගැටුම්, එනම්, 20වන සියවසේ සිදුවූ ලෝක යුද්ධ දෙකෙහි අතිමහත් ඛේදජනක පරිමාවක පුනරුක්තියක් සූදානම් කිරීම වෙතට ධාවනය වෙයි.

කම්කරු පන්තිය මෙම සැලසුම් ක්‍රියාත්මක වීම වැලැක්වීමට තම ස්වාධීන මූලෝපාය වර්ධනය කල යුතුය. වඩාත් හදිසි කර්තව්‍යය වන්නේ සමාජවාදී මූලධර්ම මත පාදකව කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද්ධ විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමත්, මෙය මෙහෙයවීම සඳහා මහජන විප්ලවවාදී පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් සහ එහි ශාඛාවනුත් ගොඩ නැගීමත් වෙයි.

බිල් වෑන් ඕකන්

කතෘ නිර්දේශ කරන්නේ

රුසියාව සහ චීනය සමග හමුදා අභිමුඛවීම සඳහා සැලසුම් පෙන්ටගනය එලිදරව් කරයි

[2018 ජනවාරි 20]

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers