රෝහිනී හෙන්ස්මන්ගේ Indefensible: The ISO discovers its muse —the CIA රැකිය නොහැකි අය: අයිඑස්ඕ සංවිධානය සිය උනන්දුව සීඅයිඒ සංවිධානයට බව සොයාගනී -4 කොටස

Rohini Hensman’s Indefensible: The ISO discovers its muse —the CIA—Part 4

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2018 දෙසැම්බර් 18

අවසන් කොටස

මෙම ලිපිය රෝහිනී හෙන්ස්මන්ගේ “නොරැකියහැකි අය: ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිවිප්ලවය සහ අධිරාජ්‍ය විරෝධයේ පුරසාරම්” නම් කෘතිය පිලිබඳ කොටස් හතරක විවේචනයේ අවසන් කොටසයි. 1- කොටස, 2- කොටස, 3- කොටස වෙත පිවිසීමට

යට දැක්වෙන්නේ රොහිනීි හෙන්ස්මන්ගේ “නොරැකියහැකි අය: ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිවිප්ලවය සහ අධිරාජ්‍ය විරෝධයේ පුරසාරම” නමැති කෘතිය පිලිබඳ කොටස් හතරකින් යුතු විචාරයේ අවසන් කොටසයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය ට සහායදෙන අධිරාජ්‍යවාදී ප්‍රචාරය

අධිරාජ්‍යවාදී යුද්ධ වලට “ප්‍රජාතන්ත්‍ර විප්ලවයන්” යයි සහයෝගය පුදන සදාචාරාත්මක-මානව හිතවාදී තර්කනයක් සම්පාදනය කිරීමට හෙන්ස්මන් දරන තැත ගොඩනඟන්නේ අශිෂ්ට දේශපාලන බොරුවකි. සෝවියට් සංගමයේ අවසානය මගින් සිදුවූයේ හෙන්ස්මන් දැක ඇති පරිදි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන විජයග්‍රහනය නොවේ. එය ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදය පෙරට ගෙන යාමට විජයග්‍රාහී යාන්ත්‍රනයක් ලෙස එක්සත් ජනපපදයට ඉඩ ලබාදුන්නා ද නොවේ. ඒ වෙනුවට, ජාත්‍යන්තර කමිටුව පෙන්වාදුන් පරිදි එය, දෙවන ලෝක යුද්ධයෙන් පැනනැගි එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය මත පදනම්ව පිහිටැවුනු ලෝක ධනේශ්වර පර්යායේ මාරන්තික අර්බුදයක කොටසක් විය.

ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය වනාහී, “වැඩකරන ජනයාට තමන් සූරාකෑමට සහ පීඩනය ට ලක් කරන බලවේගයන්ට එරෙහිව සටන් කිරීමට ඉඩ දෙන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන්” යයි දැක ගන්නා හෙන්ස්මන්, ඒවා ට සහයෝගය දෙන සැටි දැනටම අප සලකුනු කරගෙන ඇත. එසේ ම ඇය සලකන්නේ තන්ත්‍ර මාරු සඳහා ඔවුන් කරන යුද්ධ වනාහී ඔවුන්ගේ දේශපාලන පර්යාය අපනයනය කිරීමට දරන ප්‍රයත්නයක් ය කියා ය. මෙය වනාහි ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳව ඇය දක්වන නොතැකීම මත පදනම් වූ තවත් මුසාවකි.

ඇත්ත වශයෙන්ම ගතහොත් අධිරාජ්‍යවාදයේ වාමාංශික විරුද්ධ වාදීන්ට එල්ල කරන කටුක ප්‍රහාර මගින් ඇය රුසියාවට එරෙහි ලෝක යුද්ධයක ට සූදානම් වෙමින් ද, අමරිකාව, යුරෝපය සහ ඉන් ඔබ කම්කරුවන් මත මුර්ග කප්පාදු පටවමින් ද, පොලිස් රාජ්‍ය තන්ත්‍ර ගොඩ නැගීමේ යෙදී ඉන්නා බලවේගයන් සමග ද එක්වන්නීය.

හෙන්ස්මන්, විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් ට වියරුලෙස පහර දෙයි. හෙන්ස්මන්, ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල අවුරුදු හයක් සිරගතව සිටිමින් තමා එක්සත් ජනපදයට උදර්පනය කර, ඉරකයේ ද වෙනත් තැන් වලද එක්සත් ජනපදයේ යුද්ධ අපරාධ සහ වෙනත් රාජ්‍ය අපරාධ පිලිබඳ ව සාක්ෂී එලිදරව්කොට ප්‍රසිද්ධ කිරීම උඩ, ඔත්තු බැලීමේ චෝදනා මත නඩු පැවරීමට වොෂිංටන් පාලනය දරන කුප්‍රයත්නයට එරෙහිව අසාන්ජ් කරගෙන යන අරගලයට පහර දෙයි. ඇය මෙම නිර්භීත රහස් හෙලිකරන්නා පුටින්ගේ ඉත්තෙක් යයි, කෲර ලෙස හෙලාදකින්නීය.

ඇය මෙසේ ලියයි : “මේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධීහු කිසියම් පාලන තන්ත්‍රයකට රුසියාව සහාය දෙයි නම්, එම තන්ත්‍රය කොතරම් දක්ෂිනාංශික වුවද එයට සහාය දෙති. - හරියට විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් පුටින් සමග තිබෙන සමීප භාවය නිසා එක්සත් ජනපද ජනාධිපතිවරනයේ දී ට්‍රම්ප්ට සහාය දී, දිගටම එසේ කරගෙන යන්නාක් මෙනි. (බෝශම්ප් 2017 , බූට් 2017, ලොෆෙ 2017), “මෙම නව ස්ටැලින්වාදියෝ බොහෝ දෙනා කෙරේ බලපාති. ... ඒ අය ස්ටැලින්වාදීන් නූනත්, ට්‍රොට්ස්කිවාදීන් යයි කියාගත්තත්, (මෙය එසේ ය) උදාහරනයක් වශයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ..”

හෙන්ස්මන්, අසාන්ජ් ව්ලදිමීර් පුටින්ට “සමීප බවක්” දරතැයි කියාපාන නමුත්, ඇයට ආවේනික පරිදිම එය සනාථ කිරීමට කිසිදු තර්කයක් හෝ සාක්කියක් ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට ඇය කරන්නේ අසාන්ජ් හෙලාදකින වෝල්ස්ට්‍රීට් ජර්නල්වීක්ලි ස්ටෑන්ඩඞ් කතෘ මැක්ස් බූට් ගෙන් උපුටා දක්වීමයි. මෙවන්නෙකු ගේ වචන හෙන්ස්මන්ට නම් හොඳටම සෑහේ.

ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙහෙයවුනු එක්සත් ජනපද මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය පවත්වා ගෙනයන රුසියානු විරෝධී මෙහෙයුමට හෙන්ස්මන් දායක වන්නේ, අසාන්ජ්ට එරෙහිව එල්ලකරන පදනම් විරහිත චෝදනා සමඟ ය. එක්සත් ජනපද මැතිවරන වලට රුසියාව අත පෙවීය යන මුලුමනින් ම පදනම් විරහිත චෝදනා සේවය කරන්නේ, අන්තර්ජාලය මහා පරිමානයෙන් වරනය කිරීමට ද, ගූගල් සෙවුම් තුල ලෝසවෙ සහ අන් යුද්ධ විරෝධී වෙබ් අඩවි පෙන්නුම් කිරීම වලක්වා, සෙවිලි යන්ත්‍ර සහ සමාජ මාධ්‍ය මහා පරිමානයෙන් වාරනය කිරීමද උදෙසා ය.

හෙන්ස්මන් ද, අයිඑස්ඕ සහ ඔවුන්ගේ සගයන් ද එක්වී සිටින්නේ අන්තර් ජාලය වාරනය කොට ඇමරිකාව “රුසියානු අත පෙවීමෙන්” ගලවා ගැනීමේ එකම මග එය යයි කියමින් ඇමරිකාව තුල පොලිස් රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුන උදෙසා ය. ඇත්ත වශයෙන් ම මෙම කුරිරු ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙහෙයුමේ සැබෑ ඉලක්කය නම් අඩු වැටුප් වලට, අත්‍යන්ත සූරාකැමට සහ නිමක් නැති පොලිස් ඝාතන වලට එරෙහිව කම්කරුවන් සහ තරුනයින් අතර නැගී එන්නාවු සාමාජ විරෝධය යි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙරේ හෙන්ස්මන් දක්වන විරෝධය අත්ලාන්තික් සාගරය ඉක්මවා යුරෝපය කරා ම පැතිරේ. මෙහිදී සිරියාවට එරෙහි යුද්ධයට හෙන්ස්මන් දක්වන සහයෝගය 2015 නොවැම්බර් 13දා පැරිස් නුවර ආපන ශාලා ද, බටක්ලාන් රංග ශාලාව ද ස්ටෙඞ් ඩි ෆ්‍රාන්ස් පාපන්දු ක්‍රීඩාංගනය ද ඉලක්ක කරගත් අයිඑස්අයිඑස් ත්‍රස්තප්‍රහාර වලට ඉක්බිති ප්‍රන්සයෙහි පනවන ලද හදිසි අවස්ථාව ට එරෙහි දේශපාලන විරුද්ධවාදීන්ට එල්ල කල කටුක ප්‍රහාරයක් ලෙස වැඩී ආවේ ය.

හෙන්ස්මන් “2015 නොවැම්බරයේ පැරිසියේ අයිඑස්අයිඑස් ප්‍රහාරයන් ට” දක්වන ලද වාමාංශික ප්‍රතිචාරයන් ගෙන් බොහොමයක් “එක්කෝ මුස්ලිම් රටවල්තුලට බටහිර මැදිහත්වීම හෝ ප්‍රන්සයේ සහ බෙල්ජියමේ අප්‍රිකානු ජනතාවන්ට කෙරෙන වර්ගවාදී වෙනස්කම්වලට හෝ එරෙහි ප්‍රති ක්‍රියාවක් ලෙස ගනු ලැබුවේ ය”යි හෙලාදකින්නී ය.. ඇය මෙසේ කියයි: “එහෙත් ප්‍රහාරකයන් ඉලක්ක කොට ගත්තේ සියල්ලන්ට ම විවෘත වූ සම්භාෂන කේන්ද්‍රයන් ය. මේ දක්ෂිනාංශික ප්‍රහාරයන් ඒවායේ සැබෑ සැටියෙන්ම හැර වෙනත් අන්දමකින් අර්ථකථනය කිරීම වනාහී, බටහිර වඩාත්ම ප්‍රගතිශීලි අංගයන්ට එල්ල කල ප්‍රහාරවල ට හවුල් වීමකි..”

ඇත්තවශයෙන් ම, පැරිසිය ද යුරෝපය ද හරහා පැතිරගිය අයිඑස්අයිඑස් ත්‍රස්තය වනාහී වොෂිංටනය සහ අයිඑස් සමග හවුල්ව යුරොපීය අධිරාජ්‍යවාදය සිරියාව තුල ගෙනයමින් පවත්නා ප්‍රතිගාමි යුද්ධයේ ප්‍රතිඵලයයි. නොවැම්බර් 13 දා පැරිසියේ ප්‍රහාරය ද යුරෝපය තුල එවන් ප්‍රහාරයන් ද කරන ලද්දේ, නැටෝ බුද්ධි අංශ විසින් මැනැවින් දැනගෙන සිටි, අයිඑස්අයිඑස් ක්‍රියාකාරින් විසිනි. මෙම මෙහෙයුමෙහි නායකයා වූ ද අයිඑස්අයිඑස් සංවිධානයට සාමාජිකයින් බන්දවා ගැනීමේ ප්‍රමුඛ පෙලේ නිලධාරියෙකු වූ ද අබ්දෙල්මොහමෙඞ් අබාවුඞ් සමාජ මාධ්‍යයන් තුල උදම් ඇනුවේ, තමාට එරෙහිව ජත්‍යන්තර වරෙන්තුවක් තිබෙන නමුත්, තමාට යුරෝපයේ දේශසීමා හරහා නිදැල්ලේ ගමන් කිරීමට ඉඩ ලැබුනු බව ප්‍රකශ කරමිනි.

අයිඑස්අයිඑස් සංවිධානය සාපරාධි යයි නිලවශයෙන් තීන්දු කරන ලද නමුත් ප්‍රන්ස සහ නැටෝ බුද්ධි අංශ අබාවුඞ්ගේ බඳවාගැනීම් ජාලය සිරියාවේ තන්ත්‍රමාරු යුද්ධයට තීරනාත්මක ආධාරකයක් ලෙස සලකන ලදී.

මේ වනවිට ප්‍රන්ස ජනයාගෙන් පහෙන් එකක් දෙනා තේරුම් ගෙන අති ඉහත කාරනය හෙන්ස්මන්ට නම් පෙනෙන්නේ, “බටහිර” වඩාත්ම ප්‍රගතිශිලි මධ්‍යස්ථාන වලට පහර දීමක් ලෙසය. මෙය තවත් දේශපාලන ප්‍රෝඩාවකි. ත්‍රස්ත ප්‍රහාර ප්‍රයෝජනයට ගෙන අටවා ගන්නා ලද හදිසි තත්වය ට, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහනම් කිරීම ද හිතුවක්කාර සෙවිලි සහ අල්ලාගැනීම් සඳහා පොලීසියට බලය පැවරීම ද, මාධ්‍ය වාරනය ද කම්කරු පන්තියට බලවත් පහර එල්ල කිරීම ද උදෙසා මහජනතාවට එරෙහි ඔත්තු බැලීම ඉමහත් ලෙස උත්සන්න කිරීම ද අතුලත් විය..

ලෙෆ්ට් ෆ්‍රන්ට් (වාම පෙරමුනේ) මන්ත්‍රීවරු - මොවුහු ගිල්බට් අච්කාගේ එන්පීඒ සංවිධානයේ සගයන්ය - 2015 නොවැම්බර් මස හදිසි තත්වය පැනවීමට ජාතික මන්ත්‍රන සභාවේ දී ඡන්දය පාවිච්චි කිරීම කැපී පෙනේ.. මෙය පෙන්නුම් කරන්නේ, අයිඑස්ඕ සංවිධානයේ ධනවත් මධ්‍යම පන්තික ස්ථරය තුල, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් කෙරේ පවත්නා සහානුමතියයි.

හදිසි අවස්ථාව යොදාගන්නා ලද්දේ ප්‍රන්ස ජනාධිපති ඔලන්ද්ගේ කම්කරු නීති වලට එරෙහිව කම්කරුවන් සහ තරුනයින් ගෙනගිය මහා පෙලපලි වලට විරුද්ධවය. එම නීති ඡන්දයකින් පවා තොරව පාර්ලිමේන්තුව තුලින් සම්මත කර ගැනුනි. ජනාධිපති එම්මානුවල් මැක්රොන් වෘත්තිය සමිති සමග සාකච්ඡා වලින් පසුව පනවාගත් කම්කරු නියෝග ද සමග ඉහතකී කම්කරු නීතිය ඔහු විසින් යොදා ගනු ලබන්නේ, ප්‍රන්ස කම්කරු පන්තිය නාසි ආක්‍රමනයෙන් නිදහස් වීමෙන් පසුව දිනාගෙන තිබුනු සමාජ ජයග්‍රහන සියල්ල විනාශ කර දමීමට මූලික රාමුව සම්පාදනය කරගැනීමට ය.

ධනවතුනට යුරෝ බිලියන ගනන් බදු සහන ලබාදෙන මැක්රොන්, ඉදිරි අවුරුදු පහ තුල ප්‍රන්ස මිලිටරි යාන්ත්‍රනය ප්‍රවර්ධනය කිරීමටත් අනිවාර්ය යුද සේවය ට බලෙන් බඳවාගැනීම පිනිස යුරෝ බිලියන 300ක් වියදම් කිරීමට යයි. ඒ සමගම ඔහු, සියලුම දුම්රිය යහ රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් කපා දමමින්, ජාතික දුම්රිය සේවය පුද්ගලීකරනය කර සෞඛ්‍ය සේවය, විශ්‍රාම වැටුප්, විරැකියා වන්දි සහ වෙනත් වැදගත් සේවාවන් කප්පාදු කිරීමට සැලසුම් කරයි.

ඔහු මෑත දී [දෙවන ලෝක යුද සමයේ දී හිට්ලර් යටතේ] ප්‍රන්සයේ නාසින් සමඟ එකට වැඩ කල ඒකාධිපතියාව සිටි ෆිලිපේ පෙටේන් යුද්ධ වීරයෙකු ලෙස හුවා දැක්වීමට ගත් තීන්දුව ඔහුගේ පිලිවෙතේ පන්ති අන්තර්ගතය නිරූපනය කරයි. යුදවාදී සහ නව -ෆැසිස්ට්වාදී මානසිකත්වයක් ද රුසියානු විරෝධී හැඟීම් ද වගා කරන හෙන්ස්මන්, එමගින් කරන්නේ, 21 වන සියවසේ අලුත් යුද්ධයකට සූදානම් වන ධනේශ්වර පාලක පන්තියට 20 වන සියවසේ දී කම්කරු පන්තියට දෙන්නට බලකෙරුනු සකල සමාජ සහනයන් ම අහෝසි කිරීමට ආධාරකිරීමයි. මෙම පිලිවෙතට ප්‍රජාතන්ත්‍රවාදී දිස්නයක් දීමට ඇය දරන උත්සාහය ප්‍රෝඩාකාරී ය.

මුලුමනින්ම සම්පූර්න කරන ලද “ප්‍රජාතන්ත්‍ර විප්ලවයක්” ය යි ඇය පෙන්නුම් කරන එකම උදාහරනය, ලංකාවේ 2015 මැතිවරනයට දුන් ඇමරිකානු පිටුබලය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කෙරුනු තන්ත්‍රමාරුවයි.

එම තන්ත්‍රමාරු මෙහෙයුම සූදානම් කරමින් සිටි වොෂිංටනය, ඒ අතරතුරේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසානයේ 2009දී, දෙමල සිවිල් ජනතාව ද දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ සෙබලුන් ද මහා පරිමානව ඝාතනය කිරීම උඩ එම ආන්ඩුවේ නිලධාරීන්ට විරුද්ධව නඩු විභාග කිරීමට එක්සත් ජාතීන්ගේ මන්ඩලය කල තර්ජන වලට ද සහාය දුන්නේය. යටත් කරගත් ඉරාකය තුල, සිය- දහස් ගනනක් ජනයා ඝාතනය කල වොෂිංටනය, 2009 ලංකාවේ ඝාතනය ට සම්බන්ධ වූ ජෙනරල් ෆොන්සේකා වැන්නන්ට දුන් සහාය ද මගින් පෙන්නුම් කල වංචනිකත්වය පිලිබඳව එක්සත් ජනපදයට එරෙහි විවේචන අවුවා ලීය. මේවා ඉස්මතු කරන විවේචනවලට කටුක ප්‍රහාර එල්ල කරන හෙන්ස්මන් පහත සඳහන් තර්ක ඉදිරිපත් කරයි..

“බටහිර රටවල ආන්ඩු සමහර තත්වයන් තුල මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රයට සහාය දෙමින් ද තවත් අවස්ථාවක සහය නො දෙමින්ද දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන හෙයින්, ඔවුන්ගේ චේතනාවන් ප්‍රශ්න කිරීම යුක්ති යුක්ත වේ. එසේ වුවද, ඔවුන් යුද්ධ අපරාධ වලට වගඋත්තර ඉල්ලා සිටින අවස්ථවල දීත් ඔවුන්ට විරුද්ධවීම යුක්ති සහගත කල හැක්කේ කෙසේ ද? 21 වන සියවසේ “අධිරාජ්‍ය විරෝධී” දැනමුත්තන් ශ්‍රී ලංකාවේදී කරමින් සිටියේ හරියට ම අන්න ඒ දෙයයි. ශ්‍රී ලංකාවට එරෙහි තහංචි පිලිබඳ ප්‍රශ්නයක් තිබුනෙ නැත; මිලිටරි පියවරක් ගැන ප්‍රශ්නයක් කොහොමටවත් තිබුනෙ නැත. ලංකාව පිලිබඳව වාදයට ලක්ව තිබුනේ බලයේ සිටි තන්ත්‍රයට කරදරකාරි වූ, එයට වඩා මානව හිමිකම් වලට සහ ප්‍රජාතන්ත්‍රයට ගරු කරන තන්ත්‍රයක් පිහිටුවා ගැනීමට එහි සතුරන්ට ඉඩ සැලසිය හැකිව තිබුනු යු.එන්.එච්.ආර්.සී (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ) යෝජනාවන් ය. 2009 දී ඉෂ්ට නුවූ මෙම කාරනය, ඉක්බිති වර්ෂවලදි ඉෂ්ට විය. අන්තිමේ 2015 දී ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍ර මාරුවක් කරගැනීමට සමර්ථ වූ නමුත්, ඔවුන්ට එය ඉටු කර ගත හැකි වූයේ ව්‍යාජ අධිරාජ්‍ය විරොධීන්ගේ පිහිටෙන් නම් නොවේ.”

ඇත්ත වශයෙන්ම, ක්ලින්ටන් පදනම සහ සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කන්ඩායම ද දක්ෂිනාංශික එක්සත් ජතික පක්ෂය ද අතර සාකච්ඡාවලින් ගැටගසාගත් සභාග ආන්ඩුව, සිය පුර්වගාමියාට වඩා “මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය” ගැන සැලකිලිමත් වුයේ නැත. සිරිසේනමත්, රාජපක්ෂගේ පාලනයේ වැඩ බලන ආරක්ෂක ඇමති ධුරය දරමින් 2009 දී මුල්ලිවෛක්කාල්හි සිදුකල භයංකර මහා මිනිස් ඝාතනය අධීක්ෂනය කර තිබුනි. සිරිසේන තමාගේ කැබිනෙට්ටුවට එම ඝාතනය සලසුම්කර මෙහෙය වූ ශ්‍රී ලංකාවේ යුද හමුදාපති සරත් ෆොන්සේකා ද අතුලත් කර ගත්තේ ය. එම ඝාතනය ට වගකිවයුත්තන් තමන් ම නිසා ඊට එරෙහි නඩු විභාග කිරීමට ඔවුන්ට උවමනාවක් තිබුනේ ම නැත.

සිරිසේන බලයට පත්කිරීමේ ලා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අරමුන වූයේ ශ්‍රී ලංකාවේ ජනයාට ප්‍රජාතන්ත්‍ර අයිතීන් ප්‍රදානය කිරීම නොව, ආසියාව තුල තම ප්‍රධාන භූ දේශපාලනික ප්‍රතිමල්ලවයා වන චීනයට සමීප වැඩියයි පෙනීගිය රාජපක්ෂ ඉවත් කිරීමයි.

2015 ලංකාවේ තන්ත්‍රමාරුව ඔප්පුකලේ, හෙන්ස්මන් වැනි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දෙමල ධනපති පන්දමුන් ගේ අදහස් නොව ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය යි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, ගැලැවිය නොහැකි පරිදි අධිරාජ්‍යවාදයට ගැටගැසී සිටින යටත් විජිත ලෙස පැවැති රටවල ධනේශ්වර පන්තිය, මොනයම් ප්‍රජාතාන්ත්‍රික ප්‍රශ්නයක් වුව ද විසඳා ලීමට අසමත් ය. එම ප්‍රශ්න විසඳා ලීම ට නම් කම්කරු පන්තිය සමාජවාදී ක්‍රියාමාර්ගයක් උඩ කරන්නවූ අරගලයක්ම අවශ්‍ය ය.

ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රමාරුව, කම්කරු පන්තිය සහ දෙමල ජනතාව මුහුන දී සිටින එකදු දේශපාලන ප්‍රශ්නයක් හෝ විසඳා ලූයේ නැත. යුද්ධයෙන් විනාශයට පත් රටේ බලයට පත් සිරිසේන ප්‍රජාතන්ත්‍රය, කප්පාදු පියවරයන්ට හිලව් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම පිහිට සොයා යාම කම්කරුවන්, ගොවියන් සහ තරුනයන්ගේ වැඩෙන විරෝධතා අවුලුවාලීය. මෙ සම්පූර්න කාල පරිච්ඡේදය තුල එය කලේ, දෙමල බහුතරයක් වාසයකරන උතුරු සහ නැගෙනහිර පලාත්වලට යුද හමුදාව යොදා දෙමල දේශපාලන හිරකරුවන් දහස් ගනනක් සිර කොට තැබීමයි.

අන්තිමේ දී හෙන්ස්මන් සාර්ථක යයි හුවා දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විප්ලවය බිඳ වැටීමට ගත වූයේ අවුරුදු 4 කට අඩු කාලයක් පමනි. මේ අවුරුද්දේ වැඩෙන වැඩ වර්ජන සහ සමාජ අරගල වලට මැදි වූ සිරිසේන, තම දක්ෂිනාංශික අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කරමින්, හෙන්ස්මන් විස්තර කල ප්‍රජාතන්ත්‍ර විප්ලවය මගින් පෙරලා දමා තිබුනු මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කර ගැනීමට උත්සාහ කලේ ය. මෙය කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල කටුක කාන්ඩායමික අරගලයක් අවුලුවා ලීය.

“මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ වැඩි සැලැකිල්ලක් දක්වනු අතැයි” යන මුසාව යොදාගන්නා හෙන්ස්මන් තමා උපන් රට තුල අධිරාජ්‍යවාදීන් සිදුකල තන්ත්‍රමාරුව කෙරෙහි දක්වන පක්ෂපාතිත්වය විසින් ඔප්පු කෙරෙන්නේ, ඇගේ දේශපාලන බංකොලොත් භාවයයි. ලෙනින් පැහැදිලි කල පරිදි “අධිරාජ්‍යවාදය වනාහි මුල සිට අගට ප්‍රතිගාමිත්වයයි.” අධිරාජ්‍යවාදයේ යහපත් භවය පිලිබඳ අනාගතවක්තෘ ලෙස මතුවීමට කැසකවන හෙන්ස්මන් ඉස්මතු වී ඇත්තේ භූගෝලය වෙලාගන්නා යුද්ධය, සමාජ ප්‍රතිගමනය හා පොලිස් රාජ්‍ය මර්දනය රකින්නියක් හැටියට ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ව්‍යාජ වාම

මහා අර්බුදයෝ දේශපාලන සංවිධානවල පන්ති ස්වභාවය නිර්දයව එලි දරව් කරති. දෙවන ලෝක යුද්ධය මගින් පිහිටුවනු ලැබූ එක්සත් ජනපදයේ ලෝක ආධිපාත්‍යය බිඳ වැටීම සහ නව ලෝක යුද්ධයක නිරන්තර තර්ජනය සලකුනු කරන ලෝක ධනවාදයේ වත්මන් අර්බුදය විසින් පෝසත් මධ්‍යම පන්තියේ “වාම” පක්ෂ එලිදරව් කරනු ලැබ තිබෙ. “නොරැකියහැකි අය” යන කෘතිය පල කිරීම ද මොවුන් විසින් අධිරාජ්‍යවාදි යුද්ධයට සහාය දෙන හෙන්ස්මන්ගේ තර්ක අනුමත කරනු ලැබීම ද තහවුරු කරන්නේ ඔවුන් ධනේශ්වර ප්‍රතිගමනයේ දැනුවත් ඒජන්තයන් බව ය.

පලල් කම්කරු සහ තරුන ජනතාව ගමන් කරමින් ඉන්නේ මීට මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ දිසාවකට ය. අවසානයක් නැති යුද්ධය සහ කප්පාදුව පිලිබඳව වඩවඩාත් කෝපාවිෂ්ටව සිටින ඔවුන් සමාජවාදයට සහයෝගය දක්වන්නට පටන්ගෙන ඇත. මෙය, ජාත්‍යන්තර කමිටුව විසින් දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වා දය ද, අයිඑස්ඕ වැනි “රාජ්‍ය ධනවාදීන්” ද ප්‍රන්ස එන්පීඒ සහ ඔස්ටේ්‍රලියානු එස්ඒ වැනි පැබ්ලෝවාදීන් ද ඇතුලු බලවේගවලට එරෙහිව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සිත් කාවදින පරිද්දෙන් සනාථ වීමකි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් “ව්‍යාජ වාම” යයි නිර්වචනය කර ඇති මෙම කන්ඩායම් වලින් ජාත්‍යන්තර කමිටුව වෙන්කර ලන්නේ, වාමාංශික දේශපාලනය තුල උපායාත්මක භේදයන් විසින් නොව ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන් කරන කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ප්‍රවනතාවය ද වරප්‍රසාදිත පෝසත් මධ්‍යම පන්තියේ ප්‍රතිගාමි, අධිරාජ්‍ය ගැති පක්ෂ ද අතර පවත්නා පන්ති අගාදයයි. අල්ඛයිඩාවට බද්ධ වූ ඉස්ලාම් වාදීන් ද යුක්රේනියානු ෆැසිස්ට් වාදීන් ද සමග හවුල්වීගත් ඇමරිකා එක්සත් ජනපදය කරන යුද්ධ වනාහි මෙම දේශපාලන යථාර්තය පිලිබඳ නොමැකෙන චිත්‍රනයකි,

නොරැකියහැකි අය නම් කෘතිය වනාහී මහ සංගත සහ සීඅයි ඒ බද්ධ පදනම් සංවිධාන ද හේමාර්කට් පොත් සහ අයිඑස්ඕ සංවිධානය දුවවන ධනවත් මධ්‍යම පන්තික කෙරුමන් ද අතර දූෂිත බන්ධතාවේ නිර්මානයකි. ජේ. පැට්‍රික් ලෙනාන් විසින් පිහිටුවනු ලැබූ ලෙනාන් පදනම විසින් හේමාර්කට් බුක්ස් සමාගමේ වැටුප් සහ වැය සඳහා ලබා දෙන ප්‍රතිපාදන මීට මනා උදාහරන වේ.

“1983 සැප්තැම්බර් 27 වන දා ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ පලකරන ලද මෘතලේඛයක දී ලැන්මන් හැඳින්වුනේ “ව්‍යාපාර නිලධාරියෙකු, මූල්‍ය උපදේශකයෙකු සහ කලා පෝෂකයෙකු යනුවෙනි. ඔහු ජාත්‍යන්තර දුරකථන හා විදුලි පනිවිඩ සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස වසර 36ක් සේවය කලේය. ඔහු එමිරිටස් සමාගමේ අධ්‍යක්ෂ ලෙස විශ්‍රාම ගත්තේ පසුගිය මැයි මාසයේය.” දිලිඳු කලා කරුවන්ට සහ ලේඛකයන්ට මුල්‍ය ආධාර සැපයීමට “ලැන්මන් පදනම පිහිටුවීම” ගැන ටයිම්ස් පුවත් පත ලැන්මන්ට ප්‍රසංශා කලේ ය.

ලැන්මන් 1940ස් ගනන් වල සිට 1980 මුල දක්වා ඉන්ටර්නැශනල් ටෙලිෆෝන් ඇන්ඞ් ටෙලිග්‍රාෆ් (අයිටීටී) සමාගමේ අධ්‍යක්ෂ ලෙස අනන්‍ය කර ගැනීම අරුත්බර ය. අයිටීටී සංගතය වනාහි, 1973 චිලියේ සැල්වදොර් අයියන්දේ පෙරලා දමා ලේ නාගත් ඔගස්ටෝ පිනෝචේ ගේ එකාධිපති පාලනය පිහිටුවීමේ දී ප්‍රමුඛ භුමිකාවක් ඉෂ්ට කල බලවේගයකි. චිලියේ ටෙලිෆෝන් සමාගමේ කොටස්වලින්, අයිටීටී යට තිබුනු පංගුව අයියන්දේ විසින් ජනසතු කරනු ලැබීම ගැන කෝපයට පත් එම සංගතය පිනෝචේ ගේ හමුදා බල කොල්ලයට ආධර දුන් දක්ෂිනාංශික පෙලපාලි වලට සහාය දැක්වීය.

ලැනන් පදනමේ සහ හේමාකට් බුක්ස් හි ඉන්නා අයිටීටී යෙන් වාසි ලබන්නෝ, අද ඩිමොක්‍රටික් පක්ෂය සහ එක්සත් ජනපද සංගතවල ආසක්තයන් වෙත අයිඑස්ඕ සංවිධානයේ නැමීමට අදාල ප්‍රකාශන පලකිරීම සඳහා ශාස්ත්‍රාලිකයන් සහ ප්‍රවෘත්ති කලාවේදීන් පොලොඹවා ගැනීමට දිගටම වැඩ කරගෙන යති. මහා පන්ති අරගල වර්ධනය වනවාත් සමගම මොවුන් කම්කරු පන්තියෙන් වෙන්කර ලන ගැඹුරු අගාධය මුලුමනින්ම මතුවී ඒමට වැඩිකල් නොයනු ඇත. ඇමරිකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ පවත්නා ඒකායන මාර්ගය නම්, අද දිනයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් ආරක්ෂා කරනු ලබන ඔක්තොබර් විප්ලවයේ සහ ට්‍රොට්ස්කිවාදයේ සම්ප්‍රදායන් කරා එලඹීමයි.

සමාප්තයි.

Share this article: