බොරු නඩු අටවා දඩයම් කල මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව ඉන්දියානු බලධාරීහු පලිගැනීමේ යෙදී සිටිති

Indian authorities intensify vendetta against framed-up Maruti-Suzuki workers

කීත් ජෝන් විසිනි, 2018 පෙබරවාරි 22

හර්යානා ප‍්‍රාන්තයේ අද්වකාත් ජනරාල්වරයාගේ නියෝග මත මෙම සතිය අවසානයේ දී රජයේ නීතිඥයින්, සිය සහෝදර කම්කරුවන් 13 එල්ලා මැරීමට මහාධිකරනයෙන් ඉල්ලනු ඇතැ යි දඩයමට ලක් වූ මරුති සුසුකි ඉන්දියානු කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත දැනුම් දී ඇත.

පසු ගිය මාර්තුවේ දී ගොතන ලද මිනීමැරුම් චෝදනා මත ඔවුන් වරද කරුවන් කෙරුනු අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත් කරන ලදී. නමුත් මෙය ඉන්දියානු පාලක ප‍්‍රභූව හෝ ජපානයට සම්බන්ධ ජාත්‍යන්තර සුසුකී අයිතිකරුවන් හෝ තෘප්තිමත් කර නැත. ඉන්දියාව පුරා කම්කරුවන් බිය වැද්දීමේ අරමුන ඇති ව, ඔවුහු කම්කරුවන්ගේ රුධිරය ඉල්ලා හඬ නගමින් සිටිති.

13න් 12 දෙනෙක් මරුති සුසුකි කම්කරු සංගමයේ (එම්එස්ඩබ්ලිව්යූ) විධායක සාමාජිකයෝ ය, හර්යානා ප‍්‍රාන්තයේ මරුති සුසුකි මනේසර් කම්හලේ කම්කරුවන් 2011-12 අතරතුර තම සංවිධානය පිහිටුවා ගත්තේ, කලමනාකරනයට මෙන් ම ආන්ඩුව පිලිගත් සමාගමේ පන්දම් කාර වෘත්තීය සමිතියට එරෙහිව ගෙන ගිය කටුක අරගලයක් මධ්‍යයේ ය.

මරුති සුසුකි කම්කරු සංගමයේ 13

වාර්තා වන පරිදි, කැරලි ගැසීම හා පහර දීම ඇතුලුව නොයෙකුත් බරපතල චෝදනා මත, වෙනත් මරුති සුසුකි කම්කරුවන් 117ගේ නිදහස්වීම කන පිට පෙරලීමට ද රජයේ නීතිඥයෝ උත්සාහ කරමින් සිටිති.

පොලීසිය, අධිචෝදක, අධිකරනය පද්ධතිය මෙන් ම ඉන්දියානු පාලක පන්තියේ ප‍්‍රධාන පක්ෂ දෙක ද සම්බන්ධ, නීතිමය වෛරයේ ඉලක්කය වී ඇත්තේ, මරුති සුසුකි කම්කරුවන් ය. 2012 ගිම්හානයේ දී ඇරඹී හොර නඩුව හමුවේ, මනේසර් වැඩ බිමේ කම්කරුවන් 2,300ම දොට්ට දැමුනු අතර හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව ද ඉන්දීය ජාතික ආන්ඩුව ද කොංග‍්‍රසය සතුව තිබිය දී ය. 2014දී බලයට පැමිනි භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව යටතේ ද එය අඛන්ඩව ඉදිරියට ගොස් ඇත.

මරන දන්ඩනයේ තර්ජනයට මුහුනදී සිටින කම්කරුවන් 13දෙනාගේ ද, පසු ගිය මාර්තුවේ දී ඊට අඩු චෝදනා මත ඔවුන් සමග වරදකරුවන් කෙරුනු තවත් කම්කරුවන් 18දෙනෙකුගේ හා නිදහස් කිරීමට එරෙහි ව බලධාරීන් වෛරී සහගත අභියාචනා ඉදිරිපත් කර ඇති අනෙක් කම්කරුවන් 110දෙනා ද කර ඇති එකම “අපරාධය” වන්නේ, දරිද්‍ර වැටුප්, අඩමාන රැකියා හා ම්ලේච්ඡ වැඩ පාලනයකට එරෙහිව කැරලි ගසා තිබීම යි.

වහාම නිදහස දෙන ලෙසත් සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙසත් බලකරමින්, ඉන්දියාවේ හා ලෝකය පුරා කම්කරුවන් ඒකරාශී කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අවනඩුව පිලිබඳ කොටස් පහක විස්තරාත්මක හෙලිදරව් කිරීමක් මීට පෙර ඉදිරිපත් කර ඇත. (කියවන්න: මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - පලමු කොටස: විකෘති යුක්තිය

2012 ජූලි 18වැනිදා, කලමනාකරනය කම්කරුවන් සමග ගැටුමක් නිර්මානය කලේ ය. ඉන් පසු ව සිදු වූ ගැටුමේ දී, අද්භූත ලෙස ඇවිලුනු ගින්නක් කම්කරුවන්ට පක්ෂපාතී කලමනාකරුවෙකු වූ අවිනේශ් දේව්ගේ හුස්ම හිර වී මරනයට පත්වීමට මග පෑදුවේ ය. මෙයට වසරකට ඉහත දී, හර්යානා ප‍්‍රාන්ත කොංග‍්‍රස් පක්ෂ ආන්ඩුවේ නියෝග මත, ඉන්දීය අගනුවර වන දිල්ලිය අවට පැතිරෙන යෝධ ගුර්ගාඔන්-මනේසර් කාර්මික තීරුවේ කම්කරු විරෝධතාවේ කේන්ද්‍රය ලෙස මතු වූ, මෙම වැඩ බිමේ කම්කරු විරෝධතා මැඞීමට පොලීසිය යොදා තිබුනි.

කිසිදු පරීක්ෂනයක් නොපවත්වාම පවා පොලීසිය, කලමනාකරනය සමග එක්ව, ගැටුම හා ගින්න පිලිබඳව කම්කරුවන්ට දෝෂාරෝපනය කල අතර, සමාගම විසින් සපයන ලද ලැයිස්තුවක් පාවිච්චි කරමින් කම්කරුවන් ගනනාවක් අත්අඩංගුවට ගැනීමට දැලක් එලී ය.

“ඔවුන් පාපොච්චාරනය” කිරීමට බලහත්කාරයෙන් එකඟ කර ගැනීමේ උත්සාහකදී, අත්අඩංගුවට ගැනුන කම්කරුවන්ගෙන් ඇතැමෙක් පරිභවයට ද වද හිංසාවලට ද ගොදුරු කරන ලදී.

කම්කරුවන් 148ගේ තදනන්තර නඩුව විකෘති යුක්තියක් විය.

2012 ජූලි 18වැනිදා වැඩ බිමෙහි සිටි මරුති සුසුකි කම්කරුවන්ගෙන් කිසිවෙකුටත් චෝදනා නොකිරීමෙන් පෙන්නුම් කලේ, ඔවුන් මරුති සුසුකි වෘත්තීය සමිතියට පක්ෂපාතී නිසා හෝ එය විසින් බිය වැද්දීම නිසා හෝ ව්‍යාජ සාක්ෂි දී තිබෙන්නට ඉඩ ඇතැ යි යන ප‍්‍රකාශය මත මූලාසන විනිශ්චයකරු එය යුක්ති යුක්ත අතහැරීමක් යයි නිගමනය කලේය.

පොලිස් බස්රථයෙන් උසාවිය වෙත ගෙන එන අත්අඩංගුවට ගත් කම්කරුවෝ (Credit: 'The Factory," film by Rahul Roy)

අධිචෝදකයාගේ මිනීමැරුම් නඩුවේ බරපතල ප‍්‍රශ්නය වූයේ ගින්න යි. එහෙත් ගින්න කොහේ, කවදා, කෙසේ හට ගත්තේ දැ යි යන්න මේ දක්වා තහවුරු කල නො හැකි වී ඇත. ගිනි පෙට්ටියක් හමු වූ බව අධිකාරීන් ප‍්‍රකාශ කල නමුත්, වාර්තා වන පරිදි ගින්න සම්බන්ධ මුල් පරීක්ෂන වලින් ගිලිහී තිබුනු මෙය, ගින්නෙන් විනාශ වූ තැනක තිබී හානියක් නොමැතිව සොයා ගැනුනි. මෙම ගිනිපෙට්ටි කථාව කිසියම් කම්කරුවෙකුට සම්බන්ධ කෙරුනේ ද නැත.

අනෙකුත් තීරනාත්මක සාක්ෂි කොටස් සම්බන්ධයෙන් මෙන්ම මෙම ගිනිපෙට්ටිය ගැන ද මූලික වෝහාරික පරීක්ෂනය කිරීමට පොලීසිය අසමත් විය.

චෝදනා කෙරෙන පරිදි සමාගම් කලමනාකරුවන්ට එරෙහි ප‍්‍රහාරයන්ට කම්කරුවන් විසින් යොදා ගැනුනා යයි සිතන ආයුධ ඇතුලූව නඩුව පිලිබඳ තම කතාන්දරයේ මූලික කාරනා අධිචෝදකයා විසින් වෙනස් කර ඇත.

අදාල වැඩ බිමේ සේවයෙහි පවා යොදවා නො සිටි මරුති සුසුකි නිලධාරීන් විසින් සපයන ලද ලැයිස්තුවක් මත පොලීසිය කම්කරුවන් 89දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන බවත්, ඔවුන්ගේ නීති විරෝධී කුමන්ත‍්‍රනය හෙලිදරව් විය හැකි ය යන බිය හේතුවෙන්, කම්කරුවන් පැටලීමට ”සාක්ෂිකරුවන්” හතරදෙනෙකු සොයා ගනිමින් සාක්ෂි ගෙතූ බවත් විත්තියේ නීතිඥයෝ පෙන්වා දුන්හ. 2012 ජූලි කලහයේ දී ඔවුන් මැදිහත් වූ අවස්ථාවේ කම්කරුවන් තමන්ට පහර දුන් බවට ඔවුන් කල ප‍්‍රකාශ ”ඔප්පු කිරීමට” පොලීසියේ කීප දෙනෙක් ද ව්‍යාජ නෛතික වෛද්‍ය සහතික ඉදිරිපත් කලහ.

පොලීසියේ වැඩකටයුතු කොතරම් ප‍්‍රකට ලෙස නීති විරෝධී ද යත්, අධිචෝදකයා විසින් සාක්ෂිකරුවන් හඳුනා නො ගත් නිසා හෝ නිවරැුදි ව හඳුනා නො ගත් නිසා වෙනත් කම්කරුවන් 29දෙනෙකු සමග 89දෙනෙකු වරදින් නිදහස් කිරීමට විනිශ්චයකාරවරයාට බල කෙරුනි.

නමුත් විනිශ්චයකාරවරයා එසේ කලේ, බොරු නඩුවේ ඉතාමත් අත්‍යවශ්‍ය කොටස “රැක ගැනීමේ එල්ලය ඇතිව ය. එනම් මරුති සුසුකි කම්කරු සමිති නායකයින්ට එරෙහි මිනීමරු චෝදනාව රැුක ගැනීමට ය.”

ඔවුන් වරදකරුවන් ලෙස නිගමනය කිරීමේ දී ඔහු, ඔප්පු කිරීමේ වගකීම නැවත නැවතත් අධිචෝදකයාගෙන් කම්කරුවන් වෙත මාරු කල අතර කම්කරුවන්ට එරෙහි මුලූ නඩුව ම ගොනු කෙරී තිබුනේ එක ම පොලීසිය විසින් බව නොසලකා හැරියේ ය. සාක්ෂි ගොතා තිබුනේ ද, මරුති සුසුකි කලමනාකරනය සමග වංචාව සැලසුම් කර තිබුනේ ද, හරස් ප‍්‍රශ්නවල දී තම වෝහාරික වාර්තාව බොරු යයි පිලිගත්තා වූ එකම පොලීසිය විසිනි.

නඩුව ඉදිරියට ගිය අතර, දේශපාලඥයින් හා අධිචෝදකයින් යලියලිත් එය සම්බන්ධ කලේ කම්කරුවන්ගේ අසහනය මර්දනය කිරීමේ දී ඉන්දියානු බලධාරීන් ගැන විශ්වාසය තැබිය හැකි බව ආයෝජකයින්ට ඒත්තු ගැන්වීමේ ඕනෑකම සමගිනි. ජීවිත කාල සිරදඬුවමකට යටත් කරනවාට වඩා වෙනස් ව කම්කරුවන් 13දෙනාට මරනීය දන්ඩනය දිය යුතු බව ඉල්ලමින් විශේෂ අධිචෝදක අනුරාග් හූඩා මෙසේ ප‍්‍රකාශ කලේ ය; ”අපගේ කාර්මික වර්ධනය පහල වැටී ඇත, විදේශීය ඍජු ආයෝජන වියැකී ගොස් ඇත. අගමැති මෝදී ‘ඉන්දියාවේ නිපදවනු’ යි ඉල්ලමින් සිටින නමුත් එවැනි සිදුවීම් අපගේ ප‍්‍රතිරූපය මත පැල්ලමක් ඇති කරයි.”

යහපත් වැටුප් හා සේවා කොන්දේසි සඳහා ඉල්ලීම්වලට මෙන් ම වැඩවර්ජන තර්ජනවලට මුහුන දෙන විට, මනේසර්-ගුර්ගාඔන් කාර්මික තීරුව හා ඉන්දියාව පුරා හාම්පුතුන් පුරුද්දක් ලෙස සඳහන් කරන්නේ මරුති-සුසුකි කම්කරුවන්ගේ ඉරනම යි.

මේ අතර, මරුති සුසුකි කම්කරුවන් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමෙන් පසු, ඉන්දීය අගමැති මෝදි හා මුදල් ඇමති අරුන් ජෙට්ලි, සුසුකි සභාපති ඔසමු සුසුකි ඇතුලූ මරුති සුසුකි නිලධාරීන් විටින් විට මුන ගැසී ඇත.

2011 ජූනි, මරුති සුසුකි මනේසාර් කම්කරුවන්ගේ වාඩිලාගැනීමේ අරගලය (Credit: GurgaonWorkersNews)

ඔවුන් සුසුකි සමාගම දකින්නේ ඉන්දියාව ගෝලීය ලාභ ශ‍්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානයක් කිරීමේ උත්සාහයේ පෙරමුනු වාහකය ලෙස ය. ඉන්දියානු ශ‍්‍රම වියදම චීනයට වඩා බොහෝ පහල බවට මෝදි නිරන්තරයෙන් කයිවාරු ගසා ඇත. සැබවින් ම, ඉන්දියාවේ කාර්මික වැටුප් චීනයට වඩා සිව් ගුනයකින් පහල ය.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි මෙම වෛරය තුලින් දූෂිත ඉන්දීය පාලක ප‍්‍රභූව ඒත්තුගැන්වීමට උත්සාහ කරන්නේ, සූරා කෑමේ මෙම ම්ලේච්ඡු කොන්දේසි පිලිබඳව ය.

සමිතියේ නායකයින්ට මරනීය දන්ඩනය දීම මෙන් ම 117 දෙනා නිදහස් කිරීම යලි අවලංගු කිරීමට තරම් තමන් ශක්තිමත් යයි ඉන්දියානු බලධාරීන් සිතන්නේ නම්, ඒ, වෘත්තීය සමිති හා ස්ටැලින්වාදී නිවුන් පාර්ලිමේන්තු පක්ෂ දෙක, එනම් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය(මාක්ස්වාදී* සම්පූර්නයෙන් ම මරුති සුසුකි කම්කරුවන් අත හැර දමා ඇති බැවිනි.

ස්ටැලින්වාදීන්ට තමන්ගේ වෙබ් අඩවිවල හෝ පුවත්පත්වල කම්කරුවන් 13දෙනාට එරෙහි ගොතන ලද දන්ඩනය වාර්තා කිරීමට සති ගනනක් යන තුරුම නොහැකි වූ අතර, ඔවුන් එසේ කල වහාම යලිත් නින්දට වැටුනහ.

මරුති සුසුකි කම්කරුවන්ට සහාය පිනිස කම්කරු පන්තිය ඒකරාශි කිරීමට ඔවුන් ඇඟිල්ලක් වත් ඉස්සීමට ඉදිරිපත් නොවන්නේ, එසේ කිරීම දේශපාලන සංස්ථාපිතය සමග තම සුවපහසු සම්බන්ධතා අනතුරටලක් විය හැකි නිසා ය.

ස්ටැලින්වාදීන් නායකත්වය දෙන සීඅයිටීයූ හා ඒඅයිටීයූසී වැනි ප‍්‍රධාන කම්කරු සම්මේලනවල කාර්යභාරය ගැන ඇසූ විට, 13දෙනාට මරන දන්ඩනය පැනවීමට ප‍්‍රාන්ත බලධාරීන් ගන්නා නව උත්සාහය ගැන ලෝසවෙඅ අදහස් දැක්වූ, සමිති පලාත් කමිටුවේ සාමාජිකයින් වන ඒබ‍්‍රහම් හා ජිතේන්දර් මෙසේ පැවසූහ, ”ඔවුන් අපි වෙනුවෙන් කරන දෙයක් නෑ. දඬුවමට ඉස්සෙල්ලා හෝ පස්සේ කල දෙයක් නෑ. ඔවුන් මෙහේ සම්පූර්නයෙන් ම නැතිභංග වෙලා. ඔවුන්ට ඕනෑ ගාස්තු විතරයි. කම්කරුවන්ට විකල්පයක් ඕනෑ.”

ඉන්දියාවේ මෙන් ම ලෝකය පුරා කම්කරුවන් මරුති සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීමට පෙරට පැමිනිය යුතු ය. සූරාකෑමේ වහල් ස්වභාවයට එරෙහිව අභියෝග කරමින් ඔවුන් වැඩවර්ජනය කලේ හුදෙක් ඉන්දීය කම්කරුවන් වෙනුවෙන් පමනක් නොවේ. ඔවුන් ආරක්ෂා කිරීම ගෝලීය ප‍්‍රාග්ධනයට එරෙහි සටනේ දී අවශ්‍යම කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනැගීමේ දී තීරනාත්මක පලමු පියවරකි ඒ.

කතුවරාය පහත සඳහන් ලිපිය ද කියවීම නිර්දේශ කරයි

බොරු චෝදනා මත දන්ඩනයට ලක් කෙරුනු මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers