සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න

සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ දේශපාලන පක්ෂයකි; කම්කරු පන්තිය සඳහා වන දේශපාලන පක්ෂයකි. එය උත්සහ කරන්නේ ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීමට නොව, කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටු වීම සහ ලෝක ආර්ථිකය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීම තුලින් සමාජවාදී, ප්‍රජාතාන්ත්‍රීය සහ සමානත්වයෙන් යුත් සමාජයක් නිර්මානය කිරීමට ය. සමාජවාදය, එනම් සමානතාවය සහ මෙ දියත ධනය තාර්කික සහ ප්‍රජාතන්ත්‍රීය පරිභෝජනයක් සඳහා වන පොදු අරගලය තුල දී, ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට අපි වෑයම් දරමු.

තම රැකියා සහ ජීවන කොන්දේසි රැක ගැනීමට සටන් වදින සියලු ම කම්කරුවන්ට, අනාගතයකින් තොර ව නය බරින් මිරිකී සිටින තරුනයන්ට, නිමක් නොදකින යුද්ධයන්ගෙන් බැට කෑ මිලියන සංඛ්‍යාත ජනයාට අපි මෙසේ කියා සිටිමු: මේ ඔබේ පක්ෂයයි! එය ගොඩනැගීමට අද ම එක්වන්න!

සසපයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් හෝ ඔබේ රටේ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් හෝ වැඩි දුර තොරතුරු දැන ගැනීමට මෙම පෝරමය පුරවා එවන්න.