International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

යූජීසී නව චක්‍රලේඛය ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ නව අදියරක්!

තම අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප්‍රකාශය

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය නවත්වනු: මාර්තු 17දා කොලඹ රැස්වීමට එක්වන්න!

මෙම රැස්වීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ ව කතා කරති

“ඇමරිකානු ආන්ඩුවට මිනිසුන් ගැන එතරම් සැලකිලිමත්  වෙනවා නම්, සංක්‍රමනිකයන් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන්නේ ඇයි? ඇමරිකානු ජනතාවට ඇති ලොකු ම තර්ජනය ට්‍රම්ප් පරිපාලනයම තමයි,” රජයේ පාසල් ගුරුවරියක්.

අපගේ වාර්තාකරුවන්

“විශ්වවිද්‍යාලයට වයි ෆයි නෙට්වර්ක් එකක් නමට පමනක් තියෙනවා”: යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියෝ, තම පීඨවල යටිතල පහසුකම්වල අප්‍රමානවත් බව, ඉහල යන ජීවන වියදම් සහ තමන් මුහුන දෙන පීඩනකාරී අධ්‍යයන කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පවසා සිටියහ.

අපේ වාර්තාකරුවන්