සසප පලාත් පාලන මැතිවරනයට තරඟ කරයි
පාලක ප්‍රභූන් විසින් අවුලුවනු ලබන වාර්ගික බෙදීම්වලට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ඒකාබද්ධ ව බලමුලුගැන්වීමට සටන් වදින එක ම පක්ෂය සසප යි.
සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.
සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.
පාලක ප්‍රභූන් විසින් අවුලුවනු ලබන වාර්ගික බෙදීම්වලට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ඒකාබද්ධ ව බලමුලුගැන්වීමට සටන් වදින එක ම පක්ෂය සසප යි.
මෙම ලිපිය, කීර්ති බාලසූරියගේ අභාවයේ තිස්පස්වන සංවත්සරයේදී ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය වෙත එවන ලදි.
ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද මෙම උපහාරය 2007 දෙසැම්බර් මාසයේදී කීර්ති බාලසූරියගේ අභාවයේ විසිවන සංවත්සරය නිමිත්තෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මුලින්ම පල කරන ලදී.
කොලඹ, බොරැල්ල පොදු සුසාන භූමියේ කීර්ති බාලසූරියගේ සොහොන් කොත අභියස දී පාක්ෂිකයින්, ආධාරකරුවන් සහ පවුලේ සාමාජිකයින් ඔහුගේ ජීවිතය හා අරගලය අනුස්මරනය කලහ.
කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.
සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.
සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.
2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.
සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), 1968දී පිහිටුවනු ලැබීමේ 50වැනි සංවත්සරය ගැන ලිපි මාලාවක් පල කරයි.
මෙය, 1968 ජූනියේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කිරීමෙහි 50 වන සංවත්සරය සැමරීම සඳහා පල කෙරෙන ලිපි මාලාවක දෙවැන්නයි.
මෙම ලිපිය, 1968 ජූනියේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කිරීමෙහි 50 වන සංවත්සරය සැමරීම සඳහා පල කෙරෙන ලිපි මාලාවක තුන් වැන්නයි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) 1968 ජුනි මාසයේ දී ආරම්භ කිරීමේ 50 වන සංවත්සරය සලකුනු කිරීම සඳහා පලකරන ලිපි මාලාවක හතරවැන්න මෙය යි.
දිවයිනේ දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමටත් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය එකමුතු කිරීමටත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත, විකොස/සසප ගෙනගිය ක්ෂමාවිරහිත දේශපාලන අරගලය සංක්ෂිත්ත කොට දක්වයි. කොටස් හයකින් සමන්විත ලිපි මාලාවේ මෙය පස්වන කොටසයි.
කවිපට එරෙහි දේශපාලන අරගලය දැන් ඉස්මතු වෙමින් පවතින විප්ලවවාදී පන්ති අරගලවල නව කාලපරිච්ඡේදය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සූදානම් කලේ ය.
විජේ ඩයස් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ වත්මන් ප්‍රධාන ලේකම් ය. ඔහු සසප පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම උදෙසා සටන් වැදීමට හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ශාඛාව වශයෙන් 1968 දී විකොස පිහිටු වනු ලැබුනි. ඩයස් අඩ සියවසකට අධික කාලයක් කම්කරු පන්තියේ විමුක්තිය සඳහා වන මූලධර්මාත්මක අරගලයට කැප වී ඇත. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සාමාජිකයෙකි.
දීපාල් ජයසේකර ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් ය. 1987 දී, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී, ඔහු සසප පූර්වගාමී සංවිධානය වන විකොසට එක් විය. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.