අධිරාජ්‍යවාදී යුද්ධය, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ කම්කරු පන්ති නැගිටීම් සහ නොනවතින විප්ලව න්‍යාය

Imperialist war, the working-class upsurge in the Mideast and North Africa, and the strategy of Permanent Revolution

කීත් ජෝන්ස් විසිනි, 2019 මැයි 10

මැයි 4 වන සෙනසුරාදා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය පැවැත්වීය. එය හජාජාක විසින් පවත්වන ලද, එනම්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාක හි හයවන වාර්ෂික අන්තර්ජාල මැයි දින රැලියයි. රැලියේදී, ධනේශ්වර ක්‍රමයේ ලෝක අර්බුදයේ විවිධ පැතිකඩවල් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පිලිබඳව ලෝක පක්ෂයේ හා ලොව පුරා ඊට සහාය දක්වන සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයන් 12 දෙනෙකුගේ දේශනවලට සවන්දීමට හැකි විය.

රැලියේදී පවත්වන ලද දේශන ඉදිරි දිනවලදී ලෝසවෙඅහි පලකෙරෙනු ඇත. පහත පල කරන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ (කැනඩාව) ජාතික ලේකම් කීත් ජෝන්ස් විසින් කරන ලද දේශනයයි. එහි ආරම්භය වශයෙන්, ලෝසවෙඅහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් පවත්වන ලද සමාරම්භක දේශනය මැයි 18 දාතමින් ද ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ක්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රියර් විසින් කරන ලද දේශනය මැයි 19 දාතමින් ද, ලතින් ඇමරිකානු කර්තෘ බිල් වෑන් ඕකන් විසින් පවත්වන ලද දේශනය මැයි 24 දාතමින් ද , ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පවත්වන ලදදේශනය ජූනි 10 දාතමින් ද , සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියානු) ජාතික කමිටු සාමාජික ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසින් පවත්වන ලදදේශනය ජූනි 11 දාතමින් දපල කෙරුනි.

***

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනයට සහ විප්ලවවාදී මූලෝපායට කේන්ද්‍රිය වන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් ආක්‍රමනය සහ යුද්ධය කරා ගමන් කරවන ගෝලීය ධනේශ්වරයේ පද්ධතිමය අර්බුදය විසින්ම සමාජ විප්ලවයට ද ඉන්ධන සම්පාදනය කරන බවයි. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ මෙම ඒකාබද්ධ සන්තතිය උත්සන්න අවස්ථාවක පවතියි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිත්තේ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, වොෂිංටනය “නව ලෝක පර්‍යායක්” පිහිටුවීමට යන බව ප්‍රථමයෙන්ම ප්‍රකාශ කල තැන් පටන්, එජ අධිරාජ්‍යවාදය විසින් ඇවිලවුනු හා මෙහෙයවනු ලැබූ යුද්ධ මගින් මැද පෙරදිග තරම් විනාශයට පත් කරනු ලැබූ වෙනත් ප්‍රදේශයක් ඇත්තේ නැත.

ගතවූ දශකයන් තුල එජ අධිරාජ්‍යවාදය “මානව අයිතිවාසිකම්” සහ “ත්‍රස්ත විරෝධි යුද්ධය” නාමයෙන් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සිදු කල භයංකර විනාශයන් මාලාව ලේඛන ගත කිරිමට වෙලාවක් මෙහි අපට නැත. එහෙත් ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට එරෙහි ඇමරිකාවේ පලිගැනීම පිලිබඳ ව සලකන කල, විකි ලීක්ස් විසින් හෙලිදරව් කරන ලද, මැදපෙරදිග ජනතාවට, සියල්ලටමත් වඩා ඉරාකයේ, සීඅයිඒ හා පෙන්ටගනය සිදුකල ඇඟ කිලිපොලා යන හා වඩාත් වැදගත් අපරාධවල තරම මැනගත හැකිය.

එජ අධිරාජ්‍යවාදය, නිමක් නැති ආක්‍රමනයන් සහ යුද්ධ මගින් සංකීර්න සමාජයන් ඉරා දමමින් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සම්පූර්න රාජ්‍ය - සිතන්න ඉරාකය, සිරියාව, ලිබියාව, සහ යේමනය; මට තවත් ඒවා නම්කල හැකිය- සමතලා කොට මිලියන ගනන් මරන සිදු කොට මිලියන ගනන් මහමගට බස්සා ඇත. ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනය කරන ප්‍රදේශ මත එජ අධිරාජ්‍යවාදයේ පරම ආධිපාත්‍යය පිහිටුවාගැනීම උදෙසා ඔබාමා ගේ වචන වලින් කිවහොත් “රුධිරය සහ සම්පත්” සම්භාරයක් වියදම් කිරීම ඇමරිකාව තුලම සමාජ විනාශය සමග එකට බැඳි පවතී.

එහෙත් මේ යුද්ධ, එජ ආර්ථික සහ ගෝලීය බලය ඛාදනය වීම වලැක්වීමට පැහැදිලිවම අසමත්ව ඇත.

එහෙත් - යල්පැනගිය සම පර්යායක සකල ජරාජීර්න කම, පරපෝෂිතකම සහ සාපරාධිත්වය තමන් තුලට ඒකාග්‍ර කර ගනිමින් පවත්නා අමරිකානු අධිරාජ්‍යවාදය තමන් පාලනය කරගැනීමට අසමර්ථ ය. මීලඟ කුරිරු ප්‍රහාරය කලාපීය නැතහොත් ලෝක යුද්ධයක් පවා අවුලුවාලන බව හොඳටම තේරුනත් එක්සත් ජනපදය දැන් අර අදිමින් සිටින්නේ මැද පෙරදිග අලුත් සහ වඩාත් පුලුල් යුද්ධවලට ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, නීති විරෝධී හා ඒක පාක්ෂික තහංචි මගින් ඉරානයේ අර්ථිකය බිඳහෙලා “තන්ත්‍ර මාරුවක්” සිදු කිරීම සඳහා සිය කුමන්ත්‍රනය උත්සන්න කරමින් සිටී. සෞදි අරාබියට අවි සැපැයුම උත්සන්න කරමින් රියාද් පාලනය යේමනයට එල්ල කරන ප්‍රහාරයට සපැයුම් හා යුද්ධමය සහය ලබාදෙන එක්සත් ජනපදය, ඊස්රායලය විසින් ගෝලාන් කඳුකරය අල්ලා ගැනීමට නෛතික සහාය දෙමින් ද ඊස්රායල් ආක්‍රමනකාරිත්වයට සහාය දෙමින් ද සිය හමුදා යොදා නැගෙනහිර සිරියාවෙහි තෙල් බිම් අල්ලා ගෙන එරට ආර්ථික වශයෙන් ගෙල හිරකොට අලුත් ආක්‍රමන සංවිධානය කරමින් ද සිටී.

යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් ගේ කොල්ලකාරී කටයුතු මීට අඩු නැත. ඔවුන් සෞදි රජ පෙලපතේ ද ඊජිප්තුවේ සිසි ඒකාධිපතිත්වයේ ද අනුග්‍රාහකයන් වෙති. ඒ සමගම සියොන්වාදී රාජ්‍යය ආරක්ෂා කරමින්, එය විසින් පලස්තීන ජනයා මෘග ලෙස යටත් කර තබාගැනීමට සම්පූර්න සහාය දෙති. වොෂිංටනය සමග ඔවුන්ගේ මත භේද - උදාහරනයක් හැටියට ඔවුහු සිරියාව තුල වඩාත් ආක්‍රමන ශීලි බටහිර අධිරාජ්‍යවාදී අත පෙවීමක් ඉල්ලා සිටින අතර වොෂිංටනය ඉරානයට එරෙහිව ගෙනයන ආර්ථික යුද්ධයට විරුද්ධ වෙති- වනාහී තරගකාරී කොල්ලකරුවන් අතර කොල්ලය බෙදා ගැනීම පිලිබඳ භේදයකි.

එහෙත් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව හුදෙක් අධිරාජ්‍යවාදි ආක්‍රමනයේ ගොදුරක්ව ඇතුවා පමනක් නොවේ. ඒවා ගෝලීය පන්ති අරගලයේ පුනර්ජීවනය තුලින් ද සෙලුම්කයි. යෝධ සමාජ අසමානතවයකින් ද මෘග රාජ්‍ය ප්‍රචන්ඩත්වයෙන් ද සංලක්ෂිත වූ ප්‍රදේශයක කම්කරු පන්තිය සිය අවශ්‍යතා පෙරට ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටී. මෙය ඊස්රායලය මෙන්ම ඉරානය, සෞදි අරාබිය හා ඊජිප්තුව සම්බන්ධයෙන් ද සත්‍යය. ලිබියාවේ 2011 නැටෝ යුද්ධය සහ සිරියානු තන්ත්‍රයට එරෙහිව අල් ඛයිඩාව හා සම්බන්ධ (අයි එස්) ඉස්ලාම් වාදින් යොදාගැනීම මඟින් අධිරාජ්‍යවාදය ඊට ප්‍රතිචාර දැක්වීය. 2008 ගෝලීය ආර්ථික අර්බුදය විසින් අවුලුවනු ලැබුනු, විශේෂයෙන් ම අධිරාජ්‍යවදයේ ගෝලයන් වූ ඊජිප්තුවේ හොස්නි මුබාරක් සහ ටියුනීසියාවෙ බෙන් අලි බලයෙන් පහකල කම්කරු පන්තියේ නැගිටීම් එනම් අරාබි වසන්තයට එරෙහිව එහි ප්‍රතිචාරයේ මූලික අංග බවට ඒවා පත්විය.

2018න් පසු ප්‍රදේශය පුරා කම්කරු අරගලවල අලුත් රැල්ලක් පැතිර ගියේ ය. මෙයට ඉරානයේ වැඩවර්ජන හා මහා විරෝධතා ද, ඊස්රායල්හි රාජ්‍ය අංශයේ වැඩවර්ජන ද, ටියුනීසියාවේ සහ මොරොක්කෝවේ ගුරුවරුන්ගේ මහා වර්ජන ද අතුලත් විය. සුඩානයේ මාස ගනන් දිගට ඇදී ගිය මහජන විරෝධතා හමුවේ, විප්ලවයට බිය වූ හමුදාව, අල් -බශිර් ඒකාධිපතියා ඤමොහුද 1989 දී, හමුදා කුමන්ත්‍රනයක් මගින් බලය අල්ලාගත්තෙකි %- ඉවත් කලේය.

ඇල්ජීරියාවේ සිදුවීම් විශේෂ වැදගත් කමක් දරයි: දශක ගනනක් තිස්සේ රටේ ධනය කොල්ලකෑ එහි පැවති අධිරාජ්‍යවාදී සහාය ලත් දූෂිත පාලනය, කම්කරු පන්තියේ මහා විරෝධතා මධ්‍යයේ දැන් උත්සාහ කරන්නේ, කලක් තිස්සේ ජනාධිපතිව සිටින අබ්දෙලසිස් බූට්ෆ්ලිකා විශ්‍රාම යවමින් මතුපිට වෙනස් කම් කොට ගැල වෙන්නට ය.

ඇල්ජීරියාව හා එම මුලු ප්‍රදේශය පුරාම කම්කරු පන්තියේ නැගිටීම විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ මූලෝපාය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න මතු කරයි: ඒ වනාහි අන්සියල්ලටමත් වඩා කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ විප්ලවවාදී ඉදිරිදර්ශනයෙන් සහ මූලෝපායෙන් සන්නද්ධ කිරීම යි. එනම්, මහා ජනකායේ ප්‍රජාතන්ත්‍ර සහ සමාජ අපේක්ෂාවන් -ඉඩම් හිමික්‍රමය අහෝසි කොට සකල ජනවර්ග හා ආගම් වල සැබෑ සමානතාව, අධිරාජ්‍යවාදයෙන් නිදහස - යන මේ සියල්ල සාක්ෂාත් කරගත හැකිවන්නේ සමාජ විප්ලවය තුලින් පමනි. සෑම රටකම කම්කරු පන්තිය සිය දේශපාලන ස්වාධීනත්වය ගොඩනගා ගනිමින්, අධිරාජ්‍යවාදයට සහ ජාතික ධනපති පන්තියේ සියලු කන්ඩායම් වලට එරෙහිව කම්කරු පන්තියේ බලය සඳහා අරගලයේදී සකල වැඩකරන ජනතාව කම්කරු පන්තිය පිටුපස රැස්කර ගනිමින් සෑම ප්‍රදේශයකම ද ලෝකය පුරාම ද සිය අරගලය සමායෝජනය කල යුතු ය.

මෙහි ලා 2011 ඊජිප්තු විප්ලවයේ පාඩම් කේන්ද්‍රිය ය. මුබාරක් බලයෙන් පෙරලා දමනු ලැබුවේ කම්කරු පන්තිය විසිනි. එහෙත් ඊට පසුව විප්ලවය අවමංගත කෙරිනි. රෙවලුශනරි සෝශලිස්ට් වැනි ව්‍යාජ වාම බලකල්ලි කම්කරු පන්තිය ඉජිප්තියානු ධනේශ්වරයට සහ එහි රාජ්‍යයට ගැටගැසීමට ක්‍රමානුකූලව වැඩ කරමින්, මුලින් මිලිටරියේ ප්‍රගතිශීලි ය යි මවා පෙන්වන ලද කොටසක් විසින් ද ඉක්බිති මොර්සි සහ ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය විසින්ද අවසානයේදී ටමරොද් විසින් සිසි ප්‍රජාතන්ත්‍රවාදියෙකු යයි පුම්බාලමින් ද විප්ලවයේ “ප්‍රජාතන්ත්‍රිය සංක්‍රමනය” කට සහාය පිදිය යුතු යයි හඬ නඟමින් විප්ලවය අවමංගත කොට ආපසු මිලිටරියට ම මං පාදා දෙනලදී.

මේ ආකාරයෙන් ම අදදින ඇල්ජීරියාවෙහි පැබ්ලෝවාදී සෝශලිස්ට් වර්කර්ස් පාර්ටි ඤපී.එස්.ටී% වැනි ව්‍යාජ වාම කන්ඩායම් උත්සාහ කරන්නේ විප්ලවය ඇනහිටුවා කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කොට ව්‍යවස්ථාදායක මන්ඩලයක් සඳහා ඉල්ලීම ප්‍රචාරය කිරීමෙන්, එනම්, වෛවර්න ව්‍යවස්ථා පොරොන්දු වලට යටින් වත්මන් පාලන තන්ත්‍රයේ පුද්ගලයන් මාරු කිරීමට ය.

මෙම උගුල ඇටැවීම වැලැක්වීමට නම්, වඩාත් පන්ති විඥානයකින් යුත් කම්කරුවන් සහ තරුනයන් ආන්ඩුවෙන් ද එහි සහායක වෘත්තිය සමිති වලින්ද ස්වාධීනව සමාජවාදය සඳහා සටන් කරන කම්කරුවන්ගේ ක්‍රියාකරී කමිටු ගොඩනගාගත යුතු වේ. මිලිටරි පොලිස් මර්දනයට ද කප්පාදුවලට ද පවතින විරුද්ධත්වය සම්බන්ධීකරන, කම්කරුවන්ගේ අනාගත රාජ්‍ය බලය කරා යොමුවූ, කම්කරු පන්තියේ දේශපාලන අරගලය මෙහෙයවන විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් ගොඩනැඟීම තීරනාත්මකය.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කම්කරු පන්තිය ධනේශ්වරයට සහ සුලු ධනේශ්වරයට යටත් කල යුතු යයි කියා සිටින දේශපාලන බල කල්ලි අනිවාර්යයෙන්ම දේශපාලනිකව සහ ද්‍රව්‍යමය වශයෙන් අධිරාජ්‍යවාදයට බැඳී ඇත.

සොශ්‍යලිස්ට් එසිට්ලික් සංවිධානයේ සහෝදර වරුන් හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක් ගොඩ නැගීමට සටන් වැද සිටින තුර්කියේ උදාහරනය ගන්න. එර්ඩොගන්ගේ ඉස්ලාමීය අධිකාරවාදී පාලනයට එරෙහිව, තුර්කියේ ව්‍යාජ වාමාංශිකයෝ නැටෝව සහ යුරෝපීය සංඟමය දෙසට හැරී සිටින රිපබ්ලිකන් පීපල්ස් පාටි සහ පීපල්ස් ඩිමොක්‍රටික් පාටි යන දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂවලට සහාය දෙති. මෙහි මුලින් කී පක්ෂය ඤරිපබ්ලිකන් පීපල්ස් පාටි% වනාහී සාම්ප්‍රදායික කෙමාල් වාදී ධනේශ්වර පාලක ප්‍රභුවේ පක්ෂය වන අතර, කම්කරු පන්තියට එරෙහි ලේවැකි කුමන්ත්‍රන ද කුර්දි ජනයා ට එරෙහි 35ස් වසරක කැරලි මඩින මෘග යුද්ධය ද ඇතුලු ව එහි සියලු ම අපරාධවලට හවුල් වී සිටී. දෙවැන්න පීකේකේ ඤපීපල්ස් ඩිමොක්‍රටික් පාටි% වනාහි 1980 ගනන් වලදී සමාජවාදයේ නාමයෙන් සන්නද්ධ අරගලයක් දියත් කල කුර්දි ජාතික පක්ෂයයි. එහෙත් එය 1991 පටන් අධිරාජ්‍යවාදයට දිශානුගතව ලෝකය පුරා මෙවන් ධනේශ්වර ජාතික ව්‍යාපාර මෙන් ම අධිරාජ්‍යාවදයට අනුගත වී සිටි. පීකේකේ පක්ෂය 1991 දී එජ ගල්ෆ් යුද්ධයට ද 2003 දී ඉරාකය ආක්‍රමනය කිරීමට ද සහය දුන් අතර එහි සිරියානු අංකුරය වයිපිගි සංවිධානය සිරියාව තුල වොෂිංටනයේ ප්‍රධාන ඉත්තා ලෙස ක්‍රියා කරමින් සිටී.

ගිය සියවසේ මැද පෙරදිග ජනයා විඳි දුක් වේදනා විදහා දක්වන්නේ මැද පෙරදිග ප්‍රතිගාමිත්වයේ ප්‍රධාන කඳවුර වන අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට පිටස්තරව ප්‍රජාතන්ත්‍රය සඳහා අරගලයක් තිබිය නොහැකි බවයි. කම්කරු පන්තිය සමජවාදය සඳහා සන්නද්ධ කොට මෙහෙයවීමෙන් තොරව අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් තිබිය නොහැකි බවයි.

නිගමනය වන්නේ, ලෝකය පුරා කම්කරුවන් එජ විසින් මෙහෙයවනු ලබන ඉරානයේ තන්ත්‍ර මාරු මෙහෙයුම ට ද මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ අධිරාජ්‍යවාදි කොල්ලයන් ට එරෙහිව ද නැගී සිටිය යුතු යයි ද ප්‍රදේශය හරහා සිය පන්ති සහෝදරයන්ගේ අරගලයට ක්‍රියාත්මකව සහයෝගය දිය යුතුය යන්න ද වේ. උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ කම්කරුවන් ට යුද්ධයට විරුද්ධවීමේ සහ පන්ති අරගලය වර්ධනය කිරීම සඳහා විශේෂ වගකීමක් තිබේ. ඔවුන් තමන්ගේ රටවල් තුල පන්ති අරගලය වර්ධනය කිරීමේදී මැද පෙරදිග මහ ජනතාවන් ගේ නිදහස සඳහා ද සටන්කරනු ඇත. අල්ජීරියාවේ කම්කරුවන් සිය රටේ කාලකන්නි ධනේශ්වර පාලනයට එරෙහිව කරන්නාවූ අරගලය තුලින් මැක්‍රොන් සහ ට්‍රම්ප් පාලනයන්ට එරෙහි ප්‍රහාරය එල්ල කරන්නාක් මෙනි.

කම්කරු පන්ති අරගලයේ වෛෂයික ඒකාබද්ධතාවය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍ය්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය ප්‍රානවත් කරනවාක් මෙන් ම එය මැද පෙරදිග සහ අප්‍රිකාව හරහා හතරවන ජාත්‍යන්තරයේ ශාඛා වර්ධනය කිරීමක් ලෙස ඉදිරියේ එන කාල පරිච්ඡෙදය තුල ප්‍රකාශ විය යුතු ය.

Share this article: