හැඳින්වීම
ධනපති පොදු පෙරමුනු ආන්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන 1999 වර්ෂයේ ආරම්භයේ සිට දීපව්‍යාප්ත ව ක්‍රියාත්මක කෙරේ. එහි දී ඉගැන්වීමේ ක්‍රමය ලෙස ඉස්මත්තට ගෙන ඇති ශිෂ්‍ය කේන්දීය අධ්‍යාපනය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් කම්කරු මාවත 98.05.15 හා 98.05.29 දිනැති කලාපවලින් අපි ඉදිරිපත් කලෙමු. මෙම දෙවන ලිපියෙහි අරමුන උක්ත ප්‍රතිසංස්කරන මගින් සිදු කෙරෙන පාසල් විෂය මාලා නවීකරනයන්හි ප්‍රතිගාමී විෂඝෝර ස්වභාවය එලිමහනට ගැනීම ය.
මෙහි දී අපි ප්‍රවේසම් සහගත විය යුත්තෙමු. ඒ හෝ මේ ප්‍රතිසංස්කරනයක් හුදකලා කොට ගෙන ඒ සඳහා ධන හෝ සෘන ලකුනු ප්‍රදානය කිරීමට යෑම මගින් බොහෝ අධ්‍යාපන විශ්ලේෂකයෝ පය පැකිලී වැටී ඇත්තාහ. ඔවුනට ගස් විනා කැලය නො පෙනුනි. අප අනුයන මාක්ස්වාදී විධි ක්‍රමය, මෙම අන්තරායෙන් අපගේ දෑත් නිදහස් කරලයි. ඕනෑම ප්‍රතිසංස්කරන යෝජනාවක සැබෑ අර්ථය, සැබෑ එල්ලය අපට ග්‍රහනය කර ගත හැක්කේ එය සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරනයන්හි වෛෂයික පදනමෙහි ලා විභාග කිරීමෙන් පමනකි.
මෙකී වෛෂයික පදනම් මතු කර ගැනීමට පූර්වයෙන් එක් කරුනක් අවධාරනය කල යුතු වෙයි. එනම් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරන මීට පූර්වයෙන් සිදු කෙරුනු ඒ හෝ මේ ප්‍රතිසංස්කරනයක් හා සසඳන කල්හි ගුනාත්මක වෙනසකින් සංලක්ජිත බව ය. ධනපති පන්තිය ද ඒ බැව් පිලි ගනී. 1997 මහ බැංකු වාර්තාවේ එය මෙසේ අවධාරිත ය: 'පසුගිය වසර 20ක පමන කාලය තුල අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් විශේජිත වූ අංශවලට පමනක් සීමා වූ ප්‍රශ්නවලට අවධානය යොමු කරමින් කලින් කලට යම් යම් ප්‍රතිපත්තීන් හඳුන්වා දෙනු ලැබී ය. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්ති අධ්‍යාපන අංශයේ පවත්නා සියලු ම ගැටලු ආවරනය වන පරිදි ඉදිරිපත් වූ ඒවා නො වූ බැවින්, එමගින් අපේක්ජිත ප්‍රතිපල බොහෝ දුරට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ අතර සමහර ප්‍රතිපත්ති ඉතා කෙටිකාලීන ඒවා ද විය. සියලු ම අංශවලට සමගාමී වන ලෙස මෙම සැලසුම් අදාල නොවීමේ හේතුවෙන් ... 1997 දී වඩාත් උචිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරන මාලාවක් හඳුන්වා දෙනු ලැබී ය.' (79 පිට.)
අද දින ධනපති පාලක පන්තියටත් මෙම ප්‍රතිසංස්කරන සඳහා මුදල් පොම්ප කරන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ස්වීඩන් අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියටත් මෙබඳු සමස්ත අධ්‍යාපනය ම අලලා ගත් ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාවට නැංවීමට ඇති වූ ඕනෑකම කුමක් ද? ඊට පිටුපසින් පවතින මූලයෝ කවරහු ද? ඔවුන්ගේ ම ලියවිලි කීපයකින් අපි උපුටා දක්වමු:
'වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිවන බොහෝ දෙනා තුල ප්‍රායෝගික කුසලතාව මනාව සංවර්ධනය වූ බවක් නො පෙනේ... මේ නිසා රටේ ආර්තික හා සමාජයීය අවශ්‍යතාවන්ට සුදුසු ලෙස තම දැනුම යොදා ගැනීමේ නිර්මානශීලී කුසලතාවන් ඇති පුරවැසියන් බිහි කිරීම... (නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වැඩ සටහන - ද්විතීයික අධ්‍යාපනය 1 පිට)
'පෞද්ගලික අංශයේ අවශ්‍යතාවන්ට වඩාත් අනුකූල වන පරිදි තිරසාර අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීමේ අවශ්‍යතාව පසුගිය දශක දෙකක පමන කාලය තුල දී දැඩි ලෙස දැනුනි' (1997 මහ බැංකු වාර්තාව - 77 පිට)
'විශ්ව විද්‍යාල පාඨමාලා ශ්‍රම වෙලඳ පොල අවශ්‍යතාවන්ට අනුව ප්‍රතිසංවිධානය කරනු ලැබේ.' (99 අයවැය කතාව)
අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනපති පන්තියේ මෙම ප්‍රවිෂ්ටය අහම්බයක් නො වේෂ එය පසුගිය දශක දෙක තුල ලෝක පරිමානව ධනපති ක්‍රමය තුල සිදු වූ ගුනාත්මක පරිවර්තනයට සිතා මතා කල ප්‍රතිචාරයකිෂ එනම් නිෂ්පාදනයේ සිදු වූ භූගෝලීකරනයට දකුනෙන් පෑ ප්‍රතිචාරයකි. මෙය පීඩිත මහජනතාවගේ දූ දරුවන්ගේ කරට අන්තර්ජාතික සංගත නමැති වියගහ දැමීමකි. ලාභ ශ්‍රම පිපාසයෙන් ලොව පුරා දුවන සංගතයන්ට ඇවැසි වහල් ශ්‍රම තටාකයක් තනාදීමට ගන්නා ප්‍රයත්නයකි. මතු පරම්පරාවන්ගේ අනාගතය ගැනත් ඔවුන් අත්පත් කර ගත යුතු කායික, මානසික ශක්තීන්හි විපුලත්වය ගැනත් බැරෑරුම් ආකල්පයක් ගන්නා කවරෙකුට වුව අධිරාජ්‍ය ගැති ධනපති පොදු පෙරමුනු ආන්ඩුව පෙරට දමන අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගැන උදාසීන වතයක එල්බ සිටිය නො හැක්කේ එහෙයිනි.
ධනපති පන්තියේ සිරකරුවෙක්
ආදි කල්පික ගෝත්‍ර සමාජයන්හී දරුවන් අධ්‍යාපනය ලැබ ගත්තේ ගෝත්‍රයේ වැඩිහිටියන් මගිනි. එය සිදු වූයේ වැඩිහිටියන්ගේ මග පෙන්වීම යටතේ දරුවන් ද සම්බන්ධ කර ගනිමින් යෙදුනු ශ්‍රම ක්‍රියාකාරිත්ව සන්තතිය තුල දී ය. එම අවදියේ පැවති නිෂ්පාදන බලවේගයන්ගේ පහත් මට්ටමට අනුරූප වූ එම අධ්‍යාපනය නිෂ්පාදන බලවේගයන්හි වර්ධනයත් සමග කිසිසේත් ප්‍රමානවත් නො වී ය. මෙම ගෝත්‍ර සමාජයන්හි උච්චතර අදියරේ දී වූ පන්ති සමාජයේ උද්භවයත් සමග වඩා සංවිධිත අධ්‍යාපනයක් කරා යොමු වූ අතර ඒ සමඟ ම අධ්‍යාපනයේ පන්ති ස්වරූපය ද පහල වී ය. ලබා දෙන්නේ කවර තරමේ අධ්‍යාපනයක් ද කොයි කාට ද යන්න තීරනය කරනු ලැබුවේ අධිපති පාලක පන්තිය විසිනි. සූරා කැවෙන පන්තීන්ගේ විප්ලවීය රල වේගයන් හමුවේත් ඇතැම් විට පුහුනු ශිල්පීන්ගේ අවශ්‍යතාව කරන කොටත් පාලක පන්තීන්ට අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමට බල කෙරුනු බව සැබවි. එහෙත් ඒ හැම විටෙක ම සුක්කානම පාලක පන්තිය අතෙහි තිබුනි.
මේ අනුව අධ්‍යාපනය, වර්තමානයේ ධනපති පන්තියේ 'සිරකරුවෙකි'. රුසියානු විප්ලවයෙන් පසුව සෝවියට් අධ්‍යාපනය සංවිධානය කිරීමේ ලා පුරෝගාමියෙකු වූ එන්.කේ. කෘප්ස්කයා විසින් 1918 දී ලියන ලද ච්ඔනචඑරනඉනග ටහඑ ද්උඑසටඉඔන ඔෆ ස්ඔචඉඅලඉසට ස්චහඔඔලස (සමාජවාදී පාසල් ප්‍රශ්නය පිලිබඳව) යන ලිපියෙහි මෙම කරුන අතිශය දීප්තිමත් ආකාරයට විග්‍රහ කොට තිබේ.
'මෑතක් වන තුරු ම රජයේ පාසල් ශිෂ්‍යයිනට යම් මූලික දැනුමක් සම්පාදනය කලේ යත මන්ද නීති රීති හෝ ආන්ඩුවේ නියෝග කියවා ගත නො හැකි වූත් ඔවුන්ගේ අත්සන තැබීමට හෝ සරලතම ගනනයන් කිරීමට හෝ නො පොහොසත් වූත් පුද්ගලයිනට වඩා සාක්ෂරභාවයෙන් යුතු මහජනතාව පාලනය කිරීම ලේසිපාසු බැවිනි. තව ද රටක් කාර්මිකත්වයෙන් වඩාත් වර්ධනය වත් ම කම්කරුවන්ට සහ ගොවියන්ට තිබිය යුතු දැනුම විශාලතර වෙයි. පාසැල් මෙම දැනුම සපයන්නේ ඒ සමඟ ම ශිෂ්‍යයින් ධනපති දෘෂ්ටිවාදය ජීරනය කර ගත යුතු ය යන කොන්දේසිය යටතේ ය. ධනපති ක්‍රමය දෙවියන් වහන්සේ විසින් ම මවනු ලැබ ඇති බවත් එය වඩාත් යුක්තිසහගත, සාධාරන සහ වඩාත් ම යහපත් ක්‍රමය බවත් කෙනෙකුගේ පාලකයන් හා උසස්තමයන් වඩාත් ම හොඳ පුද්ගලයින් බවත් ඔවුන්ගේ උපදෙස්වලට පරිපූර්නයෙන් කීකරු විය යුතු බවත් ශිෂ්‍යයින්ගේ සිත් තුලට කා වද්දනු ලැබේ. සෑම දිනක ම, සෑම පැයක ම හා සෑම මිනිත්තුවක ම එබඳු පාසැල්වල ශිෂ්‍යයිනට ඔවුන්ගේ උසස්තමයන්ට කීකරුවීමටත් ගරු කිරීමටත් උගන්වනු ලැබේ. බලයට, ධනයට හා ධනපති අධ්‍යාපනයට වන්දනාමානය ආරම්භක වසරවල සිට ම ඔවුන් තුලට කා වද්දනු ලැබේ. රටේ මව් බස, භූගෝලය හා ඉතිහාසය යන විෂයන්ගේ පාඩම් ලමයින් තුල අසීමාන්තික ව ජාත්‍යෝත්තමවාදය වගාදිගා කිරීමට භාවිත කෙරේ. පාසැල්, සහෝදරාත්මක එකමුතුභාවයේ හැගීම් මැඬලීමට ප්‍රයත්න දරයි. ... කෙටියෙන් කීවොත්, පාසැල්වල අරමුන වන්නේ ශිෂ්‍යයන් තුල ධනපති සදාචාරය කා වැද්දීමත්, ඔවුන්ගේ පන්ති විඥානය මරා දැමීමත්, ඔවුන් පහසුවෙන් පාලනය කල හැකි කීකරු රැලක් බවට පරිනාමනය කිරීමත් ය. ... වඩාත් දියුනු රටවල පාසැල් වඩාත් සංවර්ධිත යෂ භාවිත කරන ශිල්ප ක්‍රම වඩාත් පිරිපහදු යෂ විෂය මාලාව වඩා පුලුල් යෂ පාසල්වල අරමුනු වඩාත් හොඳින් සඟවා ඇතෂ නමුත් සාරය එලෙස ම පවතී.'
1918 තරම් ඈත දී ලියූ මෙම චේදය අප තුල හුරුපුරුදු, සමීප මනෝභාවයන් ජනනය කරවීමට සමත් වන්නේ මන් ද? මේ 1918 නො වේ. එදා මෙදා තුර ධනපති ක්‍රමය ම යෝධ පරිවර්තනයන්ට ලක් ව ඇත්තේ ය. තතු එසේ වන කල්හි උක්ත චේදයේ අදට අදාලත්වය සැඟ ව ඇත්තේ කොහි ද? රූපාකාරයේ කවර තරමේ වෙනස්කම් තිබිය හැකි වුව, ධනපති ක්‍රමය තුල දී අධ්‍යාපනය මත ධනපති පන්තියේ මුද්‍රාව තැබේ යන පරම සත්‍යය එහි ගැබ් ව ඇති හෙයිනි යි මම සිතමි.
විෂය මාලාව
එනයින් ම අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන මෙවලම වූ 'විෂය මාලාව'හැම දා පන්ති ආධිපත්‍යයේ යකඩ සපත්තුවෙන් තැලුනි. එහෙයින් පූර්න මානව පෞරුෂයක් උදෙසා වූ විෂය මාලාවක් පිලිබඳ මානව සිහිනය සාක්ෂාත් කොට ගත හැක්කේ මෙම පන්ති යදමෙන් 'විෂය මාලාව' මුදවා ගතහොත් පමනකි. එනම් සමාජවාදී සමාජයක දී පමනකි.
මේ අනුව තේරුම් ගත යුත්තක් වෙයි. 1997 යෝජිත විෂය ප්‍රතිසංස්කරන මගින් කෙරී ඇති විෂය මාලා කප්පාදුවට අප අවධානය යොදන විට ඉන් මෙතෙක් පැවති විෂය මාලාවට සම්මාන පුද කිරීමක් ගම්‍ය නො වන බව ය ඒ. පූර්වයෙන් පැහැදිලි කල පරිදි මෙම විෂය මාලා දෙක ම පන්ති දූෂනයෙන් යුතු ය. අප කතා කරන්නේ කබලෙන් ලිපට වැටී ඇති සැටි ගැන යෂ අර්බුද ග්‍රස්ත ධනපති පන්තිය විෂය මාලාව මත සිය ආධිපත්‍යයේ රැහැන් පටවල් තද කොට ඇති සැටි ගැන ය.
උසස් පෙල විෂය මාලා ප්‍රතිසංස්කරන
1. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විසින් 98.04.09 දාතමින් නිකුත් කල 'විශ්වවිද්‍යාල ප්‍රවේශය පිලිබඳ අ.පො.ස. (උ.පෙ) විෂය සංයෝජන' නමැති චක්‍රලේඛය මගින් මෙම ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමිනි. සිදු කෙරුනු මූලික වෙනස ගැන එහි මෙසේ සඳහන් වේ: 'නව විෂය සංශෝධනය අනුව වර්ෂ 2000 දී පැවැත්වෙන අ.පො.ස(උසස් පෙල) විභාගයේ ප්‍රතිපල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම සඳහා ශිෂ්‍යයන් පෙනී සිටිය යුත්තේ විෂයයන් තුනකට පමනි.' මීට පෙර ඔවුහු විෂය ක්ෂේත්‍ර හතරක් හදාලහ. ශිෂ්‍යයකුගේ දැනුම් පරාසය සියයට 25කින් කප්පාදු කොට ඇත්තේ එය තව තවත් පුලුල් කිරීමේ යථා කොන්දේසි මතු ව ඇති ලෝකයක ය.
සිය වස් ගනනකට පෙර, අද දින අප වෙන් වෙන් විෂයන් ලෙස හඳුන්වන බොහෝ ක්ෂේත්‍ර, දර්ශනවාදයේ විෂය ක්ෂේත්‍රය තුල ය, අඩංගුව තිබුනේ. මිනිසාගේ ලෝක ඥානනය පෘතුල වත් ම විවිධ විෂය ක්ෂේත්‍රයන්හි බෙදුම්කඩනයන් ඈඳිනි. 'සොබාදහමෙහි අපෝහකය' නම් කෘතියේ 'විද්‍යාවේ ඉතිහාසයෙන්' යන ලිපිය තුල එංගල්ස් මේ පිලිබඳ ව විවරනයක යෙදෙයි. ආරම්භයේ දී මිනිසාගේ අවධානය තාරකා විද්‍යාව, ගනිතය හා යාන්ත්‍රික විද්‍යාව යන අංශ තුනට සීමා වී තිබුනු බව ඔහු පෙන්වා දෙයි. එඬේර හා කෘෂිකාර්මික ජනයාට තාරකා විද්‍යාව නැතු ව බැරි දෙයක් විය. එය වර්ධනය කල හැකි වූයේ ගනිතය පාදක කොට ගෙන ය. වාරි ක්‍රම, නගර පැන නැගීම, නාවික ගමනාගමනය, හස්ත කර්මාන්ත හා යුද්ධ කරන කොට ගෙන යාන්ත්‍ර විද්‍යාව සම්භව වී ය. තව මත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව ආදිය විහේදනය වී නො තිබුනි. මූල ද්‍රව්‍ය සංකල්පය පවා නොමැති රුධිර සංසරනය නොදත් වකවානුවක එය එසේ විය. මධ්‍යතන යුගයේ අඳුරු කාලචේදය නිමා වීමෙන් පසු විවිධ ශාඛාවන් ඔස්සේ මානව දැනුම ප්‍රසාරනය වුනි. එවිට භෞතික විද්‍යාව නිශ්චිත වසයෙන් රසායන විද්‍යාවෙන් වෙන් විය. එලෙසින් ම සත්ව, උද්භිද, කායික, කාලගුන හා භූ විද්‍යා අංශ වෙන් වෙන් ව වර්ධනය ඇරඹුනේ ය.
21 වන සියවසේ දොරටුව අබියස වෙසෙන අප අද අත් දකිනුයේ මානව ඥානයේ විප්ලවීය වර්ධනය හමුවේ නන්විධ නව විෂය ක්ෂේත්‍රයන්ගේ පැන නැගීම යි. අධ්‍යාපනයේ අභියෝගය වූ කලී වර්ධනය වෙමින් පවත්නා වූ මේ ඥාන සම්භාරය මානව වර්ගයාට සමීප කරවීම යි. එහෙයින් '21 වන සියවසට ඔබින අධ්‍යාපනයක්' සඳහා යැයි බෙහෙවින් පැවතුන විෂය ඥානය තවත් හකුලා දැමීම ධනපති පන්තිය දැනුවත් ව දරන ප්‍රතිගාමී ව්‍යායාමයකි.
විෂය සංඛ්‍යාව මේ අන්දමින් අඩු කිරීමට හේතුව වසයෙන් ආන්ඩුව දක්වන්නේ කුමක් ද? 'ඒ මගින් ශිෂ්‍යයින් මත ඇති අධික විභාග බර අඩු වන අතර ඔවුන් තුල ඇති මානසික අසහනය බෙහෙවින් අඩු වනු ඇත. දැනට පවතින විභාග ක්‍රමය නිසා දරුවන්ට පැවරී ඇති අධික බර ලිහිල් කිරීම කල යුතුව ඇත.' (21 වැනි සියවසට උචිත අධ්‍යාපන ක්‍රමයක් උදෙසා ප්‍රතිසංස්කරන යෝජනා - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල නිවේදනය, පිට 04)
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය එක් ව නිකුත් කල ප්‍රකාශනයක මෙසේ සඳහනි: 'මේ මගින් (විෂය සංඛ්‍යාව අඩු කිරීම මගින් - ලියුම්කරු) පුලුල් වන ආර්තිකයේ රැකියා අවස්ථාවනට ගැලපෙන තෘතීය අධ්‍යාපන අවස්ථාවන් ලබා ගැනීම සඳහා සිසුන්ට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යොමු වීමේ ඉඩකඩ හා මාර්ග වැඩි වනු ඇත' (උසස් පෙල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වැඩ සටහන - 1998 සැප්තැම්බර්)
විෂය සංඛ්‍යාව අඩු කරලීමේ සැබෑ එල්ලයන් මහජනතාවගෙන් වසං කිරීමට ආන්ඩුව දඟ දමන සැටි මින් අපූරුවට ප්‍රදර්ශනය වනවා නො වේ ද? එක් පැත්තකින් බර හෑල්ලු කිරීම ගැන දොඩමින් අනෙක් පසින් උතුරු දකුනු නැති 'අභියෝග්‍යතා පරීක්ෂනයක්' සිසුන්ගේ හිස මත කඩා පාත් කිරීම උත්ප්‍රාස දනවයි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටු වූයේ 1990 දී ප්‍රකාශයට පත් කරන ලද තරුන අසහනය පිලිබඳ වාර්තාවේ නිර්දේශයක් අනුව ය. මොවුන් තරුන අසහනයේ මූලයන් සොයා ගෙන ඇති සැටි කදිම ය! විෂයයන් සංඛ්‍යාව අඩු කොට බර හෑල්ලු කරනුෂ එවිට තරුන අසහනය බෙහෙවින් අඩු වනු ඇත!! අධ්‍යාපන සම අවස්ථා ඇති කිරීම, සුදුසුකම් ලබන සියලු ම සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම, (1997 දී විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කර ගැනුනේ සුදුසුකම් ලැබූ මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 14ක් පමනි) හා විරැකියාවට පිලියම් යෙදීම යනාදියට පිලිතුරු නැති ධනේශ්වරයට කල හැක්කේ සංගතවල අවශ්‍යතා සඳහා එනම් වෙලඳ පොල අවශ්‍යතා සඳහා අවම කුසලතාවන් සහිත 'දැනුම් ආබාධිතයන්' බිහි කිරීම පමනකි. අඩු විෂය සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීම මගින් සිසුන්ට වැඩි වාසි ලැබෙති යි ගජබින්න දෙසා බෑමට ධනපති පාලකයන් ඉදිරියට එන්නේ මෙකී යථා තතු හෙලිදරව් වීමෙන් පුපුරා යා හැකි සමාජ කලබැගෑනියේ පරිමාව ඔවුන් පිරිසිඳ දන්නා බැවිනි.
2. මෙතෙක් උසස් පෙල ගනිත අංශයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකුට හූද්ධ ගනිතය හා ව්‍යවහාරික ගනිතය යන විෂයයන්හි සැලකිය යුතු ගැඹුරු දැනුමක් ලබා ගත හැකි වී ය. අප කලින් සඳහන් කල පරිදි එය වුව ද තවත් සාධනීය ලෙස නවීකරනය කල යුතු ව තිබුනි. ගුරු පුහුනුව හා ගුරු අත් පොත් ආදියට යන වියදම දරා ගත නො හැකි බව කියමින් නව විෂය කොටස් හඳුන්වා දීම මඟ හැර තිබුනි. එතතු තුල වුව ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හෝ භෞතීය විද්‍යා හෝ අංශයට ඇතුලු ව අධ්‍යයන කටයුතු ගෙන යාමට තරම් ප්‍රමානවත් මූලික දැනුමක් උසස් පෙල මට්ටමේදී සැපයුනි. ඉංජිනේරු විද්‍යාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයේ දී ද ගනිතය විෂය ඉගැන් වූ අතර එය උසස් පෙල ගනිත දැනුම පාදක කොටගෙන වර්ධනය කෙරිනි. භෞතීය විද්‍යා හදාල ද තත්වය එබඳු වී ය.
නව ප්‍රතිසංස්කරන යටතේ හූද්ධ ගනිතය හා ව්‍යවහාරික ගනිතය මිශ්‍ර කොට සංයුක්ත ගනිතය හා උසස් ගනිතය යැයි විෂයයන් දෙකක් හඳුන්වා ඇත.
විෂය සංයෝජන චක්‍ර ලේඛය අනුව, ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අපේක්ජිත සිසුන් තෝරා ගත යුත්තේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා සංයුක්ත ගනිතය යි. එක් නිදසුනක් දක්වතොත් ඉංජිනේරු විද්‍යාව සඳහා ගනිතයේ අවකල සමීකරන ප්‍රමුඛ වැදගත්කමක් දරයි. එහෙත් එම විෂය කොටස ඇත්තේ උසස් ගනිතයට අඩංගු කොට ය. මෙම විෂය කොටස මුල සිට විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගැනීමට සිසුන්ට සිදු වනු ඇත. කප්පාදුවේ බලපෑම දිගින් දිගට යන්නේ ඒ පරිද්දෙන් ය.
ඉහත විෂය සංයෝජනයෙන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට ඇතුලු වන ශිෂ්‍යයන්ට දෙවියන්ගේ ම පිහිටයි! පුලුල් ගනිත දැනුමක් අපේක්ෂා කරන එම පාඨමාලා කෙසේ නම් මෙබඳු අල්ප දැනුමකින් ග්‍රහනය කර ගත හැකි ද?
චක්‍රලේඛය අනුව සංයුක්ත ගනිතය හා උසස් ගනිතය සමග දෙන ලද තවත් විෂයයක් හදාල සිසුන්ට භෞතීය විද්‍යා අංශයට ඇතුලු වීමට හැකි ය. එහෙත් මුලු දිවයිනේ ම මෙම විෂය සංයෝජනය තෝරා ගෙන ඇත්තේ අතලොස්සකි. එද විවිධ දේශීය හා විදේශීය පාඨමාලා ඉලක්ක කොට ගත් ඒ සඳහා මුදල් යහමින් වීසි කිරීමේ හැකියාවෙන් යුත් දැනුවත් නාගරික සිසුන් ය. කලාතුරකින් ශිෂ්‍යයකු මෙම විෂය සංයෝජනය හැදෑරීමට කැමති වුව ද පිට පලාත්වල පාසල්වල උසස් ගනිතය අඩංගු පන්ති නොමැත. පාසලක සිසුන් 12කට අඩු උසස් පෙල විෂය ධාරාවන් වසා දමන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල චක්‍රලේඛය බල පවත්වන තතු යටතේ අල්ප ශිෂ්‍ය සංඛ්‍යාවක් උගන්නා උසස් ගනිතය වැනි විෂයයන්ට ගුරු සම්පත යොදති යි ඔබ සිතන්නෙහි ද? ඊට විපරීත ව ධනපති පන්තිය සූදානම් වනුයේ ලෝක බැංකු සැලසුම අනුව ගුරුවරුන් 40000ක් එලියට දැමීමට ය.
ගනිත විෂයයන් දෙක ම අන්තර්ගත විෂය සංයෝජනය ශිෂ්‍යයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ඇයි? 'භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා සංයුක්ත ගනිතය' හදාරන්නන්ට ඉංජිනේරු විද්‍යා හා භෞතීය විද්‍යා අංශ දෙක ම විවෘත ය. උසස් ගනිතය හදාරන්නන්ට විවෘත භෞතීය විද්‍යා අංශය පමනි. එහෙයින් සිසුන් මුල් විෂය සංයෝජනයට ඇදී යාම අනිවාර්ය ය. අනෙක් කරුන නම් ධනපති සමාජය විසින් ම ඇති කර තිබෙන සමාජ වටිනාකම් ය. ධනපති සමාජය තුල වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ ආදී වෘත්තීන්ට ලැබී ඇති වරප්‍රසාදිත තත්වය, එම අංශ කෙරෙහි සමාජ ඉල්ලුම වැඩිවීමට හේතුභූත වී ඇත.
ප්‍රතිසංස්කරන ආශ්‍රිත විවිධ වැඩමුලුවල දී ප්‍රකාශිත අදහසක් වූයේ උසස් ගනිතය හැදෑරීමට පෙලඹෙන සිසුන් දුර්මුඛ කල යුතු බව යි. අමුතු උත්සාහයක් ඊට අවශ්‍ය නැත. මන් ද? දැනට ම එය සිදු වී ඇති බැවිනි. මේ අනුව චක්‍රලේඛය සම්පාදනය කර ඇත්තේ ම ඇතැම් විෂයයන් විෂය මාලාවෙන් අතු ගා දැමීමේ එල්ලය ඇති ව බැව් අතැඹුලක් සේ පැහැදිලි ය.
3. උද්භිද විද්‍යාව හා සත්ව විද්‍යාව ලෙසින් වෙන් වෙන් ව තිබූ විෂයයන් නව ප්‍රතිසංස්කරන යටතේ ජීව විද්‍යාව නම් තනි විෂයයක් බවට පත් කොට ඇත. එසේ වුව ද ශිෂ්‍යයකුට ඇවැසි මූලික සංකල්ප ජීව විද්‍යාව විෂය සන්ධාරයට අඩංගු බව ඇතැම්හු කියති. නිදසුනක් වසයෙන් පටක සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් සම්පාදනය නොකල ද පටක පිලිබඳ මූලික කරුනු තවමත් ඉගැන්වෙතැ යි ද එය ප්‍රමානවත් යැයි ද මතයක් පවතී. මෙය කප්පාදුව ඉදිරියේ නෙත් වසා ගැනීමකි. ප්‍රථම කොට ම මානව වර්ගයා සිය ඥානන සන්තතිය තුල දී විෂයයන් සුවිශේජීකරනය කොට ගත්තේ ම ඒ ඒ අංශයන්හි පෘතුලතර දැනුමක් අත්පත් කර ගැනීමට නො වේ ද?
4. වානිජ්‍යය, ගනකාධිකරනය හා මූල්‍ය කලමනාකරනය යනාදී ප්‍රථම උපාධි පාඨමාලාවලට ප්‍රවේශය සඳහා පනවා ඇති කොන්දේසි නිසා විෂය මාලාවෙන් ව්‍යාපාර සංඛ්‍යානය හා ගනිතය යන විෂය ද්වය අතු ගෑවී යයි. එම පාඨමාලාවලට ප්‍රවේශවීමට ගිනුම්කරනය අනිවාර්ය කොට ඇති අතරේ ම ගිනුම්කරනය, ව්‍යාපාර සංඛ්‍යානය සහ ගනිතය යන විෂය තුනෙන් එකක් පමනක් තෝරා ගත යුතු බව ද කියැ වේ. මේ අනුව ව්‍යාපාර සංඛ්‍යානය හෝ ගනිතය හෝ තෝරා ගන්නා ශිෂ්‍යයන්ට ප්‍රවේශ විය හැකි අංශ සීමා කොට ඇති බැවින් එහි එල්ලය මෙම විෂයයන් කපා දැමීම බව නිසැක ය.
5. කලා විෂය ධාරවේ ද භූගෝලය, තර්ක ශාස්ත්‍රය යන විෂයයන්ගේ පැවැත්මට කනකොකා හඬා ඇත. භෞතික ක්‍රමය, සිසුන්ගේ කැමැත්ත හෝ ආශාව අනුව ඔවුනට විෂයයන් තෝරා ගැනීමට අවකාශ ලබා නො දේ. සුදුසුකම් ලද්දවුන්ගෙන් පවා සියයට 14ක් පමනක් විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට වරම් ලබන සමාජයක උපරිම ලකුනු ලැබ ගත හැකි විෂයයන් තෝරා ගනු විනා කවරෙකු තම සිතැ පරිදි විෂයයන් තෝරා ගනු ලබයි ද? මෙබඳු උග්‍ර තරඟකාරිත්වයක් හමුවේ තම හැකියාවන් ද ආශාවන් ද පසෙක ලා පහසු විෂයයන් හැදෑරීමට සිසුන් යොමු වන්නේ එහෙයිනි. දේශපාලන විද්‍යාව හා ආර්තික විද්‍යාව අතර තරඟයෙන් තව ම ජයග්‍රාහකයකු නැති නමුදු ඉදිරි විභාග ප්‍රතිපල අනුව ශිෂ්‍ය ආකර්ෂනය මින් එක් විෂයයක් දිනා ගනු ඇත්තේ යම් දිනක අනෙක් විෂයයේ මරනය නිවේදනය කරමිනි. ඇතැම් විට එක් එක් පාසල්වල ඉගැන්වෙන විෂයයන් ප්‍රමානය සීමා කෙරෙනු ඇති අතර තමන් හදාරන විෂයයන් ඉගෙනුම සඳහා අදාල පාසල් සොයා - ඇතැම් විට දුර බැහැර පවා - යාමට සිසුනට සිදුවනු ඇත.
ද්විතීයික අංශයේ විෂය මාලා ප්‍රතිසංස්කරන
1. 7-11 විද්‍යාව විෂය අන්තර්ගතය වෙලඳ පොල අවශ්‍යතා සඳහා සෘජු ව ම ඛාදනය කොට තිබේ. සිද්ධාන්තමය දැනුම ගැන එය තව දුරටත් නො වෙහෙසෙ යි. ඒ සිසුන් බරින් හෑල්ලු කිරීමට යයි පොදු පෙරමුනු ආන්ඩුවේ ප්‍රතිගාමී ප්‍රතිසංස්කරන පෙරහැරේ පන්දම් පාලියේ යන හෙංචයි විෂය විශේෂඥයෝ (!) අපට සහතික කර කියති. ඕනෑම පාඩමක් ආරම්භ කෙරෙන්නේ නීති නියාම දක්වමින් නො ව සමීප ප්‍රයෝජන මතු කරමිනි. 11 ශ්‍රේනියේ දී වුව ද නියම ගැන හඳුන්වා දීමට අපේක්ෂා කරන්නේ යම්තම් ය. මෙය තේරුම් ගැනීමට දැනට ප්‍රකාශයට පත් කොට ඇති 9 ශ්‍රේනියේ විද්‍යාව හා තාක්ෂනවේදය විෂය නිර්දේශය, 9 වසර පැවති නිර්දේශය සමග සැසඳීම ප්‍රමානවත් ය.
2. 6 ශ්‍රේනිය ප්‍රතිසංස්කරන යටතේ ප්‍රාථමික සහ කනිෂ්ඨ ද්විතීයික අංශ අතර 'සංක්‍රමනීය වසර' ලෙස හැඳින්වේ. 6 වසරේ පෙර පැවති විද්‍යාව හා සමාජ අධ්‍යයනය විෂයයන් එක් කොට 'පරිසර අධ්‍යයනය' නම් තනි විෂයයක් දැන් හඳුන්වා දී ඇත. ඒ යටතේ දැන් ඉගැන්වීමට නියමිත විද්‍යාව සන්ධාරය මාතෘකා පහකින් සමන්විත ය.
ශාස්ත්‍රීය අධ්‍යාපනය සිසුනට බරක් යැයි කියමින් සංගතවලින් ඉල්ලා සිටින වැඩ ලෝකයට අවශ්‍ය අවම කොන්දේසි සපුරා ගත් (පාසල් පාදක ඇගයීමේ එල්ලය මෙය බව දැනට මතක් කරමු.) ශ්‍රමිකයින් 9 ශ්‍රේනියෙන් එලියට දමා ගැනීමට නොවේ ද මේ අර අදින්නේ. 6 වසරේ විද්‍යාව විෂය අන්තර්ගතයේ දැවැන්ත කප්පාදුව ඔබට හඬ ගා කියන්නේ ධනපති පන්තිය අප ම්ලේච්ඡත්වය කරා ගෙන යන බව ය.
3. මෙම ප්‍රතිසංස්කරන යටතේ 6 ශ්‍රේනියේ සිට 11 ශ්‍රේනිය දක්වා විෂයයන් සඳහා කාල චේද වෙන් කිරීමේ දී සිදු කොට ඇති කප්පාදුව අපේ විශේෂ අවධානයට ලක් විය යුතු තවත් අංශයකි. 6 ශ්‍රේනියේ පරිසර අධ්‍යයනය නව විෂය සඳහා කාලචේද 9ක් ඇත. එලෙස සංයුක්ත කොට ඇත්තේ විද්‍යාව කාලචේද 6ක් හා සමාජ අධ්‍යයනය කාලචේද 5කි.
වැඩියෙන් කපා දමා ඇත්තේ මව්බස, ගනිතය හා විද්‍යාව යන විෂයයන්ගෙන් වීම සැලකිල්ලට ගන්න. දෙවනුව මෙම කාලචේද යොදා ගෙන ඇත්තේ කුමක් සඳහා දැයි බලමු.
ඔවුන් සඳහන් කරන පරිදි වෙන් කර ඇති කාලචේද පාසලේ අභිමතය පරිදි වෛකල්පික විෂයයන් ඉගැන්වීම සඳහාත් පාසලේ වෙනත් ක්‍රියාකාරකම් සඳහාත් යොදා ගත හැකි ය. සිංහල-දෙමල ඉගැන්වීම සඳහා කාලචේද 8ක් වෙන් කර ඇතත් පවතින ගුරු හිඟයේ පරිමාව දන්නා කිසිවකුට, මෙම භාෂා දත් ගුරුවරුන් සෑම පාසලකට ම සපයති යි විශ්වාස කල හැකි ද? 3ජ්ජ්ට් චක්‍රලේඛය අනුව පාසලකට අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව සීමා කොට ඇති තතු තුල බොහෝ විද්‍යාලවල සෞන්දර්ය ගුරුවරුන් නොමැත. නැතහොත් සිටිනුයේ එක් ගුරුවරයෙකි. නැටුම්, සංගීත, චිත්‍ර, ඉංභූසි සාහිත්‍යය ආදී කුමන විෂයකට ශිෂ්‍යයකු දක්ෂතාවක් හෝ ලැදිකමක් පෙන්වුවද කම් නැත. ඔහු අධ්‍යයනය කල යුත්තේ විද්‍යාලයේ සිටින (එද සිටියොත් පමනි!) ගුරුවරයා දන්නා විෂය යි. මෙබඳු කොන්දේසි මත සෞන්දර්යට කාලචේදයක් වැඩි කිරීම උත්ප්‍රාස දනවයි.
මෙය පරිගනක තාක්ෂනය, තාරකා විද්‍යාව හෝ මනෝ විද්‍යා, සමාජ විද්‍යා ආදී නව විෂය ක්ෂේත්‍ර ආවරනය කිරීමට ගත් පියවරක් නොවන බවත් අධ්‍යාපනයේ යම් ගුනාත්මක භාවයක් පැවතියේ නම් එය ද විනාශභාග් කිරීමට ගත් පියවරක් බවත් මේ විශ්ලේෂනයෙන් පැහැදිලි නොවන්නේ ද?
සමාජවාදී විසඳුමක් කරා...
ප්‍රශ්නයේ හරය කරා දැන් අපි පැමිනෙමු. ධනපති පන්තිය කටින මෙම ව්‍යසනයෙන් මහජනතාව ගැල වී ගත යුතු ය. මෙම ලිපිය තුල අප පොර බැදූ සංයුක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල්හි අප මෙවැනි ප්‍රශ්න මතු කොට පිලිතුරු සැපයිය යුතු වේ. ඒවා නම්:
1. ගුනාත්මක අධ්‍යාපනයට දොරටු හරින විෂය මාලාවක් අප සංවිධාන කොට ක්‍රියාවට දමන්නේ කෙසේ ද?
2. අධ්‍යාපනයේ පන්ති ස්වභාවය - වර්තමානයේ ධනපති පන්තියේ ආධිපත්‍යය - පවතිත් දී අධ්‍යාපන සම අවස්ථා ලබා ගත හැකි ද? නැතහොත් යට කී පොහොසත් විෂය මාලාවක් අපට ක්‍රියාවට නැංවිය හැකි ද?
3. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා එන අධිරාජ්‍යවාදී සැලසුම් පරාජය කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා මාවත කුමක් ද?
ධනපති ක්‍රමයේ අර්බුදයේ වර්ධනයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ගත අර්බුදයට පිලියම් සෙවීමට උත්සුක වූ අධ්‍යාපනඥයන්ගේ සංඛ්‍යාව බොහෝ ය. මෙම අර්බුදය ප්‍රබලව ධනපති කඳවුර පැත්තෙන් සවිඥානකව ප්‍රකාශයට පත් කලේ මහාචාර්ය පිලිප් කූම්බ්ස් ය. ඔහු 1968 දී ට්හඑ ත්ඔරලඩ ඒඩඋචඅටඉඔන ච්රඉසඉස නමැති කෘතිය මගින් එලි දැක් වූ සංකල්ප ධනපති අර්බුදයේ ගුනාත්මක පරිවර්තනය සලකුනු කලේ ය. එහෙත් මේ ධනේශ්වර අධ්‍යාපන විවේචකයෝ ගොඩ ඒ ගත නො හැකි තැනක සිර වී සිටියහ. ඔවුන්ගේ චින්තනයේ අක්ෂය වූයේ මෙයයි: 'ධනපති ක්‍රමය සදාකාලික ය. විසඳුම් සෙවිය යුත්තේ එතුල ය.' ඔවුන්ගේ නන් විධ පැලැස්තර යෝජනා ක්‍රියාවට දැමෙද්දී ම අධ්‍යාපනය දිනෙන් දින අර්බුදයේ කිඳා බසිනු අපි අත් දකිමු.
එබැවින් මෙම අර්බුදයෙන් මානව වර්ගයාට ගොඩ ඒ ගත හැක්කේ ධනපති ක්‍රමය සදාකාලික නැතෂ එය බිඳ දැමිය හැකි ය යන චින්තනයෙන් ප්‍රශ්නයට ප්‍රවිෂ්ට වීමෙන් පමනකි. ධනපති ක්‍රමය පෙරලා දමමින් ගොඩ නගන සමාජවාදී නිෂ්පාදන සංවිධානයක් තුල පූර්න මානව පෞරුෂයක් සඳහා අවශ්‍ය අධ්‍යාපන වැඩපිලිවෙලක් සකසා ගත හැකි වන්නේ ය. ධනපති තිරිංග ඉවත් වූ ද කම්කරු පන්ති ආඥාදායකත්වයේ ප්‍රකර්ෂන බලයෙන් යුතු වූ ද එබඳු පටන් ගැන්මක දී වාහනය පහසුවෙන් යනු ඇත.
මාක්ස්වාදී දෘෂ්ටියෙන් පන්නරය ලැබූ අධ්‍යාපනඥයන්, ගුරුවරුන් හා සිසුන් ද කම්කරු-ගොවි සෝවියට් සභා ද අතරේ සාකච්ඡා මගින් වර්ධනය කෙරුනු අධ්‍යාපන පිලිවෙතක් සම්පාදනය කර ගත යුතු ය. මෙය හුදු ජාතික ප්‍රපංචයක් නොවේ. මෙම පිලිවෙත සංවිධානය කර ගත හැක්කේ ලෝක සමාජවාදී විප්ලවයේ සන්දර්භය තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුව මතිනි. එය පාර කපනුයේ මිනිසා සර්ව පාර්ශිකත්වයෙන් වර්ධනය කරන්නා වූ ද, පන්ති, ආගම්, කුල ගෝත්‍ර, ජන වර්ග ආදී සියලු බැඳීම්, සියලු අගතීන්වලින් විනිර් මුක්ත කරන්නා වූ ද ලෝක සමාජවාදී සංස්කෘතියකට ය.
මෙබඳු කොන්දේසියක් තුල සමාජවාදී අධ්‍යාපන ක්‍රමයක විෂය මාලාව අතිශයින් පොහොසත් වන්නේ ය. එහි දී ලෝකය ඥානනය කිරීමේ දැනුම් න්‍යාය ලෙස අපෝහක භෞතිකවාදය විවිධ මට්ටමින් පෙර පාසැලෙහි සිට ප්‍රතිෂ්ඨා කිරීම අත්‍යවශ්‍ය ය. පොදු දේපල ක්‍රමය යටතේ සම්පත් බෙදී යන තතු තුල සෑම පුරවැසියෙකුට ම පූර්න අධ්‍යාපනයක් යන්න යථාර්ථයක් වන්නේ ය. උපරිම මට්ටමින් දෙනු ලබන විෂය ඥානයත් සමඟ ශ්‍රම ක්‍රියාකාරිත්වය බද්ධ කෙරෙනු ඇත. එය කායික හා මානසික ශ්‍රම විහේදනය අහෝසි කිරීමේ එල්ලයෙන් යුතු ව ක්‍රියාවට නැඟෙයි. ධනපති පන්තිය යටතේ දී හුදු කායික සත්ව පැවැත්ම ට ඇද හෙලා, සකල විධ සංස්කෘතියෙන් වියෝ කොට තිබූ කෝටි සංඛ්‍යාත කම්කරු පීඩිතයන් එබඳු අධ්‍යාපනයක් තුලින් ලෝක සමාජවාදී සංස්කෘතියක මහා ජවසම්පන්න බලවේගයක් බවට පත් වෙනු ඇත.
Education-US, as-lanka
