අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වූ විරෝධතාව පොලිසිය ප්‍රචන්ඩ ලෙස විසුරුවා හරී
වසර 26ක් පුරා පැවති යුද්ධයෙන් ව්‍යසනයට පත් වූ සහ දූෂිත දෙමල ධනේශ්වර පක්ෂ කෙරෙහි පිලිකුලට පත් වූ ජනතාවගේ ඡන්ද ගසා කෑම සඳහා ජවිපෙ/ජාජබ විවිධ පොරොන්දු ලබා දුන්නේ ය. එහෙත් බලයට පැමිනි වහා ම එම පොරොන්දු අත්හැර දැමී ය.
