වොඩිම් රොගොවින් සිහි කිරීම සඳහා

විශිෂ්ඨ රුසියානු මාක්ස්වාදී ඉතිහාසඥයෙකු හා සමාජ විද්‍යාඥයෙකු වූ වොඩිම් සඛාරෝවිච් රොගොවින්ගේ ජීවිතය ස්මරනය කිරීම සඳහා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දෙසැම්බර් 6 දා බර්ලින් නුවර දී ද 12 දා ලන්ඩන් නුවර දී ද රැස්වීම් දෙකක් පැවැත් විය. 1998 සැප්තැම්බර් 18 දා 61 වියේ දී අභාවප්‍රාප්ත වූ රොගොවින් සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය තුල ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල ද ස්ටැලින්වාදයට එරෙහි සමාජවාදී විපක්ෂයේ ඉතිහාසය පිලිබඳ ව මහා ග්‍රන්ථ හයක කතුවරයා ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් එම රැස්වීම් ආමන්ත්‍රනය කලේ ය. මෙහි පලවන්නේ ඔහුගේ දේශනයන් ය.

පරිවර්තනය නන්ද වික්‍රමසිංහ

වොඩිම් සඛාරෝවිච් රොගොවින් 1998 සැප්තැම්බර් 18 දා අලුයම මරනයට පත් ව දැන් තෙමසකට ආසන්න කාලයක් ගතවී තිබේ. ඔහු හොඳින් දැන සිටි අය මෙය ගැඹුරු පෞද්ගලික පාඩුවක් ය යන හැගීමෙන් ප්‍රතිචාර කලහ. මාරාන්තික පිලිකාවකින් ඔහු පෙලෙමින් සිටි බව අවුරුදු 4ක් තිස්සේ අප දැන සිටියත් එම ව්‍යාධියේ අනිවාර්ය විපාකය ගැන හිත හදා ගැනීමට අපට කවර කලෙක වත් හැකි වූයේ නැත. වොඩිම්ගේ ශාරීරික හා බුද්ධිමය සජීවි බව, සියලු අමාරුකම් මැඩගෙන ඔහු නැගී සිටිනු ඇතැයි යන අපගේ අපේක්ෂාව පෝෂනය කර තිබුනි. යලියලිත් අපට දැක ගත හැකි වූයේ අලුත් වෙලුමක් සම්පූර්න කරමින් ද දේශනයක් නිම කරමින් ද වොඩිම් රොගොවින් තම වෛද්‍යවරුන්ගේ අසුබ අනාවැකි නිෂ්ප්‍රභා කල අයුරු ය. තනිකර සිය බුද්ධියේ අධිෂ්ඨාන මහිමයෙන් ම පිලිකාව ඇන හිටුවා ගැනීමට ඔහුට හැකිව තිබුනු සෙයක් පෙනී ගියේ ය.

මෙම වර්ෂය ආරම්භයේ දී වොඩිම්, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් විසි වන ශතවර්ෂයේ මාක්ස්වාදයේ අතිමූලික ගැටලු පිලිබඳව සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගීවීම සඳහා ඕස්ට්රෙලියාවට ගමන් කලේ ය. පැය 24කට වැඩි කල් ගමන් කොට ගමනාන්තයට ලඟා වූ කල්හි ඔහුගේ පෙනුම අප සියලු දෙනා ම චකිතයට පත් කලේ ය. අලුත් ම වෛද්‍ය පරීක්ෂනවල ප්‍රතිපල කියවීම බෙහෙවින් ම දොම්නස් දැනවිය. මෙම වෛද්‍ය වාර්තාවලට අනුව නම් රොගොවින් සත්තකින් ම අප ඉදිරියේ කෙලින් නැගී සිටිය යුතු වූයේ නැත. මෙවන් දුෂ්කර කර්තව්‍යයකට අත ගැසීමට ඔහුගෙන් ඉල්ලා සිටීම එතරම් නුවනක්කාර දැ යි අපි අපෙන් ම අසා ගතිමු. ඔහු අපේ සන්තාපය ගනන් ගන්නා බවක් පෙනුනේ නැතෂ ඒ වන විට ඔහු උනන්දු වූයේ තම දේශනයේ මාතෘකාව පිලිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට ය: රුසියාව කොයිබට ද? සමාජ විද්‍යාත්මක විශ්ලේෂනයක් සහ ඓතිහාසික පෙරදැක්මක්.

පසුගිය වසර හතර තුල අප විසින් නිරතුරුවම දක්නා ලද පරිදි ඉක්බිති එලඹුනු සාකච්ඡාව වොඩිම් මත අත්‍යසාමාන්‍ය සුවදායි චිකිත්සීය බලපෑමක් ඇති කලේ ය. පැමින පැය 48ක් ඇතුලත වොඩිම්ගේ පෙනුම ප්‍රතිවර්තනයට පත් විය. ඔහුගේ බුද්ධිමය භාවකේන්ද්‍රනය විසින් නිර්මානය කරන ලද ශක්ති ක්ෂේත්‍රයේ බලය ඉදිරියේ පිලිකාව පසු බැස ගියාක් මෙන් විය. ජනවාරි 6 දා උදේ 10ට හෙතෙම දේශක වේදිකාවට නැගී ගත්තේ ය. මීලඟ පැය දෙක ඇතුලත, සූදානම් කර ගෙන තිබුනු සටහන් දෙස බැල්මක් හෝ නො හෙලා හෙතෙම තම දේශනයේ පදනම වූ අදහස් විස්තාරනය කලේ ය. ඉක්බිති පැයක් පමන ප්‍රශ්නවලට පිලිතුරු දුනි. සවස් වරුවේ, දවල් ආහාරයෙන් පසුව, තමාගේ දේශනය විසින් උත්තේජනය වූ උනන්දුවෙන් යුක්ත වූ ශ්‍රාවකය විසින් ඉදිරිපත් කරන ලද විවිධ ලිකිත ප්‍රශ්න සමග වොඩිම් පොර වැදුනි. හෙතෙම දෙපැයකට වැඩි කලක් තිස්සේ ප්‍රශ්නවලට පිලිතුරු දී සිය කර්තව්‍යය සම්පූර්න කරන විට සවස් වරුව ම ගෙවී ගොස් තිබුනි. ශ්‍රාවකයෝ දිග්ගැසුනු හා උද්වේගී වූති ඝෝෂයකින් ප්‍රතිචාර දැක්වූහ, ඒ වනාහි ඒ මොහොතේ ප්‍රදර්ශිත බුද්ධිමය හූරත්වයට පමනක් නො ව, කතිකයාගේ ජීවිත කර්තව්‍යය තුල ගැබ් කර තිබුනු අවංක භාවයට හා ශක්තියට ද කරන ලද ප්‍රනාමයක් වූයේ ය.

වොඩිම් වෛද්‍ය විද්‍යාවට අභියෝග කරමින් තවත් වසර ගනනාවක් වැඩෙහි නිරත වනු ඇතැයි අපේක්ෂා කිරීම අහේතුක නො වන බව ඒ මොහොතේ පෙනී ගියේ ය. එහෙත් ඒ ඔහුගේ අවසන් ප්‍රසිද්ධ ප්‍රකාශනය විය. එසේ වුව ද ස්ටැලින්වාදයේ ද එයට එරෙහි අරගලයේ ද ඉතිහාසය පිලිබඳ ඔහුගේ ග්‍රන්ථ මාලාවේ සයවැනි එක සම්පූර්න කොට ප්‍රසිද්ධ කෙරෙනු දැකගැනීමට ඔහුට හැකි විය. වසන්තයේ අග දී වොඩිම් ද ඔහුගේ බිරිඳ ගල්යා ද ඊස්රායෙලයට ගිය ගමනකට පසු රෝගය අන්තිමට ම උත්සන්න විය. ඔහුට තමාගේ වම් අත පාවිච්චි කල නො හැකිව ම ගියේ ය. ඇවිදීමේ හැකියාව ද නැතිව ගියේ ය. එහෙත් ඔහුගේ විශ්මයාවහ සන්තානයේ ක්‍රියාකාරිත්වය අනාබාධිත විය. තම ජීවිතයේ අන්තිම පැය කීපය දක්වාම තමාගේ ඉතිහාස ග්‍රන්ථයේ සත්වන වෙලුම සම්පූර්න කිරීමේ කටයුත්තට වොඩිම් යෙදී ගත්තේ ය.

වොඩිම් හා සමාන මිනිසෙක් කෙනෙකුගේ ජීවිතයේ දී හමුවන්නේ එක් වතාවක් පමනි. සත්තකින්ම එවැනි මනුෂ්‍යයෙකු තමාගේ මිතුරෙකු ලෙස ආශ්‍රය කිරීමට ලැබීම පසෙක තබා දැන සිටීමට ලැබීම පමනක් ම වුව ද දැවැන්ත වරප්‍රසාදයක් විය. වොඩිම් රොගොවින් කවර කලෙක වත් අමතක නො වනු ඇත. අප අතර වොඩිම් ව පෞද්ගලිකව දැන සිටි අය සහ ඔහුගේ කෘතීන් අධ්‍යයනය කිරීමෙන් ඔහු ගැන දැනගනු ඇති අය දශක ගනනාවක් ගත වූ පසුත් ඔහුගේ ජීවිතයේ අර්ථභාරය ගැන කල්පනා කරනු ඇත. මෙම සැන්දෑවේ දී මෙහි කියනු ලබන දෙය වනාහී විසි වන ශතවර්ෂයේ සමාජවාදී ව්‍යාපාරයේ ඉරනම විද්‍යාත්මක වටහා ගැනීමක් කෙරෙහි වොඩිම් විසින් කරනු ලැබූ ප්‍රතිපදානය පිලිබඳ ප්‍රාථමික අගය කිරීමක් පමනක් ම වනු ඇත.

1997 මැයි මස වොඩිම්ගේ 60 වන ජන්ම දිනයේ දී මම ඔහු ඓතිහාසික සත්‍යයේ අනාගත වක්තෘ කෙනෙකු යයි විස්තර කලෙමි. එසමයේ මසිත යොමු වූයේ පශ්චාත්-සෝවියට් රුසියාවේ බුද්ධිමය ජීවිතය තුල වොඩිම්ට උරුම වූ තැන කෙරෙහි ය. සුවිශේෂයෙන් ම ගතහොත් මගේ අවධානය යොමු වූයේ අතීතය පිලිබඳ ව මුසාවේ දශක ගනනාවක් විසින් නිර්මානය කරනු ලැබූ පශ්චාත්-සෝවියට් රුසියාවේ දුගඳ හමන බුද්ධිමය, දේශපාලන හා ආචාර ධර්මීය වාතාවරනයට ඔහුගේ කෘතීන් විසින් කරන ලද අභියෝගය කෙරේ ය.

එහෙත් වොඩිම් ඓතිහාසික සත්‍යයේ අනාගත වක්තෘවරයෙකු යයි කරන ලද එම නිර්වචනය, පැරනි සෝවියට් සංගමයේ දේශසීමාවලට ඔබ්බෙන් ද ඔහු ඉටු කල ක්‍රියා කලාපය, නිර්වචනය කිරීමේ දී නො අඩුව අදාල වේ. පශ්චාත්-නූතනවාදයේ ප්‍රතිගාමී උස්මෘත්ත ආත්මීයවාදයට ද සාපේක්ෂවාදයට ද එරෙහිව මෙතරම් අශමනීය විරුද්ධත්වයකින් නැගී සිටින්නා වූ කෘතීන් සම්පාදනය කලා වූ වෙනත් ඉතිහාසඥයෙකු පිලිබඳව සිතීමටත් අමාරු ය. ඉතිහාසය හැදෑරීමේ දී ද ලිවීමේ දී ද වෛෂයික සත්‍යය පිලිබඳ සංකල්පයට තැනක් ඇත්තේ නැතැයි යන බටහිර යුරෝපයේ ද එක්සත් ජනපදයේ ද සරසවිවල විලාසිතාවක් බවට පත් ව ඇත්තා වූ නරුම දෘෂ්ටිය තරම් වොඩිම්ට පිලිකුල් වූ වෙනත් කිසිවක් ඇත්තේ නැත. ප්‍රතිගාමී චින්තකයන් විසින් කාලාන්තරයක් තිස්සේ අගය කරනු ලැබූ මෙම දෘෂ්ටියේ මොනයම්මැ හෝ නව්‍යතාවක් වොඩිම් නම් දුටුවේ නැත. කෙසේ වුවත්, නිට්ෂේ 'මතයක සාවද්‍යතාව එයට විරුද්ධවීමට අපට හේතුවක් නො වන්නේ ය', යි කියා ශතවර්ෂයකටත් වැඩි කාලයක් ගත වී තිබේ. (මේ අනුව) මතයක වලංගුභාවය පවත්නේ හුදෙක් දෙන ලද අරමුනක් සඳහා එහි ක්‍රියාකාරි උපයෝගිතාවේ කාර්යයක් ලෙස පමනි. මතය හා සත්‍යය අතර විසංදනය අතිමූලික යයි වොඩිම් තරයේ කියා සිටියේ ය. මතය වනාහි 'සමාජ මනෝ විද්‍යාත්මක ප්‍රවර්ගයකි, සාමාන්‍ය විඥානයේ විලක්ෂනයකි. සත්‍යය වනාහි අතීතය සහ වර්තමානය පිලිබඳ අවංක හා වෛෂයික විශ්ලේෂනයක් මත පදනම් වූ අනාගතය පිලිබඳ දැක්මකින් සමන්විත වන විද්‍යාවේ ද විද්‍යාත්මක ලෝක දෘෂ්ටියේ ද ප්‍රවර්ගයකි.'

බුද්ධිමය සාපල්‍යය

වෛෂයික ඓතිහාසික සත්‍යය සොයා කල වොඩිම්ගේ ගවේෂනය ඔහුගේ බුද්ධිමය ජීවිතයේ සාරභූත අඩිතාලම ද අරමුන ද විය. වොඩිම්ට, වෛෂයික සත්‍යය පිලිබඳ ගැටලුව වනාහි ඓතිහාසික පර්යේෂනයේ විෂය මත්තේ අත්තනොමතික ව පටවන ලද වියුක්ත න්‍යායික ප්‍රමිතියක් පිලිබඳ ප්‍රශ්නයක් නො වී යෂ නැත, එය ඒ වෙනුවට, විෂයට ම අන්තරස්ථ විය. ඔහුට ඒ විෂයය වූයේ, වාම විපාර්ශ්වය පිහිටුවීමට වසරකට පෙර 1922 සහ ස්ටැලින්ගේ රහස් පොලීසියේ (එන්කේවීඩී) ඒජන්තයෙකු විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කල 1940 වර්ෂය අතරතුරේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය ද තුල දේශපාලන අරගලවල ඉතිහාසය යි. ඔහුගේ සාතිශය බුද්ධිමය කර්තව්‍යය ද ආචාරධාර්මික වගකීම ද වූයේ, මෙම තීරක ඓතිහාසික කාලපරිච්චේදය පිලිබඳ වෛෂයික සත්‍යය, පශ්චාත් නූතන යන පදය නිර්මානය කිරීමටත් පෙර පශ්චාත් නූතනවාදී ඉතිහාස ප්‍රබන්ධනයේ ප්‍රමුඛතම ආචාරීන් වූ ස්ටැලින් හා ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් නිර්මිත මහ මුසාමන්දිරය යටින් උදුරා ගැනීම ය.

පශ්චාත් නූතනවාදී න්‍යායඥයන් විසින් අවධාරනය කෙරෙන පරිදි ඉතිහාසය ද විද්‍යාත්මක ව සත්යෙක්ෂනය කරගත හැකි වූ වෛෂයික සත්‍යය ද අතර අවශ්‍ය සම්බන්ධයක් නො පවතී නම්, පමනක් නො ව, තවදුරටත් කීවොත්, ඓතිහාසික ප්‍රබන්ධයක් වනාහි හුදෙක් කල්පිත නිර්මිතයක් පමනක් නම් ඇන්ශී විජින්ස්කි විසින් මොස්කව් නඩු විභාගවල දී දෙනු ලැබූ සෝවියට් ඉතිහාස විස්තරය වෙන ඕනෑම එකක් තරමට ම යුක්තිජාත ය. මෙවන් බුද්ධිමය දීනතාවක රාමුව තුල, නිල අවසර ලත් විශ්ව කෝෂයන්ගේ විවිධ මුද්‍රනයන් තුල ඉදිරිපත් කෙරුනු සෝවියට් ඉතිහාසයේ නානාප්‍රකාර පාඨාන්තර බොරු යයි පිලිකෙව් නො කොට ඒවා පිලිගෙන අතීතය පිලිබඳ විකල්ප 'කල්පිත' ලෙස යුක්තිකරනය කල යුතු ය. පශ්චාත් නූතනවාදයේ ක්ෂමායාචකයන් තමන්ගේ අධ්‍යාසය මෙය නොවේ යයි තර්ක කරනු ඇතෂ එහෙත් අදහස්වලට ආවේනික තර්කනයක් පවතී.

සෝවියට් කේදාන්තය කාවැදී තිබුනේ ඓතිහාසික විඥානය අවමංගතවීම සහ අසංවේදී වීම තුල බව වොඩිම් රොගොවින් වටහා ගත්තේ ය. 1980 හා 1990 දශකවල සිද්රීන්ට සෝවියට් ජනතාවගේ ප්‍රතිචාරය විලක්ෂනය කල දේශපාලන නො මේරූ බව සහ ව්‍යාකූලත්වය, ඔවුන්ගේ සමාජය තුල අර්බුදයට ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් සොයා ගැනීමට ඔවුන් අසමත්වීම, අන් සියල්ලටමත් වඩා දශක ගනනාවක ඓතිහාසික මුසාකරනයන්හි විපාකය විය. අතීතය පිලිබඳ සැබෑ දැනුමක් නැතිව වර්තමානය වටහා ගැනීම කල නො හැක්කක් විය. ස්ටැලින්වාදය වනාහි සමාජවාදයේ අනිවාර්ය පලය යයි ද සෝවියට් ඉතිහාසයේ කේදනීය ගමන් මාවත 1917 ඔක්තෝබර් විප්ලවයෙන් අනිවාර්යයෙන් ම ගලා ආවේ යයි ද රුසියානු කම්කරු පන්තිය විසින් විශ්වාස කරනු ලැබූ තාක් දුරට, එම පන්තිය දේශපාලන වසයෙන් නිරායුධ කරනු ලැබූ අතර සෝවියට් සංගමය කැබලි කර දැමීමට හා ධනවාදය පුනස්ථාපනය කිරීමට විකල්පයක් දැක ගැනීමට අසමත් විය. ස්ටැලින්වාදයට විකල්පයක් පැවැතියේ ද? යනුවෙන් වොඩිම් රොගොවින් විසින් ඉස්මතු කරනු ලැබූ මහා ප්‍රශ්නය, සහතිකෙන් ම සෝවියට් සංගමයේ ඉතිහාසය වටහා ගැනීමට අතිමූලික ය. එහෙත් මෙම ප්‍රශ්නයේ අතු ශාඛා පැරනි සෝවියට් සංගමයේ සීමාවන්ගෙන් බොහෝ ඔබ්බට විහිදී යයි, ඒවා, අපට අතීතය වටහා ගැනීමට පමනක් නො ව අනාගතය පිලිබඳ අපගේ දැක්මට ද තීරක වටිනාකමක් දරයි. සෝවියට් අතීතය ඔහු විසින් පරීක්ෂාවට බඳුන් කිරීමේ සන්දර්භය තුල, වොඩිම් රොගොවින් විසි වන සියවසේ සාරභූත අත්දැකීම් හා පාඩම් සමග පොර වැදුනි. වොඩිම් සඛාරෝවිච් රොගොවින්ගේ කෘතීන් ලෝක වැදගත්කමක් දරන්නේ ඒ නිසා ය.

තමාගේ වෘත්තීමය චර්යාවේ මුල සිට අග දක්වා වොඩිම් ලේඛකයකු ලෙස පුදුමාකාර චතුර භාවයක් ප්‍රදර්ශනය කලේ ය. සමාජ විද්‍යාඥයෙකු ලෙස ඔහු තමාගේ චර්යා ලේඛයේ වියත් ලිපි 250කට වඩා ඇතුලත් කලේ ය. එහෙත් මේ සුවිසල් නිර්මානය පවා ඔහු ඔහුගේ ජීවිතයේ අවසන් සත් වසර තුල ඉටු කල දේ හා සමකරන කල්හි සුදුමැලි වෙයි. ඔහු එසමයෙහි (එකිනෙකක් මුදිත පිටු 350කට නො අඩු වූ) වෙලුම් හයක් නිම කල අතර සත් වැන්නේ හතරෙන් තුන් පංගුවක් අවසාන කිරීමට සමීප විය. සිගරට් දුම් පටලයක් යටින් වොඩිම්ගේ පෑනෙන් වචන නිරායාසව ගලා ආවාක් මෙනි. බොහෝ ලේඛකයන්ට පොදු වූ 'මනස හිරවීම' වනාහි රොගොවින් විසින් කවර කලෙක වත් අත් නුදුටු රෝගයකි. එවා බුද්ධිමය සූදානමේ වර්ෂ ගනනාවක ප්‍රතිපලය වූයේ නැති නම්, ඔහු විසින් සම්පූර්න කරන ලද - එතරම් ම පුලුල් ලෙස පර්යේජිතව ද ප්‍රගාඩ තර්කනයෙන් යුතුව ද කරන ලද - ඓතිහාසික වෙලුම් හය හා සමාන නිර්මාන ප්‍රමානයක්, චතුරතම ලේඛකයන් විසින් පවා සම්පාදනය කරනු නො හැකි වනු ඇත. සත්තකින් ම, ඔහු තමාගේ කෘතීන් ලේඛනගත කිරීමට බොහෝ කලකට පෙර, ඒවායේ සුවිසල් කොටස් ඔහුගේ මොලය තුල කල්තබා ම හැඩගැස් වී පැවැතිනි. වොඩිම්ගේ ඉතිහාස කෘති මාලාව වනාහි ජීවිත කාලයක පර්යේෂනයේ හා චින්තනයේ නිර්මානයෝ ය.

එපමනක් නො ව, වොඩිම්ගේ බුද්ධිමය සාපල්‍යයයේ තීරක අංගයක් මුල් බැස තිබුනේ විප්ලවවාදී ව්‍යාපාරයේ - ඔහුගේ ඉතිහාසීය කර්තව්‍යයට විෂය වූයේ එම විප්ලවවාදී ව්‍යාපාරයේ කේදනීය ඉරනම යි - පරමාර්ථ හා අධ්‍යාසය සමග ඔහු පවත්වාගෙන ගිය පෞද්ගලික අනන්‍යතාවයේ ගැඹුරු බව තුල ය. වොඩිම් ද රුසියානු හා සෝවියට් අධ්‍යයනයන්ගේ ක්ෂේත්‍රයේ නියුක්ත බටහිර යුරෝපීය සහ ඇමරිකානු ශාස්ත්‍රඥයන්ගේ අතිමහත් වැඩි සංඛ්‍යාව ද අතර තීරනාත්මක වෙනස පැවැතියේ මෙහි ය. සෙස්සෝ, සුවිශේෂ කිහිපදෙනෙකු හැරෙන්නට, විප්ලවවාදීන්ගේ අරමුනු හා චේතනා සමග සහානුමතික වීම තබා ඒවා වටහා ගැනීමට වත් අසමත්හ. මෙවන් ඉතිහාසඥයෝ තමන්ගේ නරුමත්වය සහ උදාසීනතාව අතීතය මතට ද ප්‍රක්ෂේපනය කරමින්, සිය දිවි කැප කොට රැකීමට සූදානම් වූ විප්ලවවාදී පරමාර්ථයන්ගෙන් ප්‍රේරිතව සිටි ශ්‍රේෂ්ඨතම නියෝජකයන්ගෙන් යුක්ත ඓතිහාසික යුගයක් වටහාගැනීමේ ලා වේදනා සහගත යයි කිව යුතු නො හැකියාවක් ප්‍රදර්ශනය කරති. වොඩිම් වෙනස් වියෂ ඔහු වාම විපාර්ශ්වයේ උදාර නායකයන් සමග සමකම්පනය වූවා පමනක් නො ව ඔවුන්ගේ අරමුනු හා පරමාර්ථයන් බෙදා හදා ගත්තේ ය. මෙය වනාහි බාහිරව මවා පෙන්වීමක් පිලිබඳ ප්‍රශ්නයක් නො වී ය. මේ වෙනුවට වොඩිම් තමාගේ පෞරුෂයේ බලයෙන් ද චින්තනයේ දෘඩ භාවයෙන් ද සිහියට නැංවූයේ, රුසියානු හා ලෝක ඉතිහාසය තුල කලෙක එතරම් මැ ඉමහත් ක්‍රියාකලාපයක් ඉටුකලා වූ ද, ස්ටැලින්වාදය විසින් මුලුමනින් ම පාහේ වනසා දමනු ලැබුවා වූ ද සමාජ ප්‍රවර්ගයක් වූ රුසියානු විප්ලවවාදී බුද්ධිමතුන් ය. මා වොඩිම් ගැන සිතන කල, මට මතක් නො කර බැරි වන්නේ, මෙම අසාමාන්‍ය සමාජ ප්‍රපංචයේ ශීලතාවය පිලිබඳව ඉසායා බර්ලින් විසින් කරනු ලැබූ ඉතා අගනා චිත්‍රනය ය: 'සෑම රුසියානු ලේඛකයාම තමා ප්‍රසිද්ධ වේදිකාවක් මත නැග සාක්ෂි දෙමින් සිටින බව පිලිබඳව දැනුවත් කරනු ලැබී යෂ තමාගේ පැත්තෙන් ඉතා කුඩා ම මග හැරීමක් වුව, බොරුවක්, රැවටිල්ලක්, ආත්ම-වින්දනයේ යෙදීමක්, සත්‍යය පිලිබඳ ආශා හීනතාවක්, දීන අපරාධයක් යයි ඔවුන් දැනුවත් කරන ලදි. කවියෙකු ලෙස, නවකතා කරුවෙකු ලෙස ඉතිහාසඥයෙකු ලෙස හෝ වෙන මොනයම් ප්‍රසිද්ධ ආකාරයකට වුව ඔබ ප්‍රසිද්ධියේ කතා කරතොත්, ඔබ ජනතාව මෙහෙයවීමේ හා නායකත්වය දීමේ සම්පූර්න වගකීම භාරගන්නෙහි ය. මෙය ඔබේ නියුක්තිය වී නම් සත්‍යය කීමට ද කවර කලෙක වත් එය පාවා නො දීමට ද, තමාගේ අරමුනට ආත්මාර්ථයෙන් තොරව කැප වී ගැනීමට ද හිපොක්‍රැටික සපථයකින් ඔබ බැඳී ගන්නෙහි ය.'1

ස්ටැලින්වාදී භීෂනය

වොඩිම් උපත ලද්දේ 1937 දී ය. එය වනාහි සෝවියට් සංගමයේ පැවැත්මේ ප්‍රථම දශක දෙක තුල දී අත්පත් කර ගත් ජයග්‍රහනයන්ට පදනම වූ විප්ලවවාදී සම්ප්‍රදායේ, ක්‍රියාමාර්ගයේ සහ සංස්කෘතියේ අගනාම නියෝජකයන් සමූලඝාතනය කරන ලද වර්ෂය යි. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනයේ දී හා සෝවියට් සංගමය නිර්මානය කිරීමේ දී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකලා වූ හෝ සෝවියට් ජීවිතයේ කුමන ක්ෂේත්‍රයක හෝ ස්වාධීන හා විවේචනාත්මක චින්තනයට හැකියාවක් ප්‍රදර්ශනය කලා වූ හෝ ඕනෑම කෙනෙක් අලුගෝසුවාගේ උන්ඩයට අපේක්ෂකයකු විය. ස්ටැලින්ගේ ලේ විරේක වනාහි, නිලධරය පැහැරගත් දේශපාලන බලය තහවුරු කර ගැනීමේ දී යොදා ගනු ලැබූ මාධ්‍යය විය. එහෙත්, ස්ටැලින්වාදී භීෂනය පිලිබඳ මෙම නිර්වචනය, දේශපාලන වසයෙන් කොතරම් සුවිනිශ්චිත වුව ද, ඒ හැටියට ගත් කල්හි 1937 භයංකර සිද්රීන්ගේ සමාජ හා සංස්කෘතික ගම්‍යයන් ඇති තරම් ප්‍රකාශිත කරන්නේ නැත. රුසියානු සමාජයේ ප්‍රතිගාමී ද පසුගාමී ද වූ ඒ සියල්ලෝ ස්ටැලින් විසින් දියත් කරන ලද මහා ඝාතන නමැති ඒ රීරී මරැසාදය විප්ලවයට එරෙහි තම පලිය ලෙස ඉමහත් සන්තෝෂයෙන් භුක්ති වින්දාහ.

ස්ටැලින්ගේ ගොදුරු ලක්ෂ ගනනට වොඩිම්ගේ මව් පස සීයා වූ ඇලෙක්සන්ද්ර් සෙමොනොවිච් ටේගර් ද අයත් වියෂ ඔහු විප්ලවවාදියෙක් නො වී යෂ හෙතෙම පැරනි රුසියානු ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතුන් අතර අතිශයින් ම ප්‍රගතිශීලී කොටස්වල බෙහෙවින් නිදහස් මතධාරි නියෝජකයෙක් වූයේ ය. විශිෂ්ට නීතිඥයෙකු වූ ටේගර් බෝල්ෂේවික් පාලනයට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියා සංවිධානය කිරීම ගැන චෝදනා ලත් සමාජවිප්ලවවාදී නායකයන් පිලිබඳ 1922 නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය. සමාජ විප්ලවවාදීන්ට එරෙහි නඩුව ද ඉන් දශක එකහමාරකට පසු ස්ටැලින් විසින් සංවිධානය කරන ලද නඩු ද අතර කැපී පෙනෙන විසන්දනයන් ගනනාවක් තිබේ. ප්‍රථමයෙන් ම, සෝවියට් පාලනයේ පසු නො තැවෙන ප්‍රතිමල්ලයන් වූ සමාජවිප්ලවවාදී විත්තිකරුවෝ තමන්ගේ දේශපාලන විශ්වාසයන් අතහැර දැමීමට හෝ තමන් මත්තේ නින්දාරෝපනය කර ගැනීමට බල නො කරන ලද්දාහ. දෙවනුව, ඔවුන්ට ජාත්‍යන්තර නිරීක්ෂකයන් ඉදිරියේ (දෙවන ජාත්‍යන්තරයේ නායකයා වූ වැන්ඩර් වෙල්ඩ් ද ඇතුලු) තමන් වෙනුවෙන් සැබෑ දේශපාලන හා නීතිමය ආරක්ෂනයක් මෙහෙයවා ගැනීමට ඉඩ ලැබිනි. මෙහි ලා ඇලෙක්සන්ද්ර් ටේගර් ක්‍රියා කලේ තමන්ගේ සේවාදායකයන්ගේ නීතිමය අවශ්‍යතාවන්හි නියෝජිතයෙකු ලෙස මිස රාජ්‍ය චෝදනයේ ද්වීතීයික උපකරනයක් ලෙස නො වේ.

සත්තකින් ම නඩු විභාගය තුල සිදු වූ එක් සිද්ධියක් ටේගර්ගේ ධෛර්යය විදහා දැක්වී ය. ආන්ඩුව නඩුවට සහාය දැක්වීම සඳහා කම්කරු පෙලපාලියක් සංවිධානය කර තිබුනි. උසාවි කාමරය තුලට කඩා වැදුනු පෙලපාලිකරුවන් කන්ඩායමක් නඩු පරිපාටියට බාධා කරමින් විත්තිකරුවන්ට මරන දඬුවම පැමිනවිය යුතු යයි බල කර සිටියාහ. ඉතාම ප්‍රමුඛ බෝල්ෂේවික් නායකයෙකු වූ යූරි පියැටකොව් නඩු විභාගයේ සභාපති ලෙස ක්‍රියා කරමින් සිටියේ ය. උසාවිය පෙලපාලිකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව ඔහු ඔවුන්ට කීය. ටේගර් සහ තවත් විත්තියේ නීතිඥයන් කිහිප දෙනෙක්, උචිත නීතිමය පටිපාටිය මෙසේ උල්ලංඝනය කිරීමට එරෙහිව දැඩිව විරුද්ධත්වය දක්වා උසාවි කාමරයෙන් පිටතට ගියහ. නඩුව අවසානයේ දී විත්තිකරුවන් කිහිපදෙනෙකුට ම එරෙහිව මරනීය දඬුවම පනවන ලදි. එහෙත් සමාජවිප්ලවවාදී පක්ෂය ආන්ඩුවට එරෙහි සිය ත්‍රස්තවාදී ව්‍යායාමය නැවැත්වීමේ කොන්දේසිය උඩ මෙම තීන්දුව අත්හිටුවන ලදි. නඩුවෙන් පසුකාලයේ දී, ටේගර්ගේ අභියෝගී හැසිරීමට දඬුවම් වසයෙන් ඔහු පිටුවහල් කරන ලදිෂ එහෙත් මාස කීපයකට පසු ආපසු මොස්කව් නගරයට කැඳවන ලද ඔහුට විරුද්ධව වෙනත් පියවර ඉන්පසුව නො ගන්නා ලදි. ඇත්තටම, රුසියාවේ දී ලබාගත නො හැකි වූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වූ තම රෝගී බිරිඳ සමග නිරතුරුව ම විදේශ සංචාරයට ටේගර්ට අවසර ලැබුනි. මෙය ස්ටැලින්ගේ භීෂනය ආරම්භ වීමට පෙරාතුව එතරම්ම අපූර්ව දෙයක් වූයේ නැත.

වොඩිම්ගේ සීයා ඇනෙටෝලි ලුනචාර්ස්කි වැනි සුප්‍රසිද්ධ දේශපාලන පුරුෂයන්ගේ ගෞරවය හා මිත්‍රත්වය භුක්ති වින්ඳේය. විප්ලව පූර්ව සාර්වාදී තන්ත්‍රය චාරිත්‍රානුකූල ඝාතන පිලිබඳ ඇදහිය නො හැකි බොරු චෝදනා මත මෙන්ඩල් බේලිස් නමැති යුදෙව්වෙකුට එරෙහිව සංවිධානය කල අපකීර්තිමත් නඩුව පිලිබඳ සාධිකාර අධ්‍යයනයක් ටේගර් 1930 ගනන්වල මුල්භාගයේ දී පල කලේ ය. මෙම වෙලුමට පෙරවදන ලියූ ඇනටෝලි ලුනචාර්ස්කි යුදෙව් විරෝධයේ වැඩෙන්නා වූ ව්‍යසනයට එරෙහිව යුරෝපීය භාෂාවන් හැකිතාක් වැඩි සංඛ්‍යාවකින් මෙම කෘතිය පල කරන ලෙස ඉල්ලා සිටියේ ය. ටේගර් කිසියම් ස්ටැලින්වාද-විරෝධී දේශපාලනික ප්‍රවනතාවක් සමග කිසිසේත් ම සම්බන්ධ නුවූ නමුත් 1938 දී තවත් ප්‍රධාන පෙලේ නීතිවේදීන් ගනනාවක් සමග ඔහුව අත් අඩංගුවට ගන්නා ලදි. ඒ භයංකර කාල පරිච්චේදයේ කටුක උත්ප්‍රාසයන් පිලිබඳ එක් උදාහරනයක් නම් ටේගර් අත් අඩංගුවට ගැනීමට යන්තම් මාස 6කට පමන පෙර, අන් කවරකු වත් නො ව, සෝව්යට් සංගමයේ ප්‍රධාන චෝදක නිලධාරි ඇන්ශී විජින්ස්කි ම තමාගේ නීති ආයතනයට බැඳෙන ලෙස ඔහුට ආරාධනය කිරීම යි. එනයින්, වොඩිම්ගේ සීයා අත් අඩංගුවට ගැනීමට රහස් පොලීසිය පැමිනි කල්හි, මේ සියල්ල වැරදීමක් විය යුතු යයි තම බිරියට සහතික වූ හෙතෙම ඇය වහාම විජින්ස්කිට දැනුම් දිය යුතු යයි ද විජින්ස්කි තමා වහාම නිදහස් කර ගනු ඇතැයි ද ඇය අස්වසා ලී ය. එහෙත් වොඩිම්ගේ මිත්තනියට යලිත් කවර කලෙක වත් තම ස්වාමිපුරුෂයා දැක ගැනීමට හැකි වූයේ නැත. ඔහු නිශ්චිතවම මරා දමන ලද බව හරියටම දැනගැනීමට ඇයට තවත් දශකයකට වැඩි කලක් ගතවීය.

තම සීයාගේ මතකය අගය කල වොඩිම් බේලිස් අවනඩුව පිලිබඳ ටේගර්ගේ කෘතියේ නව මුද්‍රනයක් රුසියාවේ යලිත් නිකුත් කරන ලද කල්හි වූතියට පත් විය. ඇලෙක්සැන්ද්ර් ටේගර් අත් අඩංගුවට ගැනීම, ඔහු අතුරුදහන් වීම සහ ඔහුගේ මරනය පිලිබඳ චිත්තාකම්පනය, ඔහුගේ පවුලට බල පෑ තරම කෙනෙකුට සිතාගත හැකි ය. ලේ විරේකයන්හි භයංකර සිද්රීන් පිලිබඳව වොඩිම් පලමුවෙන් ම දැනගත්තේ ඔහුගේ මිත්තනියගෙනි. තම පවුලේ කේදනීය අත්දැකීම ඔහුගේ බුද්ධිමය වර්ධනය කෙරේ ප්‍රගාඩ ලෙස බලපෑ බව නිගමනය කිරීම යුක්ති සහගත ය.

ඉතිහාසය පිලිබඳ සත්‍යය

තමාට ස්ටැලින්වාදී තන්ත්‍රයේ ස්වභාවය පිලිබඳ ප්‍රථම දැනුවත් සැකයන් පහල වූයේ යන්තම් වයස 13 දී බව වොඩිම් මට කී ය. වොඩිම්, ස්ටැලින්ගේ සැත්තෑවන උපන් දිනය සිහිකිරීමට පවත්වන ලද වියරු උත්සව මැද, අනෙක් පැරනි බෝල්ෂේවික් නායකයන් සියලු දෙනාම පාහේ මෙම සැතපුම් කනුවට ලඟාවීමට පෙර අකාල මරනයකට ගොදුරු වූයේ මන්දැයි පුදුමයෙන් කල්පනා කරන්නට පටන්ගෙන තිබුනේ ය. ලෙනින්ගේ සහකරුවන් වැඩි දෙනෙක් 1930 ගනන්වල දී වෙඩි තබා මරන ලද්දේ මන්දැයි රොගොවින් තම පියාගෙන් ප්‍රශ්න කර තිබුනි. විප්ලවයේ නායකයන් මෙතරම් සංඛ්‍යාවක් 'ජනතාවගේ සතුරන්' බවට පත් වූයේ කෙසේ ද? 'පක්ෂ විරෝධී' කටයුතු ගැන කතා කරමින් තම පුතා රැවටීමට, රොගොවින්ගේ පියා දැරූ උත්සහය සාර්ථක වූයේ නැත. මෙම ප්‍රශ්නවලින් සිත ගැස්සී බොහෝ විට බියට පත්ව, රොගොවින්ගේ පියා, එවකට ඉන් ඔබ්බට විමසිය යුතු නැතැයි නියතව තිබුනු අන්තිම උත්තරය තම පුතුට දුන්නේ ය: 'ඔබට වඩා හොඳට ස්ටැලින්ට තේරෙන වග සිතෙන්නේ නැත් ද?' වොඩිම් මෙය පිලිගත්තේ නැත. බොහෝ විප්ලවවාදී නායකයන් පමනක් නො ව තමාගේ සීයා පවා වෙඩි තබා මරනු ලැබුවේ මන්දැ? යි දිගින් දිගටම ඔහු කල්පනා කලේ ය. මෙම ප්‍රශ්නයට පිලිතුර බව ඔහු ඉවෙන් දත් භයංකර සිතුවිල්ලක් ඉක්බිතිව ඔහුගේ සිත ඩැහැ ගත්තේ ය. 'ස්ටැලින් අපරාධකරුවෙකු විය යුතු ය!' වොඩිම් තම පවුලේ අය සමග දිගින්දිගටම වාද කලේ ය. වයසින් මුහුකුරා යද්දී හේ සෝවියට් සංගමය සාධාරන සමාජයක් නො වන බව වටහා ගත්තේ ය. දිලිඳුකම, ඔහු දුටුවේ ය. මොස්කව් ජනකාය අතර විවිධ ස්ථරයන්ගේ සමාජ තතු තුල තියුනු අසමානතා පවත්නා සැටි සලකුනු කර ගත්තේ ය. සිර කඳවුරු තිබුනු බව ද වොඩිම් දැන ගත්තේ ය. ස්ටැලින් 1952-53 සමයේ ආරම්භ කල නාගරික-විරෝධී ව්‍යායාමයේ දී, තමා ජීවත් වූ මහල් නිවාසවල අය ගනනාවක් ද අත් අඩංගුවට ගත් බව වොඩිම් දැන සිටියේ ය. මේ අනුව 1953 මාර්තු මාසයේ ස්ටැලින් මියගිය විට, තමාගේ ප්‍රතික්‍රියාව වූයේ, ඔහු පසුව මතක් කල පරිදි, මෙම සිද්ධිය සන්තෝෂයට හා සාදයට හේතුවක් බව ය.

ස්ටැලින්ගේ මරනයෙන් පසු සමයේ සෝවියට් සංගමයේ දේශපාලන හා සමාජ වාතාවරනයේ වෙනස්වීම, නිසැකයෙන්ම, තරුන රොගොවින්ගේ බුද්ධිමය වර්ධනයේ අතිශයින් ම වැදගත් සාධකය විය. සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි 20 වන සම්මේලනය වන විට රොගොවින්ගේ වයස 19ට ආසන්න විය. ස්ටැලින්ගේ අපරාධ ප්‍රථම වතාවට හෙලා දුටු, නිකිතා කෘෂෙව්ගේ 'රහස් කතාවේ' අන්තර්ගතය පතල වූ කල්හි, එහි එලිදරව් කරන ලද දේ ගැන වොඩිම් විශේෂයෙන් පුදුම වූයේ නැත. දැන් වැදගත් අලුත් කරුනු ලබාගත හැකි විය. එහෙත් වොඩිම්ට බොහෝ දුරට හැගී ගියේ මෙම එලිදරව් කිරීම් මගින් තමා ස්ටැලින් කෙරේ දැරූ වෛරය සනාථ වී ය යන්න ය. කෙසේ වෙතත්, ස්ටැලින්ගේ අපරාධයන් 'පුද්ගල වන්දනාව' විසින් නිර්මානය කරනු ලැබූ හුදු අන්ත ක්‍රියා ලෙස පැහැදිලි කිරීමට කෘෂෙව් දැරූ ප්‍රයත්නය පිලිබඳව වොඩිම් සෑහීමට පත් වූයේ නැත. එසේම - විශේෂයෙන්ම 1920 ගනන්වල දී ට්‍රොට්ස්කිවාදී විපක්ෂයට එරෙහිව සටනේ දී ස්ටැලින් ගත් දේශපාලන පිලිවෙත අතිමූලිකව නිවැරදි වී ය යි කෘෂෙව් කල අවධාරනය ද වොඩිම් පිලිගත්තේ නැත.

වොඩිම් සෞන්දර්ය විද්‍යා ගෞරව උපාධිය සඳහා මොස්කව් සරසවියේ ශිෂ්‍යයෙකු ලෙස පසුවූ සමයේ දී ඔහු තම පාඨමාලා නියමිත පරිදි සම්පූර්න කොට ඉහල ලකුනු අත් කර ගැනීමට වැඩි උත්සාහයකින් තොරවම සමත් විය. ඒ අතර තම විෂයය පිලිබඳ දේශනවලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔහු කලේ සරසවියේ ඉතිහාස පුස්තකාලය තුල හැකි තාක් වැඩි කාලයක් ගත කරමින් ප්‍රව්ඩා පත්‍රයේ ද වෙනත් වාර ප්‍රකාශනයන්හි ද 1920 ගනන්වල දේශපාලන අරගල පිලිබඳ නව එලියක් සැපයූ පැරනි කලාප හැදැරීම ය. පැරනි පක්ෂාභ්‍යන්තර විවාදයන් පිලිබඳව සවිස්තර සටහන් ලියා ගනිද්දී වොඩිම් ට්‍රොට්ස්කිගේ ආස්ථානය නිවැරදි බව ඒත්තු ගත්තේ යෂ හෙතෙම 'ට්‍රොට්ස්කි සෝවියට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වී ය' යන නිගමනයට අනීවාරනීය ව ආකර්ෂනය විය. සිය ඉතිහාස කෘති මාලාව සකස් කිරීමේ දී ඉදිරිපත් කල සියලු මූලික සංකල්පයන් තමා මුලින්ම නිර්මානය කර ගත්තේ විසි වයසේ දී කල කියවීම්වල දී බව, අප ඔහුගේ හැට වන ජන්ම දිනය සැමරූ සති අන්තයේ දී මා වොඩිම් සමග පැවැත්වූ සාකච්ඡාවක දී, ඔහු මට කීවේ ය. තමා එතැන් පටන් සෝවියට් ජනයාට තමන්ගේ ඉතිහාසය පිලිබඳ සත්‍යය කීමට හැකි වන කාලයක් එතැයි සිහින දකිමින් සිටියේ යයි ද ඔහු මට කී ය.

එහෙත් සෝවියට් සංගමය තුල පැවති දේශපාලන තත්වයෝ - 1950 ගනන්වල අග හා 1960 ගනන්වල මුල උත්සවයට කාරන වූ 'හිමහරනය' තුල දී පවා - බරපතල ඉතිහාස කෘතීන් නිර්මානය කිරීමට තුඩු නො දුන්හ. වොඩිම්ගේ ශාස්ත්‍රීය චර්යාවේ මුල් සමයේ දී ඔහුගේ ප්‍රමුඛ පර්යේෂන ක්ෂේත්‍රය වූයේ සෞන්දර්ය විද්‍යාව යි. ඔහු තමාගේ ඓතිහාසික පර්යේෂන පවත්වාගෙන ගියේ පෞද්ගලිකව ය. වොඩිම්ට, ට්‍රොට්ස්කි සහ වාම විපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද පිලිවෙත්වල නිරවද්‍යතාව සාකච්ඡා කල හැකි වූයේ ඔහුගේ ඉතාම විශ්වාසවන්ත සගයන් හා මිත්‍රයන් සමග පමනිෂ එද ඉතාම පරෙස්සමිනි. පාලන තන්ත්‍රය පිලිබඳ විවේචනය වඩවඩාත් පොදුවේ කෙරෙන්නට පටන් ගත් නමුත්, ට්‍රොට්ස්කිගේ නම සඳහන් කල පමනින් තවමත් සැක හා බිය ඇවිලවිනි. වොඩිම්ගේ මිත්‍රයෙකුගේ පියා වූ සුප්‍රසිද්ධ පුවත් පත් කලාවේදියෙක් ට්‍රොට්ස්කි මහ කතිකයෙක් වී යයි කුඩා විපරිමතධාරී කන්ඩායමක් සමග අහම්බෙන් සඳහන් කල පමනින් කේජීබීයේ (සෝවියට් රහස් පොලීසියේ) අවධානයට ලක්විය. ට්‍රොට්ස්කිගේ දේශපාලන ආස්ථානයන් පිලිබඳව අන් කිසි දෙයක් සඳහන් නො කල මෙම පුවත් පත් කලාවේදියාගේ එම අහම්බ ප්‍රකාශය නිසා ඔහු වහාම රැකියාවෙන් නෙරපන ලදින් ඔහුගේ පවුල දිලිඳු බවට ඇද වැටුනි.

වොඩිම් එක් වතාවක් තමා බෙහෙවින් ගරු කල සුප්‍රසිද්ධ නාට්‍ය අධ්‍ය;වරයෙකුට තම රහස දැනුම් දුනි. ට්‍රොට්ස්කි කලාව ගැන දැරූ අදහස් තමා බෙහෙවින් අගය කරන බව වොඩිම් ඔහුට කී ය. අධ්‍ය;ක හෙල්ලුම් කෑවේ ය. 'ඇයි ඔබ මට ඔතරම් විවෘතව කතා කරන්නේ?' ඔහු ඇසී ය. තම පෞද්ගලික මිත්‍රයෙකු හා අවංක පුද්ගලයෙකු වූ අධ්‍ය;කවරයා තමාට එරෙහි ඔත්තු නො කියනු ඇතැයි තමා විශ්වාස කරන බව වොඩිම් පැහැදිලි කලේ ය. තමා එවැන්නක් නො කරන බවට අධ්‍ය;කවරයා සහතික විය. එහෙත් තම තරුන මිත්‍රයාගේ අදහස් පාලකයන්ට දැනගන්නට ලැබුනොත් තමාට ද අප්‍රසන්න අත්දැකීම්වලට මුහුනදීමට සිදුවනු ඇතැයි අධ්‍ය;ක ඔහුට පැහැදිලි කලේ ය.

වොඩිම්ගේ හුදෙකලාවට බිය හැර වෙනත් සාධකයක් ද හේතු විය. 1960 ගනන්වල මැද ඇරඹුනු විපරිමත ව්‍යාපාරය නිලධාරි පාලනය පිලිබඳ සමාජවාදී විවේචනයක් ගැන උනන්දුවක් දැක්වූයේ ම නැත. එය ස්ටැලින්වාදය විවේචනය කලේ වමෙන් නො වේ. (සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව නො වේ) දකුනෙනි. (ඇමරිකානු ධනේශ්වරයේ දේශපාලන සහය පතමිනි) මෙවන් ස්ථරයන් තුල ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී ක්‍රියාමාර්ගය කල්කදුරු විය.

සාහිත්‍යය හා කලාව පිලිබඳව තමා දැක්වූ ආදරය තිබිය දී ම, වොඩිම් තමාගේ ඓතිහාසික හා දේශපාලන අවශ්‍යතාවන්ට වඩාත් සෘජුව සම්බන්ධ වූ පර්යේෂන ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට චින්තාපර විය. වාසනාවකට මෙන් පාලන තන්ත්‍රය සමාජ විද්‍යාත්මක පර්යේෂනවල වර්ධනය පිලිබඳ තම පැරනි තහංචි ලිහිල් කිරීමට පටන් ගතිෂ එසේ කරන ලද්දේ නිලධාරිවාදී පිලිවෙත් සම්පාදනයට ම සෝවියට් සංගමය තරම් සංකීර්න වූ සමාජයක ව

හය හා ගැටලු පිලිබඳ වඩා ප්‍රගාඩ අභිනිවේෂයන් අවශ්‍ය වූ හෙයිනි. මේ තතු තුල තම නිල අධ්‍යයන කටයුතුවල අලුත් ක්ෂේත්‍රයකට බට වොඩිම් සමාජ විද්‍යාඥයෙකු බවට පත් විය. එම කරුන විවෘතවම නො පිලි ගත්ත ද ඔහු වාම විපාර්ශ්වයේ ක්‍රියාමාර්ගයෙන් තම ශාස්ත්‍රීය පර්යේෂනයේ කේන්දීය තේමාව උපුටා ගත්තේ ය: ඒ සෝවියට් සංගමය තුල සමාජ අසමානතාව පිලිබඳ ගැටලුව යි. සමාජවාදී පරමාර්ථ සහ සෝවියට් යථාර්ථය අතර අගාධය එලිදරව් කිරීමට තම සමාජවිද්‍යාත්මක පර්යේෂන යොදාගත් වොඩ්ම් සමානතාවාදී පිලිවෙත් වර්ධනය කල යුතු බව අධිවාචනය කිරීමට ද එය යොදා ගත්තේ ය. ඔහුගේ ලේඛන මාලාවට 'තරුනයන් සහ සමාජ ප්‍රගතිය', 'සංවර්ධිත සමාජවාදී සමාජය තුල සමාජ පිලිවෙත: දිශා, ප්‍රවනතා හා ගැටලු', 'සමාජ සහතික සහ බෙදාහැරීමේ සබඳතා පරිපූර්න කිරීම පිලිබඳ ගැටලු', 'ආර්තික සාපල්‍යය සහ සමාජ යුක්තිය', 'සමාජ යුක්තිය සහ සමාජ පිලිවෙත තුල එය සාක්ෂාත් කිරීමේ මාවත්', 'බෙදාහැරීමේ පිලිවෙතෙහි සමාජ අංශ', 'නිවාස ප්‍රශ්නය විසඳීම ඉක්මන් කිරීමේ සමාජ අංශ' සහ 'සෝවියට් සමාජයේ වර්ධනයේ වත්මන් අවධියේ සමාජ සමානතාවය සහ අසමානතාවය පිලිබඳ අපෝහකය' යන ලිපි ද අන්තර්ගත වේ.

'පල් වීමේ යුගය ' යි නම් ලද බ්රෙෂ්නෙව් යුගයේ දී සෝවියට් සංගමයේ අර්බුදය ඉස්මතුව පෙනෙන්නට විය. වොඩිම්ට මෙය ගැඹුරු සිත් කලකිරීමේ කාලපරිච්චේදයක් විය. සෝවියට් සංගමය තුල සමාජවාදී පිලිවෙත් යලි පනගැන්වෙනු ඇතැයි යන ඔහුගේ මුල් ප්‍රාර්ථනා යථාර්ථවාදී නො වන බව වඩවඩාත් පෙනී ගියේ ය. කලින් ආ 'හිමහරනය' (ද්‍රාවනය) දැන් යලිත් හිම 'මිදීමක්' (ඝනීකරනයක්) බවට පරිවර්තනය විය. ස්ටැලින්ගේ ක්‍රියාකලාපය පිලිබඳ සවිචාර පරීක්ෂනය පාගා දැමීම සඳහා රාජ්‍ය පීඩනය යොදන ලදි. වොඩිම් විසින් ලියන ලද සියල්ල වාරකයන් විසින් සාහිත්‍යමය සෙලු සෙවිල්ලකට (ඇඳුම් සියල්ල උනා කරන පරීක්ෂනයක) භාජන කරන ලදි. සමහර ලිපි කිසිසේත් ම පල නො කැරිනි. බොහෝ ඒවා පල කරන ලද්දේ කොටස් කපා දමා හෝ බොහෝ දුරට සංස්කරනය කිරීමෙන් පසුව ය. කෙසේ වෙතත්, 'පල්වීමේ යුගයේ' අවසාන කාලපරිච්චේදයේ දී වොඩිම්ට අනපේක්ජිත වාසනාවක් උදා විය.

සාමාන්‍යයෙන් වාරකයෝ ඔවුන් සමාලෝචනය කල ලිපි ගැන සාකච්ඡා කලේ මෙම ලිපි ඉදිරිපත් කර තිබුනු වාර සඟරාවල හෝ පුවත් පත්වල ප්‍රකාශකයන් හා සකසුවන් සමග පමනි. සාමාන්‍ය සිරිතක් ලෙස කවර කලෙකවත් ලිපිවල කතුවරුන් සමුවීම හෝ ඔවුන් සමග සාකච්ඡා කිරීම නො කරන ලදි. ගන්නා ලද ඕනෑම තීන්දුවකට ඔවුන් යටත් විය යුතු යයි අපේක්ජිත විය. කෙසේ වෙතත්, වාරක දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් වොඩිම්ගේ වැඩවලින් කුතුහලයට පත් විය. කතුවරයා කලින්ම හමුවීමට ඔහු තීන්දු කලේ ය. සමාජ අසමානතාවය පිලිබඳ ප්‍රශ්නයට මෙතරම් අභිනිවේෂයකින්, පැහැදිලිකමකින් හා නිර්භීත භාවයකින් අත ගැසූ ලිපි ඔහු කවර කලෙක වත් කියවා තිබුනේ නැත. වොඩිම් මෙම තේමාව ගැන මෙතරම් නිරත වූයේ මන්දැ? යි ඔහු විශ්මයෙන් කල්පනා කලේ ය. සමාජ සමානතාවය අත් කර ගත හැකි යයි ඔහු විශ්වාස කලේ මන් ද? එය මානව ස්වභාවයට ගැලපුනේ ද? අස්තිත්වවාදී නාට්‍යයක චරිතයක් සේ තමා තම ලිපි ගිනිබත් කරීමට බලය ඇත්තා සමග දීර්ඝ දාර්ශනික සාකච්ඡාවක යෙදී සිටිනු වොඩිම්ට දැකගත හැකි විය. ඔහුගේ ඉරනම තුලාවේ රැඳී පැවැතිනි. නිලධරවාදී රටාවේ වර්ෂ ගනනාවක් විසින් තමාගේ හෘද සාක්ෂිය මුලුමනින් ම අහෝසි කර නො ගත් වාරකයා - වොඩිම්ගේ තර්කවල බලයෙන් සෙලවී ගියේ ය. ඔහුගේ ලිපි පලකිරීම සහතික කර ගැනීම සඳහා හැකි සෑම දෙයක් ම කිරීමට ඔහු පොරොන්දු විය.

ගොර්බචොව් බලයට පත්වීමත් සමග සහ ග්ලාස්නෙස්ට් පිලිවෙත ක්‍රියාත්මක කිරීමත් සමග වොඩිම්ගේ ලේඛනවල ශ්‍රාවකයන් ඉමහත් ලෙස වැඩී ගියේ ය. නව අවස්ථාවලින් වාසි ලබා ගෙන, වොඩිම්, 1985 දී සමාජ වරප්‍රසාද විවෘත හා සංවෘත ආකාරයට පැවැතීමට එරෙහි ලිපි මාලාවක් කොම්සොමොල්කායා ප්‍රව්ඩා පුවත් පතට ලියමින් ආදායම් අසමානත්වයේ තියුනු සීමා කිරීම් පලල් ජනයාගේ ජීවන තත්වයන්හි සැලකිය යුතු වර්ධනයක් ද ඉල්ලා සිටියේ ය. වොඩිම්ගේ වාරකයා බිය පල කලේ නමුත් ලිපි ලියා තිබූ පරිද්දෙන් ම පලකිරීමට ඉඩ සලසා දුන්නේ ය. කොම්සොමොල්කායා ප්‍රව්ඩා පුවත් පතේ 20 මිලියනයක (දෙකෝටියක්) සංසරනයක් පැවැතිනිෂ මෙම ලිපිවලට උද්වේගකර ප්‍රතිචාරයක් ලැබුනි. ඒවා පාලක නිලධරයේ සමාජ තත්වයට එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස පතල ලෙස අර්ථකථනය කරන ලදි. ඉක්බිති මාස කීපය තුල මෙම ප්‍රහාරයන් ප්‍රසංශා කරමින් ද හෙලා දකිමින් ද ආ ලිපි දහස් ගනනක් කොම්සොමෙල්කායා ප්‍රව්ඩා පුවත් පතට ලැබුනි.

ගොර්බචොව් බලයට පත්වීමත් සමග ඇති වූ දේශපාලන වෙනසින් වොඩිම් පලමුවෙන් ම දිරි ගැන්විනි. සමාජ ප්‍රශ්න වඩාත් නිර්භීත ලෙස ද වඩාත් පුලුල් ශ්‍රාවකයක් ඉදිරියේ ද සාකච්ඡා කිරීමට දැන් හැකි වී තිබුනිෂ මින් ප්‍රථම වතාවට ලියොන් ට්‍රොට්ස්කි ගැන ද ස්ටැලින්වාදයේ නැගීමට එරෙහිව වාම විපාර්ශ්වය විසින් කරන ලද දේශපාලන අරගලය ගැන ද විවෘතව කතා කිරීමට වොඩිම්ට හැකි විය. තවත් තීරක වර්ධනයක් වූයේ විශේෂයෙන් ම 1950 ගනන්වලින් පසු ට්‍රොට්ස්කිගේ ලිපි - වොඩිම්ට කලින් කවර කලෙක වත් දැක ගත නො හැකි වූ ඒවා - ලබාගත හැකි වූ තත්වය හදිසියේ ම උද්ගතවීම යි. ඔහු ප්‍රථම වතාවට එනම් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැදගත් ම රුසියානු භාෂා ප්‍රකාශනය වූ වාම විපාර්ශ්වයේ බුලටිනයේ කලාප මාලාවක් ලබා ගති. වොඩිම් මෙම ලේඛන උකහා-දිරවා ගනිමින් තමාගේ ට්‍රොට්ස්කිවාදී සුනිශ්චය යලි තහවුරු කොට ගැඹුරු කර ගති. වොඩිම්ට මෙම ලිපි ඓතිහාසික පමනක් නො ව සුවිශේෂ සමකාලීන අර්ථභාරයක් ද දරා සිටියේ යෂ මන්ද යත් දේශපාලන හා බුද්ධිමය ප්‍රභූ ස්ථරයන්හි මොනම කොටසකට වත් සෝවියට් සංගමය මුහුන දී සිටි අර්බුදයේ ස්වභාවය පිලිබඳ මොනම බරපතල වැටහීමක් වත් තිබුනේ නැති බව ඉක්මනින් ම පැහැදිලි වූ හෙයිනි. 'ඓතිහාසිකව අවශ්‍ය වූ' පිලිවෙත් වෙනස් කිරීමක් නිවේදනය කල සෑම අවස්ථාවක ම, ගොර්බචොව්ගේ වියරු තර්ක ඇටැවිලි වඩවඩාත් විකාර ස්වරූපයක් අත් කර ගත්තේ ය. ප්‍රසංශා සොයා ලෝකය පුරා සංචාරය කිරීම හැර තමා කල යුත්තේ කුමක් ද යන්න පිලිබඳ කිසිම අදහසක් ප්‍රධාන ලේකම්ට නො තිබුනාක් මෙනි. ගොර්බචොව්ගේ ව්‍යාකුලත්වය මුලුමහත් සෝවියට් බුද්ධිමතුන්ගේ ම අවමංගතවීම තුල ප්‍රතිබිම්බිත විය. ඔවුන් විසින් පෙරකල කරන ලද වැඩවල කිසිම අංශයක් 1980 ගනන්වල අග භාගයේ සෝවියට් සංගමය බිඳ වැටීමේ තත්වය වටහා ගෙන ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන්ව සූදානම් කර තිබුනු බවක් පෙනෙන්නට තිබුනේ නැත.

සෝවියට් සංගමයේ ඉතිහාසය පිලිබඳව පූර්න සමාලෝචනයකින් තොරව එරටේ ගැටලු විසඳිය නො හැකි බව වොඩිම්ට ඒත්තු ගොස් තිබුනි. එවන් සමාලෝචනයකට අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වූයේ ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳව ඒකරාශීව තිබුනු සියලු ම බොරුවලින් ඓතිහාසික වාර්තාව ශුද්ධ කිරීම ය. සෝවියට් සමාජය සමාජවාදී පිලිවෙතක යලි පනගැන්වීම රැඳී පැවැත්තේ ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිවාදයේ විවේචනය ද වාමාංශික විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විකල්ප ක්‍රියාමාර්ගය ද පරීක්ෂා කර බැලීම මත ය. සෝවියට් සංගමය තුල දේශපාලන හා ආර්තික තත්වය පිරිහී යත් යත්, ට්‍රොට්ස්කි පිලිබඳ සමාලෝචනයක අවශ්‍යතාවය වොඩිම්ට තව දුරටත් මග නො හැරිය හැකි කර්තව්‍යයක් සේ නැගී සිටියේ ය.

බුද්ධි ශ්‍රේනිය දකුනට

එහෙත් දැන් තමා හුදෙකලා කර දැමූ දේශපාලන හා සමාජ ප්‍රපංචයකට මුහුන දීමට වොඩිම්ට යලිත් වරක් සිදු විය: එනම් මුලුමහත් බුද්ධි ශ්‍රේනියම කුලප්පු වී දකුනට පැනීම ය. බුද්ධි ශ්‍රේනිය තුල දක්ෂිනාංශික ප්‍රවනතා නැග ඒම ගැන වොඩිම් බොහෝ කාලයක් දැන සිටියේ ය. විපරිමත ව්‍යාපාරය ජාත්‍යන්තර ධනේශ්වර මහජන මතය යොමුවීම නිසා ද මාක්ස්වාදයට දැක් වූ සතුරුකම නිසා ද කවර කලෙක වත් වොඩිම්ගේ සිත ගත්තේ නැත. කෙසේ වෙතත් ඔහු හැසිරුනු ශාස්ත්‍රීය හා බුද්ධිමය කව තුල සෝවියට් පිලිවෙත පිලිබඳ විවේචනය රඳවා තිබුනේ සමාජවාදී පද මත ය. එහෙත් 1980 ගනන් අවසාන වත් ම ඔහුගේ මිතුරන් හා වෘත්තීය සහකරුවෝ කිහිපදෙනෙක් හැරෙන්නට - ධනේශ්වර පද්ධතිය කෙරේ අපරිමිත අගය කිරීමක් හා විශ්වාසයක් පල කරන්නට පටන් ගත්හ. ඔවුහු කරුනු හා තර්කය මත පදනම් වූ අදහස් නො තකා හැරියහ. වොඩිම්ට මිතුරන් හා සහකරුවන් එකිනෙකා සමග සබඳතා බිඳ දැමීමට සිදු විය. ඔවුනතර ස්ටැනිස්ලාව් ෂටාලින් ද විය. මොහු වරෙක වොඩිම් සමග එක්ව ලිපියක් පවා සම්පාදනය කල ඉතා සමීප සගයෙක් විය. එහෙත් ෂටාලින් ගොර්බචොව්ගේ ආර්තික උපදේශකයෙකු බවට පත්ව ධනේශ්වර වෙලඳපල පදනමේ සෝවියට් සංගමය ප්‍රතිසංවිධාන කිරීම සඳහා කම්පක චිකිත්සක විධි පාවිච්චි කිරීම සුදුසු යයි යෝජනා කල 500 දින සැලැස්මේ කතුවරයකු ලෙස ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගත්තේ ය.

මෙම දකුනට පැද්දීමේ අතුරු පලයක් වූයේ ට්‍රොට්ස්කිවාදය ස්ටැලින්වාදයට විකල්පයක් සම්පාදනය කලේ ය යන මතය නිෂ්ප්‍රභා කිරීමට මාධ්‍යවල නව ව්‍යායාමයක් දියත් වීම ය. මාධ්‍ය ස්ටැලින් යුගයේ ට්‍රොට්ස්කිට එරෙහිව එල්ල කරන ලද දුෂ්ට ම අවලාද සමග බටහිර සමාජ විද්‍යාඥයන්ගේ ප්‍රතිගාමී තර්ක නිර්ලජ්ජිතව අච්චාරු කලහ. මාධ්‍ය සැබැවින්ම මාක්ස්වාදී සමාජවාදයට එරෙහිව එල්ල වු මෙම ට්‍රොට්ස්කි විරෝධී ව්‍යායාමය හිටපු-සෝවියට් හා රුසියානු බුද්ධි ශ්‍රේනිය පෘතුල ප්‍රතිචාරයක් දිනා ගත්තේ ය. මෙම ව්‍යායාමයේ ඉතාම වැදගත් - හෝ වඩාත් නිවැරදිව කීවොත් සමහර විට වඩාත් පතල - විපාකය වූයේ දිමිත්‍රි වොල්කගනෙව් විසින් ලියන ලද පොත් මාලාව යි.

වොඩිම් තමාගේ ජීවිතයේ ඉතිරි කොටස යෙදුවා වූ බුද්ධිමය ව්‍යාපෘතිය දියත් කලේ මෙම ප්‍රතිගාමී වාතාවරනය තුල ය: එම ව්‍යාපෘතිය නම් කොමියුනිස්ට් පක්ෂය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල දේශපාලන ගැටුම් පිලිබඳ මාක්ස්වාදී ඉතිහාසයක් ලිවීමය. මෙය වනාහී, පැරනි සෝවියට් සංගමයෙන් පිටත පසෙක තිබියේවා, එය තුල වුව ද අන් කිසිම ඉතිහාසඥයෙකු සමත් වූ කර්තව්‍යයක් නො වේ. එය එසේ වූයේ මන් ද?

ඊ .එච්. කාර් වරෙක කී පරිදි: 'මහා ඉතිහාස රචනය සිදුකල හැකි වන්නේ හරියටම ඉතිහාසඥයා අතීතය පිලිබඳව දරන්නා වූ දර්ශනය වර්තමානයේ ගැටලු පිලිබඳව ඔහුට ඇති අභිනිවේෂයන් විසින් උද්දීපනය කැරුනු කල්හිය.'

ඉතිහාසඥයෙකු ලෙස වොඩිම්ගේ විශිෂ්ඨ විජයග්‍රහනයට යතුර එම නිරීක්ෂනයෙන් සැපැයේ. සත්තකින්ම වොඩිම් තම කාර්යයට සමහර සුවිශේෂ දක්ෂතා ගෙන ආවේ ය: සෝවියට් ඉතිහාසය පිලිබඳ විශ්වකෝජීය ඥානයක්, අතිමහත් කරුනු සම්භාරයක් පිලිබඳ විශ්මයජනක වැටැහීමක්, පලල් දේශපාලන හා සමාජ සන්දර්භයක් තුල සිද්රීන් පිහිටුවීමට නො වරදින හැකියාවක්, සහ සංක්ජිප්ත හා මවා පෑමෙන් තොර ශෛලියක්. එහෙත් මේ ශක්තීන්ට අමතරව තවත් නො මිනියහැකි වාසියක් ද ඔහු අත විය. ඒ වනාහි රුසියාවේ පමනක් නො ව සමස්ත ලෝකයේ ම වත්මන් අර්බුදය වනාහි 1920 ගනන් හා 1930 ගනන්වල දී ස්ටැලින්වාදී නිලධරයේ පාවාදීම් හා අපරාධවල විපාකයක් ලෙස ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය විසින් විඳින ලද්දා වූ පරාජයන්ගේ ප්‍රතිපලයක් ය, යන්න ගැන ඔහුට තිබුනු වැටැහීම ය.

එහෙත් වොඩිම්ගේ ග්‍රන්ථ මාලාවේ අසුභවාදයේ ලේෂමාත්‍රයක්වත් ඇත්තේ නැත. ඔහු විස්තර කරන්නාවූ හා විශ්ලේෂනය කරන්නාවූ සිද්ධිහු. විශේෂයෙන්ම 1936-39 ස්ටැලින්වාදී භීෂනය සූදානම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සෘජුව විස්තර කරන වෙලුම්වල එන ඒවා සහතිකෙන්ම භයංකරයහ. ඒවා කියවීම සිත් පාරා දමතියි යනුවෙන් මිස අන් අන්දමකින් විස්තර කල නො හැකියහ. එහෙත් මේ සියලු භයංකර සිද්රීන් මැද රොගොවින් සෝවියට් කේදවාචකය ඉදිරිපත් කරන්නේ අවසාන දර්ශනය ලියා හමාර වී නැති නාට්‍යයක් හැටියට ය. ඔහුගේ තුන්වන වෙලුමේ ප්‍රස්තාවනාවේ ඔහු ලියන පරිදි: 'ඔක්තෝබර් විප්ලවය විසින් විවෘත කරන ලද ඓතිහාසික සන්තතිය සම්පූර්න කර නැත. හුදෙක් නැවැතී තිබෙනවා පමනි.'

වොඩිම්ගේ කෘතීන්ට ඒවායේ සදාචාරාත්මක තීවතාවය ලබා දෙන්නේ කතුවරයාගේ සද්කෝපය පමනක් නො ව, අන් සියල්ලටමත් වඩා ස්ටැලින්වාදය නියෝජනය කලේ ලෝක සමාජවාදයේ ගමන තාවකාලිකව පීලිපැනීමක් පමනක්ය යන වොඩිම්ගේ ඒත්තු ගැනීම ද වේ. 1930 ගනන්වල මුහුන දුන් පරාජයන් තිබියේ වී නමුත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සෝවියට් සංගමය ඉතා වෙනස් හා බෙහෙවින්ම ප්‍රගතිශීලී වූ මාවතක වර්ධනය විය හැකිව තිබුනේය යන ශක්‍යතාවය ගැබ්කර ගත්තේ ය. එම ශක්‍යතාවය ම, ස්ටැලින්වාදය වනාහි බෝල්ෂේවික්වාදයේ අවශ්‍ය හා අනිවාර්ය ප්‍රතිපලය ය යන සියලු කියාපෑම් නිෂ්ප්‍රභා කර දමයි. ස්ටැලින්වාදයට විකල්පයක් තිබුනේය යන්න ම සමාජවාදයේ ඓතිහාසික විභවශක්තිය ක්ෂය වී ඇතැයි යන ප්‍රවාදය නිෂ්ප්‍රභා කර දමයි.

ඉතිහාසය පිලිබඳ සංකල්පය

ඉතිහාසය පිලිබඳ රොගොවින්ගේ සංකල්පනය සාරභූතව ම ගතික ය. 1930 ගනන්වල සිද්රීන් අද ද හීන නුවූ අර්ථභාරයක් දරා සිටීයයි ඔහු කල අවධාරනයට යටින් පවතින්නේ ඓතිහාසික කාලය වනාහි අතීතය, වර්තමානය, සහ අනාගතයේ ඒකාබද්ධ හා අන්තර් ක්‍රියාකාරී සන්තතියක් යයි ඔහු දැරූ සංකල්පය යි. තමාගේ ම යුගයේ මහා ගැටලු සමග පොරබදන ගමන් ම වොඩිම් අතීතය තුලට ඇස් යොමු කලේ අනාගතය පෙර දැකීමට පමනක් නො ව එය හැඩගැස්වීමට ද ය. වොඩිම් ඉටුකිරීම සඳහා අපේක්ෂා කලා වූ ක්‍රියා කලාපයේ තථ්‍යතම ප්‍රකාශනය සමහරවිට ඔහු සිය කෘති මාලාවේ සිවුවන වෙලුම ආරම්භයේ දී සඳහන් කල පැස්ටර්නැක්ගේ පද්‍යයේ දැකගත හැකි ය.

ඉතිහාසඥයා ප්‍රතිලෝමව අනාගතය දැකගන්නා භාවී කථකයෙකු යයි හෙගල් එක් සමයෙක්හි සම්භාවීව, අනුමානයේ යෙදෙමින්, පැවසීය.

වොඩිම්ගේ ඓතිහාසික ග්‍රන්ථ මාලාවේ තවත් තීරක අංශයක් නම් ස්ටැලින්වාදී තන්ත්‍රය සහ වාම විපාර්ශ්වය අතරේ ගැටුම අශමනීය සමාජ මූලධර්මයන් දෙකක, එනම්: සමානතාවේ හා අසමානතාවේ ගැටුමක් ලෙස එහි අර්ථකථනය කර තිබීම ය. කම්කරු පන්තියේ අවශ්‍යතාවයන්ට ප්‍රකාශනයක් දුන් ට්‍රොට්ස්කිවාදී විපාර්ශ්වයේ දේශපාලන ක්‍රියාමාර්ගයේ සමාජ සාරය වූයේ සමානතාව සඳහා අරගලය ය. නිලධරයෙන් ද විවිධ අතරමැදි සමාජ ස්ථරයන්ගෙන් ද සහාය උකහාගත් ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයේ පිලිවෙත් තුලින් ප්‍රකාශිත අරමුන වූයේ අසමානතාවය ය. සමාජ වරප්‍රසාද සඳහා එනම් බොහෝ දෙනාගේ වැයෙන් ටික දෙනෙකුට භෞතික වාසි අත්කර ගැනීම සඳහා වූ ස්ටැලින්වාදී නිලධරයේ එම ආයාසයේ දේශපාලන ප්‍රකාශනය එහි අවශ්‍ය මෘග රූප අත්කර ගත්තේ තම තිරිසන් ක්‍රියා මගිනි. මිනීමරු ඒකාධිපතියා නිලධරයේ සාරභූත සමාජ දෘෂ්ටිය මුර්තිමත් කලේ ය: 'භෞතික දේවල් සඳහා ස්ටැලින්ගේ කෑදර කම, සහ තමාගේ දෛනික ජීවිතයේ සුඛවිහරන සඳහා ඔහුට තිබුනු අසීමිත තන්හාව ගොර්බචෙව් දක්වා හා ඔහු ද ඇතුලු ස්ටැලින්ගේ අනුප්‍රාප්තිකයන් දක්වා උරුම කර දෙන ලදී. පැරනි බෝල්ෂේවික්වරුන් මෙන් නොව මොවුන් සියලු දෙනාම ශාරීරික දුෂ්කරතාවන් ද අඟහිඟකම් ද ජනතාව සමග බෙදාහදා ගැනීමට සූදානම් නොවූ හ.'3

ස්ටැලින්වාදයේ සමාජ පදනම් පිලිබඳ වොඩිම්ගේ විශ්ලේෂනය, අන්තිමේ දී සෝවියට් සංගමය බිඳ වැටීම පිලිබඳ ඔහුගේ විශ්ලේෂනයට කරුනු සම්පාදනය කලේ ය. ස්ටැලින් විසින් 1930 ගනන්වල පටන් තම මරනය දක්වා පවත්වාගෙන යනු ලැබූ සමානතා විරෝධී පිලිවෙත් තුල ධනේශ්වර පුනස්ථාපනය මුල්බැස තිබුනු බවට රොගොවින් බොහෝ විට තර්ක කලේ ය.

සෝවියට් පාලනය කෙරේ සවෘත්තික හා බුද්ධිමය ප්‍රභූ ස්ථරයන්ගේ විරුද්ධත්වය ආරම්භ වූයේ මියගිය ඒකාධිපතියා විසින් දිරිදෙනු ලැබූ සමාජ අසමානතාවය අඩුකිරීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් ගන්නා ලද සීමා සහිත ප්‍රයත්න වලට ප්‍රතිරෝධයක් ලෙස බව වොඩිම් දැකගත්තේ ය. ස්ටැලින්ගේ මරනයෙන් පසුව සෝවියට් නිලධරයට, කම්කරු පන්තිය වෙත ලබාදීමට සිදු වූ සමාජ සහනයන් ගැන නොමෙන්ක්ලටුරාව (නාමධාරී ප්‍රභූ ස්ථරය) විරුද්ධ විය. විපරිමතවාදී ව්‍යාපාරය මෙම විරෝධතාවන්-ගෙන් වර්ධනය වූ බවත්, එය මේ අර්ථයෙන් ගත්කල ස්ටැලින්වාදයට එරෙහිව පැනනැගුනක් නො ව ස්ටැලින්වාදයෙන් පැනනැගුනක් බවත් වොඩිම් අවධාරනය කලේ ය.

ඔහු මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කිරීම නිසා, 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග වොඩිම් මුලුමනින්ම හුදෙකලාවට පත්විය. දේශපාලන ප්‍රතිගාමිත්වයේ, සමාජ පරාභවයේ, හා සදාචාරාත්මක නීචත්වයේ දැක් ම වොඩිම් තුල ඉමහත් පිලිකුලක් ජනිත කලේ ය. නිර්මානාත්මක බුද්ධිමය කටයුතු සඳහා අත්‍යවශ්‍ය යයි ඔහු සැලකූ දේ - විශ්වාස සහගත සහෝදරයන් හා මිත්‍රයන් සමග නිරන්තරව අදහස් හුවමාරු කිරීම - 1992 වනවිට කිසිසේත්ම කල නො හැකි තත්වයක් උද්ගතවිය. ඔහුගේ කෘතී මාලාවේ අන්තර්ගතය සාකච්ඡා කලහැකි කිසිවෙක්ම හෝ නො සිටි තරම් ය. එය පලකරවා ගැනීමට ඔහු සමත් වූයේ ද ඉතා අමාරුවෙනි.

ජාත්‍යන්තර කමිටුව සමග සබඳතා

වොඩිම් රොගොවින් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සබඳතා ඇතිකර ගත්තේ හරියටම මෙන්න මේ තත්වය තුල ය. ඊලග වසර හය තුල වර්ධනය කරගන්නා ලද සම්බන්ධතාවය ඔහුට තරම් ම අපට ද බලපෑවේ ය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සබඳතා තහවුරු කරගැනීමට පෙර 1980 ගනන්වල දී ඔහු ට්‍රොට්ස්කිවාදීන්ය යි කියාගත්, සෝවියට් සංගමයෙන් පිටත විවිධ ප්‍රවනතා සමග සාකච්ඡා පවත්වා තිබුනි. හතර වන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය ගැන තවදුරටත් උගෙනීමට ඔහු උනන්දු විය. වොඩිම් පැබ්ලෝවාදී ව්‍යාපාරයේ නායක අර්නස්ට් මැන්ඩෙල් හමු විය. එහෙත් මැන්ඩෙල් සමග කල සාකච්ඡා වොඩිම් තුල තියුනු කලකිරීමක්ය ඇති කලේය. ක්රෙම්ලින් නිලධරයේ ප්‍රතිපත්ති පිලිබඳ තිබෙන විවේචනයක් අසනු රිසි වූ වොඩිම් විසින් සෝවියට් සංගමයේ තත්වය විශ්ලේෂනය කරන ලෙස අනවනු ලැබූ කල්හි මැන්ඩෙල් කලේ ගොර්බචොව් පිලිබඳව ඉතිරී යන ප්‍රසංශාවක් කිරීම යි, පෙරස්ත්‍රොයිකාවේ වර්ධනය ගැන ඉමහත් බලාපොරොත්තු තැබීම ය. සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ගැන තමාට තිබුනු අගය කිරීම වොඩිම්ට නො තිබුනු බව දුටු මැන්ඩෙල් සැබැවින් ම පුදුමයට පත්වූ බවක් පෙනී ගියේ ය. මැන්ඩෙල් පිලිබඳව වොඩිම්ට ඉතුරුවූයේ පුටු රත්කරන 'ධනේශ්වර මහාචාර්යවරයෙකු' බඳු හැගීමකි.

වාසනාවන්ත සිද්ධි දාමයක් වොඩිම් ජාත්‍යන්තර කමිටුවට හමු කලේ ය. 1992-93 දී මගේ හොඳ මිතුරෙකු හා ජාත්‍යන්තර කමිටුවේ සහකරුවෙකු වූ ණඩ් ෂෝට් රුසියානු වාම විපාර්ශ්වයේ ප්‍රධාන පුරුෂයෙකු වූ ඇලෙක්සැන්ඩ්ර් වොරොන්ස්කි පිලිබඳ පර්යේෂනයක යෙදෙමින් රුසියාවේ සිටියේ ය. එහිදී සාහිත්‍යය පිලිබඳ ට්‍රොට්ස්කිගේ මත පිලිබඳව ලියන ලද ලිපියක් ඇතුලත් කුඩා සගරාවක් ඔහුට ලැබිනි. ලිපියේ අවංක භාවය ද ට්‍රොට්ස්කිගේ ආස්ථාන සාරාංශ කිරීමේ දී එය දැක් වූ වෛෂයික ප්‍රවිෂ්ටය ද ප්රෙඩ්ගේ සිත ගත්තේ ය. සෝවියට් සගරාවක, ට්‍රොට්ස්කි පිලිබඳව බර උත්ප්‍රාස ප්‍රහාරයන් ද වැරදි ඉදිරිපත් කිරීම් වලින් ද තොර ලිපියක් දක්නට ලැබීම අරුමයක් විය. කතුවරයා වොඩිම් රොගොවින් ය. රොගොවින් හමුවීමට තීන්දු කල ණඩ් ඔහුගේ දුරකතන අංකය සොයාගෙන ඔහුට කතා කර හමුවීමට දිනයක් නියම කර ගත්තේ ය. ඔවුන්ගේ සාකච්ඡාව සාර්ථක විය. වාම විපාර්ශ්වය පිලිබඳ බරපතල සාකච්ඡාවක් කරන්නට ලැබීම ගැන වොඩිම් සතුටු විය. එහෙත් තමාට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමග සබඳකමක් තිබුනු බව ණඩ්, වොඩිම්ට එදින ම කීවේ නැත.

ඉක්බිති ඉරනම මැදිහත් විය. වොඩිම්ට ජාත්‍යන්තර කමිටුව විසින් රුසියන් බසින් පලකරන ලද හතර වන ජාත්‍යන්තරයේ බුලටීනය ලැබී තිබුනි. මෙහි අන්තර්ගතය පරෙස්සමින් හැදැරූ ගල්යා එය සැබෑ ට්‍රොට්ස්කිවාදී ප්‍රකාශනයක් බව නිගමනය කලා ය. එසේම තම සුපුරුදු තීක්ෂන භාවයෙන් ඔහු ඩේවිඩ් නෝත් සොයාගත යුතුය(!) වොඩිම්ට යෝජනා කලේද ගල්යා ය. එහෙත් මෙය කෙසේ කල හැකි ද? වොඩිම් ණඩ්ගෙන් මෙම ප්‍රශ්නය ඇසුවේය. මෙහිදී තමාට යම් උදව්වක් කල හැකියයි ණඩ් වොඩිම්ට කීය.

වොඩිම් අප සොයමින් සිටි අතර ජාත්‍යන්තර කමිටුව වොඩිම් සොයමින් සිටියේ ය. 1989-1991 අතරතුරේ සෝවියට් සංගමයට කිහිප වතාවක් ගමන් කල මම විවිධ විද්වතුන් හමුවීමි. මගේ අපේක්ෂාව වී තිබුනේ, මෙම සුවිසල් ශාස්ත්‍රීය ප්‍රජාව තුල සෝවියට් සංගමයේ බිඳ වැටීම මැද්දෑවේ ස්ටැලින් සමාජවාදී ව්‍යාපාරයට කල අපරාධ එලිදරව් කිරීම ද, එපමනක් නො ව, 1920-1930 ගනන්වල දී නිලධරය නැගී බලය තහවුරු කර ගැනීමට එරෙහිව ට්‍රොට්ස්කි හා වාම විපාර්ශ්වය කල අරගලයද, පිලිබඳව එලිදරව් කිරීමේ අවශ්‍යතාවය වටහාගත් විද්වතෙකු සොයාගත හැකි වේය යන්න ය මෙම සෙවිල්ල සාර්ථක වූයේ නැත.

මා හමුවී කතාකල ඉතිහාසඥයන් හා සමාජ විද්‍යාඥයන් එකෙකුගෙන් පසුව එකෙක් තමන් වනාහී පටු මනසින් යුතු නරුමයන් බවත් බැරෑරුම් වැඩ සඳහා හැකියාවකින් හෝ උනන්දුවෙන් තොර වූවන් බවත් ඔප්පු කලහ. ඔවුන් කලින් විශ්වාස කල යම් මූලධර්ම හෝ පරමාර්ථ වී නම් දේශපාලන ප්‍රතිගාමිත්වයේ කාල ගුනය ඒවා යටකරගෙන ගොස් තිබුනිෂ තමන් සමාජය තුල ද තම ජීවිත තුල ද මුහුන පෑවා වූ සෑම ගැටලුවට ම වගකිව යුත්තේ මාක්ස්වාදය යයි සිතා සිටියාක් මෙනි. ඔවුහු රුසියාව ධනවාදය මත ප්‍රති සංවිධානය කිරීම තුල සැබැවින්ම කෝකටත් තෛලයක් දුටහ.

මොස්කව් නගරයේ ඓතිහාසික-පුරාලේඛනාගාරයේ ඉහල තත්වයක් දරා සිටි සුප්‍රසිද්ධ සෝවියට් වියතෙකු සමග 1991 ශරත් සමයේ පවත් වන ලද සාකච්ඡාවක් මට මතක ය. අවුරුදු දෙකකට පෙර මෙම මිනිසා ම ස්ටැලින්ට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය පිලිබඳව දේශනයක් කිරීම සඳහා තම ආයතනයේ ප්‍රධාන ශ්‍රවනාගාරය මට ලබා දුන්නේ ය. එහෙත් මොහු එයින් ඉක්බිති සමයේ ප්‍රතිගාමිත්වයට දනගසා තිබුනු අතර ඔහුගේ සමාජවාදී ප්‍රනිතීන් කිසිවක් හෝ කිසිසේත් ම ඉතිරි වී තිබුනේ ද නැත.

වෙලඳ පොල ආර්තිකයක් පිහිටුවීම රුසියාවේ සියලු ගැටලු ඉක්මනින් ම විසඳනු ඇතැයි යන මතය ඔහු දැඩිව ගෙන තිබුනි. ලෝක ධනේශ්වර ආර්තිකයට අසීමිත ලෙස යටත්කර දැමීම මගින් රුසියානු ආර්තිකය අවුරුදු 100කින් පස්සට තල්ලුකර දමනු ඇතැයි මම ඔහු සමග තර්ක කලෙමි. ඔහු දුන් ලූහු පිලිතුර වූයේ එය අද තිබෙන තත්වයට වඩා අපට අතිමහත් වර්ධනයක් වනු ඇතැ යි යන්න ය. මෙවන් අදහස් ඇති අයගෙන් ස්ටැලින්වාදී තන්ත්‍රයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විපාර්ශ්වය පිලිබඳ මොනයම් මැ හෝ වෛෂයික අධ්‍යයනයක් අපේක්ෂා කල නො හැකි විය. ඔවුන් වැලඳගත් සමාජ හා දේශපාලන දෘෂ්ටිය ස්ටැලින්වාදය ඔක්තෝබර් විප්ලවයේ මූලධර්මවල අසංගත විකෘතියක් යයි පිලිගැනීමට ඔවුන්ට එපමනක් නො ව ඉඩ තිබ්බේ නැත.

ස්ටැලින්වාදී නිලධරය විසින් ඉදිරිපත් කරනු ලැබූ පිලිවෙත්වලට එරෙහිව සැබෑ, ශක්‍ය සමාජවාදී විකල්පයක් වාම විපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුනේ ය යි පිලිගැනීමට ද එහෙයින්ම ඔවුහු අසමත් වූහ.

ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම

තමන්ට සෝවියට් බුද්ධිශ්‍රේනිය තුල මුහුන දෙන්නට සිදුවූ උදාසීනභාවය සහ විරුද්ධත්වය තිබියදීම ජාත්‍යන්තර කමිටුව ස්ටැලින්වාදයේ මුසාකරනයන්, පාවාදීම් සහ අපරාධ එලිදරව් කිරීම සඳහා ද ට්‍රොට්ස්කිගේත්, වාම විපාර්ශ්වයේත් ඓතිහාසික අරගලය තුල සදේහී වූ ස්ටැලින්වාදයට එරෙහි මාක්ස්වාදයේ උදාර අරගලය එහි ඓතිහාසික වාර්තාව මත පිහිටුවාලීම සඳහා ද 1992 මාර්තු මාසයේ දී ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීමේ ව්‍යායාමයක් ආරම්භ කලේ ය.

1992 මාර්තු 11 දින ජාත්‍යන්තර කමිටුවේ 12 වන සැසිවාරයේ ආරම්භක වාර්තාවේ දී මෙසේ ප්‍රකාශ කෙරින: 'ස්ටැලින්වාදය මාක්ස්වාදය ය යන බොරුවට පිලිතුරු දීම සඳහා අප විසින් ස්ටැලින්වාදයේ බොරු එලිදරව් කලයුතුව ඇත. ස්ටැලින්වාදය යනු කුමක්දැයි දැන ගැනීම පිනිස එය විසින් මරන ලද්දේ කවුරුන් ද යන්න ද පෙන්නුම් කල යුතුව ඇත.

'ස්ටැලින්වාදය තමන්ගේ දරුනුම ප්‍රහාර එල්ල කලේ කුමන සතුරාට එරෙහිව ද යන ප්‍රශ්නයට අප පිලිතුරු දිය යුතුව ඇතෂ අපගේ ව්‍යාපාරයේ ඉමහත්ම දේශපාලන කර්තව්‍යය විය යුත්තේ ස්ටැලින්වාදය විසින් කරන ලද අපරාධවල දුර දිගයන දේශපාලන අර්ථභාරය එලිදරව් කිරීම මගින් ඓතිහාසික සත්‍යය යලි පිහිටුවාලීම ය. මෙම එලිදරව් කිරීමේ හරිමැදම තිබිය යුත්තේ මොස්කව් නඩු විභාගවල ද ලේ විරේකයන්ගේ ද ට්‍රොට්ස්කි ඝාතනයේ ද වාර්තාව විවෘත කිරීම ය. ... මේ ඓතිහාසික සත්‍යය එලිදරව් කිරීමේ ව්‍යායාමය වනාහී එහි පටු අර්ථයෙන් දැක්වෙන කම්කරු පන්තියට යහපතක් ඉටුකර ලන්නාවූ කර්තව්‍යයක් පමනක් නො වේ. සමස්ත ප්‍රගතිශීලී මානව වර්ගයේම යහපත සඳහා වන්නක් ද වේ.

ලුබියන්කා සිර කඳවුරේ සිදුවූ දේ අරගලයේ නිමග්න වූ සකල මානව වර්ගයාට ම අදාල ය. ස්ටැලින්වාදයේ අපරාධ එලිදරව් කිරීම වනාහී සමාජ හා දේශපාලන චින්තනයේ වර්ධනයට ඔවුන් කලාවූ විනාශය ජය ගැනීමේ සාරභූත අංශයකි.'4

හතර වන ජාත්‍යන්තරයේ වැඩකටයුතු වලට සහභාගීවීම පසෙක තිබියේවා, තමාගේ ට්‍රොට්ස්කිවාදී වැටැහීම් විවෘතව සාකච්ඡා කිරීමට පවා වොඩිම්ට තම ජීවිතයේ වැඩි කාලයක් තිස්සේ අවස්ථාවක් ලැබුනේ නැත. එසේම අප ව්‍යාපාරය ට්‍රොට්ස්කිගේ අරගලයේ උරුමය දශක ගනනාවක් තිස්සේ ආරක්ෂා කරගෙන පැමින තිබියේ වී නමුත් සෝවියට් සංගමය තුල සැබෑ මාක්ස්වාදීන් සමග සම්බන්ධතාවයක් පිහිටුවා ගැනීමට ඉඩ ලද්දේ නැත. එහෙත් වොඩිම් රොගොවින්ගේ ද හතර වන ජාත්‍යන්තරයේ ද පථයෝ අවාසි සහගත ඓතිහාසික කොන්දේසිවල විපාක වූ අතිමහත් බාධාවන් මැඩ ගෙන අර්ධ ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ වෙන්ව කරන ලද දීර්ඝ ගමන්වලින් පසුව එකම කක්ෂයකට සම්ප්‍රාප්තව ප්‍රමග්නවී ගත්හ.

වොඩිම් ද ජාත්‍යන්තර කමිටුව ද අතර සාකච්ඡා 1992 වසන්තයේ අග දී ඇරැඹිනි. ආරම්භයේ දී අපගේ අදහස් හුවමාරුවෙන් වැඩි කොටසක් සිදුවූයේ නව සංනිවේදන මාධ්‍යයක් වූ ඊ-මේල් මගිනි. ප්රෙඩ් අන්තර් කථකයා ලෙස යොදාගෙන අපි කිසියම් සීමිත ආකාරයකට වුව ලේඛනාත්මක හා දේශපාලනික වැඩකටයුතු වර්ධනය කිරීම සඳහා අදහස් හුවමාරු කර ගතිමු. 1992 ඔක්තෝබරයේ ටික දිනක් බර්ලින් නුවර ගතකල වොඩිම් පීටර් ෂ්වාර්ට්ස් සහෝදරයා සමග සංක්ජිප්ත සාකච්ඡාවක් පැවැත් විය. 1993 පෙබරවාරි මස කීව් නගරයේ දී පවත්වන ලද ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ සම්මන්ත්‍රනයක දී මට වොඩිම් ප්‍රථම වතාවට හමුවිය. එම සති අන්තයේ දී අප පැවැත්වූ සාකච්ඡා ඉක්බිති වසරවල දිගින් දිගට ම පැවැති රටාවක් පිහිටුවාලී ය. අපි සාකච්ඡා කලෙමු. වාද කලෙමු, තර්ක කලෙමු, නො එකගවීමු, එකගවීමු, සිනාසුනෙමු, සැලසුම් සකස් කලෙමු. 1993 සහ 1994 මුල මොස්කව් නගරයේ දී පවත්වන ලද වැඩිදුර රැස්වීම්වල දී අපි වොඩිම්ගේ ඉතිහාස ග්‍රන්ථමාලාවේ වර්ධනය පිලිබඳව සවිස්තරව සාකච්ඡා කලෙමු. මා දැනටම කියා ඇති පරිදි මෙම කෘතීන්ගේ මූලික පිලිවෙත අවුරුදු ගනනාවක අධ්‍යයනය හා චින්තනය මගින් වොඩිම් විසින් වර්ධනය කරනු ලැබ තිබුනි. එහෙත් ජාත්‍යන්තර කමිටුව සමග කරන ලද ඔහුගේ සාකච්ඡාවන්හි ප්‍රතිපලයක් ලෙස මෙම වැඩකටයුතුවල බුද්ධිමය හා දේශපාලන විෂය පථය ඉමහත්ව පලල් වී ගත්තේ ය. ආරම්භක සාකච්ඡාවෙන් පසුව ම වුව ද තමාගේ ප්‍රථම වෙලුම යලි සකසා ලිවීම අවශ්‍ය යයි වොඩිම් තීන්දු කලේ ය. මා අදහස් කරන්නේ වොඩිම් තමාගේ අදහස් සඳහා ජාත්‍යන්තර කමිටුවට නයගැති වූයේ ය යන්න නො වේ. ඔහුගේ චින්තනයේ අපෝහක වර්ධනය එවන් පදවලින් වටහාගත නො හැකි ය. ඇත්ත වසයෙන් සිදු වූයේ සාකච්ඡාව මගින් වොඩිම්ගේ නිර්මානශීලතාව උත්තේජනය කරනු ලැබීම ය, ඔහුගේ කල්පනය ක්‍රියාත්මකව විඥානය තුල නව අදහස් පන ගැන්වීම ය. වොඩිම් මුලින් සිතා සිටියේ තම ව්‍යාපෘතියට වෙලුම් සතරක් සෑහේය යන්න ය. ජාත්‍යන්තර කමිටුව සමග ඔහුගේ සහයෝගය ඔහු කෙරෙහි බල පෑ සෘජුම ආකාරය වූයේ මෙම ව්‍යාපෘතියේ පරිමාව වෙලුම් හතකට පලල්වීම ය.

මෙයින් දශක ගනනාවක් ඉක්මෙන තෙක් ම වොඩිම්ගේ කෘතීහු, ස්ටැලින්වාදී භීෂනයේ විෂය පිලිබඳ ඉතිහාස ලේඛන අතර ආධිපත්‍යය දරනු ඇත්තාහ. මෙවන් මහා පරිමාන කෘතියක් අසාවධාන සාරාංශ කථනයකට අවසර දෙන්නක් නො වේ. එහෙත් මෙය අවධාරනය කල යුතු ය: වොඩිම්ගේ කෘතීන් අන් සියලු (ස්ටැලින්වාදී භීෂනය පිලිබඳ කෘතීන්ගෙන්) වෙන් කැරෙන්නේ එම භීෂනයේ ප්‍රමුඛ පරමාර්ථය ද කර්තව්‍යය ද වූයේ ස්ටැලින්වාදී තන්ත්‍රයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විපාර්ශ්වය විනාශ කර දැමීමය යි වොඩිම් විසින් කෙරෙන අවධාරනය විසිනි.

ස්ටැලින්වාදී තන්ත්‍රයට තම භීෂනයේ අරමුන වනාහී ට්‍රොට්ස්කිවාදී විපාර්ශ්වය විනාශකර දැමීමයයි කල නිරන්තර අවධාරනය සැලකිල්ලට ගන්නා කල්හි, මා වොඩිම්ගේ ප්‍රවාදයේ හරියට ම මෙම අංශය සාරභූත හා සුවිශේෂයයි සලකන්නේ මන්දැයි බටහිර ඉතිහාසඥයන් භීෂනය පිලිබඳව කරන ලද කෘතීන් කියවා නැති සාමාන්‍ය පාඨකයා කල්පනා කරන්නට ඉඩ තිබේ. මෙයට පිලිතුර නම් විරේකයන් පිලිබඳ අපරදිග ඉතිහාස රචනයන්ගෙන් වැඩි කොටසක් ට්‍රොට්ස්කි හා ඔහුගේ අදහස්වලට එරෙහි අරගලයේ කේන්දීයත්වය අවම කිරීමට, නැතහොත් නැතැයි කීමට යොදනු ලැබ ඇති බවය. වොඩිම් ම ප්‍රකාශ කල පරිදි අවුරුදු 30ක් තිස්සේ, මෙම ක්ෂේත්‍රයේ වඩාත්ම සුපතල කෘතිය වන රොබට් කොන්ක්වෙස්ට්ගේ කෘතිය ට්‍රොට්ස්කිවාදය පිලිබඳ විෂයයට යොදන්නේ පිටු කිහිපයක් පමනි. මෙතරම්ම රලුපරලු ආකාරයකට නො වුව ද බොහෝ ඉතිහාසඥයෝ තමන්ගේ අධ්‍යයනයන් අවංකව හා කැපවීමකින් කරන්නා වූ ඉතිහාසඥයන් පවා (මෙවැන්නන් නැත්තේ ම නො වේ) ස්ටැලින් තම භීෂනය මෙහෙය වූයේ ලොව අන් කුමකට එරෙහිව වුවත්, ට්‍රොට්ස්කිගේ බල පෑමට නම් එරෙහිව නො වී යයි කියා සිටිති. මොනවා උනත්, 1929 දී ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් පිටුවහල් කරනු ලැබ තිබුනා නො වේ දැයි ඔවුහු තර්ක කරති. වාම විපාර්ශ්වයේ ඉතාම සුපතල සාමාජිකයන් පවා තමන්ගේ මුල් අදහස් හැරපියා තිබුනි. 1930 ගනන්වල අවසානය වනවිට යම් ආකාරයක ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් එරට තුල නොපැවතුනේ නුවූව ද ඒවායේ දේශපාලන වැඩකටයුතුවල වර්ධනය කිසිසේත්ම පවත්වාගත නො හැකි තත්වයක් ස්ටැලින්වාදී නිලධරයේ ක්‍රමානුකූල මර්දනය විසින් උද්ගතකර තිබුනි.

සෝවියට් සංගමය තුල මාක්ස්වාදී සම්ප්‍රදායේ බලපෑම ද මහජනතාවගේ විප්ලවවාදී හැගීම්වල ගැඹුර ද අවගනනය කලා වූ ඉහත අදහස් වොඩිම් ප්‍රතික්ෂේප කලේ ය. එපමනක් නො ව, පැරනි බෝල්ෂේවිකයන් තම මතයන් අත්හැර දමා තිබුනු බව ප්‍රකාශකර තිබුනු නමුත් ඔවුන් කවර කලෙක වත් ස්ටැලින්වාදී තන්ත්‍රය පිලිගෙන තිබුනේ නැත. එහෙයින් ම රාශීභූත මහජන විරෝධය ආකර්ෂනය කරගත හැකි වූ විභව කේන්ද්‍ර ලෙස ඔවුහු තවමත් සිටියහ. එසේම නිලධරය තුල ම වුව තම විප්ලවවාදී අතීතයෙන් මුලුමනින්ම බිඳී වෙන් නුවූ කොටස් සිටියහෂ මෙවන් කොටස්වල පක්ෂපාතිත්වය මත මුලුමනින්ම රැඳී ගන්නට ස්ටැලින්ට හැකි වූයේ ද නැත.

ට්‍රොට්ස්කිගේ ලියවිලි කියවනු ලැබූ අතර ඒ වන විටත් ඒවාට බලපෑමක් තිබුනි. 1934 දී කිරොව් ඝාතනයෙන් පසුව ඔහුගේ නිවසේ තිබී ට්‍රොට්ස්කිගේ පොත් ගනනාවක් සොයාගන්නා ලදී. සෝවියට් සංගමය තුල විපාර්ශ්වීය ධාරාවන් ද ට්‍රොට්ස්කි ද අතර සබඳතා වොඩිම් විග්‍රහ කලේ ය. ලේ විරේක වනාහී උන්මත්තකයෙකුගේ පැරෝනියා (පීඩනෝන්මාද) රෝගයක් නො වී ය. සෝවියට් සංගමය පමනක් නො ව එහි දේශ සීමාවන්ට ඔබ්බේ ද ට්‍රොට්ස්කිගේ බලපෑම පැතිරීම ගැන බියවීමට ස්ටැලින්ට සැබෑ හේතු තිබුනු බව වොඩිම් අවධාරනය කලේ ය. එසේ නම් මෙම භීෂනයේ අන්තිම අරමුන වූයේ කුමක් ද? '1937-38 මහා ලේ විරේකය, ස්ටැලින්ට අවශ්‍ය වූයේ බලයෙන් නගිමින් පැවැති හතර වන ජාත්‍යන්තරයේ විප්ලවවාදී ව්‍යාපාරයේ ජීව ශක්තිය බිඳ දමා එය යුගයේ නායක විප්ලවවාදී බලවේගය බවට පත්වීමෙන් වලකා, එසේ නො කරන ලද්දේ නම් ට්‍රොට්ස්කිවාදී අදහස් පිලිගැනීමට ඉඩ තිබුනු ලෝක මහජන මතය නො මග යවා දිරිසුන් කිරීමට හරියට ම ඒ ලේ විරේකය වැන්නක් නැතිව ම බැරි වූ හෙයින් ය' යි වොඩිම් ලියා තැබීය.

වොඩිම්ගේ ග්‍රන්ථ මාලාවේ දෙවන වෙලුම 1994 මුල් සමයේ ප්‍රකාශයට පත් කරන ලදී. පිටපත් 10,000ක් මුද්‍රනය කිරීමට ඇනැවිනිෂ ඒවා ගබඩා කිරීමට වෙනත් තැනක් තිබුනේ නැතිහෙයින් සියල්ලම වොඩිම්ගේ නිවසට ගෙන එනු ලැබිනි. බ්‍රවුන් පේපර්වල ඔතන ලද පොත් මිටි ගනන්, සෑම තැනකම විය. සේප්පු උඩ, මේස මුදුනේ, කුඩා කාමරවල, ඇඳන් හා පුටු යට. ශීතකරනය උඩ. තමාගේ අලුත උපන් එකාගේ සපැමිනීම ගැන වොඩිම් ඉතා සන්තෝෂ වියෂ හේ තුන්වැනි වෙලුම සඳහා ඒ වනවිටත් යෙදීගෙන සිටියේ ය. ජාත්‍යන්තර කමිටුවේ ආධාරයට අමතරව, රාජ්‍ය ලේඛනාගාරය විසින් කලින් වසා තිබුනු ලියවිලි නිදහස් කිරීම ඔහුගේ පර්යේෂනවලට ද ලියවිලිවලට ද බලගතු ගැම්මක් ලබා දුන්නේ ය. වොඩිම්, නොවලහා කියා සිටි පරිදි, මෙතරම් වූතියෙන් ගතකල කාලයක් ඔහුගේ ජීවිත කාලයේ දී දක්නට ලැබුනේ ම නැත.

අතීතයේ දී තමාට සිහිනයක් පමනක් වූ දේ අන්තිමේදී ඉටුකිරීමට ඔහු සමත්ව තිබුනි. එහෙත් අනපේක්ජිතය එලඹුනි. 1994 ජනවාරියේ දී වොඩිම් පලල් වෛද්‍ය පරීක්ෂනයකට භාජනය විය. එයට ඔහුගේ ආහාර ජීර්නක පද්ධතියේ ටොමොග්‍රෑමයක් (රේඩියම් යොදා කරන සූක්ෂම පරීක්ෂනයක්) ද අයත් විය. වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව සෑහීමකට පත් වූ බව ප්‍රකාශ කලහ. මැයි මාසයේ දී කෙසේ වෙතත්, ශරීරයේ අමාරුකම් ඇති වූ හෙයින් ඔවුහු ඔහුගේ ටොමොග්‍රෑමය යලිත් පරීක්ෂා කලහ. කලින් ඔවුන්ට සොයා ගැනීමට බැරි වූ තිතක් දැන් ඔවුහු සොයා ගත්හ. තවත් ටොමොග්‍රෑමයක් ගන්නා ලදින් මහ බඩවැල්වල අර්බුදයක් (ටියුමර) තිබෙන බව සොයා ගැනුනි. ශල්‍යකර්මයක් මගින් ඔහුගේ මහ බඩවැලෙන් යට කොටසේ තිබුනු අර්බුදය (ටියුමර්) ඉවත් කරන ලදී. ඒ සමගම වොඩිම්ගේ අක්මාවේද බඩවැලේ බෝ වූ රෝගී ස්ථාන දෙකක් දැකගත හැකි විය. ඒවා ද කපා වෙන් කරන ලදී. දොස්තර තීන්දුව ව්‍යසනයක් ම ඇගැවීය. වේගවත් ශාරීරික පිරිහීමක් අපේක්ෂා කල යුතු වී ය.

වොඩිම් වර්ෂයකට වඩා ජීවත්වනු ඇතැයි අපේක්ෂා කල නො හැකි බව කියන ලදී. මෙම තොරතුරු වලට වොඩිම් මුහුන පෑවේ අත්‍යසාමාන්‍ය ශාන්ත භාවයකිනි. 'මගේ පෞද්ගලික ඉරනමේ සුවිශේෂයෙන් කේදජනක වූ යමක් මා දකින්නේ නැත.' වොඩිම්ගේ ස්ටොයික ප්‍රතිචාරය අගය කල හැකි විය. එහෙත් අප සියලුදෙනාට ම වැටැහී ගියේ මේ අනපේක්ජිත භයංකර සිදුවීම එක්තරා ආකාරයකින් සම්භාව්‍ය වූ සාතිශය අන්දමකින් කේදාන්තයක් බව ය. වෛෂයික තත්වයන් වොඩිම්ට තමාගේ ජීවිතයේ පරමාධ්‍යාසය ඉටුකිරීමට හැකි කල අවස්ථාවේදීම, නිර්දය අසාධ්‍ය රෝගයක් ඔහුට පහර දුන්නේ ය. 1994 ශරත් සමයේ වොඩිම් ශල්‍ය කර්මයෙන් සුවය ලබමින් සිටියදී මම ඔහු බැලීමට මොස්කව් නගරයට ගියෙමි. ඔහු තමාගේ තුන් වන වෙලුමේ වැඩ අරඹා සිටියේ යෂ එය තුන් මසකින් නිම කිරීමට අපේක්ෂා කලේ ය. සෑම විටම කලාක් මෙන් අප පලමුවෙන් ම ඉටුකල කටයුත්ත වූයේ සාකච්ඡා සඳහා න්‍යාය පත්‍රයක් සකස් කිරීමයි. ඉතාම වැදගත් කරුන වූයේ 'අනාගතය සඳහා සැලසුම්' ය. මහාචාර්ය රිචඩ් පයිප්ස් ද ජෙනරාල් ද්මිත්‍රි වොල්කගනොව් ද විසින් පලකරන ලද පොත් මගින් ලිහා හැර තිබුනු මුසාකාරී ව්‍යායාමයේ බලපෑම ගැන අපි කතා කලෙමු. ජාත්‍යන්තර කමිටුව විසින් 'පශ්චාත් - සෝවියට් ඉතිහාස මුසා කාරක ගුරුකුලයට එරෙහි ජාත්‍යන්තර ප්‍රතිප්‍රහාරයක්' දියත් කිරීමට කාලය එලඹ තිබුනේ නැති ද? වොඩිම් මෙය වහාම රුසියන් බසින් ප්‍රතිරාවය කලේ ය. එවිට මාතෘකාව වඩාත් ප්‍රතාපවත් ද, තේජවන්ත ද වියෂ එය ඔහුට ඉමහත් ලෙස ආකර්ශනීය විය. 1995 වසන්තයේ මුල් භාගයේ දී එක්සත් ජනපදයට දේශනා චාරිකාවක් කිරීමට සූදානම් දැයි වොඩිම්ගෙන් පිලිවිසීමි. වොඩිම් මෙම යෝජනාව අතිමහත් උනන්දුවකින් පිලිගත්තේ ය. ඒ මොහොතේ, වොඩිම් වසන්තය තෙක් ජීවත්වේ ද යන්න පිලිබඳ සහතිකයක් මට තිබුනේ නැත. එහෙත් විදේශයක දේශනය වෛද්‍ය විද්‍යාව දැන සිටි මොනම ප්‍රතිකාරයකට ද වඩා ඔහු කෙරේ චිකිත්සීය බල පෑමක් ඇති කලේ ය. ඔහුගේ අධ්‍යාත්මය ඉහල නගිත් නගිත් වැඩකිරීමේ හැකියාව මුලුමනින්ම යලි පිහිටියාක් සේ පෙනී ගියේ ය. ඔහු තුන්වන වෙලුම වේගයෙන් සම්පූර්න කොට තමාගේ ඇමරිකානු දේශන සකස් කිරීමේ නිමග්න විය.

විදේශ දේශන මාලාව

ප්‍රථම දේශනය ලැන්සිංග්හි මිචිගන් රාජ්‍ය සරසවියේ පැවැත්වීමට නියමිත විය. දෙවැන්න ඈන් ආර්බර්හි මිචිගන් සරසවියේ ය. පාලෝ ඇල්ටන් හා බොස්ටන්හිදී තවදුර දේශන නියමිත විය. අප පක්ෂය මෙම දේශන සංවිධානය කිරීම සඳහා අවුරුදු 20කට වත් එක්සත් ජනපදයේ සරසවි උද්‍යානයක දක්නට ලැබී නො තිබුනු ව්‍යායාමයක් ආරම්භ කලේ ය. දේශනය 'ප්‍රමුඛ බුද්ධිමය සිද්ධියක්' යයි අප ප්‍රචාරය කල හෙයින් එය ශිෂ්‍යයන් අතර අමුත්තක් සේ ද අසාමාන්‍ය දෙයක් සේ ද ආදරයෙන් පිලිගැනී ඔවුන් අතර අතිමහත් උනන්දුවක් ද සංක්ෂෝභයක් ද ජනිත කලේ ය. වොඩිම් හා ගල්යා ගේ පැමිනීම අපේක්ෂාවෙන් අප සිටියේ බියසැකයකිනි. මා මොස්කව් ගොස් මාස ගනනාවක් ගතවී තිබුනි. ඔහුගේ සෞඛ්‍යය දීර්ඝ ගමනක සහ ආයාසකර දේශන මාලාවකට ඔරොත්තු දේ දැයි මම ශංකාකූල විමි. එහෙත් මගේ සැකයෝ ඉක්මනින්ම සන්තර්පනය වූහ. වොඩිම්ගේ මනෝභාවය වූතිඋල්ලාසයකට නො අඩුවියෂ ඔහුගේ ශාරීරික තත්වය අතිශය දෘඩ බවක් පෙනී ගියේ ය. ඇමරිකානු ජීවිතයේ සෑම අංගයක්ම කෙරේ ඔහු අසීමිතව උනන්දු විය. අපට ඉක්මනින්ම දැකගත හැකි වූ පරිදි, අප අතගසා තිබුනේ මාර්කෝ පොලෝගෙන් පසුව ආ බලගතුම ගවේෂකයෙකුට ය. තමාගේ දේශන පිලිබඳ සාකච්ඡා මැද්දේ වොඩිම් ඩිට්‍රොයිට් නගරය හා අවට හැකි සෑම තැනක් ම බැලීමට ඉල්ලා සිටියේ ය. සමාජ විද්‍යාව පිලිබඳව ඔහුගේ උනන්දුව හුදෙක් න්‍යායඥයෙකුගේ උනන්දුවක් පමනක් වූයේ නැත. වොඩිම්ට තීක්ෂන නිරීක්ෂක බලයක් තිබිනි. ඔහු එක්සත් ජනපදයේ විවිධත්වය, විෂමතා සහ ප්‍රතිඝතිතාවලින් චිත්තාරාධ විය. ඇමරිකානු ජීවිතයේ හැකි තරම් වැඩි ප්‍රමානයක් තෝරා රසබලන්නට ඔහුට උවමනා විය. මේ කියන්නේ මා වාච්‍යාර්ථයෙන් ම ය. වෙලඳ සංකීර්නයකට ගිය ඔහු අයිස්ක්‍රීම් සැලක් ඇතුලට ම ගොස් එහි විවිධ රස මාලාව දැක විශ්මයට පත්විය. කවුන්ටරයට පිටිපසින් සිටි සේවකයා උවමනා කුමන රසැති එක දැයි ඔහුගෙන් ඇසී ය. 'ඔක්කොම' යයි ඔහු පිලිතුරු දුනි.

දේශනය විජයග්‍රාහී විය. මිචිගන් රාජ්‍ය සරසවියේ දී ශිෂ්‍යයන් 150ක් ද, කතිකාචාර්යවරු ද පරිපාලකයෝ ද පැමින සිටියහ. මිචිගන් සරසවියේ දී පැමින සිටියෝ 250ක් වූහ. සංකීර්න අදහස්, වටහාගත හැකිවන පරිදි හා සිත්ගන්නා සුලුවන පරිදි, විවිධ ශ්‍රාවකයකට ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය වොඩිම්ට තිබුනේ ය. ශ්‍රාවකය සමග සිය අත්තර් ප්‍රතිචාරය වොඩිම් බෙහෙවින් අගය කලේ ය. ශ්‍රාවක ප්‍රතිචාරය මැනගැනීමට ද තමාගේ ඉදිරිපත් කිරීමේ අංග පැහැදිලිකර ගැනීමට ද කලින් තමා සිතට නො නැගුනු අදහස් වර්ධනය කර ගැනීමට ද ඉඩ ලබාදුන් හෙයින්, ඔහු ප්‍රශ්න අගය කලේ ය.

එක්සත් ජනපදයේ දේශන මාලාව අවසන් වූ පසු ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද දේශන මාලාවක් පැවැත්විය යුතු යයි අපි එකගවීමු. 1996 පෙබරවාරි මාසයේ දී වොඩිම් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ දේශන පැවැත්විය. 1996 මැයි-ජූනි මාසවල ඔහු කල දේශනවල දී ශාලා පිරී ඉතිරී ගියෙන් නැගිට සිටීමට පමනකි ඉඩ තිබුනේ. මෙය මෙම රැස්වීම් පැවැත්වුනු සරසවිවල ඉතිහාස අංශ බියට පත්කලේ ය. වොඩිම් එහිකල දේශන 4ට - දෙකක් සිඩ්නි නගරයේ ද දෙකක් මෙල්බෝන් නගරයේ ද - 2000කට වැඩි ජනකායක් ආකර්ශනය විය. 1996 දෙසැම්බරයේ දී ජර්මනියට ගිය ඔහු එහි හම්බෝල්ට් හා බොකුම් සරසවිවල දේශන පැවැත් විය.

තමාගේ දේශනයන්හි සාර්ථකත්වය වොඩිම් වූතියට පත් කලේ ය. එහෙත් ඔහු ඉමහත්ම තෘප්තිය ලද්දේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදරවරුන් හමුවීමෙනි. රුසියාව තුල ඔහු අත්විඳි හුදෙකලාවේ ගැඹුර ඔහු මිත්‍රයන් හා සැබෑ සහෝදරයන් සමග සිටීමෙන් ලත් කෘතඥ-වූතිය වඩාත් තීව කලේ ය. සෝවියට් සංගමයේ නිලධාරීකෘත සංවිධානවල දී කිසිසේත් ම ලබාගත නො හැකි වූ පරමාර්ථකාමිත්වයක් සහ සහයෝගතාවක් මොවුන් අතුරෙන් වොඩිම්ට ලබාගත හැකි විය. ලෝකයේ සෑම රටකම ට්‍රොට්ස්කිවාදීන් හමුවී ඔවුන් සමග වැඩකිරීම වොඩිම්ට හා ගල්යාට දේශපාලන හා බුද්ධිමය පමනක් නො ව, ඉතා ගැඹුරු චිත්තවේගී අත්දැකීමක් ද විය. මොස්කව් කරා පෙරලා යාමේ දිනය ලංවත්ලංවත් අනිවාර්යයෙන් ම වොඩිම් හා ගල්යාගේ මනෝගතිය අඳුරුවීම සිරිතක් විය. ඔවුන් තමන්ගේ චිත්තසමතාව රැකගත්තේ තම සත්කාරකයන් මත තෑගි වැසි වැස්සීමෙනි. ඔවුන් ගුවන් තොටුපලට පැමින සමුගැනීමට ආසන්නවත් ම, සෑම විටම වැලඳ ගැනීම් ද කඳුලු ද විය.

මොස්කව් ජීවිතය වොඩිම්ට පහසු නො වීය. විදේශ චාරිකා ඔහුගේ සෞඛ්‍යයට හා මනෝ ප්‍රනිතීන් කෙරෙහි විශ්මයාවහා සුවදායි බලපෑමක් ඇති කල අතර මොස්කව් නගරයට පෙරලා පැමිනීමෙන් පසු බොහෝවිට සිදු වූයේ ශාරීරිකව හා මානසිකව යලි වැටීමකි. වොඩිම්ගේ රෝගයේ ස්වභාවය නිසාම දීර්ඝ හා මහන්සිකර රසචික්සාව (චෙමෝ තෙරපී) අවශ්‍ය විය. එහෙත් රුසියාව තුල වොඩිම්ට පැවැති හුදෙකලාව නිසාම එය වඩාත් දුෂ්කර වී ය. ඔහුගේ පැරනි මිතුරන් හා සහකරුවන් කවය දැන් මුලුමනින්ම මෙන් අවසන් වී ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම අතීත විශ්වාස හා මූලධර්ම හලා නව වාතාවරනයට සරලව ම අනුගත වී සිටියාහ. මෙවන් අය සමග පෞද්ගලික සබඳතා පවත්වා ගැනීම වොඩිම් ප්‍රතික්ෂේප කලේ ය. එතරම් මැ අනුගතවීමට නො හැකි වූ සමහර මිත්‍රයන්ට පශ්චාත් සෝවියට් ජීවිතයේ මුලුමනින්ම තුච්ඡ වූ තත්වය තුල තම ජීවිත හා පරමාර්ථ මුලුමනින්ම අහෝසිව ඇතැයි දැනී ගොස් තිබිනි. මෙවන් මිත්‍රයන්ට ආධාර කොට දිරිදීමට හැකි සෑම දෙයක්ම වොඩිම් හා ගල්යා විසින් කරන ලදී. වරක් වොඩිම් පැරනි මිතුරෙකුට රාත්‍රි ආහාරයට ආරාධනා කලේ ය. මා ඇය හමුව අපේ ව්‍යාපාරයේ වැඩ කටයුතු හා ඉදිරිදර්ශනය සාකච්ඡා කල යුතුය යි ඔහු කියා සිටියේ ය. නිශ්ශබ්දව ඇහුම්කන් දුන් ඈ වචනයක් වත් කතා කලේ නැත. ඇය පිට කල වචන ස්වල්පය ද ප්‍රකාශිත කලේ අගාධ අසුබවාදය සහ දිරිය සුන් බවකි. මෙම තැනැත්තිය නික්ම ගිය පසු වොඩිම් මට කරුනු පැහැදිලි කලේ ය. 'කලෙක ඇය මුලුමහත් සෝවියට් සංගමයට ම සිටි අවංක ම හා ගෞරවයට ලක් වූ පුවත්පත් කලාවේදියාව සිටියා යයි කිව හැකිය. සමාජ ප්‍රශ්න හා දෛනික ජීවිතයේ තතු පිලිබඳ ඇගේ ලිපි දසලක්ෂ ගනන් ජනයා විසින් කියවන ලදී. සෑම සතියකම දහස් ගනන් ලිපි ඇයට ලැබුනේ ය. එහෙත් පුවත්පත වසා දැමීමෙන් පසු ඇයට වෙනත් රැකියාවක් ලබාගත නො හැකි විය. ඇගේ ශ්‍රාවකය දැන් නැත. ජීවත්වීමට හේතුවක් ද ඇයට නො පෙනේ. ඇය වැනි බොහෝ දෙනා මම දනිමි.'

තමාගේ ආවේගාත්මක සමබරතාවය රැක ගැනීම සඳහා වොඩිම් කලේ - හැකිතාක් දුරට - දෛනික දේශපාලන වර්ධනයන් කෙරේ උදාසීන උපේක්ෂාවතක් පවත්වා ගැනීම ය. වොඩිම්ගේ සමීප මිතුරකු ලෙස දිගට ම සිටි සෝවියට් සෞන්දර්යවේදියා වන ඇව්නර් සිස් සඳහන් කල පරිදි: අපි රූපවාහිනියේ පුවත් බලමු. එහි අපට දක්නට ලැබෙන්නේ මිනිසුන් දෙවර්ගයකි. තකතිරුවන් හා මැරයන් ය. 'තමාගේ ඉතිහාස පර්යේෂනවලට අවධානය යොමුකිරීමට වොඩිම් හැකිතාක් උත්සාහ කලේ ය. එහෙත් බුද්ධිමය, සමාජ හා සදාචාරාත්මක පිරිහීමේ අගාධ බව ඔහුට ප්‍රගාඩ ලෙස බලපෑවේ ය. ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය වටහාගත් නමුත්, කෝටි හතරක සාමාජිකත්වයෙන් යුතුව පැවැති කොමියුනිස්ට් පක්ෂය තුලින් මාක්ස්වාදීන් දහස් ගනනක් නො වූවත් දුසිම් කීපයක් හෝ ඉතුරු නො වීම දේශපාලනිකව කෙසේ වෙතත් ආවේගාත්මකව ඉවසා දරා ගැනීමට වොඩිම්ට බොහෝ දුෂ්කර විය.

වොඩිම්ගේ උපන්දිනය සමග ආ සති අන්තයේ දී නාසි ජර්මනිය පරදවා සෝවියට් සංගමය ලද ජයග්‍රහනයේ 42 වන සංවත්සරය ද සමග සම්පාත වන පරිද්දෙන් රුසියානු කොමියුනිස්ට් පක්ෂය සෙල්ට්සින් විරෝධී පෙලපාලියක් කැඳවීය. වොඩිම් සියුගනොව්** පිලිකුල් කල නමුත්, මෙම සංවත්සරයේ මතකයන් යම් ලෙසකින් හෝ මොස්කව් ජනකාය තුල ශේෂව ඇති සමාජවාදී හැගීම් මතුකරනු ඇතැයි වොඩිම් අපේක්ෂා කලේ ය. අඩු ගනනේ අපට රතු කොඩි කීපයක් දැක ගත හැකි වනු ඇතැයි කී වොඩිම්, පෙලපාලිය නිරීක්ෂනය කිරීමට ඔහු සමග එන ලෙස මා ඇනැවිය. වොඩිම් සමග ගමන් කිරීමට මම සන්තෝෂවීමි. එහෙත් සිය බලාපොරොත්තු ඉහලින් නො තබන ලෙස මම ඔහුට කල්තබා ම අනතුරු හැගැවීමි. රතු ධජ කිහිපයක් තිබුනි. එහෙත් වඩාත් තිබුනේ ස්ටැලින්ගේ රූප රැගත් පෝස්ටර් ය. ඒ අතර ස්වස්තික (නාසි සලකුනු) සහ යුදෙව් විරෝධී පත්‍රිකා බෙදාහරිනු ලැබිනි. පෙලපාලිය ලුබියන්කා මන්දිරය ඉදිරියේ නැවැතිනි. සියුගනොව්, මීට වසර 60කට පෙර පැරනි බෝල්ෂේවිකයන් දහස් ගනනක් වධ දී වෙඩි තබා මරනු ලැබූ පැරනි රහස් පොලිස් මධ්‍යස්ථානයේ පඩිපෙල උඩ සිට පෙලපාලිකරුවන් ඇමතී ය. එතැනින් ඉවත්වත් ම, වොඩිම් තමන්ගේ අපේක්ෂාභංගත්වීම හා ශෝකය මෙසේ ප්‍රකාශ කලේ ය: අපගේ සමාජයට කුමක් වී තිබේ ද යන්න දැන් ඔබට දෑසින් ම දැකගත හැකි වීය. ඔහු මෙය යලියලිත් කීය. මොස්කව් නගරයේ වීදිවල ගමන් කරන ගමන් මම වොඩිම්ගේ කලකිරීම විසඳාලීමට උත්සාහ කලෙමි. මෙම පෙලපාලිය සම්පූර්න රුසියානු යථාර්ථය නියෝජනය කලේ නැතැයි මම තර්ක කලෙමි. වෙනත් බලපෑම් ක්‍රියාත්මක වී තිබුනිෂ ඔහුගේ ම ලිපි ලේඛන ද ඒවා අතර වීය. එහෙත් සනසනු ලැබීමට වොඩිම් සූදානම් වූයේ නැත. 'මා ලියන කිසිම දෙයක් නො වේ මේ රටේ වෙනසක් ඇති කරන්නේ,' ඔහු තරයේ කියන්නට විය. මේස වටා පුටු කීපයක් තබා තිබුනු කුඩා එලිමහන් කඩයකට ඇතුලු වී සෝඩා බීම ටිකක් මිලට ගෙන පානය කිරීමට ඉඳගතිමු. අප අතර විවාදය දිගට ම කෙරීගෙන ගියේ ය. කිසිවෙක් අපව නිරීක්ෂනය කරමින් සිටින බව මම දුටිමි. කව්දැයි අප තරමක විශ්මයෙන් කල්පනා කරන අතර වොඩිම් වෙතට පිය නැගූ හෙතෙම සෙමෙන් මෙසේ කීය. 'ඔබ කවුදැයි මම දනිමි. ඔබ ලියා ඇති දේ පිලිබඳව මගේ කෘතඥතාවය පිලිගනු මැනවි. ඔබට බොහෝ මිතුරෝ සිටිති.' එතැන් සිට නිවස කරා අපේ මග වොඩිම් ගමන් කලේ උතුරා යන වූතියෙනි.

චින්තනයේ පෝසත් බව

මනෝගතියේ මෙවන් වෙනස්වීම් වොඩිම්ට අරුමයක් වූයේ නැත. ඔහු සංකීර්න බොහෝ පැතිකඩවලින් යුතු චරිතයක් ඇත්තෙක් විය. විද්‍යාඥයෙක් තරමට ම කලාකරුවෙකු ද වීය. හේ ඔහුගේ චින්තනයේ පෝසත් බව ගලා ආවේ තර්කනයේ ද ආවේගයේ ද විරල සම්මිශ්‍රනයකිනි. තොරතුරු උකහා, විශ්ලේෂනය කොට, උරාගැනීමට විශ්මයාවහ හැකියාවක් වොඩිම්ට තිබුනේ ය. ඔහු මෙතරම් වේගයෙන් ලිවීමට සමත්වීමේ රහසෙන් කොටසක් වූයේ තමා කියැවූ දෙයින් වැඩි කොටසක් ලේඛනාගාර ලියවිලි, පොත්, සගරාවල ලිපි යන මේ සියල්ල ඔහුට මතක තිබීම ද සටහන් සකසමින්, අධ්‍යයනය කරමින්, හා ප්‍රතිසංවිධාන කරමින් විශාල කාලයක් ගත කිරීම ඔහුට අවශ්‍ය නො වීම ද වේ. ඓතිහාසික කරුනු හා සමාජවිද්‍යාත්මක සංඛ්‍යා ලේඛන ඔහුගේ මතකයෙන් කොතරම් පංගුවක් ඉල්ලා සිටියත්, කවි සඳහා ද එහි ඇති තරම් ඉඩ තිබුනේ ය. ඔහුට පුෂ්කින් මායාකොව්ස්කි සහ තවත් නිපුන රුසියානු සෝවියට් කවියන්ගේ කවි පහසුවෙන් කටපාඩමින් කිව හැකි ව තිබිනි. ඔහුගේ කාව්‍යොක්තීන්ගේ සුන්දරත්වය සහ ලාලාසාව හුදෙක් මතකයේ කාර්යයක් පමනක් නො වීය. තමා එතරම් සංවේදීතාවයකින් ප්‍රකාශිත කලාවූ සංකල්ප රූප වොඩිම් මැනැවින් වටහා ගත්තා පමනක් නො ව වින්දනය කලේ ද විය. ගත වූ (1998) ජනවාරි මාසයේ දී ඕස්ට්රෙලියාවෙන් පිටවී යන විට වොඩිම් අපේක්ෂාවෙන් පිරී සිටියේ ය. ඔහුගේ දේශනය අග දී මම ඔහුට 1937 නම් ඔහුගේ කෘතියේ නව-ප්‍රකාශිත ඉංභූසි පරිවර්තනය තෑගි කලෙමි. මෙම පොත පිලිගැනීමේ දී වොඩිම් තමාගේ ජීවිතයේ වූතිමත් ම කාලය පසුගිය සය වසර වී යයි පිලිගත්තේ ය. එපමනක් නො ව තම ශ්‍රාවකය සමග රහසක් බෙදාහදාගැනීමට ද ඔහු ඉදිරිපත් විය. ඔහුගේ හත් වන සහ අවසාන වෙලුම හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට කැප වනු ඇත. ජාත්‍යන්තර කමිටුවේ ආධාරය සහ ප්‍රෝත්සාහයෙන් තොරව මෙම කටයුත්ත ඉටුකරගත නො හැකි වනු ඇත. මීලග මාස කීපය තුල පෙනී ගියේ වොඩිම් ශාරීරිකව සිය තත්වය රැකගෙන සිටින බව ය. මැයි මාසයේ දී ඔහු හා ගල්යා දුවනියක හමුවීමට ඊස්රායෙලයට ගමන් කලහ. පෙරලා පැමිනි කල ඔහුට හදිසියේ ම තමාගේ වම් අත සෙලවීමට නො හැකි විය. ඔහු සුලු ස්ඵාරයකට (සටරඔකඑ) භාජනය වී ඇතැයි ද බිය වීමට කරුනක් නැතැයි ද ඔහුගේ වෛද්‍යවරු ඔහුට සහතික වූහ. කෙසේවෙතත්, අගෝස්තු මාසයේ දී ඔහුගේ දුර්වලකම පාදයන්ට පැතිර ගියේ ය. පරීක්ෂන හා ප්‍රතිකාර සඳහා වොඩිම් පිලිකා විද්‍යා අංශයට ඇතුලු විය. තමාගේ තත්වය ස්ථාවරයයි ද වෛද්‍යවරුන් තත්වය හොඳ අතට හැරීමක් අපේක්ෂා කරතැයි ද වොඩිම් මට දුරකථනයෙන් සහතික වූ නමුත් නපුරුම දෙය සිදුවෙතැයි බියවූ මම සැප්තැම්බරයේ දී ඔහු ව හමුවීමට තීන්දු කලෙමි. සැප්තැම්බර් 11 දින, කලින් සතියේ රූබලය බිඳ දැමූ මූල්‍ය අර්බුදයේ වැඩෙන වියවුල මැද්දේ, මම මොස්කව් නගරයට ලගා වීය. වහාම රෝහලට ගියෙමි. විසි වසරකට පෙර එය සෝවියට් විද්‍යාත්මක ජයග්‍රහනයන්ගේ ප්‍රදර්ශන කුටියක් සේ පැවැතුන බවට සැක නැත. දැන් එය රුසියාව මත්තට කඩා වැටී තිබුනු සමාජ ව්‍යසනයේ සංකේතයක් බඳු විය. යෝධ ගොඩනැගිල්ල සීතලේ කලුවරේ තිබුනේ ය. එම සිකුරාදා සැන්දෑවේ, වෛද්‍ය මන්ඩලය කොතැනකවත් සොයාගත නො හැකි විය. වොඩිම්ගේ කාමරය තිබුනේ දහඅට වන තට්ටුවේ ය. සියලු වෛද්‍ය ස්ථාන පාලුවී තිබුනි. බිම පිසින කොස්සකට නැමීගත් වයසක සේවිකාවක් පමනි දක්නට ලැබුනේ. මම අඳුරු ශාලා තුලින් ගමන් කොට වොඩිම්ගේ කාමරය සොයාගෙන ඇතුලුවීමි. ඔහු කුඩා මේසයක් ඉදිරිපිට ලියමින් සිටියේ ය. ඔහුගේ පෙනුම බෙහෙවින් වෙනස් ව තිබුනි. ගලියා වොඩිම් සමග රෝහල් කාමරයක නැවැතී සිටියා ය. රෝහලේ සමාජ අර්බුදය විසින් විනාශභාග් කරන ලද අත්‍යාවශ්‍ය කෘත්‍යයන් සියල්ල ගල්යා බාරගෙන තිබුනි. ඕ වොඩිම්ගේ ආහාර සැකසුවා ය. ඇඳරෙදි මාරු කලා ය, ඔහුගේ ලේ ගමන සීනි මට්ටම් බැලුවා ය. බෙහෙත් දුන්නා ය, ඔහුව ධොවනය කලා ය.

රෑ බෝවී තිබුනු හෙයින් වොඩිම් බෙහෙවින් මහන්සි ව සිටියේ ය. ඊලග දිනයේ සාකච්ඡා කිරීමට අපි එකගවීමු. එහෙත් සෙනසුරාදා මා යනවිට වොඩිම්ගේ තත්වය හදිසියේ ම දරුනු ලෙස නරක අතට හැරී තිබුනි. ආයාසයෙන් හුස්මගත් ඔහු සිටියේ අඩ සිහියෙනි. මම දොස්තර කෙනෙකු සොයා කාමරයෙන් පිටවීමි. වොඩිම්ගේ මුල් ශල්‍යකර්මය කලා වූ ද ඔහුගේ ප්‍රතිකාර අධීක්ෂනය කලා වූ ද මහාචාර්ය ලිෂ්නිට්සර් සොයාගැනීමට සමත්වීමි. පිලිකාව වොඩිම්ගේ මොලයට ලගාවී තිබෙන බව ඔහු මට කීය. මේ මොහොතේ වොඩිම්ගේ සෞඛ්‍යය බරපතල අර්බුදයකට පත්ව තිබුනි. මා වොඩිම්ට කතා කිරීමට උත්සහ කල යුතුය යි වෛද්‍යාචාර්යවරයා මට කීවෙන් මම යලිත් කාමරයට ඇතුලුවී වොඩිම්ගේ ඇඳ ලග ඉඳගෙන වෛද්‍ය නියමය පරිදි වොඩිම්ට කතා කලෙමි. වොඩිම් තම ඇස් ඇරියේ ය. ඔහුගේ හුස්ම ගැනීම වඩා පහසුවිය. පැයක් ඇතුලත අර්බුදය හමාර වූවාක් සේ පෙනී ගියේ ය. ඇඳේ ඉඳගත් වොඩිම් මා මොස්කව් නුවර කෙතරම් කාලයක් ඉන්නට යන්නේ දැයි ඇසී ය. මම මගේ වැඩ සැලැස්ම විස්තර කලෙමි. 'නු, ටාක්' යයි රුසියන් බසින් වොඩ්න් පිලිවදන් දුනි. 'අපි අපේ සාකච්ඡා සඳහා කාලසටහනක් සකසා ගනිමු.'

ඔහුට ප්‍රථමයෙන් ම සත් වන වෙලුමේ තමා අන්තර්ගත කිරීමට යන ද්‍රව්‍ය මා සමග එක් ව සමාලෝචනය කිරීමට අවශ්‍ය වියෂ විශේෂයෙන් ම ට්‍රොට්ස්කි ඝාතනයට අදාල ඒවා ය. ඉක්බිති ජර්මනියේ මහාචාර්ය හර්මන් වෙබර්ට ලිපියක් සැකසීමට ඔහුට අවශ්‍ය විය. මහාචාර්ය වෙබර් ස්ටැලින්වාදී භීෂනය පිලිබඳ ලිපිමාලාවක් සංස්කරනය කොට පල කිරීමේ දී රොගොවින්ගේ ප්‍රතිපදානය නො වැදගත් යයි සඳහනක් එහි ඇතුලත් කොට තිබිනි. වෙබර්ගේ කෘතියට අනුව රොගොවින් භීෂනය පිලිබඳව කල විග්‍රහයේ දී ට්‍රොට්ස්කිගේ බලපෑම උවමනාවට වඩා අවධාරනය කොට තිබුනි. ඉක්බිති ඔහුට සාකච්ඡා කිරීමට අවශ්‍ය වූයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ක්‍රියාමාර්ගික ව සමාජ සමානතාව පිලිබඳ සංකල්පය අන්තර්ගත කර ගැනීමට යන්නේ කෙසේ ද යන්න ය. යන්තම් පැයකට පෙර පෙනී ගොස් තිබුනේ රොගොවින් එදින ම මිය යනු ඇතැයි කියා ය. දැන් ඔහු යෝජනා කරමින් සිටියේ සම්පූර්න කිරීමට දින ගනනක් ගනු ඇති න්‍යාය පත්‍රයකි. ඔහු යෝජනා කල පරිදි අපි සෙනසුරාදා දිනය සත් වන වෙලුම සඳහා කරුනු සමාලෝචනය කරමින් ගත කලෙමු. ඉරිදා, වොඩිම් මහාචාර්ය වෙබර් තමාගේ කෘතියට එරෙහිව එල්ල කර තිබූ විවේචනයට පිලිතුරු දෙමින් දීප්තිමත් ලෙස තර්ක කැරුනු ලිපියක් සකස් කලේ ය. සඳුඳා වත්මන් සමාජය තුල සමානතාවය සඳහා ඉල්ලීමේ අර්ථය ගැන විවාද කලෙමු. සවස් වරුව ඇරඹෙත් ම වොඩිම් මහන්සි වී සිටි නිසා අපි සාකච්ඡාව නිම කලෙමු. අපේ වැඩකටයුතුවල ප්‍රතිපල ගැන ඔහු ඉමහත් සන්තෝෂයෙන් සිටියේ ය. මට යලිත් නොවැම්බරයේ දී මොස්කව්වලට පැමිනිය හැකි දැයි ඔහු විමසුවේ ය. පැමිනෙන බවට මම පොරොන්දුවීමි. ඊලග දිනයේ, අගහරුවාදා, මම රුසියාවෙන් පිටත්වීමි. එක් දිනක් යුරෝපයේ රැඳී සිට, බ්‍රහස්පතින්දා එක්සත් ජනපදයට පෙරලා ගියෙමි. මා ඩිට්‍රොයිට් නගරයට යන විට මැදියම් රැය පසුවී තිබුනිෂ ඒ මොස්කව් නුවර නම් සිකුරාදා උදේ ය. මා මගේ නිවසට ඇතුලු වී මිනිත්තු 15කට පසු මොස්කව් නගරයෙන් පනිවුඩයක් ලැබුනි. වොඩිම් ඒ දැන් මියගොස් තිබුනි. වොඩිම්ගේ අවමංගල්‍යය සැප්තැම්බර් 21 දින මොස්කව් නගරය අසල දී පවත් වන ලදී. රුසියන් මාධ්‍ය ඔහුගේ මරනය ගනන් ගෙන නැත. මෙම අත්‍ය සාමාන්‍ය මිනිසාට ගෞරව දැක්වීම සඳහා පැමින සිටියේ ඉතා කුඩා කන්ඩායමකි. එහෙත් ඒ ටික දෙනා සෝවියට් සංගමයේ ඉතිහාසයේ ශ්රෙෂ්ඨ වූ ද ප්‍රතිපත්තියානුකූල වූ ද සියල්ල නියෝජනය කලහ:

යුරි ප්‍රිමකොම් 1937 දී ස්ටැලින් විසින් මරා දමන ලද ජෙනරාල් විටාලි ප්‍රිමාකොව්ගේ පුත්‍රයාෂ යුරි ස්මර්නොව් 1936 දී ස්ටැලින් විසින් මරා දමනු ලැබූ වාම විපාර්ශ්වික ව්ලැසමීර් ස්මිනොව්ගේ පුත්‍රයාෂ සෝයා සෙරබ්‍රයකෝවා, 1937 දී ස්ටැලින් විසින් මරා දමන ලද ලියොනිඕ සෙරබ්‍රයකොව්ගේ දුවනියෂ සහ වැලරි බ්‍රොන්ස්ටයින්, ලෙව් ඩේවිඩොවිච් බ්‍රොන්ස්ටයින් හෙවත් වඩාත් සුපතල පරිදි ලියොන් ට්‍රොට්ස්කිගේ මුනුපුරා.

විසිවන සියවසේ භයංකාර ම වූ සිද්රීන් අතරට ගැනෙන මෙම සිද්ධිවලින් රැකී ඉතිරි වූ සහ ඒවා දැකගත්තා වූ මෙම පුද්ගලයෝ වොඩිම් සඛාරොවිචි රොගොවින්ගේ ජීවිතයේ අර්ථභාරය අගය කිරීමට සමත් වූවෝ ය. අනාගතයේ දී රුසියාවේ හා ලෝකය පුරා සෑම තැනක ම, තවත් බොහෝ දෙනා වොඩිම්ගේ පොත් කියවා ඔහු ගෞරවයෙන් සිහිකරනු ඇත, මන්දයත් මේ මහා ඉතිහාසඥයා ම ඉතිහාසයට එක් ව ඇති හෙයිනි.

සටහන්

1. ර්උසසඉඅන ට්හඉනකඑරස (රුසියානු චින්තකයෝ) (ලන්ඩන්, පෙන්කුවින් පොත්, 1979), 129 පි.

2. ත්හඅට ඉස හ්ඉසටඔරය (ඉතිහාසය යනු කුමක්ද?) (ලන්ඩන්, පෙන්කුවින්, 1990), 37 පි.

3.ස්ටැලින්ගේ නව-එන්ඊපිය (අපරිවර්තිතයි.)

4. හතර වන ජාත්‍යන්තරය 19 වෙලුම, නොවැම්බර් 1. 1992 - ශරත්-සිසිර පිටු 77-78

* (උපේක්ෂාව ඉහලින් තැබූ ශ්‍රීක දාර්ශනික ගුරුකුලයක්) ක්‍රි.පූ. 300 දී සීතන් විසින් ආරම්භ කරන ලදි.

** රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් නායක

icfi, history