මෙම වසරේ මුල් මාස තුනේ කම්කරැ අරගල වේගයෙන් වර්ධනයවීම ලංකාවේ පන්ති අරගලයේ නව අවධියක් සලකුනු කරයි.
ටෙලිකොම්
ටෙලිකොම් සේවකයෝ ජනවාරි 22 දා ක්ෂනික වර්ජනයකට එලඹුනාහ. ජනවාරි මාසයේ වැටුප නියමිත දිනට නො ගෙවීම ටෙලිකොම් සේවක වර්ජනයට ආසන්න නිමිත්ත වූවත් ඉන් ප්‍රකාශ වූයේ පුද්ගලීකරනයත් සමග උග්‍ර වෙමින් පවතින ප්‍රශ්න නිසා සේවකයන් අතර ලියලන විරෝධය යි. සේවකයන්ට විරැද්ධව මර්දනය මුදාහල ටෙලිකොම් පාලනාධිකාරිය එහි කොටසක් ලෙස ටෙලිකොම් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති, ලේකම් සහ සාමාන්‍ය සේවකයෙකු වැඩ තහනමට ලක් කලේ ය. මෙම වැඩ තහනමට විරැද්ධව පෙබරවාරි 25 දා ටෙලිකොම් සේවකයන් යලි සංකේත වර්ජනයක යෙදුන අතර මාර්තු 8,9 දෙදින තුල විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ ලෙඩ නිවාඩු දමා වැඩ තහනමට විරෝධය පෑහ. මෙම තතු තුල වැඩ තහනම් කල සේවකයන් තිදෙනා යලි සේවයේ පිහිටුවීමට ටෙලිකොම් පාලනාධිකාරියට බල කෙරැනි.
තැපැල්
තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පරිවර්තනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තැපැල් සංස්ථා පනතට විරැද්ධව තැපැල් සේවකයෝ 24,000ක් පෙබරවාරි 22 දා සංකේත වර්ජනයක යෙදී එදින සවස කොලඹ හයිඩ්පාක් පිටියේ දී විරෝධතා රැස්වීමකට සහභාගි වූහ.
බැංකු සේවකයෝ
වැටුප් ඉල්ලීම් මත රාජ්‍ය බැංකු සේවකයෝ මාර්තු 4 දා සවස 3ට වැඩ නවත්වා කාර්යාලවලින් එලියට බැස්සාහ. යලිත් මාර්තු 25 දා දහවල් 12ට රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේ ම බැංකු සේවකයන් වැඩ වරා කාර්යාල ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක යෙදුනි. මාර්තු 25 දා බැංකු සේවකයන් සංකේත වර්ජනයක සහ පිකට් උද්ඝෝෂනයක යෙදුනේ පුද්ගලික බැංකු 9ක ඉල්ලීම මත කවර හෝ පන්ති ක්‍රියාවක යෙදීම තහනම් කරමින් ලංකා බැංකු සේවක සංගමයට විරැද්ධව පනවා තිබූ අධිකරන වාරන නියෝගය නො තකමිනි.
අනධ්‍යයන සේවකයෝ
වැටුප් සහ සේවා ඉල්ලීම් මත මාර්තු 9 සහ 10 සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ සංකේත වර්ජනයක යෙදී ගත්හ. යලිත් මාර්තු 26 දා ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක යෙදුනි.
ලංවිම
මාර්තු 10 දා ලංවිම සේවකයෝ ලෙඩ නිවාඩු දමා පහල ශ්‍රේනිවල වැටුප් විෂමතා ඉවත් නො කිරීම ගැන විරෝධය පෑහ.
රජයේ රෝහල්
සේවා ඉල්ලීම් 6ක් මත සහකාර ෙව්‍යවරැ මාර්තු 10 සිට 17 දක්වා අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. මාර්තු 10 දා කොලඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද හිඟය පියවන ලෙස ඉල්ලා එහි හෙදියන් පිකට් උද්ඝෝෂනයකත් පසු දින සංකේත වර්ජනයකත් යෙදුනි. යලිත් 12 දා ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් කලහ.
ලංකා කම්කරැ කොන්ග්‍රසයේ නායකයෙකු හා පොදු පෙරමුනු ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු වන ආරැමුගම් තොන්ඩමන් සහ ඔහුගේ ආරක්ෂකයන් පිරිසක් හැටන් දික්ඔය රෝහලේ කම්කරැවෙකුට පහර දීමට විරැද්ධව එම රෝහලේ ෙව්‍යවරැන් ඇතුලුව සියලු සේවකයෝ මාර්තු 17 සිට 22 දක්වා වැඩ වර්ජනයක නිරත වූහ.
රැකියා සහ සේවා කොන්දේසිවලට සම්බන්ධ ප්‍රශ්නවලට පොදු පෙරමුනු ආන්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් විසඳුම් ලබා නො දීමට විරැද්ධව රෝහල් කනිෂ්ඨ සේවකයන් 22,000ක් ලෙඩ නිවාඩු දමා විරෝධය පෑහ. ලෙඩ නිවාඩු දමා ගෙදරට වී සිටීම සාමාන්‍ය සිරිත වූවත් එදින කොලඹ විහාර මහා දේවි උද්‍යානයට රැස්වූ 6,000ක් පමන කනිෂ්ඨ සේවකයෝ එතැන් සිට සටන් පාඨ හඬ නගමින් ලිප්ටන් වටරවුම කරා පෙලපාලියකින් ගොස් පැයක් පමන එතැන පිකට් කර පසුව යලිත් ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පෙලපාලියෙන් ගොස් පිකට් උද්ඝෝෂනයක යෙදුනහ.
රජයේ රෝහල්වලට ෙව්‍යවරැ ඉල්ලීම් ගනනාවක් මත මාර්තු 23 දින වර්ජනයක යෙදුනු අතර ඒවා විසඳීම සඳහා ආන්ඩුවට අවසන් නිවේදන නිකුත් කර ඇත.
විදුහල්පතිවරැ
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දැන් පවතින විෂමතා ඉවත් කර ක්‍රමවත් උසස්වීම් පරිපාටියක් සහිත නව විදුහල්පති සේවයක් ඇති කරන ලෙස ඉල්ලා මාර්තු 25 දා කොලඹ ලිප්ටන් වටරවුමේ දී විදුහල්පතිවරැන්ගේ පිකට් උද්ඝෝෂනයක් පැවැත්වුනි.
මස්කෙලිය ස්ටොක්හෝම් වත්ත
කම්කරැවෙකුගේ වැඩ තහනම් කිරීමට සහ මුර්ග සේවා කොන්දේසිවලට විරැද්ධව මස්කෙලිය ස්ටොක්හෝම් වත්තේ කම්කරැවන් 400ක් පෙබරවාරි 15 සිට 27 දක්වා වැඩ වර්ජනයක නිරත වූහ.
කාබුල්-ලංකා මැග්නෙටික්
දකුනු කොරියානු අන්තර් ජාතික සංගතයකට අයත් කටුනායක පිහිටි කාබුල්-ලංකා මැග්නෙටික් ආයතනය වසා කම්කරැවන් දොට්ට දැමීමට විරැද්ධව ජනවාරි 4 දා කොලඹ කම්කරැ මහලේකම් කාර්යාලය ඉදිරිපිට දී දහසක් පමන කම්කරැවෝ කම්හල යලි විවෘත කරන ලෙස ඉල්ලා පිකට් කලහ.
ආපන ශාලා කම්කරැවෝ
වෘත්තීය සමිති ලේකම්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව කොලඹ තරැන ක්‍රිස්තියානි සංගම්(වයිඑම්සීඒ) ආපන ශාලාවේ කම්කරැවෝ පෙබරවාරි 20-24 දින 4ක වැඩ වර්ජනයක නිරත වූහ.
ඉහත දැක්වුනේ අරගල කීපයක ලැයිස්තුව යි. මේ කාලය තුල ම කම්කරැවන්ගේ තවත් සංකේත වර්ජන ද උද්ඝෝෂන ද පුපුරා ආවේ ය.
කම්කරැ පන්තියේ මෙම අරගල සමග සම්පාතව දුගී ගොවීන්ගේ, රැකියා විරහිත තරැනයන්ගේ හා ශිෂ්‍යයන්ගේත් අවශේෂ පීඩිත ජන කන්ඩායම්වලත් අරගල වර්ධනය වෙමින් තිබේ.
වී විකුනා ගැනීමට නො හැකිව පොලොන්නරැව වැලිඔය ප්‍රදේශයේ මාර්තු මාසයේ ගොවියෝ විරෝධතා උද්ඝෝෂනයක යෙදුනාහ. රැකියා නැතිකමට විරැද්ධව රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂනයක් ලංකාවේ පලාත් ගනනාවක පැවැත්වුනි. අධ්‍යාපන ප්‍රතිසංස්කරන හරහා ක්‍රියාවට දැමෙන නිදහස් අධ්‍යාපන කප්පාදුවට සහ පහසුකම් නැතිකමට විරැද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර නිරන්තරව උද්ඝෝෂන පැන නැගීමක් දක්නට ලැබේ.
අනෙක් අතින් වර්ගවාදී යුද්ධයට සහ යුද්ධය මගින් නිර්මානය කෙරෙන ව්‍යසනයට විරැද්ධව සිංහල-දෙමල මහජනතාවන් අතර පලල් විරැද්ධත්වයක් වර්ධනයවීමට පටන් ගෙන ඇත්තේ මෙම පන්ති අරගල වර්ධනය වන තත්වය තුල ය.
කම්කරැ-පීඩිත ජනයාගේ අරගල මේ ආකාරයට වර්ධනයවීමට පටන් ගෙන ඇත්තේ අන්තර් ජාතික සංගතවල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝග යටතේ පොදු පෙරමුනු ආන්ඩුව ප්‍රමුඛ මෙරට ධනපති පාලක පන්තිය විසින් ක්‍රියාවට දමනු ලබන මුර්ග ප්‍රහාරවලට එරෙහිව යි.
පුද්ගලීකරනය, සේවා කොන්දේසි කප්පාදුව, සමාජ සුබසාධන අතුගා දැමීම, බඩු මිල ඉහල නැංවීම හා වර්ගවාදී යුද්ධයේ බර පැටවීම ලෙස මහජනයා මත මෙම ප්‍රහාර එල්ලවෙමින් පවතී. පුද්ගලීකරනය යටතේ සිදු වූයේ සහ සිදුවන්නේ දසදහස් ගනන් කම්කරැවන්ගේ රැකියා විනාශ කිරීම සහ සේවා කොන්දේසි කප්පාදු කර සූරාකෑමේ මුර්ග කොන්දේසි කම්කරැවන් මත පැටවීම යි. සුබසාධන අතුගා දැමීම සහ බඩු මිල ඉහල දැමීම මගින් කම්කරැ-පීඩිත ජනයාගේ ජීවන තත්වයන්ට එල්ල කරනු ලැබ ඇත්තේ මරැ පහරකි. දෙමල පීඩිත ජාතියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීමට මෙන් ම මෙම ප්‍රහාරවලට විරැද්ධව වැඩෙන පන්ති අරගල තලා දැමීමේ මුගුරක් ලෙස ය ධනපති පාලක පන්තිය විසින් වර්ගවාදී යුද්ධය යොදා ගනු ලබන්නේ.
පන්ති අරගලයේ නව වර්ධනයක්
කම්කරැවන්ගේ මෙම අරගල පන්ති අරගලයේ නව අවස්ථාවක් හා නව වර්ධනයක් සටහන් කරයි. ඒවා පැරනි තත්වයක පුනරැච්චාරනය වීමක් ලෙස දැකීම සාවද්‍ය වනු ඇත. පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් විවිධ අතින් කම්කරැවන්ට හා පීඩිතයන්ට පහර එල්ල විය. ඒවාට එරෙහිව කම්කරැ අරගල හා උද්ඝෝෂන පැන නැගුනි. එහෙත් එම අරගල එක්කෝ බරපතල පරාජයන්ගෙන් කෙලවර වියෂ නැතහොත් වර්ගවාදී යුද්ධයේ බරින් හා ඊට සම්බන්ධව දකුනේ දියත් කෙරැනු රැදුරැ මර්දනයකින් මේ කම්කරැ අරගල මැඩ ගැනීමට පාලක පන්තිය සමත් විය. සහතිකෙන් ම, එසේ කල හැකි වූයේ වෘත්තීය සමිතිවාදයේ බංකොලොත්කම හා ප්‍රතිගාමිත්වය නිසා ද නිලධරයේ දරැනු පාවාදීම නිසා ද ලසසප-කොප-නසසප සංවිධානවල ද්‍රෝහිත්වය නිසා ද වේ. එහෙත් මේ මර්දනයන්ගෙන් සහ පාවාදීම්වලින් කම්කරැවන් අරගලවලට තල්ලු කෙරැනු ෙවයික කොන්දේසි අහෝසි වූයේ නැත. සිදු ව ඇත්තේ එම කොන්දේසි වඩවඩාත් සමුච්චය වීම යිෂ වඩවඩාත් පුපුරන සුලු මට්ටම්වලට ගොනුවීම යි.
වෘත්තිය සමිති නිලධරයන් මොන උප්පරවැට්ටි දැමුව ද කම්කරැ අරගල තුල ඉදිරිපත් වන ඉල්ලීම් දිනා ගැනීම දේශපාලන ප්‍රශ්න ලෙස ම ඉස්මතු වන තත්වයක් උදා වී ඇත්තේ මේ නිසා ය.
නිෂ්පාදනයේ භූගෝලීයකරනයට සම්බන්ධිතව ලෝක පරිමානව ඇති වූ වෙනස්කම් කම්කරැ පන්තියේ හා පීඩිතයන්ගේ අයිතීන්ට එල්ල වන ප්‍රහාරවල පදනමෙහි පවතී. භූගෝලීයකරනය වූ ලෝක ආර්තිකය තුල පසුගිය අවුරැදු එක හමරක පමන කාලයක සිට, වර්ධනය වන අර්බුදය මෙම ප්‍රහාර තියුනු කිරීමට තුඩු දී තිබේ. ධනපති ආන්ඩුව, රාජ්‍යය සහ පාලක පන්තිය සමග ද ඔවුන්ගේ හාම්පුතුන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අන්තර් ජාතික සංගත සමග ද හැප්පෙන තත්වයට අරගල හා උද්ඝෝෂන පරිවර්තනය වී ඇති බව කම්කරැවන්ගේ අත්දැකීම යි. සිතනමතන කම්කරැවන්, තමන්ගේ අයිතීන් රැක ගැනීමේත් දිනා ගැනීමේත් මග කුමක් ද යන්න ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය.
දුප්පත් පොහොසත් පරතරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1998 වසර අග දී නිකුත් කරන ලද පාරිභෝගික, මූල්‍ය හා සමාජ-ආර්තික සමීක්ෂන වාර්තාවකින් පසුගිය කාලය තුල මහජනයා ඇද දමා තිබෙන විනාශකාරිත්වයේ කොන්දේසි යම් දුරකට හෙලිදරව් වෙයි. එම වාර්තාවට අනුව දුප්පතුන් සහ පොහොසතුන් අතර ආදායම් බෙදී යාමේ අසමානතාවය මෙබඳු යෂ 1996-97 දී ලංකාවේ ජනගහනයෙන් දුප්පත් ම සියයට 40ට ජාතික ආදායමෙන් හිමි වන කොටස සියයට 13ක් පමනි. මධ්‍යම ආදායම් ලබන සියයට 40ට හිමි වන කොටස සියයට 34කි. ජාතික ආදායමෙන් ඉහල ම ප්‍රතිශතයක් එනම් සියයට 53ක් ම ඩැහැගෙන ඇත්තේ ජනගහනයෙන් පොහොසත් ම සියයට 20 දෙනා විසිනි.
සමීක්ෂන වාර්තාවට අනුව විරක්ෂා ශ්‍රම බලකායෙන් සියයට 71ක් තරැනයන් ය. වයස 14-18ත් අතර තරැන ජනයාගෙන් සියයට 36කට ද 19-25ත් අතර වයස් කාන්ඩයේ තරැන ජනයාගෙන් සියයට 30කට ද රැකියා නැත.
'නිදහස් ලංකාවේ ආර්තික ප්‍රගතිය' නම් තවත් වාර්තාවකට අනුව අඩු ආදායම් ලබන පවුල්වල කාන්තාවන් සහ ලමුන් බහුතරයක් මන්දපෝෂනයෙන් පෙලෙන්නෝ ය. එය හඳුන්වනු ලබන්නේ 'සැඟවුනු කුසගින්න' නමිනි. 1997 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවට අනුව ලංකාවේ අවුරැදු 5ට අඩු ලමයින්ගෙන් සියයට 38ක් මන්දපෝෂනයෙන් පෙලෙති.
මෙම සියලු ව්‍යසනයන්ට මහජනයා මුහුන දී සිටිය දී වර්ගවාදී යුද්ධය සඳහා වාර්ෂිකව රැපියල් කෝටි දහස් ගනනින් ධනපති පාලක පන්තිය විසින් පුලුස්සා දමනු ලබයි. ශ්‍රී ලංකා අර්ථ ශාස්ත්‍රඥයන්ගේ සංගමය විසින් මෑත දී පවත්වන ලද සම්මන්ත්‍රනයක දී ආර්තික විද්‍යාඥයකු වන ආචාර්ය සමන් කැලේගම එලිදරව් කල කරැනුවලට අනුව 1996 වන විට යූඇන්පී සහ පොදු පෙරමුනු ආන්ඩු යුද්ධය සඳහා රැපියල් කෝටි 1,15,300ක් පුච්චා ඇත. එය 1996 ලංකාවේ දල ජාතික ආදායම මෙන් සියයට 160කි. යුද්ධයෙන් මරා දැමුනු ජනයා 6,0000කට අධික ය. 7,50,000ක් දෙනා යුද අනාථයන් ලෙස දිවි ගෙවති.
ලෝක ධනවාදී අර්බූදය
කම්කරැ-පීඩිත මහජනයා මුහුන දෙන මෙම ව්‍යසන කොන්දේසිවල උල්පත ලෙස ඇත්තේ ලෝක ධනවාදී ලාභ පද්ධතියේ ගැඹුරැ වන අර්බුදය යි. 1997 වසරේ මැද කාර්තුවේ පැන නැගුන අග්නිදිග ආසියානු රටවල මූල්‍ය අර්බුදයෙන් ප්‍රකාශයට පත් වූයේ ධනවාදී ලාභ පද්ධතිය මුහුන දී සිටින අර්බුදයේ නව අවධියකි. එය ඇමරිකාව, යුරෝපය, ජපානය ඇතුලු අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වෙලා ගත් මූල්‍ය සහ ආර්තික අර්බුදයක් ලෙස දැන් දිග හැරෙමින් පවතී.
මෑත දී ප්‍රකාශයට පත් වූ සංඛ්‍යා ලේඛන අනුව ජපාන ආර්තිකය 1990 දී සියයට 3.2කින් සංකෝචනය වී ඇත. දල ජාතික නිෂ්පාදනයේ වැටීම සියයට 2.3කි. ජපානයේ රක්ෂා විරහිත සංඛ්‍යාව 30 ලක්ෂයකට ආසන්න මට්ටමට නැග ඇත. ජපාන බැංකු විසින් පවත්වා ගෙන යන බොල් නය ප්‍රමානය ඩොලර් කෝටි 10,000කි.
ඇමරිකා එක්සත් ජනපදය මුහුන දී සිටින අර්බුදය ඊට නො දෙවෙනි ය. ඇමරිකාවේ විදේශ නයගැති කම ඩොලර් භිලියන 2 දක්වා ඉහල නැග ඇති අතර විදේශ වෙලඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 169කි. ඇමරිකාව තුල විරක්ෂාව සහ සමාජ අසමානතාව මෙම අර්බුදය සමග එකට වැඩෙ යි.
අවපාතයේ සහ අධි නිෂ්පාදනයේ ප්‍රවනතා වර්ධනය වෙමින් ලෝක ආර්තිකය ම යොමු කෙරී ඇත්තේ බරපතල ආර්තික බිඳවැටීමේ දිසාවකට ය.
අවපාත ප්‍රවනතා
ලෝක ආර්තිකයේ මෙම අවපාතමය ප්‍රවනතාවල වර්ධනය ලංකාවේ ආර්තිකය කෙරෙහි තියුනු ලෙස බලපා ඇත. ප්‍රධාන අපනයන නිෂ්පාදන ලෙස ගැනෙන තේ, රබර්, රෙදිපිලි කර්මාන්තවල පසුගිය වසර තුල තියුනු පහත වැටීමක් පෙන්නුම් කරයි. 1997 දී රැ. 140ක් වූ තේ කිලෝවක මිල 1999 පෙබරවාරි වන විට රැ. 101ට පහත වැටී ඇත. 1997 දී ලංකාවෙන් රැසියාවට කෙරැන තේ අපනයනය සියයට 23ක් වූ අතර 1998 දී එය සියයට 18.6කි. 1997 දී රබර්වලින් ලැබුන අපනයන ආදායම ඩොලර් අගය අනුව සියයට 24.08කින් වැටුනු අතර 1998 දී වැටීම සියයට 45.33කි. රෙදිපිලි කර්මාන්තය සඳහා දැවැන්ත සහන පසුගිය අයවැය මගින් ප්‍රදානය කරන ලද නමුත් ලෝක වෙලඳ පොලේ අර්බුදය මධ්‍යයේ ලංකාවේ රෙදිපිලි කර්මාන්තය අතුගෑවී යන තත්වයකි. නිර්මානය වී ඇත්තේ. 1997 දී සියයට 21ක් වූ ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධන රේට්ටුව 1998 දී සියයට 7ක් දක්වා වැටී ඇත. කාර්මික අපනයනයන්ගෙන් සියයට 50ක ප්‍රමානයක් ඇඟලුම් කර්මාන්තය විසින් දරන තතු තුල ඇඟලුම් කර්මාන්තයේ බිඳවැටීම ශ්‍රී ලංකාවේ ආර්තිකය කෙරෙහි බරපතල ව්‍යසනකාරී බලපෑමක් ඇති කරනු ලැබීම නො වැලැක් විය හැකි කරැනකි.
සමස්තයක් ලෙස ලංකාවේ අපනයන වර්ධනය 1997 දී සියයට 13ක් ව පැවති 1998 දී එය සියයට 2.1ක මට්ටමට පහත වැටී ඇත. ආර්තිකයේ මෙම හැකිලීම ප්‍රාග්ධන කොටස් වෙලඳ පොල කෙරෙහි තදින් ම බලපා ඇති බවකි දක්නට ලැබෙන්නේ. 1997 අග ලංකාවේ කොටස් වෙලඳ පොලේ සමස්ත මිල දර්ශකය 702.2ක් වූ අතර 1998 අග එය 575.64කි. ලංකාවේ පාලක පන්තිය අධිරාජ්‍යවාදී සංගත සඳහා දැවැන්ත සහන ප්‍රදානය කරමින් විදේශ ප්‍රාග්ධනය ලංකාවට අද්දා ගැනීම සඳහා මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී ගෙන සිටියත් කරැනු යෙදී ඇත්තේ අග්නිදිග ආසියානු මූල්‍ය අර්බුදය සහ සමස්තයක් ලෙස ලෝක ධනවාදයේ අර්බුදය විසින් එම ප්‍රයත්නයන් ඵල රහිත කරන තැනට ය.
මර්දනය උග්‍ර කරයි
කම්කරැ-පීඩිත ජනයාගේ රැකියා, වැටුප්, ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට වඩවඩාත් උග්‍ර ලෙස පහර දීමට ධනපති පාලක පන්තිය ක්‍රියා කරන්නේ මෙම අර්බුදය තුල ය. කම්කරැ-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලමින් අන්තර් ජාතික සංගතවලට සහ මෙරට මහ ධනපතියන්ට කම්කරැ පන්තියෙන් අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමට වඩවඩාත් වාසිදායක කොන්දේසි හදා දීම සඳහා ආන්ඩුව ගෙනයන සැලසුම් සමග මෙම ප්‍රහාර බැඳී ඇත. මිලිටරි ආඥාදායකත්වයකට කම්කරැ-පීඩිත ජනයා යට කිරීමේ මූලෝපායක් ධනපති පාලක පන්තිය විසින් පෙරට දමා ඇත්තේ මෙම තතු තුල ය.
වර්ගවාදී යුද්ධය වඩවඩා තීව්ර කිරීම, එය ම යොදා ගෙන මිලිටරීකරනය වේගවත් කිරීම, මරන දඬුවම ඇතුලු අලුත් විෂ දල මර්දන නීතිවලට සවි කිරීම, ජවිපෙ වැනි ෆැසිස්ට් බලවේග වර්ධනය කර ගැනීම පාලක පන්තියේ මෙම ආඥාදායක සැලසුම්වල කොටසකි.
කම්කරැ පන්තියට ක්‍රියාමාර්ගයක්
එම තතු තුල වෘත්තීය සමිතිවාදී බලපෑම් දැමීම් සහ ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා ව්‍යාපාර මගින් කම්කරැ-පීඩිත ජනයාට තමන්ගේ මොන ම අයිතියක් වත් රැක ගත නො හැකි බව පසුගිය අරගලවලත් මේ වසරේ පැන නැගුනු අරගලවලත් මූලික අත්දැකීම යි.
කම්කරැ-පීඩිත ජනයාට තම අයිතීන් රැක ගත හැක්කේ ධනපති පාලක පන්තියේ ප්‍රතිගාමී මූලෝපායට එරෙහිව සටන් කල හැකි මූලෝපායක් සහිත ඉදිරිදර්ශනයකින් බලමුලු ගැන්වීමෙන් ම පමනකි. මෙම අවශ්‍යතාව ලෝක පරිමානව දියුනු ධනපති රටවලත් පසුගාමී රටවලත් කම්කරැ පන්තිය ඉදිරියේ මතුව පවතී.
ජාත්‍යන්තර සංගතවලත් ඒවායේ ඒජන්සි වන ධනපති පන්තියේත් ලාභ අවශ්‍යතා මත ආර්තිකයන් දුවන තත්වය තුල කම්කරැවන්ට හා පීඩිතයන්ට තමන් මුහුන දෙන ව්‍යසනයෙන් ගොඩ ආ නො හැක. ධනපති රටවල උග්‍ර වන ආර්තික අර්බුදය මධ්‍යයේ තවතවත් අගාධයට තල්ලුවීම පමනි සිදු වනු ඇත්තේ. අග්නිදිග ආසියාවේ අර්බුදය තියුනුව ම ප්‍රකාශයට පත් වූ ඉන්දුනීසියාවේ තත්වය ධනපති පාලනය යටතේ සෑම රටක ම දිග හැරෙයි. මෑත දී ඇමරිකාව හා යුරෝපය අතර පැන නැගුනු වෙලඳ ගැටුම, දැන් තමන්ගේ ආර්තික හා දේශපාලන අවශ්‍යතා මත ඇමරිකාව ප්‍රමුඛ නැටෝව සර්බියාව ආක්‍රමනය කිරීම, ඉරාකයට එරෙහි නිත්‍ය ආක්‍රමනය, අනෙකුත් රටවල වෙලඳ පොල විවෘත කර ගැනීමට එල්ල කරන තර්ජන යන මේ සියල්ල අධිරාජ්‍යවාදී පද්ධතිය මහජනයාට විවෘත කර ඇති අනාගතය ම්ලේච්ච සුරාකෑම හා යුද්ධය බව පෙන්නුම් කරයි. එය සිදු වන්නේ තාක්ෂනයේ නව විප්ලවීය වර්ධනයන් මහජනයාගේ යහපතට යෙදවිය හැකි තත්වයක් තුල ය. වැඩ පොලවල සේවා තත්වයන් දියුනු කර ගැනීමට, භෞතික හා අධ්‍යාත්මික වර්ධනයන් අත්පත් කර ගැනීමට විවෘත වී ඇති අවස්ථාවන් ධනපති ක්‍රමය තුල මුලුමනින් ම ඇහිරී ගොස් තිබේ. සෑම රටක ම නවීන කර්මාන්ත, ව්‍යාපාර තාක්ෂනයෙන් 'නවීකරනය' සිදුවන්නේ ද වෙලඳ පොල සංවිධානය සිදුවන්නේ ද කම්කරැවන්ගේ හා පීඩිතයන්ගේ අයිතීන්ට කෙටීමක් ලෙස ය.
මින් මතු කර ඇත්තේ ලෝක ආර්තිකය ලාභ සඳහා නිෂ්පාදනයෙන් මුදා ගෙන මහජනතාවන්ගේ යහපත සඳහා ප්‍රතිසංවිධානය කිරීමේ අභියෝගය යි. එය සිදු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය පිහිටුවීමේ ක්‍රියාමාර්ගය මත ය.
ලංකාවේ කම්කරැවන් හා පීඩිතයන් ලෝක සමාජවාදයේ මෙම ඉදිරිදර්ශනය මත සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමට සංවිධානය විය යුතු ය. එහි තේරැම වන්නේ ජාත්‍යන්තර සංගත ද බැංකු ද ලංකාවේ ව්‍යාපාරිකයන් ද ධනපති රාජ්‍යය ද සතු කර්මාන්ත, බැංකු හා ව්‍යාපාර කම්කරැ පාලනය යටතේ ජනසතු කිරීම යි. එවැනි ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට දැමීම සඳහා කම්කරැ පන්තිය, පීඩිත ජනතාවන්ගේ සහයෝගය ඇතිව තමන්ගේ ම ආන්ඩුවක් කම්කරැවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් -- ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් -- බලයට ගෙන ආ යුතුව ඇත. ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ප්‍රහාරවලට එරෙහිව ලෝක කම්කරැ පන්තිය සමග එකමුතු ව ධනේශ්වරයෙන් දේශපාලනිකව ස්වාධීනව කම්කරැවන්ගේ මෙම අරගලය වර්ධනය කිරීම සඳහා අද සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍යව ඇත.
සිංහල හා දෙමල කතා කරන කම්කරැවන්, තමන් හේද කිරීම සඳහා ගෙන යන පොදු පෙරමුනු ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයටත්, එල්ටීටීඊ බෙදුම්වාදයටත් එරෙහිව ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරැ කර ගැනීම මෙම සමාජවාදී මහජන ව්‍යාපාරය ගොඩනැගීමේ අත්‍යවශ්‍ය කොන්දේසියකි. ධනපති පන්තියේ වර්ගවාදී ව්‍යාපාරය හා බෙදුම්වාදය තමන් බෙදා විනාශය පැටවීමට පාලක පන්තිය ගෙන යන දුෂ්ට ප්‍රතිගාමී වැඩපිලිවෙලක කොටසක් බව කම්කරැවන් අවබෝධ කර ගත යුතු ය. මේ පදනම් මත වැඩපොලවල, කම්කරැ නිවහන් පෙදෙස්වල, දුගී ගොවීන්, තරැනයන් ඇතුලු පීඩිතයන්ගේ නියෝජිතයන් ද ඒකරාශී කර ගන්නා වූ කම්කරැ ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන සමාජවාදී මහජන ව්‍යාපාරය ගොඩනැගීමට පෙරට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ මේ නිස යි.
පැරනි සංවිධාන
වෘත්තීය සමිති හා සමසමාජ, කොමියුනිස්ට්-නව සමසමාජ-සීඩබ්ලිව්සී හා කඳුරට පෙරමුන ආදී සංවිධාන කම්කරැවන් මෙම අරගලය ගැනීමට සතුරැ සංවිධාන ලෙස ඉදිරිපත්ව සිටියි.
පසුගිය කම්කරැ වැඩ වර්ජනවල දී සහ සෙසු පීඩිත ජන කන්ඩායම්වල අරගලවල දී සමිති නිලධරයේ සහ අවස්ථාවාදීන්ගේ මෙම ප්‍රතිගාමී ක්‍රියාකලාපය යලි අත්දකින්ට ලැබුනි.
පෙබරවාරි 22 දා සංකේත වර්ජනයක යෙදුන තැපැල් කම්කරැවන් වෙත තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉදිරිපත් කල ඉදිරිදර්ශනය කුමක් ද?
'අපි කිව්වෙ (ආන්ඩුවට - කම්කරැ මාවත) තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් කරන්න නෙමෙයි. විධිමත් ව ප්‍රතිසංවිධානය කරන්න කියල යි.'
ඔවුන්ට අනුව තැපැල් සේවකයන් කල යුත්තේ ආන්ඩුවට බලපෑම් දැමීම්වලට හිර වී සිටීම යි.
දැන් ඔවුහු දෙපාර්තමේන්තුව සංස්ථාවක් කිරීමේ පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි ය යි අධිකරනය කල ප්‍රකාශය ඔජවඩවමින් පනත ක්‍රියාවට දැමීම කල්යාම සේවකයන් මුලා කර තබා ගැනීමට යොදා ගනිති. ඔවුන් ආවරනය කරන්නේ පොදු පෙරමුනු ආන්ඩුව හෝ වෙනත් ආන්ඩුවක් මේ ප්‍රහාරය වහාම හෝ කල් පසු වී හෝ එල්ල කරනු ඇති බව යි.
ටෙලිකොම් සමිති නිලධරයන් සියල්ල ම, පුද්ගලීකරනයට ඉඩ දී දැන් එහි හිමිකාර එන්ටීටී සංගතයෙන් එල්ල වන රැකියා හා සේවා තත්වයන් කැපීමේ ප්‍රහාරවල දී යලිත් විරෝධය පෑම්වලින් ජාම බේරා ගත හැකි ය යි ටෙලිකොම් සේවකයන්ට කියා සිටියි. අනෙක් අතින්, තරඟකාරී දුරකථන සමාගම්වලින්, එන්ටීටී සංගතය යටතේ ඇති ටෙලිකොම් සමාගම රැක ගැනීමේ වැඩපිලිවෙලකට සේවකයන් බැඳ තැබීමට මෙම ටෙලිකොම් නිලධරය ක්‍රියාත්මක වෙයි.
ලංකා බැංකු සේවක සංගමයේ නිලධරයේ ක්‍රියාකලාපය මීට දෙවැනි නැත. වැටුප් අයිතීන් දිනා ගැනීමට ය යි පොදු පෙරමුනු ආන්ඩුව සමග මෙම නිලධරය ගැසූ සම්මුතිය ඇද වැටී ඇත. රාජ්‍ය බැංකු පුද්ගලීකරනයේ තර්ජනය යලියලිත් මතු වෙයි.
වානිජ බැංකුවල හාම්පුතුන්ගේ පෙත්සමක් මත පනවන ලද තහනම නො තකා බැංකු සේවකයන් මාර්තු 25 දා පිකට් කිරීම හා දින භාගයක වැඩ නැවැත්වීම අධිකරන නියෝගයක් කඩ කිරීමක් ලෙස උසාවිය තීන්දු කලේ ය. ඒ සම්බන්ධයෙන් නිකුත් කෙරැනු වරෙන්තුව නිසා ලංකා පැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එම්. ආර්. ෂාට උසාවියට භාර වීමට සිදු වූ අතර දැන් ඔහු සිටින්නේ ඇප මත මුදා හැරැනු තත්වයක ය. සංගමයට එරෙහි වාරන නියෝගය අප්‍රේල් 19 දින දක්වා දීර්ඝ කර තිබේ. මෙම සිද්රීන්ගෙන් මතුව ඇත්තේ තියුනු දේශපාලන ප්‍රශ්නයන් ය. එහෙත් ලංකා බැංකු සේවක සංගමයේ නායකයෝ ඒවා යට ගසති.
සෞඛ්‍ය සේවයේ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ප්‍රශ්න නැගී ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය අතුගා දැමීම සඳහා යූඇන්පී ආන්ඩුව යටතේ ද දැන් පොදු පෙරමුනු ආන්ඩුව යටතේ ද මෙම සේවා සඳහා වියදම් කපා හරිමින් ගෙන යන ප්‍රහාරය යි. එහෙත් කනිෂ්ඨ සේවක සමිතිවල පටන් හෙද සේවක සංගමය හරහා රාජ්‍ය ෙව්‍යවරැන්ගේ සංගමය දක්වා වෘත්තීය සමිති මේ මූලික ප්‍රශ්නයෙන් සිය සාමාජිකයන්ගේ ඇස් ඉවතට යොමු කර, බලපෑම් දමා සිය ශ්‍රේනිවාදී ඉල්ලීම් 'දිනා ගැනීමට' යයි කා කොටා ගැනීමක යෙදී සිටියි. අන්තිමේ ඉල්ලීම් ඉටුවීමකුත් නැත, සේවකයන් ඉදිරියේ මතු වන ප්‍රශ්නවල හා එල්ල වන ප්‍රහාරවල කෙලවරකුත් නැත.
සමසමාජ-ස්ටැලින්වාදී පක්ෂ ද සීඩබ්ලිව්සී හා කඳුරට පෙරමුන ද ආන්ඩුවේ කොටස්කාරයන් ලෙස මේ ප්‍රහාර ක්‍රියාවට දමන්ට විවෘතව සහභාගි වී සිටියි. නව සමසමාජ පක්ෂය එක් අතකින් තම වෘත්තීය සමිති හාම්පුතුන් සමග කෝපරේට්වාදී ගිවිසුම්වලට - බාටා සමාගමේ මෙන් - මෙහෙයවා ඇති අතර එසේ කර ගත නො හැකි වූ තැන්වල බලපෑම් දමා හාම්පුතුන් නම්මාගෙන අයිතීන් ලබා ගැනීමේ වැඩපිලිවෙලක් පෙරට දමයි. මෙම ප්‍රතිගාමී ක්‍රියාකලාපයෙන් කම්කරැවන් තුල ඇති වී තිබෙන ව්‍යාකූලත්වය ගසා කන සංවිධානයක් ලෙස ජනතා විමුක්ති පෙරමුන ඇතැම් තැන්වල වෘත්තීය සමිති හදන්ට පටන්ගෙන ඇත. ජවිපෙ අනෙකුන්ගෙන් තමන්ගේ සමිති වෙනස් බවක් කීමට තැත් කලත් පටන් ගත් තැන සිට ම ඒවා එක්කෝ මහ සංගතවල නැතහොත් ලංකාවේ ධනපතියන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරමින් නිරැවත් ව සිටී. බියගම ඇන්සල්-ලංකාහි ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමය කම්කරැවන් මත වැඩ වේගවත් කිරීම් පටවමින් හා මර්දනයට හවුල් වෙමින් ගෙන යන ක්‍රියාකලාපය මීට මනා උදාහරනයකි. ජවිපෙන් මතු වී ඇත්තේ එහි ෆැසිස්ට් බලවේගයන් කම්හල් තුල පසුගාමී කොටස් අතරට ගෙන යාමේ අන්තරායකි. ඇන්සල්-ලංකා කම්කරැවන් බහුතරයක විරැද්ධත්වයක් ජවිපෙ සමිතිය කෙරෙහි පවතින තත්වයක එය පාලකයන්ගේ අන්ඩක් ලෙස බලහත්කාරීව ක්‍රියාත්මක වේ.
වෘත්තීය සමිතිවල වේවා මෙම පක්ෂවල වේවා ක්‍රියාමාර්ග සැලකිල්ලෙන් පරීක්ෂා කර බලන ඕනෑම කම්කරැවෙකුට වැටහෙනු ඇත්තේ ඒවා බංකොලොත් බවට, පරිහානියට සහ ප්‍රතිගාමිත්වයට පත්ව ඇති බව යිත ධනේශ්වර ලාබ පද්ධතියට ඒවා ගැට ගැසී ඇති බව යි. මෙම නායකත්වයන් හා ඒවායේ වැඩපිලිවෙල කුනු වී ඇත. මෙම සංවිධාන ගුනාත්මක ව පාලක පන්තිවල ඒජන්සි බවට පරිවර්තනය වී තිබේ. පොදු පෙරමුනු ආන්ඩුව වැටුනොත් ආන්ඩු බලය අතට ගැනීමට, මහජන අයිතීන් නාශක යූඇන්පිය කිඹුල් කඳුලු හෙලන අතර වෘත්තීය සමිති නිලධරයන් හා සමසමාජ-කොමියුනිස්ට් පක්ෂ ද දැන් යූඇන්පියට ඉව අල්ලන්ට පටන් ගෙන ඇත. මෙම සංවිධාන කම්කරැවන්ට, පීඩිතයන්ට එරෙහිව පොදු පෙරමුන හා යූඇන්පිය ප්‍රමුඛ කර ගෙන ඇටවෙන ප්‍රතිගාමී ආන්ඩු පෙලගැස්මකට හෝ කර තැබීමට සූදානම් බව ප්‍රකාශ කර අඟවා ඇත්තේ වරක් දෙවරක් නො වේ.
කම්කරැ පන්තියට තමන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා නම්, ධනපති ක්‍රමය තුල ම විසඳුම් ලබා ගැනීම් පිලිබඳ වෘත්තීය සමිතිවාදී හා ප්‍රතිසංස්කරනවාදී ක්‍රියාමාර්ගවලින් පරිපූර්නව ම බිඳුනු, නව ඉදිරිදර්ශනයක් මෙන් ම නායකත්වයක් ද අවශ්‍ය වී ඇතැයි සමාජවාදී සමානතා පක්ෂය පෙන්වා දෙන්නේ මේ නිසා ය.
සෑම අරගලයකට ම මැදිහත්වෙමින් සමාජවාදී සමානතා පක්ෂයත් එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයත් මෙම ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය හා නායකත්වය සම්පාදනය කර සටන් වැද ඇත. වෘත්තීය සමිතිවාදී බලපෑම් දැමීමෙන් කම්කරැ අයිතීන් රැක ගත හැකි ය යන වෘත්තීය සමිතිවාදී හා ජාතිකවාදී වැඩපිලිවෙල අපි ප්‍රතික්ෂේප කලෙමුෂ ප්‍රතික්ෂේප කරමු. වෘත්තීය සමිති නිලධරයන් තමන් ප්‍රායෝගික යයි කියමින් ඉදිරිපත් කල වැඩපිලිවෙල අවසානයේ කම්කරැවන්ට වැටී ඇති මලපුඩුවක් බවට පත්ව තිබේ. මූලධර්මාත්මකව කම්කරැ පන්තිය සමාජවාදී වැඩපිලිවෙල මත සංවිධානය කිරීමේ ද අවශේෂ පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳ ප්‍රශ්න විසඳීමේ ද නො නවතින විප්ලව ක්‍රියාමාර්ගය මත සමාජවාදී සමානතා පක්ෂය පදනම් වී සිටියි. මෙම අරගලයට කම්කරැවන්ගෙන්, තරැනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා තවත් පීඩිත කොටස්වලින් ආකර්ශනයක් ලැබී ඇත.
පන්ති අරගලයේ නව අවධිය තුල වෙන කවරදාටත් වඩා බලගතු ලෙස ජාත්‍යන්තරවාදී සමාජවාදී ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය තහවුරැ කිරීමට අවධානය යොමු කල යුතු වෙයි. පන්ති අරගලය මුදුනට මෙම ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය ගෙන යාමට සමාජවාදී සමානතා පක්ෂය තහවුරැ කිරීමට එක් වන මෙන් සිතනමතන සියලු දෙනාගෙන් අපි ඉල්ලමු.
as-lanka, workers, indsub
