පොදු පෙරමුනු ආන්ඩුව සෞඛ්‍ය කාර්ය සාධක බලකායක් පිහිටුවා ගනිමින් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීමට ගෙන යන වැඩකටයුතුවලට මුක්කුව දීමට රාජ්‍ය සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩලය එකඟ වී ඇත. මෙම එකඟත්වය ඇති කරගනු ලැබුවේ මෙම ඒකාබද්ධ බලමන්ඩලයේ නියෝජිතයන් ජුලි 20 දා අරලිය ගහ මන්දිරයේ දී පොදු පෙරමුනු ආන්ඩුවේ නායිකාව සමග ගෙන ගිය සුහද සාකච්චාවකින් අනතුරුව ය. මෙම සාකච්චාවේ දී සෞඛ්‍ය කාර්ය සාධක බලකායේ යෝජනා මගින් සෞඛ්‍ය සේවයට වන නස්පැත්තිය ගැන 'බොහෝ කරුනු' වෘත්තීය සමිති නායකයන් විසින් දැක්වු බව වාර්තා වේ. එවිට ජනාධිපතිනිය කෙලින් ම මෙලෙස ප්‍රශ්න කොට ඇත. 'ඔබලා සෞඛ්‍ය කාර්ය සාධක බලකායට විරුද්ධ ද? නැද්ද?' වෘත්තීය සමිති නායකයන්ගේ පිලිතුර වී ඇත්තේ විරුද්ධ නැත යන්න යි. ඉන්පසුව අගෝස්තු 14 දාට පෙර වෘත්තීය සමිති නායකයන් විසින් කාර්ය සාධක බලකායට කරනු ලබන යෝජනා ඉදිරිපත් කිරීමකට දෙපාර්ශ්වය එකඟ වී ඇත.
ජනාධිපතිනිය සමග මෙම එකඟතාවයට පැමිනීම සඳහා 'හොඳින්' කරුනු දැක්වූ අය අතර ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ථ ලංකා සුවසේවා සංගමයේ නියෝජිතයා ද විය. ඒ අනුව වෘත්තීය සමිති හවුලේ නායකයෝ දැන් කඩිමුඩියේ තම තමන්ගේ යෝජනා සෞඛ්‍ය කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කිරීමට සකස් කරමින් සිටිති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජීඑම්ඕඒ) මූලිකත්වයෙන් පසුගිය වකවානුවේ රජයේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමන්ඩලය පිහිටුවා ගනු ලැබුවේ, සෞඛ්‍ය සේවා පුද්ගලීකරනයට විරුද්ධව අරගලයක් දියත් කරන්නේ යැයි ප්‍රසිද්ධ කරමිනි. මෙම සන්ධානයට සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 20කට වැඩි සංඛ්‍යාවක නායකයෝ එක්වී සිටිති. මෙම නායකයන් තම සාමාජිකයන්ටත් කම්කරු පීඩිත මහජනයාටත් ප්‍රකාශ කොට සිටියේ සෞඛ්‍ය කාර්ය සාධක බලකාය මගින් සෞඛ්‍ය සේවය වැනසෙන බව යි. තව ද එම කාර්ය සාධක බලකාය ආන්ඩුව නොමග යවා ඇතැයි ද එය එලෙස වූයේ එයට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳව දැනුමක් නොමැති අය ආන්ඩුව විසින් පත් කරනු ලැබ ඇති නිසා යැයි ද මොවුහු කියා සිටියහ.
නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ප්‍රහාර ක්‍රියාවට දමන ආන්ඩුව හා එහි පිලිවෙත් ආරක්ෂා කරමින් වෘත්තීය සමිති නායකයන් ජපකල එම සූත්‍රය ය අවසන් වසයෙන් කෙලවර වී ඇත්තේ, 'සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දන්නා' වෘත්තීය සමිති නායකයන් කාර්ය සාධක බලකායට කර ගැසීම හැටියට ය.
සමිති නායකයන් වසන් කල හා කරන සත්‍ය කාරනාව කුමක් ද? එය නම් පොදු පෙරමුනු ආන්ඩුව ලෝක බැංකුවේ, මූල්‍ය අරමුදලේ හා අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ නියමයන් පරිදි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉතිරියත් අතුගා දමා සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනය කිරීමට වැඩට බැස සීටී ය යන්න ය.
1997 දී සෞඛ්‍ය සේවය ප්‍රතිසංස්කරනය පිලිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවනු ලැබුවේ එම ඉලක්කය මුදුන් පමුනුවා ගැනීමට ය. ආන්ඩුව සුපරික්ෂාකාරීව එම කාර්ය සාධක බලකායට අවශ්‍ය පුද්ගලයන් ද පත්කර ගත්තේ ය. අවශ්‍ය වුවහොත් වෘත්තීය සමිති නායකයින් ද මේ වැඩේට හවුල් කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන්ගෙන් ආ හැකි ප්‍රතිරෝධයට මුහුන දීමේ ඉලක්කය සහිතව ජීඑම්ඕඒ සභාපති වෛද්‍ය ආනන්ද සමරසේකරගේ නම ද කාර්ය සාධක බලකායේ කමිටු කිහිපයකට යෝජනා කිරීමට ආන්ඩුව තීක්ෂන විය. දැන් වෘත්තීය සමිතිවල නායක සගයන් ද සමග ඔහු කාර්ය සාධක බලකාය හා එකට වැඩ කිරීමට එකඟතාව ප්‍රකාශ කොට ඇත. මෙම අනතුර 'වෛද්‍ය අරගලයේ පාඩම් ඉගෙන පෙරට යමු!' යන ශීර්ෂය යටතේ 1999 ජුලි 23 පල වූ ලිපියකින් අප පෙන්වා දුන්නේ කල් ඇතිව ය.
අදාල වෙනත් ලිපි
වෛද්‍ය අරගලය ගැන දින සටහනක්
1999 අගෝස්තු 10
නිදහස් සෞඛ්‍ය අහෝසි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ යෝජනා
1999 ජූලි 27
වෛද්‍ය අරගලයේ පාඩම් ඉගෙන පෙරට යමු
1999 ජූලි 23
වෛද්‍ය වර්ජනය ආරක්ෂා කරමු
1999 ජූනි 30
US_Healthcare, as-lanka
