ස්තූලතාව: සුව කල හැකි වසංගතයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ස්žලතාව (තරබාරු බව) දසලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත හා සෞඛ්‍ය කෙරේ බලපාන ලෝක පරිමාන වසංගතයක් බවට පත් වී තිබේ. එය කාර්මීකරනය වූ රටවල වැඩි වර්ධනය වන්නා වූ සමාජ ප්‍රශ්නයක් වන්නා සේ ම එය පැරනි විජිතයන්ගේ ද වැඩීගෙන එයි.

ජනමාධ්‍යවලින් ආදර්ශයක් ලෙස ස්žලතාව වර්ගීකරනය කෙරෙනුයේ ආහාර අනුභවයේ අසාමාන්‍යතාවක් ලෙස හෝ හුදෙක්ම පුද්ගලික ප්‍රශ්නයක් ලෙස ය. නමුත් ප්‍රධාන රටවල වැඩිහිටි ජනගහනයෙන් අර්ධයකට වැඩි ප්‍රමානයක් ස්žලවීම හෝ අවශ්‍ය ප්‍රමානයට වඩා බරින් වැඩිවීම හා 90 දශකය පුරා එක ලෙස වැඩිහිටියන් හා ලමුන්ගේ ස්žලතාවයේ අනුපාතය සීග්‍ර ලෙස ඉහල යාම පෙන්නුම් කරනුයේ, ප්‍රශ්නය වෙත මෙවැනි සරල පිවිසුම් මගින් සිදු කෙරෙනුයේ එයට හේතු පාදක වන සමාජ මූලයන් වහංගු කිරීමක් බව ය.

විවිධ වෛද්‍ය සඟරාවල වාර්තාවලින් පෙන්නුම් කරන පරිදි ඕස්ට්රෙලියාවේ, එක්සත් ජනපදයේ, බ්‍රතාන්‍යයේ හා අනෙකුත් යුරෝපීය රටවල ස්žලතාවය පුදුම එලවන සුලූ තත්වයක් කරා ලඟාවෙමින් තිබේ. ඕස්ට්රෙලියානු සංඛ්‍යා ලේඛන බියුරෝවට අනුව 1999 දී ඕස්ට්රෙලියානු පිරිමින්ගෙන් සියයට 63කට වඩා හා ඕස්ට්රෙලියානු කාන්තාවන්ගෙන් සියයට 47ක් ස්žල හෝ පමනට වඩා බරින් වැඩි අය වූහ. 1992 දී එම දත්තයන් වූයේ පිරිමින් සියයට 44ක් හා ගැහැනුන් සියයට 30කි.

විශේෂයෙන් සැලකිය යුතු කරුනක් වන්නේ ලමාවියේ ස්žලතාව යි. ඕස්ට්රෙලියානු ලමුන් අතර කර ඇති අධ්‍යන කිහිපයක් පෙන්නුම් කරනුයේ ස්žලතාවයේ අනුපාතයන් මෑත වසරවල දෙගුන වී සියයට 12.5 හා සියයට 30 අතර මට්ටම් කරා ලඟා වී ඇති බව යි.

ප්‍රතිපලය වන සමාජ හා මානව වියදම සුවිශාල ය. ආර්තික අර්ථයෙන් ම පමනක් සැලකූ කල, ස්žලතාවයේ හා ඒ හා බැඳි රෝගයන් වන දියවැඩියාව, අධිරුධිර පීඩනය හා හෘදරෝග සඳහා ඕස්ට්රෙලියාවේ සෞඛ්‍ය වියදම වසරකට ඩොලර් බිලියන 830ක් ලෙස තක්සේරු කර ඇත. බර අඩු කර ගැනීමේ වැඩසටහන් සඳහා අමතර ඩොලර් බිලියන 500ක් වැය කෙරෙයි. ජීවිතයේ ගුනය කෙරේ ස්žලතාව ඇති කරන බලපෑම හා ස්žලතාව හා බැඳුනු නො මේරු ලදරු මරනවල බලපෑම මෙම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කල නො හැක.

එක්සත් ජනපදයේ සියයට පනහකට වඩා වැඩිහිටියන් පමනට වඩා බරින් වැඩි බව 1997 සිදු කෙරුනු ජාතික සෞඛ්‍ය සම්මුඛ පරීක්ෂන සංගනනය පෙන්නුම් කරයි. මෙම ප්‍රතිපල බොහෝ සෙයින් ම ඕස්ට්රෙලියාවට සමාන ය: පිරිමින්ගෙන් සියයට 62.3කට හා ගැහැනුන්ගෙන් සියයට 46.6කට මෙය බලපා ඇත.

වැඩිදුරටත්, වැඩිහිටියන් සෑම පස්දෙනෙකුටම එක් අයෙක් තරබාරු ය. ඊටත් වඩා අනතුරු අඟවන කරුන වන්නේ වයස අවුරුදු 5-8ත් අතර අයගෙන් සියයට 40ක් තරබාරු වීම යි. යාන්තමින් අවුරුදු 7කට පෙර 1990 දී ලමාවියේ දත්තය වූයේ සියයට 10කි.

පමනට වඩා බර වැඩි යනුවෙන් අර්ථ දක්වනුයේ උස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව අර්ථ ගන්වා ඇති ප්‍රමිතිය ඉක්මවා ශරීරයේ බර වැඩිවීම ය. ස්žලතාව, අමතර ශරීර මේදය ලෙස අර්ථ ගැන්වෙන අතර සාමාන්‍යයෙන් විස්තර කෙරෙනුයේ තිබිය යුතු බරට වඩා සියයට 20ක් බර වැඩි වීම වසයෙනි.

දේහ ස්කන්ධ දර්ශකය (බීඑම්අයි) 25 හෝ ඊට වැඩි අය පමනට වඩා බර වැඩි අය ලෙස වර්ග කෙරෙන අතර දේහ ස්කන්ධ දර්ශකය 30ක් හෝ ඊට වැඩි අය ස්žල ලෙස ගැනේ. දේහ ස්කන්ධ දර්ශකය මනිනුයේ යමෙකුගේ ස්කන්ධය, ඔහුගේ හෝ ඇයගේ උසෙහි වර්ගයෙන් බෙදීමෙනි. (මෙහි දී ස්කන්ධය, කි.ග්‍රෑ. වලින් ද, උස මීටර්වලින් ද, බීඑම්අයි වර්ග මීටරයට කි.ග්‍රෑම්වලින් ද මනිනු ලැබේ.) 20-25ත් අතර දේහ ස්කන්ධ දර්ශකයක් සෞඛ්‍ය සම්පන්න ලෙස සලකනු ලබන අතර, දේහ ස්කන්ධ දර්ශකය 25ට වැඩි බොහෝ දෙනා අවදානම් සෞඛ්‍ය කලාපයකට ඇතුලත් වෙයි. ස්žලතාවට සම්බන්ධව ඇති වන ප්‍රධාන වෛද්‍ය ගැටලූවලට පිත්තාශ රෝගය, අධි-රුධිර පීඩනය, රුධිරගත කොලොස්ටරෝල් වැඩිවීම සහ රක්තවාතය ඇතුලත් වෙයි.

ඇමරිකාවේ දී, ස්žලභාවය හෝ පමනට වඩා බර වැඩිවීම නිසා ඇති වන දිගුකාලීන ආබාධයන් නිසා සෞඛ්‍ය වියදම්වල වැඩිවීම වසරකට ඩොලර් බිලියන ගනනක් දක්වා දිව යයි. දියවැඩියාවේ සංකූලතාවන් (අතුරු ආබාධ) වන ඩයබටික් කීටොඇසිඩොසිස් (දියවැඩියාවේ උච්ච අවස්ථාවකි-පරිවර්තක), ඩයබටික් කෝමා (දියවැඩියාව උග්‍ර වී අසිහි තත්වයට පත්වීම-පරිවර්තක) දියවැඩියාව නිසා ඇති වන ඇස්වල රෝග තත්වයන් සහ දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා තක්සේරු ගත ඩොලර් බිලියන 11.3ක් වැය වෙයි. පිත්තාශ රෝගය සහ එහි ශල්‍ය කර්ම සඳහා ඩොලර් බිලියන 11.3ක් වැය වෙයි. පිත්තාශ රෝගය සහ එහි ශල්‍ය කර්ම සඳහා ඩොලර් බිලියන 2.4ක් වියදම් කෙරෙන අතර ඩොලර් බිලියන 22.2ක සමස්ත වියදමක් හදවත් රෝග සඳහා වැය වෙයි. ස්žලතාවට සම්බන්ධ අධික රුධිර පීඩනය සඳහා කෙරෙන වාර්ෂික වියදම ඩොලර් බිලියන 1.5ක් වන අතර ඩොලර් බිලියන 1.9ක් ස්žලතාවට සම්බන්ධ පියයුරු සහ අන්ත්‍රයේ (බඩවැලේ) පිලිකා සඳහා වැය වෙයි. මීට අමතරව සමබල ආහාර, නිෂ්පාදන සහ වැඩපිලිවෙලවල් අඩංගු කර ගත් බර අඩු කර ගැනීමේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා ඇමරිකානුවෝ ඩොලර් බිලියන 33ක් වැය කරති.

බ්‍රතාන්‍යයේ තත්වය ද මීට සමාන ය. ජාතික විගනන පරීක්ෂන කාර්යාලය ගිය වසරේ වාර්තා කලේ බ්‍රතාන්‍යයේ ගැහැනුන්ගෙන් සියයට 20ක් සහ මිනිසුන්ගෙන් සියයට 17ක් ශරීර ප්‍රමානයට අනුව රෙකමදාරු කොට ඇති බරට වඩා රාත්තල් 70කට වඩා බරින් වැඩි බව යි. යුරෝපයේ වඩාත් ම පමනට වඩා බරින් වැඩි අය සිටින ජාතිය ලෙස ජර්මනියට තිබූ තැන බ්‍රතාන්‍යය ගෙන තිබෙන බව වාර්තාව කියා සිටී. හෘද රෝග, දියවැඩියාව සහ ස්žලතාව හා බැඳුනු පිලිකා තත්වයන් සඳහා වසරකට ජාතික සෞඛ්‍ය සේවාවෙන් ඩොලර් බිලියන 2.9ක් වියදම් කරමින් සිටි බව වාර්තාව තක්සේරු කරයි. රෝග තත්වයන් නිසා නැති කෙරුනු වැඩ කාලයේ අනියම් වියදම් තවත් ඩොලර් බිලියන 5ක් අඩංගු කර ගනී.

පරම්පරාවකට ඉහත ස්žලතාව ජාතික සෞඛ්‍ය සේවාව සම්පූර්නයෙන් ම නො දැන සිටි ප්‍රශ්නයක් විය. 1980 වන විට ජනගහනයෙන් සියයට 7ක් ස්žල ලෙස වර්ග කෙරී තිබින. එතැන් පටන් ප්‍රශ්නය ඉහලට නැග ඇත. බ්‍රතාන්‍යයේ හා ස්කොට්ලන්තයේ ලමුන් සඳහා කරනු ලැබූ වර්ධනය හා සෞඛ්‍ය පිලිබඳ අධ්‍යයනයන්, පිරිමි සහ ගැහැනු සියලූ වයස් කන්ඩායම්වල උසට සම්බන්ධ බර දෙගුනයක වැඩිවීමක් පෙන්නුම් කරයි.

මීට අවුරුදු 12-15කට ඉහත ඇමරිකාව අත්දුටු තත්වයන්ට බ්‍රතාන්‍යයේ ස්žලතාවයේ මට්ටම් ලඟාවෙමින් පවතින අතර බ්‍රතාන්‍යය වේගයෙන් පරතරය පියවමින් සිටින බව වෛද්‍ය පර්යේෂන සභාවේ (එම්ආර්සී) ස්žලතාව පිලිබඳ පර්යේෂනයන්හි ප්‍රධානියා වන වෛද්‍ය සුසාන් ජෙබ් ප්‍රකාශ කරන්නේ ය. එකම විශාලතම හේතුව ලෙස ස්žලතාව මගින් ඉදිරි වසර 10 තුල දී දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දෙගුන වී මිලියන 2ක් දක්වා ඉහල යනු ඇතැයි බ්‍රතාන්‍ය දියවැඩියා සංගමය අනාවැකි පලකරන්නේ ය.

1997 ඇමරිකානු සංගනනයක් පෙන්නුම් කරනු ලැබුවේ කම්කරු ජනයා අතර ඉහල ස්žලතා අනුපාතයකි. ප්‍රථම කොට ම පමනට වඩා බර වැඩිවිමේ හා ස්žලතාවයේ ව්‍යාප්තිය විශේෂ වසයෙන් කාන්තාවන් අතර අධ්‍යාපන මට්ටම් සමග සබැඳියාවක් තිබුනි. ගැහැනුන් අතර උසස් පාඨශාලීය උපාධිලාභීන්ගෙන් සියයට 49ක් හා පශ්චාත් උපාධි විද්‍යාල උපාධිලාභීන්ගෙන් සියයට 29ක් හා සන්සන්දනය කරන විට උසස් පාඨශාලීය අධ්‍යාපනය නො ලැබූ ගැහැනුන්ගෙන් සියයට 60ක් පමනට වඩා බරින් වැඩි විය. පිරිමින් අතර, පශ්චාත් උපාධි විද්‍යාල උපාධිලාභීන්ගෙන් සැලකිය යුතු ලෙස ස්žලතාව පහල මට්ටමක පැවතුන අතර සෙසු ප්‍රතිපලවල වූයේ සුලූ වෙනස්කමකි.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ වඩා දුප්පත් ජාතීන් වන හිස්පැනික් හා කලූ ජාතිකයන් අතර අනුපාතයන් වඩා ඉහල විය. කලූ ජාතික කාන්තාවන් අතර පමනට වඩා බරින් වැඩිවීමේ ව්‍යාප්තිය ඉහල ම විය. සියයට (64.5) පිලිවෙලින් හිස්පැනික් කාන්තාවන්ගෙන් සියයට (56.8)කි සුදු කාන්තාවන්ගෙන් සියයට (43)ක් සහ ආසියානු පැසිපික් දූපත් කාන්තාවන්ගෙන් සියයට (25.2) වසයෙන් විය. කලූ ජාතික කාන්තාවන් අතර ස්žලතාව සියයට (33.2) වූ අතර සුදු කාන්තාවන් අතර ස්žලතාව සියයට (17.3) මෙන් දෙගුනයක් පමන බහුල ය. කෙසේ වෙතත් පිරිමින් අතර ප්‍රධානම කන්ඩායම් තුනේ සෑම එකකම ස්žලභාවයේ තක්සේරු බොහෝ විට එක සමාන විය.

බ්‍රතාන්‍ය අධ්‍යනයන් ගනනාවක් පෙන්වා දෙනු ලබන්නේ ස්žලතාව සහ සමාජ-ආර්තික තත්වය සමග -- විශේෂයෙන් කාන්තාවන්ගේ -- සමීප සබඳතාවක් ඇති බව යි.

මෙම ප්‍රවනතාවන් පැහැදිලි කිරීමට පැමිනෙන විට, මාධ්‍ය වාර්තාවන් පමනක් නො ව බොහෝ විද්‍යාත්මක ලේඛන ද පිලියෙල කරන ලද ආහාර සංයෝගයන්, වැඩි වන මෝටර් රථ හිමිකම් සහ රූපවාහිනි යන්ත්‍ර සහ කොම්පියුටර් අසල වාඩි වී සිටීමේ ජීවන පුරුදු පිලිබඳව අවඥා සහගතව සඳහන් කරති. උදාහරනයක් ලෙස එක් බ්‍රතාන්‍ය වෛද්‍ය සඟරාවක ලිපියක ශීර්ෂය වූයේ 'බ්‍රතාන්‍ය ස්žලතාව: කෑදරකම සහ කුසීතභාවය' යන්න යි. ලිපිය සම්පූර්නයෙන් ම ඉලක්ක කොට තිබුනේ අධික ලෙස ආහාර ගැනීම සහ ව්‍යායාම අඩුවීම පිලිබඳව ය.

එසේ ම 1997 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්žලතාව පිලිබඳව ජිනීවාහි තොරතුරු විමසීමේ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශනයන් මෙසේ සඳහන් කරයි: 'ලෝක පරිමානව ස්žලභාවය පිලිබඳ ප්‍රශ්නය වැඩි වර්ධනය වීමට ප්‍රධානම හේතුන් වන්නේෂ එක තැන වාඩි වී සිටින ජීවන පුරුදු, අධික මේදය ශක්ති අධික ආහාර ය යන්නට ප්‍රවීනයෝ එකඟ වූහ.'

මූලික වසයෙන් මෙබඳු සාමාන්‍යකරනයන් නිරන්තරයෙන් යැපෙනුයේ ඔප්පු කිරීමට ඉදිරිපත් කෙරුනු කරුනු ස්වල්පයක් මත ය. උදාහරනයක් ලෙස ලමුන් අතර ස්žලතාවයේ පැතිර තිබීම, ඔවුන් රූපවාහිනිය නරඹන පැය ගනන සමග සෘජුව සම්බන්ධ බව සමහර අධ්‍යයනයන් මගින් සොයා ගනු ලැබ තිබෙන නමුත් වෙනත් අධ්‍යයනයන් මගින් පරස්පර සම්බන්ධයන් තහවුරු කිරීමට අසමත් වී තිබේ. වඩාත් මූලධර්මාත්මකව, මෙම නිරීක්ෂනයෝ, ආහාරවල හා ජීවන ක්‍රමයේ වෙනස්කම් පිටුපසින් පවතින ආර්තික සමාජීය ගාමක බලයන් -- ආහාර හා විනෝදාත්මක කර්මාන්තයන් මගින් උපයන ලාභ ඇතුලත් -- හා බහුතරයක් වැඩ කරන ජනතාවගේ වැඩ කරන පැය ගනන ඉහල දැමීම හා ජීවන තත්වයන් පහල දැමීම මගින් ඇති කරනු ලබන තියුනු වන පීඩනයන් අමතක කරති.

රැකියාවට සම්බන්ධිත තත්වයන් ද බොහෝමයකි. බොහෝ කර්මාන්තයන්හි නියමිත වැඩමුරයන් පැය අටේ සිට පැය 12 දක්වා දීර්ඝ කර ඇත. රාත්‍රී සේවාවන් හා මාරු වෙන වැඩ මුරයන් ඇතුලත් වූ වැඩමුර කරන මිනිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. බොහෝ සේවකයින්ට දැන් අමතර පැය ගනන් වැඩ කිරීමට සිදු වී ඇති අතර එසේත් නැත්නම් ඔවුහු අනතුරු සහිත, අනියම්, තාවකාලික හෝ අන්තර්කාලීන වැඩ කිරීම දක්වා තත්වයෙන් පහල දමා ඇත. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ විට නියමිත වේලාවකට ආහාර ගැනීම දුෂ්කර වන අතර ආහාර පුරුදුවලට බාධාවන් සිදු වෙයි. මෙබඳු වෙනස්කම් මගින් මිනිසුන් වැඩිපුර ආහාර අනුභවයට යොමු කෙරෙන ආතති සහගත සහ බලවත් වෙහෙසකර තත්වයන් ඇති කරනු ලැබ ඇත.

තව දුරටත් වර්තමාන සමාජයේ බොහෝ ගෘහයන්ට සමබර ආහාර වේලක් සකස් කර ගැනීමේ ඉඩ නිරන්තරයෙන් අහුරමින්, ජීවත් වීම සඳහා අවම වසයෙන් ආදායම් මාර්ග දෙකක් වත් අවශ්‍ය කෙරී තිබේ. මීට අමතරව අඩු ආදායම් ලබන ජනයාට බොහෝ විට සේවාස්ථානයට ආසන්නයෙන් ජීවත් වීම දැරිය නො හැකි නිසා ඔවුනට විශාල දුරක් මෝටර් රථවල හෝ මහජන ප්‍රවාහන සේවාවන්වල අමතර කාලයක් ද ගත කරමින් ගමන් කිරීමට බල කෙරෙයි.

තමාටත්, තම පවුලේ සෙසු අයටත් ශිෂ්ඨ සම්පන්න ආහාර වේලක් සකස් කර ගැනීමට කාලවේලාව මදකම නිසා පිසින ලද ආහාර හෝ පහසු ආහාර කම්කරු පන්තික ජනයා අතර ප්‍රධානම අවස්ථා බවට පත් වී ඇත. වඩා මිල අධික පිසින ලද හෝ බාගෙට පිසින ලද ආහාර පිලිබඳව වඩාත් විශේෂඥතාවන් සහිතව පොදු වෙලඳ සංකීර්නයන් දැන් පැය 24 පුරා ම විවෘතව ඇත.

ක්ෂනික පරිභෝජනය සඳහා ආහාර විකුනමින් ඉහල ආදායම් ලබා ගන්නා සත්තකින් ම මැක්ඩොනල්ඩ්ස් බඳු පිසින ලද ආහාර අලෙවි සැල් විශාල ව්‍යාපාර බවට පත් වී තිබේ. ලමුන් සහ කාලය හිඟ අය ඉලක්ක කර ගත් සතර අත පැතිරුනු වෙලඳ දැන්වීම් හා ප්‍රචාරයන් සඳහා මැක්ඩොනල්ඩ්ස් පමනක් ලොව පුරා ප්‍රචාරනය සඳහා වසරකට වාර්තාගත ඩොලර් බිලියන දෙකක් වියදම් කරයි.

උදෑසන ආහාර වේලේ සිට රාත්‍රී භෝජන කාලය දක්වා ලොව පුරා මිලියන ගනන් ජනයා දැන් මැක්ඩොනල්ඩ්ස් ආහාර පරිභෝජනය කරති. දිනකට අලූත් මැක්ඩොනල්ඩ්ස් අවන්හල් තුනක් පෙලට පැමිනෙන බව මෑත දී නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කලේ ය. එහි ව්‍යාපාර ඉලක්කය වන්නේ එහි එක් ආහාර විකුනුම් ස්ථානයක විනාඩි 4කට වඩා වැඩි කාලයක් කිසිදු ඇමරිකානුවෙකු නො තැබීම යි.

වෙලඳ දැන්වීම්වලට අනුව මැක්ඩොනල්ඩ්ස් ආහාර ලාභ, ප්‍රනීත, සෞඛ්‍යාරක්ෂක හා පහසුවෙන් ලබාගත හැකි ඒවා වේ. ඇත්ත වසයෙන් ම කියතොත් බිග් මැක් එකක තිබෙන සියයට 55 කැලරි එනුයේ මේදයෙනි, එය සමග කොලොස්ටරෝල් මිලිග්‍රෑම් 83ක් ද එක් වෙයි. චීස් බර්ගර්ස්හි මේදය කොලොස්ටරෝල් මිලිග්‍රෑම් 41 සමග කැලරිවලින් සියයට 45ක් නිපදවයි. ෆ්රෙන්ච් ෆ්රයිස්වල මේදය සියයට 47ක් ඇති අතර සාමාන්‍ය හැම්බර්ගර් එකක සියයට 39ක් මේදය සහ කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 29ක් ඇත. බොහෝ පිසින ලද ආහාර සහ සාමාන්‍ය පහසු ආහාර මෙන් ම මෙම නිෂ්පාදනවල ලූනු හා සීනි විශාල වසයෙන් අඩංගු වේ. මෙය ඇබ්බැහිවීම, බර වැඩිවීම හා වෛද්‍ය ගැටලූවලට මග පාදයි.

එදිනෙදා ජීවිතයේ දී ජනයා ක්‍රියාශීලිබවින් අඩු බැව් පෙනෙනුයේ ඔවුනට ව්‍යායාම සඳහා කාලවේලාව හිඟවීම හෝ ශිෂ්ඨ සම්පන්න හෝ අඩු මුදලට ලඟා විය හැකි ව්‍යායාම් ශාලාවන්, පිහිනුම් තටාක හා අනෙකුත් විනෝදාත්මක වූ ක්‍රීඩා සඳහා පහසුකම් හිඟවීම නිසා ය. සේවා කාලය තුල දී ඔවුනට පරිගනක, දුරකතන හා අනෙකුත් යන්ත්‍ර අසල පැය ගනන් වාඩි වී සිටීම අවශ්‍ය කෙරේ. නිවසේ දී ආතතිය සහ මහන්සිය නිසා රූපවාහිනිය නැරබීම වැනි අක්‍රිය ක්‍රියාවන් සඳහා ඔවුහු පෙලඹෙති. අනෙක් අතට මෙබඳු චර්යාවන් උනන්දු කරවීම සඳහා මාධ්‍ය සහ විනෝදාත්මක වැඩසටහන් අධිපතියෝ ඩොලර් බිලියන ගනනින් වැය කරති.

සාමාන්‍යයෙන් බොහෝ දුර ඇවිදීම අවශ්‍ය නො කෙරෙන හා බොහෝ කය වෙහෙසා කෙරෙන යන්ත්‍ර සූත්‍ර හැසිරවීමක් අවශ්‍ය නො කෙරෙන තාක්ෂනයේ වර්ධනය නිසා ස්වාභාවිකව ම එදිනෙදා ජීවිතයේ ක්‍රියාශීලිත්වය අඩු වී ඇත. කෙසේ වෙතත් මෙම ශ්‍රමය ඉතිරිවීමේ ක්‍රියාදාමය මගින් වඩාත් ආශ්වාදජනක වූ ක්‍රියාශීලිත්වයන් සඳහා කාලවේලාව වෙන් කර ගත හැක. එසේ වතුදු සැබෑ ප්‍රශ්නය වන්නේ තාක්ෂනය නො වේ. එය ආයතනවල ලාභය සඳහා යොදා ගන්නා ආකාරයයි.

ශරීරයේ බර පිලිබඳව ප්‍රශ්නයන්ගෙන් පෙලෙන අයට මානසික බලපෑමක් ද ඇති විය හැක. තරබාරු පුද්ගලයන් තුල සමාජීයව හුදකලා ජීවිත ගතකිරීමේ ප්‍රවනතාවක් ඇති බව අධ්‍යයනයන් පෙන්වා දෙයි. ඔවුහු උගත්බවින් අඩු අතර, රැකියා අපේක්ෂාවලින් අඩු ය. ආත්ම අභිමානයෙන් හීන ය. ඔවුහු ආකර්ෂනීයත්වයෙන් අඩු බව හ ති. බර පිලිබඳ ප්‍රශ්නයන් විශේෂයෙන් ම ලමුන් කෙරේ හානිකර බලපෑමක් ඇත. එක් අධ්‍යයනයක් සොයා ගනු ලැබුවේ ස්žලතාව පාදයක් අහිමිවීමටත් වඩා නරක දුබලතායක් හැටියට ය.

ව්‍යාපාර ප්‍රචාරයන් -- එය මෝස්තරය සඳහා වේවා ගත සැරසීමට යොදන ද්‍රව්‍ය හෝ බර අඩු කර ගැනීමේ වැඩසටහන් වේවා -- උත්කර්ෂයට නංවන ප්‍රතිරූපය වන්නේ කෙනෙකු සිහින් වීම මගින් ලස්සන වීම යි. මේ අතර ම අඩු ආදායම් ලාභීන්ට, මෙම ප්‍රචාරය කෙරෙන සාමාන්‍යයෙන් මිල අධික නිෂ්පාදන සේවාවන් සහ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව අඩු ය.

කැමති පරිදි සිහින් සිරුරක් ලබා ගැනීම හැකියාව නොමැතිකම නිසා ස්තූල ජනයා තමන්ට ම දොස් නැගීමේ සහ මානසික පීඩාකාරී තත්වයකට පත්වීම තේරුම් ගැනීමට අපහසු නැත. ශෝකී හැගීමෙන් පෙලෙන ජනයා ඔවුන්ගේ හැගීම් මැඩපැවැත්වීම සඳහා ආහාර වෙත හැරීමට ඉඩ ඇති අතර එමගින් තව දුරටත් ප්‍රශ්නය උත්සන්න කෙරෙයි.

ස්žලභාවය සඳහා දායක වන ජානමය හේතුන් සමහර අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත. එසේ මුත් එය ස්žල අයගෙන් සියයට 5 සිට සියයට 40 දක්වා සැලකිය යුතු ලෙස වෙනස් වන බව තක්සේරු කරයි. කෙසේ වෙතත් පැහැදිලි ලෙස ම මානව ජාන තටාකය අවුරුදු 20ක් තුල වෙනස් වී නොමැති නිසා මෙමගින් ස්žලතාවයේ නාටකාකාර වැඩිවීම පැහැදිලි කල නො හැකි ය.

ඉහත සියලූ අංකයන් හා සංඛ්‍යා ලේඛනවලට පහලින් තවත් මෝස්තරයක් මතුවෙයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඩොලර් බිලියන ගනනින් වියදම් කෙරෙන මුත්, ස්žලතාවයේ සමාජ සන්දර්භය පැහැදිලි කෙරෙන තොරතුරු සම්පාදනය කිරීමකට හෝ සමාජ හේතූන් පරීක්ෂා කිරීමකට වියදම් කෙරෙනුයේ සොච්චමකි.

මෙය මූලික ප්‍රතිවිරෝධතාවන් ගනනාවකින් එකකි. අන් කවර දාකටත් වඩා අද දින සියලූ දෙනාට ම පෝෂ්‍යදායි ආහාර සම්පාදනයන්ට අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂනික ධාරිතාව තිබේ. පවුල්වලට විවේකී වේලාවන් හා සෞඛ්‍ය දායක ව්‍යායාම් සඳහා යෙදීගැනීමේ කාලය පුලූල් කර ගැනීම සඳහා ශ්‍රමය වැගිරීමෙන් මානවයා විමුක්ත කර ගැනීමේ ශක්තිය තාක්ෂනයට ඇත. බර සහ ස්žලතාව පිලිබඳ ප්‍රශ්න පුද්ගලික නො වන අතර බොහෝ සෙයින් ම සමාජීය වූ ඒවා බව මහජනයාට අවබෝධ කර දීම වෛද්‍යමය හා සමාජමය පර්යේෂනයන් මගින් සිදු කල හැකි ය.

මෙම සම්පත් කල්පනාවෙන් යොදා ගතහොත් එය ස්žලතා වසංගතය තුරන් කරලීමට නැතහොත් එය විශාල ලෙස අඩු කර ගැනීමට හැකියාම ඇත. නමුත් අතිවිශාල ව්‍යාපාරික උවමනාවන් එයට මග අවුරාගෙන සිටී.

Loading