පලස්තීනුවන් සමග සාකච්චාමය විසඳුමකට එරෙහි වූ උද්වේගී දක්ෂිනාංශිකයෙකු විසින් ඝාතනය කෙරුනු අගමැති යිට්ෂාක් රබීන්ගේ පස් වන ගුන සමරු රැලියකට සහභාගි වීමට නොවැම්බර් 4 දින ඊශ්‍රායලයේ සෑම පෙදෙසකින් ම 50,000කට අධික පිරිසක් පැමිනියහ. බටහිර ආන්ඩු සහ ජනමාධ්‍යවල විදහා දැක්වීමට විපරීතව පලස්තීනුවන් සමග සාකච්චාමය විසඳුමක් කඩාකප්පල් කිරීමේ හා මහා ඊශ්‍රායලයක් පිලිබඳ දක්ෂිනාංශිකයන්ගේ පිලිවෙතට සමස්ත සහයෝගයත් නො ලැබෙන බවට මෙය සාක්ෂියකි.
දහඅට මසකටත් අඩු කලකට පෙර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ලිකුඩ් පක්ෂය බලයෙන් පහ කල ඊශ්‍රායල චන්දදායකයෝ, පලස්තීනුවන් සමග අවසාන සාමයකට පැමිනීමේ මං සෙවීම සඳහා එහුඩ් බරක්ට ජන වරමක් ලබා දුන්හ. ජන මත විමසුම්වලින් දිගින් දිගට ම පෙන්නුම් කරන්නේ, සති 5ක සටන්වලින් පසුව පවා ඊශ්‍රායල්වරුන්ගෙන් සියයට 60-70 ප්‍රමානයකට අවශ්‍ය වී ඇත්තේ පලස්තීනුවන් සමග එකඟත්වයකට පැමිනීම බව යි.
කෙසේ නමුත්, සැහැසිකම් පිට දැමුනු සැප්තැම්බරයේ අග පටන් සිදුවූ නිරායුධ පලස්තීනුවන් 170 අධික ප්‍රමානයක් මරනයට පත් කරමින් හා දහස් ගනනකට තුවාල සිදු කෙරුනු බරක්ගේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලට එරෙහිව පැවතී ඇත්තේ හුදකලා වූ උපවාසයන් හා උද්ඝෝෂනයන් ස්වල්පයක් පමනි.
සාමාන්‍ය සාකච්චාවන් ඇරබීම සඳහා පලස්තීනුවන් හා ඊශ්‍රායල්වරුන් පැමිනෙන 'සාම කූඩාරම්' මහා මාර්ග අසබඩ තනා ඇත. එකකට ගිනි තබන ලද්දේ වුව ද ක්‍රියාකාරිකයෝ නැවත එය ගොඩනැංවීමට පටන් ගත්හ. සැහැසිකම් අවසන් කිරීම සඳහා ඒකාබද්ධ ආයාචනාවක් පලස්තීනුවන් 85 දෙනෙක් හා අරාබිවරුන් පිරිසක් විසින් ලිබරල් පුවත්පතක් වන හාරෙට්ස්හි පල කලහ. සති දෙකකට පෙරාතුව, මිශ්‍ර නගරයක් වන හයිෆාහි දී, ඊශ්‍රායල යුදෙව්වන් හා පලස්තීනුවන් විසින් ඒකාබද්ධ උද්ඝෝෂනයක් පවත්වන ලදි.
එක් උදාහරනයක් පමනක් ගෙන හැර දක්වන්නේ නම්, ඊශ්‍රායල් පුවත්පත්කලා වේදියෙකු හා කතුවරයෙකු වන අමිරා හාස්, අල්ලාගත් ප්‍රදේශවල හා ඊශ්‍රායලයේ සිටින පලස්තීනුවන් මුහුන දෙන කොන්දේසි පිලිබඳව හාරෙට්ස් පුවත්පතට දීර්ඝ වශයෙන් ලියා ඇත. හයිෆා සරසවියේ මානව විද්‍යාඥ ඩැනී රැබිනොවිට්ස් හාරෙට්ස් පුවත්පතට ලියූ ලිපියකින් ඊශ්‍රායල රාජ්‍යය, ශෝකාන්තයන්ගෙන් හා වෙනත් ජන කන්ඩායම්වලට කෙරුනු අහිමිකිරීම්වල වියදමින් ගොඩනැගී ඇති බව ඊශ්‍රායල්වරුන් විසින් ඒත්තු ගත යුතුව ඇතැයි කියා සිටියේ ය. 1948 ඊශ්‍රායල 'නිදහස් යුද්ධයට' බිලි වූ පලස්තීන ජාතිකයන් වෙනුවෙන් ස්මාරක පිහිටුවිය යුතු යයි ද ජාතික ගීය හා කොඩිය වෙනස් කල යුතු යයි ද ඔහු රජයෙන් ඉල්ලා සිටී. ඊශ්‍රායලයේ 'නව ඉතිහාසඥයන්' සමග එක පෙල සිටින රැබිනොවිට්ස්ට අවශ්‍ය කෙරී ඇත්තේ ඊශ්‍රායල රජය විසින් පලස්තීනුවන්ගේ ඉතිහාසය හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගනු ලැබීම යි.
කෙසේ වෙතත්, මෙවැනි ප්‍රතිවිරුද්ධ දේශපාලන ධාරාවන් මධ්‍යයේ ම, ඊශ්‍රායල රාජ්‍යය මෑත ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා පලස්තීනුවන්ට එරෙහි මුලූ ශක්තියෙන් කෙරෙන යුද්ධයකට ඉතා නුදුරෙන් සිටින බව පෙනී යයි. ඉදින්, සමස්ත මැද පෙරදිග කලාපය ම අස්ථාවරත්වයට පත් කල හැකි යුද්ධයක් අද්දරට ඊශ්‍රායල ගෙන ඒමට අන්ත දක්ෂිනාංශිත සුලූතරයක් සමත් වූයේ කෙසේ ද?
සියොන්වාදය පිලිගැනීමක්
පීස් නව් (දැන් සාමය) සහ අනෙකුත් ලිබරල් සහ ප්‍රතිසංස්කරනවාදී සාමවාදී කන්ඩායම්වල ඉදිරිදර්ශනයෙන් සියොන්වාදී රාජ්‍යයේ නීත්‍යානුකූල භාවය පිලිගැනීම හේතුකොටගෙන ඊශ්‍රායලයේ දේශපාලන තෝන් ලනුව දක්ෂිනාංශිකයන් අත රැඳී තිබේ. නමුත් මෙය පදනම් වී ඇත්තේ පලස්තීනුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීම හා යුදෙව්වන්ගේ ආගමික හා වාර්ගික මතයන් නො නවතින ආකාරයෙන් යුදෙව් නොවන්නන් මත පැටවීම මත ය. එම නිසා බොහෝ දෙනාට දැනෙන ආකාරයේ අව්‍යාජ ක්‍රියාශීලී හඬක් නගන අතර ම ඊශ්‍රායල හා පලස්තීන යන ජන කොට්ඨාශ දෙකේ ම ප්‍රජාතාන්ත්‍රීය හා සමාජයීය අභිලාෂයන් සපුරාලන ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කිරීමට ඊශ්‍රායල් සාම ව්‍යාපාරයට නොහැක.
නොවැම්බර් 4 දා රැලියේ දී සාම ව්‍යාපාරය යටින් පවතින බෙලහීනතාව පැහැදිලි විය. උද්ඝෝෂකයෝ 'අපට වෙනත් රටක් නැත. ශක්තිමත්, එක්සත් හා අභිමානී.' යන දේශාභිමානී උද්‍යෝග පාඨයෙන් අලංකෘත කෙරුනු කුඩා ඊශ්‍රායල් කොඩි ගෙන ගියහ. මෙම සිද්ධිය, එහි චාරිත්‍රානුකූල ස්වභාවය නිසා, හාරෙට්ස් පුවත්පත හැඳින්වූයේ 'දෙවියන් රහිත ආගමික උත්සවයක්' ලෙස ය. වර්තමාන ගැටුම ඉදිරියේ පැතිරී ඇති විශ්වසනීයත්වය පිලිබඳ අර්බුදය නිසා පූර්ව වර්ෂයන් සමග සංසන්දනය කරද්දී එයට සහභාගි වූ ප්‍රමානය බෙහෙවින් අඩු ය. රැලියට සහභාගි වූවන්ට, අගමැති එහුඩ් බරක් විසින් වර්තමාන ගැටුම් පිලිබඳව අරෆත්ට බර පැටවූ කථාවක් අසන්නට ලැබිනි. ඒ අතර මේ වසරේ ජනපතිවරනයේ දී නොබෙල් සාම ත්‍යාගලාභී ජිමොන් පෙරෙස් පරාජය කල දක්ෂිනාංශික මෝෂේ කට්සව් ද රැලිය ඇමතී ය. ඊශ්‍රායල දක්ෂිනාංශිකයන් හා වම්මුන් ද, ආගමිකයන් හා අනාගමිකයන් ද, යුරෝපීය හා මැද පෙරදිග යුදෙව්වන් ද අතර සමගි සංධානයක් සඳහා වූ ඔහුගේ කැඳවුමට අත්පොලසන් සහිත ප්‍රතිචාර ලැබින.
පලස්තීනුවන්වට එරෙහි මිලිටරි ආක්‍රමනයන් පිලිබඳ රජයේ දේශපාලනික සාධාරනීකරනයන් පිලිගැනීම ද, රැලියේ දී ප්‍රකට කෙරුනු ස්වදේශාභිමානය හා ජාතික ඒකාබද්ධතාව කෙරෙහි වූ ආයාචනයන් ද ඊශ්‍රායල සාම ව්‍යාපාරයේ ප්‍රධාන ම ලක්ෂන වෙති. සෑම විට ම ඔවුන්ගේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ සියොන්වාදී රාජ්‍යය පවත්වා ගැනීම වන නමුත් එය කල හැකි වන්නේ පලස්තීනුවන්ට ද කිසියම් ආකාරයක ඔවුන්ගේ ම රාජ්‍යයක් -- පීස් නව් ව්‍යාපාරය මගින් වඩාත් ජනප්‍රිය ලෙස ඉදිරිපත් කරනු ලබන 'රාජ්‍ය දෙකක' ඉදිරිදර්ශනය -- ලබාගැනීමට ඉඩ දීම මගින් බවට ඔවුහු තර්ක කරති.
වරෙක පීස්නව් ව්‍යාපාරය එහි රැලි හා විරෝධතාවලට දසදහස් ගනන් ආකර්ශනය කර ගත්තේ ය. 1982 දී, ෂබ්රා හා ෂටිලා සරනගත කඳවුරුවල දී පලස්තීනුවන් 1,00කටත් වඩා ඝාතනය කිරීමට විරෝධය පල කිරීම සඳහා ටෙල්අවීව් නගර ශාලාව අසල පැවැත්වූ රැස්වීමකට ආකර්ෂනය වූ 400,000ක් පිරිසකට එය නායකත්වය දුන්නේ ය. ඊශ්‍රායලයේ පිරිමි, කාන්තා හා ලමයින් සෑම 9කට කෙනෙක් එහි සිටියහ. මහජන රැලිය නිසා සංහාරය පිලිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂනයක් පැවැත්වීමට රජයට බල කෙරුනු අතර, එමගින් එවකට ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා වූ ඒරියල් ෂැරොන් වගකිවයුත්තා බව සොයා ගැනුන අතර ඔහුට ඉල්ලා අස්වීමට බල කෙරුනි. දැන් මෙරෙට්ස් පක්ෂයේ නායකයා වන හා බරක්ගේ සභාග ආන්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ යොසි සරිඩ්, එම වර්ෂයේ දී සිදු කෙරුනු ලෙබනන් ආක්‍රමනයට විරුද්ධ වූ නෙසට්හි (ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ) එක ම යුදෙව් ජාතික මන්ත්‍රීවරයා විය.
සාමය සඳහා තමන්ගේ කැපවීම ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට මුලූමනින් ම යටත් ව පවතින බව පසුගිය සතිවල දී සාම ව්‍යාපාරයේ ප්‍රමුඛයෝ බොහෝ දෙනෙක් ප්‍රකාශයට පත් කලහ. සැප්තැම්බර් 28 දින ජෙරුසලමේ ශුද්ධ වූ ස්ථානයන්ට ගිය ඒරියල් ෂැරොන්ගේ ප්‍රකෝපකාරී චාරිකාවට සරීඩ් කිසිදු විරෝධයක් පෑම ප්‍රතික්ෂේප කල අතර බොහෝසෙයින් නිරායුධ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල් යුද යන්ත්‍රනය භාවිතා කිරීමට ද සහයෝගය දක්වයි.
1977 දී සිදු වූ ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්ගේ ජෙරුසලම් සංචාරයෙන් ටික කලකට පසුව පීස් නව් ව්‍යාපාරය ආරම්භ කරනු ලැබිනි. එහි සංස්ථාපනයට ගතිකය ලබා දුන්නේ 1967 යුද්ධයේ පටන් අල්ලාගත් ප්‍රදේශවල සියොන්වාදී ජනපද ස්ථාපිත කිරීමට එරෙහිව ඊශ්‍රායල හමුදාවේ, ඉහලින් ම ගරු නාම ලැබූවන් බොහෝ දෙනෙක් ද ඇතුලූව, ස්වේච්චා නිලධාරීන් 350 දෙනෙක්ගේ අත්සනින් යුතු විවෘත සන්දේශයක් අගමැති මෙනාචෙම් බෙගින් වෙත යැවීම මගිනි. ඔවුන් ප්‍රකාශ කලේ නො නවතින යුද්ධයක් සහිත 'මහා ඊශ්‍රායලයකට' වඩා අසල්වාසීන් සමග සාමයෙන් විසිය හැකි කුඩා ඊශ්‍රායලයකට තමන් කැමති බවයි. වෙනත් ඕනෑම ප්‍රතිපත්තියක් 'අපගේ අභිප්‍රායේ සාධාරනත්වය සැකයට බඳුන් කරනු ඇත... සැබෑ ආරක්ෂාව ලඟා විය හැක්කේ සාමය තුලින් පමනි. පුරවැසි-සොල්දාදුවන් සහ රාජ්‍ය ප්‍රතිපත්තියට එක්කොට සැලකීමේ නරක පුරුද්දෙන් වියුක්තව ඊශ්‍රායල හමුදාවේ සැබෑ ශක්තිය වර්ධනය වනු ඇත'යි ඔවුහු අනතුරු ඇඟවූහ.
අත්සන් තැබූවන් ද්‍රෝහීන් ලෙස හෙලා දැකුනු අතර ඔවුන් ආරක්ෂා කිරීම සඳහා 40,000ක් ජනතාව වීදිවලට පිවිසුනු අතර, එය, පීස් නව් නමින් වූ මහජන ව්‍යාපාරය වර්ධනය සඳහා මග පෑදී ය. එක් කාරනයක් සඳහා වූ ව්‍යාපාරයෙහි නායකයෝ ඊජිප්තුව සමග පමනක් නො ව ජෝර්දානය සහ පලස්තීනය සමග ද සාමය ඇති කර ගත හැකි යයි විශ්වාස කලහ. 1967 සිට අත්පත් කර ගැනුනු, බටහිර ඉවුර හා ගාසා ප්‍රදේශයන්වලින් ඉවත්වීමේ කැමැත්ත මේ සඳහා වියදම විය.
අල්ලා ගත් ප්‍රදේශවල පිහිටවූ ජනාවාස, සාමයට ඇති ප්‍රධාන බාධාව ලෙස, පීස් නව් ව්‍යාපාරයේ අවධානය යොමු කර ගත්තේ ය. එය, 1979 ජුනි මාසයේ දී, නැබ්ලස් අසල පිහිටුවා ඇති යුදෙව් ජනාවාසයක් වන එලොන් මොරේහි දී 3000 කට වඩා ජනතාවක් සහභාගි වූ රැස්වීම් සංවිධානය කලේ ය. එහි විරෝධතාවෝ, තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇති බවට ඊශ්‍රායල උසාවියක පැමිනිලි කිරීමට පලස්තීන ඉඩම් හිමියන් පෙලඹවීය. මෙය සමස්ත ජනපද ව්‍යාපෘතිය ම පිලිබඳ වූ සටනේ වැදගත් සිද්ධියක් විය. ආරක්ෂක ඇමතිවරයා වූ එසර් වයිස්මන් පවා මෙහි දී අගමැතිවරයාට විරුද්ධ වූයේ එලොන් මොරේ සඳහා කිසිදු ශක්‍ය ආරක්ෂාවක් නැතැයි කියමිනි. මහාධිකරනය එලොන් මොරේ ජනපදය විසුරුවා හැරිය යුතු යයි තීන්දු කලේ ය.
එහෙත් යුද හමුදා මාන්ඩලික ප්‍රධානී රෆාල් අයිටන් සහ කෘෂිකර්ම ඇමති ඒරියල් ෂැරොන් එය වැලැක්වීමට මහත් පරිශ්‍රමයකින් සටන් කලහ. හය මසක් තුල, ජාත්‍යන්තර සම්මුතීන් නො සලකා, එතැන් සිට, පෙර දී ජෝර්දානයට අයිති ව තිබූ භුමි භාගයන් හෝ, ලියාපදිංචි නොකල හෝ වගා නොකල හෝ ඉඩම් ජනපදිකයන් සඳහා අත්පත් කර ගත හැකි බව, ඊශ්‍රායල කැබිනෙට්ටුව නිවේදනය කලේ ය. බටහිර ඉවුරේ මහා ඉඩම් කොල්ලය ඇරඹිනි.
ලෙබනනය ආක්‍රමනය කිරීමෙන් අනතුරුව මාස ගනනාවක්, ක්‍රියාකාරිකයෝ බෙගින්ගේ නිල නිවස ඉදිරිපස වාඩිලා ගෙන සිට, ඒ මොහොත වන විට ඊශ්‍රායල හමුදාවේ හානි සංඛ්‍යාව දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කරමින්, ලෙබනනයෙන් ඉවත් විය යුතු යයි බල කලහ. 1983 දී, ඊශ්‍රායල්වරුන් මිය යාම 500කට ලඟා වූ අවස්ථාවට ස්වල්ප කලකට පසුව, කිසිදු හේතු දැක්වීමකින් තොරව, බෙගින්ගේ හදිසි ඉල්ලා අස්වීම සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරකම් බලපාන්නට ඇතැයි බොහෝ දෙනා සිතූහ.
අන්ත දක්ෂිනාංශික උන්මත්තකයෙක් පීස් නව් ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරියෙක් ඝාතනය කල අතර ප්‍රමුඛ ලිබරල් ශාස්ත්‍රඥයන්, කලාකරුවන් හා වාර්තාකරුවන්, දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වයේ ඉලක්කයන් බවට පත් වූහ. එක් දේශපාලන ජනමත විචාරකයෙකු, ඊශ්‍රායල්වරුන්ගෙන් බහුතරය, සාමය සඳහා ඉඩම් හුවමාරු කර ගැනීමේ ඕනෑකමෙන් සිටිතැයි වාර්තා කල විට ඔහුගේ නිවස ගිනිබත් කරන ලදි. පීස් නව් ව්‍යපාරයේ සාමාජිකයන් 'ද්‍රෝහීන්' හා 'පරාජකවාදීන්' ලෙස හඳුන්වමින්, ෂැරොන් වැනි දේශපාලනඥයෝ, බියගැන්වීමේ හා ත්‍රාසයේ ගිනි ඇවිලවූහ.
පීස්නව් වඩාත් රැඩිකල් විය. ලෙබනනයට බෝම්බ හෙලීම, අල්ලාගත් ප්‍රදේශවල සියොන්වාදී ජනපද ස්ථාපනය කිරීම හා එහි ප්‍රතිපලයක් ලෙස මානව අයිතීන් උල්ලංඝනය කිරීම් -- නඩු විභාගවලින් තොරව සිරගත කිරීම්, සමූහ දඬුවම් නියම කිරීම හා පරීක්ෂන පවතිද්දී ම සැකකරුවන්ගේ නිවාස බිඳහෙලීම -- ආදියට එය විරුද්ධ විය.
කෙසේ වෙතත්, ඔවුහු ලෙබනන යුද්ධයට විරුද්ධ වන අතර ම වියට්නාම යුද සමයේ ඇමරිකානු තරුනයන් කලාක් මෙන් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට විරුද්ධ නො වුනු අතර තමන් දේශහිතෛශීන් යයි කියා සිටියහ.
පීස් නව්, පලස්තීන ජනතාවගේ 'ජාතික පැවැත්ම' පිලිබඳ අයිතියට සහයෝගය ලබා දුන්නේ ය. 1988 ඉන්ටිෆාඩා සමයේ දී, පලස්තීන ජනයා ස්වයංසිද්ධව නැගී සිටි විට, අරෆත් සහ පීඑල්ඕව ඊශ්‍රායලය පිලිගෙන, පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා වූ විධික්‍රමයක් සේ ත්‍රස්තවාදය සැලකීම ප්‍රතික්ෂේප කලහ. පීස්නව් ව්‍යාපාරය 'පීඑල්ඕව සමග කඩිනම් සාම සාකච්චා' සඳහා ඊශ්‍රායලයට ක්ෂනිකව කැඳවුම් කල අතර, පලස්තීනය ස්වාධීන යුදෙව් සහ පලස්තීන වශයෙන් රාජ්‍ය දෙකකට නැවත බෙදා වෙන් කිරීමට ද ඉල්ලා සිටියේ ය.
ඊශ්‍රායලයේ වඩාත් ම ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘවරයා හා ලිබරල් බුද්ධිමතෙකු වන ආමෝස් ඔස්, අර්බුදය විසඳීම සඳහා ලැබී ඇති අවස්ථාව නැති කර නොගන්නා ලෙස 1989 ජුනි මස පැවති පීස් නව් රැලියක දී රජයෙන් ඉල්ලා සිටියේ ය. පීස් නව් ව්‍යාපාරය, බටහිර ඉවුරේ පීඑල්ඕවට නැඹුරු නායකයන් සමග සාකච්චා පැවැත්වීම ඇරබී ය. ආගමික මූලධර්මවාදී රබ්බිවරයෙකු වන මෙයිර් කාහානි, ඔහු විරුද්ධ වූ අදහස් දරන ලිබරල් යුදෙව්වන් විනාශ කර දැමීමට තම අනුගාමිකයන් පෙලඹවීය.
එහෙත්, පීස් නව්හි රැලිවලට සහභාගි වන්නන් සංඛ්‍යාව අඩුවීමට පටන් ගෙන තිබිනි. එය, 'සාමය සඳහා ඉඩම්' යන්න මත පදනම් වීමෙන් ඊශ්‍රායල ජනතාව -- විශේෂයෙන් ම දුෂ්කර ම රැකියාවල නිරත වූ හා දුෂ්කර නිවෙස්වල වාසය කල සෙෆාඩික් (අරාබි) යුදෙව්වන් -- මුහුන දෙන ආර්තික හා සමාජ කොන්දේසි නො තකා හැරියේ ය. බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන ගනන් ජනපද පිහිටුවීම සඳහා වියපැහැදම් කෙරුනේ ය යන කරුන තිබිය දී ම, ඊශ්‍රායල කම්කරුවන් මුහුන දෙන පිරිහී යන සමාජ කොන්දේසි ජනපද පිලිවෙතෙහි සෘජු ප්‍රතිපලයක් බව පෙන්වා දීමට පීස් නව් ගත් උත්සාහය අල්ප විය. මෙය අහම්බයක් නො වී ය. එසේ කලා නම් ඊශ්‍රායල් ධනේශ්වර කොටස්වල සහයෝගය අහිමි වනු ඇතැයි එය බිය විය.
1991 ගල්ෆ් යුද්ධය දක්වා වූ සිද්ධීන් සාම ව්‍යාපාරයේ සීමාසහිතකම් තවදුරටත් අනාවරනය කලේ ය. එක්සත් ජනපදය, බ්‍රතාන්‍යය හා බටහිර රටවල් විසින් මැද පෙරදිග රටවල් ඉරාකයට එරෙහිව ගාල් කරනු ලබද්දී, අරෆත් හා පීඑල්ඕව ඔවුන් යැපී සිටි ධනේශ්වර නායකයන්ගෙන් මුලූමනින් ම වියෝ කරනු ලැබිනි. ඊශ්‍රායලයට එරෙහි ක්‍රියාමාර්ගයක් ගනිමින් එක්සත් ජනපදයට එරෙහිව නැගී සිටිය යුතු බව කී එකම අරාබි නායකයා ලෙස, අරෆත්, සදාම් හුසේන්ට සහාය පල කලේ ය. මෙයින් පීස් නව් ක්‍රියාකාරීන්ව සොලවා හැර දැමුනි. ජනප්‍රිය වී ඇති ආකාරයට සරීඩ් පලස්තීනුවන්ට කියා සිටියේ තමන් තව දුරටත් ඔවුන්ට කතා කිරීමට නො එන බවත්, ඔවුන්ට 'මගේ දුරකථන අංකය අමතක කල හැකි' බවත් ය.
සියලූ ආකාර පාර්ශ්වීය විරෝධතා ව්‍යාපාර මෙන් ම, පීස් නව් ව්‍යාපාරය ද විවිධ දේශපාලන පසුබිම් සහිත පුද්ගලයන් -- සදාචාරාත්මක හෝ තත්කාර්යවාදී හේතූන් මත ඊශ්‍රායලයේ මැදිහත්වීමට විරුද්ධ වූවෝ -- ඒකාබද්ධ කර ගත්තේ ය. පීස් නව් ව්‍යාපාරය සාමාන්‍ය ඊශ්‍රායල්වරුන් අතර වැඩෙන සාමය පිලිබඳ හැගීම ප්‍රකාශ කරන අතර ම, ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිලිබඳ ව ඓතිහාසික හෝ පන්ති විශ්ලේෂනයක් සිදු කිරීම ප්‍රතික්ෂේප කලේ ය.
වර්නභෙද පන්නයේ විසඳුමක්
1998 දී පීස්නව් ක්‍රියාකාරීන් ගනනාවක් පූර්වයේ දී අනාගමික වාමාංශික පක්ෂ වූ මාපාම් සහ ජිනුයි පක්ෂ සමග එක් වී මෙරෙට්ස් පක්ෂය පිහිටවූහ. මෙරෙට්ස් පක්ෂය මැතිවරනයේ දී ආසන 12ක් දිනාගෙන තුන්වන විශාලතම පක්ෂය බවට පත් වී යිට්ෂාක් රබීන්ගේ සභාග රජයට ඇතුලූ විය. එහි වැඩපිලිවෙල අත්‍යන්තයෙන් ම පැහැදිලි කරන්නේ එවැනි පලස්තීන රාජ්‍යයක ස්වභාවය වර්නභෙද පන්නයේ ගෝත්‍රික රාජ්‍යයකට වඩා යන්තමින් වත් වෙනස් නොවනු ඇති බව යි. ඊශ්‍රායලය හා පලස්තීනය අතර දේශ සීමාවන් 1967ට පෙර පැවති මායිම් නොවනු ඇති අතර ඒ වෙනුවට ඊශ්‍රායල ආරක්ෂක අවශ්‍යතාවන්ට යටත්ව ඒවා තීරනය වන්නේ ය. ඉතා කුඩා පලස්තීනුවන් පිරිසක් ඊශ්‍රායලයේ රැඳෙනු ඇති අතර එතරම් ම ස්වල්ප වූ ඊශ්‍රායල්වරු පිරිසක් පලස්තීන පාලනයට යටත් වනු ඇත. ආර්තිකය, සංචාරක ව්‍යාපාරය, ප්‍රවාහන ක්ෂේත්‍රය, පාරිසරික ආරක්ෂාව යන අංශ තුල ඊශ්‍රායලයේ පංගුව සහ ඒකාබද්ධ ජල පරිහරනය යන අංශවල දී ඊශ්‍රායලයේ අවශ්‍යතා ප්‍රාථමික වෙයි. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර වනු ඇති අතර එය අනුල්ලංඝනීය වේ.
මෙරෙට්ස්හි අදහසට අනුව ඊශ්‍රායලය තුල පලස්තීන කම්කරුවන් යොදා ගැනීම ආරක්ෂාවට අනතුරක් සේ ම ඊශ්‍රායල කම්කරුවන්ගේ වැටුප්වලට ද තර්ජනයක් වේ. මෙරෙට්ස්හි වැඩපිලිවෙල 'ජන කොට්ඨාශ දෙක පැහැදිලිව බෙදා වෙන් කිරීම ආරක්ෂක පිලිවෙත් හා ඊශ්‍රායල-පලස්තීන සාමය චිරස්ථායී කිරීම යන දෙඅංශයෙන් ම යෝග්‍ය ය'යි ප්‍රකාශ කලේ ය. මෙය නීති විරෝධී සංක්‍රමනයන් වැලැක්වීමට දේශසීමාවන්හි තදබල පාලනයක් ජනනය කරනු ඇත. එක්සත් ජනපද සංගත සඳහා නිෂ්පාදනය කරන, එක්සත් ජනපද දකුනු මායිමේ පිහිටි ලාභ ශ්‍රම කර්මාන්ත ශාලා ද සහිත වූ උතුරු ඇමරිකානු නැෆ්ටා ගිවිසුම ඊශ්‍රායල, පලස්තීන හා ජෝර්දාන ආර්තිකයන්ට සැලැස්මක් සපයා දුන්නේ ය.
ගල්ෆ් යුද්ධයෙන් පසු එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලය, අරෆත්, පීඑල්ඕව හා එහි අරාබි අසල්වාසීන් සමග යම් සම්මුතියක් කරා සේන්දු විය යුතු යයි බලකරනු ලැබුනු විට පලස්තීන ප්‍රශ්නයට යම් විසඳුමක් සෙවීම එල්ල කරගෙන එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් පැවති සාකච්චාවලට සහභාගි වීමට ලේබර් රාජ්‍යයට බල කෙරුනි. ඊශ්‍රායල රජය සාම ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය පිලිගත් බවක් පෙනී ගියේ ය. ජනපදීකරනය අත්හැරීම පිලිකුල් කරන දක්ෂිනාංශික සියොන්වාදීන් සතුටු කිරීමේ අවශ්‍යතාව විසින් සාකච්චා දිගින් දිගට ම අඩපන කරනු ලැබිනි.
පීස් නව්හි න්‍යාය පත්‍රයේ නීරස තර්කනය එහි අනේකාකාර දෝෂයන් සමග ඊලඟ සත් වසර පුරා රඟ දක්වනු ලැබීය. පලස්තීනුවන්ට ලබා දුන් සීමිත ස්වාධීනත්වය, අරෆත් වටා සිටින අතලොස්සක් දෙනා සමෘද්ධිමත් කර වූ අතර, බහුතරයකට වර්ධනය වන ආර්තික දුෂ්කරතාව, සමාජ කාලකන්නිභාවය සහ දේශපාලන පීඩනය අත් කර දී ඇත. ඊශ්‍රායලයෙන් ලබා දිය හැකි හෝ ලබා දෙන කිසිවක් මගින් පලස්තීන මහජනයාගේ දුෂ්කරතාවන් මගහරවනු ඇතැයි බලාපොරොත්තුවක් ඇත්තේ නැත. සැප්තැම්බර් 28 දා, ෂැරොන් සිය ප්‍රකෝපකාරීත්වය මුදා හැරිය විට, පලස්තීන ජනතාවන්ගේ අපේක්ෂා භංගත්වය අරෆත්ට පාලනය කර ගත නොහැකි තීව්රත්වයකින් පුපුරා ගියේ ය.
නව ඉදිරි මාවතක්
සිද්ධීන් විසින් සාම ව්‍යාපාරය අත්අඩංගුවට ගෙන ඇත. අවසන් ගිවිසුම අත්සන් කිරීමට ඇත්තේ සති කිහිපයක් පමනක් බවත්, පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත වනු ඇති බවත්, ඊශ්‍රායලය සංවර්ධනයේ හා සෞභ්‍යාග්‍යයේ නව අදියරක් කරා එලඹෙනු ඇති බවත් ඔවුහු පසු ගිය ජුලි මාසයේ දී සිතූහ. ඊශ්‍රායල සාම ක්‍රියාකාරීන්ගේ ප්‍රතිචාරය පුලූල් වෙනසකට භාජනය වී ඇත.
බෙන් ගූරියන් සරසවියේ රාජ්‍ය හා දේශපාලන දෙපාර්තමේන්තුවේ සභාපති ඩේවිඩ් නිව්මන් වැනි සමහරු 'පීලි පැන ඇති ක්‍රියාමාර්ගය වෙනත් යථාර්ථවාදී විකල්පයක් නැති නිසා ආපසු නිවැරදි මාර්ගයට පැමිනෙනු ඇතැ'යි බලාපොරොත්තු තබති. 'නැවත පූර්ව-ඔස්ලෝ තත්වයට ආපසු යාමක් තිබිය නොහැක. මෙය හැකි ඉක්මනින් ඊශ්‍රායල-කරනය කර ගනු ලැබූ පමනට අප සියලූ දෙනාට යහපත් වේ' යයි ඔහු තව දුරටත් කියා සිටියේ ය.
ආමොස් ඔස් වැනි බොහෝ දෙනා සාකච්චා බිඳ වැටීම පිලිබඳව අරෆත්ට චෝදනා කිරීමේ දී කිසිදු විවේචනයකින් තොරව ම දක්ෂිනාංශිකයන් ප්‍රතිරාවය කරති. බ්‍රතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ කතුවැකි පිටුවට ලියන ලිපියක දී, ඔස්, වත්මත් ඝට්ටනය අවාසනාවන්ත නැතහොත් අහම්බ ව්‍යසනයක් වශයෙන් විස්තර කරමින් අරෆත් සම්බන්ධයෙන් 'අපි වැරදි වූයෙමු' යි නැවත නැවතත් කියා සිටී. 'එය අනවශ්‍ය සහ නිරර්ථක' යයි ඔහු ලියයි. 'එය අවසන් වූ විට රාජ්‍ය දෙකක විසඳුමක් ඇති වන බව සියල්ලෝ ම දනිති. යුදෙව්වෝ හෝ පලස්තීනුවෝ වෙනත් කිසිදු අන්තයකට යනු නැත. එක ම පවුලකට අයත් නො වන නිසා ඔවුන් සතුටින් වසන එක ම පවුලක් සේ ජීවත් විය නො හැකි ය. කිරීමට ඇති එක ම දෙය වන්නේ ජනගහන යථාර්ථයට දල වශයෙන් ගැලපෙන ආකාරයට රට හරහා මායිම් ඇඳීම යි.'
පීස් නව් ව්‍යාපාරය සියොන්වාදයේ නො වෙනස් කල හැකි දෙය -- යුදෙව්වන්ට හා අරාබීන්ට එකට පැවතීමට නො හැකි බව -- පිලිගනී. ලොව පුරා වසන යුදෙව් ජාතිකයන් සම්බන්ධයෙන් ගත් කල සියොන් දෘෂ්ටිය වූයේ සංකලනය නො වීම වන අතර එය අනුයන්නෝ අරාබි-විරෝධී වෙනස්කම් මත පදනම්ව රාජ්‍යයක් පිහිටුවූහ. ත්‍රස්ත කොට පලස්තීනුවන් පලවා හැරීම මෙන් ම, ජනගහනයෙන් සියයට 20ක් වන අරාබි ඊශ්‍රායල් ජනයා වැඩි වසයෙන් විරැකියාවෙන් පෙලෙන, දිලිඳු බවින් යුක්ත වීමට දෙගුනයක් හැකියාවැති, අවම වැටුප් ලැබෙන නුපුහුනු ශ්‍රමිකයන් සේ සේවයේ යෙදෙන අතර ඔවුහු නිවාස, කුලී හෝ උගස් සඳහා පහසුකම්වලින් වියෝ කෙරී සිටිති. යුදෙව් නො වන ජනයා ඉඳුරා ම ඉඩම් හිමිකාරිත්වයෙන් වලක්වනු ලබන නිසා ම 1948 දී ඊශ්‍රායල ප්‍රකාශයට පත් කල දා පටන් ම අරාබි නගරයක් ගොඩනංවා නැත. සමාජ අසමානතාව, අරාබි හා ඉතියෝපියානු යුදෙව්වන් සහ අනෙකුත් යුරෝපීය නොවන සම්භවයක් ඇත්තන් කරා ද ව්‍යාප්ත වී ඇත.
මෙය දක්නට ලැබෙන්නේ ආන්තික-සම්ප්‍රදායික දේශපාලන පක්ෂ තමන් ගේ අනසක, අනාගමික යුදෙව්වන්ගේ හා වඩාත් මැදිහත් ආගමික විශ්වාසයන්ගෙන් යුතු යුදෙව්වන්ගේ හිසට ඉහලින්, සමාජ ජීවිතයේ බොහෝ ක්ෂේත්‍රවල දී පැතිරවීමට සමත් වී ඇති සමාජයක ය.
එමෙන් ම විරැකියා ප්‍රතිශතය සියයට 10ක ප්‍රමානයේ හා වැටුප් සහ ශුභසාධන නිරතුරුව ප්‍රහාරයට ලක් වන අතර දී ධනවතුන් හා දිලින්දන් අතර පරතරය පෙර නො වූ විරූ ලෙස පලල් වේ.
මෙම අතිමූලික ප්‍රජාතන්ත්‍රීය හා සමාජ ප්‍රශ්නයන්ට ආමන්ත්‍රනය කිරීමෙන් තොරව, සියොන්වාදී යුදවාදීන්ට එරෙහි සැබෑ විරෝධතාවක් වර්ධනය කල නොහැකි ය. වැඩි දියුනු කම්කරුවන්, බුද්ධිමතුන් හා සාම ක්‍රියාකාරීන්, අරාබි හා යුදෙව් කම්කරුවන් ප්‍රජාතන්ත්‍රවාදී, අනාගමික හා සමාජවාදී පදනමක් මත ඒකාබද්ධ කිරීම සඳහා සිදු කල යුතු දුෂ්කර දේශපාලන අරගලය තුලින් හැරෙන්නට ඉදිරියට යාමට වෙනත් මාවතක් නැති බව පීස් නව් ව්‍යාපාරයේ අසමර්ථතාවන් තුලින් හඳුනා ගත යුතු ය.
අදාල වෙනත් ලිපි
ඊශ්‍රායල අගමැති නියමිත කලට පෙර මැතිවරනයක් කැඳවයි
2000 දෙසැම්බර් 15
ඊස්රායල් යුද වැඩ පිලිවෙල හා සියොන්වාදී උරුමය
2000 නොවැම්බර් 01
ඊශ්‍රායෙල් දක්ෂිනාංශය මැදපෙරදිග යුද්ධයේ මුවවිටට ගෙන යයි
2000 ඔක්තෝබර් 27
[මෙම ලිපිය 2000 නොවැම්බර් 7 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]
