මාක්ස්වාදය සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය

මෙහි පහත පලවන්නේ, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන් තුල වෙනම රාජ්‍යයක් සඳහා පසුගිය වසර 18 පුරා සටන් වදිමින් සිටින දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) ආධාරකරුවකු වන එස්කේ නම් වූ තැනැත්තාට සපයන ලද කොටස් දෙකකින් යුත් පිලිතුරෙහි පලමු කොටස යි. එස්කේගේ ලිපිය, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහ එස්ආර් අතර සිදු වූ ලිපි හුවමාරුවට දක්වන ලද ප්‍රතිචාරයකි. එල්ටීටීඊයට හා එහි ඉදිරිදර්ශනයට අවිවේචනාත්මක සහයෝගය දැක්වීමට සසප අසමත්වීම සම්බන්ධයෙන් එස්ආර් විවේචන ඉදිරිපත් කොට තිබුනි.

හිතවත් එස්කේ,

ඔබේ ඊමේල් ලිපියේ සඳහන් බොහෝ කරුනු, විජේ ඩයස් විසින් දැනටමත් සවිස්තරාත්මකව පිලිතුරු සපයා ඇති ඔබේ සගයා -- එස්ආර් -- ගේ ලිපියේ සඳහන් කරුනු පුනරුච්චාරනය කිරීමකි. ඔබ විසින් නො තකා හරින ලද, හෝ නියම බැරෑරුම්කමකින් නො සලකන ලද හෝ කරුනු යලි තිර කිරීමේ අර්ථයක් මට නො පෙනේ. පොදුවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් හා සුවිශේජිතව එල්ටීටීඊය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආකල්පය, යම් සවිස්තරතාවකින් ඉදිරිපත් කෙරුනු හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශයක් ලෙස 'සසප සහ ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය' යන මැයෙන් 1998 දෙසැම්බර් 1 දා පල වූ සටහන ඔබ දෙදෙනාම කිය වූ වගක් පෙනෙන්නට නැත.

නමුත් එක් අතිමූලික කරුනක් මම නැවත සඳහන් කරමි: මාක්ස්වාදය පදනම් වී ඇත්තේ, කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාව මත පාදකව කම්කරු පන්තියට ස්වාධීන ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීම මත ය. එබැවින්, අපේ විශ්ලේෂන පදනම් වන්නේ පන්තිය මත මිස වර්ගය, ජාතිය හෝ ජනවාර්ගිකත්වය මත නො වේ.

ලෙනින් වැරදි ලෙස වටහා ගනිමින්, ඔබ විශ්වාස කරන බව පෙනෙන්නේ, මාක්ස්වාදියෙකුගේ කාර්යය, එල්ටීටීඊය වැනි බෙදුම්වාදී කන්ඩායම් පිටුපස බඩගාන්නකු වීම හෝ ඔවුන් පාවා දෙන බවක් පෙනෙන්ට තිබේ නම් ජාතික ව්‍යාපාරයන්හි නායකත්වය ගැනීම ය යන්න යි. නමුත් මාක්ස්වාදියෙකුගේ අරමුන මෙයට බොහෝ වෙනස් එකකිෂ එනම් වෙනම රාජ්‍යයන් ස්ථාපිත කිරීම නො ව සමාජවාදී පිලිවෙත් මත සමාජය ප්‍රතිනිර්මානය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. එකී කර්තව්‍යයේ කොටසක් ලෙස, සියලූ ආකාරයේ ජාතික පීඩනයන් නිමාවට පත් කිරීම ඇතුලූ කම්කරු පන්තියේ සහ පීඩිත මහජනතාවන්ගේ සියලූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අපි සටන් වදින්නෙමු. එය නො තිත්ව කල හැකි වන්නේ අපට පමනකි.

1998 ජාත්‍යන්තර කමිටු ප්‍රකාශයෙන් සවිස්තරාත්මකව දක්වන ලද, සමාජ ප්‍රශ්නය හා ජාතික ප්‍රශ්නය අතර සබඳතාව පිලිබඳ කරුන මාක්ස්වාදී ව්‍යාපාරය තුල දිගුකාලීන ඉතිහාසයක් ඇති සංකීර්න වූ එකකි. විසිවන සියවසේ මුල් කාලයේ පැවැති කොන්දේසි තුල ලෙනින් සහ බොල්ෂෙවික්වරු 'ස්වයං-නිර්න අයිතිය' පිලිබඳ සටන් පාඨය යටතේ සටන් වැදුනාහ. ඒ වන විට විජිතවාදී සහ අර්ධ-විජිතවාදී පාලනයන් පැවති, පෘතිවි ගෝලයේ බොහෝ තැන්වල ධනවාදී දේපොල සබඳතා යන්තම් මතුවෙමින් පැවතුනා පමනි. රුසියාව තුල, ආර්තික වර්ධන මට්ටම් එකිනෙකට බොහෝ වෙනස් ජනවාර්ගික කන්ඩායම් බොහොමයක් මත සාර්වාදී තන්ත්‍රයේ පාලනය පැවැතිනි. ලෙනින්ගේ පිලිවෙත එල්ල වූයේ, සාර්වාදී පීඩාකාරී පාලනයෙන් නිර්මානය කරන ලද එදිරිවාදුකම් ජය ගැනීම සහ සුලූ ජාතීන් අතර ධනේශ්වර නායකයින්ගේ අනුහස පරාජය කිරීම සඳහා ය.

ලෙනින් පැහැදිලි කල පරිදි ස්වයං නිර්න අයිතිය 'නිශේධනීය' ඉල්ලීමකි. බොල්ෂෙවික්වරුන් වෙනම රාජ්‍යයක් සඳහා සටන් කල බවක් ඉන් අර්ථවත් නො වන අතර, සුලූ ජාතීන් මත රුසියාවේ ග්‍රහනය පවත්වා ගෙන යාම සඳහා භාවිතා කරන ලද වධක සහ හිංසාකාරී පියවරවලට පක්ෂයේ විරෝධය එමගින් ප්‍රකාශයට පත් කෙරින. මේ අනුව ලෙනින්, රුසියාවේ හෝ එස්ටෝනියාවේ ලැට්වියන්වරුන්ගේ හෝ අන් කවර හෝ ජන වර්ගයක, විවිධ ධනේශ්වර සහ සුලූ ධනේශ්වර නායකත්වයන් කෙරෙහි අවිවේචනාත්මක ප්‍රවිෂ්ඨයක් යෝජනා නො කලේ ය. නියතව ම, මෙන්ෂේවික්වාදීන්ට එරෙහි ලෙනින්ගේ දීර්ඝ විවාදයන්හි කේන්ද්‍රිය අවධාරනය වූයේ සාර්වාදී ඒකාධිපති පාලනයට එරෙහිව අනවරත අරගලයක් ගෙන යාමට හෝ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරමුනු ස්ථාපිත කිරීමට හෝ ජාතික ධනේශ්වරයට ඇති නො හැකියාව ය.

ට්‍රොට්ස්කි වඩාත් දුර දිග යන නිගමනයකට එලැඹුනි. ඔහුගේ නො නවතින විප්ලවය පිලිබඳ න්‍යායේ දී පැහැදිලි කලේ, කම්කරු පන්තියට, වැනෙනසුලූ ධනේශ්වරයට එරෙහි දේශපාලන අරගලයක දී පීඩිත මහජනතාවගේ නායකත්වය දිනා ගැනීමට හා බලයට පැමිනීමට හැකිවා පමනක් නො ව එය ඉටු කර ගැනීමෙන් අනතුරුව සරලව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් ඉටු කිරීමෙන් නො නවතිනු ඇති බව යිෂ ජාත්‍යන්තර නිර්ධන පන්තියේ ධනේශ්වර විරෝධී අරගලයේ අවියෝජනීය කොටසක් ලෙස ධනේශ්වර දේපොල සම්බන්ධතා ගැඹුරින් අකර්මන්‍ය කිරීමට කම්කරු පන්තියට බල කෙරෙනු ඇති බව යි.

ජාත්‍යන්තර කමිටු ප්‍රකාශයෙන් පැහැදිලි කල පරිදි: 'ජාතික පීඩනයට එරෙහි අරගලයෙහි වැදගත්කම හෝ හදිසිතාව එමගින් අහෝසි නො වේ. එහෙත්, කම්කරු පන්ති නායකත්වය යටතේ පීඩිතයන්ගේ විප්ලවවාදී සන්ධානයක් ස්ථාපිත කර ගැනීමත් සමග, අනෙකුත් සියලූ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් මෙන් ම, ජාතික පීඩනය අහෝසි කිරීම ද ජාතික ධනේශ්වරයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි නව සමාජ පර්යායක් සඳහා කෙරෙන අරගලය තුලට උකහා ගනී.

'මීට ප්‍රතිකූලව, සමාජ විමුක්තියෙන් වෙන් කොට ගත් ජාතික විමුක්තිය දේශපාන අභූතයකි. ඉන්දියානු, චීන සහ අනෙකුත් විජිත ජනයා විසින් තම ජාතික ස්වාධීනත්වය සඳහා ගෙන ගිය අරගලයට සහාය දෙන අතරම, ට්‍රොට්ස්කි, 1940 දී හතර වන ජාත්‍යන්තරය වෙනුවෙන් ලියමින් මෙසේ අනතුරු ඇඟවී ය: 'ප්‍රමාද වී පැමිනි ජාතික රාජ්‍යයන්ට ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් තව දුරටත් අපේක්ෂා කල නො හැක. ගරා වැටෙමින් පවතින ධනපති ක්‍රමයෙන් වටලැවුනු සහ අධිරාජ්‍යවාදී පරස්පර විරෝධයන් තුල පටලැවුනු පසුගාමී රාජ්‍යයන්හි ස්වාධීනත්වය අනිවාර්යයෙන් ම අර්ධ-මිථ්‍යාමය වන අතර, අභ්‍යන්තර පන්ති ප්‍රතිවිරෝධයන්ගේ හා බාහිර පීඩනයන්ගේ බලපෑම යටතේ ඒවායේ දේශපාලන තන්ත්‍රයන් නො වැලැක්විය හැකි පරිදි මහජනතාවට එරෙහි ඒකාධිපතිත්වයන් බවට පත්වනු ඇත -- තුර්කියේ 'මහජන පක්ෂ' තන්ත්‍රය චීනයේ කුවෝමින්ටෑනය මෙවන් ය; හෙට දින ඉන්දියාවේ ගාන්ධිගේ තන්ත්‍රය ද මීට සමාන වනු ඇත.''

කොන්දේසි විරහිත යනුවෙන් සඳහන් කර 'දෙමල විමුක්ති අරගලය' සඳහා යථා වසයෙන් අවිවේචනාත්මක සහාය පුද කිරීමට ඔබ කරන ආයාචනයට ලෙනින්ගේ හෝ ට්‍රොට්ස්කිගේ පිලිවෙත සමග කවර හෝ සමානතාවක් නොමැත. ඊට සමානතා සොයා ගත හැක්කේ, මාක්ස්වාදය වෙනුවෙන් තමා පෙනී සිටින්නේ යයි කියා ගනිමින් එහි මූලධර්ම පාවා දුන් අයගෙනි. පසුගාමී ධනේශ්වර රටවල් තුල ධනේශ්වර නායකත්වයන්ට, වහල්මය අනුගත වීම සාධාරනීකරනය කිරීම සඳහා ලෙනින්ගේ 'ස්වයං නිර්න අයිතිය' පිලිබඳ සටන් පාඨය දූෂනය කර පැරනි මෙන්ෂේවික් න්‍යායන් පුනර්ජීවනය කලේ ස්ටැලින්වාදී තන්ත්‍රය යි. විවිධ රැඩිකල් ප්‍රවනතාවන් අත 'ස්වයං නිර්න අයිතිය', විවිධ බෙදුම්වාදී ව්‍යාපාරයන්ට අවිවේචනාත්මක සහාය ලබාදීම සඳහා යොදා ගැනෙන සමානවාචී පදයක් බවට පත්වී ඇත.

ලෙනින්ගේ කාලයෙන් මෙපිට දී ජාතික ව්‍යාපාර තව දුරටත් පරිහානි ගත විය. තම පිලිතුර තුල විජේ ඩයස් පැහැදිලි කල පරිදි, නිෂ්පාදනයේ භූගෝලීයකරනයේ බලපෑම යටතේ මෙම ජාතික විමුක්ති ව්‍යාපාරයන්හි මූලික ගති ලක්ෂන ප්‍රගාඩ ලෙස වෙනස්ව පවතී. එල්ටීටීඊය ද ඇතුලූව ඒ සියල්ල තම අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී පූච්චානම් අත් හැර ඇති අතර තමාගේ ම රාජ්‍ය කැබලිති ස්ථාපිත කර ගැනීම සඳහා ඒ හෝ මේ ප්‍රධාන බලයක හෝ බලයන්ගේ අනුග්‍රාහකත්වය ලබා ගැනීමට විවෘතව ම උත්සාහ ගනී. ආපස්සට, මේ සියල්ලෝ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ සූරාකැමට 'තමාගේ ම' කම්කරු පන්තිය පුද දෙති.

එල්ටීටීඊය පිලිබඳ සසප ප්‍රධාන විවේචනය වන්නේ 'ජාතික අරගලය අතර මග පාවාදීම' සම්බන්ධයෙන් නො ව, තම වෙනම රාජ්‍යය පිලිබඳ ප්‍රකාශිත අරමුනු මුලූමනින් ම ජය ගත්ත ද, අතිමහත් දෙමල බහුතරයේ අවශ්‍යතාවන් සපුරාලීමට එය අසමත් වන්නේ ය යන කරුන සම්බන්ධයෙනි. දුගීන්ගේ හා කම්කරු පන්තියේ ජීවන තත්වයන් ඉහල දැමීම සඳහා හෝ දැවෙන ජාතික සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳාලීමට එල්ටීටීඊ නායකයින් කරන්නට යන්නේ කුමක් ද? ඔවුන් දකුනු අප්‍රිකාවේ ඒඑන්සීයෙන් මැදපෙරදිග පීඑල්ඕවෙන් කොයි ලෙස වෙනස් වන්නේ ද? දැනට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත් වන සිංහලයින් සහ දෙමල කතා කරන මුස්ලිම්වරුන් කෙරෙහි ඔවුනගේ ආකල්පය කුමක් ද?

එල්ටීටීඊ නායකත්වය මෙම ප්‍රශ්නවලට පිලිතුරු සැපයීමට අසමත් ය. මක්නිසා ද යත්, එවැන්නක්, 'දෙමල ජාතියේ සියලූ පන්තීන්' නියෝජනය කරනවා වෙනුවට ඔවුන් පදනම් වී සිටින්නේ, පීඑල්ඕව සහ ඒඑන්සීය මෙන්, ධනේශ්වර සූරාකෑම තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අධිරාජ්‍යවාදීන් සමග ගනුදෙනුවකට මාන බලමින් සිටින පටු සුලූ ධනේශ්වර තට්ටුවක් මත ය යන්න එලිදරව් කරනු ඇති හෙයිනි.

එල්ටීටීඊයට සහයෝගී කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයන් සහ අනෙකුත් මහජනතාව ඉතා ඉක්මනින් ම, කටුක පශ්චාත්තාපයකින් අත් විඳිනු ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ආර්තික වසයෙන් ද, ප්‍රධාන බලයන්ට දේශපාලන වසයෙන් ද, පරිපූර්නව ම යටත් වන ධනපති දෙමල ඊලාමයක් තුල 'ජාතික ස්වාධීනත්වය' දේශපාලන අභූතයක් බැව් ය.

ඓතිහාසික ප්‍රශ්න

කෙසේ නමුත්, ඔබේ ඊමේල් ලිපියට පිලිතුරු සැපැයීමේ දී මගේ අරමුන වන්නේ, සරල ලෙස ඔබේ අදහස්වලට සහයෝගී දෑ ලෙනින්ගේ හෝ අන් කවර මාක්ස්වාදියෙකුගේ හෝ ලියවිලි අතරින් සොයා ගත නො හැකි බව පැහැදිලි කිරීම හෝ අපේ මූලධර්මවලට ඔබ අනුගත කිරීම පිනිස ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීම නො වේ. මාක්ස්වාදය, මාක්ස්වාදීන් හෝ එල්ටීටීඊයට අවිවේචනාත්මක සහයෝගය සඳහා බාධා කරන දෘෂ්ටිමය පොදිය ලෙස තරමක් සාවඥ ලෙස ඔබ සලකන 'පන්ති අරගලයේ ආකෘතිය' සඳහා ඔබට කැප කල හැක්කේ අල්ප කාලයක් බැව් ඇති තරමින් පැහැදිලි කර ඇත.

නමුත්, එස්ආර්ට වෙනස් ලෙස ඉතිහාසයේ රාජධානිය තුලට ඔබ ධෛර්යය උපදවාගෙන ඇතුලූ වී ඇත. එසේ කිරීමෙන්, දැනුවත්ව හෝ නො දැනුවත්ව, මාක්ස්වාදය සහ පන්ති විශ්ලේෂනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිප්ලවවාදී ඇඟවුම් වඩාත් පූර්න ලෙස නිරාවරනය කිරීමට ඔබ සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය, 'වර්ගය' හා 'ජාතිය' ආශ්‍රයෙන් යලි අර්ථ කථනය කිරීමෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වාර්තාවෙහි බොහොමයක් ඉවත දැමීම හා විකෘත කිරීමට අමතරව විවිධ දෙමල සහ සිංහල වර්ගවාදී සහ ආගමික ව්‍යාපාරයන්ට නො පැවති ප්‍රගතිශීලී ගතිලක්ෂන ආරෝපනය කිරීමක ද ඔබ යෙදී ගනී.

ඔබේ නියාමක මිනුම් දන්ඩ ලෙස 'වර්ගය' භාවිතා කිරීමෙන් අවසානයේ දී ඔබ, නැග සිටින්නේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට යාතිකා ගයන සිංහල ස්වොත්තමවාදී දෘෂ්ටිවාදීන්ගේ බෝට්ටුවටම ය. අවස්ථා කීපයක දී ඔබ පුනරුච්චාරීව කියා සිටින මූලික අදහස නම්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 'සිංහල බෞද්ධ අපේක්ෂාවන්හි ප්‍රජාතන්ත්‍රවාදී සාරය සමග බද්ධ වීමට කේදනීය ලෙස අසමත් වී ය' යන්න යි. සිංහල බෞද්ධ අපේක්ෂාවන් නියෝජනය කරන ව්‍යාපාර හා පුද්ගලයින් ලෙස ඔබ හඳුනා ගන්නේ 19 වැනි සහ 20 වැනි සියවසේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය සහ 'තමාගේ ම ක්‍රියාමාර්ග ඔස්සේ බ්‍රතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුනු' අනගාරික ධර්මපාල වැනි පුද්ගලයින් ය.

ඒ සමග ම ඔබ කියා සිටින්නේ, 'නියම දෙමල අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට ආරම්භය සැපයුවේ ආරුමුගම් නාවලර් වැනි දෙමල දේශානුරාගීන් විසිනි.... එම ව්‍යාපාර, නො වැලැක්විය හැකි සීමා සහිත සහ නො සෑහෙන ඒවා වුව ද අවශ්‍යයෙන් ම ප්‍රගතිශීලී විය... නමුත් ඒවායේ රූපාකාරය (හෝ මතුපිට ස්වභාවය) මගින් ට්‍රොට්ස්කිවාදීන් ඒවායෙන් ඉවත හැරවූයේ නම් හා ඔවුන්ගේ පන්ති අරගල ආකෘතියට ඒවා නියම ආකාරයෙන් නො ගැලපුනේ නම් ඒවා සාධනීය අයුරින් සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට නො හැකි වූයේ මන්ද යන්න ඉන් පැහැදිලි වෙයි.'

ඉන්පසුව, 'කලකිරවන සුලූ පශ්චාත්-විජිතවාදී තත්වය -- වත්මන් යුද්ධයට තුඩු දුන් වාර්ගික ගැටුම -- කෙරෙහි ප්‍රාථමිකව බල පෑ කරුනු තුනක්' සම්බන්ධනේ සමපේක්ෂනයේ යෙදීමට ඔබ ගමන් කරයි. '(අ) ද්වි-ජාතික දූපතක ඒකීය රාජ්‍යයක් බලහත්කාරයෙන් ඇටවීම. (ආ) මෙම අසාධාරන ව්‍යවස්ථාමය ගිවිසුමට අභියෝග කිරීමට සමාජවාදීන් අසමත් වීම. (ඉ) ජාතික පුනර්ජීවන ව්‍යාපාරයන් දෙක පවරා ගැනීමට සමාජවාදීන් අපොහොසත් වීම.'

වෙනත් වචනවලින් කිව හොත්, වත්මන් ලේවැකි යුද්ධයට හේතුව සිංහල හා දෙමල වර්ගවාදී ව්‍යාපාරවලට අනුගත වීමට හෝ වාර්ගික රේඛා මත කුඩා ශ්‍රී ලංකා දූපත කැබලි කිරීම සඳහා උද්ඝෝෂනය කිරීමට සමාජවාදීන් 'අසමර්ථවීම යි'. ඔබ ප්‍රදර්ශනය කරන්නේ, වර්ගවාදී කන්නාඩි තුලින් ලෝකය දෙස බැලීමේ කවර උත්සාහයක් වුව ද අවශ්‍යයෙන් ම යථාර්ථය උඩු යටිකුරු කරන බව යි.

ඔබ සඳහන් කරන ව්‍යාපාරයන්ට අධිරාජ්‍ය විරෝධී ස්වභාවයක් තිබෙන තාක් දුරට, ව්‍යාපාරයන් අවශ්‍යයෙන් ම අපගාමී දැක්මකින් යුතු විය; බ්‍රතාන්‍ය විජිතවාදී බලපෑමට එරෙහිව ස්වදේශීය පාලක පන්තීන්ගේ තත්වය සහ සංස්කෘතිමය ආයිත්තම් ආරක්ෂා කර දීමට කැප වී ගත්තේ ය යන්න අපි පෙන්වා දෙන්නෙමු. ධනේශ්වරය, සමාජවාදී ව්‍යාපාරයට එරෙහි ඉහත කී දෘෂ්ටිවාදී මූලයන් බලගතු ලෙස බදා වැලඳ ගැනීමෙන් අනාවරනය කලේ කවර හෝ ප්‍රගතිශීලී අරගලයක් දියත් කිරීමට තමාට ඇති පූර්න නො හැකියාව යි.

1940 ගනන්වල සහ 1950 ගනන්වල මුල දී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, ජනගනවාදයට හා වර්ගවාදයට එරෙහිව නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වූ පන්තිමය ඉදිරිදර්ශනය සඳහා උද්ඝෝෂනය කිරීමෙන් සිංහල හා දෙමල කම්කරුවන්ගෙන් සැලකිය යුතු ස්ථරයක් තමා වෙතට දිනා ගත්තේ ය. එහි අසාර්ථකත්වයට හේතුව නම්, ඔබ දැන් සසපට යෝජනා කරන පිලිවෙත්වලට ඔවුන් අනුගත වීම යි. 1950 ගනන්වල දී ලසසප සිංහල වර්ගවාදයට එරෙහි අරගලය පියවරෙන් පියවර අත් හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අනුගත විය. මෙම දේශපාලන පරිහානියේ සන්තතිය කුලූ ගැන්වුනේ 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලූවීමෙනි. මෙම පාවාදීම හේතුවෙන් කම්කරු පන්තියට දුර දිග යන පල විපාකයන්ට මුහුන දීමට සිදු වූ අතර එල්ටීටීඊ සහ ජවිපෙ වැනි වර්ගය මත පදනම් වූ සංවිධාන පැන නැගුනි.

පුනර්ජීවන ව්‍යාපාර

අනිවාර්යයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී යනුවෙන් ඔබ විස්තර කරන ශ්‍රී ලංකාවේ මුල් ව්‍යාපාරවල ස්වභාවය කුමක් වූයේ ද?

19 වැනි සියවසේ අග භාගයේ දී, එවකට බ්‍රතාන්‍යයේ විජිතයක් වූ ලංකාව තුල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය පැන නැගුනේ, ලංකාවේ දේශපාලන හා ආර්තික ජීවිතය, බ්‍රතාන්‍යයන් සහ ඔවුන් විසින් වගා කරන ලද ඉංග්‍රීසි උගත්, ක්‍රිස්තියානිය වැලඳගත් ප්‍රභූන් විසින් පාලනය කිරීමට එරෙහි ප්‍රතික්‍රියාවක් ලෙසිනි. මෙම ව්‍යාපාරයට නායකත්වය සහ සහයෝගය ලැබුනේ ධනවත් සිංහල ඉඩම් හිමියන් සහ ව්‍යාපාරිකයන් වූ තෝමස් අමරසූරිය, සයිමන් පෙරේරා අබේවර්ධන සහ දොන් ඩේවිඩ් හේවාවිතාරන වැනි අයගෙනි. ඔවුනගේ ඉදිරිදර්ශනය වූයේ නැවත අතීතය කරා පිය නැගීමකි. මෙම පුනර්ජීවකයන් විජිතමය ආධිපත්‍යයට එරෙහිව ගර්ජනා කල අතර ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශිත කලේ බ්‍රතානීන් යටතේ තම සමාජමය තත්වය සහ වරප්‍රසාද අහිමි වූ බෞද්ධ රෑරාවලිය, කුලීන වංශවතුන්, සිංහල උගත් බුද්ධිමතුන් සහ ව්‍යාපාරිකයන් ආදී සමාජ ස්ථරයන්ගේ උත්සුකයන් ය.

පසු කලෙක අනගාරික (භික්ෂුවක හා ගිහියකු අතර මැදිතත්වය) ධර්මපාල නම් වූ ආගමික නාමය යොදාගත් හේවාවිතාරන මෙම ව්‍යාපාරයේ මූලික දෘෂ්ටිවාදියකු විය. ඔහු, සිංහලයන්ගේ ප්‍රබන්ධ කතා සහ 6 වැනි සියවසේ මහා වංශය වැනි බෞද්ධ පාඨග්‍රන්ථවලින් උකහා ගත් කරුනු මත පදනම් ව, සිංහලයන් වනාහි උතුරු ඉන්දියානු ආර්යයන්ගෙන් පැවත එන්නාවූත් බුද්ධාගමේ ආරක්ෂකයන් ලෙස 'ම්ලේච්ච වැන්ඩල්වරුන්' (වෙහෙර විහාර, දාගැබ් වනසන්නාවුන්) විසින් විනාශ කිරීමට ප්‍රථම මෙම දූපත පාරාදීසයක් බවට පත් කලා වූත් 'අද්විතීය වර්ගයක්' බව ප්‍රකාශ කෙරෙන දෘෂ්ටිවාදයක් වාත්තු කලේ ය.

ඔහු බ්‍රතාන්‍යයන්ට එරෙහිව සදාචාරමය අරගලයක් ගෙන යමින් ප්‍රසිද්ධියේ මෙසේ ලිවී ය: 'ආදී උදාර සිංහලූන් විසින් පිලිකෙව් කරන ලද දෑ අද දින යුදෙව් සමාජ විද්‍යාවේ බලපෑම යටතේ ඉවසා සිටිනු ලැබේ. අබින්, අරක්කු, මධ්‍යසාර, ගංජා සහ අනෙකුත් වසවිස, මිනිසුන් කෙරෙහි ඇති කරන පරිහානිගත බලපෑම් නො තකා ගම්වල බෙදා හැරේ. පෞරානික හා ඓතිහාසික වර්ගයක ප්‍රසන්න, ලපටි, සෞම්‍ය ආර්ය දරුවන්, විස්කි පානය කරන, ගවමස් බුදින මිථ්‍යා දෘෂ්ටික, කෑදර දෙවියෙකුගේ අල්තාරයට කැප කෙරේ. කවර කාලයක් අහෝ! කවර කාලයක් මෙම අධර්මිෂ්ටභාවය ලංකාවේ පවතිනු ඇත් ද?

පුනර්ජීවන ව්‍යාපාරය ප්‍රාථමිකව එල්ල වූයේ බ්‍රතාන්‍යයන්ට එරෙහිව වන අතර විවෘත දෙමල විරෝධී ස්වභාවයක් නො තිබුන ද, එහි වර්ගවාදී ගති ලක්ෂන දෙමල කතා කරන මුස්ලිම් ජනවර්ගයට එරෙහි ප්‍රහාරවලින් ඒ වන විටත් ප්‍රකාශයට පත් වී තිබින. 1915 දී ධනවත් සිංහලයන් විසින් මෙම මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානය කල හිංසනයන්ගෙන් කෙටි කාලයකට පසු ධර්මපාල මෙසේ ලිවී ය: 'සිංහලයිනට, බුද්ධාගම නොමැති නම් මිය යාම වඩාත් සුදුසු ය. බ්‍රතාන්‍ය නිලධාරීන් සිංහලයිනට වෙඩි තැබිය හැක. ඔවුන් එල්ලා දැමිය හැක. නැතහොත් වෙනත් ඕනෑම දෙයක් කල හැක. නමුත් සෑම විට ම මුස්ලිම්වරුන් හා සිංහලයන් අතර වෛරය පවතිනු ඇත.'

1930 ගනන්වල දී බෞද්ධ පුනර්ජීවනයේ සහකරුවෝ හිට්ලර්ගේ ආර්යානු ශ්‍රේෂ්ඨත්වය පිලිබඳ වාර්ගික න්‍යායන්ට සහ නාසි ජර්මනියට විවෘතව ම සහයෝගය දුන්හ. ලංකා කම්කරු පක්ෂය බිහි කල සහ කොලඹ තුල වෘත්තීය සමිති සංවිධානය කල ඒ.ඊ. ගුනසිංහ, සමාජවාදී ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) වැඩෙන අනුහස පරාජය කිරීම සඳහා දකුනු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් ලංකාවට ගෙන ආ කම්කරුවන්ට එරෙහිව වර්ගවාදයේ පිහිට වඩ වඩාත් යොදා ගත්තේ ය.

ගුනසිංහගේ පුවත් පත වූ වීරයා හි 1936 පල වූ ලිපියක මෙසේ සඳහන් වේ. 'ආර්ය වර්ගයා පරිහානියෙන් මුදවා ගැනීම සඳහා පිලිවෙත් ක්‍රියාත්මක කල හිට්ලර් වැනි, මහා ධෛර්යයකින් හා ශක්තියකින් යුත් වීර නායකත්වයකින් සහ අඩපල මිනිසුන්ගෙන් සැදුම්ලත් ධර්මිෂ්ට කන්ඩායමක්' සිංහල වර්ගයාට අවශ්‍ය ය. වීරයා හි එම කලාපයේ ම වෙනත් ලිපියකින් විදේශිකයන් සමග විවාහවීම තහනම් කෙරෙන නාසි නියෝගය සහ 'ආර්යන් සහ ආර්ය නො වන්නන් අතර කෙරෙන විවාහයන්ගෙන් උපදින ලමෝ භයානක ලෙස කවර හෝ සුචරිතයකින් තොරවන්නාහ.' යන විදේශීයන්ට එරෙහි හිට්ලර්ගේ භීතිකා අනුමතයෙන් යුතුව පල කෙරින. මතුවෙමින් පැවැති සමාජවාදී ව්‍යාපාරයට ගුනසිංහ වැනි දක්ෂිනාංශික අධමයකු සමග කෙසේ ගැලපී ගන්න ද? සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ උද්ඝෝෂකයන්ට එරෙහිව 1930 ගනන්වල සහ 1940 ගනන්වල ගත් මූලධර්මාත්මක දේශපාලන ආස්ථානය ලසසප නායකයින් විසින් අත්හැර දැමීමට ඔවුනගේ පසුකාලීන දේශපාලන පරිහානිය පිලිබඳ මිම්මකි.

1939 දී ලසසප නායක කොල්වින් ආර් ද සිල්වා ඉතා නිරවද්‍යව බන්ඩාරනායකගේ සිංහල මහා සභාව ගැන අනතුරු අඟවමින් මෙසේ පැවසී ය: 'සිංහල මහා සභාව අන්තරාදායක ලෙස ප්‍රතිවිප්ලවවාදී සංවිධානයකි. දේශපාලනිකව පසුගාමී මහනුවර පලාතෙන් සහ පහත රට කුල භෙදය වඩාත් බලපාන ප්‍රදේශවලින් හොඳම ප්‍රතිචාරය ලැබීම යන කරුනෙන් ම එහි ආයාචනයේ ස්වභාවය පැහැදිලිව පෙනේ. වෙනස් වාතාවරනයක් යටතේ එය දුඹුරු ෆැසිස්ට්වාදයේ දේශීය ස්වරූපය නියෝජනය කල යුතු ව තිබුනිෂ නමුත් පවතින තත්වය නම්, නායකත්වයක් නොමැතිකම, වේගයෙන් පටුවන සමාජ පදනම සහ ඓතිහාසික බලවේගයන්ගේ ස්වභාවය යන කරුනු මත එය පරාජය වීමට නියමිත වීම ය. කවර අතකින් වුව එය මූර්තිමත් කරන්නේ ධනේශ්වර ප්‍රතිගාමීත්වයේ තවත් රූපාකාරයක් පමනි.'

ඔබ විසින් මහත් සේ පසසන දෙමල පුනර්ජීවන ව්‍යාපාරය, මූලික දේශපාලන දිශාවනතිය අනුව සැලකූ කල, දකුනේ තම සිංහල බෞද්ධ සගයාගෙන් වෙනස් මඳ වසයෙනි. 'දෙමල දේශමාමකයකු' ලෙස ඔබ ආචාර කරන, ආරුමුගම් නාවලර්, ධර්මපාල මෙන් ම, බ්‍රතාන්‍යයන් විසින් තම විජිත පාලනයට මුක්කුවක් ලෙස වගා කරන ලද, ක්‍රිස්තියානියට හැර වූ තට්ටූන්ට එරෙහිව සම්ප්‍රදායික දෙමල ප්‍රභූන්ගේ අවශ්‍යතා රැක දීමට ප්‍රයත්න දැරී ය. මිෂනාරී බලපෑම්වලට අභිමුඛ කෙරෙමින් ක්‍රිස්තියානියට විරුද්ධව, හින්දුවාදයේ සාරධර්ම ආරක්ෂා කිරීමේ ආස්ථානයෙන් විවාදාත්මක ලිපි ලියූ ඔහු, තමාගේ ම ආගමික ගුරුකුලයක් ආරම්භ කලේ ය. ඔහුගේ ග්‍රන්ථ කීපයක් ම හින්දු කුල පද්ධතියේ වැදගත්කම අවධාරනය කරයි. එක් ශ්‍රී ලාංකික ඉතිහාසඥයකු, නාවලර් හා 'හින්දු පුනර්ජීවනය' ගැන තම අදහස් පල කරමින් මෙසේ සටහන් කොට ඇත: 'කෙසේ නමුත්, ඔහු විසින් නායකත්වය සැපයූ ව්‍යාපාරය, (හින්දු) ලෝක සම්මතය ශක්තිමත් කල අතර කුල පද්ධතියේ දෘඩභාවය ලිහිල් කිරීමට යමක් කලේ නැත.'

හින්දුවාදය ප්‍රචාරය කිරීම අරමුනු කර ගනිමින් නාවලර්ගේ අනුගාමිකයෝ සයිව පරිපාලන සවෙයි (හින්දුවාදය ආරක්ෂා කිරීමේ සංගමය) නම් සංවිධානයක් උතුරේ සහ පසුව කොලඹ ද ස්ථාපිත කලහ. එහි කැපී පෙනෙන අනුගාමිකයන් දෙදෙනෙක් -- යාපනයේ ධනවත් පවුලක සොහොයුරන් වන පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුනාචලම් -- පසු කලෙක දිවයිනේ කැපී පෙනෙන දේශපාලකයන් බවට පත්වූහ. නාවලර්ගේ සහයෝගයෙන් විජිත ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු බවට පත් වූ රාමනාදන්, සර්වජන චන්ද අයිතියට විරුද්ධ වෙමින් ද, කුලීන හින්දූන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරමින් ද, බ්‍රතාන්‍ය පාලනයට තම හිත පක්ෂපාතීකම ප්‍රදර්ශනය කරමින් ද තෙමේ ම ගරුකටයුතු වූයේ ය. විජිත පරිපාලනය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් රාමනාදන් සහ අරුනාචලම් යන දෙදෙනාම බ්‍රතාන්‍යයින්ගෙන් නයිට් පදවි ලැබූහ. ඔබ විසින් ගෞරවයෙන් පිලිගනු ලබන 'නියම, දෙමල විජිත විරෝධී ව්‍යාපාරයේ' පන්ති ස්වභාවය එය යි.

නිදහස

සිංහල හා දෙමල දේශීය පාලක පන්තීන් සහ බ්‍රතාන්‍ය පාලකයින් අතර සිදු වූ 'නිදහස්' ගනුදෙනුවට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගත් ආස්ථානය අනදාල දෙයක් සේ සලකා ඔබ විසින් ඉවත දැමේ. ඔබේ දෙමල ජාතිකවාදී ආස්ථානයට අනුව මූලධර්මාත්මකව අතිමූලික කරුන වන්නේ ද්වි-ජාතීය දිවයින මත බලහත්කාරයෙන් අටවන ලද ඒකීය රාජ්‍යයයි. 'එම වකවානුවේ දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලින් ඊලාම්හි සහ ශ්‍රී ලංකාවේ එක්සත් රාජ්‍යයක් පිලිබඳ කැඳවුම නො වීම විකාරයක් නො වේදැ' ඔබ හඬ නගයි.

එම කාලය තුල වෙන් වූ දෙමල ඊලාම් රාජ්‍යයක් සඳහා වූ බලගතු ව්‍යාපාරයක් දෙමල මහජනතාව අතර නො තිබූ තතු යටතේ ඊලාම් ශ්‍රී ලංකා එක්සත් සමාජවාදී රාජ්‍යයක් පිලිබඳ සටන් පාඨ එසවීම පිලිබඳ කාරනාව සරලවම මතු නො වී ය. ඒ වන විට දෙමල ධනපති දේශපාලනඥයින් වැනුනේ ස්වාධීන දෙමල රාජ්‍යයක් පිලිබඳ කරුනේ දී පමනක් නො ව, සිංහල සගයන් මෙන් ම සමස්තයක් වසයෙන් නිදහස පිලිබඳ කරුන සම්බන්ධයෙනුත් ය.

ඉන්දියාවේ විජිත විරෝධී අරගලයට නායකත්වය දුන් ගාන්ධි, නේරු හා අනෙකුත් ධනපති දේශපාලනඥයන් මෙන් නො ව ශ්‍රී ලංකාවේ ඔවුනගේ සගයන්ගෙන් කවරෙකු වත් කිසිම බලගතු භූමිකාවක් රඟපෑවේ නැත. විජිත විරෝධී අරගලයට නායකත්වය දුන්නේ, යුද-විරෝධී උද්ඝෝෂන හේතුවෙන් 1940 දී නීති විරෝධී තත්වයට පත් කෙරී රහසිගත අයුරින් වැඩ කිරීමට බල කරනු ලැබූ ලසසපය යි. 1942 දී බන්ධනාගාරයෙන් පැන ඉන්දියාවට පලා ගිය ලසසප නායකයෝ හතර වන ජාත්‍යන්තරයේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ, ශාඛාවක් ලෙස ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටුවමින් ලසසප සමස්ත ඉන්දියානු පක්ෂයක් ලෙස නැවත ප්‍රතිෂ්ඨා කලහ.

ඔබට අනුව, බ්‍රතාන්‍ය ලංකාවෙන් වෙනම රාජ්‍යයන් දෙකක් නිර්මානය කිරීම පිලිබඳ කරුන කවරකු හෝ මතු නො කල තතු යටතේ පවා 1940 ගනන්වල සමාජවාදීන්ගේ කර්තව්‍යය විය යුතුව තිබුනේ එම ඉල්ලීමේ වඩාත් ස්තිරසාර අද්වකාත්වරුන් බවට පත්වීම ය. මෙම, අදහස ඉන්දියාවට යෙදුවහොත්, ඔබේ ආස්ථානයේ තර්කනය අනුව බීඑල්පීඅයි නායකයින් කල යුතුව තිබුනේ පසු දශකයන්හි කාශ්මීරය, පන්ජාබය, තමිල්නාඩු සහ ඊසාන දිග විවිධ රාජ්‍යයන්හි පැන නැගි නිමක් නැති ඊනියා නිදහස් ව්‍යාපාරයන්ට ගැලපී යන අයුරින් බ්‍රතාන්‍ය ඉන්දියාව කැබලිතිවලට කඩා දැමීමට පෙරමුන ගැනීමයි.

මෙම කරුන අපට තවත් පියවරක් ඉදිරියට ගෙන යා හැක. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු පුනර්ජීවන ව්‍යාපාරයන්ගේ සමග හාමු වීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 'කනගාටුදායක ලෙස අසමර්ථ' වූයේ නම්, වෙනම පකිස්තානු රාජ්‍යයක් පිලිබඳ ඉල්ලීමට සහ එය ඉදිරිපත් කල මුස්ලිම් ලීගය වැනි ජනවාර්ගික ව්‍යාපාරයන්හි 'ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය' හඳුනා ගැනීමට නො හැකි වීම සම්බන්ධයෙන් ද එය හෙලා දැකිය යුතු වේ. මේ අනුව බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් වාර්ගික කලකෝලාහලවල දී සිය දහස් ගනනක් ජනයා මිය යාම ඇතුලූ එහි සියලූ ප්‍රතිවිපාකත් සහිතව උපමහාද්වීපය, වාර්ගික රේඛා මත, පකිස්ථානය හා ඉන්දියාව ලෙස බෙදා වෙන්කිරීමත්, මාක්ස්වාදීන්ගේ ප්‍රශංසාවට ලක්විය යුතුව තිබින. සියල්ලට පසු, උතුරේ හින්දු ඊලාමයක් සහ දකුනේ බෞද්ධ ශ්‍රී ලංකාවත් ස්ථාපිත කරමින් බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව තුල ද ඒ හා සමාන දෙයක් කලේ නම් ඔබේ ඉදිරිදර්ශනය සම්පූර්න කිරීමට එය ද ප්‍රතිපදානයක් වනු ඇත.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එවැනි ප්‍රතිවිප්ලවවාදී ප්‍රවාහයන්ට නිරවද්‍ය ලෙසට එවක දී විරුද්ධ විය. බීඑල්පීඅයි නායකත්වය පදනම් වූයේ, ශ්‍රී ලංකාව තුල පමනක් නො ව සමස්ත උපමහාද්වීපය පුරා කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා පක්ෂයක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය මත ය. ලංකාවේ වෙනම ජාතික රාජ්‍යයක් ඇටවීමට ලංකාවේ ධනපතියන් සමග සහයෝගීව බ්‍රතානීන් ගත් තීන්දුව කැලඹිලි සහගත උපමහාද්වීපයේ තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා මෙහෙයුම් පිනිස යොදා ගැනෙන ආරක්ෂිත කඳවුරක් ස්ථාපිත කිරීමේ අරමුනින් ගනු ලැබූවක් බව ඔවුහු පෙන්වා දුන්හ. 'ආසියාතික අල්ස්ටරයක් (අයර්ලන්තයක්), කල් ගිය ඉන්දියානු විප්ලවයට එරෙහිව අධිරාජ්‍යයේ ආරක්ෂක අට්ටාලයක්' ලෙස ශ්‍රී ලංකාව පත් කර ගැනීමට බ්‍රතාන්‍ය මාන බලන අයුරු බීඑල්පීඅයි ය පැහැදිලි කලේ ය. 'ලංකාවේ සිට ඉන්දියාවේ හදවතට පිස්තෝලයක් එල්ල කිරීම සඳහා බ්‍රතාන්‍යයට ඉඩ සැලසීම උදෙසා අල්ලස් ලබා ගැනීමටත්, සුරතල් වීමටත් ලාංකික ධනේශ්වරය අත්‍යන්තයෙන් ම සැදී පැහැදී සිටිති'යි ට්‍රොට්ස්කිවාදියෝ ප්‍රකාශ කලහ.

ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් ස්ථානවල එලඹ ගත් නිදහසේ සන්ධානවල ව්‍යාජ ස්වභාවය බීඑල්පීඅයි විසින් පෙන්වා දුනි. මෙය සරල ලෙසම, තම අවශ්‍යතා බලාකියා ගැනීම සඳහා අධිරාජ්‍යවාදය විසින් -- ආර්තික වසයෙන් ප්‍රධාන බලයන් මත මුලූමනින් යැපෙන හා දේශපාලනික වසයෙන් ඔවුනට අතවැසිකම් කරන -- ජාතික ධනේශ්වරයට රාජ්‍ය බලය පවරා දීමකි. තම ප්‍රකාශය මගින් බීඑල්පීඅයිය මෙසේ පැහැදිලි කලේ ය:

'ඔවුන් විසින් අත්පත් කරගෙන ඇති නව තත්වය නිදහස නො වනවා පමනක් නො ව සැබැවින් ම බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාවේ ඇති වහල් බැමිවල නව හැඩ ගැස්මක් ද වේ. එය වනාහි එකී භූමිකාව ක්‍රියාත්මක කිරීමේ, බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සතු විධික්‍රමය ඉදිරියට ගෙන යාමකි... ලංකාව තුල බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා පරිපාලනය කිරීමේ දුෂ්කර කටයුත්ත මුලූමනින් ම පාහේ දේශීය සූරාකන පන්තීන් අතට පවරා දී තිබේ.'

මෙම පෙලගැස්මේ නිහීන ස්වභාවය ලංකාවේ දී විශේෂයෙන් ම කැපී පෙනුනි. ඩී.එස්. සේනානායක වැනි ධනපති පන්තියේ නියෝජිතයන්, ට්‍රොට්ස්කිවාදීන් කෙරේ වැඩෙන සහයෝගයට වල කැපීම සඳහා, නිදහස පිලිබඳ සාකච්චාවන්ට ඇතුලූ වූයේ අවසාන මොහොතේ දී පමනි. ධනේශ්වර පන්තිය තම දේශපාලන පක්ෂය -- එක්සත් ජාතික පක්ෂය (යූඇන්පීය) -- පිහිටුවා ගත්තේ පවා ඓතිහාසික අර්ථයකින් ගත් කල අවසාන මිනිත්තුවේ දී -- 1946 දී -- ය.

එක්තරා ඉතිහාසඥයකු මෙම සන්තතිය විස්තර කලේ මෙසේ ය: 'සේනානායක වෙනුවෙන්, ධ1947ළ දී ධවල ශාලාවේ ධලන්ඩන්හි විජිත කාර්යාලයළ පැවැති සාකච්චාවන් ගෙන ගියේ ඕ.ඊ. ගුනතිලක ධරාජ්‍ය මන්ත්‍රන සභාවේ අමාත්‍යවරයකුළ විසිනි. අනෙකුත් විවේචකයන්ට අමතරව වාමාංශික බලවේගයන් විසින් යොදන, ක්‍රමයෙන් වැඩි වන්නා වූ පීඩනයට සේනානායක සහ ඔහුගේ සගයන් මුහුන දී සිටින බවටත් ඔවුනගේ දේශපාලනික දිවි ගලවා ගැනීම සහතික කිරීම සඳහා ඩොමීනියන් තත්වය ක්ෂනිකවම ලබා දීම දැන් හදිසි හා බලකෙරී ඇති අවශ්‍යතාවක් ය යන්න ගැනත් පැහැදිලි අවබෝධයක් ධවල ශාලාව තුල පැවතින.'

නිදහසේ ව්‍යාජ ස්වභාවයට සහ බ්‍රතාන්‍යය විසින් පටවන ලද ව්‍යවස්ථාවට විරෝධය දක්වනු වස්, පවරා දීමේ උත්සව වර්ජනය කල බීඑල්පීඅයි කොලඹ ගාලූ මුවදොර පිටියේ පැවැත්වූ විරෝධතාවකට මහජනයාට කැඳවුම් කලේ ය. කැඳවුමට ප්‍රතිචාර දක්වමින් රැස් වූ 50,000ක් දෙනා, කම්කරු පන්තිය විසින් යූඇන්පී ආන්ඩුව සලකනු ලබන්නේ වරප්‍රසාදිත පාලක පන්තියේ අන්තේවාසිකයකුට නො අඩුව බවට නිවේදනය කලේ ය.

ඔබ විසින් අඟවන දේට විපරීතව, නිශ්චිතව ම මූලික ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් මූලධර්මාත්මකව ම රැකීම හේතුවෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට, නිදහසෙන් පසුව, කම්කරු පන්තියේ -- සිංහල හා දෙමල දෙවර්ගයේ ම -- සැලකිය යුතු අනුගාමිකත්වයක් ගොඩ නගා ගැනීමට හැකි විය. යූඇන්පී ආන්ඩුව විසින් ලක්ෂ ගනනක් දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමට තීන්දු කල මොහොතේ යාපනයේ දෙමල ධනේශ්වරයේ කොටස් එය අනුමත කල තතු තුල, එම ප්‍රතිවිප්ලවවාදී පුරවැසි පනත්වලට බීඑල්පීඅයි බලගතු ලෙස විරුද්ධ වෙමින් 'රාජ්‍යය, ජාතියට සමාන විය යුතු අතර, ජාතිය වර්ගයට සමාන විය යුතු ය' යන ෆැසිස්ට්වාදී මූලධර්මය යූඇන්පීය විසින් භාවිතාවේ යොදවමින් සිටින බවට අනතුරු ඇඟවී ය.

මතු සම්බන්ධයි.

අදාල වෙනත් ලිපි

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, එල්ටීටීඊ ආධාරකරුවෙකුට පිලිතුරු දෙයි

2000 ඔක්තෝබර් 13

යුද්ධය හා සමාජ අසමානතාව අවසන් කිරීමට සමාජවාදී වැඩපිලිවෙලක්

සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන ප්‍රකාශය

2000 ඔක්තෝබර් 08

සමාජවාදී සමානතා පක්ෂය මහ මැතිවරනයට තරඟ කරයි

2000 ඔක්තෝබර් 08

ජාත්‍යන්තර ආරක්ෂක

උද්ඝෝෂනයේ ජයග්‍රහනය දෙමල ජනයා

ශක්තිමත් කරයි

සසප සහ ශ්‍රීලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සටන

[මෙම ලිපිය 2001 මාර්තු 10 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]

Loading