ශ්‍රී ලංකාව තුල ලොතරැයි මන්ඩලය මුල්කරගෙන කටුක බල අරගලයක් ඇවිලෙයි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි චන් ත්‍රිකා කුමාරතුංග, මේ මස මුලදී, සංවර්ධන ලොතරැයි මන්ඩලයේ (සං.ලො.ම) පාලනය තමා අතට පවරා ගැනෙන බැව් හදිසියේ නිවේදනය කිරීමත් සමග ම, ජනාධිපතිනිය හා එක්සත් ජාතික පෙරමුනු (එජාපෙ) ආන්ඩුව අතර දේශපාලන ගැටුම තවත් තියුනු හැරීමක් ගනු ලැබින. කලින් ආර්තික ප්‍රතිසංස්කරන අමාත්‍යංශය යටතේ පාලනය වූ මෙම මන්ඩලය දේශපාලන අනුග්‍රහයන් ලබා දීමේ සන්තෝසම් අරමුදලක් ලෙස ක්‍රියාත්මක විය.

මෙම ගැටුම රට ව්‍යවස්ථාමය අර්බුදයක පටලැවීමේ තර්ජනය ක්ෂනිකවම මතු කලේ ය. රට තුල සැලකියයුතු විධායක බලතල දරා සිටින කුමාරතුංග, ජනාධිපතිනිය ලෙස වෙනම තේරී පත්වී සිටියි. ඇය පොදු පෙරමුනේ විරුද්ධ පක්ෂයේ නායිකාව ද වෙයි. 2001 මැතිවරනය ජය ගෙන එක්සත් ජාතික පෙරමුනේ ආන්ඩුව පිහිටවූ තැන් පටන් බලයේ ලීවරය කවුරුන් විසින් හසුරුවන්නේ ද යන්න ගැන වඩාත් ගැඹුරුවන අරගලයක් සිදුවෙමින් පවතී.

ආන්ඩුවෙන් කිසිදු විමසීමකින් තොරව ජනාධිපතිනිය සිය ප්‍රකෝපකාරී තීන්දුවට එලඹ සිටියි. වහාම ක්‍රියාත්මක වන පරිදි මන්ඩලයේ පාලනය තමා යටතට ගත් බව ඇය ආර්තික ප්‍රතිසංස්කරන ඇමති මිලින්ද මොරගොඩ වෙත මැයි 8 දා හුදු ලිපියකින් දැනුම් දුන්නා ය. පසු දින නිල ගැසට් නිවේදනය පල කරන බව ද එහි සඳහන් විය.

එල්ටීටීඊය සමඟ සාම සාකච්චාවල යෙදී සිටින, ආන්ඩුවේ එක් නියෝජිතයෙක් වන මොරගොඩ සංලොම තමාගෙන් ඉවත්කලහොත් ඉල්ලා අස්වන බවට තර්ජනය කල බව වාර්තා විය.

අගමැති රනිල් වික්‍රමසිංහ කඩිනමින්ම ජනාධිපතිනිය වෙත ලිපියක් යවමින් 'අගමැති වසයෙන් මාවෙත යොමු කිරීමකින් තොරව පවරා ඇති කිසිදු විෂයක් හෝ කාර්යයක් ඔබ විසින් වෙනස් කිරීම පිලිබඳව එකඟවිය නොහැකි බව කනගාටුවෙන් දැනුම් දෙමි. මෙය ව්‍යවස්ථාවේ 44 වැනි වගන්තියේ අවශ්‍යතාවයකි.' 2001 දෙසැම්බර් මස ආන්ඩුව පිහිටවන අවස්ථාවේ දී ඔහුගේ ඇමතිවරයෙකුට සංලොම පවරා තිබෙන බව ද ඔහු සිහිගන්වා ඇත.

අගමැති නීති තර්ක ඉදිරිපත් කරමින් සිටි දින ම සවස එජාපෙ මැර කන්ඩායමක් ගැසට් නිවේදනය මුද්‍රනය කිරීම වැලැක්වීම සඳහා රජයේ මුද්‍රනාලයට කඩා වැදුනහ. මැරවරයන් වාහන ගනනාවක් හා තවත් උපකරන විනාශ කල අතර කම්කරුවන්ට අඩන්තේට්ටම් කිරීමට තැත්කලහ. එයින් මුද්‍රන කටයුතු නතර කල නොහැකි වූ තැන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග කම්කරුවන් බස්වල පටවා මුද්‍රනාලයෙන් ඉවත් කරන ලෙස පොලීසියට නියෝග කලේ ය.

පසුදින වික්‍රමසිංහ මෙම ප්‍රශ්නය සාකච්චා කිරීමට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවී ය. ජනාධිපතිනියගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව පෙන්වාදෙමින් නීතිපති කේ සී කමලසබේසන් ඇයට ලිපියක් යැවී ය. 'අමාත්‍යාංශ යටතට ගැනෙන විෂයයන්ට අදාල කරුනුවලදී ජනාධිපති හා අගමැති අතර අදහස් විමසීමකින් සිදු විය යුතු බව එයින් පෙන්වාදෙන ලදි. කෙසේ වුව ද තමා විමසීමක් නොකල තතු යටතේ කමලසබේසන්ගේ අදහස් දැක්වීම 'අනාරාධිත උපදෙස්' ලෙස කුමාරතුංග විසින් ප්‍රතික්ෂේප කලා ය. එමෙන්ම සංලොම ආන්ඩුවේ ඇමතිවරයෙකුට පැවරීමේ මුල් තීරනය තම ප්‍රමාදදෝෂයකින් සිදුව තිබෙන බවද ඇය ප්‍රකාශ කලා ය. ඇය ජන සංනිවේදන ඇමති ඉම්ටියාස් බාකිර් මාකර් වෙත යැවූ ලිපියකින් තම ගැසට් නිවේදනය පලකිරීමට අසමත්වීම පිලිබඳව තමා වෙත නිදහසට කරුනු දක්වන ලෙස ද මන්ඩලය පවරා ගැනීමට ව්‍යවස්ථාමය බලතල තමන් සතු බව ද අවධාරනය කලා ය.

ජනාධිපති අරමුදලට මුදල් ඉපැයීම සඳහා 1980 ගනන්වල සංවර්ධන ලොතරැයිය ආරම්භ කල අතර විවිධ ඇමතිවරුන් විවිධ අවස්ථාවන්හිදී එය පාලනය කර තිබේ. 1994 දී කුමාරතුංග ජනාධිපති ලෙස පත්වී මුදල් ඇමතිනිය ලෙස ද කටයුතු කල අවධියේ දී එය මුදල් අමාත්‍යාංශය යටතට ගෙනඑන ලදී. එහෙත් ඇය ඇමති තනතුරක් නොදැරූ කිසිම අවස්ථාවක සංලොම ජනාධිපති පාලනය යටතේ නොතිබුනි.

මහජන සෞක්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් හි ආන්ඩුවේ ප්‍රතිපාදන කපා හරිනු ලැබූ තතු යටතේ, ජනාධිපති අරමුදල නිල වසයෙන් පවත්වා ගෙන යනු ලබන්නේ එම ක්ෂේත්‍රයන්හි විවිධ ව්‍යාපෘති සඳහා බව අඟවනු ලැබුනි. එහෙත් සැබෑ කර්තව්‍යය ලෙස පැවතුනේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දේශපාලන අනුග්‍රහයන් මිලට ගැනීමේ මූලාශ්‍රයක් ලෙසයි. කුමාරතුංග බලයට ආ තැන් පටන් ජනාධිපති අරමුදලේ ගිනුම් නිසියාකාරව පවත්වා ගෙන ගොස් නොමැති බව රජයේ විගනකාධිපති පෙන්වාදී තිබේ.

කුමාරතුංග දැන් මැසිවිලි නගන්නේ සංලොම සියලූ මුදල් ඇගේ අරමුදලට ලබා නොදෙන බව ය. ඇයට අනුව එජාපෙ යටතේ 2002 වර්ෂයට ලොතරැයි මන්ඩලය රුපියල් මිලියන 980ක් ඉපැයුව ද ජනාධිපති අරමුදලට බැර කර ඇත්තේ රුපියල් මිලියන 470ක් පමනි.

ප්‍රතිවිරුද්ධ බල මධ්‍යස්ථාන

කෙසේ වුව ද සම්බන්ධව ඇති මුදල් ප්‍රමානය සැලකිය තරම් වුව ද ගැටුමෙහි කටුක බව හා තීව්රතාවය අනුව තව බොහෝ දේ පරදුවට තැබී ඇති බව ඇඟවෙයි. මන්ඩලයේ පාලනය සඳහා වූ අරගලය රාජ්‍ය බලය සඳහා එකිනෙක සමඟ තරඟවැදී සිටින වෙන්වූ මධ්‍යස්ථාන දෙකක වැඩී යන හා පුලූල් සටනක කොටසකි. එනම් එක්පසෙකින් ජනාධිපති වටා ද අනෙක් පසින් ආන්ඩුව ද වසයෙන් වූ මධ්‍යස්ථාන දෙක ය.

2001 මැතිවරනය වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාපෙ ජයගත්තේ මහා ව්‍යාපාරිකයන් කොටසකගේ ද මහා බලවතුන්ගේ ද ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු දෙමිනි. විශේෂයෙන්ම රටේ 20 අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා එල්ටීටීඊ ය සමග එකඟතා ගිවිසුමකට එලබීමේ පොරොන්දුව එක්සත් ජනපදය වෙත ලබා දෙමිනි. මහා ව්‍යාපාරිකයන් යුද්ධය සම්පත් කාබාසිනියා කිරීමක් ලෙස ද විදේශ ආයෝජන ඇදගැනීමේ දී බාධකයක් ලෙස ද සලකති. එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් යුද්ධය කලාපය දැඩි අස්ථාවරත්වයට පත් කරන සාධකයක් ලෙස සලකති.

කෙසේ වුව ද යුද ව්‍යසනයෙන් ලාභ ඉපැයූ හමුදාවේ, රාජ්‍ය නිලධරයේ හා ව්‍යාපාරික කොටස් අතර යුද්ධයට බලගතු බැඳීම් පැවතුනි. තවද පොදු පෙරමුන හා එජාපෙ යුද්ධය කරගෙන යාමේ දී සිංහල ස්වෝත්තමවාදය උසිගැන්වූ අතර ඉන් එල්ටීටීඊයට මොනම සහනයක් හෝ දීම ද්‍රෝහිකමක් ලෙස සලකාගත් සිංහල අන්තවාදී කන්ඩායම් දිරිගැන්වුනි. කුමාරතුංග අමතමින් සිටින්නේ මෙම සමාජ ස්ථරයන් ට ය.

සේනාධිනායිකාව ලෙස ජනාධිපතිනිය සාම සාකච්චා ක්‍රියාවලියට යටින් වල කැපීම සඳහා සිය බලතල යොදාගෙන ඇත. පසුගිය මාස තුන තුලදී නාවික හමුදාව දෙවතාවක්ම එල්ටීටීඊ යාත්‍රාවන් සමග ප්‍රකෝපකාරී ගැටුම් ඇතිකර ගත්තේ සාකච්චා වටයන් ඇරබීමට ආසන්නයේ දී ය. ඉන් ප්‍රථම සිද්ධියේ දී එල්ටීටීඊ භටයන් තමන් ද සමඟ යාත්‍රාව පුපුරුවාහලහ. දෙවැනි සිද්ධියේ දී නාවික හමුදාව එල්ටීටීඊ නැවක් ගිල්වා දැමූ හ. මෙම කේදනීය සිදුවීම් ඊනියා සාමක්‍රියාවලිය බිඳවැටීමේ අද්දරටම ගෙන ආවේ ය.

මෙම ප්‍රකෝපකරනයන්හිදී කුමාරතුංග මිලිටරියේ දැඩි මතධාරී ඉහල නිලධාරීන් සමඟ සන්ධානයක් ගොඩනගාගෙන ඇත. ඇය විශ්‍රාම ගැන්වීමට නියමිතව සිටි නාවික හමුදාපති දයා සඳගිරිගේ සේවය තෙවසරකින් දීර්ඝ කිරීමේ අසාමාන්‍ය පියවරක් ගෙන තිබේ. සේනාධිනායක ලෙසින් කුමාරතුංග සතු බලතලවලට අමතරව ඇය ව්‍යවස්ථාමය අධිකාරයක්ද සතුව සිටියි. එනම් මැතිවරනයෙන් වසරකට පසුව පාර්ලිමේන්තුව ඒකපාර්ශ්විකව විසුරුවා හැරීමේ බලයයි. මේ සඳහා තමන් සූදානම්ව සිටින බව ඇය මීට පෙර අඟවා ඇත.

සංලොම ගැටුම හටගත්තේ ආන්ඩුව ඇද හෙලීම සඳහා ජනාධිපති ලෙස ඇය සතු බලතල යොදාගන්නා මෙන් කුමාරතුංග වෙත විරුද්ධ පක්ෂවලින් කෙරෙන බලපෑම් මධ්‍යයේ ය. පොදු පෙරමුනේ ප්‍රමුක අංගයක් වන ඇගේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමඟ දිගු සාකච්චා වට ගනනාවක් ම පවත්වා ඇත. ඒ ආන්ඩුවට හා එහි සාම ක්‍රියාවලියට අභියෝගයක් ලෙස සන්ධානයක් අටවා ගැනීම සඳහා ය. ජවිපෙ සමඟ ගිවිසුමක් ගැසීම ආසන්න වෙත්ම ශ්‍රීලනිපය එහි අනෙකුත් හවුල්කාර පක්ෂවලින් ඈත්වෙමින් ප්‍රධාන අමාත්‍යංශ පවරාගන්නා ලෙස කුමාරතුංගට බල කිරීම සඳහා ජවිපෙ සමඟ කිට්ටුවෙන් සම්බන්ධවී සිටිති.

කුමාරතුංගගේ සොයුරු හා ජ්යෙෂ්ට උපදේශක අනුර බන්ඩාරනායක ජවිපෙ-ශ්‍රීලනිප ඒකාබද්ධ රැස්වීමකදී මාර්තු 11 දින කියා සිටියේ සිය සොයුරිය ඇයගේ බලතල යොදාගෙන වහාම ජනමාධ්‍ය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවරා ගත යුතු බවයි. ඔහු පොරොන්දු වූයේ '2004 ජනවාරි 01 දිනට ප්‍රථම එජාපෙ ආන්ඩුව බිම හෙලා නව ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු බවයි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හරීන් පීරිස් අවධාරනයෙන් කියා සිටියේ 'සංලොම පවරා ගැනීමේ ක්‍රියාවලිය තීරනය කිරීමේ දී පොපෙ හෝ ශ්‍රීලනිපය හෝ ජවිපෙ ජනාධිපතිනිය සමඟ කිසි ලෙසකින් වත් සම්බන්ධ නොවූ' බව යි. 'ජනාධිපතිනිය ආන්ඩුවේ සාම ක්‍රියාවලිය හෝ ආර්තික සංවර්ධන කටයුතු අඩපන කිරීමට උත්සාහ කරන්නේ ය' යන චෝදනාව ප්‍රතික්ෂේප කල ඔහු එය හුදෙක් පරිපාලනමය අවශ්‍යතාවක් පමනක්' බව කියා සිටියේ ය. කෙසේ වුව ද ජනාධිපතිනිය දේශපාලන අර්බුදයක් කුපිත කරවා ඇත්තේ සාම සාකච්චා යලි ඇරබීමට යටින් වල කැපීමට බව පැහැදිලි ය. ඇය සිය ඉලක්කය ප්‍රවේශමෙන් තෝරා ගෙන තිබෙන බව එයට සම්බන්ධ ඇමතිවරයා ආන්ඩුවේ සාම සාකච්චාවල නියෝජිතයෙක් ද වීමෙන් පැහැදිලි වේ. බෙහෙවින් ප්‍රසිද්ධ කර ඇති ජුනි මස මුල දී ටෝකියෝහි පැවැත්වීමට නියමිත ආධාර කන්ඩායමේ රැස්වීමට එල්ටීටීඊය සම්බන්ධවන්නේ ද යන්න අවිනිශ්චිතය. කුමාරතුංග සංලොම පවරාගැනීම පිලිබඳව වික්‍රමසිංහගේ ප්‍රතිචාරය ඉතා දැඩි එකකි. හේතුව ඇය ආන්ඩුව පහකිරීමට උපාමාරුවක් දමන්නේ දැයි ඔහු බිය වී සිටීම ය.

එජාපෙ හිතවත් සන්ඩේ ලීඩර් පුවත්පත උත්සුකයන් පිලිබඳව එහි මැයි 11 දින කතුවැකියෙන් අදහස් දක්වා තිබුනි. 'එජාපෙ මුවින් ලොකු කුට්ටියක් ඩැහැගැනීමට බලා සිටින කුමාරතුංග යෙදුවේ හැකි අවම ප්‍රකෝපකරනයකි. ඇයට තව බොහෝ දුර යමින් තමන් යලි යලිත් තර්ජනය කල පරිදි ආරක්ෂක ඇමති තිලක් මාරපන තනතුරෙන් නෙරපීමට හැකියාව තිබුනි. නැතහොත් ඇය නිරන්තරයෙන් කරන බවට දිව්රා සිටි පරිදි මුලූ අමාතංශයම තමා යටතට ගතහැකිව තිබුනි. එහෙත් ඔස්භියාව ඈඳාගැනීමේ දී හිට්ලර් මෙන් ඇය ද, පෙරලා පහර දීමට එජාපෙට ඇති අධිෂ්ටානය මැන බැලීම සඳහා මෙම අවඥාවම සෑහෙනු ඇතැයි පැහැදිලිවම ගනන් බලා ඇත.'

එදිනම පැවති මාධ්‍ය හමුවක දී කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන ඇමති එස්.බී. දිසානායක කුමාරතුංග වෙත දේශපාලන අභියෝගයක් එල්ල කලේ ය. 'ජනාධිපතිනිය මෙවන් වැදගැම්මකට නැති විධික්‍රමයන් මගින් සංවර්ධන ක්‍රියාවලියත් සාම ව්‍යායාමයත් අඩපන කිරීමට තැත් නොකල යුතු ය. අවශ්‍යම නම් ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනයක් සඳහා පෙරට ආයුතු ය.'

කුමාරතුංග ආන්ඩුවට එරෙහිව දැඩි ලෙස ක්‍රියා නොකිරීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම අදියරේදී සාකච්චාමය විසඳුමක් සඳහා බලකරමින් සිටින වොෂින්ටනයේ ප්‍රතික්‍රියාව පිලිබඳව ඇයගේ උත්සුකයයි.

මැයි 11දින කොලඹ එක්සත් ජනපද තානාපති ඈෂ්ලි විල්ස් ආන්ඩුවෙන් හා විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ඔවුනගේ මතහේද ඉවත දමන ලෙස යි. 'සාකච්චා මේසය හරහා එල්ටීටීඊ ප්‍රධාන පක්ෂ දෙක එක්සත්ව සිටිනු දැකගනු ලබන්නේ නම් එය කෙතරම් වැදගත් දැයි සිතා බලන්න. ඒ කෙතරම් ප්‍රබල සාකච්චාකරුවෙක් විය යුතු ද? මේ දැන් එය එසේ නොවේ. එය බෙහෙවින් කරදරකාරී ය.' ඔහු ප්‍රකාශ කලේ ය.

පසුදින කොලඹට පැමිනි එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති කුමාරතුංග යන දෙදෙනා සමඟම සාකච්චා කලා ය. ඇය, විල්ස් රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල දේ වඩාත් ප්‍රබල ලෙස එකිනෙකාට පුද්ගලිකව දැනුම් දුන් බව නිසැක ය. කෙසේ වුවද තවමත් එලිපිට ඇත්තේ කුමාරතුංග සමඟ හදිසි සහනාධාර කමිටුවක් පිහිටුවීමට වික්‍රමසිංහ ඉදිරිපත් කල යෝජනාවයි. මෙම යෝජනාව කරනු ලැබුවේ රට මුහුනපා ඇති විනාශකාරී ගංවතුර උවදුරට ප්‍රතිචාර ලෙස යි.

කෙසේ වුව ද වොෂින්ටනය වෙතින් කෙරෙන බලපෑම් වලින් ජනාධිපතිනිය හා ආන්ඩුව අතර පවතින ගැඹුරු විහේදනය පහව නොයනු ඇත. එය අති මූලික තලයේ දී ප්‍රධාන පක්ෂ දෙක ම රට මුහුනපාඇති ගැඹුරුවන සමාජ හා ආර්තික අර්බුදය විසඳීමට අසමත්වීම මගින් අවුරනු ලැබ පවතී.

කුමාරතුංගගේ ප්‍රකෝපකාරී උපායමාර්ගයන්ද ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයන් පිලිබඳ අවඥාසහගතභාවය ද ධනපති කවයන් තුල පැහැදිලි ලෙසම සාකච්චාවට බඳුන්ව ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී විධික්‍රමයක් පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමකි.

අදාල වෙනත් ලිපි

එක්සත් ජනපද ආධාර සමුලූවෙන් බැහැර කිරීම පිලිබඳව එල්ටීටීඊය විරෝධය පලකරයි

2003 ජූලි 25

නාවික ගැටුම ශ්‍රී ලංකාවේ පාලක කවයන් තුල ඇති ගැඹුරු හේදයන් අනාවරනය කරයි

2003 ජූලි 22

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය තුල ජපානයේ මැදිහත්වීම

2003 ජූනි 02

ශ්‍රී ලංකා සාම සාකච්චාක්ෂ එල්ටීටීඊය ජාත්‍යන්තර ප්‍රාග්ධනයට හිස නමයි

2002 ඔක්තෝබර් 12

ශ්‍රී ලංකාවේ දේශපාලන ඝට්ටනය සමග නව මැතිවරනයක කඩාපාත්වීමේ තර්ජනයක්

2002 අගෝස්තු 15

[මෙම ලිපිය 2003 මැයි 23 වැනි දින

Loading