පසුගිය සතියෙහි ජනාධිපති කුමාරතුංග යෙදීගත් ව්‍යවස්ථා බල කොල්ලය වටා පැවති සිද්ධීන් ඇතැම් අවස්ථාවල දී සිනහ උපදවන සුලු ඔපෙරාවක ස්වභාවයක් ගැන්මට නැඹුරු වූයේ නම් එයට හේතුව මූලික වසයෙන් පැවතියේ එහි ප්‍රධාන දේශපාලන නලුවන්ගේ ක්‍රියාකලාපය තුල නො ව ලෝක ආර්ථිකය තුල ප්රගාඪ වෙනස්වීම් හා ඒවාට ශ්‍රී ලංකාව දරා සිටින්නා වූ සම්බන්ධතා මත ය.
කුමාරතුංග හා අගමැති වික්‍රමසිංහ වේදිකාව මත උඩඟු ලීලාවෙන් ඔබ මොබ යමින් තමන්ගේ වාක්‍ය උච්ඡාරනය කල ද සැබෑ තීරන ගනු ලැබූයේ තිරයෙන් පසුපස විශෙ ්ෂයෙන් වොෂිංටනයෙහි හා යම් ප්‍රමානයකට, නව දිල්ලියෙහි සිට ය. අර්බුදය මැද්දෑවේ වික්‍රමසිංහ සන්සුන්ව හැසිරෙන බවක් පෙනී ගියේ නම්, ඒ එසේ වූයේ තමාට මෙහි ලා බලගතු ම තැනෙන් සහාය ලැබෙන බව ඔහු දැන සිටි නිසා ය.
පසුගිය සිකුරාදා සිය එක්සත් ජනපද සංචාරය අවසන් කර කොලඹට පැමිනීමෙන් පසු වික්‍රමසිංහ මෙසේ ගොජ දැමුවේ ය. මගේ නායකත්වය හා සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආන්ඩුව විසින් ගන්නා ලද මාවත පිලිබඳව ජෝර්– ඩබ්ලිව්. බුෂ් සිය පූර්න විශ්වාසය පලකර ඇත. ඇමරිකානු රජයේ හා කොන්ග්‍රසයේ සහාය ලැබී ඇත්තේ ලංකාවේ ජනයාගේ ජනවරම ලබා ඇති මටත් මගේ ආන්ඩුවටත් ය.” මෙහි දී වැදගත්කම පිලිබඳ අනුපිලිවෙල බලන්න: පලමුව, බුෂ්, ඊලඟට එක්සත් ජනපද කොන්ග්රසය, හා අන්තිමට ම ශ්‍රී ලාංකික ජනයාගෙන් ලත් වරම.
කුමන්ත්රනයෙහි ප්‍රගතිය සැලකිලිමත්ව අධීක්ෂනය කල සිංගප්පුරුවේ නොවැම්බර් 10 දා පලවූ ස්ට්‍රේට් ටයිම්ස් පුවත් පතෙහි කතුවැකියක බලවේගයන් අතර සැබෑ සබඳතා පිලිබඳව අවධාරනය කෙරිනි.
කුමාරතුංගගේ මෙහෙයුම් පිලිබඳ පුවත් කන වැටුනු විගස වොෂිංටනයෙහි සිට පෙරලා සිය රටට නො පැමිනීමට වික්‍රමසිංහ ගත් තීරනය බුහුටි උපාය මාර්ගයක් විනැ යි එම කතුවැකියෙන් කියැවුනි. සාම ක්‍රියාවලියට බුෂ්ගේ පෞද්ගලික අනුමැතිය නො ලබා යාමට වික්‍රමසිංහ සූදානම් වූයේ නැත. එය ලබා ගැනීමෙන් පසු දැන් ඉතින් තම පැවැත්ම තහවුරු වී ඇතැයි යන විශ්වාසය ඇතිව පසුගිය සිකුරාදා හෙතෙම කොලඹට පෙරලා පැමිනියේ ය.
ලෝක අධිරාජ්‍යවාදයේ නායකයින් සමග රහසිගතව සහයෝගයෙන් කටයුතු කරන අතරවාරයේ ම පොදු ජනයාගේ අධිරාජ්‍ය විරෝධී මනෝභාවයන් පිලිබඳ අවබෝධයෙන් යුතු ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙකු යටත් පිරිසෙයින් ජාතික ස්වාධීනත්වය පෙන්නුම් කිරීමේ උත්සාහයක යෙදී ගත් එකමත් එක කාල වකවානුවක් තිබුනි. දැන් කුමාරතුංග විසින් හොබවන විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘ වු වික්‍රමසිංහගේ ම මාමා, ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජනපද උවමනාකම් සම්බන්ධයෙන් දැක්වූ ගැතිකම නිසා යැංකි ඩිකී යන නමින් හඳුන්වනු නො ලැබිනි ද? තත්වය දැන් කෙතරම් වෙනස් වී තිබේ ද? දැන්, ශ්‍රී ලංකාවේ අනාගතය නිර්නය වන ප්‍රධාන සාධකය එක්සත් ජනපද අනුබලය බව විවෘතව කියනු ලැබේ.
පශ්චාත් යුද ජාතික ස්වාධීනත්වයේ සමය දැන් සත්‍ය වසයෙන් ම අවසන් වී ඇති බවට මින් අවධාරනය කෙරේ. එක්කෝ මිලිටරි බලය තුලින්, එසේත් නැත්නම්, අතිමහත් ආර්ථික ක්‍රියාවලීන් තුලින්, ලොව විශාල කොටස් යටත් විජිත තත්වයට නැවත පමුනුවා ඇත.
ජාතික ආර්ථික ස්වාධීනත්වයෙහි අවසානය
1930 දශකයෙහි නැගී එන යටත් විජිත විරෝධී අරගල මධ්‍යයේ ජාතික ස්වාධීනත්වය හා සමාජවාදය සඳහා සටන අතර සබඳතාව ට්‍රොට්ස්කි පැහැදිලි කලේ ය. ස්වාධීන ජාතික රාජ්‍යයන් සඳහා යටත් විජිත වාසී පොදු ජනයාගේ අරගලය ප්රගාඪව ම ප්රගතිශීලි බව ඔහු අවධාරනය කලේ ය. එම අරගලය, යටත් විජිත තුල දේශපාලන හා ආර්ථික පසුගාමිත්වයට ද අධිරාජ්‍යවාදී බලයන්ට ද එරෙහිව එකවරම පහර එල්ල කරන බව ඔහු පෙන්නුම් කලේ ය.
එනමුදු, ජාතික රාජ්‍යයෙහි නව පුනරුද යුගයක් ඇරඹීමට ආසියාවෙහි හා අප්‍රිකාවෙහි කල්ගතව එලඹ ඇති ප්රජාතන්ත්ර විප්ලව අපොහොසත් වනු ඇති බව මුලින් ම පැහැදිලිව අවබෝධ කර ගත යුතු යයි ඔහු කියා සිටියේ ය. යටත් විජිත විමුක්තිය ලෝක සමාජවාදී විප්ලවයෙහි හුදෙක් ම යෝධ ජවනිකාවක් පමනක් වනු ඇත. සෑම තැන්හිදි ම ජාතික ගැටලුව සමාජ ගැටලු සමග සංයෝගී වේ. අප ග්‍රහ ලෝකයතුල සියලු ජාතීන්ට සැබෑ වූ හා කල් පවතින සංවර්ධනයක නිදහස සහතික කල හැක්කේ ලෝක කම්කරු පන්තිය බලය අත්කර ගැනීමෙන් පමනි.
(ලියවිලි 1933-34, ලියොන් ට්‍රොට්ස්කි, 306 වැනි පිටුව) හතර වන ජාත්‍යන්තරයෙහි ඉදිරිදර්ශන, ශ්‍රී ලංකාවෙහි ද, බ්‍රිතාන්‍ය විජිතවාදයට එරෙහිව සමස්ත ඉන්දියානු බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ (බීඑල්පීඅයි) හා ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) ට්‍රොට්ස්කිවාදීන් ගෙන ගිය අරගලය තුල බලගතු ජීවමාන ස්වභාවයක් අත්කර ගති. 1948 වසරෙහි සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නිදහස ලබාදුන් විට බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා ප්‍රකාශ කර සිටියේ උත්සව පැවැත්වීමට කිසිවක් ජනතාවට ලැබී නැති බව යි. නව තත්වය නිදහස නො ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කෙරේ ලංකාව බැඳ තබන යදම් අලුතින් වාත්තු කිරීමක් වන අතර ඒ තුල, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පසුබිමට පසුබෑමත් සමග, පොදු ජනතාව යටපත් කිරීමේ කර්තව්‍ය ලංකාවේ ම ධනේශ්වරයට භාරකර දී ඇතැයි ඔහු ප්‍රකාශ කලේ ය.
එනමුදු, පශ්චාත් විජිත ලෝක සමථය බලගතු දේශපාලන පීඩන ජනිත කලේ ය. 1950 දශකය, කලින් විජිත වසයෙන් පැවති රටවලට නව දේශපාලන දසුන් විවර කරන බවක් පෙනුනි. මෙය, ඉන්දියාවෙහි නේරු, මිසරයෙහි නසර් ඉන්දුනිසියාවෙහි සුකර්නෝ හා ඝානාවෙහි න්කෲමා වැන්නන්ගෙන් පුද්ගලාරෝපනය කෙරුනු ජාතික ස ්වාධීනත්වයේ හා ආර්ථික සංවර්ධනයේ යුගය විය. මේ යුගය තුල අප්‍රිකානු සමාජවාදය හා නේරු සමාජවාදය ගැන පවා කතා ඇති විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ධනේශ්වර ජාතිකවාදීන් ආර්ථිකය රජයේ පාලනය යටතට ගැනීම මත පදනම් වූ සමාජවාදී ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම තුලින් ශ්‍රී ලංකාව තුල මෙහි ප්රතිරාවය දිස්වුනි.
රාජ්‍ය අංශය පුලුල් කෙරුනි. සෞඛ්‍ය සේවා හා ආහාර සහනාධාර වැඩපිලිවෙල සමග විශ්‍රාම වැටුප් සැලසුම් ආරම්භ කරන ලදි. මේ කාලය තුල, මුලු ආසියාවේ ම ඉහලම ජීවන තත්වයන් භුක්ති වින්දේ ශ්‍රී ලංකාවේ ජනතාව යි.
පශ්චාත් යුද සමයෙහි ලෝක ධනවාදය යලි ස්ථාවර වීමේ අංශයක් වූ මෙම ක්‍රියාවලීන්ම හතර වන ජාත්‍යන්තරය මත ද බලපෑමක් ඇති කලේ ය. තමන් මුහුන දෙන නව ලෝක යථාර්ථය ඉදිරියේ ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශන අසාර්ථක වී ඇති බව හෝ අදාල නො වන බව මයිකල් පැබ්ලෝගේ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ නායකත්වයෙන් යුතු අවස්ථාවාදී ප්රවනතාව නිගමනය කලේ ය. ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල වෙනුවට ජාතික පරිසරය තුල ක්ෂනික දේශපාලන වාසි ලබා ගැනීම මත පිහිටා ගත් මොවුහු වැඩිවැඩියෙන් ජාතික උපායමාර්ග දෙසට හැරුනාහ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ශ්‍රී ලංකාවේ ධනේශ්වරය තුල ඔවුන්ගේ සහචරයන් විසින් ගොඩනගන ලද රාජ්‍ය ව්‍යුහයට ක්‍රමානුකූලව අනුගත වූ ලසසප අන්තිමේ දී 1964 බන්ඩාරනායක මහත්මියගේ ධනේශ්වර සභාග රජයට එකතු වුනි. 1970 වසරෙහි සභාග ආන්ඩුවට යලි එකතුවෙමින් ලසසප නායක කොල්වින් ආර්. ද සිල්වා, සිංහල රාජ්‍ය භාෂාව හා බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරමින් සිංහල ස්වෝත්තමවාදය ස්ථාපිත කල ව්‍යවස්ථාව නිර්මානය කලේ ය.
තම ප්‍රතිපත්ති වඩාත් යථාර්ථවාදී ය යන පදනම මත තම පාවාදීම් සාධාරනීකරනයට අවස්ථාවාදීහු සැම විටමත් උත්සුක වෙති. විප්ලවකාරී ව්‍යාපාරයේ මූලධර්ම චමත්කාර ජනක යයි පෙනී ගිය ද ඒවායේ මහා හීනයකට වැඩි යමක් නැත. ඇත්ත වසයෙන් ම නම්, ඉතිහාසය පෙන්නුම් කර ඇත්තේ විජිත රටවල මේ ජාතික ආර්ථික හා දේශපාලන ස්වාධීනත්වය පිලිබඳ ඉදිරිදර්ශනය කිසිසේත්ම ප‍්‍රානශක්‍ය නො වන බව ය.
මේ ඉදිරිදර්ශනය ඇතැම් අවස්ථාවල දී කෙතරම් බලගතු ලෙස පෙනී ගිය ද එය සැම විට ම පදනම් වූයේ සංසිද්ධ කොන්දේසි දෙකක් එනම්, එක් අතකින්, ලෝක ධනවාදයේ පශ්චාත් යුද උත්පාතය හා අනෙක් අතින්, සීතල යුද්ධය මත ය. මින් පලමුවැන්න, එක්තරා සීමිත ආර්ථික ව්‍යාපෘතියකට ද්‍රව්‍යමය සම්පත් සැපයී ය. දෙවැන්න, ආර්ථික හා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එක් පැත්තකින් අධිරාජ්‍යවාදී බලවතුන් ද අනෙක් පැත්තෙන් සෝවියට් සංගමය ද අතර තුලනය වෙමින් උපාමාරු දැමීමට ධනේශ්වර ජාතිකවාදී නායකයින්ට යම් ඉඩකඩක් ලබාදුනි.
1970 ගනන්වල මැද භාගයේ දී 1930 ගනන්වලින් අනතුරුව ඇති වූ ගැඹුරු ම ආර්ථික පසුබැස්මත් සමග ම පශ්චාත් යුද උත්පාතය අවසන් වුනි. එය ශ්‍රී ලංකාව මත අතිශය විනාශකාරී බලපෑමක් ඇති කලේ ය. සභාග රජයේ සමාජවාදී ව්‍යාජයන් පදනම් කර තිබුනු ජාතික වැඩපිලිවෙල එම පසුබැස්ම තුලින් කුඩුපට්ටම් වුනි.
ගෙවුම් ශේෂ ගැටලුවලට හා ඉහල යන උද්ධමනයට ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ අභ්‍යන්තර වසයෙන් හා බාහිර වසයෙන් වැඩිමනත් ආර්ථික පාලන රෙගුලාසි ඇතිකිරීම ය. මේ පියවර, ආර්ථික ගැටලු තීව්ර කිරීමටත් ජනතාවගේ පුලුල් කොටස් අතර ගැඹුරු එදිරිවාදිකම් ජනිත කිරීමටත් හේතුකාරක විය. ජීවන වියදම පෙර නො වූ විරූ මට්ටම් කරා ඉහල නගිත්ම, ආනයන සීමා වැඩි වන සේවා වියුක්තියට මග පාදත් ම, ආන්ඩුවේ දැඩි අරපිරිමැසුම්දායක පියවර, මිනිසුන්ට අනුභව කල හැකි හෝ කල නො හැකි ආහාර සම්බන්ධයෙන් කොන්දේසි පැනවීම දක්වා ම දුරදිග ගියේ ය. වර්ධනය වන විරෝධතාවයට මුහුන දුන් රජයේ එකම ප්‍රතිචාරය වූයේ වැඩ වර්ජන නීති විරෝධී කිරීමට හදිසි නීති උපයෝගි කර ගැනීම ය.
1977 වසරේ ප ැවති මහ ම ැතිවරනයෙ ් දී බන්ඩාරනායක රජය බලයෙන් පහකර දැමුනි. ආසන168කින් සමන්විත පාර්ලිමේන්තුවක ශ්‍රීලනිප නියෝජනය ආසන 8කට පමනක් සීමා විය.
නිදහස් වෙලඳ පොල වෙත හැරීම
ශ්‍රී ලංකා ආර්ථිකය තුල කැලඹීම භූගෝලීය ක්‍රියාවලියක කොටසක් විය. මුලුමනින් ම ජාත්‍යන්තර නය මත යැපුනු ඊනියා සංවර්ධනය වන රටවල් මත විනාශකාරී බලපෑමක් ඇති කලා වූ පොලී අනුපාත නැංවීමේ වැඩපිලිවෙලක් 1979-80 වර්ෂවල එක්සත් ජනපද මහ බැංකුවේ සභාපති පෝල් වොල්කර් විසින් ආරම්භ කරන ලදි. එම පිලිවෙත නිසා ලතින් ඇමරිකාවේ ආර්ථිකයන් නැති වී ගිය දශකයක් අත්වින්දාහ. ඒ දශකය තුල ලතින් ඇමරිකාවේ ආර්ථික වර්ධනය එක තැන පල් වූ අතර උප සහරා අප්‍රිකාව යලි ප්‍රකෘති තත්වයට පත් නො වුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩපිලිවෙල යටතේ, ආනයන ආදේශ කිරීම මත පදනම් වූ ජාතික ආර්ථික සංවර්ධන වැඩපිලිවෙල වෙනුවට, නිදහස් වෙලඳ පොල න්‍යාය පත්රයකට හා නිර්යාත දිශාවනතියකට වඩ වඩාත් බර වූ වැඩපිලිවෙල ආදේශ කෙරිනි.
1977 වසරේ බලයට පත් වූ යූඇන්පී ආන්ඩුව මේ නව න්‍යාය පත්‍රය මුලින් ම ස්ථාපිත කල රටවල් අතුරින් එකකි. ආර්ථික පරිපාලන නීති හකුලුවා ගැනුනි. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර ඇතුලුව ආර්ථිකයේ වැදගත් අංශ විවෘත කෙරිනි. එහි ප්‍රතිඵලය වසයෙන් බාහිර නය ප්‍රමානය වේගයෙන් වැඩිවුනි. 1960 වසරේ ඩොලර් මිලියන 62ක් වූ බාහිර නය ප්‍රමානය 1969 වසර වන විට ඩොලර් මිලියන 231ක් දක්වා ද 1974 වසර වන විට ඩොලර් මිලියන 350 ක් දක්වා ද නැංගේ ය. 1977- 78 වසරවලට අනතුරුව බාහිර නය ප්‍රමානය බලගතු ලෙස නගිමින් 1986 වසර වන විට ඩොලර් බිලියන 4කට බිඳක් පහත මට්ටමකට ලඟාවුනි.
නිදහස් වෙලඳ පොල වෙත ආන්ඩුව හැරීමත් ඒ හේතුවෙන් ජීවන තත්වයන්ට පහර එල්ල කිරීමත් සමග ඇති වූයේ ජාතිවාදී දේශපාලනය වෙත යොමුවකි.
සිය ජාතිකවාදී න්‍යාය පත්‍රයේ වර්ධනය වන බංකොලොත් භාවය සඟවා ගැනීමට බන්ඩාරනායක ආන්ඩුව ජාතිවාදය උපයෝගී කර ගත්තා සේ ම නිදහස් වෙලඳ පොල තන්ත්රය හඳුන්වා දීමේ දී ජයවර්ධන ආන්ඩුවට ජාතිවාදය ඉමහත් සේ ප්‍රයෝජනවත් අවියක් විය. 1980 දශකයේ මුල් වසර තුල ඇති කල දෙමල විරෝධි සංවිධිත ඝාතන 1983 වසරේ සිවිල් යුද්ධයට සෘජුවම මඟ පෑදී ය.
යුද්ධය ගෙනයෑම සඳහා උපයෝගී කර ගන්නා ලද වඩ වඩාත් මර්දනකාරී පියවර, දස ලක්ෂ සංඛ්‍යාත ජනයාට අපමන දුක් ගැහැට නිර්මානය කල අතර සැලකිය යුතු පෞද්ගලීකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරුනි. රජය සතු ව්‍යාපාර විකුනා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මුලින් නිවේදනය කරන ලද්දේ 1987 වසරේ දී ය. ඉන් අනතුරුව, 80කට අධික පොදු ව්‍යවසායන් සංඛ්‍යාවක් පුද්ගලික අංශයට දී ඇත. 2000 වසර වන විට, ර ාජ්‍ය අ ංශයෙ ් යෙදී සිටින සේවකයින්ගේ අනුපාතය සියයට 21.5 සිට සියයට 13.6 දක්වා පහත වැටුනි.
රජයේ වත්කම් පෞද්ගලිකරනය තුලින් ආන්ඩුවේ ආදායම වැඩි කර ගත හැකි වුව ද, යුද්ධයෙන් ජනනය කරන ලද මූල්‍ය ගැටලු මැඩපවත්වා ගැනීමට එය කිසිසේත් ම ප්‍රමානවත් නො වී ය. 1990 ගනන්වල දී යුද්ධය හේතුකොට ගෙන ආන්ඩුවට දරන්නට සිදු වූ පිරිවැය දිනකට ඩොලර් මිලියන 77.5ක දැවැන්ත ප්‍රමානයක් විය.
2000 අප්‍රේල්-මැයි මාස තුල, උතුරුකරයට දොරටුව වූ අලිමංකඩ අත්පත් කර ගැනීම තුලින්, එල්ටීටීඊය කොලඹ ආන්ඩුවේ සන්නද්ධ බලකායන්ට දැවැන්ත පහරක් එල්ල කිරීම නිසා, යුද්ධය අන්තිමේ දී දිනන්නට හැකි යයි රජය විසින් කර ගෙන යන ලද කියාපැම් සුනුවිසුනු කර දැමී ය.
වර්ධනය වන ආතතීන්ට අමතරව, ඊලඟ වසරේ දී ආර්ථිකය සියයට 1.4කින් සංකෝචනය විය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසය තුල ආර්ථිකය සෘන වර්ධනයක් පෙන්නුම් කල මුල් ම අවස්ථාව විය. නය ගැති බව අහස උසට නැංගේ ය. මුලු රාජ්‍ය නය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100කට ආසන්න ප්‍රමානයකට නැංවුනු අතර බාහිර නය ඩොලර් බිලියන 10කට ආසන්න විය. 2001 ජනවාරියෙහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආන්ඩුව ඩොලර් මිලියන 253ක නය මුදලක් ලබාගැනීමෙන් අනතුරුව, රුපියලෙහි අගය පාකර හැරීමට මහ බැංකුව තීරනය කලේ ය.
2001 දෙසැම්බරයේ දී, යූඇන්පී නායකත්වයෙන් යුතු වික්‍රමසිංහ ආන්ඩුව යලි බලයට පත්වීමත් සමග අලුතින් නය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මහත් උනන්දුවකින් ඇරඹිනි.
ඉතාමත් බලගතු භූගෝලීය මූල්‍ය ආයතනවල උවමනාකම් නියෝජනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම නය ලබා දෙන්නේ නය ලබාගන්නා රටවල ආර්ථිකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසිය මත පමනි. මුල දී මේ පියවර හඳුන්වන ලද්දේ ව්‍යුහාත්මක ගැලපුම් වැඩපිලිවෙල වසයෙනි.
එනමුදු සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වැය කෙරෙන මුදලට වඩා අති විශාල මුදල් ප්‍රමානයක් නය සහ පොලී ආපසු ගෙවීම සඳහා වැය කිරීමට විශේෂයෙන් අප්‍රිකාවෙහි දුප්පත් රටවලට බලකිරීම තුලින් මෑත වර්ෂ තුල එම වැඩපිලිවෙලවල විපාක හෙලිදරව් වීමත් සමග ඒවාට නව නම් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලකෙරී ඇත.
මේ අනුව, අඩු ආදායම් ලබන රටවල් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊනියා සහනදායක නය පහසුකම වන දරිද්‍රතා අවකරන හා සංවර්ධන පහසුකම යටතේ අරමුදල් ලබාගැනීම සඳහා කොලඹ ආන්ඩුව සිය ඉල්ලුම් පත ඉදිරිපත් කලේ ය. මේ සඳහා තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් සපුරන්නේ කෙසේ දැයි විස්තර කෙරෙන දරිද්‍රතා අවකරන මූලෝපායිකපත්රිකාවක් (පීආර්එස්පී) මුලින් ඉදිරිපත් කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව බැඳී සිටියි.
2002 දෙසැම්බරයේ දී, යලි පුබුදමු ශ්‍රී ලංකා යන හිසින් යුතු පිටු 252කින් සමන්විත සිය පීආර්එස්පී පත්‍රිකාව ආන්ඩුව නිකුත් කලේ ය. වර්ධනයේ දැක්ම වසයෙන් හඳුන්වන ලද එහි ආරම්භක කොටස පෙර දශක දෙක තුල තමන්ට අහිමි වූ අවස්ථා ගැන ශ්‍රී ලංකා ධනේශ්වරයේ ලතෝනිය ලෙස සම්පින්ඩනය කර දැක්විය හැකි ය.
සත්‍යය නම්, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගැලී සිටී. මෙය නයගැති කමින් ජනිත වූ අර්බුදයකැ යි යන නිගමනෙන් ලියවිල්ල ආරම්භ වෙයි. මේ අර්බුදය ඉක්මනින් අත්හිටවූයේ නැත්නම්, ඉදිරි පරම්පරා ගනනාවක් තුල රැකියා නියුක්තිය හා ආදායම් ඉතාමත් ම අහිතකර පාතාලයේ පවතිනු ඇත.
ඕනෑම අපක්ෂපාතී නිරීක්ෂකයකු නිගමනය කරනු ඇත්තේ එවැනි ප්‍රකාශ 50 වසරකට අධික කාලයක් බලයේ සිටීමෙන් පසුව ශ්‍රී ලාංකික පාලක ප්රභූව පාලනය කිරීමට පරිපූර්නවම අසමර්ථ හා නුසුදුසු බව පිලිගැනීමක් ලෙස ය. එනමුදු, ආන්ඩුවේ විකෘති වූ තර්කයට අනුව, තම පූර්වගාමීන් සමග තමන් ද බිහි කිරීමට වගකිව යුතු වූ අර්බුදය ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පැටවුනු වේගවත් නිදහස් වෙලඳ පොල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පදනම සකසා ඇත.
දුප්පත්කම අඩු කිරීම පිලිබඳ ප්රකාශනයේ කර ඇති කතා තනිකර පලිප්පු ය. නව වැඩපිලිවෙලේ සැබෑ ගාමක බලය වූයේ දැනටමත් අගනා කාලය අහිමි කර ගෙන සිටින ශ්‍රී ලංකාව, නව භූගෝලීය ආර්ථික පර්යායේ රාමුව තුල තමන්ටත් ලාභ සහිත අගු කොනක් ලබාගැනීම සඳහා කරන තරඟයේ දී තම ප්රතිමල්ලවයන් තමන් පරයා යනු ඇතැයි යන භීතිය යි.
ලියවිල්ලෙහි තව දුරටත් මෙසේ සඳහන් වුනි: තම ආර්ථිකය ලිහිල් කිරීම ශ්‍රී ලංකාව ඇරඹුයේ 1977 වසරේ දී ය. ඉන් අනතුරුව, එය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. එසේ වුව ද, වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව මෑත වසර තුල එම ප්‍රගතිය සහමුලින් ම මෙන් ඇනහිට නැතිනම් මන්දගාමී වී ඇත. වෙනත් බොහෝ රටවල් වේගවත් හා සාර්ථක ලෙස ආර්ථික ප්රතිසංස්කරන හා ඒකාග්‍රතා ක්රියාවලියෙහි ඉදිරියට ගමන් කර ඇත... මේ කාල වකවානුව තුල, එම රටවල් වඩාත් විවෘත ආර්ථික ප්‍රතිපත්ති අරඹා වඩාත් සමීප ආර්ථික සබඳතා ඇති කර ගත්හ. අවාසනාවකට මෙන්, මේ රට පමා වී ඇත. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය තීරනාත්මක ප්රතිසංස්කරන හා සමගාමී වීමට හෝ ඒවා ක්‍රියාත්මක කිරීමට මේ රට අපොහොසත් විය.
ගතයුතු ඉදිරි මග සැකිල්ලක් සේ දක්වමින්, ආන්ඩුවේ වැය කපා හැරීම, රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය හා මුලු ආර්ථිකය තුල ම රැකියා කපා හැරීම මත පදනම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නියෝග කරන ලද පිලිගත් වැඩපිලිවෙල මේ ලියවිල්ලෙන් ඉදිරිපත් කෙරේ. නය අර්බුදය ජය ගැනීමට නම් බොහෝ ක්ෂේත්‍ර තුල කපා හැරීම් හා සීමා කිරීම් අවශ්‍ය වනු ඇත. නිමක් නොමැති කාර්යයක් ලෙස දක්වන ලද ඵලදායිතා වර්ධනය උදෙසා අප විසින් භාන්ඩ හා සේවා සඳහා ලොව වටා ආක්රමනශීලිව ආයෝජන හා වෙලඳ පොල ශක්‍යතාවයන් සොයා යෑම අවශ්‍ය වනු ඇත. අන් සියල්ලටමත් වඩා වානිජ කටයුතු පෞද්ගලීකරනය කරන ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය ය. එමගින් එම කටයුතු පුද්ගලික අංශය මගින් වඩාත් ඵලදායි ලෙස කරගෙන යා හැකි අතර ජනයා රැකියා අතර සංචලනයවීමේ වැඩිමනත් නම්‍යතාවක් සහතික කල හැක. මෙය වූ කලි රැකියා වියුක්තිය හා රැකියා අනාරක්ෂිතභාවය ඇති කරන බව වක්‍රව කිීමකි.
පීආර්එස්පී පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අභිප්‍රාය ලිපියක් යවන ලදි. එමගින් ආන්ඩුව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ප්‍රතිපත්ති විස්තර කෙරින. ඊට අමතරව වැඩිමනත් පියවර ගැනීමට තමන් සූදානමින් සිටින බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එවැනි සාකච්ඡා පිලිවෙත්වලට අනුකූලව ඒ හා සාකච්ඡා කිරීමටත් ආන්ඩුව සහතික වුනි.
ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති පිලිබඳ ආන්ඩුවේ ලියවිල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාත්මක කිරීමට තම කැපවීම අකුරටම අවධාරනය කලේ ය. ආදායම යලි බෙදී යෑම හා පැවරුම් සම්බන්ධයෙන් කලින් අනුගමනය කරන ලද ඉවසිය නො හැකි පිලිවෙත් බැහැර කරමින් එතුලින් පුද්ගලික අංශයෙහි වේගවත් වර්ධනයක් ඇති කරනු ඇත.
වර්ධනය ප්‍රමානවත් නො වීම හා දුප්පත්කම ඉහල මට්ටමක තිබීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ ආධිපත්‍ය දිගින් දිගටම පවත්වාගෙන යාම මත වරද පටවමින් කේන්ද්‍රීය අවධානය යොමු වනුයේ ඵලදායිතා වර්ධනයට ඇති බාධක ඉවත් කෙරෙන ව්‍යුහාත්මක ප්රතිසංස්කරනයන් ඇති කිරීම හා පුද්ගලික අංශයේ ප්රමුඛත්වයෙන් යුතු සංවර්ධනයට අනුබල දීම වෙත බව ලියවිල්ලෙන් අවධාරනය කෙරින.
මේ ලියවිල්ලට පැහැදිලිව ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ගේ අනුමැතිය ලැබුනි. ඊලඟ වසර තුන තුල වැඩපිලිවෙල වෙනුවෙන් මුදල් සැපයීමට සහාය වෙමින් එහි විධායක මන්ඩලය ශ්‍රී ලංකා ආන්ඩුවට ඩොලර් මිලියන 567ක පහසුකමක් සැපයුම අනුමත කිරීම තුලින් මෙය පැහැදිලි විය.
වික්‍රමසිංහගේ ඊනියා දුප්පත්කම අඩු කිරීමේ මූලෝපායික වැඩපිලිවෙල මේ වසර මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනුමත කිරීම, ශ්‍රී ලංකාව භූගෝලීය මූල්‍ය පරිපථයට ඒකාග්ර කිරීමේ ඊලඟ අදියරට මග විවෘත කලේ ය. මෙය සිදු වූයේ පසුගිය ජූනි මාසයේ දී ටෝකියෝහි කැඳවන ලද ශ්‍රී ලංකාවට ආධාර සපයන්නන්ගේ සමුලුවේ දී ය. එක්සත් ජනපදයේ සක්‍රීය දේශපාලන පිටුබලය ද ජපානයේ සැලකිය යුතු මූල්යයෙදවුම ද ඇතිව රටවල් 50ක් ද 20කට අධික ජාත්‍යන්තර මූල්‍ය ආයතන සංඛ්‍යාවක් ද නියෝජනය කල සාකච්ඡා සමුලුවට සහභාගි වූවෝ, ශ්‍රී ලංකාවේ ප්රතිනිර්මානය අරබයා මීලඟ සිව් වසර තුල ඩොලර් බිලියන 4.5ක් ලබාදීමට ප්‍රතිඥා දුන්හ.
එසේ වුව ද, මේ ආධාර සැපයුම රටෙහි දිග්ගැසුනු සිවිල ් යුද ්ධය තීරනාත්මක අවස ානයක් කරා ගෙනයෑමේ කොන්දේසිය මත රැඳුනි. ජාත්‍යන්තර ප්රාග්ධනයේ ප්රමුඛ කොටස්වල පාර්ශවයෙන් බලන කල, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමග කොලඹ ආන්ඩුවේ ගැටුම මෙම කලාපය වෙනුවෙන් සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට බාධකයක් වෙයි. ආධාර සැපයීම සඳහා ඔවුන් පෙලඹෙන්නේ ශ්‍රී ල ංක ාවේ ස ාම ාන්‍ය ජනය ාගෙ ් ජීවිතවලට ස්ථාවරත්වයක් ලබාදීමේ හෝ ඔවුන්ගේ ජීවන තත්වයන් වැඩි දියුනු කිරීමේ අභිප්‍රායකින් නො වේ.
දකුනු ආසියාවේ සිය මූල්‍යමය “ හා ඇතැම් විට මිලිටරි “ මෙහෙයුම් සඳහා කේන්ද්‍රස්ථානයක් වසයෙන් එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව අවශ්‍ය ය.
වසර 20කට ආසන්න කාලයක් තුල ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගැන හෝ ශ්‍රී ලංකාවේ ජනතාව මත එහි බලපෑම ගැන හෝ එක්සත් ජනපදය කිසිදු උනන්දුවක් නො දැක්වී ය. එනමුදු, පසුගිය දෙවසර තුල, දකුනු ආසියාවෙහි ඔවුන්ගේ මැදිහත්වීම වැඩිවත්ම, සාම ක්රියාවලියෙහි සක්‍රීයව සහභාගි වන්නෙකු බවට වොෂිංටනය පත් වී ඇත. මේ මස මුල දී කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්මිටේ– ප්‍රශ්නයට අදාල කරුනු පැහැදිලි කලේ ය.
අපගේ අතිමහත් උවමනාකම මනුෂ්‍යත්වය සම්බන්ධයෙනැ යි යන සදාචාරාත්මකව බැඳුනු ප්රකාශනයෙන් අනතුරු ව, ආර්මිටේ– මෙසේ කියා සිටියේ ය: අපට අවශ්‍ය වන්නේ මේ දිවයින “ මිලියන 20කට අධික ජනගහනයකින් යුතු මේ රට “ දකුනු ආසියාව තුල පමනක් නො ව, මුලු ගෝලය තුල ම ආර්ථික දිවියේ පිරිපුන්, පරිසමාප්ත සහකරුවකු වනු දැකීම ය. ශ්‍රී ලංකාව, දකුනු ආසියාවෙහි වර්ධනයේ යාන්ත්රනයක් නො වීමට හේතුවක් අපට දැකිය නො හැක. එය යථාර්ථයක් වන දිනය තෙක ් මම ඕනෑකමකින් බලා සිටින්නෙමි.
කලාපය තුල තම අවශ්‍යතා තවදුරටත් සාක්ෂාත් කර ගැනීම සඳහා, නව දිල්ලියේ ව–පායි තන්ත්රය හා වික්‍රමසිංහ ආන්ඩුව අතර වඩාත් සමීප සබඳතා ඇති කර ගැනීමට එක්සත් ජනපදය අනුබල දී ඇත. 2004 මාර්තු මස ඒකාබද්ධ කමිටුවක් මගින් දැනටමත් සූදානම් කර ඇති ප්රකාශනයක් මත පරිපූර්න ආර්ථික හවුල් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ව ඇත.
ඉන්දියාව පසෙක සිටිමින් ශ්‍රී ලංකාව හසුරවයි යන හිසින් යුතුව රම්තානු මයිත්‍රා විසින් ඒෂියා ටයිම්ස් නොවැම්බර් 10 කලාපයේ පල කරන ලද ලිපියක සටහන් කර ඇති පරිදි, දෙරට අතර වෙලඳාම සඳහා භාන්ඩ ලැයිස්තුවකට සීමාවුනු දැනට පවතින වෙලඳ ගිවිසුම වෙනුවට මේ පරිපූර්න ආර්ථික හවුල් ගිවිසුම ආදේශ කෙරේ. සේවා, ගුවන් ගමන්, ප්‍රවාහනය, සංචාරක කටයුතු හා ආයෝජන වැනි වෙලඳ හා ආර්ථික ක්ෂේත්‍ර තුල පුලුල් ක්‍රියාවලියක් එමගින් ආවරනය කෙරේ. ඇත ්ත වසයෙන් ම, ගැට් සංවිධානයේ (වෙලඳාම හා තීරුබදු පිලිබඳ පොදු ප්රඥප්තියේ) රාමුව තුල සියලුම සේවා අංශ හා සැපයුම් විධික්රම ආවරනය වන පුලුල් සාකච්ඡා ඇරඹීමට සම්මුතිය දෙරටට පොදුවේ ඉඩ සලස යි. මීට අමතර ව, හඳුනාගත් පාලනමය හා මෙහෙයුම් නිරෝධකවලට අවධානය යොමු කිරීම තුලින් වඩාත් විශාල ආයෝජන සංචලන ඇතිවීමට එය පහසුකම් සලසන අතර ආර්ථික සහක්‍රියාකාරීත්වය වැඩි දියුනු කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමට සහාය වෙයි. එමෙන් ම වෙලඳාමට හා ආයෝජන ලිහිල්කරනයට මග පාද යි.
ශ්‍රී ලංකාව වර්ධනයේ යාන්ත්රනයක් බවට පරිවර්තනය කිරීමේ එක්සත් ජනපද සැලසුම්, මුලු දකුනු අ ාසිය ානු කල ාපය ම වඩ ාත ් සමීප ආර්ථික එ ්ක ාග්රකරනයක ් අරමුනු කෙ ාටගත ් පුලුල ් වැඩපිලිවෙලක කොටසකි. එහි අරමුන, ජාත්‍යන්තර හා අන් සියල්ලට ම වඩා, එක්සත් ජනපද මූල්‍ය ප්රාග්ධනයේ ආධිපත්‍යය ඉහල දැමීම පහසු කිරීම ය.
මේ ඒකාග්රකරනය මිලිටරි ක්ෂේත්රය දක්වා ද ව්‍යාප්ත වේ. පසුගිය මාසයේ දී, නව දිල්ලියෙහි පවත්වන ලද සාකච්ඡාවලට අනතුරුව, තමතමන්ගේ රටවල් අතර ආරක්ෂක සබඳතා විධිමත් කරන බවට වික්‍රමසිංහ හා ව–පායි නිවේදනය කලහ. ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රක ාශනයට අනුව: ශ්‍රී ලංක ාවේ ආරක ්ෂ ාව සම්බන්ධයෙන් ඉන්දියාව දිගට ම උනන්දු වන අතර එහි ස්වාධිපත්‍යය හා භෞමික අඛන්ඩතාව සාක්ෂාත් කිරීමට කැප වී සිටී.
වඩාත් සමීප ආර්ථික සැකසුම් මෙන් ම, වර්ධනය වන ආරක්ෂක සබඳතා ද පවත්වාගෙන යනු ලබන්නේ එක්සත් ජනපද මූලෝපායික අවශ්‍යතාවලට අනුකූලව ය. ඒෂියා ටයිම්ස් හි මයිත්රාගේ ලිපියට අනුව: දෙමල- සිංහල ගැටුම සමථයකට පත්කිරීම පිලිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතාව ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය සංකේන්ද්‍රනය වීම පිලිබිඹු කරයි. එක්සත් ජනපද ගුවන් හමුදා විශේෂඥයින් 30 දෙනෙකු පමන, සම තත්වය දරන දේශීය විශේෂඥයින්ට ඔවුන්ගේ ආරක ්ෂක, සෞඛ්‍ය හා ඉ ංජිනේරු අවශ්යත ා සම්බන්ධයෙන් සහාය වීම සඳහා, ශ්‍රී ලංකාවේ ගුවන්තොටවල් පිලිබඳ ඒකාබද්ධ සමීක්ෂනයක් අරඹා අ ැත ැයි කෙ ාලඹ එක ්සත ් ජනපද ත ාන ාපති කාර්යාලයෙන් මෑත නිකුත් කෙරුනු වාර්තා මගින් දැක්වේ. එක්සත් ජනපද විශේෂ බලකායන් විදග්ධ මිලිටරි පුහුනු කඳවුරක් පිහිටුවා ඇති දකුනු පලාතේ වීරවිල දී ශ්‍රී ලංකා බලකායන්ට පෘථුල සටන් පුහුනුවක් ලබා දෙන බවට වසර අටක පමන කාලයක් තුල කොටි සංවිධානය ප්‍රකාශ කර ඇත. විදේශීය මැදිහත්වීම පිලිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිහැඬියාවක් පවත්වාගෙන ගොස් ඇති කොලඹ ආන්ඩුව කැරලිකරුවන්ගේ චෝදනා කිසිවක් ප්‍රතික්ෂේප කර නැත.
නව අධිරාජ්‍යවාදයක්
වෙසෙසින් ම, එක්සත් ජනපදය, ඉරාකය ආක්රමනය කිරීම වික්‍රමසිංහ විවෘතව අනුමත කර ඇති අතර ඕනෑම අනාගත මිලිටරි මැදිහත්වීමක් ඔහු අනුමත කරන බව පැහැදිලි කර ඇත. පසුගිය මස, ඔහු එක්සත් ජාතීන්ගේ මහ සමුලුවට කියා පෑ පරිදි, එක්සත් ජනපදයට හා එහි සගයිනට මැදිහත්වීමට හැර වෙනත් විකල්පයක් නො තිබුනි. එක්සත් ජාතීන්ගේ අසාර්ථකත්වය ලෝක පොලිස්කරුවෙකුගේ අවශ්‍යතාව නිර්මානය කලේ යයි ඔහු තවදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකා ආන්ඩුව හා එල්ටීටීඊය අතර ගිවිසුමට බොහෝ සෙයින් වැඩි යමක් ඊනියා සාම ක්‍රියාවලිය සමග බැඳී ඇති බැව් මේ මත ප්රකාශනයන්ගෙන් අවධානය කෙරේ. මුලු උපමහාද්වීපය පුරා ආර්ථික හා දේශපාලන සබඳතා යලි හැඩගැස්වීම සඳහා එක්සත් ජනපදය හා එහි කලාපීය සගයින් විසින් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනිකුත් භූගෝලීය මූල්‍ය ආයතන විසින් ද මෙහෙයවන ලද වඩාත් පුලුල් වූ න්‍යාය පත්‍රයක කොටසකි, එය.
සැබැවින් ම, සාමය ගෙන ඒමේ හා වර්ධනය අත් කර ගැනීමේ අවශ්‍යතාව පිලිබඳ මන්තරය තුල මේ සැලසුම් සැඟවී ඇත. එනමුදු, ඇත්ත වසයෙන් ම එම සැලසුම් මෙහෙයවනු ලබන්නේ ලොව අස්සක් මුල්ලක් නෑර ලාභ උපදවන නව මූලාශ්රයන් අත්පත් කර ගැනීමට ප්‍රධාන සංස්ථාවන් හා මූල්‍ය ආයතන තුල පවතින අවශ්‍යතාව මගිනි. මෙයට ලාභ ශ්‍රමය හා අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමට අමතරව එමෙන්ම ම වැදගත් තවත් බොහෝ දෑ ඇතුලත් වේ. මූල්‍ය ප්රාග්ධනය “ බැංකු, රක්ෂන සමාගම්, ආයෝජන අරමුදල් හා එවන් ආයතන “ නව ආ∞යම් උල්පත් සොයමින් ලොව පුරා නිරන්තරයෙන් සැරිසැරීමෙහි ලා දක්වන්නේ ඊට නො දෙවෙනි ගිජුකමකි.
උප මහාද්වීපය හරහා ස්ථාපිත කෙරීගෙන යන නව අධිරාජ්‍යවාදී පද්ධතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙනස් වුව ද එහි සාරභූත අන්තර්ගතය එසේ ම පවතී.
කේන් සහ හොප්කින්ස් යන ඉතිහාසඥයින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පිලිබඳ තම අගනා අධ්‍යයනය තුලින් පෙන්වා දී ඇති පරිදි, අධිරාජ්‍යයට තීරනාත්මක ප්රශ්නය වූයේ විජිත ආධිපත්‍ය යන්නම නො ව, ආර්ථික ක්රියාවලියෙහි රීති ක්‍රියාත්මක කිරීම ය.
ආර්ථික ඉදිරිදර්ශනයක් වසයෙන් අධිරාජ්‍ය දැකිය හැක්කේ, අගනුවර ආර්ථිකයට සම්බන්ධ වූ දේපල අයිතිවාසිකම් රටින් පිටට ව්‍යාප්ත කිරීම තුලින් ගනුදෙනු පිරිවැය අඩු කර ගත් පාරජාතික සංවිධානයක් ලෙස ය. [British Imperialism 1688-2000, (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය 1688-2000), පී. ජේ. කේන් සහ ඒ.ජී.හොප්කින්ස්, 4 වැනි පිටුව].
අධිරාජ්‍යයේ මෙහෙයුම් පිලිබඳ කේන් සහ හොප්කින්ස්ගේ විස්තර කිරීම මගින්, නුතන යුගයේ ක්‍රීඩාවෙහි රීති ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි හා අනෙකුත් ජාත්‍යන ්තර මූල්‍ය ආයතනයන්ගේ ක්‍රියාවන් අන් කවරකටත් වඩා හොඳින් පැහැදිලි කෙරේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රාමුව යටතේ දේශපාලන ආර්ථිකයේ ප්රතිසංස්කරන මූලධර්ම ඈත රටවලට දැඩි උනන්දුවකින් අදාල කෙරිනැ යි ඔවුහු සටහන් කලහ.
අනුමත දේපල අයිතිවාසිකම්, පුද්ගලවාදය, නිදහස් වෙලඳ පොලවල්, සාධාරන මුදල් කටයුතු සහ පොදු අරපිරිමැස්ම, යන කරුනු සදාචාරාත්මක හා භෞතික දිවියට ශික්ෂනයක් හා අරමුනක් සැපයූ අතර යහපත් ආන්ඩුකරනය ශක්තිමත් කර ප්‍රසන්න සගයන් නිපැදවී ය. (ඉහත සඳහන් ග්රන්ථයෙහි, 48 වැනි පිටුව.) අද දින එවැනි කොන්දේසි පැනවීම සඳහා විජිත පාලන ආකෘතීන් ස්ථාපිත කිරීමට අත්‍යවශ්‍ය නො වේ.
ලෙනින් වරෙක පෙන්වා දුන් පරිදි, සියලු ජාත්‍යන්තර සබඳතා තුල, මූල්‍ය ප්රාග්ධනය කෙතරම් බලගතු හා තීරනාත්මක බලවේගයක් ද යත්, පූර්න දේශපාලන ස්වාධීනත්වය භුක්ති විඳින රාජ්‍යයන් පවා තමන්ගේ යටතට ගැනීමට එය සමත් වන අතර සැබැවින් ම එය එසේ යටතට ගනී. (එකතු කල කෘතීන්, 22 වැනි වෙලුම, ලෙනින්, 259 වැනි පිටුව).
සාම ක්රියාවලියෙහි දේශපාලන ආර්ථිකය ලෙස දැක්විය හැකි මේ ප්‍රතිෂ්ඨාව, කෙතරම් ලුහුඬු වුව ද, එහි ප්‍රධාන හවුල්කරුවන් විසින් නියෝජනය කෙරෙන සමාජ බලවේගයන් පිලිබඳව, යටත් පිරිසෙයින් පුලුල් සැකිල්ලක් වසයෙන්, පැහැදිලි කිරීම අරඹයි.
මහා ව්‍යාපාරිකයේ අධිකාරවත් කොටස්වල අනුබලය ද ඇතිව රනිල් වික්‍රමසිංහගේ යූඇන්පීය, දකුනු ආසියාව වෙනුවෙන් එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන දේශපාලන හා ආර්ථික සැකසුම් තුලට ශ්‍රී ලංකාව ඒකාග්ර කිරීමට ක්‍රියාකරමින් සිටී - එනම්, අ ායෙ ා ්ජන හ ා මූල්‍ය කටයුතු සඳහ ා කේන්ද්‍රස්ථානයක් වසයෙන් මේ රට පරිවර්තනය කිරීම යි.
ශ්‍රී ලංකාව කොටි ආර්ථිකයක් වනු දැකීම තම අභිලාෂය බව එල්ටීටීඊය දැනටමත් විවෘතව ප්‍රකාශ කර ඇත. මේ මූලික දිශාවනතිය සම්බන්ධයෙන් එයට එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුව සමග මතභේද නෙ ාම ැත. ස ාකච්ඡ ාවල දී ප ැන න ැගී අ ැති නොයෙකුත් ගැටුම්, දෙමල පොදු ජනය ාගේ ප්රජාතන්ත්රීය අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ ඒවා නො වේ. ඒ වෙනුවට, ශ්‍රී ලාංකික රාජ්‍යයේ රාමුව තුල තමන්ටත්, තමන් නියෝජනය කරන දෙමල ධනේශ්වරයටත්, ලබාගත හැකි යහපත් ම ගනුදෙනුව සාක්ෂාත් කර ගැනීමට එල්ටීටීඊය විසින් එම ගැටුම් උපයෝගී කර ගැනේ.
චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්රීලනිපය හා පොදු පෙරමුන සන්ධානය නව ආර්ථික සබඳතා යටතේසිය අනාගතය ගැන බියවන ශ්‍රී ලංකා ධනේශ්වරයේ කොටස් වෙනුවෙන් හඬ නගයි. 20 වසරක සිවිල් යුද්ධයෙන් වාසි ලැබූ හමුදාවේ හා ව්‍යාපාරික ලොවේ ස්ථර ද ඔවුහු නියෝජනය කරති. ලසසප, නසසප හා කොමියුනිස්ට් පක්ෂය යන පැරනි කම්කරු සංවිධානවල සහාය මත පොදු පෙරමුන තවදුරටත් විශ්වාසය තබා සිටියත් ඔවුන්ගේ භූමිකාව තරමක් දුරට සීමා වී ඇත. දශක ගනනක් තිස්සේ සිදුකල පාව ාදීම්වලට සහ අසංඛ්‍ය අවස ්ථාව ාදී දඟර දැමීම්වලට අනතුරුව, දේශපාලන වසයෙන්, මේ පක්ෂ මිරිකන ලද දෙහි ගෙඩි වැන්න.
එනිසා ය, පොදු පෙරමුනට මහජන සහාය රැස් කර ගැනීමෙහි දී ජනතා විමුක්ති පෙරමුන මත කේන්ද්‍රීය භූමිකාවක් පැවරී ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආඥාවන් අත්පත් කර දෙන ප්‍රතිඵල වනුයේ මහා පරිමාන රැකියා විනාශය, රජය සතු ව්‍යවසායන්ගේ පෞද්ගලිකකරනය හා ආදායම් යලි බෙදා හැරීමේ යල්පිනූ පිලිවෙත් ඉවත ලෑමේ නාමයෙන් සමාජ සුබසාධන පියවර කපා හැරීම යන කොන්දේසිය. මේ තතු යටතේ අධිරාජ්‍යවාදය ද ශ්‍රී ලංකාව යලි විජිතයක් කිරීමේ එහි සැලසුම් ද කර්කෂ ලෙස හෙලා දැකීම තුලින් ගම්බද දුප්පතුන්ගේ, මධ්‍යම පන්තියේ හා ශිෂ්‍ය තරුනයින්ගේ සහාය රැස්කර ගැනීමට ජවිපෙ යත්න දරයි.
සිය ජනත ාව ාදී උද ්ඝෙ ා ්ෂනය ගෙන යන අතරවාරයේ දී ම, ජවිපෙ, වචනයෙහි පරිසමාප්ත අර ඣථයෙන ් ම, පූර ඣන වසයෙන ් ම ප්රතිග ාමී වැඩපිලිවෙලක් ඉදිරියට පමුනුව යි. ප්‍රථමයෙන්, ජවිපෙ ඉදිරිදර්ශනයෙහි කේන්ද්‍රීය අංගයක් වන දෙමල විරෝධී ස ්වෝත්තමවාදය, බ්‍රිතාන්‍ය විජිතවාදීන් බලය පවරාදීමෙන් අනතුරුව, පාලක කවයන්ට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වූ භේද කොට පාලනය පවත ්වාගෙන යාමේ වර ඣගවාදී දෙ ්ශපාලනය වමෑරීමකට වැඩි යමක් නො වේ.
තව ද, ජාතික ආර්ථිකය හා ජාතික සංස්කෘතිය පුනර්ජීවනය කිරීමේ පදනම මත ජවිපෙ ජාතික සමගිය වෙනුවෙන් ඉදිරිපත්වීම වූ කලි, පසුගිය දශක දෙක තුල ලෝක ආර්ථිකයේ පුලුල් වෙනස්වීම් මගින් බ ංකෙ ාලෙ ාත ් බවට පත ් කල ධනෙ ්ශ ්ව ර ජාතිකවාදයේ සංශෝධිත රූපාකාරයකි.
ව්‍යවස්ථා අර්බුදය පිපිරී යාම මගින් ඉදිරිපත් කෙරුනු දෙ ්ශපාලන අභියො ්ගයනට මුහුන දීමේ තම පොහොසත් ඓතිහාසික අත්දැකීමෙහි පාඩම් කම්කරු පන්තිය සවිඥානකව උකහා ගත යුතු ය. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල සහ සියලු වාම විවිධත්වයන් ද ඇතුලු ධනේශ්වර ජාතිකවාදයේ සියලු රූපාකාරයන් අතර දශක ගනනාවක් තුල පැවති ගැටුම පිලිබඳ ශේෂ පත්‍රයක් දැන් පිලියෙල කල යුතු ය.
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ඉදිරිදර්ශනය යථාර්ථවාදී නො වන්නක් ලෙස හෙලා දුටු දේශපාලන පන්ඩිතයිනට විපරීතව, සපුරා අයථාර්ථවත් වන්නේ ධනේශ්වර ජාතිකවාදයේ වැඩපිලිවෙල බව එවැනි තක්සේරුවක් තුලින් පෙනී යනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනසක මත සැකසුනු නිදහස් වෙලඳ පොල න්‍යාය පත්‍රයේ සාරභූත අන්තර්ගතය වන අධිරාජ්‍යවාදී යලි-විජිතකරනයට එරෙහි අ රගලය ඉ දි රියට ය ා හ ැක ්කෙ ් එය වර්ගවාදයට හා ප්‍රජාගනවාදයට එරෙහිව සියලු කම්කරුවන් එක්සත් කරන සටනක් මත පදනම් වන්නේ නම් පමනි. ශ්‍රී ලංකාවෙහි ද සමස්තයක් වස යෙන ් ඉන ්දිය ාන ු උප මහ ාද ්වීපයෙහ ි ද ජාත්‍යන්තරව ද වෙසෙන නාගරික හා ගම්බද පොදු ජනය ා අත රින ් එව ැනි අරගලයකට බලගතු ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකාවේ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ඉදිරියට ගෙන එන වැඩපිලිවෙලෙහි පදනම එය වේ.
7
[මෙය
2003 නොවැම්බර් 13 වැනි දින The political economy of the Sri Lankan “peace process” යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
