ශ්‍රී ල ංක ාවේ දිග ්ග ැස ්සී යමින ් පවත ්න ා දේශපාලන අර්බුදය මධ්‍යයේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය පැහැදිලි කිරීම සඳහා දෙසැම්බර් 18 දා පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමේ වාර්තාවකි, පහත පලවන්නේ. සිද්ධි දාමය දිග හැරෙද්දී, කම්කරු පන්තිය, ඉන් පිටස්තරව අකර්මන්‍යව නොසිටිය යුතු බවත් තමන්ගේ ම පන්ති අවශ්‍යතා මත පිහිටා ස්වාධීනව, දේශපාලන තත්වයට මැදිහත් විය යුතු බවත් සසප ප්‍රධාන ලේකම්, විජේ ඩයස් එහි දී අවධාරනය කලේ ය.
කම්කරුවන්, ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් සහ විශ්‍රාමිකයන් විශාල සංඛ්‍යාවක් රැස්වීමට සහභාගි වූහ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජික, කේ. රත්නායක මුලසුන හොබවමින්, නොවැම්බර් 4 වැනි දා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගත් ඒකාධිපතිවාදී පියවර මගින් නිර්මානය කෙරුනු දේශපාලන අර්බුදය සන්ධිස්ථානයක් සටහන් කල බව පැහැදිලි කලේ ය. එමෙන්ම, දැන් ජනාධිපති හා ආන්ඩුව අතර සම්මුතියක් ඇති කර ගැනීමට නො හැකි වී තිබීම ගැන පාලක පන්ති කොටස් අතර පැතිර පවතින කනස්සල්ල විවිධ පත්‍රවල පලවන කතුවැකි උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ය.
සමහර විශ්ලේෂකයන්, පැන නැගී ඇති අර්බුදය ජනාධිපති හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ව්‍යවස්ථාමය ගැටීමක් ලෙස විස්තර කිරීමට උත්සාහ ගත්තත් ගැටීමේ හේතු පවතින්නේ, රටේ පැවති 20 අවුරුද්දක සිවිල් යුද්ධය හා බැඳුනු මූලික ප්‍රශ්න තුල යයි රත්නායක කීය. මෙම තතු යටතේ, කම්කරු පන්තියට තමන්ගේ ම කාර්යභාරය වටහා ගත හැක්කේ අර්බුදයේ ඓතිහාසික හේතු හා ජාත්‍යන්තර පරිමානව සිදුවී ඇති ප්‍රගාඪ ආර්ථික හා දේශපාලන වෙනස්කම් විභාග කර බැලීමෙනැයි ඔහු අවධාරනය කලේ ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සාමාජිකයකු ද වන විජේ ඩයස් රැස්වීමේ ප්‍රධාන දේශනය පවත්වමින් ලංකාවේ දේශපාලන අර්බුදය අදාල ලෝක සන්දර්භය තුල පිහිටුවා විභාග කලේ ය.
“විශේෂයෙන් ම ඇමරිකාවේ බුෂ් පාලන තන්ත්‍රයෙහි ආක්‍රමනකාරී නව විජිත කරන පිලිවෙත මගින් භූ තලයේ සෑම කොනක ම ඇති කර ඇත්තේ දැවැන්ත අස්ථාවර කරනයකි. ඉරාක ආක්‍රමනය හෙලිදරව් කලේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මංකොල්ලකාරී පිලිවෙතෙහි විෂ ඝෝර ස්වභාවය පමනක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි, දශක පහකට වැඩි කාලයක් පැවති ජාත්‍යන්තර රෙගුලාසිකරන සංස්ථාවල පූර්න බංකොලොත්කමද වේ” යැයි විජේ ඩයස් කීය.
ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහි ඇමරිකානු ආක්‍රමන ඉන්දියානු උප මහාද්වීපය තුල ආතතීන් තීව්‍ර කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය. පසුගිය කාලයේ පකිස්ථානු මිලිටරිය හා පාලන තන්ත්‍ර යැපී සිටි මුස්ලිම් මූලධර්මවාදී සංවිධාන තලා දැමීම සඳහා වොෂිංටනය පකිස්ථාන ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට දැඩි බලපෑමක් කරයි. ඒ ගමන්ම, ඇමරිකාව, ඉන්දියාවේ හින්දු අධිකාරවාදී භාරතීය ජනතා පක්ෂය සමග සමීප සබඳතා ගොඩ නගා ගනිමින් සිටී.
“ලංකාවේ විසි අවුරුදු සිවිල් යුද්ධය නතර කිරීමට වොෂින්ටනයට අවශ්‍ය වූයේ එය මෙම කලාපයේ අධිරාජ්‍යවාදී මූලෝපායික හා ආර්ථික අභිලාෂයන්ට හරස්ව යන අස්ථාවරත්වයක් ඇති කරන නිසයි. 2001 දෙසැම්බරයේ දී බලයට පත් රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව, මහා බලවතුන්ගේ හා රටේ ප්‍රධාන ධනපති කොටස්වල බලපෑම යටතේ විමුක්ති කොටි සංවිධානය සමග සටන් විරාමයක් අත්සන් කොට සාම සාකච්ඡා ආරම්භ කලා.
“එහෙත් 2002 පෙබරවාරියේදි අත්සන් කල සටන් විරාම ගිවිසුමත් එම වසරේ සැප්තැම්බරයේදී පටන් ගත් සාම සාකච්ඡා පෙලත් ධනපති පන්තිය අතර මෙන් ම ප්‍රධාන ධනපති පක්ෂ අතරත් තියුනු බෙදීම් ඇති කර තියෙනවා. ලංකාවේ දේශපාලන ස්ථාපිතයේ ඇතැම් කොටස්, දෙමල සුΩතර ජනතාවට සහන සැලසීමේ මවා පෑමකට පවා දැඩි ලෙස විරුද්ධයි.
මෙය මෙසේ වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමට නම් අපි ඓතිහාසික ප්‍රශ්න දෙසට හැරිය යුතුයි.
“1983 පටන් ගත් යුද්ධය වනාහී, මේ රටේ ධනපති පන්තිය පසුගිය සියවස මුල පටන්ම ගෙන ගිය සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය ඉදිරියට ගෙන යාමක් හා කුලු ගැන්වීමක්. දුෂ්ට ‘බෙදා වෙන්කර පාලනය කිරීමේ’ පිලිවෙත ලංකාවේ ධනපතියන් උගත්තේ ඔවුන්ගේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ පා මුල වැඳ වැටී ගෙනයි.
“1948 ඊනියා නිදහසින් පසු කොලඹ ආන්ඩුව මුලින්ම ගත් පියවරක් වූයේ, ඉන්දියානු සම්භවය පිලිබඳ කාරනාවපාවිච්චි කරමින්, මේ රටේ සියවසකට ආසන්න කාලයක් ස්ථිර පදිංචිකරුවන් වූ වතු කම්කරු පවුල්වල සාමාජිකයන්ගේ ලංකා පුරවැසි අයිතිය අහෝසි කර දැමීමයි. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට සිංහල හා දෙමල දෙජාතියේම ධනපතියන් එකාවන්ව සහයෝගය දුන්නා.
“එවක ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව වූ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය කම්කරු පන්තියේ කොටසකට එරෙහිව එල්ල කල මෙම දුෂ්ට ප්‍රහාරය හෙලා දකිමින් නිවැරදිව අනතුරු අඟවා සිටියේ එක් ජන කොටසකට විරුද්ධව වූ මෙම පියවර නුදුරේදී ම ලාංකීය සම්භවයක් ඇති දෙමල ජානතාවටද විරුද්ධව දිගේලි කරනු ඇති බවටයි.
“මේ කරුන සනාථ වීමට තවත් ගත වූයේ වසර අටක සුලු කාලයක් පමනි. 1956 සිංහල භාෂාව ඒකායන රාජ්‍ය භාෂාව කිරීම මගින් දහස් ගනනක් දෙමල රජයේ සේවකයන්, සිංහල නොදැනීමේ හේතුවෙන්, රැ කියාවලින් පලවා හැරීම සිදු කෙරුනා.
“1972 ව්‍යවස්ථාව මගින් මෙම වාර්ගීය සිංහල ස්වෝත්තමවාදය තවත් ඉහලට ගෙන යමින්, බුද්ධාගමට විශේෂ රාජ්‍ය ආරක්ෂාව සැලසීම මගින් අනෙකුත් සියලු ආගම් අදහන්නන්ටත්, විශේෂයෙන්ම හින්දු ආගම අදහන දෙමල සුලුතරයේ වැඩි ජනකායටත් විරුද්ධ වෙනස් කම් කිරීම තව දුර උග්‍ර කෙරුනා.
“මේ සියලු අසාධාරනකම්වලට එරෙහිව දෙමල ජනතාව සාමකාමී විරෝධතාවන්හි නිමග්න වූ විට දී ඒවා මැඩ ලන ලද්දේ කුරිරු ලෙස මිලිටරි - පොලිස් බලය යෙදීමෙනුයි,” විජේ ඩයස් කියා සිටියේය.
1977 “ බලයට පත් යූඇන්පී ආන්ඩුව භූගෝලකෘත නිෂ්පාදනයට අන්තර්ග්‍රහනය කිරීම සඳහා විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමූ බවත්, ඒ හා බැඳී, සමාජ ශුභ සාධන සේවා දැවැන්ත ලෙස කප්පාදු කිරීම සහ රාජ්‍ය හා සංස්ථා අංශයේ රැකියා දහස් ගනනින් අහෝසි කිරීම සිදු කෙරුන බවත්, ඩයස් පෙන්වා දුන්නේය. “මේ ප්‍රහාරවලට එරෙහි, කම්කරු පන්තිය, 1980 ජුලියේ දී ජෙනරල් ස්ට්‍රයිකයක් දියත් කලා. මීට ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ ලක්ෂ ගනනක් රැකියාවලින් fදාට්ට දැමීමට අමතරව කම්කරු පන්තිය භේද කිරීම සඳහා වර්ගවාදය ඇවිස්සීම හා 1983 කලු ජුලිය තුලදී දෙමල ජන සංහාරයක් දියත් කිරීමත් දෙමල විරෝධී සිවිල් යුද්ධය ආරම්භ කිරීමත්,” යැයි ඩයස් ප්‍රකාශ කලේ ය.
සියලු ධනපති දේශපාලන පක්ෂ, පැරනි වාමාංශික පක්ෂ මෙන් ම ජනතා විමුක්ති පෙරමුනත් යුද්ධයට පක්ෂ වුනා. යුද්ධයට විරුද්ධ වූ එකම දේශපාලන පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයේ පෙර ගමන්කරුවා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. වහාම යුද්ධය නතර කරන ලෙසත් ඒ සඳහා කොන්දේසි විරහිතව උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදා ඉවත් කරන ලෙසත් ඉල්ලමින් සටක් කලා යැයි විජේ ඩයස් කීය.
දැන් අගමැති රනිල් වික්‍රමසිංහ, වසර 11 ක් සිවිල් යුද්ධය මෙහෙයවූ යුඇන්පී ආන්ඩුවේ ඇමතිවරයෙක්.
1994 න් මෙපිට දී චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදු පෙරමුනු ආන්ඩුව, එම යුද්ධය දිගට ම කර ගෙන යද්දී ඔහු විපක්ෂයේ සිට ඊට සම්පූර්න පිටුබලය දුන්නෙක්.
දැන් මහා බලවතුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම පිට යුද්ධය නතර කිරීමට පියවර ගන්නා විට දී ඔහු මුහුන දී සිටින්නේ දශක ගනනාවක් පුරා සියලු ධනපති කෙ ාටස ් හවුල ් වී වැඩි දියුනු කල වර්ගවාදී දේශපාලනයේම තර්කානුකූල ප්‍රතිඵලවලට යි.
“ප්‍රධාන ධනපති පක්ෂ දෙක “ එක්සත් ජාතික පෙරමුන හා පොදු පෙරමුන “ හිර වී සිටින්නේ උභතෝකෝටිකයක යි. මේ රට ලාභ ශ්‍රම තිප්පොලක් කර ගැනීම සඳහා යුද්ධය හමාර කිරීමට බලකරන අධිරාජ්‍යවාදී බලවතුන්ගේත් දේශීය ව්‍යාපාරිකයන්ගේත් නියෝගවලට පිටින් යාමට මේ පක්ෂවලට නොහැකියි.
ඒත් මේ පක්ෂවල ඡන්ද පදනම ලෙස පවතින හා යුද්ධයෙන් හරිහම්බ කර ගත් මිලිටරියේ කොටස්වල, බෞද්ධ සංස්ථාපිතයේ හා සිංහල ස්වෝත්තමවාදීන්ගේ බරපතල විරුද්ධත්වයට ද මේ පක්ෂ මුහුන දෙනවා.
මේ කොටස් සන්තර්පනය කරමින් ජනාධිපති කුමාරතුංග, සටන ් විර ාම ගිවිසුමට හා ස ාම සාකච්ඡාවලට විරුද්ධ උද්ඝෝෂනයක් ආරම්භ කලා.
ඇය කියා සිටියේ සටන් විරාමය මගින් ජාතික ආරක්ෂාව හා ස්වෛරී භාවය හෑල්ලුවට ලක් කෙරී ඇති බවයි. එල්ටීටීඊයේ යාත්‍රා කීපයක් ගිල්ලවීමට නාවික හමුදාව, තනි මතයට, මෙහෙයවා සාම සාකච්ඡා කඩා කප්පල් කිරීමට ඇය දැරූ තැත සාර්ථක නොවූ ත ැන කුම ාරතුංග තීරනය කලෙ ් වඩ ා ස ෘජු ක්‍රියාමාර්ගයක් ඒ සඳහා යොදා ගත යුතු බවයි.
රටේ පවතින ප්‍රතිගාමී ව්‍යවස්ථාවට අනුව විශාල බලතල ප්‍රමානයක් ගොනු කර ගෙන සිටින ජනාධිපති හා ආන්ඩුව අතර රාජ්‍යයේ බල කේන්ද්‍ර සඳහා අරගල දිගු කලක් තිස්සේ පැවතීගෙන ගියා. මිලිටරියේ හා පොලීසියේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීම තම අභිමතය පරිදි විය යුතු යැයි ජනාධිපති පොර වැදුනා.
මේ අයිතිය ජනාධිපති සතු බව තහවුරු කරන සුප්‍රීම් උසාවි තීන්දුවක්, ජනාධිපතිම පත් කරන අග්‍රවිනිශ්චය කාරවරයකු යටතේ, ලබා ගන්නට ඇය ක්‍රියා කලා.
මෙයට විරුද්ධව තර්ජනයක් ලෙස, එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුව, අග්‍රවිනිශ්චයකාරවරයාට විරුද්ධව fදා්ෂාභියෝගයක් සඳහා පාර්ලිමේන්තු කටයුතු ලක ලැහැස්ති කිරීමක යෙදුනා.
මේ සිද්ධි දාමය කුලු ගැන්වීමකට පත් වුනේ සාම සාකච්ඡා යලි ආරම්භ කිරීම සඳහා පියවරක් ලෙස, එල්ටීටීඊය අන්තර්වාර පාලනයකට තමනගේම යෝජනා මාලාවක් ඔක්තෝබර් 31 දා ඉදිරිපත් කල පසුවයි.
නොවැම්බර් 4 දා කුමාරතුංග, ප්‍රධාන අමාත්‍යාංශ තුනක් වන ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු හා මාධ්‍ය තනි මතයට තමන ් යටතට පවරා ගත ්ත ා. ඇය, පාර්ලිමේන්තුවත් සති දෙකකට කල් තැබුවා. මේ එක්කම, හදිසි නීතිය පැනවීමක් ද ඇය ප්‍රකාශයට පත් කලත්, විශේෂයෙන්ම, වොෂින්ටනය හා නව දිල්ලිය ඇතුලු බලවතුන්ගේ බල කිරීම මත පමනක් එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී ගත්තා.
විදේශ තානාපතිවරුන්ගේ, දේශීය ව්‍යාපාරිකප්‍රජාවගේ හා මාධ්‍යවල බරපතල බලපෑම්, ජනාධිපති හා ආන්ඩුව එකමුතුව ක්‍රියා කිරීම සඳහා යෙදුනත්, දේශපාලන හිරවීම දිගටම පැවතීගෙන ගියා. කුමාරතුංග හා වික්‍රමසිංහ එකඟවුනේ එක් දෙයක් ගැන පමනයි.
දෙපාර්ශවය අතර සාකච්ඡා හොර රහසේ පැවැත්විය යුතුය යන්න ගැන පමනයි. විජේ ඩයස් පැහැදිලි කල පරිදි “මෙයින් ප්‍රකාශිත වූනේ, සිදු කෙරෙමින් පවතින නව පෙලගැස්මේ ප්‍රතිගාමී ස්වභාවයත් දෙපැත්තේම යථා අරමුනු කම්කරුවන් හා පීඩිත ජනතාව හමුවේ එලිදරව් වීම කෙරෙහි පැවති භීතියත්” ය.
“ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, මේ අර්බුදය හමුවේ හුදෙක් පිටස්තර නිරීක්ෂකයන් බවට පත්ව නොසිටිය යුතුයි. කම්කරු පන්තිය, තමන්ගේම ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් හරහා ඉතිහාසයේ නිර්මාතෘවරයකු බවට පත්වීම පිනිස, වඩ වඩාත් උග්‍රවන කාලකන්නි භාවයට තමන් ඇද හෙලන ධනපති පාලනයට එරෙහිව නැගී සිටින පීඩිත ජනතාවගේ නායකයා ලෙස පෙරමුන ගත යුතුයි. එහෙත්, මෙම ඓතිහාසික කාර්යභාරය සඳහා නැගී සිටීමට නම්, මාක්ස්වාදී ව්‍යාපාරය තුල සංරක්ෂිතව පවත්නා සියලු අතීත අරගලවල මූලෝපායික පාඩම්වලින් කම්කරු පන්තිය සන්නද්ධ විය යුතුයි.
මේ සම්බන්ධයෙන් ගත් කල, 1964 දී සමසමාජ පක්ෂය, කුමාරතුංගගේ අම්මාවූ සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට හවුල් වෙමින්, ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම සියල්ල පාවාදීමෙන් ඇති කෙරුනු දුෂ්ට ප්‍රතිවිපාක අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයැයි විජේ ඩයස් පැවසීය. සමසමාජ පක්ෂය කල පන්ති ද්‍රෝහී ක්‍රියාවේ එක් දුෂ්ට ප්‍රතිඵලයක් වූයේ වර්ගවාදය මත පදනම් වූ සුලු ධනේශ්වර ව්‍යාපාර - දකුනේ පීඩිත තරුනයන් අතර ජනතා විමුක්ති පෙරමුන ලෙසත්, උතුරේ දී දෙමල ජනයාට කල වෙනස්කම් ගසා කා වැඩුන එල්ටීටීඊ ය ලෙසත් - වැඩී ඒමයි. කවරාකාරයේ සටන් කාමීත්වයක් මේ සංවිධාන පෙන්නුම්කලත් ඒවා අවසානයේ දී ධනපති පාලක පන්තියේම මෙවලම් ලෙස නිමා වීමට නියමිතයි.
දශක දෙකක දීර්ඝ යුද්ධයකට හේතු කාරක වූ ජාතිකවාදය හා වර්ගවාදය කම්කරු පන්තිය විසින් මුලුමනින් ප්‍රතික්ෂේප කල යුතුයි. මතුව ඇති දේශපාලන ආවෘත අන්තරයෙන් පිටවී ගැනිමේ නොහැකියාව මගින් පාලක පන්තිය පෙන්නුම් කර ඇත්තේ හුදෙක් ධනපති පාලනයේ අර්බුදයක් පමනක් නොව, ජාතික රාජ්‍යයේ පැවැත්මේ ම අයථා භාවයයි. 1948 දී පිහිටුවුනු ඊනියා නිදහස් රාජ්‍යය රπ පැවතියේ පශ්චාත් යුද කාලීන උත්පාතයක සුවිශේෂ කොන්දේසි මතත් ඒ යටතේ ජාතිකව ආරක්ෂනය වූ සීමිත ආර්ථික ව්‍යාප්තියක තතු යටතේත් ය. එහෙත්, භූගෝලකෘත නිෂ්පාදන ක්‍රමයක වර්ධනයත් සමග ජාතික ආර්ථික ව්‍යාපෘතියකට ඇති ඉඩකඩ ලංකාවේත් ලෝක පරිමානවත් පරිපූර්නවම අහෝසි වී පවතියි.
කම්කරු පන්තිය සඳහා ක්‍රියාමාර්ගය විස්තාරනය කරමින් විජේ ඩයස් අවධාරනය කලේ ස්වාධීන දේශපාලන ඉදිරි දර්ශනයක අත්‍යවශ්‍ය භාවයයි. “මෑතදී අපි, දකුනේ මෙන්ම උතුරේත් කම්කරු කොටස් අරගල මාවතට පිවිසෙනු දුටුවා. ඔවුන්ගේ ස්ට්‍රයික් සටන් මාලාවට සිංහල හා දෙමල පීඩිත මහජනතාවගේ නොමඳ සහයෝගය ලැබෙන අයුරුත් අපි දුටුවා. එහෙත්, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන නායකත්වයක් ලෙස ඉස්මතු නොවී කම්කරුවන් හා දුගී ජනතාවන් අතර විප්ලවවාදී සන්ධානයක් ගොඩ නැගිය නොහැකියි, ඔහු ප්‍රකාශ කලේ ය.
“මේ නිසයි, කම්කරු පන්තිය විසින්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බලපෑම උඩ පවත්වාගෙන යන කොලඹ තන්ත්‍රය හා එල්ටීටීඊ ය අතර සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින්, යුද්ධය නතර කිරීමේ පූර්ව කොන්දේසිය ලෙස උතුරින් හා නැගෙනහිරින් වහාම ශ්‍රී ලංකා හමුදා ඉවත් කිරීම සඳහා උද්ඝෝෂනය කල යුත්තේ. එල්ටීටීඊ ය හා කොලඹ පාලනය අතර කෙරෙන ගනුදෙනුවේ ප්‍රතිගාමී ස්වභාවය, දැන් විසඳුමක් ලෙස දෙපාර්ශවය විසින් ම ඉදිරිපත් කෙරෙන අන්තර්වාර පාලන යෝජනාවලින්ම පෙන්නුම් කෙරෙනවා. දෙපැත්තේම යෝජනා තරයේම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා වර්ගභේදවාදී යි.” දකුනේ දේශපාලන අර්බුදය විසඳීම සඳහා අවශ්‍යවන්නේ, මහජනතාවට හොරෙන්, ප්‍රධාන ධනපති පක්ෂ දෙක අතර පැලැස්තර දමා ගැනීමක් නොවෙයි.
අවශ්‍යවන්නේ, ප්‍රජාතන්ත්‍රීය ලෙස තෝරා පත් කර ගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් මගින්, සියලු වර්ගභේදකාරී නීතිත් මර්දන කාරී අනපනතුත් ප්‍රතිගාමී විදේශීය පාලන තන්ත්‍ර සමග ඇති කර ගෙන ඇති මිලිටරි ගිවිසුමුත් අහෝසි කර දමන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි.
“මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්, ධනපති සූරා කන්නන් අතලොස්සකගේ නොව වැඩ කරන ජනතාවන්ගේ අවශ්‍යතා සපුරන පරිදි සකස්වූ නව ආර්ථික ප්‍රතිව්‍යූහකරනයක අවශ්‍යතාව සමග බද්ධ විය යුතුයි. පූර්න ප්‍රජාතන්‍රීය අයිතීන් සාක්ෂාත් කරනු හැක්කේ සමාජය සමාජවාදී පරිවර්තනයකට භාජන කිරීමෙන් ම පමනයි.
සමාජවාදී සමානතා පක්ෂයත් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් ඉදිරිපත් කරන ඉදිරි දර්ශනය එයයි.
එහි තේරුම වන්නේ, ඉන්දු උපමහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස ලංකාවේ, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් වැදීමයි.” විජේ ඩයස් තම දේශනය හමාර කලේ, මෙම සමාජවාදී ක්‍රියාමාර්ගය ජයග්‍රහනය කෙරෙනු ඇත්තේ ජාත්‍යන්තරවාදී කම්කරු පන්ති ඉදිරිදර්ශනයක පදනම මතය යන ්න අවධ ාරනය කරමිනි. ඔහු තම ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටියේ, දිනපතා මෙම ඉදිරි දර්ශනයෙන් ලෝක කම්කරු පන්තිය උගන්වා ගැනීමේ අරගලයක නිරත ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වර්ධනය සඳහා කැපවන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙසත් ය.
3
[මෙය
2003 දෙසැම්බර් 30 වැනි දින SEP holds public meeting on the political crisis in Sri Lanka යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
