ශ්‍රී ලංකෘවේ ච්‍යචස්ථාමය කුමන්ත්‍රනය ජවිපෙ දේශපාලන ප්‍රමුඛස්ථානයට තල්ලු කරයි

ජනාධිපති කුමාරතුංග පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරනයක් සඳහා දින නියම කිරීමෙන් සතියක් ඉක්මයෑමටත් පෙර දැනටමත් දිස්වන්නේ දේශපාලන අර්බුදයේ සැබෑ ජයග්‍රාහකයා ඇගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නො ව, උමතු ලෙස සිංහල ස්වෝත්තමවාදයට ආයාචනය කරන හා ජනතාවාදී වාචාල කතා මත පදනම්ව ඇති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ය.

මාස ගනනක් තිස්සේ ජවිපෙ නායකයෝ කුමාරතුංගට ඇගේ විධායක බලතල යොදාගෙන එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුව බලයෙන් පහකරන ලෙස බලකරමින් සිටියහ. එය එල්ටීටීඊය සමග සාම සාකච්ඡා තුලින් රට පාවාදෙන බවටත් විදේශීය මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට දන නමා ඇති බවටත් ඔවුහු චෝදනා කරති. ඔවුන්ගේ බලපෑමට නතුවෙමින් ජනාධිපති ගත් සෑම පියවරක් ම ජවිපෙ නායකත්වය ශක්තිමත් කරමින් ඇගේ පාලනයෙන් වඩවඩාත් ස්වාධීන වූ බලවේගයන් මුදාහැරියේ ය.

නොවැම්භූ 4 දින ආන්ඩුව වෙතින් ප්‍රධාන අමාත්‍යංශ තුනක් බලහත්කාරයෙන් පවරා ගැනීමේ ජනාධිපතිගේ ක්‍රියාවට මුලින් ම ප්‍රශංසා කල ජවිපෙ එහෙත් ඇය තවත් දුර යා යුතු යයි අවධාරනය කලේ ය. පක්ෂය ශ්‍රීලනිපය සමග සන්ධානයක් සඳහා දිගටම කැඳවුම් කලේ ය. නමුත් තමන්ට බෙහෙවින් ම වාසිදායක කොන්දේසි මත පමනි. ජවිපෙ හි එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඉක්මන් මහා මැතිවරනයකි.

සාමසාකච්ඡා යලි පනගැන්වීමට හැකි වන පරිදි ආන්ඩුව සමග සම්මුතියකට මහා ව්‍යාපාරිකයන්ගේ බලගතු කොටස් ද, මහා බලවතුන් ද ඇයව තල්ලු කරන බව හොඳින් දැන සිටි කුමාරතුංග සත්‍ය වසන් කලා ය. ජවිපෙ සමග කවර හෝ සන්ධානයකට විරුද්ධව අතිශයින් ම භේද වූ ඇගේ ම පක්ෂයේ සැලකිය යුතු කොටස් වික්‍රමසිංහ සමග එකඟතාවක් ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. පොදු පෙරමුන තුල ශ්‍රීලනිපයේ පැරනි හවුල්කරුවන් වූ ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ද විරුද්ධ වූහ. ශ්‍රීලනිපයේ වැහැරෙමින් තිබෙන වාසනාවට රුකුල් දිය හැකි එකම ක්‍රමය ජවිපෙ සමග සන්ධානයක් බව සෙසු කොටස් කියා සිටියහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) නම් වූ මෙම නව සන්ධානය ජනවාරි 20 දා පිහිටුවා ගත් වහාම මහා මැතිවරනයක් සඳහා එහි උද්ඝෝෂනය ජවිපෙ තීව්‍ර කලේ ය. ජනවාරි 29 දින සන්ධානය කොලඹ දී පැවැත් වූ ප්‍රථම රැලියේ දී ශ්‍රීලනිප නායකයන් අනාගත මැතිවරනයක් ගැන අනුමාන වසයෙන් සඳහන් කල ද සෝමවංශ අමරසිංහ හා විමල් වීරවංශ වැනි ජවිපෙ නායකයෝ ඉක්මනින් මහා මැතිවරනයක් පැවැත්වෙන බව අවධාරනය කලහ.

පෙබරවාරි 1 පැවැති මධ්‍යමකාරක සභා රැස්වීමේ දී ශ්‍රීලනිප නායකත්වය තුල පැවැති කටුක අඬදබර සමථයකට පත්විය. පෙබරවාරි 5 පැවැති ශ්‍රීලනිප සංවිධායකයන්ගේ රැස්වීම විසින් එය අනුගමනය කලේ ය. කුමාරතුංග ආන්ඩුව විසුරුවා හැරීමට යන බවට කටකතා පැතිරෙද්දී සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස පෙබරවාරි 6 දින නිලවසයෙන් ලියාපදිංචි කරන ලදි. වික්‍රමසිංහට හෝ ආන්ඩුවේ සෙසු නායකයන්ට නො දන්වා පසුදින මධ්‍යම රාත්‍රියේ දී කුමාරතුංග පාර්ලිමේන්තුව නිලවසයෙන් විසුරුවාලී ය.

එතැන් සිට කුමාරතුංගගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් ආරක්ෂා කරන්නන් එජපෙට එරෙහිව තවදුරටත් ක්‍රියා කල යුතු යැයි ඉල්ලා සිටින්නන් අතර ජවිපෙ ඉදිරියෙන් ම සිටී. ජවිපෙ නිර්දේශය පරිදි ජනාධිපති පෙර දිනයේ දී කනිෂ්ඨ ඇමතිවරුන් 39 දෙනෙක් ඉවත් කල අතර ඔවුන් සතු රජයේ වාහන හා තවත් උපකරන පාවිච්චි කිරීම ඇතුලත් වරප්‍රසාද අහිමි කලේ ය. මහජන දේපල සාපරාධී ලෙස පරිහරනය කරන්නන් ලෙස ඔවුන්ට චෝදනා කල ඇය, ඔවුන්ට එරෙහිව තවදුරටත් ක්‍රියා කරන බවට ද අනතුරු ඇඟවූවා ය. දූෂිත කැබිනට් ඇමතිවරුන්ගේ තනතුරු කුමාරතුංග විසින් පවරාගත යුතු යයි ඉල්ලා සිටිමින් ජවිපෙ තවත් ඉදිරියට ගියේ ය.

සිය පක්ෂ පුවත්පත්වලින් උපුටාගත් දූෂනයේ එසවූ සෝමවංශ අමරසිංහ සිව්වසරක් තුල පැවැත්වෙන තුන්වැනි මැතිවරනයේ වියදම් ගැන විවේචන එල්ල කල පාලක කවයන්ගේ කොටස් අවඥාවට ලක් කලේ ය. මැතිවරනයක් සඳහා රුපියල් මිලියන 450ක් වැයකල යුතු බව ආන්ඩුව කියා සිටියි. එහෙත් මේ ආන්ඩුව තවදුරටත් පැවතුනහොත් වංචාව හා දූෂනය නිසා කොතෙක් මුදල් කාබාසිනියා වෙයිද? ඔහු ප්‍රශ්න කලේ ය. සැබෑ ව්‍යවසායකයින්ට තැනක් නො දෙන සොරුන් ආරක්ෂා කරන මේ ආන්ඩුව මිලියන ගනන් මුදල් නාස්ති කරයි. එබැවින් ක්ෂනික මහා මැතිවරනයක් අත්‍යවශ්‍ය ය. යැයි ඔහු තවදුරටත් කියා සිටියේ ය.

අව්‍යාජ ව්‍යවසායකයන් වෙතට කෙරෙන අමරසිංහගේ ආයාචනය විශේෂ වැදගත්කමක් දරයි.

ජවිපෙ කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට හා සුලු ගොවීන්ට ඇමතීමේ දී එය ආරම්භ වූ 1960 ගනන්වල දී මෙන් ම දැනුදු විටින් විට මාවෝවාදී හා කැස්ට්‍රෝවාදී පූච්ඡානම් යොදා ගනියි. පාලක පන්තියේ වඩා දැනුවත් ස්ථර ජවිපෙ කිසිදාක අව්‍යාජ සාමජවාදී පක්ෂයක් නො වූ බව අවබෝධ කර ගෙන සිටිය ද පෞද්ගලීකරනය හා විදේශ සංගතයන්ට විරුද්ධ එහි මවාපෑම් ආර්ථික ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දැමීමට තවදුරටත් බාධකයක් වීමේ හැකියාව ගැන සැලකිලිමත්ව සිටිති.

අමරසිංහගේ ප්‍රකාශයේ එල්ලය වූයේ මෙම සැක දුරුකරලීම ය. මේ පිලිබඳව තවත් අවබෝධයෙන් සිටින බව තහවුරු කිරීම සඳහා සන්ධානය දූෂනයෙන් තොර පරිසරයක් ඇති කිරීමට සහතික වන බව ඔහු කියා සිටියේ ය.

සන්ධාන ආන්ඩුවක් එවන් වාතාවරනයක් නිර්මානය කර ආයෝජකයන් දිරිගන්වන බව මම පැහැදිලිව ම ප්‍රකාශ කරමි. ආයෝජනයන් නො ලැබෙනු ඇතැයි කිසිවකු කනස්සල්ලට පත් නො විය යුතු ය. ඔහු ප්‍රකාශ කලේ ය.

රාජ්‍ය බලය වෙත එක් පියවරක් කිට්ටුවීම සඳහා ශ්‍රීලනිප ය සමග ඔවුන්ගේ සන්ධානය සහ මැතිවරන උද්ඝෝෂනය ගසා කෑමට ජවිපෙ නායකයින් අපේක්ෂා කරන එජාපෙ ආන්ඩුව මෙන් ම කලක් පැවති පොපෙ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමූ ආර්ථික ප්‍රතිසංස්කරනවලින් දැඩි ලෙස පීඩාවට පත් තරුනයන්ට කම්කරුවන්ට හා ගම්බද දුගී ස්ථරයන්ට පක්ෂය සෘජුවම ආයාචනය කරයි. ජවිපෙ හි දුෂ්ඨ වාර්ගික දේශපාලනයට අවශ්‍යයෙන් ම දායක නො වන්නේ වුව ද එය ප්‍රධාන පක්ෂ දෙකට විකල්පයක් ලෙස බොහෝ සාමාන්‍ය ජනයා සලකති. එය පවත්වාගෙන යාමට කැපවී සිටින ධනේශ්වර ක්‍රමය යටතේ ඉටු කල නො හැකි වියුක්ත හා මුලුමනින් ම හිස් පොරොන්දු දෙමින් ජවිපෙ මෙම අතෘප්තිය අවස්ථාවාදී ලෙස ගසාකයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සති කීපයකට පෙර පටන් ජවිපෙ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව එහි උද්ඝෝෂනය තීව්‍ර කලේ ය. දුම්රිය වැඩවර්ජනය සංවිධානය කිරීමේ දී ද සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අරගලයේ දී හා කම්කරු නීති සංශෝධනය කිරීමේ සැලසුම්වලට එරෙහි කාර්මික උද්ඝෝෂනයේ දී ද එය ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේ ය. ආන්ඩුව පොහොර මිල වැඩි කිරීමට එරෙහිව පසුගිය සතියේ දී ගොවීහු කොලඹ දී උද්ඝෝෂනයක් දියත් කලහ. මැතිවරනය ප්‍රකාශයට පත් කල වහාම කියා සිටියේ අනාගත සන්ධාන ආන්ඩුවක් මෙම සියලු ප්‍රශ්න විසඳනු ඇති බව ප්‍රකාශ කරමින්, ජවිපෙ උද්ඝෝෂන සහ වැඩ වර්ජන නතර කලේ ය.

සන්ධානය තුල කසය තිබෙන්නේ තම අතෙහි බව ජවිපෙ සලක යි. ශ්‍රීලනිපය වඩාත් පැරනි, විශාල හා හොඳින් තහවුරු වී තිබෙන දේශපාලන පක්ෂය වුව ද එය බලයේ සිටි 1994 සිට 2001 දක්වා වූ සත් වසර තුල එය අතිශයින් ම අපකීර්තියට පත්ව සිටියි. එජාපෙ එල්ටීටීඊයට හා විදේශ බලවේගයන්ට ජාතිය පාව දී ඇති බවට චෝදනා කරන ජවිපෙ සන්ධාන වේදිකාවේ දේශපාලන පදනම තීන්දු කරන සාධකය බවට පත්ව ඇත. එජාපෙට එරෙහිව දියත් කෙරෙන උමතු ස්වෝත්තමවාදී මැතිවරන ව්‍යාපාරයේ දී ජවිපෙ වාචාලයන් ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරනු ඇති බව නිසැක ය.

ගැඹුරු දේශපාලන අර්බුදය ජවිපෙ වත්මන් තත්වය තුල දරන ප්‍රමුඛත්වය ලංකාවේ ධනේශ්වර දේශපාලනයෙහි කුනුවීම සහ වත්මන් අර්බුදයේ ගැඹුර පිලිබඳ තියුනුම ප්‍රකාශනය යි. යන්තමින් දශකයකට පෙර පක්ෂය නීති විරෝධී කර තිබුනි. 1980 ගනන් අවසානයේ දී ලංකාවේ ධනේශ්වරයෙහි කොටසක් විසින් සිවිල් යුද්ධය අවසන් කිරීමට දැරූ ප්‍රථම උත්සාහය වූ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එය මිනීමරු ව්‍යාපාරයක් මෙහෙයවී ය. ජාතිය ගලවා ගැනීමේ නාමයෙන් ජවිපෙ ඝාතකයන් විසින් සියගනනක් කම්කරුවෝ, වෘත්තීය සමිති නිලධාරිහු හා එහි ප්‍රතිපත්ති සමග විසංවාදී වූ පක්ෂ නායකයෝ මරා දැමූහ.

1994 දී ජනාධිපති මැතිවරනය ජයගත් කුමාරතුංග ජවිපෙ යලි නිල දේශපාලන ප්‍රවාහයට එක්කර ගත්තා ය. නැගී එන සමාජ ආතතීන් හමුවේ පක්ෂය ප්‍රයෝජනවත් විභව ආර්ථික කපාටයක් වෙතැ යි පාලක පන්තිය තුල සමහර කොටස් සැලකී ය. ව්‍යාපාරික කොටස් වෙතින් ලැබුන අනුග්‍රහයත් මාධ්‍යයෙන් ලැබුනු පුලුල් ප්‍රචාරයත් ජවිපෙ නායකයන්ට දැකගන්නට ලැබුනි. එම වර්ෂයේ මැතිවරනයෙන් පක්ෂයට 81,560 ක සැලකිය යුතු ඡන්ද ප්‍රමානයක් ලැබුනු අතර එක් ආසනයක් ද හිමි විය.

දශකයක කාලය තුල ජවිපෙ ලබාගත් මැතිවරන ජයග්‍රහනයන් ශ්‍රීලනිපයේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුනේ හෝ එජාපෙ ආන්ඩු පලල් වැඩකරන ජනතාවගේ අපේක්ෂාවන් හා අවශ්‍යතාවන් ඉටුකිරීමට අසමත් වීම ප්‍රකාශයට පත් කරයි. සුවිශේෂී ආන්තික රූපාකාරයකින් වුව ද ජවිපෙ ද සරලව පසුගිය අඩසියවස පුරා සියලු ධනපති දේශපාලන පක්ෂ විසින් යෙදී ගත් දෙමල විරෝධී ස්වෝත්තමවාදී දේශපාලන ක්‍රීඩාවෙහි ම යෙදී ගත්තේ ය.

කුමාරතුංග 2000 වසරේ දී එල්ටීටීඊය සමග සාකච්ඡා ඇරඹීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරන යෝජනාවලියක් සම්මත කර ගැනීමට දැරූ උත්සාහයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ද සහභාගිත්වයත් ඇතිව ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් ජවිපෙ විසින් දියත් කලේ ය. වික්‍රමසිංහ එල්ටීටීඊය සමග සාකච්ඡා ඇරඹීමෙන් පසුව දැන් එජාපෙ ආන්ඩුව ජවිපෙ දේශපාලන ප්‍රහාරයන්ගේ ඉලක්කය බවට පත්ව තිබේ.

ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙකේ ම විශේෂයෙන් ම සෘජුව ම සිංහල ජාතිකවාදයට ආයාචනා කරමින්, ග්‍රාමීය ප්‍රදේශවල සිය පදනම ගොඩනගා ගත් ශ්‍රීලනිපයේ වියදමෙන් වාසි අත්කර ගෙන තිබේ. 2000 වසරේ මැතිවරනයේ දී ජවිපෙ ඡන්ද 518,774ක් ලබාගනිමින් ආසන 10ක් දිනාගත්තේ ය. 2001 වසරේ දී කුමාරතුංග ආන්ඩුව වැටීමෙන් පසුව දෙසැම්බර් පැවති මැතිවරනයේ දී ස්වෝත්තමවාදීන් සිය ඡන්ද ප්‍රමානය 815,353 දක්වා වැඩි කර ගනිමින් ආසන 16ක් දිනාගැනීමට සමත් විය.

දැන් ජවිපෙ ඊට වඩා විශාල ජයග්‍රහන අපේක්ෂා කරයි. ශ්‍රීලනිපය සමග සන්ධානයේ මිල ලෙස එලඹෙන මැතිවරනයේ දී එයට ආසන 42ක් වෙන් කර ඇත.

මෙම ප්‍රදේශවලින් බොහොමයක් එයට බලගතු සහායක් ලැබෙන ප්‍රදේශ බවට සැක නැති අතර ශ්‍රීලනිපය සමග තරඟයක් නැති තතු තුල ජයග්‍රහනය කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති. මෙවන් පදාසයක් හිමි කර ගැනීම තුල සිද්ධීන්ගේ ගමන් මඟ වැඩි වැඩියෙන් හැසිරවිය හැකි ශක්තිමත් තැනක තමන් සිටින බව ජවිපෙ නායකත්වයට හැfඟයි.

පසුගිය තෙමසක දේශපාලන වංකගිරිය පාලක පන්තිය මුහුන පා සිටින මූලික උභතෝකෝටිකය පිලිබිඹු කරයි. 20 වසරක සිවිල් යුද්ධය අවසන් කර ආයෝජන දිරිගැන්වීමටත් භූගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියට දිවයින ඒකාබද්ධ කිරීමටත් කොලඹ මහා ව්‍යාපාරිකයන්ගේ කොටස්වලට අවශ්‍යව තිබේ. එහෙත් යුද්ධය අවසන් කිරීමේ දී කම්කරු පන්තිය බෙදා ධනපති පාලනය සුරක්ෂිත කර ගැනීමට ඔවුන් ම උසිගන්වනු ලැබූ දශක ගනනාවක වාර්ගික දේශපාලනයේ උරුමයට ඔවුහු මුහුන දෙති.

මැතිවරනයෙන් මෙම අර්බුදයට විසඳුමක් නො ලැබෙනු ඇත. එජාපෙ යලි බලයට පැමිනිය හොත් සිදුවන්නේ කුමාරතුංග සමග ගැටුම දිගටම පැවතීම සහ උත්සන්නවීම පමනි. ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය බලයට පත්වුවහොත් එම ආන්ඩුව රට නැවතත් සිවිල් යුද්ධයට ඇද හෙලනු ඇත. තව ද මෙම පහසුවෙන් කරන නෑ විවාහය තුල පවත්නා සියලු පරස්පර විරෝධයන් මතු පිටට එනු ඇත. දේශපාලන සංස්ථාපිතයන් තුල භේදයන්ගේ ගැඹුර සහ මුලුමනින් ම වියැකී ඇති ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී යන්ත්‍රනයන්හි ගැඹුරු වන සමාජ ධ්‍රැවාන්ත ගතවීම විසින් නිර්මානය කර ඇති ආතතීන් එබඳු ය.

කුමාරතුංගගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට ජවිපෙ දක්වන උද්වේගකාරී සහයෝගය පාලක පන්තියට සිය පාලනයේ දී අවශ්‍ය වන පාර්ලිමේන්තු රාමුවෙන් බාහිර පාලන රූප සඳහා එහි සේවය ලබා දෙන බවට පැහැදිලි අනතුරු ඇඟවීම් ය. මෙම සතියේ ඩේලි මිරර් පත්‍රයට ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ කල ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳව එහි සතුරු ආකල්පය කැටිකොට දක්ව යි. ජනතා වරම හා මහජන මතය මිස වැදගත් වන්නේ පාර්ලිමේන්තු බහුතරය නො වේ.

වීරවංශගේ ප්‍රකාශයෙහි ෆැසිස්ට්වාදය පිලිබඳ ඇඟවීමකට වඩා වැඩි දෙයක් ගැබ්ව තිබේ. ආන්ඩුව පෙරලා දමන ලෙස හඞ නැගුනු මහා පෙලපාලි පැවැත් වුනේ නැත. තව ද පසුගිය දශකයේ ජනමත විමසුම් හා මැතිවරන ප්‍රතිඵලවලින් පිලිබිඹු වී ඇත්තේ ජනගහනයේ බහුතරයකට සිවිල් යුද්ධයේ අවසානයක් දැකීම අවශ්‍ය බව යි. එසේ තිබිය දී මහජන කැමැත්ත ප්‍රකාශ කරන්නේ තමන් පමනක් බව ජවිපෙ උද්දච්ච ලෙස හුවා දක්ව යි.

ජවිපෙ ඡන්දයෙන් බලය අල්ලා ගැනීමට අපොහොසත් වන්නේ නම් ශ්‍රීලනිපයේ සහය ඇතිව හෝ නැතිව, වෙනත් මාධ්‍යයන් ඒ සඳහා යොදා ගැනීමට නො පැකිලෙන බවට වීරවංශගේ ප්‍රකාශය කම්කරු පන්තියට කෙරෙන තියුනු ඇඟවීමකි.

Loading