කුමාරතුංග සිය ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා යුක්ති සහගත කිරිමට වැයම කරයි

ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සතියකටත් වඩා කල්මැරීමෙන් පසුව ගිය ඉරිදා, පාර්ලිමේන්තුව විසුරුවා හැර ආන්ඩුව නෙරපා හැරීමේ පෙර නො වූ විරූ සිය තීරනය පිලිබඳව පලමු ප්‍රසිද්ධ ප්‍රකාශය නිකුත් කලා ය. තමන්ට අභියෝගයක් කල නො හැකි ආරක්ෂක දේශපාලන වාතාවරනයක් ඇය තෝරා ගත්තා ය. එනම්, තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) නියෝජිත සමුලුවක් පැවති කොලඹට ආසන්න මහර ප්‍රදේශය ය.

පසුගිය සතියේ දී ලෝසවෙඅ ජනාධිපතිගේ අසාමාන්‍ය නිහැඬියාව පිලිබඳව කරුනු දැක්විය. පාර්ලිමේන්තු බහුතරයක් සහිත තව සිව් වසරක කාලයක් ඉතිරිව තිබුන ආන්ඩුව බලයෙන් පහ කිරීමෙන් අනතුරුව එයට වගකිව යුතු ජනාධිපති ඒ සඳහා හේතු දක්වා නැත. මෙම නිහැඬියාව දේශපාලන පක්ෂාඝාතයේ සහ සතුරු භාවයේ මිශ්‍රනයක් පිලිබිඹු කලේ ය. ආරූඪ කරගත් යම් ඒකාධිපති ක්‍රියාකලාපයක්, මත මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ උවමනාවන් අතර තුලන වෙමින් සිටි වඩාත් කුමාරතුංග නිශ්චිතව පැවසිය යුත්තේ කුමක් දැයි නො දැන සිටියා ය. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ ක්‍රියාකලාපය යුක්ති සහගත කල යුතු යැයි ඇය නො සිතීම යි.

මහර දී කුමාරතුංග පෑ රංගනය අපගේ විශ්ලේෂනය සන ාථ කරයි. අ ැයගෙ ් කත ාව අභ්‍යන ්තර විසංවාදයන්ගෙන් සිදුරු වී තිබුනි. ව්‍යාපාරික ප්‍රධානීන්ට සහ මහ බලවතුන්ට ඔවුන්ගේ උවමනාවන් ආරක්ෂා කරනු ඇතැයි පොරොන්දු වන අතර ම ඇගේ අලුත් සගයා වන සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ජනතාවාදී කෙලතොලු කතාවලින් බොහෝ කොටස් ඇය නයට ගෙන තිබුනි.

තමන් යහපත් චේතනාවෙන් ක්‍රියා කලේ යයි පවසමින් ජනාධිපති ඇගේ ක්‍රියාව යුක්ති සහගත කලා ය. 2001 දී එක්සත් ජාතික පෙරමුන (එජාපෙ) බලයට පැමිනි තැන් පටන් ඇය සහජීවන ආන්ඩු වැඩපිලිවෙලක් සඳහා වෑයම් කල නමුදු එය අසාර්ථක විය. මට තීරනයක් ගැනීමට සිදු විනි යි ඇය පැවසී ය. අගමැති රනිල් වික්‍රමසිංහ සාමය ගෙන ඒමට පොරොන්දු වූ නමුත් ඔහු රටත් ජනතාවගේ ජීවිතත් අනතුරට ඇද දැමී ය.

පසුගිය නොවැම්බරයේ දී හිතුවක්කාරී ලෙස ආරක්ෂක හා අභ්‍යන්තර අමාත්‍යංශ පවරා ගත් අවස්ථාවේ දී ද කුමාරතුංග මෙම කාරනාව ඉදිරිපත් කලා ය. එහෙත් එතැන් පටන් ආරක්ෂාව පැවතියේ ඇය අත මිස ආන්ඩුව අත නො වේ. තව ද, පසුගිය අප්‍රේල් සිට සාකච්ඡා නො පැවැත්තේ ය යන කරුන දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමග පවත්වන සාම සාකච්ඡා තුලින් වික්‍රමසිංහ රට පාවා දෙන්නේ යැයි යන චෝදනාව මගින් වංචනිකව ආවරනය කරයි. ජවිපෙ සහ කුමාරතුංග ඝෝෂාකාරීව හෙලා දකින යෝජනා මාලාව ඉදිරිපත් කලේ ආන්ඩුව නො ව එල්ටීටීඊ ය යි.

දක්ෂිනාංශික එජාපෙ වෙනුවෙන් හෝ කම්කරු පන්තිය සූරාකෑම තවදුරටත් තීව්‍ර කිරීම සඳහා රටේ පාලක ප්‍රභූන් අතර බලය බෙදා ගැනීමේ ගනුදෙනුවක් එල්ලය කර ගත් ඊනියා සාම සාකච්ඡා වෙනුවෙන් හෝ ලෝසවෙඅ පෙනී නො සිටි යි. එහෙත් කුමාරතුංගගේ සහ ජවිපෙ විරුද්ධත්වය ජනවාර්ගික ආතතීන් උත්සන්න කිරීම අරමුනු කර ගෙන ඇති අතර රට යලි යුද්ධයකට ඇද දැමීමේ තර්ජනය මතු කරයි.

මහා ව්‍යාපාරිකයන්ගේ සහ ප්‍රධාන බලවතුන්ගේ බලපෑම් මධ්‍යයේ 2002 දී ඇරඹි සාම සාකච්ඡා, කම්කරු පන්තිය බෙදීමට සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කර ගැනීමට දශක ගනනාවක් තිස්සේ දෙමල විරෝධී ස්වෝත්තමවාදය මත රැඳී සිටි කොලඹ දේශපාලන සංස්ථාපිතය ඇතුලත ගැඹුරු ආතතීන් නිර්මානය කලේ ය. වික්‍රමසිංහ රට අනතුරේ හෙලන්නේ යයි ඔහු හෙලා දුටු කුමාරතුංගගේ ආස්ථානය, දිග්ගැසුන සිවිල් යුද්ධයෙන් කුමන ආකාරයකින් හෝ ලාභ පොදි ගසා ගත් සියලු දෙනා වෙත කෙරෙන ආයාචනයකි.

ඇයගේ කතාව අතරතුර කුමාරතුංග එල්ටීටීඊය සමග සාම සාකච්ඡා දිගට ම ගෙනයාමට ද පොරොන්දු වූවා ය. කෙසේ වෙතත් සාමය පිලිබඳව ඇයගේ ආකල්පය ද ආරක්ෂාව පිලිබඳව ඇයගේ ආකල්පය තරමට ම විසංවාදී ය. එල්ටීටීඊය සමග ඇයගේ සාකච්ඡා වික්‍රමසිංහගේ සාකච්ඡාවලට වඩා වෙනස් වන්නේ කෙසේ දැයි ඇය පැහැදිලි නො කලා ය.

එසේ ම, සිය පක්ෂයේ ස්ථාවරය සමග ඇයගේ ස්වෝත්තමවාදී සගයාගේ ස්ථාවරයේ ඇති සුපැහැදිලි සහ නො විසඳුන විසම්මුතිය ඇය ජය ගන්නේ කෙසේද යන්න ද ඇය පැහැදිලි කලේ නැත. ආන්ඩුවේ ස්ථාවරයෙන් බොහෝ සේ වෙනස් නො වන, යම් ආකාරයක ප්‍රාදේශීය බලය බෙදීමකට ශ්‍රීලනිප සහයෝගය දෙන අතර ජවිපෙ, එල්ටීටීඊයට යම් හෝ සහනයක් සැලසීමට දැඩි ලෙස ම විරුද්ධ ය.

ජවිපෙ අනුව යමින් කුමාරතුංග ද දූෂනය, සම්පත් ගසාකෑම සහ ජීවන තත්වයන් වලපල්ලට යැවීම පිලිබඳව එජාපෙට චෝදනා කරන්නී ය. ජීවන වියදම අහස උසට නැගීම, පඩි වැඩි නො වීම, දරිද්‍රතාවය ඉහල යාම සහ විරැකියාව, මහ දවල් මංකොල්ලයක් තරමේ විලිලැ– ජා නැති දූෂනයන් පිලිබඳව ආන්ඩුව වගකිව යුතු යැයි ඇය ප්‍රකාශ කලා ය. ආන්ඩුවේ ප්‍රතිපත්ති තුලින් ලොකු තැරැව්කරුවන් හා වෙලෙන්දන් ලාභ ගරාගන්නා අතරේ සුලු ව්‍යාපාරිකයන් අමාරුවේ වැටී සිටී.

යන්තම් වසර තුනකට ඉහත දී ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුන (පොපෙ) ඡන්දයෙන් පරාජය කෙරුනේ මේ හා සමාන ම කාරනා පිලිබඳව පැන නැගුනු පුලුල් විරෝධයක් හේතුවෙන් බව මතක් කර ගැනීම අවශ්‍ය ය. ජීවන තත්වයන් මත එම ව්‍යසනකාරී බලපෑමම ඇති කරවමින් එජාපෙ ගෙනගිය සියලු ආර්ථික ප්‍රතිව්‍යුහකරනයන්ට පදනම දැමුවේ හත් වසරක් බලයේ සිටි පොදු පෙරමුන ය. තව ද, පොපෙ ආන්ඩුව ද එහි විරුද ්ධව ාදීන ් සෙ ් ම එම දූෂිත හා ප්‍රචන ්ඩ ක්‍රමෝපායන්ගේ ම සරන සෙවී ය.

ප්‍රධාන පක්ෂ දෙක ම ජනතාවගෙන් හුදෙකලා වී තිබෙන බව හොඳින් වටහාගෙන සිටින කුමාරතුංග ශ්‍රීලනිප ය ද වැරදි සිදු කර තිබෙන බව පැවසුවා ය: අපි මේ වරම ඉල්ලන්නේ පරන සින්දුව ම කියන්න නො වේ. සමහරු අහන්න පුලුවන්, ඔව්, එජාපෙ වැරදි තියෙනව. ඒත් ඔබලා මොනවද කරන්න යන්නෙ කියල? අපි කරන්නේ මොනවද කියන එකේ සැලැස්ම දැනටමත් හදලයි තියෙන්න. එහෙත් විරැකියා ප්‍රශ්නය විසඳීමටත් රට සංවර්ධනය කිරීමටත් පොරොන්දු දෙන අතර එය ඉටුකරන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමට ඇයට නො හැකි විය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් ඇගේ කතාවේ වැඩියෙන් ම දඟර වැටුනු කොටස පැමිනියේ සිය ඒකාධිපති ක්‍රියාවන් ආරක්ෂා කිරීමේ දී ය. සියලු ඒකාධිපතියන් එදා සිට පට්ට ගැසූ තර්ක විතර්ක යොදා ගනිමින් ඇය, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඇගේ කැපවීම හඬනගා ප්‍රකාශ කරමින් ද අනාගතයේ දී ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී එකක් කිරීමට පොරොන්දු වෙමින් ද ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ඇය ගත් අසික්කිත පියවරයන් යුක්ති සහගත කිරීමට තැත් කලා ය.

ඇය මෙසේ ප්‍රකාශ කලා ය: ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත් භක්තිමත්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නියක ලෙසත් මහජනයා හමුවට ගොස් ඔවුන්ගෙන් වරමක් ලබාගන්නවා හැරෙන්නට මට වෙන විකල්පයක් නො වී ය. මෙම තර්කයේ ඔස්සේ ගියහොත් ආන්ඩුව බලයෙන් පහකරනවා වෙනුවට සිය ධුරයෙන් ඉල්ලා අස් වී මැතිවරනයකට මුහුන දිය යුතුව තිබුනේ කුමාරතුංග ය. ඇත්තවසයෙන් ම අගේ ක්‍රියාවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මතයන් පදනමෙන් ම උල්ලංඝනය කිරීමක් සහ ඒකාධිපති ස්වරූපයේ පාලනයකට අත්තිවාරම දැමීමක් ප්‍රකාශයට පත් කරයි.

ආන්ඩුව නෙරපා හැරීමේ දී කුමාරතුංග 1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද පුලුල් ජනාධිපති බලතල මත සෘජුව ම පදනම් විය. ඇටුවන් බැහැපු ධනේශ්වර දේශපාලනඥයකු වූ ජයවර්ධන අතිශයින් කම්පනකාරී වූ දේශපාලන තත්වයකට මුහුන දී සිටි අතර අවශ්‍ය වුවහොත් යොදාගැනීම සඳහා ජනාධිපති ඒකාධිපතිත්වයකට අවශ්‍ය ව්‍යවස්ථාමය පදනම ගොඩනගා ගැනීමට එජාපය සතු වූ අති විශාල පාර්ලිමේන්තු බහුතරය ගසා කෑවේ ය. සිය කෙරුවාව පිලිබඳව පැහැදිලිව ම උද්දාමයට පත් වූ ඔහු, ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පවරා නැති එකම බලය මිනිසකු ගැහැනියක කිරීම පමනකැයි පම්පෝරි ගැසී ය.

ගිය ඉරිදා සිය කතාවේ දී ජයවර්ධනගේ ඉහත ප්‍රකාශය ගැන සඳහන් කරමින් ව්‍යවස්ථාව භයානක එකක් යැයි ඊට පහර දුන් කුමාරතුංග එය වෙනස් කිරීමට ඇගේ පක්ෂයට පැහැදිලි ජනවරමක් දෙන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියා ය. එහෙත්, පසුගිය දශකය පුරා ම මෙම පොරොන්දුව පුනරුච්චාරනය කල ඇය, යුද්ධය ප්‍රකාශ කිරීමට, හදිසි නීති පැනවීමට, ස්ට්‍රයික් බිඳීමට සහ දේශපාලන විරුද්ධවාදීන්ට පහර දීමට සිය එජාප පූර්වගාමීන් මෙන් ම සියලු ව්‍යවස්ථාපිත බලතල ප්‍රයෝජනයට ගත්තා ය.

ඇය ප්‍රථමයෙන් තේරී පත් වූ 1994 වසfූ කුමාරතුංගගේ ප්‍රධාන පොරොන්දුවලින් එකක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ය. තව ද ඇයට මේ සඳහා ද ජවිපෙ නොමඳ සහාය ලැබුනි. ව්‍යවස්ථාව වෙනස් කරන බවට කුමාරතුංග ලිඛිත පොරොන්දුවක් දුන් කල ඔවුන්ගේ අපේක්ෂකයා වූ නිහාල් ගලප්පත්ති සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගත්තේ ය. විරුද්ධ පක්ෂයේ සිටි එජාපය වරින් වර අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය ලබාදීමට ඉදිරිපත් වුව ද කුමාරතුංග කිසිවිටෙකත් එය වෙනස් කිරීමට උත්සාහ නො කලා ය.

කුමාරතුංග දැන් ජවිපෙ පිටුබලය ලැබ ඡන්දයෙන් පත් වූ ආන්ඩුව ඉවත් කිරීමට මෙම පුලුල් බලතල යොදාගෙන තිබේ. හරියට ම ජයවර්ධන එදා පෙර සූදානම් වූ දේ එලෙසින් ම දැන් අභිමුඛයට පැමින තිබේ. රටේ සමාජ හා දේශපාලන ආතතීන් උත්සන්නව පවතිද්දී මුලුමහත් දේශපාලන සංස්ථාපිතයේ ම විවෘත හෝ නිහඬ අනුමැතිය සහිතව කුමාරතුංග පාර්ලිමේන්තු සම්මතයෙන් ඉවතට ඇදෙන පාලනයක් දෙසට ගමන් කරමින් සිටී. සියල්ලටමත් වඩා මෙය එල්ල වී ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව ය.

[මෙය
2004 පෙබරවාරි 20 වැනි දින
Kumaratunga tries to justify her anti-democratic actions යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading