ඉන්දියාවේ දේශපාලන භූමිකමපාවක්‌ හින්දු අධිපතිවාදී බීජේපීය බලයෙන්‌ ඇද වැටේ

ඉන්දියාවේ සමස්ත දේශපාලන හා ආර්ථික සංස්ථාපිතය ම කම්පනයට ලක්කරමින්, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සහ එහි ජාතික ප්‍රජාතන්ත්‍ර සන්ධානය (එන්ඩීඒ) නම් වු සභාගය බලයෙන් අතු ගෑවී ගොස් තිබේ. බ්‍රහස්පතින්දා උදයේ ඡන්ද ගනන් කිරීම ඇරඹීමෙන් පැය කිහිපයක් ගත වීමත් සමගම, බීජේපී නායකත්වයෙන් යුත් එන්ඩීඒ සභාගය ඉන්දියාවේ 14 වන මහ මැතිවරනයෙන් තමන් පරාජයට පත් වූ බව පිලිගත් අතර, 1998 සිට රටේ අගමැති ලෙස සිටි අතාල් බෙහාරි ව–පායි, එදින සන්ධ්‍යාව වන විට, සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුනි.

බීජේපීය, නියමිත කලට පෙර මැතිවරනය කැඳවා තිබුනේ, ආර්ථික වර්ධනයේ වේගවත් නැග්මක්, පකිස්ථානය සමග සාම සාකච්ඡා සඳහා තමන් ගත් ආරම්භකත්වයන් පිලිබඳ මහජන උද්යෝගය සහ සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන කොංග්‍රස් පක්ෂයේ පැවති ව්‍යාකුලත්වය ගසාකමින්, තමන්ට වැඩි බහුතරයක් දිනාගැනීමට හැකි වෙතැයි ගනන් බලමිනි. එහි දී මහ ව්‍යාපාරිකයන් ද සංගතවලට අයත් මාධ්‍ය ද විසින් බීජේපීය බලගතු ලෙස දිරිගන්වන ලදි.

බීජේපී රැස්වීම් සෙනග ඇද ගැනීමට අසමත් වීම ද අදියර ගනනාවකින් යුත් මැතිවරනය තුල දී ප්‍රකාශයට පත් වූ පශ්චාත්-මැතිවරන මත විමසුම් මාලාවක් ද මගින් පෙන්නුම් කෙරුනේ, ආන්ඩුවට එරෙහිව බලගතු මහජන විරෝධී ප්‍රවාහයක් පැවති බවයි. එහෙත් බ්‍රහස්පතින්දා වන තෙක් ම, මාධ්‍ය දිගටම අවධාරනය කලේ, එන්ඩීඒ සන්ධානය ආසන බහුතරයක් ද බීජේ පීය කොංග්‍රසට වඩා වැඩි ආසන ප්‍රමානයක් ද දිනා ගනු ඇති බවයි.

තථ්‍ය වසයෙන් ගත් කල, පසුගිය ලෝක් සභාවේ ආසන 300කට අධික සංඛ්‍යාවක් තිබූ එන්ඩීඒ සභාගයේ මෙවර ආසන සංඛ්‍යාව, 186, එනම් කොංග්‍රසයේ නායකත්වයෙන් යුත් බහු පක්ෂ සන්ධානයට වඩා 30කට අඩු ප්‍රමානයක්, දක්වා, පහල වැටුනි. බීජේපීය සම්බන්ධයෙන් ගත් කල, එහි තනි ආසන සංඛ්‍යාව, 1999 මැතිවරනයෙන් එය ලැබූ සංඛ්‍යාව වූ 182 සිට 133 දක්වා, 49කින් කප්පාදු වී ඇත. 1991-96 පාර්ලිමේන්තුවේ සිට මේ දක්වා කාලය සැලකූ කල, කොංග්‍රසයේ ලෝක් සභා නියෝජිත කන්ඩායම, බීජේ පීයේ කන්ඩායමට වඩා විශාල වන්නේ ප්‍රථම වතාවට ය.

1991 දී නරසිම්හ රාඔගේ කොංග්‍රස් ආන්ඩුව විසින් ආරම්භ කරන ලදුව, වසර හයක එන්ඩීඒ පාලන කාලය තුල වේගවත ් හ ා පුලුල ් කෙර ැනු , අ ාර ඣථරික “ලිබරලීකරන” ව ැඩපිලිවෙල මගින ්, “දිදුලන ඉන්දියාවක්” නිර්මානය කෙරී ඇතැයි යන බීජේපීඑන්ඩීඒ කියාපෑම්, කීතු කරමින්, මහජනතාව ඒවා බලගතු ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි යන්න, මැතිවරන ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරේ. ඡන්දදායකයෝ, බීජේපීයේ විෂඝෝර හින්දු අධිපතිවාදී න්‍යාය පත්‍රය ද ප්‍රතික්ෂේප කලහ. 2002 පෙබරවාරි-මාර්තු කාල පරිච්රේදයේ දී බීජේපී ප්‍රාන්ත ආන්ඩුව මුස්ලිම්-විරෝධී ජන ඝාතන ව්‍යාපාරයක් ඇවිලවූ සහ පසුව එම ජන ඝාතන ගසාකමින්, දැවැන්ත මැතිවරන ජයක් ලබා යලි තේරී පත්වූ, ගුජරාටයේ දී, බීජේපීයේ ලෝක් සභා නියෝජනය, තියුනු ලෙස පල්ලම් බැස්සේ, එම ප්‍රාන්තයේ ආසන 26න් යන්තම් 14කට සීමාවෙමිනි.

ඉන්දියාවේ සම්ප්‍රදායික ආන්ඩු පක්ෂය වන කෙංග්‍රසය, නව සභාග ආන්ඩුවක් පිහිටුවනු ඇත.

කොංග්‍රසයට හා එහි පූර්ව-මැතිවරන සගයන්ට බහුතරයක් සඳහා ආසන 55ක අඩුවක් පවතින නමුදු, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) -- සීපීඅයි(එම්) -- නායකත්වයෙන් යුත් මැතිවරන පෙරමුන වන වාම පෙරමුනේ මන්ත්‍රීන් 62කගේ සහයෝගය කොංග්‍රසයට ලැබෙන බව සහතික කෙරී ඇත.

කොංග්‍රසයේ සමාජ-ආර්ථික වැඩපිලිවෙල බීජේපීයට මුලුමනින් ම පාහේ සමාන බව ස්ටැලින්වාදියෝ පිලිගනිති. එහෙත් ඔවුන් කියාපාන්නේ, ඉන්දියාවේ “නිර්-ආගමික ප්‍රජාතන්ත්‍රවාදය” විනාශ කරලීමෙන් බීජේපී-එන්ඩීඒ වලකාලිය හැකි එකම ක්‍රමය එය වන බැවින් කොංග්‍රස් නායකත්වයෙන් යුත් ආන්ඩුවකට සහයෝගය දිය යුතු බවයි.

ඒකාබද්ධව ගත් කල ලෝක් සභා ආසන 75ක පමන ප්‍රමානයක් දිනා ගෙන ඇති විවිධාකාර ප්‍රාදේශීය හා කුල පදනම් සහිත පක්ෂ අතුරින් සෙසු සභාග හවුල්කරුවන් දිනාගැනීමේ කොංග්‍රස් ප්‍රයත්නයෙහි ලා2 කේන්ද්‍රීය ක්‍රියාකලාපය ඉටු කරනු ලබන්නේ, ස්ටැලින්වාදීන් විසිනි. “අල්ලා ගත හැකි ඕනෑම කෙනෙකුට නිර්-ආගමික පෙරමුනට එක් වන ලෙස ආරාධනා කල යුතු” යයි, සීපීඅයි (එම්) ප්‍රධාන ලේකම් ද කොංග්‍රසය, එහි සගයන් හා සගයන් බවට පත් විය හ ැකි පක ්ෂ අතර ගනුදෙන ුවල දී පක ්ෂයෙ ් ඉලක්කකරුවා ද වන හර්කිෂන් සිං සුර්ජිට් ප්‍රකාශ කලේ ය. කොංග්‍රසයේ නායකත්වයෙන් යුත් සභාගය, නව ලෝක් සභාවේ පස් අවුරුදු ජනවරමේ කාල පරිච්ඡේදය සඳහා ඉන්දියාව පාලනය කල හැකි ස්ථාවර සභාගයක් ලෙස, එයට වඩා හොඳින් තමන්ව ඉදිරිපත් කරගැනීමේ හැකියාව ලබා දෙන පරිදි, ඊනියා පොදු අවම වැඩපිලිවෙලක් සම්මත කරගැනීමේ ක්‍රියාදාමයක වඩාත්ම උනන්දු සහගත අද්වකාත්වරුන් බවට ද ස්ටැලින්වාදියෝ පත්ව ඇත.

රාජ්‍ය අංශයේ ආයතන වසා දැමීම හා විකුනා දැමීම, සමාජ සුබසාධන ව්‍යාපෘති කප්පාදු කිරීම, ජල හා විදුලි ගාස්තු ඉහල නැගීම ද වඩා පොදුවේ ගත් කල, ආර්ථික අනාරක්ෂිත භාවය, දරිද්‍රතාව සහ සමාජ අසමානතාව වර්ධනය වීම ද මගින් ඇති කෙරුනු දුෂ්කරතා පිලිබඳ මහජන අසන්තෘප්තියට, කොංග්‍රසය, යම් සීමිත මට්ටමකින්, ආයාචනා කලේ ය. කොංග්‍රස් ආන්ඩුවක් යටතේ, සෑම ගම්බද පවුලකම අඩු ගනනේ එක් සාමාජිකයකුට පොදු වැඩ ව්‍යාපෘතිවල වසරකට වැඩ දින 100ක් සහිත රැකියාවක් සහතික කෙරෙනු ඇතැයි යන්න, එහි ජනතාවාදී පොරොන්දු අතරට ඇතුලත් විය.

එමෙන් ම, පුද්ගලීකරනය, නියාමන ක්‍රියාදාමයන් ඉවත් කිරීම, තීරු බදු කප්පාදු සහ රාජ්‍ය සේවාවන් කප්පාදුව හා සංගත බදු අඩු කිරිම හරහා, ඉන්දියාව, අන්තර්ජාතික සංගත සඳහා ලාභ ශ්‍රම පාරාදීසයක් බවට පරිවර ඣතනය කිරීමේ එල ්ලයෙන ් යුතුව , මහ ව්‍යාපාරිකයන් ඉදිරිපත් කරන අපනයන මගින් දිවෙන වර්ධනයක් පිලිබඳ මූලෝපායට පූර්න සහයෝගය දෙන බවට ද කොංග්‍රසය ප්‍රතිඥා දුනි.

සිකුරාදා, කොංග්‍රස් නායිකා සහ එහි අගමැති අපේක්ෂක වීමට ඉඩ ඇති, සෝනියා ගාන්ධි, ඉන්දියාවේ ජාතිකව පරිපාලිත ආර්ථිකයේ ද ඒ සමග බැඳී පැවතුනු අවම සමාජ සුබසාධන ව්‍යාපෘතින්ගේ ද ඉතිරි පහදු බිඳ විසුරුවාලීමේ පිලිවෙත පෙරට ගෙනයාමට තමන් කැපවී සිටින බව, ඉන්දියානු හා විදේශීය ප්‍රාග්ධනය වෙත, යලි සහතික කලා ය.

“ආර්ථික ප්‍රතිසංස්කරන, ආරම්භ කරන ලදදේ, කොංග්‍රසය විසිනි, මගේ ස්වාමි පුරුෂයා විසිනි, පසුව කොංග්‍රස් ආන්ඩු විසිනි. ඒවා ඉදිරියට ගෙන යනු ඇත.” යයි ගාන්ධි වාර්තාකරුවන් හමුවේ කියා සිටියා ය.

ගාන්ධි, ව්‍යාපාරිකයන්ගේ ලිබරලීකරන න්‍යාය පත්‍රයට සිය සහයෝගය තව දුරටත් අවධාරනය කරනු පිනිස, ආර්ථික ප්‍රතිසංස්කරනවල ආරම්භක නිර්මාන ශිල්පියා වූ මුදල් ඇමති මන්මෝහන් සිං, පක්ෂයේ සගයන් හා විභව සගයන් සමග පොදු අවම වැඩපිලිවෙලේ අංග පිලිබඳව සාකච්ඡා කරන කොංග්‍රස් මන්ඩලයේ ප්‍රධානියා ලෙස, නම් කලා ය. “නව ආන්ඩුව, වර්ධනය සඳහා හිතකර වාතාවරනයක් නිර්මානය කිරීමේ පිලිවෙත් අනුගමනය කරනු ඇත යන්න පිලිබඳව ආයෝජකයන්ට සහතික කර ගත හැකි ය.” යනුවෙන් සිකුරාදා සැන්දෑවේ සිං ප්‍රකාශ කලේ ය.

මහ ව්‍යාපාරිකයන්ට, තම සම්ප්‍රදායික පක්ෂය වන කොංග්‍රසය, තම බලාපොරොත්තු ඉටු කරනු ඇත යන්න පිලිබඳව පූර්න විශ්වාසයක් ඇති අතර, ප්‍රතිසංස්කරන ගැන වාම පෙරමුන කරන හෙලා දැකීම් බොහෝ සෙයින් පූච්චානම් කතා බවත් ඔවුහු අවබෝධ කරගෙන ඇත. මැතිවරන ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියානු කර්මාන්ත සම්මේලයේ සභාපති වයි.කේ.

මෝඩි කියා සිටියේ, බටහිර බෙංගාලයේ වාම පෙරමුනු ආන්ඩුව, කොංග්‍රසයේ හා බීජේපීයේ පිලිවෙත්වලට අනුකුලව ආර්ථික පිලිවෙත් ඉදිරියට ගෙන ගොස් ඇති බැවින්, වම “ගැටලුවක්” වනු ඇතැයි තමන් නො සිතන බවයි. බටහිර බෙංගාලයේ තන්ත්‍රය “ප්‍රතිසංස්කරන හිතැති” එකක් ලෙස නම් කරමින්, බිර්ලා සමූහයේ සභාපති එස්.කේ. බිර්ලා විසින් මෝඩිගේ අදහස් අනුමත කරන ලදි.

එහෙත්, ඉන ්දියානු පාලක පන ්තියේ වඩ ා කල්පනාකාරී සහ දුර දිග සිතන නියෝජිතයන්, ම ැතිවරනය මගින ් එලිදරව් කෙර ැන ු, ප්‍රභූ පැලැන්තියේත් ඉන්දියාවේ වැඩ කරන ජනයාගේත් පිලිවෙත් උත්සුකතා, සංජානනයන් හා අභිලාෂයන් අතර පවත්නා පරතරය, හේතු කොටගෙන කම්පනයට ලක්වීම වැලැක්විය නො හැකි ය. තත්වාකාරයෙන් ගත ් කල , දෙ ්ශප ාලන ස ංස ්ථ ාපිතය, සිය “ප්‍රතිසංස්කරන” වැඩපිලිවෙලට එරෙහි දැවැන්ත මහජන ප්‍රතිප්‍රහාරයෙන් අන්දමන්ද වී ඇත.

සියයට 20ක් යයි තක්සේරු කෙරී ඇති විරැකියා සහ ඌන සේවා නියුක්ති මට්ටමක් පවතින, කෝටි සංඛ්‍යාත ජනයාට පිරිසිදු ජල පහසුකම් අහිමි කෙරී ඇති, ජනගහනයෙන් තුනෙන් පංගුවක් “පරිපූර්න දරිද්‍රතාවයේ” ගිලී ජීවත් වන, මෑත වසරවල දී දහස් සංඛ්‍යාත කුඩා ගොවීන් නය බර සහ දුර්භික්ෂය හේතු කොටගෙන සිය දිවි නසා ගත්, තතු යටතේ, ඉන්දියාව “දිදුලන” බව කියාපෑමට බීජේපීයට හැකි විය යන්න මගින ් තව දුරටත ් අවධ ාරනය කෙරෙන ්නේ, ජනගහනයේ බහුතරයක ඉරනම සම්බන්ධයෙන් එය දක්වන නො තැකීම ය.

“අනෙක් ඉන්දියාව” පෙරලා පහර දීමේ ප්‍රයත්නයක බීජේපීයට සහ එහි එන්ඩීඒ සගයන්ට රටේ සෑම කොටසක දී ම පාහේ සිය සහයෝගී පදනම් අහිමි වූයේ, සිය ඡන්ද කොට්ඨාශය අත්පත් කරගැනීමෙහි ලා අව්‍යාජ ප්‍රයත්නයක් දරන්නේ යයි සැලකෙන අය අතුරෙන් ප්‍රතිසංස්කරන පිලිබඳව වඩාත් ම විවේචනශීලී වන පක්ෂය දෙසට ඡන්දදායකයන් පොදුවේ හැරුනු තතු යටතේ ය.3 එනයින් ගත් කල, ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ්හි දී, ප්‍රතිසංස්කරන විරෝධී ප්‍රතිප්‍රහාරයේ වාසිය ප්‍රධාන වසයෙන් ඩැහැගත්තේ, සමාජවාදී පක්ෂය යි. බිහාරයේ දී නම් රාෂ්ටී්‍රය ජනතා දාල් ය.

සිය මැතිවරන සහයෝගී පදනම ප්‍රධාන කොටම බටහිර බෙංගාලය, කේරල සහ ත්‍රිපුර යන ප්‍රාන්තවලින් ලබා ගන්නා, වාම පෙරමුන, තමන් මෙතෙක් ලබා ගෙන ඇති විශාලතම ලෝක් සභා ආසන සංඛ්‍යාව වන ආසන 62ක් ලබා ගැනීමට සමත් විය. එය. 1999 ලද ප්‍රමානයෙන් 20ක වැඩිවීමකි. බටහිර බෙංගාලයේ දී. බීජේපීයටත් බීජේපීයේ ප්‍රාන්ත සගයා වන ත්‍රිනමූල් කොංග්‍රසයටත් එරෙහි රැල්ලේ වාසිය ඩැහැගත්තේ.

කොංග්‍රසය නො ව, වාම පෙරමුනයි. කේරලයේ දී.

කොංග්‍රස් නායකත්වයෙන් යුත් ප්‍රාන්ත ආන්ඩුව, ලිබරලීකරන පිලිවෙත් ඉදිරියට ගෙන යන තතු යටතේ, වාම පෙරමුන, ප්‍රාන්තයේ ආසන 20න් 18ක් දිනා ගත් අතර, කොංග්‍රසය එකක් වත් දිනා ගැනීමට සමත් නො වී ය.

විදේශ ආයෝජන හා තොරතුරු තාක්ෂන උත්පාතයේ මධ්‍යස්ථාන බවට පත්ව ඇති දකුනු ඉන්දියානු ප්‍රාන්ත තුනේ “ ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු සහ කර්නාටක “ ප්‍රතිඵල මගින්, මහ ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රයට එරෙහි මහජන වෛරයේ ගැඔුර තව දුරටත් ප්‍රකාශයට පත් විය. මෙම ප්‍රාන්තවලින් දෙකක, සමස්ත ඉන්දියානු මැතිවරනය සමග සමාන්තරව ප්‍රාන්ත මැතිවරන ද පැවැත්වුනි.

ආන්ද්‍ර ප්‍රදේශ්හි දී, බීජේපීය සමග සන්ධානතගතවි සිටින තෙලිඟු දේසම් පක්ෂය (ටීඩීපී), කොංග්‍රස් නායකත්වයෙන් යුත් විපාර්ශ්වික සන්ධානය දිනාගත් ප්‍රාන්ත මන්ත්‍රන සභා ආසන 226ට සන්සන්දනාත්මකව, ආසන 47ක් පමනක් දිනාගෙන, ප්‍රාන්ත මැතිවරනයෙන් අතු ගෑවී ගොස් තිබේ. වසර නවයක් තිස්සේ ආන්ද්‍ර ප්‍රදේශ්හි මහ ඇමති වූ ටීඩීපී නායක චන්ද්‍රබාබු නායිදු, විදුලි බල අංශය පුද්ගලීකරනය කිරීමටත් අනෙක් අතට නැතිනම් ලෝක බැංකුවේ ව්‍යුහාත්මක සැකසුම් වැඩපිලිවෙලට අනුව ක්‍රියා කිරීමටත් ඔහු දැක්වූ සූදානම හේතු කොටගෙන, ලෝක බැංකුවේ ආදරවන්තයකු බවට පත්ව තිබුනි. ඔහු, ආන්ද්‍ර ප්‍රදේශ්හි ප්‍රධාන විධායක නිලධාරි ලෙස තමන්ව හඳුන්වාගැනීමෙන් ප්‍රීතිමත් විය.

බීජේපීය හා ටීඩීපීය එක්ව දිනාගත්තේ, ආන්ද්‍ර ප්‍රදේශ්හි ලෝක් සභා ආසන 42න් යන්තම් 5ක් පමනි.

තමිල්නාඩුවේ, බීජේපීය හා එහි සහයා වන සමසත ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඒඅයිඒඩීඑම්කේ, ප්‍රාන්තයේ ලෝක් සභා ආසන 39න් එකක ් වත ් දින ාග ැනීමට අසමත ් විය. දැනට තමිල්නාඩුවේ ප්‍රාන්ත ආන්ඩුව පවත්වාගෙන යන ඒඅයිඒඩීඑම්කේ, එහි ආයෝජන හිතැති පිලිවෙත් ද විශේෂයෙන් ම, ගිය වසරේ ප්‍රාන්ත ආන්ඩු සේවකයන් 200,000කගේ වර්ජනය බිඳිනු පිනිස, හදිසි නීති අන පනත්, හොරිකඩයන් සහ මහ පරිමාන දොට්ට දැමීම් යෙ ාද ාග ැනීම ද හෙ ්තුකෙ ාටගෙන, මහ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශංශාව දිනා ගෙන ඇත.

කර්නාටකයේ දී, ඉන්දියාව විදේශ ආයෝජන සඳහා කාන්දමක් බවට පත් කිරීමේ ප්‍රයත්නය සමග බලගතු ලෙස අනන්‍ය වී ඇති, කොංග්‍රස් ආන්ඩුව, ප්‍රාන්ත මැතිවරනයෙන් බරපතල ප්‍රහාරයකට ලක් විය. එහි දී, බීජේපීය පමනක් නො ව, සමාජවාදී පක්ෂයෙන් බිඳී ඉතිරි වූ බීජේපී විරෝධී පතුරක් වන ජනතා දාල් (නිර්ආගමික) පක්ෂය ද කොංග්‍රසයෙන් ගිලිහුනු ආසන ඩැහැගැනීමට සමත් විය. කොංග්‍රසයට, කර්නාටක ප්‍රාන්ත ආන්ඩුවේ කොටස්කරුවන් වීමට සමහර විට හැකි වනු ඇත. එසේ වනු ඇත්තේ ද, ජනතා දාල් (නිර්ආගමික) පක්ෂය, බීජේපීය සහ සිය ප්‍රතිවාදී ජනතා දාල් (එක්සත්) පක්ෂය සුලුතර ආන්ඩුවක් තැනීම වලකාලනු පිනිස, කොංග්‍රසය සමග පෙරමුනක් තැනීමට තීන්දු කල හොත් පමනි.

පසුගිය දශකය තිස්සේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය බොහෝ සෙයින් සංකේන්ද්‍රනය වූයේ, නාගරික ප්‍රදේශවල ය. ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවකට වඩා රැකියාවෙහි යෙදෙන කෘෂිකර්මාන්තය, අඩු ගනනේ ආංශිකව, එකතැන පල්වී ඇත. ඒ, රාජ්‍ය සම්පත්, කෘෂිකර්මාන්තයේ සිට මහා මාර්ග ඉඳිකිරීම් සහ මහ ව්‍යාපාරිකයන් විසින් ඉල්ලා සිටිනු ලබන සෙසු පොදු ක ාර ඣය ව්‍යුහ ව්‍ය ාප ෘති දෙසට යෙ ාමු කිරීම හේතුකොටගෙන ය.

ඉන්දියානු ප්‍රභූ පැලැන්තියේ ආර්ථික පිලිවෙත්වලට එරෙහි ප්‍රතිප්‍රහාරය, කෙසේ වෙතත්, කිසිදු ආකාරයකින්, හුදු ග්‍රාමීය ප්‍රපංචයක් නො වී ය. බීජේපීය සහ එහි හවුල්කාර පක්ෂ, ඉන්දියාවේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල දී ද, අන්ත පරාජයන්ට ලක් වී තිබේ.

කල්කටාව, මුම්බායි (බොම්බාය), චෙන්නායි (මදුරාසිය) සහ තොරතුරු තාක්ෂන කේන්ද්‍රස්ථානය වන හයිද්‍රාබාද් යන නගරවල එහි ආසන අහිමි වී ඇත. දිල්ලි නගරයේ ලෝක් සභා ආසන හතෙන්, බීජේපීය දිනාගැනීමට සමත්ව ඇත්තේ, මධ්‍යම පන්තික වැයික්කියක් වන දකුනු දිල්ලිය පමනි.

කොංග්‍රසයේ ක්‍රියාකලාපය කොංග්‍රසය වනාහි, ඉන්දියානු ධනේශ්වරයේ ඓතිහාසික පක්ෂයයි. එහි ප්‍රධාන උපයෝගිතාව ලෙස පැවතුනේ, ඉන්දියානු ප්‍රාග්ධනයේ වැඩපිලිවෙලට මහජනතාව ගැටගසනු පිනිස, අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී වාචාල කතා යොදාගැනීමට එයට තිබූ හැකියාවයි.

එම්.කේ. ගාන්ධිගේ නායකත්වය යටතේ, කොංග්‍රසය, බි්‍රතාන්‍ය පාලකයන් සාකච්ඡා මේසයට තල්ලු කරගැනීමට හැකි වනු පරිදි, පරිපාලිත මහජන ව්‍යාපාරයක් ගෙනයනු පිනිස, කම්කරු-ගොවි අසන්තෘප්තියට ආයාචනා කලේ ය. දෙවන ලෝකයුද්ධය හමාරවීමත් සමගම, ඉන්දියාවේ පැනනැගි පුලුල් මහජන නැගිටීම, සිය පාලනයෙන් ගිලිහී යනු ඇතැයි යන්න පිලිබඳව, කොංග්‍රසය භීතියට පත්වූ නිසා, එය, ධනපති පාලනය ස්ථාවර කරලනු පිනිස, බි්‍රතාන්‍යයන් සමග ඉක්මනින් ම සම්මුතියක් අටවාගැනීමට පියවර ගති. එම ක්‍රියාදාමයේ දී, කොංග්‍රසය, උප-මහාද්වීපය ජනවාර්ගික පදනමක් මත බෙදීම පිලිගෙන එය මහජනතාව මත පැටවීමට ද ක්‍රියා කලේ ය.

ජවහර්ලාල් නේරුගේ නායකත්වය යටතේ, කෙ ාංග්‍රසය, ධනේශ ්වරයේ ජ ාතික සංවර්ධන ව්‍යාපෘතියට මහජන සහයෝගය දිනා ගනු පිනිස, සීමිත ඉඩම් හා සෙසු ප්‍රතිසංස්කරන ද සමාජවාදී පූච්චානම් ද යොදා ගත්තේ, 1991 වන තෙක් සියලු ඉන්දියානු ආන්ඩු විසින් පවත්වාගෙන යනු ලැබූ, ආනයන ආදේශනය සහ කර්මාන්තවල පුලුල් රාජ්‍ය අයිතිය පිලිබඳ පිලිවෙත් දියත් කරමිනි.

නිසැකව ම, 2004 මැතිවරනයෙන් ඉක්බිතිව, මහ ව්‍යාපාරිකයෝ, පුලුල් මහජනතාව පාලනය හා අපසරනය කරනු පිනිස කොංග්‍රසය යොදාගැනීම ගැන යලිත් අවධානය යොමු කරමින් සිටිති එහෙත් අද දේශපාලන හා සමාජ-ආර්ථික ගතිකයන් මුලුමනින් ම වෙනස් ය.

කොංග්‍රසය අද සිය අතීත ප්‍රතිරූපයේ සෙවනැල්ලට වඩා වැඩි යමක් නො වේ. එය වනාහි, මහජනතාව සමග පැවති සිය සබඳතා බොහෝ කලකට පෙර දියවී ගිය, දුෂිත දේශපාලන යන්ත්‍රනයකි. කොංග්‍රස් නායකත්වය ද බීජේපීය මෙන් ම, 2004 මැතිවරන ප්‍රතිඵලය මගින්, අඩු ගනනේ, කම්පනයට ලක් කෙරුනි.

මාධ්‍ය හා මූල්‍ය ආයතන බීජේපීයට උද්යෝගිමත්ව සහාය දෙන බව අවබෝධ කරගත්, කොංග්‍රසය, සිය මැතිවරන උද්ඝෝෂනය පටන් ගත්තේ ම, ව්‍යාකුල හා දිරිසුන් තත්වයක් යටතේ ය. එය ලද හොඳම තත්වය ලෙස විස්තර කල හැක්කේ, සිය ඉතිහාසයේ ලද නරකම මැතිවරන ප්‍රතිඵල වන 1999 මැතිවරනයේ තත්වයෙන් සුලු වර්ධනයක් අත්පත් කරගැනීමට එයට හැකිවීමයි. අර්බුදයට මුහුන දුන් කල කොංග්‍රසය දක්වන අනිච්චානුගත ප්‍රතික්‍රියාවක් බවට පත්ව ඇති භාවිතාවක යෙදෙමින්, පක්ෂ නායකත්වය, අපේක්ෂක තරුවක් ලෙස, රාහුල් ගාන්ධි බඳවාගැනීම මගින්, පක්ෂ යන්ත්‍රනය තුල උද්යෝගයක් ජනනය කිරීමට උත්සාහ කලේ ය. ඔහුගේ මව වන සෝනියා ගාන්ධිට මෙන් ම, රාහුල් ගාන්ධිට ද පවතින එකම දේශපාලන සුදුසුකම වන්නේ, නේරු-ගාන්ධි දේශපාලන වංශයට ඇති පවුල් සබඳතාවයි.

කොංග්‍රසය ඉන්දියාවේ ඊලඟ ආන්ඩුවේ නායකත්වය ගනු ඇති නමුදු, එය 1984න් පසු මේ දක්වාම, පාර්ලිමේන්තු බහුතරයක් දිනාගෙන නැත. ඉන් පසුව එක දිගට පැවති මැතිවරන හතරක දී ම, එයට දිනාගත හැකි වූයේ ලෝක් සභා ආසන සංඛ්‍යාවෙන් හතරෙන් එකකට අඩු ප්‍රමානයකි. එයට මෙවර බලයට ඒම පිනිස අවශ්‍ය ලෝක් සභා ආසන සංඛ්‍යාව ගොනු කරගැනීමට නම් වාම පෙරමුනේ සහාය උවමනා කරනු ඇත.

එපමනක් නො ව, කොංග්‍රසය, ප්‍රතිසංස්කරනවලට එරෙහි මහජන වෛරය මහා පරිමානයෙන් ප්‍රකාශයට පත් කරන උපකරනය බවට පත් වූයේ නම්, ඒ බොහෝ සෙයින් ස්ටැලින්වාදීන්ගේ නායකත්වයෙන් යුත් වාම පෙරමුන විසින් එයට ලබා දුන් සහාය හා යුක්තියුක්ත භාවය හේතු කොට ගෙන ය.

මැතිවරනය සමාජ කලබැගෑනි පිලිබඳ පෙර නිමිත්තකි ඉන්දියානු ධනේශ්වරයේ පශ්චාත්-ස්වාධීන ජාතික ව්‍යාපෘතියේ අසාර්ථකත්වයත් ලෝක ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම පාරාදීසයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමට ඔවුන් දරන ප්‍රයත්නය මගින් නිර්මිත සමාජ ව්‍යසනයත්, වැඩෙන සමාජ හා දේශපාලන අර්බුදයක් නිර්මානය කර ඇත.

නව කොංග්‍රස් ආන්ඩුව රැකියා සම්පාදනය කිරීමට, සුලු ගොවීන්ට සහන සැලසීමට, පොදු හා සමාජ සේවාවන් දියුනු කිරීමට පියවර ගනු ඇතැයි මහජනත ාව බල ාපෙ ාf ර ාත ්තු වන අත රම, මැතිවරනයෙන් පැය කිහිපයක් ඇතුලත, කොංග්‍රස් නායකත්වය දැනටමත් පැහැදිලි කර ඇත්තේ, මහ ව්‍යාපාරිකයන්ගේ ලිබරලීකරන න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමෙහි ලා බීජේපීය නතර කල තැන සිට තමන් ඉදිරියට යන බවයි.

එමෙන් ම, එය එසේ කරනු ඇත්තේ, ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක් -- චීනයේ ආයෝජන උත්පාත ආර්ථිකය පුපුරායාම හෝ එක්සත් ජනපදයේ අති දැවැන්ත ආන්ඩු, වෙලඳ සහ ජංගම ගිනුම් හිඟය හෝ හේතු කොට ගෙන -- පිපිරීමේ හැකියාව ශීඝ්‍රයෙන් වැඩෙන කොන්දේසි යටතේ ය. තව ද, ඉන්දියාව වඩ වඩා ලෝක ධනවාදී ආර්ථිකයට ඒකාග්‍රවීම හේතුවෙන්, එය, 1997-98 අග්නිදිග ආසියානු ආර්ථික දියවීයාමේ බලපෑමෙන් ආංශිකව වැලකුනාක් මෙන්, මෙවර එවන් අර්බුදයකින් එසේ ආංශිකව වත් ගැලවීගැනීමට හැකි නො වනු ඇත.

ඉන්දියානු ආර්ථිකය පිලිබඳව ඉදිරිපත් කෙරුනු පූර්ව-මැතිවරන විශ්ලේෂනයක, මූඩි ආයතනය අනතුරු ඇඟවූයේ, වැඩෙන අයවැය හිඟය හේතු කොටගෙන වියදම් තියුනු ලෙස සීමා කිරීමට ඊලඟ ඉන්දියානු ආන්ඩුවට සිදු වනු ඇති බවයි. කොංග්‍රස් ආන්ඩුවක්, “මූලය විනය පුනස්ථාපනය” කිරීමට කටයුතු කරනු ඇතැයි කියමින්, කොංග්‍රස් මැතිවරන ප්‍රකාශය, මෙම කරුන පිලිබඳව වක්‍ර ලෙස සඳහන් කරයි.

එනයින් ගත් කල, මැතිවරන ප්‍රතිඵල, සමාජ කලබැගෑනියක නව කාල පරිච්ඡේදයක් පෙර ඇඟවුම් කරයි.

කෙසේ වෙතත්, මහජනතාව වමට ගමන් කරමින් සිටින්නේ නම්, ස්ටැලින්වාදී යන්ත්‍රනය, වඩාත් අවධ ාරන ාත ්මකව පව ා දකුනට -- කොංග්‍රස ් නායකත්වයෙන් යුත් ආන්ඩුවකට සහාය දීමට හා සමහර විට එයට ඇතුලුවීමට -- ගමන් කරයි.

ස්ටැලින්වාදීන් ඉන්දියානු ධනේශ්වරයේ සම්ප්‍රදායික පක්ෂය සමග සන්ධානගත වීම යුක්තියුක්ත කරන්නේ, හින්දු අධිපතිවාදී බීජේපීය පරාජය කල යුතු ය යන පදනම මත ය. එහෙත් වැඩෙන සමාජ අර්බුදයට ස්වකීය විසඳුම ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වලකන තාක් දුරට, ස්ටැලින්වාදීන්ගේ ද සහයෝගය සහිතව, මහ ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය ක්‍රියාවට ද ැමීමේ කෙ ාංග්‍රස ් ආන ්ඩුවේ වැඩපිලිවෙල මගින්, වැඩ කරන ජනතාව එකිනෙකාට එරෙහිව පිහිටුවන, සියලුම ආකාරයේ වර්ගෝත්තමවාදී, කුලවාදී සහ ප්‍රාදේශීයවාදී ව්‍යාපාර ඇතුලු, සමාජ ප්‍රතිගාමිත්වය තව දුරටත් වර්ධනය වීම සඳහා, පදනම සැපයෙනු ඇත.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සහ වර්ගවාදී ප්‍රතිගාමිත්වයට එරෙහි අරගලය, ඉන්දියානු හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එරෙහි සහ සමාජ සමානතාව සඳහා වූ අරගලයෙන් වෙන් කල නො හැකි ය.

ඉන ්දිය ානු කම්කර ැ පන ්තිය, තමන ් මහ ව්‍යාපාරිකයන්ගේ කොංග්‍රස් පක්ෂයට බැඳ තැබීමේ වාම පෙරමුනේ ප්‍රයත්නයන් ප්‍රතික්ෂේප කල යුතු ය, වැඩ කරන ජනයාගේ හා පීඩිතයන්ගේ අරගලවල නායකත්වය ගත යුතු ය, ඉන්දියානු මහජනතාවගේ අරගලය ධනවාදයට එරෙහි ලෝක අරගලය සමග ඒකාබද්ධ කිරීම මගින්, ඔවුනගේ ප්‍රජාතන්ත්‍ර සහ සමාජ විමුක්තිය සඳහා සංසක්ත හා ශක්‍ය මූලෝපායක් සම්පාදනය කල යුතු ය.

[මෙය
2004 මැයි 15 වැනි දින
Political earthquake in India යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading