අයර්ලන්තයේ ඩබ්ලින් නගරයෙහි ටි්‍රනිටි විද්‍යාලයේ දාර්ශනික සංගමයේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ වාර්ෂික විවාදය ඔක්තෝබර් 14 දින පවත්වන ලදි. දෙසීයකට අධික ශ්‍රාවකයක් ඉදිරියේ විවාදයට භාජන කරන ලද යෝජනාව වූයේ, “ඇමරිකා එක්සත් ජනපදය තවමත් ලෝකයේ සාම සාධකයා ය යි මෙම සභාව විශ්වාස කර යි” යන්න ය.
දාර්ශනික සංගමය විසින් ආරාධිත ව මෙම වාදයට සහභාගි වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් ඉහත යෝජනාවට විරුද්ධ ව කතා කලේ ය. යෝජනාවට එරෙහි ව කතා කල වෙනත් කථිකයන් අතර අයර්ලන්ත සෙනේට් සභික ඩේවිඩ් නොරිස්, බි්‍රතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස් මාර්ස්ඩන් සහ බි්‍රතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රවෘත්ති පත්‍රයේ, විදේශ කර්තෘ ලෙනාඩ් ඩොයිල් වූහ.
යෝජනාවට පක්ෂව කතා කලවුන් අතර ලන්ඩන් නුවරින් පලවන ද ඉකොනොමිස්ට් සඟරාවේ එක්සත් ජනපද කර්තෘ ජෝන් මික්ටෙල්ත්වයිට්, ඩබ්ලින් නුවර සරසවි විද්‍යාලයේ ඉතිහාසඥයෙකු හා ජාත්‍යන්තර සබඳතා පිලිබඳ විශේෂඥයකු වූ රිචඩ් ඇල්ඩස් සහ ඕපන් රිපබ්ලික් සංස්ථාවේ පෝල් මැක් ඩොනල්ඩ් ද වූහ. දේශනයන්ගෙන් ඉක්බිති විවාද-ශ්‍රාවකයේ අති බහුතරයක් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඡන්දය දුන්හ.
ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද දේශනය අප මෙහි පහත මුද්‍රනය කොට දක්වමු.
ප්‍රථමයෙන් ම, එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙත පිලිබඳ මෙම විවාදයට සහභාගි වීම සඳහා මට ආරාධනය කිරීම ගැන දාර්ශනික සංගමයට ස්තුති කිරීමට කැමැත්තෙමි. බහුතර ඇමරිකානු ජනතාව ඉරාකය ආක්‍රමනය කිරීමට අශමනීය ලෙස විරුද්ධ වෙති, බුෂ් පාලනාධිකාරය සහ එය විසින් නියෝජිත සියල්ල පිලිකුල් කරති. තමන්ගේ නාමයෙන් එක්සත් ජනපද ආන්ඩුව විසින් මෙතෙක් කරනු ලැබ ඇති හා කරනු ලබමින් පවත්නා සෑම සියලු දෙයක් ම පිලිබඳ ව ල–ජ ාවට පත ්ව සිටින කෙ ා ්ටි ස ංඛ්‍ය ාත ඇමරිකානුවන් වෙනුවෙන් කතා කිරීමට ලැබී ඇති මෙම අවස්ථාව මම සාදරයෙන් පිලිගනිමි.
එක් අතකට අධිරාජ්‍ය විභූෂනයේ මායාවෙන් මත් ව සිටින දේශපාලන සංස්ථාපිතය ද, අනෙක් අතට යුද්ධයට වෛර කරන, ඇමරිකානු අධිරාජ්‍යයක පංගුකාරයන් වීම ප්‍රතික්ෂේප කරන, කවුරුන් හෝ මැරීමට වත්, යටත් කර ගැනීමට වත් උවමනාවක් ඇත්තේ ම නැති, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ තෙල්බිම්වල මොන ම මූල්‍යමය ආයෝජනයන් හෝ නැති, බලගතු වන්නේ යුක්තිය මිස, එහි අනෙක් පැත්ත නොවන බව පැවැසූ ලින්කන්ගේ වදන් මුලු හදින් ම විශ්වාස කරන කෝටි සංඛ්‍යාත ඇමරිකානු ජනතාව යන මේ දෙපැත්ත අතර අපාර සදාචාරාත්මක අගාධයක් පවතී.
මෙම සභාව ඉදිරියේ ඇති “ඇමරිකා එක්සත් ජනපදය තවමත් ලෝකයේ සාම සාධකයා ය” යන ප්‍රස්තුතය ඓතිහාසික යථාර්ථය ඔලුවෙන් හිටවයි.
එක්සත් ජනපදය “සාමසාධකයෙකු” යයි නම් කිරීම අවමගුල් කොන්ත්‍රාත්කරුවෙකුට “පරලෝක-ජීවිත සංවර්ධන විශේෂඥයකු” යයි පටප්‍රදානයට බෙහෙවින් සමාන වේ.
භූගෝලීය ආධිපත්‍යය සොයා දුවන ඇමරිකානු අධිරාජ්‍යවාදය වනාහී අද ලෝකයේ පවත්නා වූ ප්‍රචන්ඩත්වයේ ද, සූරාකෑමේ ද, අමානුෂිකත්වයේ ද ප්‍රධාන ප්‍රරෝචකයා (අවුලුවන්නා) ය. ඒ රටේ විදේශ පිලිවෙත අතිමහත් ජාත්‍යන්තර අපරාධ අභ්‍යාසයක ස්වභාවය අත්පත් කර ගෙන තිබේ. තම රාජ්‍ය ප්‍රධානියා ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ගමන් ම සිය ආන්ඩුවේ මූලෝපායික ධර්මයේ අත්තිවාරම ලෙස ත්‍රස්තවාදය නිලවශයෙන් ම හා ප්‍රසිද්ධියේ වැලඳගෙන සිටින්නා වූ ලෝකයේ එක ම රාජ්‍යය බවට එක්සත් ජනපදය පත් ව තිබේ. 2002 සැප්තැම්බර් මාසයේ දී “පූර්ව-භංග යුද්ධ” පිලිවෙත ජනාධිපති බුෂ් විසින් ප්‍රකාශයට පත් කිරීමේ සාරභූත අර්ථභාරය නම් මෙය යි.
“ත්‍රස්තවාදය” යන වචනයට සංකීර්න ඓතිහාසික පරම්පරාවක් ඇත. එම පදය කාලාන්තරයේ දී, විවිධ දේශපාලන ප්‍රයෝජනයන් සඳහා යොදාගෙන ඇත.
එහෙත් අප මෙම පදය එහි පෘථුල සහ බෙහෙවින් ම පොදු නූතන අර්ථයෙන් - එනම්, යම් යුද්ධමූලෝපායික, දේශපාලනික සහ ආර්ථික අරමුනු අත්පත් කර ගැනීම සඳහා වෙනත් රාජ්‍යයන්ට හා ඒවායේ වැසියන්ට එරෙහි දාමරිකත්වය හෝ දාමරිකත්වය යෙදීමේ තර්ජනය කල්තබා සැලසුම් කර සහ නීති විරෝධී ව යෙදීම යන අර්ථයෙන් - යෙදුව හොත් වෙනත් රාජ්‍යයන් ද ඒවායේ සිවිල් වැසියන් තැති ගැන්වීමට, බිය වැද්දීමට සහ තාඩනයට ලක්කොට ත්‍රස්තයේ ක්‍රියාත්මක කරන්නාගේ ඉල්ලීම්වලට යටත්උීඋී ක්‍ය්සරප්බ ෘ්ඩසා භදරඑය ාැබදමබජැි ෂර්ු අ්ර ්එ ෘමඉකසබ ාැඉ්එැ කර ගැනීම අරමුනු කොට සිතාමතා ම භයංකර තුවාල සහ මරනය කඩාපාත් කිරීම ත්‍රස්තවාදය නම් - එවිට ත්‍රස්තවාදයේ සුපිරි හා භයංකර ම ස්වරූපය වනාහී යුද්ධය ම ය.
මෙම ආස්ථානයෙන් ගත් කල්හි, පූර්ව-භංග යුද්ධයේ ධර්මය සහ ඉරාකය ආක්‍රමනය කොට යටත් කර ගැනීම මගින් එක්සත් ජනපදය ප්‍රාරම්භක ව ක්‍රියාත්මක කිරීම නියෙ ා ්ජනය කරන ්නෙ ් භය ංකර ඓතිහාසික පරාගමනයකි - එහි අර්ථය නම්, විසිවන ශතවර්ෂයේ ප්‍රථම භාගයේ ලේවැකි සිද්ධීන්ට ප්‍රතිචාරයක් ලෙස තහවුරු කෙරුනු ජාත්‍යන්තර නීතියේ මූලධර්මයන් උල්ලංඝනය කරමින් කලෙක නාසි රයිකය (නාසි පාලන තන්ත්‍රය) විසින් ක්‍රියාත්මක කැරුනු වර්ගයේ අධිරාජ්‍යවාදී සාපරාධී බව යලි පනගැන්වීම ය.
සාරභූත වශයෙන් ගත් කල යුද්ධය වනාහී වෙනත් මාධ්‍යයක් මගින් ක්‍රියාත්මක කරන ලද දේශපාලනය ය යන නියමය 19 වන ශතවර්ශයේ දී මහා බලවතුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සහ යුද්ධමය පිලිවෙත් මෙහෙය විය.
එහෙත් යුරෝපය මස්මඩුවක් බවට පත්කල පලමු වන ලෝක යුද්ධයෙන් ඉක්බිති යුද්ධය හුදෙක් තවත් වර්ගයක දේශපාලනයක් ලෙස සරලව ම විස්තර කල නො හැකි විය. යුද්ධ අපරාධ පිලිබඳ සංකල්පය පැන නැගුනි ආන්ඩු ආක්‍රමනකාරී යුද්ධවලට වගකිව යුතු ය යි ද, නිදහසට හේතු දැක්වීමට බැඳී සිටිතැයි ද යන සංකල්පය තහවුරු විය. මූලෝපායික භූ-දේශපාලනික හා ආර්ථික අරමුනු සඳහා යුද්ධයට යාම - එනම්, වචනයේ දෘඪ අර්ථයෙන් ම ආත්මාරක්ෂාව හැර වෙනත් හේතු නිසා යුද්ධයට යාම අපරාධයක් ලෙසද ජාත්‍යන්තර නීතිය තුල චාරිත්‍රානුකූල සාම්ප්‍රදායික “රාජ්‍යයේ කාරනා” යන්න මත යුක්ති සහගත කල නොහැක්කක් ලෙසද දැකගනු ලැබීම ඇරඹුනි.
ආක්‍රමනකාරී යුද්ධය අපරාධයක් ලෙස නියම කිරීමේ ඊලඟ ප්‍රධාන පියවර වූයේ 1928 ෆ්‍රෑන්ක් කෙලොග් නම් ඇමරිකානු රාජ්‍ය ලේකම් විසින් සාකච්ඡා කොට තහවුරු කෙරුනු සුප්‍රසිද්ධ යුද්ධ නිෂ්ක්‍රමන ගිවිසුම යි.
කෙලොග්-බ්‍රෑන්ඩ් ගිවිසුම ආක්‍රමනකාරී යුද්ධය දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස විශදව ම නියම කලේ නැත මෙම වරද, නිවරැදි කිරීමට දෙවන ලෝක යුද්ධ අවසානයේ දී මිත්‍ර පාක්ෂික බලවත්තු (එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය- ප්‍රන්සය සහ සෝවියට් රුසියාව ඇතුලු කන්ඩායම) අධිෂ්ඨාන කර ගෙන සිටියාහ. නාසි නායකයන්ට එරෙහි නුරෙම්බර්ග් අභිචෝදනා පදනම් වූ ජාත්‍යන්තර යුද්ධ අධිකරනයේ වරපත්‍රය විසින් “ආක්‍රමනකාරී යුද්ධයක්, ජාත්‍යන්තර ගිවිසුම්, එකඟතා හෝ සහතික උල්ලංඝනය කරමින් කරන්නා වූ යුද්ධයක්” සැලසුම් කිරීම, සූදානම් කිරීම, මුලපිරීම හා පවත්වාගෙන යාම හෝ ඉහත සඳහන් කුමන දෙයක් ඉටු කිරීම සඳහ ා පෙ ාදු ස ැලසුමකට හෙ ා ් කුමන්ත්‍රනයකට සහභාගි වීම “සාමයට එරෙහි අපරාධ” ලෙස නිර්වචනය කරනු ලැබිනි.
ජාත්‍යන්තර අධිකරන මන්ඩලය තවදුරටත් මෙසේ ප්‍රකාශ කලේ ය: “යුද්ධය වනාහී සාරභූත වශයෙන් ම නපුරු දෙයකි. එහි විපාක සංග්‍රාමාවතීර්න රාජ්‍යයන්ට පමනක් සීමා නොවේ මුලු ලෝකයට ම බලපායි.
එහෙයින් ආක්‍රමනකාරී යුද්ධයක් ඇරඹීම හුදෙක් ජාත්‍යන්තර අපරාධයක් පමනක් නොව දරුනු ම ජාත්‍යන්තර අපරාධය ය එය අනෙකුත් සියලු ම යුද්ධ අපරාධවලින් වෙනස් වන්නේ එය තුල සමස්තයේ රාශිභූත නපුර රඳවාගෙන තිබෙන නිසා ය” යනුවෙනි.
1945-46 දී ආක්‍රමනශීලී යුද්ධයක් කිරීම අපරාධයක් ය යන ප්‍රස්තුතයේ අතිශයින් ම අවධාරක කථරිකයා වූයේ ඇමරිකා එක්සත් ජනපදය යි. ඇමරිකානු අධිචෝදක කන්ඩායමේ ප්‍රධානියා වූ ශ්‍රේෂ්ඨාධිකරන විනිසකරු රොබට් ජැක්සන් නුරෙම්බර්ග් චෝදනාවන්ට යටින් පැවැති නීතිමය මූලධර්ම සාර්වත්‍රික ව ම වලංගු බව ප්‍රකාශ කලේ ය. “ගිවිසුම උල්ලංඝනය කරන සමහර ක්‍රියා අපරාධ නම්, ඒවා එක්සත් ජනපදය කලත්, ජර්මනිය කලත්, අපරාධ ම ය. අපට එරෙහිව මතුකිරීමට අප අකැමැති වන අපරාධ නීතියක් අනෙකුත් අයට එරෙහි ව තහවුරු කිරීමට අප සූදානම් නැත.” එක්සත් ජනපදය නුරෙම්බර්හි නඩු විභාගයේ දී මෙම වදන් පැවැසීමෙන් පසුව බොහෝ දේ වෙනසට පත්ව ඇත. 2002 සැප්තැම්බරයේ දී මෙම ධර්මය පැනැවීම ද, 2003 මාර්තුවේ දී ඉරාකයට එරෙහි යුද්ධය දියත් කිරීම මගින් එය ක්‍රියාත්මක කිරීම ද සලකුනු කරන්නේ නුරෙම්බර්ග් නඩු විභාගයේ දී නාසි කල්ලි නායකයන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරුනු නීතිමය මූලධර්ම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීම ද එහෙයින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හා සාතිශය ප්‍රගාඪ නීතිමය අර්ථයෙන් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය අපරාධකාරී එකක් බවට පරිවර්තනය කිරීම ද වේ.
2002 සැප්තැම්බර් 17 දින බුෂ් පාලනාධිකාරය විසින් ප්‍රකාශ කරනු ලැබූ ජාතික ආරක්ෂක මූලෝපායය විසින් කරනු ලැබ ඇත්තේ තමන් ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර නීතිය මගින් නිර්වචනය කරනු ලැබූ අන්දමට ආත්මාරක්ෂාව සඳහා යයි ඔප්පු කිරීමට කිසිදු විශ්වසනීය සාක්ෂියක් ඉදිරිපත් නො කර ම ඒකපාක්ෂික ව යුදමය පියවර ගැනීමට ඇති අයිතිය හෙවත් එක්සත් ජනපදය තමන්ට අවශ්‍ය යයි තීන්දු කල සෑම විට ම දාමරික බවට පැන ගැනීමට අයිතිය ප්‍රකාශ කිරීම ය.
එය විග්‍රහ මාත්‍රයක් හෝ නොඉවසන ඉතා ලිහිල් ලෙස සකසන ලද වාං මාලාවක් මගින් යුක්ති සහගත කරනු ලැබ ඇත. එය මෙසේ ය “එක්සත් ජනපදයට, එහි හවුල්කරුවන්ට හා මිත්‍රයන්ට එරෙහිව අධම (රෝග්) රාජ්‍යයන් හා ඔවුන්ගේ ත්‍රස්තවාදී සේවාදායකයන් මහා විනාශකාරී අවි යොදා තර්ජනකාරී වීමට හෝ ඒවා පාවිච්චි කිරීමට පෙර එම රාජ්‍ය වලක්වාලීමට අප සූදානම් විය යුතු වේ.” අධම (රෝග්) රාජ්‍යයක් යනු කුමක් දැයි කවුරු තීරනය කරත ් ද ? එ ් වන ාහී අ ැමරික ානු ආවශ්‍යකතාවලට කෙලින් හෝ වක්‍රව තර්ජනය කර සිටින ඕනෑම රාජ්‍යයක් ද? අධම (රෝග්) රාජ්‍යයන් මහා විනාශකාරී අවි යෙදීමට හෝ යෙදීමේ තර්ජනය කිරීමට පෙර ඔවුන්ට එරෙහිව යුද්ධමය ක්‍රියා කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ තමන්ට තර්ජනයක් විය හැකි යයි සිතන ඕනෑම රාජ්‍යයකට එරෙහිව පහර එල්ල කිරීමට තමාට අයිතිය ඇතැයි තහවුරු කිරීමට එක්සත් ජනපදය ඉදිරිපත්ව සිටින බව ය. එක්සත් ජනපදයට එරෙහි පැහැදිලි ක්‍රියාවකින් තොර ව, එහෙත් කිසියම් අනාගතදිනයක දී තර්ජනයක් වීමට ඇති හැකියාව (විභවය) උඩ පමනක් ‘තර්ජනය’ යන්න නිර්වචනය කිරීම මගින් ලෝකයේ සෑම රටක් ම පාහේ එක්සත් ජනපදය ප්‍රහාරක ඉලක්ක ලැයිස්තුවට ඇතුලත් කෙරෙනු ඇත.
“විභව ප්‍රතිමල්ලයන්” අනන්‍ය කර ගැනීමට එක්සත් ජනපදය යොදාගන්නා නිර්නායකයන්ට රටවල් කීයක් හසුවේ ද? පිලිතුර නම් “ලෝකයේ රටවල් කීයක් තිබේ ද? ඒ සියල්ලම” යන්න ය.
“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් තමන් හදිසියේ ම එක්සත් ජනපද ප්‍රහාරයට ලක් ව ඇති බව දැකගනු ඇත්තේ කිසිසේත් ම මැදපෙරදිග, සහ මධ්‍යම ආසියාවේ “සුපුරුදු සැකකරුවන්” පමනක් නොවේ.
ජනාධිපති බුෂ්ගේ හිටපු සමීප සහකාරයෙකු විසින් ලියන ලද නව කෘතියක් පහත සඳහන් අභියෝගය ඉදිරිපත් කරයි, “හිරිකිත සත්‍යය නම් 1980 තරම් ඈත කාලයක සිට කැනඩාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ මූලාශ්‍ර රටක් බවට පත් ව ඇති බව ය. ...කැනඩාව ලෝකයේ දරුනුම ආගමික, ජනවාර්ගික, සහ දේශපාලන අන්තවාදී ව්‍යාපාරවලට කැදැල්ලක් සපයා දී ඇති බව ය... මේ රට (එමගින්) ජාත්‍යන්තර ත්‍රස්තයේ පදනම් කඳවුරක් බවට පත් කෙරී තිබේ.” කැනේඩියන් බේකන් නමැති චිත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් පෙන්වීමක් යයි ඔබ සමහරවිට සිතාගන්නට ඇත.
එක්සත් ජනපද ආන්ඩුව විසින් ඉරාකය ආක්‍රමනය කිරීමේ දී කියා පාන ලද ආත්මාරාක්ෂාව පිලිබඳ කතා, නීත්‍ය ානුකූල බව පසෙක තිබියේවා, කිසියම් විශ්වසනීයත්ව මාත්‍රයක් හෝ දරන්නේ නැත. 1939 සැප්තැම්බර් 1 දා වෙහෙර්මහ්ට ය (ජර්මන් යුද හමුදාව) පෝලන්තය තුලට කඩා වැදීමට ඉදිරිපත් කල කතා තරම් මැ මේවා ද පච ය.
“ඉරාකයේ මහා විනාශක අවි” පිලිබඳ ව එක්සත් ජනපදය විසින් කරන ලද සියලුම කියාපෑම් බොරු බව දැන් අපි සියලු දෙනාම දැන සිටිමු. එහෙත් ඉරාකය අත එවන් අවි තිබුනත්, එයම ජාත්‍යන්තර නීතියට අනුව එරට ආක්‍රමනය කිරීම යුක්ති සහගත කරන්නේ නැත.
මෙම යුද්ධයේ විපාක භයංකර ය. එක්සත් ජනපද යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් දිනපතාම පාහේ ඉරාකයේ නගර හා ගම්වලට බෝම්බ දමති වෙඩි වස්සති. යුද්ධය ආරම්භ කිරීමට පසුව ඉරාකීන් 30,000ක් ද ඇමරිකානු සොල්දාදුවන් 1,000ක් ද මරනු ලැබ ඇත.
තවත් ඉරාක ජාතිකයන් දසදහස් ගනනක් තුවාල කරනු ලැබ, ආබාධිතව සිටිති. මේවායේ ගනන්හිලව් තැබීමට බුෂ් පාලනාධිකාරයට හෝ පෙන්ටගනයට උනන්දුවක් නැත. නොවැලැක්විය හැකි පරිදි ම ඉරාකයට එරෙහි යුද්ධ කිරීමට ගත් සාපරාධී තීන්දුව අබු ග්‍රායිබ් සිරගෙහි දී ඉරාක පුරවැසියන් මුර්ග වධදීම්වලට ගොදුරු කිරීම වැනි තවතවත් අපරාධවලට මග පාදා තිබේ ජාත්‍යන්තර නීතියට අනුව ඉරාක යුද්ධයේ කර්තෘවරු ඉරාක වැසියන්ව පාත්‍ර කල රෝගී, පරපීඩක, හා විකෘත අපචාරයන්ට මුලුමනින් ම වරදකරුවෝ යx දඬුවම් ලැබිය යුත්තෝ ය.
ඇමරිකානු බලධාරීන් ඉරාකයේ යුද්ධයට වගකිවයුතු බව තීන්දු කිරීමට අදාල නුරෙම්බර්ග් නඩු විභාගයෙන් පැන නගින ජාත්‍යන්තර නීතියේ තවත් තීරක අංශයක් වේ. සාමයට එරෙහි අපරාධයක් වනාහී සාපරාධී ක්‍රියාවකි. එහෙත් අපරාධයක් සම්පූර්න වන්නේ එය අපරාධකාරී දැනුවත් බවකින් යුක්ත ව ක්‍රියාත්මක කරනු ලැබී නම් පමනි. (වෙනත් වචනවලින් කිවහොත්) ආක්‍රමනකාරී යුද්ධයක් කිරීමට අධ්‍යාසයක් තිබුනු බව ඔප්පු කල යුතුව ඇත.
ඉරාක යුද්ධය පිලිබඳ අධිකරන නඩු මාර්ගය අන්තිමේ දී පටන් ගත් කල්හි - ඇත්තටම ඒ දිනය එලඹෙනු ඇත - ඉරාක යුද්ධය ඇමරිකානු රාජ්‍යයේ ඉහල නිලධාරීන් විසින් දීර්ඝ කාලීන භූදේශපාලනමය, ආර්ථික හා යුද්ධමය මූලෝපායික අරමුනු දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබු බවත්, කොතරම් වැරහැලි වුව ද කිසියම් නීතිමය කඩතුරාවක් යුද්ධයට සපයා දීම සඳහා සකසා ගනු ලැබූ ව්‍යාජ තර්කයන් ඒවාට කිසිසේත් ම අසම්බන්ධිත බවත් තහවුරු කල හකි වනු ඇත.
එක්සත් ජනපදයේ යුද්ධ-මූලෝපායික ආධිපතයය සහතික කිරීම සඳහා බලය යොදා ගැනීම දිගින්දිගට ම හා දෘඪ ලෙස යෝජනා කර සිටි නියෝජ්‍ය ආර්ථික ලේකම් පොල් වුල්fෆාවිට්ස් ඇතුලු ගනනාවක් ම ඒ පිලිබඳ බොරු කල නොහැකි දීර්ඝ ලිඛිත සාක්ෂි ඉතිරි කර තබා ඇත.
ඉරාකය සම්බන්ධයෙන් ගතහොත් 1998 ජනවාරි 26 දින වුල්fෆාවිට්ස් මහතා සහ දැන් සුප්‍රසිද්ධ නව ඇමරිකානු ශතකයක් සඳහා ව්‍යාපෘතියට සම්බන්ධ ඔහුගේ සහකරුවෝ සදාම් හුසෙන් බලයෙන් පහ කිරීම සඳහා යුද බලය යෙදිය යුතුව ඇතැ යි යෝජනා කල ලිපියක් ජනාධිපති ක්ලින්ටන්ට ඉදිරිපත් කලහ.
ජනාධිපති බුෂ්, ආරක්ෂක ලේකම් රම්ස්fෆල්ඩ්, නියෝජ්‍ය ලේකම් වුල්fෆාවිට්ස්, “සැප්තැම්බර් 11 සිද්ධිය සියල්ල වෙනස් කර ඇතැයි” ද, යුද්ධය පැන නැගීම නව තත්වයන් විසින් යුක්ති යුක්ත කරතැ යි ද යනාදී වශයෙන් වැරහැලි වැකිවලින් තර්ක කිරීමට ඉඩ තිබේ.
අවුරුදු 50කට පෙර ජැක්සන් විනිසකරු එතරම් මැනවින් පැහැදිලි කල පරිදි මෙය දේශපාලන හා මූලෝපායික චෝදනා ගැන ඉමහත් උනන්දුවක් දක්වන ඉතිහාසඥයන්ට ඉදිරිපත් කල යුතු ය. එහෙත් ඒවාට ජාත්‍යන්තර නීතිය ඉදිරියේ වලංගු භාවයක් නැත. එම නීතියට අනුව ආක්‍රමනික යුද්ධයක් සැලසුම් කිරීම හා දියත් කිරීම නීති විරෝධී ය.
ප්‍රස්තුත යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස මම මෙම සභාවෙන් ඉල්ලා සිටිමි. ඔබ මෙතැනදී ප්‍රකාශ කරන ඡන්දය සුවිසල් දේශපාලන සදාචාර වැදගත් කමක් දරා සිටී. (හිට්ලර් කල පරිදි) “ලෙබන්ශ්‍රෝම්” (ජීවන අවකාශය) නාමයෙන් යුක්ති සහගත කල ද නැතහොත් “ජාතික ආරක්ෂාවේ” බොරු කතාවලින් යුක්ති යුක්ත කල ද ඉරාක ආක්‍රමනය භයංකර පෙර නිමිත්තක් වන්නා වූ අධිරාජ්‍යවාදී මුර්ගත්වයට පෙරලා ගමන් කිරීම මානව වර්ගයා දැන් ඉවසා දරා සිටිය යුතු නැත.
3
[මෙය
2004 ඔක්තෝබර් 15 වැනි දින WSWS Chairman David North denounces Iraq war at Dublin debate යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
