නජාෆ්හි එක්සත්‌ ජනපද අපරාධය

නජාෆ් නුවරට එක්සත් ජනපදය එල්ල කරන ප්‍රහාරය යුද්ධ අපරාධයකි. ලෝකයේ ප්‍රමුඛතම අධිරාජ්‍යවාදී බලවතා තමා සතු අති දැවැන්ත සුපිරි යුද ශක්තිය විදේශ ආක්‍රමනයට විරුද්ධව සටන් වදින අවි බලයෙන් දුබල සටන්කරුවන්ට යෙදවීමේ දසුන සිහි ගන්වනුයේ ස්පාඤ්ඤයේ ගර්නිකා නුවරට ෆැසිස්ට්වාදීන්ගේ බෝම්බ හෙලීම, මුසෝලීනි විසින් ඉතියෝපියාව විනාශ කිරීම සහ දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මනියට යාබද යුරෝපීය රටවලට නාසීන් හදිසි සංකේන්ද්‍රිත ප්‍රහාරය ඇතුලු විසි වැනි සියවසේ ඉතා මත් තුච්ඡ අපරාධ යි.

එක්සත් ජනපද මිලිටරිය, ඉයාද් අල ාවිගේ නායකත්වය යටතේ පවත්නා වොෂින්ටන් රූකඩ ආන්ඩුවේ නාමයෙන්, ඉරාකය සාරාර්ථයෙන් ම ඇමරිකානු විජිතයක් කිරීමේ උත්සාහයට විරුද්ධව ආයුධ අතට ගෙන ඇති මුක්තාදා-අල්-සදර්ගේ ආධාරකරුවන් ඝාතනය කිරීම කර ගෙන යයි.

ඇමරිකානු රූපවාහිනී සහ පුවත්පත් ජාලයන් මේ පිලිබඳව නිකුත් කරන වාර්තාවල 11 වැනි කාර්ය සාධන නාවික බලකාය හා පලමු වැනි සන්නද්ධ සේනාංකය විසින් නජාෆ් නුවර දී සිදු කෙරෙන්නා වූ බිහිසුනු අපරාධයේ සැබෑ තත්වය කෙසේ වත් පිලිබිඹු නො වෙයි. ඇමරිකානු ප්‍රහාරක යානා හමුවේ මුලුමනින් ම වාගේ නිෂ්ඵල යැයි කිව හැකි සුලු අවි සහ අත් බෝම්බ විදින තුවක්කුවලින් පමනක් සන්නද්ධ වූ ඉරාක සටන්කරුවන්ට එරෙහිව ප්‍රහාරක ගුවන් යානා හා හෙලිකොප්ටර් ද කාලතුවක්කු සහ යුද්ධ ටැංකි ද මහා පරිමානයෙන් යොදවා ඇත.

මෘත ශරීර ගැන නජාෆ්හි සිට එන ගනන්හිලව් සත්‍ය නම් අති පූජනීය ෂියා නිකායික මුස්ලිම් පල්ලියක් වූ ඉමාම් අලි පල්ලියට බටහිරින් ඇති සුසාන භූමියේ ආරක්ෂිත ස්ථානවලින් සදර්ගේ මෙහ්දි හමුදා භටයින් පලවා හැරීම සඳහා සතියක් තිස්සේ කෙරුනු දරුනු සටනින් අඩු ගනනේ ඉරාක සටන්කරුවන් 500 දෙනෙකු මිය ගොස් දහස් ගනනක් තුවාල ලබා ඇත.

නාවික හමුදා ප්‍රකාශකයෙක් ඇමරිකානු හමුදාවල හැසිරීම විස්තර කරමින් අගෝස්තු 11 වන දා ඇසෝසියේටඩ් පුවත්පතට මෙසේ පැවසී ය: “අපි දැන් මුර සංචාරවල යෙදෙමින් ද හෙලිකොප්ටර්වලින් නො නවත්වා ගමන් කරමින් ද හැම තැන ම පරීක්ෂා කරනව ා. නරකට පෙ ්න ඕන ෑ ම එකක ් අපි පුපුරුවනවා.” සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිලිබඳ සංඛ්‍යා ලේඛන ඇමරිකානු ආක්‍රමනකාරීන් විසින් ඉදිරිපත් කෙරී නැත. එහෙත් බැග්ඩෑඩ්හි සදර් නගරයේ ෂියා නිකායික පැල්පත් ප්‍රදේශය සහ නජාෆ් හැරුනු විට වෙනත් දකුනු ඉරාක නාගරික මධ්‍යස්ථානවලට එල්ල කර ඇති දැවැන්ත වෙඩි ප්‍රහාර ගැන සලකා බලන කල දස දහස් ගනන් මිය ගොස් ඇති බව සිතිය හැකි ය.

මේ සතියේ මුල දී ඇමරිකානු මිලිටරිය නජාෆ් නුවර දහස් ගනනක් වැසියන්ට නියෝග කලේ ඔවුන්ගේ වාස භූමි “මිලිටරි කලාපයක්” වන බැවින් ඉන් ඉවත් විය යුතු බව ය. දහස් ගනනක් දෙනා මෙම නියෝග නො පිලිපැදීමට තීන්දු කලහ, නැත හොත් සෑම පැත්තෙන් ම සිදු වන සටන් නිසා ඔවුන්ට පිටව යෑමට නො හැකි විය.

ලක්ෂ හයක් ජීවත් වන මෙම නගරය තුල විදුලිය, ජලය හා වෛද්‍ය පහසුකම් ක්‍රියා විරහිතව ඇත.

ගෞරවයට පාත්‍ර වූ සුසාන භූමියේ සොහොන් සහ සිද්ධස්ථාන දහස් ගනනක් අලාභහානි සිදු කර හෝ විනාශ කර ඇත. පල්ලිය වටා ඇති වසර 1,300කට වඩා පැරනි ඓතිහාසික නගරයේ වැඩි කොටසක් බිමට සමතලා කෙරී ඇත.

අ ැමරික ානු මිලිටරිය ඉර ාකයෙ ් ෂිය ා මුස ්ලිම්වර ැන ්ගෙ ් අ ාගමික සහ ස ංස ්ක ෘතික මධ්‍යස්ථානය විනාශ කර දැමීමේ කටුක උත්ප්‍රාසය ගැන අවධානය යොමු කිරීමට එක්සත් ජනපද මාධ්‍ය අසමත්ව ඇත. 1991 සිට පසු ගිය වසරේ “ආක්‍රමනය තාක් දකුනු ඉරාකය උඩින් පියාසර කිරීම තහනම්” කල ඇමරිකානු නියෝගය යුක්ති සහගත කලේ එය සදාම් හුසේන්ගේ බාත්වාදී ආන්ඩුවේ මර්දනයෙන් ෂියාවාදී ජනතාව ආරක්ෂා කිරීමේ පියවරක් බව පවසමිනි. එක්සත් ජනපද ආක්‍රමනය පීඩිත ෂියාවරුන් “විමුක්ත කර ගැනීමේ” ක්‍රියාවක් සේ ප්‍රචාරය කරනු ලැබුනි.

දැන් ඇමරිකානු “විමුක්තිදායකයින්” 1991 සිට ෂියාවරුන්ට එරෙහිව සිදු කල දරුනු ම මර්දනය මුදා හැර ඇත. නජාෆ්, බැග්ඩෑඩ්, බස්රා, නසීරියා සහ ඉරාකයේ වෙනත් ප්‍රධාන මධ්‍යස්ථානවල ඝාතනයන්ට එරෙහිව ෂියාවරු විශාල පෙලපාලි දක්වමින් ප්‍රතිචාර දක්වති. අනෙකුත් මැද පෙරදිග රටවල ද පෙලපාලි පැවැත්වී ඇත.

පසු ගිය පැය 24 තුල ඇමරිකානු හමුදා නගරය මැදට කඩා වැදීමත් සමග ම ෂියා සන්නද්ධ භටයින්හා සමහර විට සදර් පවා ඉමාම් අලි පල්ලිය තුල අවසාන සටනක් දියත් කර ඇත. යුද්ධ ටැංකි හා ඇමරිකානු හමුදා භටයන් දහස් ගනනකින් ද ඇමරිකානු ආන්ඩුව විසින් අටවන ලද අන්තර් වාර ආන්ඩුවේ නාමික මෙහෙයවීමට යටත් සංකේතාත්මකව යොදවා ඇති ඉරාක හමුදාවලින් ද ඔවුන් වට කරනු ලැබ ඇත. සදර්ගේ භටයින් යටත් විය යුතු යැයි බල කර සිටින ඇමරිකානු හමුදා පල්ලි සංකීර්නය පුපුරවා හැරීමට හෝ භටයින් යටත් වන තුරු කුසගින්නේ තැබීමට තර්ජනය කරති. මෙහ්දි හමුදාවේ හුදෙකලා වූ කන්ඩායම් සුසාන භූමිය තුල ද පැරනි නගරයේ ගොඩනැගිලි තුල ද කොටු වී සිටිතැයි විශ්වාස කරනු ලැබේ.

සූදානම් කර ඇති මෙම ඝාතනය බොරු නො කල හැකි දේශපාලන කරුනක් අවධාරනය කරයි.

“ස්වාධිපත්‍යය” සහිත අන්තර් වාර ආන්ඩුවක් ඇටවීමේ සමස්ත ප්‍රෝඩාවම ඉරාක ප්‍රතිරෝධයට එරෙහිව වොෂින්ටනය සූදානම් කල ලේ වැගිරීම වසං කිරීමේ කඩතුරාවකි. අගමැති අලාවිගේ රූකඩ ආන්ඩුව “ප්‍රජාතන්ත්‍රවාදය කරා සංක්‍රමනයක්” සනිටුහන් කරන්නක් යැයි ඇමරිකානු මාධ්‍ය කොතරම් නරුම ලෙස කියා පාන නමුත් දිගටම එහි ඇත්ත කර්තව්‍යය වූයේ පසු ගිය වසන්තයේ දී වොෂින්ටනයට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ එහෙත් දේශපාලන හේතූන් මත කල් දැමීමට සිදු වූ සාපරාධී ඝාතනයකට දේශීය මුහුනුවරක් සැපයීම යි.

සදර් නායකත්වය දෙන ෂියාවාදී ව්‍යාපාරය කායිකව විනාශ කල යුතු යැයි බුෂ් ආන්ඩුව ප්‍රථම වරට තීන්දු කලේ පසු ගිය මාර්තුවේ දී ය. ඒ ඉරාකයේ ඇමරිකානු පාලනය සදර් ද මෙහ්දි හමුදාවේ සෙසු නායකයින් ද අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කල අවස්ථාවේ ය. ඒ අවස්ථාවේම ධවල මන්දිරය ඇමරිකානු වාඩි ලෑමට එරෙහි සුන්නි නිකායිකයින්ගේ කැරලිකාරිත්වයේ මධ්‍යස්ථානය වන ෆලුජා නගරයට ද පහර දිය යුතු යැයි නියෝග කලේ ය.

එහෙත් මර්දනය ඉතා වේගයෙන් ඉරාකයේ වැඩි කොටසක් අලලා ගත් මහජන නැගිටීමකට තුඩු දුන්නේ ය. කම්කරු පන්තියෙන් ද රටේ ඉතා මත් ම පීඩිත ප්‍රදේශවලින් ද ඉරාකයේ සුන්නි හා ෂියා නිකායික තරුනයින් දසදහස් ගනනක් සටනට එක් වූ හෙයින් අ ාධිපත්‍ය විරෙ ා ්ධය කලින ් බ ාත ් තන ්ත්‍රයෙ ් ආධාරකරුවන්ට සීමා වූවක් යැයි ඇමරිකාව නිල වසයෙන් ප්‍රකාශ කල බොරුව හෙලිදරව් විය.

ඉරාක නගරවලට ඉවක්බවක් නැතිව බෝම්බ දැමීම පිලිබඳ දර්ශන, ඇමරිකානු භටයන්ගේ ඉහල නගින මරන සංඛ්‍යාව හා අබු ග්‍රයිබ් සිර කඳවුරේ වධබන්ධන ගැන හෙලිදරව් කිරීම්, ඇමරිකාව තුල ම යුද්ධ විරෝධී මානසිකත්වයේ දැවැන්ත වර්ධනයකට තුඩු දුන්නේ ය. අප්‍රේල් මස අග දී එක්සත් ජනපදය තුල සිදු කල ජනමත විචාරනයේ දී යුද්ධය “ඇමරිකානු ජීවිත නැති කිරීමට තරම් වටනා එකක් නො වේ” යැයි සියයට 58ක් දෙනා ප්‍රකාශ කල අතර “ඉතා මත් ඉක්මනින්” ඇමරිකන් හමුදා ඉරාකයෙන් ඉවත් කර ගැනීමට සියයට 50ක් දෙනා සහයෝගය ප්‍රකාශ කලහ.

උපක්‍රමික පසුබැසීම් මාලාවක් සඳහා ඉරාකය තුල සිටින ඇමරිකානු හමුදාවන්ට නියෝග කිරීම මගින් බුෂ් ආන්ඩුව වර්ධනය වෙන දේශපාලන සහ මිලිටරි අර්බුදයට ප්‍රතිචාර දැක්වී ය. මේ අනුව ප්‍රථමයෙන් ෆලුජාහි සුන්නි සටන්කරුවන් සමග ද දෙවනුව නජාෆ්, කර්බලා සහ බැග්ඩෑඩයේ සදර් පුරවරයේ ද සිටින මෙහ්දි හමුදාවන් සමග ද සටන් නැවැත්වීමේ එකඟත්වයක් ඇති කරන ලදි.

ගැටුම් අත්හිටුවීමේ එකඟත්වයන්හි එල්ලය වසයෙන් හැම විට ම පැවතියේ දැන් ආරම්භ කෙරී ඇති රුධිර ස්නානය සඳහා දේශපාලන සහ යුද්ධමය කොන්දේසි නිර ඣම ානය කර ග ැනීම සඳහ ා අ ැමරික ානු අධිරාජ්‍යවාදයට කාලය ලබා ගැනීම යි. ඇමරිකානු ජන මර්දනයට ඉරාක සහාය ලැබෙන්නේ ය යන ව්‍යාජය හුවා දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ පිටුබලය ලබන “ස්වාධිපත්‍යය” සහිත අන්තර් වාර පාලනයක් ඇටවීමට බුෂ් පාලනය ඉදිරියට ගියේ ය.

දශකයක් තිස්සේ ම සීඅයිඒ වැටුප් ලබන්නෙකු වූ අලාවි අගමැති ලෙස නම් කිරීමට ධවල මන්දිරය වග බලා ගත්තේ ය. ඔහුට පැවති සුදුසුකම් වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට පූර්න ගැත්තෙකු වීමත් ප්‍රචන්ඩත්වයට ඔහුගේ ඇති නැඹුරුවත් ය. ඉරාක ප්‍රතිරෝධයට එරෙහිව නව එක්සත් ජනපද ප්‍රහාරයකට අනුමැතිය දීමට ඔහු පසුබට වී නැත.

මෙම ආක්‍රමනය දියත් කිරීම සඳහා අතිරේක ප්‍රහාරක නාවික හමුදා භටයන් 7,000ක් ජුලි මස මැද දී ඉරාකයට යැවුනු අතර ඔවුහු ෆලුජා හා නජාෆ් අතර රඳවනු ලැබූහ. මෙම මිලිටරි සැලසුම් ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජනපදය තුල සිදු කෙරෙන වැදගත් දේශපාලන සූදානම් කිරීම් ද සමග ය. මෙහිදී ඇමරිකානු මාධ්‍යය ද වඩා නිශ්චිත ලෙස ඩිමොක්‍රැටික් පක්ෂය ද තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කලේ ය.

ඇමරිකානු මාධ්‍ය පාලනය කරන්නා වූ ව්‍යාපාරික සංස්ථාවන් ආක්‍රමනයේ සැබෑ යුද්ධ අරමුනු සමග සම්පූර්නයෙන් ම එකඟ ය. ඒවා නම්, ඉරාකය තුල ස්ථරිර යුද කඳවුරු පිහිටුවීමට සහාය වන රූකඩ ආන්ඩුවක් පිහිටුවීම සහ එක්සත් ජනපද සමාගම්වල අවශ්‍යතාවන් සඳහා ඉරාකයේ තෙල් සම්පත් අල්ලා ගැනීම යි.

දක්ෂිනාංශික ප්‍රකාශනවල සිට නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි ඊනියා ලිබරල් ප්‍රකාශන දක්වා වූ මාධ්‍යයන් ඇමරිකාවේ ජනගහනයෙන් බහුතරයක යුද්ධ විරෝධී මතවාදයන් යටපත් කිරීම සඳහාත් යුද්ධයේ නීති යුක්ත භාවය ප්‍රශ්නයට භාජන කිරීම වැලැක්වීම සඳහාත් පියවර ගෙන ඇත.

එහෙත් දැන් ආරම්භ වී ඇති සිදුවීම්වලට වගකිව යුතු යුද්ධ අපරාධකරුවන්ට බලවත් ම සේවාව ලබා දුන්නේ ඩිමොක්‍රැටික් පක්ෂය හා එහි ජනාධිපති අපේක්ෂක ජෝන් කෙරී ය. මිලිටරිවාදය සහ ජාත්‍යෝත්තමවාදය පිලිබඳ නො නවත්වා කෙරුනුහඬ තැලිීමක් වූ ඩිමොක්‍රැටික් ජාතික සම්මේලනය ආරම්භයේ දී ම වර්තමාන මිලිටරි ප්‍රහාරය සිදු වීම අහම්බ සිදුවීමක් නො වේ. ඩිමොක්‍රැටික් පක්ෂයේ ධුරාවලිය ද කෙරී ද යුද්ධ විරෝධී හැඟීම් නොතකා හැරීමට හැකි සෑම දෙයක් ම කලහ. නොවැම්බර් ජනාධිපති මැතිවරනය තෙක් සිදු කෙරෙන නිල සාකච්ඡා තුල ඉරාක-ආක්‍රමන-විරෝධී අදහස්වලට කිසිදු ඉඩක් ලැබී නැත.

කෙරී විසින් ම ප්‍රකාශ කෙරී ඇත්තේ ඔහු නායකත්වය දෙන ආන්ඩුව මගින් “ස්ථාවරත්වය” ඇති කරන තාක් කල් ඇමරිකානු හමුදා එහි තබා ගනු ඇති බව යි. “ස්ථාවරත්වය” යන්නෙන් අදහස් කරන්නේ ඉරාක ප්‍රතිරෝධය සම්පූර්නයෙන් ම මර්දනය කිරීම යි.

සිය අධිරාජ්‍යවාදී අරමුනු ඉටු කර ගැනීම සඳහා ඉතා මත් ම තිරශ්චින සහ අමානුෂික විධික්‍රම පාවිච්චි කිරීමට ඇමරිකානු පාලක පන්තියට ඇති අභිමතය අඩු තක්සේරු කල නො හැකි ය. වියට්නාමයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අවසාන වසයෙන් පරාජය භාර ගන්නා විට ලක්ෂ තිහකට වඩා වියට්නාම් ජාතිකයින් මිය ගොස් තිබින. වොෂින්ටනය හා වෝල් වීදිය ඉරාකය තුල ද එවැනි ම වූ විනාශයක් කිරීමට අභිරුචියෙන් සූදානම්ව සිටියි .

කෙසේ වුව ද නජාෆ්හි සිදු කරන්නා වූ මහා ජන ඝාතනයන් මගින් ඉරාකය ඇමරිකානු විජිතයක් ලෙස තහවුරු කිරීමට සමත් වේ යැයි සිතන්නේ නම් ඇමරිකානු ආක්‍රමනයේ නිර්මාතෘහු තමන් ම රවට්ටා ගන්නෝ වෙති. එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ආක්‍රමනික හමුදාවන්ට එල්ල වෙන ප්‍රතිරෝධය එමගින් දැනට මත් තීව්‍ර කෙරී ඇති අතර අලාවි තන්ත්‍රය කෙරෙහි මහජන වෛරය අවුලුවා ඇත.

ජනතා කෝපය හමුවේ බියට පත් වූ නජාෆ් පලාතේ නියෝජ්‍ය ආන්ඩුකාරයා සහ එක්සත් ජනපද අනුමැතිය ලත් එහි ප්‍රාදේශීය කවුන්සිලයේ සාමාජිකයින් 36 දෙනාගෙන් 16 දෙනෙක් විරෝධය පල කරමින් ඉල්ලා අස් වූහ. මිලියන දෙකක ජනගහනයෙන් යුත් බැග්ඩෑඩ්හි සදර් උපනගරයෙහි දහස් ගනනක් ආයුධ අතට ගත් ඉරාකීයයන් සමග දරුනු සටන්වලට සූදානම් වීම සඳහා ඒ වටා දහස් ගනනක හමුදාවක් රැඳවීමට එක්සත් ජනපද මිලිටරියට බල කෙරී ඇත. කර්ට්, නසීරියා සහ අනෙකුත් ෂියා මුස්ලිම් නගරවල සටන් ඇවිලී ඇත.

දකුනු ඉරාකය අල්ලා ගෙන සිටින බි්‍රතාන්‍ය හමුදාවන් මුහුන දෙන්නේ ෂියාවරුන් බහුතරයක් වසන බස්රා සහ අමාරා නගරවල ඇති වන මහජන නැගිටීමක් පිලිබඳ ප්‍රශ්නයට ය. “නීති විරෝධී සහ ඡන්දයෙන් තෝරා පත් කර නො ගත් ආන්ඩුව ද, ඉරාකය විමුක්ත කර ගැනීමට පැමිනියෙමැයි කියමින් ඉරාක ජනයා ඝාතනය කිරීමට පැමිනි බව පැහැදිලි කර ඇති ආක්‍රමනකාරී හමුදාවන් ද විසින් ඉරාක ජනතාවට සිදු කරන ලද අපරාධවලට පිලිතුරක් ලෙස” නගරයේ වරායෙන් තෙල් අපනයනය කිරීම නවත්වා දමන ලෙස බස්රා පලාතේ උපආන්ඩුකාර හාජි ස්ලාම් අවුදේ අල්-මලිකි අඟහරුවාදා කැඳවුම් කර සිටියේ ය.

දකුනු ඉරාකීය තෙල් බිම්වල කම්කරුවෝ වැඩ වර්ජනය කර ඉවත්ව යෑම නිසා ඒවායේ ක්‍රියාකාරිත්වය ඇන හිට ඇත.

බස්රා නුවර බි්‍රතාන්‍යයින් විසින් බඳවා ගැනුනු පොලිස් හා අර්ධ මිලිටරි හමුදාවන්හි භටයින් දහසක් අල්-මලිකිට තම පක්ෂපාතිත්වය ප්‍රකාශ කර සදර් සමග එක් වීමට මලිකි නිකුත් කර ඇති තර්ජනයන් ඉතා උද්‍යෝගයෙන් පිලිගෙන ඇත.

ප්‍රධාන සුන්නි මුස්ලිම් ආගමික සංවිධානය වන මුස්ලිම් ශාස්ත්‍රඥයින්ගේ සංවිධානය සදර්ගේ ව්‍යාපාරයට පහර දීමේ දී ඇමරිකානු මිලිටරියට උදව් කිරීම තහනම් කරමින් සියලු ම සුන්නි ආගමිකයින්ට ද අන්තර් වාර ආන්ඩුවේ මිලිටරි සහ පොලිස් භටයන්ට ද ෆත්වා හෙවත් උපදෙස් නිකුත් කර ඇත. ෆලුජා ප්‍රදේශයේ සටන් නැවතත් ඇවිලී ඇත.

එක්සත් ජනපදයේ ඉරාක මිලිටරි ග්‍රහනය මැද පෙරදිග හා ඉන් පිටත ජනතාව තුල තමාගේ ම ධනේශ්වර ආන්ඩුවල ද්‍රෝහිත්වය හා නිෂ්ක්‍රියත්වය පිලිබඳ කෝපය උග්‍ර කරවයි. ඇමරිකානු ආන්ඩුවට එරෙහිව විවෘත අරගලයක් කිරීම සම්බන්ධයෙන් ෂියා මුස්ලිම්වරුන් වැඩි ම රට වන ඉරානය තුල මහජන උද්වේගය කොතරම් උග්‍ර වී ඇත් ද කිව හොත් ඉරාකයට මිලිටරි මැදිහත් වීමක් කිරීමේ තර්ජන නිකුත් කිරීමට රටේ ආගමික පාලන තන්ත්‍රයට බල කෙරී ඇත. මෙම කලාපයේ ඇමරිකානු අවශ්‍යතාවන් රකින්නා වූ ප්‍රධාන පාලන තන්ත්‍රයන් සමහරක පැවැත්ම ප්‍රශ්නයට බඳුන් වී ඇත. මේ සම්බන්ධයෙන් ඊර්ප්තුවේ හොස්නි මුබාරක්, ජෝර්දානයේ හජමයිට් රාජාන්ඩුව, සෞදි රජ පවුල සහ පර්වේස් මුෂාරෆ්ගේ පකිස්තානු මිලිටරි ඒකාධිපතිත්වය විශේෂ ය.

සියල්ලට මත් වඩා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඇමරිකානු කම්කරු පන්තිය සමග ගැටෙන තැනකට පත්ව සිටියි. ඉරාක මිලිටරි ග්‍රහනයේ සාපරාධිත්වය නිල සංවාදයෙන් බැහැර කොට ඇති මුත් එය දසලක්ෂ ගනන් ඇමරිකානුවන් තුල වැඩි දියුනු වන කලකිරීමක් සහ විරුද්ධත්වයක් වර්ධනය කරවයි.

ඇමරිකානු ජනතාවගේ නාමයෙන් කර ගෙන යන අපරාධවලට එරෙහිව වර්ධනය වන ජනතා විරෝධය යට ගැසීමට ඩිමොක්‍රැටික්වරුන් හා මාධ්‍ය විසින් දරන ප්‍රයත්නයන්ට එරෙහිව සියලු ඇමරිකානු හා මිත්‍ර හමුදා වහා ම ඉවත් කර ගැනීම, ඉරාක ජනයාට කරන ලද දැවැන්ත විනාශයට වන්දි ගෙවීම, ඉරාක ආක්‍රමනය සංවිධානය කල, සැලසුම් කල සහ ඊට සම්බන්ධ වූ අයට යුද්ධ අපරාධ පිලිබඳ නඩු පැවරීම යන ඉල්ලීම් ඉදිරිපත් කල යුතු ය.

3

[මෙය
2004 අගෝස්තු 13 වැනි දින
US atrocity in Najaf යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading