බටහිර බෙංගාලය දශකයක්‌ තුල ඉන්දියවේ ප්‍රථම එල්ලා මැරීම ක්‍රියාත්මක කරයි

පසුගිය මාසයේ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය 1995න් මෙපිට රටෙහි ප්‍රථම එල්ලා මැරීම සිදු කලාය. විවෘත දක්ෂිනාංශික පක්ෂයක් විසින් නොව ස්ටැලින්වාදී ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි-එම්) විසින් නායකත්වය දෙන “වාම” සභාගයක් විසින් සිදු කිරීම නිසා, මෙය සුවිශේෂයෙන් ම අර්ථභාරීය.

14 හැවිරිදි ශිෂ්‍යාවක් වන හේතල් පරෙක් 1990 දී දූෂනය කර මරා දැමීම නිසා 43 හැවිරිදි ධනංජෝයි චැටර්ජි අගෝස්තු 14 දින මරනයට පත් කරනු ලැබුවේ ඔහුගේ වරදකාරීත්වය පිලිබඳ සැකයක් සහ ඔහුගේ පියා, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සහ ආසියානු මානව හිමිකම් කොමිසම වැනි මානව හිමිකම් සංවිධාන අනුකම්පා කරන ලෙස කරන ලද ආයාචනයන් මධ්‍යයේ ය: යුරෝපීය සංගමය ද මරනයට පත් කිරීම නවතන ලෙස හා මරනීය දඬුවම අවලංගු කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියා ය.

අවසානය දක්වා ම සියලු ම චෝදනාවලට තමන් නිවැරදි යයි චැටර්ජි කියා සිටියේ ය. සැබෑ අපරාධය පිලිබඳ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොවී ය. සැක කරුවන් කිහිපදෙනෙක් පරෙක් ගේ දෙමාපියන් නිවසේ නැති අතර චැටර්ජි එහි යනු දුටු බව කියා සිටියහ.

පරෙක් තම දෙමාපියන්ට චැටර්ජි තමන්ට අතවර කරන බව පැමිනිලි කිරීමට කල පලිගැනීමක් ලෙස ඔහු මෙම අපරාධය සිදු කල බව පොලීසිය චෝදනා කලේ ය.

නිවාස සංකීර්නයේ ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාව කල චැටර්ජි මිනීමැරුමෙන් පසු පලාගිය අතර පරෙක් ගේ අත් ඔරලෝසුව චැටර්ජිගේ ගමේ තිබී සොයා ගනු ලැබුනි.

චැටර්ජි වරදකරු යයි ප්‍රකාශ කරනු ලැබූ අවධියේ ජාන :ෘභ්* පරීක්ෂන ක්‍රමය නො තිබුනි. නමුත් පසුව ඔහුගේ නීතිඥයා එම පරීක්ෂනය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ අධිකරනය එම පෙත්සම ප්‍රතික්ෂේප කලේ ය.

ටෙලිග්‍රාෆ් හි පුවත්පත් කලාවේදියෙක් සටහන් කලේ නඩුවේ විනිශ්චයකාර ආර්. එන්. කාලි මුල පටන්ම පක්ෂග්‍රාහී යයි පෙනී ගිය බව ය. නඩුව තමන් ඉදිරියට පත් කිරීමෙන් පසුව කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී විනිශ්චයකරු තමන්ගේ ම ආරක්ෂක නිලධාරීන් විසින් ඝාතනය කරන ලැබූ අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ මරනයට මෙම අපරාධය සමාන කලේ ය.

“විත්තිය තම පැත්තෙන් කරුනු ඉදිරිපත් කිරීමට පෙර විනිශ්චයකරුගේ මනස සකස්වී තිබූ බව පෙනී යන්නේ ය යි” අගෝස්තුවේ ඔහු (පුවත්පත් කලාවේදියා) ලියූවේ පහත දැක්වෙන දෑ ද එකතු කරමිනි.

“විනිශ්චයකරු විසින් යලි කැඳවන ලද වරදකරුට එරෙහි පරිවේෂනාත්මක සාක්ෂ්‍ය නොවනවා පමනක් නොව තීරනාත්මක බවක් ද නො පෙනේ.” ඉහල අධිකරනයට හා ශ්‍රේෂ්ඨාධිකරනයට ආයාචනා කල චැටර්ජි ප්‍රාන්ත ආන්ඩුකාරවරයාට හා වත්මන් ඉන්දීය ජනාධිපති ද ඇතුලත්ව ජනාධිපතිවරුන් දෙදෙනකුට තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා ආයාචනා ඉදිරිපත් කලේ ය. සියල්ල ප්‍රතික්ෂේප කෙරුනි. අතිශයින් දුප්පත් චැටර්ජිට දක්ෂ නීතිවේදීන් මිලට ගැනීමට හැකියාවක් නොවී ය. වාර්තාවන අන්දමට ඔහුගේ ආයාචනාවලින් එකක් ලියා ඇත්තේ බන්ධනාගාර සුභසාධක අංශයේ සේවය කල සහෝදර සිරකරුවෙකු විසිනි. අවසාන පියවරවල දී පමනක් ප්‍රමානවත් නෛතික සහාය ලබාගැනීමට ඔහුට ඇම්නෙස්ටි ජාත්‍යන්තරය උපකාර කලහ.

තම අවසාන අධිකරන ආයාචනයේදී, බොහෝ කාලයක් මරන දඬුවම පමා කර ඇති හෙයින් ඔහුගේ මරන දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට පරිවර්තනය කරන ලෙස චැටර්ජිගේ නීතිඥයෝ පූර්ව නඩු උපුටා දක්වමින් ඉල්ලා සිටියහ. දස වසරක පමාවට වගකිවයුත්තේ රාජ්‍යය නො වේ චැටර්ජි යයිද ශ්‍රේෂ්ඨාධිකරනය එම තර්කය ප්‍රතික්ෂේප කලේ ය.

1947 ඉන්දීය නිදහසේ සිට එල්ලා මරනු ලැබූ 55 වැනියා චැටර්ජි ය. ප්‍රාන්ත මරා දැමීම්වලට ඇති අර්ථභාරී විරුද්ධත්වයන් මධ්‍යයේ එවැනි නඩු විභාග කිරීම් හා ආයාචනා සාමාන්‍යයෙන් දීර්ඝ වන අතර මරන දඬුවම ක්‍රියාත්මක කොට ඇත්තේ කලාතුරකිනි.

1991 හා 1998 අතර 700 ක් ජනයාට මරන දඬුවම නියම කොට ඇති අතර බොහෝ දෙනා තවමත් අධිකරනමය ආයාචනයන්වල නිරත වී හෝ සමාව ප්‍රදානය කරනු ලැබ හෝ ඇත.

චැටර්ජි භයානක මනෝව්‍යාධියකු ලෙස හුවා දක්වමින් සහ ගොදුරු වූ අය සම්බන්ධව ඇතිවන අනුකම්පාව ගසා කමින් එල්ලීම ක්‍රියාත්මක කරවීමසඳහා මාධ්‍යයන් විසින් පිටුබලය දැක්වුන බටහිර බෙංගාලයේ වාම පෙරමුනු ආන්ඩුවේ ක්‍රියාකාරී උද්ඝෝෂනයක් දියත් කෙරුනි. සාක්ෂිවල හිඟකම තිබියදී ම එක් රූපවාහිනී නාලිකාවක් අපරාධය පිලිබඳ ඒකපාර්ශ්වීය ටෙලි නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කොට කිහිපවරක් ප්‍රදර්ශනය කරනු ලැබී ය. තවත් නාලිකා කිහිපයක් තමන්ගේ ම පක්ෂපාතී වැඩ සටහන් පෙන්වමින් එය අනුගමනය කලහ.

මරා දැමීම සිදු කරනු ලැබුවේ කෙසේ ද යන්න පිලිබඳව සවිස්තර විස්තර කිරීම් හා නිදර්ශනයන් මගින් එල්ලීම් උද්ගතයක් නිර්මානය කිරීමට රූපවාහිනී හා පුවත්පත් උත්සාහ කලහ. මෙම විනාශකාරී අභ්‍යාසය, එල්ලීම අනුකරනය කිරීමට ගොස් බටහිර බෙංගාලයේ හය දෙනකු ද ඇතුලත් අවම වසයෙන් ලමුන් 8 දෙනෙකු මරනයට පත්වීම සමගින් ඛේදවාචී ලෙස ආපසු කැරකිනි.

“රජය හා මා මේ සුවිශේෂ අවස්ථාවේ මරන දඬුවමට පක්ෂපාතී ය. මෙවැනි අපරාධ කරන්නන් වෙත පනිවුඩය විවෘතව හා පැහැදිලිව යා යුතුය.” යි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් බටහිර බෙංගාලයේ මහ ඇමති හා කෘතහස්ත ස්ටැලින්වාදියකු වන බුද්ධදේව් බට්ටචාර්යා ප්‍රකාශ කලේ ය. ඔහුගේ බිරිඳ වන මීරා බට්ටචාර්යා “ඔහුට සමාව දිය යුතු යයි අදහසක් ඔබට තවමත් තිබියහැක්කේ කෙසේ දැ” යි එකතු කලාය.

ප්‍රාන්ත ආන්ඩුව ක්‍රියාකාරී ලෙස මරා දැමීම වේගවත් කලේ ය. අවසාන පරිපාලන කටයුතු යන්තම් දින 11 ක් ඇතුලත රජයේ දෙපාර්තමේන්තු - අලස බව හා අක්‍රියභාවය පිලිබඳ අපකීර්තිමත් නිලධරයක් සහිත - කීපයක් හරහා ඉක්මනින් සැලසුම් කරනු ලැබීය. ප්‍රධාන ලේකම්වරයා හා ස්වදේශ ලේකම්වරයා හමුවෙමින් - එල්ලීමේ කටයුතු සමාලෝචනය කිරීමට බට්ටචාර්යා ක්‍රියාවලිය අධීක්ෂනය කලේ ය. අවසානයේදී චැටර්ජිගේ උපන් දිනය දා එල්ලීම සිදු කරනු ලැබී ය.

1994 දී සමාව ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල චැටර්ජිගේ පලමු ආයාචනය ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවේ ස්ටැලින්වාදීන් නායකත්වය දෙන ආන්ඩුව නඩුව නොතකා හැරි බව අවධානය ලක් කල හින්දු පුවත්පතේ අදහස් පල කිරීමක් මගින් උද්ඝෝෂනයේ දේශපාලනික ස්වභාවය අවධාරනය කරනු ලැබිනි. එල්ලීම නැවැත්වීම සඳහා ඉහල උසාවියේ තීන්දුව ශුන්‍ය වී ඇති බව අධිකරන දෙපාර්තමේන්තු නිලධාරියෙක් 2003 ඔක්තෝබරයේ දී නිරීක්ෂනය කල පසු ය, ආන්ඩුව එල්ලීම සඳහා උද්ඝෝෂනය ක්ෂනිකව වසර 13 කට පසු ආරම්භ කලේ.

චැටර්ජි මරා දැමීම සඳහා ගෙනගිය ප්‍රතිගාමී උද්ඝෝෂනය අවධාරනය කරන්නේ ස්ටැලින්වාදී සීපීඅයි-එම් ය ට හා එහි “වාම” සහායකයන්ට සමාජවාදය සමග මොනම සම්බන්ධයක් වත් නොමැති බවයි. දශක දෙකකටත් වඩා ප්‍රාන්තයේ බලය දරන සීපීඅයි-එම් ය මහජනතාවන් මුහුන දෙමින් සිටින මොනම දැවෙන ප්‍රශ්නයකටවත් ආමන්ත්‍රනය කිරීමට අපොහොසත්ව ඇත. අනෙකුත් ඉන්දීය ප්‍රාන්තවල ප්‍රතිමල්ලවයන් මෙන්ම ආයෝජන ඇදගැනීමේ ප්‍රයත්නයේදී ආර්ථික ප්‍රතිව්‍යුහකරන පියවරයන් සැලසුම් කර ඇති වාම පෙරමුනු ආන්ඩුව එසේ කිරීමේදී පොහොසතුන් හා දුප්පතුන් අතර විශාල සමාජ පරතරයක් නිර්මානය කොට ඇත.

“නීතිය සහ විනය” උද්ඝෝෂනය හා ජනප්‍රිය පොරොන්දු දීම මගින් මහජන සහයෝගය දිනා ගැනීමට උත්සාහ දැරීම මගින් ත්‍රිනමූල් කොංග්‍රසය වැනි විවිධ දක්ෂිනාංශික පක්ෂ විසින් මෑත වසරවල දී සීපීඅයි-එම් අභියෝගයට ලක් කරනු ලැබ ඇත. තම සමාජ ප්‍රතිපත්තිවල සම්පූර්න අසාර්ථකභාවයෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීමේ උපක්‍රමයක ් ලෙස තමන ් අපර ාධ ග ැන දැඩි ආස්ථානයක් ගනිමින් සීපීඅයි-එම් ප්‍රතිචාර දක්වා ඇත.

අවසන් ප්‍රතිඵලය චැටර්ජි එල්ලා මැරීමයි.

වසර කිහිපයකට පෙර ධනවත් පියකු හා පුතකු, පුතාගේ භාර්යාව මරා දැමීම හේතුවෙන් මරන දඬුවම් නියම කල විට සීපීඅයි-එම් වෙනස් ආකල්පයක් ගත් බව පසුගිය මාසයේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත පෙන්නුම් කලා ය. ඒ අවස්ථාවේ දී මරන දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට හැරවීමට බටහිර බෙංගාල ප්‍රාන්ත ආන්ඩුව විරුද්ධ වූයේ නැත.

විච ාරකයන ් ගනන ාවක ් හ ා අ ැම්නෙස ්ටි ජාත්‍යන්තරය වැනි මානව හිමිකම් සංවිධාන අවධානයට ලක් කොට ඇත්තේ ඉන්දියානු අධිකරන පද්ධතිය සාමාන්‍යයෙන් මරන දඬුවම නියම කරනුයේ විශේෂයෙන් ම දුප්පතුන්ට, නූගතුන්ට හා කොන් වූවන්ට එරෙහිව බවයි. “මරන දඬුවමට ලක් කල අයගෙන් බොහෝදෙනා දුප්පතුන් බැවින් මරන දඬුවම් ව්‍යවස්ථා විරෝධී” බව 1982 දී හිටපු අග්‍ර විනිශ්චයකාර පී. එන්. භගවාටි ප්‍රකාශ කලේ ය.

ඉන්දියානුවන්ගෙන් අතිමහත් බහුතරයට මනා නීති ආධාර සපයාගත නොහැක. ඉන්දියාවේ තුනෙන් එකක් අකුරු නො දනිතියි ගනන් බලා ඇති අතර ඔවුන් තම ආරක්ෂාව සලසා ගැනීමට අසමත් ය. තමන්ගේ අවසන් දිනවල චැටර්ජි “සාධාරනය පොහොසතුන්ට පමනක් පිහිටවන නිසා පොහොසතෙක් ලෙස යලි ඉපදීමට මම කැමැත්තෙමි” යි ප්‍රකාශ කල බව වාර්තා විය.

ප්‍රමුඛ පුද්ගලයන් ගනනාවක් මරන දඬුවමට එරෙහි උද්ඝෝෂනයට සහයෝගය දැක්වූයේ ය. කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂ මි්‍රනල් සෙන් ෆරන්ට්ලයින් සඟරාවට ප්‍රකාශ කලේ, “මම සැමවිටම මරන දඬුවමට විරුද්ධ ය. මරන දඬුවම අපරාධයක් වන අතර සාහසික අභ්‍යාසයකි.” අවසන් දිනවල එල්ලා දැමීමට එරෙහිව පැවති විරුද්ධත්වය බලපෑමක් ඇති කිරීමට සමත් විය.

“රූපවාහිනී නාලිකාවල නාට්‍ය දිගහැරෙන්නට පටන්ගත්විට මරන දඬුවමට සහාය පල කල මා දන්නා බොහෝ දෙනා දෙවතාවක් සිතීමට පටන් ගත්හ. ඔවුන්ට හැඟී ගියේ දුප්පත් මිනිසකු මරා දැමීමට තමන් සම්බන්ධවෙමින් සිටි බවයි” යි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවකු ප්‍රකාශ කලේ ය.

කෙසේ වුවද සීපීඅයි-එම් පසුබෑවේ නැත. තව ද ඉන්දීය දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් අය විසින් ස්ටැලින්වාදීන්ට පිටුබලය සපයනු ලැබී ය. ජූලි 2 දා අලුතින් පත්වුනු කොංග්‍රස් පක්ෂය නායකත්වය දෙන මධ්‍යම ආන්ඩුවේ ස්වදේශ කටයුතු ඇමති එස්. පටෙල්, චැටර්ජි මරා දැමීම යුතු බවට ඉන්දීය ජනාධිපතිවරයාට නිර්දේශ කලේ ය. අගෝස්තු 4 දා ජනාධිපති අබ්දුල් කලාම් සමාව ඉල්ලීමේ ආයාචනය ප්‍රතික්ෂේප කලේ ය. මරනයට පත්කිරීමට දින දෙකකට පෙර අගෝස්තු 12 දා ශ්‍රේෂ්ඨාධිකරනය අවසාන ආයාචනය ප්‍රතික්ෂේප කලේ ය. ස්ත්‍රී දූෂන නඩු සඳහා නිරතුරුවම මරන දඬුවම ඉල්ලා අති විපක්ෂ භාරතීය ජනතා පක්ෂය විරුද්ධත්වය පල නොකලහ.

සීපීඅයි-එම් සිය කඩා වැටෙමින් පවතින “වාම” අක්තපත්‍ර සහිතව ක්‍රියාත්මක කල දෙය තමන් සිදු කලේ නම් දේශපාලන දුෂ්කරතාවලට මුහුන දෙනු ඇති බව ප්‍රධාන ධනපති පක්ෂ පිලිගෙන ඇත. මහජන විරෝධය මධ්‍යයේ ස්ටැලින්වාදීහු අනෙකුත් ප්‍රාන්ත ආන්ඩු හා මධ්‍යම ආන්ඩුව විසින් නිසැකයෙන් ම භාවිතා කෙරෙනු ඇති පූර්වාදර්ශයක් දී ඇත. එනම් නීතියේ හා සාමයේ හිස්ටීරියාවක් මගින් වැඩෙන දේශපාලන විරුද්ධත්වය අපසරනය කිරීම යි.

[මෙය 2004 සැප්තැම්බර් 30 වැනි දින West Bengal carries out first hanging in India in a decade යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading