ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අර්බුදය: කම්කරු පන්තිය හමුවේ ඇති තීරනාත්මක දේශපාලන ප්‍රශ්න

සුනාමියට ගොදුරු වූවන්ට ඒකාබද්ධව ආධාර සම්පාදනය කර දීම සඳහා ජුනි 24 දා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග එල්ටීටීඊ සංවිධානය සමග හවුල් වැඩපිලිවෙලකට අත්සන් කිරීම අනුමත කල කල්හි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පාලනයේ දිග්ගැසුනු අර්බුදය නාටකාකාරව ගැඹුරු විය.

මෙයට ප්‍රතිචාරයක් වසයෙන්, ආසන 225ක් තිබෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 79ක සුලුතරයක් පමනක් ආන්ඩුවට ඉතිරි කරමින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉවත් විය. එ ් වන විට ජවිපෙ, වෙනත ් සිංහල ජාත්‍යොත්තමවාදී සංවිධාන ද සමග එක් වී ගෙන, සති ගනනාවක් පුරා, පශ්චාත් සුනාමි මෙහෙයුම් කලමනාකරන ව්‍යූහය (පී-ටොම්ස්) වනාහී එල්ටීටීඊයට දෙන ලද නො ඉවසිය හැකි සහනයක් යයි ද ජාතිය පාවාදීමක් යයි ද හෙලා දකිමින් උද්ඝෝෂනය කර තිබුනි.

අතීතයේ දී නම්, මෙවන් තත්වයක දී සිදුවනු ඇත්තේ විරුද්ධ පක්ෂය, ආන්ඩුව හෙලීම සඳහා පාර්ලිමේන්තුව තුල විශ්වාස-භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ය. මෙවර එවන් පියවරක් ගනු ලැබුවේ නැත.

ප්‍රධාන පක්ෂ කිසිවෙකුත් අලුත් පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීම සඳහා කැඳැවීමක් කරන්නේ ද නැත. තමන් මුහුන දෙන නොවිසඳිය හැකි දෙ ්ශප ාලන ග ැටලු විසඳ ාලීම සඳහ ා නව මැතිවරනයකින් කිසිවක් ඉටු නොවන්නේ යයි ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තියුනු ලෙස වටහාගෙන සිටිති.

මෙම අර්බුදයේ හදවතෙහිම අති මූලික උභතෝකෝටිකයක් පවතී. මහා බලවතුන්ගේ ආධාර ලත් ධනේශ්වරයේ අධිපති කන්ඩායම්, ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ ද ලාභ ශ්‍රම කෙතක් ලෙස දිවයින සකසා ගැනීමේ ද සැලසුම්වල කොටසක් ලෙස, දිග්ගැසී ඇති විනාශකාරී සිවිල් යුද්ධය අවසන් කර දැමිය යුතු යයි බලකරමින් සිටිති. කෙසේ වෙතත්, මුලින් ම යුද්ධයට හේතුකාරක වූ වර්ගවාදී දේශපාලනය, මෙම මූලෝපායට නිරන්තරව බාධා පමුනුවමින් සිටී. රටේ සමාජ හා දේශපාලන ආතතීන් සුනාමි ව්‍යසනය මගින් උග්‍ර කර තිබේ. දිවයිනේ වෙරලබඩ ප්‍රදේශවලට දැවැන්ත රල පහර කඩා වැදී මාස 6කට පසු ද සිය නිවාස, දේපල, ආදායම් මාර්ග සහ ආදරනීයයන් අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත ජනයාට පන රැක ගැනීමට සිදුව ඇත්තේ ඉතා සුලු ආධාර මත ය, එසේ නැතිනම් කිසිදු ආධාරයකින් තොරව ය. කිසිසේත්ම නො සෑහෙන තාවකාලික නවාතැන්වල ජීවත් වීමට ඔවුන්ට සිදුව ඇත. අපේක්ෂා භංගත්වය ද කලකිරීම ද, කෝපාවිෂ්ට විරෝධතා ස්වරූපයෙන් උතුරායවමින්, සාමාන්‍ය ජනතාව දේශපාලන සංස්ථාපිතයෙන් විරසක වීම තව දුරටත් උග්‍ර කෙරී පවතී.

කුමාරතුංග, ඒකාබද්ධ යාන්ත්‍රනයේ සම්මුතිය අනුමත කලේ ජාත්‍යන්තර ආධාර දායකයන් පොරොන්දු වූ ඩොලර් බිලියන තුන ලැබෙතැයි යන අපේක්ෂාවෙනි.

පශ්චාත් සුනාමි ප්‍රතිනිර්මානක කටයුත්ත සඳහා කිසිසේත්ම නොසෑහෙන්නක් වූ මෙම ආධාර මුදල ආන්ඩුව වැටී ඇති දුෂ්කර මුදල් තත්වයෙන් ගොඩ ලා ගැනීමට උදව් වෙතැයි ඇය ගනන් බලයි. එක්සත් ජනපදය ද ඇතුලත් ප්‍රමුඛ ජාත්‍යන්තර බලවතුන්, පීටොම්ස් සම්මුතිය ඉක්මන් කලේ දැනට ඇනහිට තිබෙන සාම සාකච්ඡා යලි ඇරඹීම දෙසට ගනු ලබන පියවරක් ලෙස ය. සිවිල් යුද්ධය දශක ගනනාවක් තිස්සේ නොතකා හැර සිටි වොෂින්ටනය, දැන් මෙම ගැටුම සලකන්නේ, ඉන්දු උප මහාද්වීප කලාපය තුල වැඩෙමින් පවත්නා වූ තම ආර්ථික සහ මූලෝපායික අවශ්‍යතාවයන්ට තර්ජනයක් ලෙස ය.

ඒ සමග ම, දශක දෙකක සිවිල් යුද්ධය මගින්, හමුදාවේ ඉහල නිලධරය තුල ද, රාජ්‍ය නිලධරය තුල ද, බෞද්ධ නිල බල තන්ත්‍රය තුල ද, ජාවාරම්කරුවන් අතර ද විශාල වාසි ලබන කන්ඩායම් නිර්මානය කර ඇති අතර මොව්හු රටේ දෙමල සුලු ජනතාවට කුමන හෝ සහනයක් දීමට දැඩි සේ විරුද්ධව සිටිති. සුනාමි ආධාර බෙදා දීමේ දී එල්ටීටීඊයට සීමා සහිත වූ හෝ බලපෑමක් අත් කර දීම, සිංහල බෞද්ධ ආධිපත්‍යයට තර්ජනයක් යයි ඔවුහු සලකති. ජනතා විමුක්ති පෙරමුන ද, ඉතිර පැතිර ගිය මහජන විරෝධය මංමුලා කොට2 භේදකාරී ජාත්‍යොත්තමවාදයේ අපාරය තුලට ඇද දැමීමට උත ්ස ාහ දරමින ් සිටී. ප ාර්ලිමේන ්තු පක්ෂාඝාතය පසුපස පවතින්නේ මෙම දේශපාලන සන්තතීන් ය. පසුගිය වර්ෂ පහ ඇතුලත - 2000, 2001, 2004 - මහ මැතිවරන තුනක් පවත්වනු ලැබ තිබේ.

එහෙත් ඒ එකක් වත් කිසි දෙයක් විසඳා නැත. කෙරී ඇත්තේ සරලව ම තවත් අර්බුදයකට පදනම දැමීම පමනි.

ප්‍රධාන දේශපාලන පක්ෂ, ඒකාබද්ධ මූලෝපායකට එකඟ වීමට හා සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා පදනම් කොට ගෙන එම ජනතාවට ආමන්ත්‍රනය කිරීමට අසමත් ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවෙන් පිටස්තර ක්‍රමයකින් වත්මන් අගුල්හිරය අවසන්කර දැමීමට ය.

ඒකාධිපති පාලනයක් සඳහා සූදානම කුමාරතුංග විධායක ජනාධිපති, තමාට ඇති පුලුල් බලතල මත වඩවඩාත් රැඳෙමින් සිටී. එල්ටීටීඊ සංවිධානය සමග ඒකාබද්ධ යාන්ත්‍රන ගිවිසුම අත්සන් කිරීමට තීන්දුව ගනු ලැබුවේ පාර්ලිමේන්තුව තුල කිසිදු විවාදයකින් හෝ ඡන්ද විමසීමකින් තොරව පමනක් නොව, කැබිනට් සාකච්ඡාවකින් හෝ තොරව ය. අදාල ලියවිල්ල ම ප්‍රසිද්ධ කරනු ලැබුවේ ගිවිසුමට අත්සන් කිරීම සිදු වූවාට පසුව ය. මෙම රහසිගත භාවයට ක්ෂනික හේතුව නම්, කුමාරතුංගට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නො තිබීම ද තමන්ගේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තමාට පවත්නා සහයෝගය ගැන ඇයට සහතිකයක් නැති වීම ද වේ. වඩාත් මූලිකව ගතහොත්, එවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රම එල්ල වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පාලක පන්තියට පිලිතුරු නැති, සමාජ සහ දේශපාලන ප්‍රශ්න අනිවාර්යයෙන් ම මතු කර ඇත්තා වූ සුනාමි ඛේදවාචකය පිලිබඳ ප්‍රසිද්ධ විවාදයක් යටපත් කිරීමට ය.

පාර්ලිමේන්තුවේ තමාට විරුද්ධව මතුවන විශ්වාස භ ංග යෙ ා ්ජන ාවක ් නෙ ාතක ා හ ැරීමට තම ා බලාපොරොත්තු වන බව කුමාරතුංග දැනට ම පැහැදිලි කර ඇත. ජවිපෙ ආන්ඩුව හැර ගියාට පසු ජාතික රූපවාහිනිය අමතා කතා කල කුමාරතුංග, සියලුම පක්ෂ ආන්ඩුවට ද ආන්ඩුව ගෙන යන සුනාමි ප්‍රතිනිර්මාන සැලසුම්වලට ද ආධාර කල යුතු යයි ආයාචනා කලා ය. ඉක්බිතිව, වර්තමාන තත්වය බඳු තත්වයන් තුල බෙ ාහො ්විට “එ ්ක ාධිපතිත ්වයන ් සහ මිලිටරි ඒකාධිපතිත්වයන්” පැන නැගීම සිදු වන බවට ද ඈ තියුනු ලෙස අනතුරු ඇඟවූවා ය.

පසුව කල සම්මුඛ සාකච්ඡාවක දී “තමා යටතට සියලු අමාත්‍යාංශ ගැනීමට විධායක ජනාධිපති බලතල” - එනම් එක් ගැහැනියකගේ ඒකාධිපතිත්වයක් පිහිටුවීමට බලය - තමාට තිබෙන බව ඇය ප්‍රකාශ කලා ය.

ශ්‍රීලනිපය විපක්ෂයේ සිටි එකල්හි, ජවිපෙ ද හමුදාවේ ඉහල බලධාරීන් ද සමග එක් වූ ජනාධිපතිවරිය, එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුව එල්ටීටීඊය සමග සාම සාකච්ඡා යලි ආරම්භ කිරීමට තැත් දැරීමේ දී “ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන්නේය” යන චෝදනාව එල්ල කලා ය. මෙම ව්‍යායාමයේ මුදුන්පෙත්තේ දී ඈ - ආරක්ෂාව, අභ්‍යන්තර කටයුතු සහ මාධ්‍ය - යන ප්‍රධාන ඇමති ධුර තුනක බලය ඩැහැගෙන, හදිසි නීති පාලනයක් පැනවීමට ද පියවර ගත්තා ය. සම්පූර්න බලතල සියතට ගැනීමෙන් ඈ වලක්වනු ලැබුවේ වොෂින්ටනයේ හා නව දිල්ලියේ පීඩනය යටතේ ය.

එහෙත් 2004 පෙබරවාරි මාසයේ දී, කුමාරතුංග, එජාපෙ ආන්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් පැවති බව ද නොතකා, එය පලවා හැර මහා මැතිවරනයක් කැඳවීමට පියවර ගත්තා ය.

වත්මන් දේශපාලන හිරවීමෙන් දැඩිව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින පාලක ප්‍රභූවේ කොටස්, ජනාධිපති මූලික ඒකාධිපතිත්වයකට පැහැදිලිව ම කැමැත්තක් දක්වති. ජුනි 16 ඩේලි මිරර් පත්‍රයේ ජනාධිපතිනිය වෙත ලියූ විවෘත ලිපියක් වේශයෙන් ඒකාබද්ධ යාන්ත්‍රන සම්මුතිය බලවත්ව ඉදිරියට ගෙන යාමට අසමත් වීම ගැන කුමාරතුංග විවේචනයට ලක් කලේ ය: “ජනාධිපති කුමාරතුංග රට දේශපාලන සුනාමියකින් ගලවාගත් නායිකාවක ලෙස, දෙවන විහාරමහා දේවියක ලෙස, ඉතිහාසයේ සිහිකරනු ලැබීමට කැමතිනම්, ඇය නිර්භීතව, අවංකව සහ, අන් සියල්ලටමත් වඩා, දැඩිව ක්‍රියා කල යුතුව ඇත.

“හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම අවශ්‍ය නම් එසේ කරනු මැනවි, ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම අවශ්‍ය නම් එසේ කරනු මැනවි, නීතිය බිඳින්නන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් එසේ කරනු මැනවි, මාධ්‍යවල සහයෝගය කැඳවමින් තොරතුරු මුලුමනින් ම වසං කර දැමීමට පියවර ගැනීම ද මැනවි. ඔබ සර්ව - බලධාරී ජනාධිපතිවරියක් - වන්නෙහි ය. තීරනාත්මක ලෙස ක්‍රියා කරන්න.” ලිපිය සඳහන් කලේ ය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ද ඊටම සමාන ඉදිරි දර්ශනයක් දරයි. වානිජ නායකයන්ගේ ද එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ද පීඩනය යටතේ, වික්‍රමසිංහ, ඒකාබද්ධ යාන්ත්‍රන ගිවිසුමට ද එල්ටීටීඊය සමග සාම සාකච්ඡා අලුත් කිරීමට ද සහය දී තිබේ.

එය ඔහු කලින් ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ පිලිවෙත යි. එහෙත් 2004 දී කුමාරතුංග විසින් (පාර්ලිමේන්තු චර්යා උල්ලංඝනය කොට) නිලයෙන් පහකරනු ලැබූ යූඇන්පී නායකයා තීන්දු කොට ඇත්තේ තම පක්ෂය අතට ජනාධිපති ධුරය ලබා ගත යුතු බවයි.

දැන් එක්සත් ජාතික පක්ෂය “නොවැම්බරයේ දී ජනාධිපතිවරනය පැවැත්විය යුතු යයි ජන බල මෙහෙයුමක්” පවත්වා ගෙන යන අතර කුමාරතුංග කියා සිටින්නේ තමා 1999 ජනාධිපතිවරනයෙන් වර්ෂයකට පසු “දෙවන, රහසිගත දිවුරුම්-දීමේ උත්සවයකින් නිලයේ ස්ථාපනය කරනු ලැබිනැ”යි යන සාවද්‍ය හේතු මත, තවත් අවුරුද්දක් යන තෙක් ඡන්ද3 විමසීමක් පැවැත්වීමට නියමිත නැතැයි කියා ය.

වික්‍රමසිංහගේ ව්‍යායාමයට මහජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සමග මොන ම සම්බන්ධයක් හෝ ඇත්තේ නැත. ඒ වෙනුවට තමන් බලයේ සිටිය දී ජනාධිපති බලතල අපයෝජනය කිරීම පිලිබඳ නම් දරාපු, ඔහුගේ එක්සත් ජාතික පක්ෂය, කරන්නේ ධනේශ්වරයේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමට වඩාත් කාර්යක්ෂම වාහනය ලෙස තමන් ඉදිරිපත්වී ගැනීමට ය.

මේ අතර, ජවිපෙය යෙදී සිටින්නේ, එල්ටීටීඊය සමග ගනුදෙනුවකට දෘඪ ලෙස විරුද්ධ වූ, පාලක ප්‍රභූවේ කොටස්වල ආධාරය ලබාගැනීමට විවෘත උත්සාහයක ය.

මාධ්‍යයන් තුල පුරුද්දක් ලෙස “මාක්ස්වාදී ය”යි හඳුන්වනු ලබන ජවිපෙය වනාහී අතෘප්තියට පත් ගම්බද තරුනයන්ට ගොවිජන ගරිල්ලාවාදයේ සහ සිංහල ප්‍රජාගනවාදයේ බංකොලොත් ඉදිරිදර්ශනය උඩ තම ආරම්භයේ දී ම ආයාචනය කලා වූ සංවිධානයකි.

දැන් එම සංවිධානය තමන්ගේ “සමාජවාදී” හා “අධිරාජ්‍ය විරෝධී” වාචාල ඝෝෂාව මුලුමනින් ම පාහේ අතහැර දමා දේශමාමක රනකාමයේ ආන්තික රූපයන් වැලඳගෙන සිටී.

2004 මැතිවරනය ජවිපෙට වාසි අත් කර දුන්නේ ය. ප්‍රධාන පක්ෂ කුමාරතුංගගේ ශ්‍රීලනිපය සහ එජාපය යන දෙකම කෙරේ කලකිරුනු, විශේෂයෙන් ම ගම්බද පලාත්වල ඡන්ද දායකයන් සැලකිය යුතු ස්ථරයක්, තමන්ගේ සමාජ තත්වයන් දියුනු කර ගත හැකිය යි සිතා ජවිපෙයට ආධාර කලා හ. එහෙත් ප්‍රථම වතාවට හවුල් ආන්ඩුවකට එකතු වූ ජවිපෙ ඇමතිවරු ඉක්මනින් ම තම මැතිවරන පොරොන්දු බිඳ ලු අතර පක්ෂය වේගයෙන් තම සහාය නැති කර ගත්තේ ය. පසු ගිය මාසයේ ආන්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව, ජවිපෙ කැඳවු ප්‍රධාන විරෝධතාවය අසාර්ථක විය. ද්‍රවිඩයන් ද සිංහලයන් ද මුස්ලිම්වරුන් ද යන සියලු දෙනාට ම සුනාමි ව්‍යසනය එකසේ බලපෑවේ ය යන පැහැදිලි කරුන උඩ බොහෝ වැඩ කරන ජනයා පී-ටොම්ස් ගිවිසුමට එරෙහි ප්‍රජාගනවාදී උද්ඝෝෂනය ප්‍රතික්ෂේප කරති.

ජවිපෙ කෙසේවෙතත් තම ආයාචනය ප්‍රමුඛව ඉදිරිපත් කර සිටින්නේ, මහජනතාවට නොව, පාලක පන්තියට ය. එය, යූඇන්පීය ද ශ්‍රීලනිපය ද ඇතුලු සියලුම පක්ෂවල අතෘප්ති ගත මන්ත්‍රීවරුන් එකතු කර ගත් ජාතිමාමක සන්ධානයක් ගොඩනැගිය යුතු යයි ඉල්ලා ඇත. මේ වන තෙක් එයට සහාය ලැබී ඇත්තේ බෞද්ධ භික්ෂූන් විසින් නායකත්වය දෙනු ලබන සිංහල අධිපතිවාදී පක්ෂයක් වූ ජාතික හෙල උරුමය (ජේ එච්යූ) සහ වෙනත් ජාත්‍යොත්තමවාදී කොටස්වලිනි.

එය පී-ටොම්ස් ගිවිසුමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරනයේ නීතිමය අභියෝගයක් දියත් කර තිබේ ඒ සමගම, කෙලින්ම බලය අල්ලා ගැනීම ද සලකා බලමින් සිටී.

ජූනි 29 දින පැවැත්වූ පක්ෂ සම්මේලනයක දී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, “අධිකාරීන් විසින් ජාතික අවශ්‍යතාවයට එරෙහිව දෙනු ලබන නියෝගයන්ට විරුද්ධව නැගී සිටින ලෙස”, ආරක්ෂක බල හමුදා එලිපිට ම කැඳවා සිටියේ ය. ඒ සමග ම “තමන්ගේ ම පාලන තන්ත්‍රයක් එලඹි කල්හි ජාතිමාමක ආස්ථානයන් ගත්තවුන්ට වාසි ලබා දෙන” බවට ද ඔහු පොරොන්දු විය.

හමුදා නිල බල තන්ත්‍රය තුල පමනක් නොව, ඇත්ත වසයෙන් ම මුලු රාජ්‍ය තන්ත්‍රය තුල ම, එල්ටීටීඊය සමග ගනුදෙනු කිරීම ගැන, ආධාර බෙදීම සඳහා ඇතිකරනු ලබන තාවකාලික එකඟත්වයකට පවා, ගැඹුරු විරෝධයක් පවත්නා බව ජවිපෙ මැනැවින් දැන සිටී.

රාජ්‍ය තන්ත්‍රය තුල පවත්නා මෙම භේදයන් ජූලි 15 දින, ශ්‍රේෂ්ඨාධිකරනය වෙනුවෙන් අග්‍ර විනිශ්චයකාර සරත් නන්ද ද සිල්වා, මොහු කුමාරතුංග විසින් පත් කරනු ලැබූවෙකි, ජනාධිපතිවරියට එරෙහි තීන්දුවක් ගනිමින්, පී-ටොම්ස් ගිවිසුමේ සමහර ප්‍රමුඛ අංගයන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජවිපෙ කල ඉල්ලීමක් අනුමත කොට තහනම් නියෝගයක් ලබා දුන් කල්හි, මැනවින් ප්‍රකාශයට පත් විය.

වත්මන් දේශපාලන අර්බුදය තුල අතිශයින් කැපී පෙනෙන කරුනක් නම්, සියලුම ප්‍රමුඛ දේශපාලන පක්ෂ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිලිබඳ දීර්ඝ කාලීන ඉල්ලීම අත හැර දමා තිබීම ය. 1978 දී ව්‍යවස්ථාව සම්මත කරන ලද තැන් පටන් සෑම පක්ෂයක ම ප්‍රමිත භාවිතයක් වී තිබුනේ, අඩුගනනේ ඔවුන් විපක්ෂගතව සිටින තාක්, ජනාධිපති බලතලවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය හෙලා දැකීම ය. දැන් සෑම පක්ෂයක් ම ගනන් බලන්නේ එම බලතල ඉතාම වාසිදායක ලෙස ගසා කන්නේ කෙසේ ද යන්න පිලිබඳව ය.

ඉතිහාසගත අපාරයක් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අපාරය වනාහී, පසුගිය දශක දෙක හමාරක් පුරා සෑම රටක් තුල ම ක්‍රියාත්මකව පැවැති ආර්ථික හා දේශපාලන සන්තතීන්ගේ විශේෂයෙන් ම තියුනු වූ ප්‍රකාශනයකි.

එම කාලයේ දී පිලිමල් අන්තර්ජාතික සංගතයන්, වඩවඩාත් ලාභ අමුද්‍රව්‍ය සහ ශ්‍රම මූලාශ්‍රයන් සොයා ලෝකය සිසාරන කල්හි, ඔවුන් අතර එන්න එන්නම උග්‍රවන්නා වූ තරගය නිෂ්පාදනයේ භූගෝලීයකරනය සමග බැඳී පවතී. මෙය, කම්කරු පන්තියේ සමාජ තත්වය මත නිර්දය ප්‍රහාරයකටත් ධනවතුන් හා දුප්පතුන් අතර භේදය ගැඹුරු කිරීමකටත් තුඩු දී ඇති අතර, එය අනෙක ් අතට , නිල දෙ ්ශප ාලන සංස්ථාපිතයට එරෙහිව ගැඹුරු මහජන විරෝධයක් හා කෝපයක් පැන නංවා තිබේ.

මෙම තත්වයට පාලක පන්තියේ ප්‍රතිචාරය වී ඇත්තේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පෙර නුවූ විරූ ප්‍රහාරයක් එල්ල කිරීම ය. මෙම ප්‍රහාරයේ උච්ච ලක්ෂය ඇමරිකාවේ බුෂ් පරිපාලනය විසින් දියත් කරනු ලැබ4 ඇති භූගෝල පරිමාන “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”යි.

2001 දී එජාපයේ නායකත්වයෙන් යුත් සභාගයක් බලය අල්ලා ගත් කල්හි, එය ඒ වන විට දශක දෙකකට අධික සිවිල් යුද්ධය විසින් විනාශභාග් කර තිබුනු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීම ඉලක්ක කර ගෙන “යලි පුබුදමු ශ්‍රී ලංකා” නම් මහා සැලැස්මක් විස්තාරනය කලේ ය.

එහි අරමුන වූයේ, හොංකොං නගරය චීනයට ආර්ථික දොරටුවක් බවට පත්ව ඇත්තේ යම් සේ ද, එසේ ම ප්‍රසාරනය වන ඉන්දියානු ආර්ථිකයට ආයෝජන දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව පත් කර, මෙරට දකුනු ආසියානු හොංකොං දූපත බවට පත්කර ලීම ය.

මෙම මූලෝපායට කේන්ද්‍රීය වූයේ සිංහල, දෙමල, සහ මුස්ලිම් පාලක ප්‍රභූන් එක්ව, කම්කරු පන්තිය සූරාකෑම පිනිස, එල්ටීටීඊය සමග සාම ගනුදෙනුවක් අටවා ගැනීම ය. එම පදනම යටතේ, එජාපෙ ආන්ඩුව සමාජ සේවා වියදම් කැපීම සහ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කොට රටේ බිඳවැටී තිබුනු පොදු කාර්ය පිරිවැය යලි ගොඩනගා ලීම ද ආයෝජකයන් සඳහා මූල්‍ය සහන හා දිරිදීම් ද ඇතුලු දුරදිග යන ආර්ථික ප්‍රතිව්‍යුහකරනයේ වැඩ පිලිවෙලක් යෝජනා කලේ ය.

ඉන් අවුරුදු 4 කට පසුව, මෙම සැලැස්ම කීතු වී ගොසිනි. 2002 අත්සන් කරන ලද සටන් විරාමය තවමත් පවතින නමුත් එය එල්ලී තිබෙන්නේ නූල් පටකිනි. එල්ටීටීඊය ද, ශ්‍රී ලංකාවේ මිලිටරියේ නිශ්ශබ්ද සහායෙන් වැඩට බැස සිටින්නා වූ එයින් බිඳී ගිය කරුනා කන්ඩායම අතර මිනී මරා ගැනීම් ද, සුලු සන්නද්ධ ගැටුම් ද නිරතුරුව සිදුවෙමින් පවතී. 2003 අප්‍රේල් මස ඇනහිටි සාම සාකච්ඡා තවමත් යලි ආරම්භ කර නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන සහ ජාත්‍යන්තර ආධාර හිර වී තිබේ. ඊනියා සාම සන්තතිය යලි ආරම්භ කිරීමට, කුමාරතුංග දැරූ ප්‍රයත්න, ඇගේ සභාග හවුල්කරු වූ ජවිපෙයේ විරුද්ධත්වය විසින් වලක්වා දමනු ලැබිනි. අර්ථභාරී උපරිව්‍යූහාත්මක ව්‍යාපෘතීන් ඇරඹීවත් නැති අතර පුද්ගලීකරනය හා ප්‍රතිව්‍යූහකරනය සමග ඉදිරියට යාමේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සැලසුම් වැඩ කරන ජනතාව විසින් තියුනු ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

පොදුවේ “ආසියාවේ ලෙඩා” යනුවෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ඩොලර් බිලියන 1.3ක් යයි තක්සේරු ගත විනාශයකට භාජන කරමින්, ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තයෙන් වැඩි හරියක් නට්ටම් කර දැමුවා වූ සුනාමි රල පහරට අමතරව තවත් මහා ආර්ථික රල පහර දෙකක ප්‍රහාරයට ලක්ව පවතී. මින් පලමුවැනිව, ඉහල යන ලෝක තෙල් මිල ආන්ඩුවේ මූල්‍ය දුෂ්කරතාවන් සංකීර්න කර තිබේ. ගත වූ මාස හත ඇතුලත ජීවන වියදම පිම්මේ ඉහල ගොස් ඇත. වාර්ෂික උද්ධමන රේට්ටුව සියයට 12කට වඩා ඉහල නැග පවතින අතර, මැයි හා ජුනි මාසවල පෙට්රල් හා ඩීසල් මිල සහනාධාර කපා හැරි ආන්ඩුව, තෙල් මිල සියයට 20කින් ඉහල දැම්මේ ය. දෙවනුව, බහු තන්තු ගිවිසුම යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර අපනයන කෝටා ක්‍රමය අහෝසි කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනවලට යටින් වල කපා ඇත. දැන් ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ චීනය වැනි විශාල රටවල මහා කර්මාන්තකරුවන් සමග දැඩි තරගයකට මුහුන දීමට ය.

තම ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දීමට නම්, සිවිල් යුද්ධය අවසන් කර දැමිය යුතු බව ශ්‍රී ලංකාවේ පාලක පන්තිය දනී. එය මුහුන දෙන ගැටලුව නම්, 1948 ස්වාධීනතාවේ පටන්ම එහි පාලනයේ පදනම ව ඇත්තා වූ වර්ගවාදී දෘෂ්ටිවාදයට එය ඓන්ද්‍රීයව බැඳී සිටීම ය.

සෑම දේශපාලන අර්බුදයක දී ම යූඇන්පීය සහ ශ්‍රීලනිපය මහජනතාව භේද කොට, ධනේශ්වර පාලනය ආරක ්ෂා කර ගැනීම සඳහා, දෙමල විරො ්ධී ජාත්‍යොත්තමවාදය යොදා ගති. 1983 දී දුෂ්ට දෙමල විරෝධී සංහාරයක් මැද්දේ සිවිල් යුද්ධය පුපුරා යාමට හේතු වූයේ සිංහල ජාත්‍යොත්තමවාදය පෝෂනය කිරීම ය.

දෙසැම්බර් සුනාමිය ඉක්බිත්තේ, කුමාරතුංග මහා ශ්‍රද්ධාවෙන් ප්‍රකාශ කලේ “මෙවන් පරිමාවක යෝධ ස්වාභාවික විපත්තියකට සිංහල, දෙමල හෝ මුස්ලිම් යනුවෙන් භේදවීගෙන මුහුන දිය නොහැකි ය. අප සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු ය.” යනුවෙනි.

දේශපාලන සමගිය සහ සාමය ගෙන එන හෙයින් එම විපත ‘රිදී රේඛාවක්’ අන්තර්ගත කර ගත්තේ යයි කියා සිටි නොවක් කතුවැකිකරුවෝ ඇයගේ ආස්ථානය නරුම ලෙස ප්‍රතිරාවය කලහ. 40,000ක් ජීවිත බිලිගෙන, දස ලක්ෂයකට උන්හිටිතැන් නැති කල, ඛේදවාචකයෙන් මාස හතකට පසුව වුව ප්‍රතිනිර්මාන කටයුතු ආරම්භ වී හෝ නැති අතර පාලක පන්ති කවයන් තුල කටුක කුලල් කා ගැනීම් දිග්ගැසී පවතී.

පී-ටොම්ස් එකඟතාවය ම ඉතා එලිදරව්කාරී ය.

ආධාර යාන්ත්‍රනය වනාහී කොලඹ පාලන තන්ත්‍රයත් එල්ටීටීඊයත් අතර බලය බෙදා ගැනීමේ වැඩ පිලිවෙලකි. මහජනමතය විමසීම් මාත්‍රයක් හෝ නොමැතිව ප්‍රජාතන්ත්‍ර විරෝධීව සකසන ලද, එහි ප්‍රධාන ඉලක්කය මහ ජනතාවගේ දුක විසඳාලීම නොව, වඩා පලල් සාම ගනුදෙනුවක් සඳහා පදනම දමා ගැනීම ය.

එල්ටීටීඊය සාමාන්‍ය දෙමල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අවශ්‍යතාවය පිලිබිඹු කරන්නේ නැත. එය නියෝජනය කරන්නේ, පී-ටොම්ස් එකඟතාවය ද අනාගත සාම සම්මුතියක් ද හරහා, කොලඹ පාලනයේ කනිෂ්ට සහකරුවකු ලෙස තමන්ගේ තත්වය තහවුරු කර ගැනීමට මාන බලන දෙමල ධනේශ්වරයේ තුනී ස්ථරයකි.

එසේම ජවිපෙය, මෙම ජාවාරමට විරුද්ධ වන්නේ මහ ජනතාව පිලිබඳ ඇති කිසියම් සානුකම්පික තැකීමක් නිසා නොව, මුස්ලිම් හා දමිල පිලිමලුන්මත්තේ තම ආධිපත්‍යය දරා සිටීමට පාලක ප්‍රභූවේ අධිෂ්ඨානය මත ය. ජුලි 17 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කල එලිදරව්කාරී ප්‍රකාශනයක දී, ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ, තම පක්ෂයේ පන්ති යොමුව ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ, පී-ටොම්ස් එකඟතාවයට එරෙහි තම පක්ෂයේ ව්‍යායාමය, සුනාමියට ගොදුරු වූවන් ගේ තත්වය පිලිබඳ කුමන සැලකීමකට හෝ වඩා වැදගත් බව ය.

“අපගේ මුතුන් මිත්තන් විසින් රක්නා ලද මේ රටේ ඒකාග්‍රතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වඩා වැදගත් වන්නේ, බඩු මිල වැඩිවීම වැනි ගැටලු විසඳීම අමාරුවක් නැති වැඩ නිසා යැ”යි ඔහු කීය.

ජනනා විමුක්ති පෙරමුනේ අස්ථානය වන්නේ, එල්ටීටීඊය යුද්ධයට ආපසු තල්ලු කර දැමීම නො වන්නේ දැයි ප්‍රශ්න කරනු ලැබූ කල්හි, වීරවංශ පිලිතුරු දුන්නේ එය “කවර කලෙක වත් යුද්ධය නැවත්වූයේ නැතැ”යි යනුවෙනි. තවදුරටත් ඔහු නැගෙනහිර ප්‍රචන්ඩත්වය පිලිබඳව එල්ටීටීඊයට දොස් පැවරී ය.

වීරවංශගේ අටුවා පෙන්නුම් කරන්නේ, සිවිල් යුද්ධය යලි පුපුරවා හැරීම සඳහා ජවිපෙය ගෙන තිබෙන අස්ථානයේ තර්කනය යි. ජුලි 17 දින, එල්ටීටීඊයේ දේශපාලන අංශ නායක එස්. පී. තමිල්චෙල්වම් යුද්ධයේ තර්ජනය පිලිබඳව අනතුර ැ හ ැඟ ැවීි ය.

ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුවක් මගින් දැන් ඇනහිටුවා ඇති ඒකාබද්ධ යාන්ත්‍රනයක් පිලිබඳ දිග්ගැසුනු සන්තතිය ගැන කලකිරීමෙන් ඔහු ප්‍රකාශ කලේ යුද බිමේ තතු “බරපතලය” කියා ය. “එල ්ටීටීඊ කාර්යධරයන් මරා දමමින්, ශ්‍රී ලංකා මිලිටරියේ බුද්ධි අංශය විසින් (නැගෙනහිර තුල) උග්‍ර කෙරීගෙන යන ඡායා යුද්ධය, සටන් විරාම ගිවිසුම බිඳ වැටීමට මග පෑදිය හැකි බව ද” ඔහු කීය.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනතාව ශ්‍රී ලංකාවේ කම්කරුවෝ ද තරුනයෝ ද දිවයිනේ පාලක ප්‍රභූන්ට වඩා ඉතා වෙනස් ආකාරයකට දෙසැම්බර් 26 සුනාමියට ප්‍රතිචාර දැක් වූහ. බොහෝ දෙනා ව්‍යසනය කන වැකුනු වහා ම ඊට ගොදුරු වූවන්ට ආධාර කිරීම සඳහා, තදින් ම විනාශයට පත් ප්‍රදේශවලට යාමට, සිය කැමත්තෙන් ම සංවිධානය වූහ. න ැතහෙ ාත ් ස ්වෙච්ඡ ා සහන ද ායක කන්ඩායම්වලට මුදල් සහ ද්‍රව්‍ය ප්‍රදානය කලහ.

වෘත්තිකයන් - බොහෝ වෛද්‍යවරුන් සහ හෙද සේවකයන් ද ඇතුලුව - රෝගීන්ට හා තුවාලකරුවන්ට ආධාර කිරීම සඳහා සිය කැමැත්තෙන් ම අනතුරුදායක තත්වයන් තුල දිගු පැය ගනන් වැඩෙහි යෙදුනා හ.

ගොදුරු වූවන් දෙමල ද සිංහල ද මුස්ලිම් ද යන්නට ඔවුන් අවධානයක් දැක්වූයේ ද නැත. සියලුම දෙනා එකම අන්තරායට මුහුන දී සිටි බව වටහා ගැනුනි.

ප්‍රජාගනවාදය ප්‍රතික්ෂේප කිරීම සහ ආන්ඩුව කෙරේ ප්‍රගාඪ අවිශ්වාසයක් - යනාදී මුලුමනින්ම හිතකර හැඟීම් මගින්ම පමනක්ම - කම්කරු පන්තියට දේශපාලන විකල්පයක් සපයා දෙන්නේ නැත. පාලක පන්තියේ සියලු ම ප්‍රධාන පක්ෂ වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා හෝ අපේක්ෂා ඉටු කිරීමට මුලුමනින් ම අසමත්ව සිටින අතර ඔවුන් දැන් විවෘතව ගනන් බලන්නේ ඒකාධිපති පාලනයකට මාරු වීමට ය.

මෙම තතු තුල, කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු කෙ ාටස ්වලින ් තම පූර්න දෙ ්ශප ාලන ස්වාධීනතාව තහවුරු කර ගෙන, තමන්ගේ ම අවශ්‍යතා සහ අපේක්ෂාවන් සඳහා සටන් කරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත යුතු ය. එවන් ව්‍යාපාරයක්, එන්න එන්නම ඉසිලිය නොහැකි වන්නා වූ ජීවන තත්වයෙන් ගොඩ ඒමට මාවතක් සොයන, නාගරික හා ගම්බද දුප්පත් ජනයාට බලගතු ආකර්ෂක කේන්ද්‍රයක් බවට පත් වනු ඇත. එබඳු ව්‍යාපාරයක අරමුන විය යුත්තේ පොහොසත් ටික දෙනෙකුගේ ලාභ වෙනුවට, බහුතරයේ සමාජ අවශ්‍යතාවලට සාතිශය ප්‍රමුඛත්වය දීම සඳහා, සමාජය මුලුමනින්ම සමාජවාදී පිලිවෙත් මත ප්‍රතිසංවිධාන කිරීම ය.

පවත්නා දේශපාලන සංස්ථාපිතයට බලපෑම් දැමීමෙන් හෝ පාර්ලිමේන්තු උපාමාරු තුලින් මෙම අරමුනු අත්පත් කර ගත හැකි නො වේ. 1964 දී, සිරිමාවෝ බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට එකතුවීම තුලින්, ලංකා සමසමාජ පක්ෂය කලා වූ පාවාදීමේ දේශපාලන විපාකවලින් කම්කරු පන්තිය තවමත් පෙලෙමින් සිටී. ලංකා සමසමාජ පක්ෂය, සමාජවාදී ජාත්‍යන්තරවාදය අතහැරීම ද ප්‍රජාගනවාදය වැලඳ ගැනීම ද කෙලින් ම මග පෑදුවේ ජවිපෙ සහ එල්ටීටීඊ සංවිධානවල බලපෑම වැඩීයාමට සහ අවසානයේ දී සිවිල් යුද්ධයට ය. අද දින ලසසපය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයද පිලිස්සුනු කෝම්බ බවට පත්ව තිබේ. මෙම පක්ෂ දෙකම ශ්‍රීලනිපයේ අතිරේක මුක්කුකරුවන්ට වැඩි තැනක් නොදරති. ඔවුන් කරගෙන යන්නේ ආන්ඩුවේ ආර්ථික සහ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා, ඇගේ විධායක බලතල යොදා ගැනීමට, කුමාරතුංග දිරි ගැන්වීම ය.

නිල වසයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පිටත සිටින නමුත්, නව සමසමාජ පක්ෂය (නසසප), මුලුමනින් ම කුමාරතුංගට ද ඇගේ පී-ටොම්ස් සම්මුතියට ද ආධාර දී තිබේ. නිර්ල–ජිත අවස්ථාවාදී මෙම නඩය මුලු ජීවිත කාලය තුල දී ම ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකෙහි ම ක්ෂමාලාපකයන් ලෙස ක්‍රියා කර ඇත. 1990 ගනන්වල අග භාගයේ නසසපය ජවිපෙ සමග සන්ධානයක් අටවා ගත්තේ ජවිපෙය තම ජාත්‍යොත්තමවාදී පුල්ලි මාරු කර ගෙන ඇති බව කියමිනි. මේ සියලු උපාමාරුවල දී, නසසපයේ භාවිතයේ නොවෙනස් වූ එකම දෙය වූයේ, ඊනියා සාම සන්තතියට එය දුන් සහාය යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නව බලය-බෙදාගැනීමේ ජාවාරමක් සඳහා වලිකන බොහෝ ව්‍යවසායකයන් හා ආන්ඩුනොවන සංවිධාන (ඇන්ජීඕ) සමග සමීප සම්බන්ධයක් නසසපයට පවතී.

පවත්නා බලධාරීන් කෙරේ තම නැමීම විසින් දුවවනු ලබන නසසපය, වත්මන් අපාරයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය සහ වෙනත් ප්‍රමුඛ බලවතුන්ගේ ආධාර සඳහා ආයාචනය කරමිනි.

ජුනි 26 දින ලක්බිම පුවත්පතට තීරු ලිපියක් ලියමින් වික්‍රමබාහු කරුනාරත්න පහත සඳහන් අත්‍යසාමාන්‍ය ප්‍රකාශය කලේ ය: “ලෝක ධනවාදය අද ලිබරල් ප්‍රජාතන්ත්‍ර ව්‍යාපාර වගා කිරීමට කාසි වියදම් කරයි. පෙර කල, ප්‍රචාරය සහ රහස් මර්දනකාරී පියවරයන් උදෙසා මොවුන් වියදම් කල මුදල්, දැන් වියදම් කරනු ලබන්නේ අපගේ රට බඳු රටවල ලිබරල්වාදී ව්‍යාපාර වගා කිරීමට ය.” මෙම අටුවාව එක්සත් ජනපදය සහ එහි මිත්‍රයන් ඉරාකයේ ද ඇi්ගනිස්ථානයේ ද කර ගෙන යන්නා වූ අපරාධයන්ට සුදු හුනු ගානවා පමනක් නො වේ මෙම අධිරාජ්‍යවාදී රටවල් සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ද ලංකාවේ සුනාමියට ගොදුරුවූවන්ගේ ඉරනම පිලිබඳව උනන්දු ය යන මාරක මිථ්‍යාව ද පතුරුවයි.

වොෂින්ටනයේ දැනට පිලිගත් විකල්පය, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සාකච්ඡා මගින් විසඳුමක් වන අතර, එය මෙම ප්‍රදේශය තුල තම මූලෝපායික හා ආර්ථික අභිප්‍රායයන්ට මතුවන කුමන බාධාවක් වුවත් ඉවත් කිරීම පිනිස යුද්ධමය ආක්‍රමනය ද ඇතුලු වෙනත් ක්‍රම යොදා ගැනීමෙන් වැලකෙතැයි උපකල්පනය කර ගැනීම තකතිරු කමක් වනු ඇත. සුනාමියට ගොදුරු වූවන් ගැන සලකා බලන කල්හි බුෂ් ද බ්ලෙයාර් ද, එය යන්තමින් හෝ සලකා බැලුවේ, ලෝකය පුරා දසලක්ෂ සංඛ්‍යාත ජනීජනයා මෙම විනාශයට ගොදුරු වූවන්ට පිහිට වීමට ඉදිරිපත් වීමෙන් පසුව ය.

ධනේශ්වර පන්තියට, අලුත් අලුත් පාලන ක්‍රම සූදානම් කරගන්නට ඉඩ දී, කම්කරු පන්තිය දේශපාලන අගුකොන් ගත වී සිටීම අන්තරායදායක බව සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී. තමන්ගේ ම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා, තමන් වටා සාමාන්‍ය මහ ජනතාවන් ඒකාබද්ධ කර ගත හැකි, දේශපාලන ක්‍රියාමාර්ගයක් කම්කරුවන්ට අවශ්‍ය ය.

සමාජය සමාජවාදී පදනම් මත මුලුමනින් ම අලුතින් ගොඩනැගීමේ කාර්යයට පොදු අරගලයක් තුල, කවර ආගමක් ඇදහුව ද, භාෂාවක් කතාකල ද කවර වාර්ගික පසුබිමක් තිබුන ද සකල වැඩ කරන ජනතාව ඒකාබද්ධ කර ගැනීම පිනිස සෑම වර්ගයේ ම ප්‍රජාගනවාදයන් ද ජාත්‍යොත්තමවාදය ද මුලුමනින් ම ප්‍රතික්ෂේප කල යුතුව ඇත. සමාජවාදී සමානතා පක්ෂය, දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක පලල් අරමුනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සහ ඊලම්හි එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපනය කල යුතු යයි කියා සිටින්නේ මේ නිසා ය.

ක්ෂනික ආර්ථික හා සමාජ ගැටලුවලට මුහුන දීම සඳහා, සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ලක්ෂ සංඛ්‍යාත ජනයාට උසස් ගුනාත්මක නිවාස, පාසල්, රෝහල් සහ වෙනත් පහසුකම් ගොඩනැගීම ආරම්භ කිරීමට අවශ්‍ය වූ අරමුදල් සපයා දෙමින්, ඔවුන්ට දෙන ආධාර වහාම වැඩි කල යුතු යයි වැඩ කරන ජනයා බල කර සිටිය යුතු ය. මෙම කටයුතු පී-ටොම්ස් යාන්ත්‍රනය තුලින් ඉටුවෙතැයි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි ය.

සෑම නිවහන් පෙදෙසකම හා වැඩපලකම කම්කරුවන්, සුනාමියට ගොදුරු වූ ජනතාවට සේවාවන්, හා පහසුකම් සැපයීම සම්බන්ධීකරනය සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට මූලිකත්වය ගත යුතු ය.

මෙම කමිටු, සියලු සුනාමි සහනාධාර බෙදාහැරීම අධීක්ෂනය සඳහා තමන්ගේ ම ජාතික මට්ටමේ මන්ඩලයක් තෝරා පත් කර ගත යුතු ය.

මෙම ආරම්භකත්වයන් ද ඉල්ලීම් ද කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් පිහිටුවීම අරමුනු කර ගත් ක්‍රියාමාර්ගයක කොටසක් වේ. තමන් අතට බලය දිනා ගැනීම සඳහා, කම්කරු පන්තිය, දවසේ සියලුම ප්‍රධාන ප්‍රශ්නයන්ට තමන්ගේ ම පන්ති විසඳීම් ඉදිරිපත් කරමින් ඒ සඳහා උද්ඝෝෂනයෙහි යෙදීගත යුතු ය. සෑම වැඩපලකම කම්කරුවන්, උතුරෙන් හා නැගෙනහිරින් සන්නද්ධ හමුදා කොන්දේසි විරහිතව ඉවත් කර ගත යුතු යයි ද වෙනස්කම් පවත්වාගෙන යන්නා වූද, ප්‍රජාතන්ත්‍ර විරෝධී වූද සියලු නීති අහෝසි කොට සියලු දෙනාට මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කරලන්නා වූද නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ජනතාව පූර්න-නිදහසේ තෝරා ගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ගොඩ නගා ගැනීමට ඉදිරිපත් විය යුතුව ඇත.

සමාජවාදී සමානතා පක්ෂය, මෙම ක්‍රියාමාර්ගයට සටන් වදින්නේ, සමාජවාදී ඉදිරි දර්ශනයක් මත මුලු ලෝකයේ ම කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම සඳහා, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන යනු ලබන ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස ය. අපගේ ක්‍රියාමාර්ගය සහ පිලිවෙත් බැරෑරුම් ලෙස අවධානයට ගෙන, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පරිශීලනය කරමින්, සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එම පක්ෂය ගොඩ නැගීමට ඉදිරිපත් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading