ත් 4ු මැද පෙරදිග හා ජාත්‍යන්තරව පවත්නා පුලුල්ව පැතිරෙන විරුද්ධත්වය නොතකා, ඊස්රායලය, බුෂ් පාලනාධිකාරයේ පූර්න පිටුබලය සහිතව, දකුනු ලෙබනනය තුල සිය ගොඩ බිම් ප්‍රහාරය ඉදිරියට ගෙන යමින් සිටින්නේ, එහි නගර හා ගම්මාන සුන්බුන් බවට පත් කරමින් හා ප්‍රදේශයේ සමස්ත ජනගහනය ම පලවා හරිමිනි. එම ප්‍රහාරයේ එල්ලය වී ඇත්තේ, රට එක්සත් ජනපදයේ හා ඊස්රායලයේ ප්‍රාන්ත රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ පුලුල් මූලෝපායක කොටසක් ලෙස ලෙබනනයේ භූමි ප්‍රදේශයෙන් පුලුල් තීරුවක් පුරා පැතුරුනු තහනම් කලාපයක් ස්ථාපිත කර ගැනීම යි.
සිරියාවට හා ඉරානයට එරෙහි අනාගත ප්‍රකෝපකරනයන් හා යුද්ධ සඳහා ද මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ සම්පත්-ගහන කලාප පුරා එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ සිය මූලෝපායික එල්ලය ජය ගැනීමේ ද විධි ක්‍රමයක් ලෙස, බුෂ් පාලනාධිකාරය ඊස්රායල යුද සැලසුම්වලට හැකි උපරිම මට්ටමින් පිටුබලය සපයා ඇත. එකදු මහ බලවතෙක් වත්, ලෙබනනයට එරෙහිව ආක්‍රමනික යුද්ධයක් ගෙන යාම සම්බන්ධයෙන්, එක්සත් ජනපදයට අභියෝග කර හෝ ඊස්රායලය හෙලා දැක නැත -- දෙවන ලෝක යුද්ධයෙන් පසුව නාසි නායකයන්ට එරෙහිව නඩු විභාග පවත්වා ඔවුන් වැරදිකරුවන් කිරීමේ දී ඔවුන් කල මූලික අපරාධය ලෙස සඳහන් කලේ මෙලෙස ආක්‍රමනික යුද්ධයක් ගෙන යාම ය.
දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි සිය ආක්‍රමනික යුද්ධය උත්සන්න කිරීමට තමන් කටයුතු කරන තතු තුල තමන්ට වොෂිංටනයේ පිටුබලය අවශ්‍ය බවට ගනන් බලන ශ්‍රී ලංකාවේ ආන්ඩුව, මෙම සාපරාධී ව්‍යායාමය නිහඬව අනුමත කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික සගයකු වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), තමන්ගේ ම ද්‍රෝහී සහයෝගිතාව ආවරනය කර ගනු වස්, ලෙබනනයට එරෙහි යුද්ධය නතර කරන ලෙස ඔවුන්ගේ ඊස්රායල අපරාධ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නැයි, බුෂ් පාලනාධිකාරයේ දේශපාලන මැරයන් වෙත හිස් ආයාචනයක් කර ඇත.
ලෙබනනයට එරෙහි කොල්ලකාරී යුද්ධයට විරුද්ධව සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා කැඳවුම් කරනු පිනිස, සමාජවාදී සමානතා පක්ෂය, කොලඹ දී පෙලපාලියක් හා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. එම පෙලපාලියට හා රැස්වීමට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්. තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.දිනය: අගෝස්තු 8 වන අඟහරුවාදා දිනය: අගෝස්තු 8 වන අඟහරුවාදා පෙලපාලිය: කොලඹ 10, මරදානේ, දෙමටගොඩ පාරෙන් එදින සවස 2.30ට ඇරඹෙයි. පෙලපාලිය: කොලඹ 10, මරදානේ, දෙමටගොඩ පාරෙන් එදින සවස 2.30ට ඇරඹෙයි. පෙලපාලිය: කොලඹ 10, මරදානේ, දෙමටගොඩ පාරෙන් එදින සවස 2.30ට ඇරඹෙයි.
රැස්වීම: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සවස 4.30 රැස්වීම: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සවස 4.30
[මෙය 2006 අගොස් වැනි දින Sri Lankan SEP to hold march and meeting against US-Israeli aggression in Lebanon යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
