කෝමැක් මැකාති විසින් රචිත The Road ද රෝඩ් (මාවත), නිව් යෝර්ක්: රැන්ඩම් හවුස්, 2006, පිටු 287යි.
ජිම් ක්‍රේස් විසින් රචිත The Pesthouse, ද පෙස්ට්හවුස්, නිව් යෝර්ක්: ඩබල්ඩේ, 2007, පිටු 255යි.
ගුනයෙන්, ගතිස්වභාවයෙන් සහ ප්‍රතිඵලවලින් වෙනස්වන්නා වූ මෑතක දී පිටවූ මෙම නවකතා දෙක ම මානව සබඳතා ගැඹුරින් අවමානයට පත්ව ඇති අනාගත එක්සත් ජනපදයක් පිලිබඳ හිස් සහ දුක්ඛිත ප්‍රබන්ධ ඉදිරිපත් කරයි.
අනාගතය පිලිබඳව පරිකල්පනය කිරීම නවීන ප්‍රබන්ධවල තීරනාත්මක සංරචකයක් වී ඇත. පොදුවේ ගත්කල දහනව වන ශතවර්ෂයේ නව කතා අනාගතය දෙස බලාපොරොත්තු සහගතව සහ අපේක්ෂා සහිතව බැලුම් හෙලී ය. විස්මයජනක විද්‍යාත්මක සහ ක්ෂනික වර්ධනයක් ද ඇතුලුව නිෂ්පාදන බලවේගවල සිදු වූ පුපුරන සුලු වර්ධනය එවැනි මනෝගතීන් අවුලුවාලීය.
යුරෝපයේ ද එක්තරා දුරකට එක්සත් ජනපදයේ ද මහජන සමාජවාදී සංස්කෘතියක් ඉස්මතු වීම එහිදී ඉටු කලේ සුලුපටු ක්‍රියා කලාපයක් නො වේ. සමාජ සබඳතා උග්‍ර ලෙස ම ප්‍රතිසංවිධානය කල යුතුව තිබුන ද සෑම අංශයකින් ම සමාජයට යහපත් අනාගතයක් ඇති බව පෙනෙන්නට තිබුනි.
උදාහරනයක් ලෙස විලියම් මොරිස්ගේ News From Nowhere [හදිසියෙන් පැමිනි පුවතක්] (1890) සහ එඩ්වඩ් බෙලමිගේ Looking Backward [ආපසු බැලීම] (1888) මානව වර්ගයා එකිනෙකා සමග සහයෝගයෙන් තමන් නිෂ්පාදනය කල ධනය බෙදාහදා ගනිමින් ජීවත්වන සූරාකෑමෙන් විමුක්ත වූ සමාජයක් දෙස ඉදිරි බැලුම් හෙලී ය.
මේවා සමාජීයව විවේචනාත්මක කෘති විය.
ඒවායේ අභිප්‍රාය වූයේ ධනේශ්වර පද්ධතියේ අසාධාරනයන් හෙලිදරව් කිරීම සහ නොසඟවා - ප්‍රතිසංස්කරනය (ආපසු බැලීම) හරහා හෝ විප්ලවය (හදිසියෙන් පැමිනි පුවතක්) මගින් - හෝ ව්‍යංගාර්ථයෙන් - (උදාහරනයක් ලෙස විලියම් ඩීන් හොවෙල් 1894 දී රචනා කල ඇමරිකානු සමාජය පිලිබඳ දෘඪතර විවේචනය, A Traveler From Altruria [අල්ත්රුරියාවෙන් සංචාරකයෙක්] වඩා හොඳ සමාජයක් පිලිබඳව උපග්‍රහනය කිරීමයි.
විසි වන ශතවර්ෂය මෙම තේමාවන් වඩා ගැටලු සහගත බව සොයා ගති. ජාත්‍යන්තර සමාජවාදී සමාජයක් හැඩ ගැස්වීමට දරන ලද ප්‍රථම ප්‍රයත්නය අසීරුතාවයන්ට මුහුන දෙමින් අවහිරතාවලින් බැට කා යෝධ ව්‍යාකූලත්වයේ කාල පරිච්ඡේදයක් පෙරටු කර ගෙන පැමිනියේ ය.
මෙම අසීරුතාවන්ගේ කේන්ද්‍රයේ සෝවියට් සංගමයේ පිරිහීම සහ තමන් ‘කොමියුනිස්ට්වාදය’ නියෝජනය කරන්නේ යයි කියා ගත් ආඥාදායක නිලධාරි තන්ත්‍රයක් ඉස්මතු වීම පැවති අතර එහි බලපෑමෙන් මග හැර යාමට කල්පිත ප්‍රබන්ධ කාව්‍යයට නොහැකි විය. විසි වන ශතවර්ෂයේ මැදභාගයේ හෝ ඉන් ඔබ්බේ එවැනි කෘති නිරන්තරයෙන් පාඨකයන්ට කියා සිටියේ සමාජ වෙනස නිරර්ථක බව සහ සමාජ පරිනාමය (හෝ විප්ලවය) ආඥාදායක දිශාවකට මාවත වනු ඇති බවයි. යමෙකුගේ කල්පනාවට නැගෙන්නේ අල්ඩොස් හක්ස්ලිගේ Brave New World [නිර්භීත නව ලොව] (1932) සහ ස්ටැලින්වාදය පිලිබඳව බොහෝ යුක්ති සහගත දෑ කීමට තිබුනත් ජෝර්ජ් ඕවෙල්ගේ 1984 (1949) යන කෘති ය.
යුද්ධයේ සහ හොලෝකෝස්ටයේ අත්දැකීම්වලින් පසුව විශේෂයෙන්ම ඇමරිකානු කතුවරු, රේ. බ්‍රැඩ්බරිගේ ෆැරන්හයිට් 451 (1953) සිට කර්ට් වොනිගට්ගේ නව කතා දක්වා පරාසයක විහිදෙන කෘති මගින් අනාගතය පිලිබඳව බොහෝ නිසරු සහ අනනුප්‍රානී කෘති බිහිකලහ.
පසුගිය 25 වසර හෝ ඒ සමාන කාලය තුල නව පරම්පරාවක් අනාගතය අපේක්ෂා කොට ඇත.
උදාහරනයක් ලෙස විද්‍යා ප්‍රබන්ධයීය වේග ශෛලිය විවෘතව සර්ව බලධාරී සංගත විසින් පාලනය කරනු ලබන එක්සත් ජනපදයක් (හෝ පැරනි එක්සත් ජනපදය) උපග්‍රහනය කොට ඇති අතර පරිගනක තාක්ෂනය ඉහල පරිමානයෙන් යොදාගෙන ඇත.
කැනේඩියානු කතුවරියක් වන මාගරට් ඇට්වුඩ් ඩිස්ටෝපියාවන් (මහා සමාජ අපේක්ෂාවන් පිලිබඳ අධෛර්ය සම්පන්න සාහිත්‍ය රචනා - පරිවර්තක) දෙකක් රචනා කොට ඇත. පලමුවැන්න වන The Handmaid's Tale (සහායිකාවගේ කතාව) 1985, කලාත්මක සාර්ථක වන අතර යම් දුරකට සමාජමය වසයෙන් ද පෙරලිකාරී ය. පසුව පලවූ Oryx and Crake (2003) සතුව දෙඅංශයෙන්ම කීමට ඇත්තේ අල්පයකි. කෙසේ වෙතත් ඩිස්ටෝපියානු රචනා, පූර්ව අනාගතය පිලිබඳ සුභවාදී රචනාවන් තුල තිබූ සමාජීය විවේචනාත්මක අංශය වසර බොහෝ ගනනක් යනතුරු සම්පූර්නයෙන් අත්හැර දැමුවේ නැත. ඉදිරියේ එන අන්තරායන් පිලිබඳව අනතුරු ඇඟවීමට භාවිත වූ එය පැවැත්මේ කොන්දේසිවලට එරෙහිව ප්‍රධාන තේමාවක් මත අමුද්‍රව්‍යයන් නිරන්තරයෙන් සංවිධානය කලේ ය.
එහෙත් එය ඒ පිලිබඳව සියලු දේ කී බව අදහස් නොවේ. නිෂ්ක්‍රීය ජනතාවක් සහ ස්වල්ප දෙනෙකුගේ ප්‍රතිඵල රහිත කැරැල්ලෙන් සමන්විත කොර ගැසුනු අනාගතය පිලිබිඹු කලේ සමාජ සංවර්ධනය පිලිබඳ පටු හා දිලිඳු දෘෂ්ටියකි.
මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන මෑත කාලීන කෘති දෙක මෙම කරුනු තවත් ඉදිරියට ගෙන ගොස් ඇත. අනාගත සංත්‍රාසයන්ට ඇති විරුද්ධත්වය සම්පූර්නයෙන් ම පාහේ ක්‍රියාවෙහි යොදවා ඇති එම කෘති අද්‍යතන ජීවිතය සමග අපූර්ව ලෙස ගැටගැසී තිබෙන බව පෙනෙන බලාපොරොත්තු රහිත භාවය සමග අසීමාන්තික ව ගැලී සිටී.
2007 පුලිට්සර් ත්‍යාගය දිනාගත් කොමැක් මැකාර්තිගේ ඔයැ ඍද්ා කෘතිය, රූපවාහිනී ප්‍රදර්ශනාත්මක කතා මෙහෙයවන ඔප්රා වින්ෆ්‍රේ විසින් තම පොත් සමාජයට තෝරා ගැනීමෙන් පසුව යම් මට්ටමක ජනප්‍රියත්වයකට පත්ව ඇත.
ඔයැ ඍද්ා කතන්දරය දිග හැරෙන්නේ පෙනෙන පරිදි ගිනිකොන එක්සත් ජනපදයේ නුදුරු අනාගතයේ දී ය. මිනිසෙක් සහ ඔහුගේ තරුන පුත්‍රයා (ඔවුන්ගේ නම් කිසිවිටෙක සඳහන් කරනු නොලැබේ.) න්‍යෂ්ටික මහා සංහාරයකින් දස වසරකට පසුව අජීවී ලෝකයක් හරහා ගමන් කරති.
සියල්ල අලුවලින් වැසී පවතී. වනාන්තර ගිනි තැබෙමින් පවතින අතර මනුෂ්‍යයන් හැර වෙන කිසිදු සත්ත්ව ජීවිතයක් නොමැත. මිනිසා සහ පුත්‍රයා ටින්කල භාන්ඩ හා ඉන්ධන ස්වල්පයක් සොයා හිඟමනේ යති.
කොල්ල කල්ලි විසින් දූෂනය කොට මරා අනුභව කරනු ලැබීමෙන් වැලකීමට ඔවුහු සැඟවෙති.
කුසගින්න, දූෂනය, රුධිරය සහ සන්තාපයේ දර්ශනයන්ගෙන් කෘතිය පිරී පවතී. අනෙකුත් මානවයන් සමග සිදු වන කිසිදු අන්තර් ක්‍රියාවක් ත්‍රස්තයෙන් තොර නො වේ. එක් ගෘහයක් බිම් කුටියේ මානවයන් සෙමින් අවයවයෙන් අවයවය අනුභව කරනු ලැබේ. එක් දිගු දර්ශනයක දී පියා මිනිසෙක් මත තුවක්කුව එල්ල කර ගෙන සිටින්නේ එම තැනැත්තාව තම පුත්‍රයා ඉදිරිපිට දී ම මරාදැමීමට මොහොතකට පෙර ය. මිනිසාගේ අතීතය පිලිබඳ කෙරෙන ආවර්ජනයන් පවා බියකරු ය. එවැනි එක් ආවර්ජනයක ඔහුගේ බිරිඳ (පුත්‍රයාගේ මව) සිය දිවි නසා ගැනීම වෙනුවෙන් හා ඔහු ඇයගෙන් ජීවත් වන ලෙස ඉල්ලා සිටීමට විරුද්ධව තර්ක කරයි. ඇය දිවි නසා ගනියි.
න්‍යෂ්ටික යුද්ධය කරා ධාවනය වීමට හේතුවූ දේශපාලන අර්බුදය පිලිබඳ මතක සටහන් නොමැත.
ජීවත් වීම සඳහා මේ මිනිසා කර ඇත්තේ කුමක් ද, (තමන්ට එක්තරා කාලයකදී බොහෝ මිතුරන් සිටි බව තම පුත්‍රයාට පවසන මුත්) ඔහුට සිටියේ කවර වර්ගයේ මිතුරන් ද ඔහු තම කාලය ගත කලේ කෙසේ ද ඔහු ජීවිතය රසවිඳ ඇත් ද යන්න ආදිය පිලිබඳව කිසිදු අදහසක් නැත. මේ අංශයෙන් මෙම කෘතිය ඇදහිය නොහැකි තරමට පීඩිත ය. හැකි උපරිම ආකාරයට මැකාති මෙම අනාගතයෙන් ඉතිහාසය සහ සමාජය අකාමකා දමා ඇත.
නොනැසී පැවැත්මට පියා තුල ඇති ශක්තිමත් සහජාශය යමෙකුට දැනේ. ඔහු පනපිටින් සිටින්නේ තම පුත්‍රයාට ඇති ආදරය හේතුවෙනි. ඔප්රා වින්ෆ්‍රේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී මැකාති මෙය පාර්ශ්වීය වසයෙන් තමන් ම මෑතක දී පීතෘත්වයට පත් වීමට ආරෝපනය කලේ ය.
නවකතාවේ මෙම අංශය පිලිබඳ විචාරකයන් අවධානය යොමු කොට තිබුනත් එය සැබෑ ලෙස ම වැදගත් කරුන මග හැර යන බව පෙනේ. පුලුල් කරුනු පිලිබඳව කීමට ඇත්තේ කුමක් ද? අතිශය බියජනක එවැනි තත්වයන් යටතේ පවා බිලියන ගනන් ජනයාගෙන් සමන්විත ග්‍රහලෝකයේ හා වසර දහස් ගනනක සංස්කෘතියේ දෝංකාරය ශේෂව නොපවතී ද? පියා සහ පුත්‍රයා සතුව ග්‍රන්ථ තිබෙන්නේ යයි මැකාති වරෙක සඳහන් කරයි. එහෙත් එම ග්‍රන්ථවල අඩංගු වන දේ සහ ඒවා මෙම පුද්ගලයන් දෙදෙනා මත බලපා ඇත්තේ කෙසේ ද යන්න පිලිබඳව ඔහු කියන්නේ අල්පයකි. ව්‍යසනයකදී පවා මනුෂ්‍යත්වයේ පූර්න සහ පොහොසත් සන්දර්භය ද රෝඩ් තුල හිඟ ය. ඇත්ත වසයෙන් ම එය හිතාමතා ම කපා ඉවත් කරයි.
මේ ආකාරයේ පවුලතුලට නැඹුරු වූ පුද්ගලාර්ථවාදය නොනැසී සිටින දක්ෂිනාංශිකයන් අතර ජනප්‍රිය ය. පවුල් ඒකකයේ භාවානුගත බලකොටුවෙන් පිටස්තර සමාජය සැකකටයුතු හා සතුරු ඒකකයකි. තමන් “හොඳ මිනිසුන්” බව පියා පුත්‍රයාට කියයි. මෙය යමෙක් තම දරුවාට යලි සහතික කල යුතු දෙයක් වන අතර මැකාති ද තම පාඨකයාට පවසයි. එහෙත් නවකතාවේ සදාචාරාත්මක ගුනකාය ඔසවා තැබීමට එය කිසිවක් නො කරයි. එය උදව්කාරක වන්නේ කෘතිම සහ සිත් නොගන්නා අවසානයක් නිර්මානය කිරීමට පමනි.වර්තමානයේ මෙන් ම අතීත ගතවූ මානව සංස්කෘතිය පිලිබඳව මැකාති සතුව ඇත්තේ අඩු තක්සේරුවක් වන අතර ඔහු එය අනෙකුත් කෘතිවල ද නිරන්තරයෙන් පෙන්නුම් කර ඇත. ඔහුගේ කෘතිවලින් බොහොමයක් කුරිරු මනස් සහිත ඒවා වන්නේ බොහෝ අවස්ථාවල දී ඔහු බිය ව්‍යාප්තව පවත්නා ලෝක නිර්මානය කරයි.
1984 දී පලවූ ඊකදදා ඵැරසාස්බ (රුධිර ශෝභාව) මැකාතිගේ හොඳම කෘතිය ලෙස විචාරකයන්ගේ පුලුල් පිලිගැනීමට බඳුන්වන අතර බොහෝ දෙනා විසින් එය ඇමරිකානු සාහිත්‍යයේ උසස් කෘතියක් ලෙස සැලකීමට ලක් වේ. එය වනාහි මෙක්සිකානු- ඇමරිකානු යුද්ධයෙන් පසුව ගතවූ වසරවල උතුරු මෙක්සිකෝව හරහා දේශ සීමා තරනය කොට තමන් ම කුලී හේවා භට කන්ඩායමක් ලෙස ක්‍රියා කරමින් සාමාන්‍යයෙන් කලාපීය ස්වදේශිකයන්ට එරෙහිව සංහාරයක් දියත් කරමින් ක්‍රියාත්මක වූ ග්ලැන්ටන් කන්ඩායමේ ඉතිහාසය පිලිබඳ කතුවරයාගේ මතය යි.
මැකාති මෙම මිනිස් සංහාරය ප්‍රතිනිර්මානය කොට ඇත්තේ ග්ලැන්ටන් කුලී හේවායන්ගේ පරස්පරවිරෝධී සහ අවශ්‍යයෙන් ම මානුෂික වන්නා වූ හැඟීම් පිලිබඳ කිසිදු අවධානයක් නොදෙමිනි. ගොදුරු බවට පත්වූවන්, අපරාධකරුවන් හා නෝන්ජල් නරඹන්නන් වසයෙන් කෘතිය තුල දක්නට ලැබෙන්නේ සුලු ජීවමාන මානවයන් සංඛ්‍යාවකි.
එක්සත් ජනපදය බටහිර දිගට ප්‍රසාරනය වීම, වසර කිහිපයකට පසුව ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම සම්බන්ධ කර ගත් සිවිල් යුද්ධයක් කරා වර්ධනය වූ ආතතීන් - වෙනත් වචනවලින් කියතොත් ඉතිහාසයේ සංකීර්නතාවන් - බ්ලඩ් මෙරිඩියන් තුලට නො පැමිනේ.
මෙම කෘතිය තුල ඔහුගේ විස්තරයන් සතුව පෞරානික සුන්දරත්ව වර්නයක් ඇති අතර ඔහුගේ හැකියාව අපට ඛේදවාචී අවස්ථාවල දී බලපෑ හැකි ය.
සමහර විට විවිධ ම්ලේච්ඡත්වයන් කෙරෙහි පාඨකයා කෝප වන නමුත් සමස්තයක් ලෙස ඔහු හෝ ඇය නිමා නොවන කෲරත්වය මධ්‍යයේ ජීවිතය අහිමි වී යාමට හුරුවේ.
ද රෝඩ් තුලින් පෙන්නුම් කරන්නේ ප්‍රබල දුෂ්ටත්වයේ, ගූඪත්වයේ හා අනෛතිහාසිකත්වයේ මෙම සෙවනැල්ල අරමුනු රහිතව අනාගතයට මැකාති විසින් ප්‍රක්ෂේපනය කොට ඇති බවයි.
ද පෙස්ට්හවුස් (මාරක නිවාසය) මැකාතිට වඩා වයසෙන් අඩු, බ්‍රිතාන්‍ය ජාතික කතුවරයෙකු වන ජිම් ක්රේස් නවකතා අටක් රචනා කොට ඇත. ඔහුගේ වඩාත් ප්‍රකට කෘතිය වන ඝාතනයට ලක් වූ සත්ත්ව විද්‍යාඥයන් දෙදෙනෙකුගේ ජීවිත දෙස යම් ආකාර දූෂිත බැල්මක් හෙලන 1998 දී පල වූ ඊැසබට ෘැ්ා (මරනයට පත්වී සිටීම) 2000 වසරේදී එක්සත් ජනපද ජාතික ග්‍රන්ථ විචාරක කවයේ සම්මානය දිනා ගත්තේය.
විද්‍යාඥයන් දෙදෙනාගේ ජීවිත පිලිබඳව ඔවුන්ගේ ශිෂ්‍ය අවධියේ සිට ඔවුන්ගේ විවාහවීම දක්වා ද ඔවුන්ගේ පෞරුෂයන්ගේ, අප්‍රකට දේවල්වල හා අපේක්ෂාවන්ගේ අපූර්ව ගුනයන් ද විස්තර කරන මෙම කෘතිය නිශ්චිතව ම සානුකම්පික ලීලාවක් දරා සිටී.
එහෙත් ක්රේස් මෙම නවකතාවට අනවශ්‍ය ලට්ටලොට්ට බොහෝ ප්‍රමානයක් එකතු කරයි.
නිරන්තරයෙන් එය ශරීර දෙකේ දිරාපත්වීමේ වෛෂයික අවස්ථාව කරා හැරේ. මෙය අවශ්‍ය කරන්නේ ඇයි? නවකතාව බුද්ධිමය ලෙස ලියා ඇති වුව ද එය ලීවේ ඇයි ද යන්න ගැන යමෙක් එක්වරකට වඩා විමතියට පත් වනු ඇත.
ක්රේස්ගේ ඩිස්ටෝපියානු කෘතිය වන ද පෙස්ට්හවුස් පිලිබඳව ද යමෙක් එම ගැටලුව ම නගනු ඇත.
පරම්පරා කිහිපයකට පසුව අනාගතයේ දී ඇමරිකාව එක්තරා ව්‍යසනයකින් ප්‍රකෘති තත්වයට පත් වෙමින් සිටී. විනාශභාග කෙරුනු මහාමාර්ග හා යන්ත්‍ර සහ නගරවල ඉතුරු පහදු අනුව න්‍යෂ්ටික යුද්ධයක් සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ.
සමාජය මධ්‍යකාලීන මට්ටම කරා ආපසු තල්ලු කරනු ලැබ ඇත. මිනුස්සු නූගත් ගොවියෝ ය. ජීවිතය ඉතා අසීරු ය. යුරෝපයේ පවතින්නේ යයි අනුමාන කල හැකි වාසනා භූමියක් කරා ගමන් කරමින් තිබෙන බෝට්ටු නවත්වනු ලබන නැගෙනහිර වෙරලට සංක්‍රමනයක් සිදු වේ. මාගරට් නම් පියකරු තරුන කාන්තාවක් මුනගැසෙන ෆ්රැන්ක්ලින් නම් හැඩි දැඩි තරුන මිනිසෙක් සිටී. මාගරට් රෝගයකින් පෙලී සිට ඇති අතර සුවවීමට හෝ මියයාමට පෙස්ට්හවුස් (මාරක නිවස) නම් පැලක් තුල ඇගේ පවුලේ සාමාජිකයන් විසින් හැරදමා යනු ලැබ ඇත. නැවත සුවය ලැබීම සඳහා ඇයට ෆ්රැන්ක්ලින් ගේ උපකාර ලැබීමෙන් පසුව දෙදෙනාම නැගෙනහිර බලා පිටත් වේ.
ගමන දුෂ්කර ය. ඔවුන්ට මුන ගැසෙන මිනිසුන් සමහර විට හොරු ය. සමහරවිට යහපත් හාදයින් ය.
හිඟය හා දරිද්‍රතාව පිලිබඳ පොදු අදහසක් පවතී.
මිනිසුන් සතුව සුලු දේවල් පමනක් ඇති අතර ඒවා ද නිරන්තරයෙන් හොරකම් කරනු ලැබීමේ අන්තරායට මුහුනපා සිටී.
හානි සිදුවීම නොකඩවා පවතී. අල්ලා ගනු ලබන ෆ්රෑන්ක්ලින් වහල්භාවයේ තබා ගනු ලැබේ.
සියලු දුෂ්ටත්වයන්ගේ මූල බීජය ලෙස සලකනු ලබන ලෝහ ප්‍රතික්ෂේපකරන බැප්ටිස්ට්වරුන්ගෙන් පැවත4 එන්නන් විසින් පවත්වාගෙන යන ආගමික පූජාවක් තුල මාගරට් ආරක්ෂාව සොයාගනී. සාමාන්‍ය වටපිටාව මිථ්‍යාදෘෂ්ටියේ හා අවිද්‍යාවේ එකකි.
තමන් අල්ලාගත් අයගෙන් මිදී එන ෆ්රෑන්ක්ලින් මාගරට් සමග යලි එකතුවී දෙදෙනාම යන්තම් උසස් තාක්ෂනික මට්ටමක වැඩ කරමින් බෝට්ටු ගමන් කිහිපදෙනෙකුට පමනක් සපයන මිනිසුන් සිටින වෙරලක් බලා ගමන් අරඹයි. යලි මාරක නිවාසය කරා එන දෙදෙනා නව දිවියක් අරඹති.
ෆ්රෑන්ක්ලින් සහ මාගරට් පරස්පරවිරෝධී හෝ සංකීර්න චරිත නොවෙති. විනිවිද නොපෙනෙන හේතුවකට සමස්ත නවකතාව ම පුබුදු කරන්නේ ඔවුන්ගේ ආදර සබඳතාව මගිනි. කෘතිය අවසානයේ දී දෙදෙනා තමන්ට නිදහස් විය හැකි යයි ඔවුන්ට ම කියා ගන්නා නමුත් ඔවුන්ගේ හෝ නිදහස සොයන්නේ යයි පෙනෙන කිසිවකුගේ ඉලක්කයක් ලෙස නිදහස පැවතී නැත.
තථ්‍ය වසයෙන් ගත්කල කෘතියේ එන නැගෙනහිරදිග කරා සංක්‍රමනය - එක්සත් ජනපදයේ ඓතිහාසික ප්‍රසාරනයේ ආපසු හැරීමක් වන්නේ ය.
යන කරුන හැරුනු කොට - එයට හේතු වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.
අභිප්‍රේරනයන්ගේ මෙම අඩුව සමගින් නොගැලපෙන හෝ ආකෘතිමය පරිකල්පන රූප එකට පවතී: උදාහරනයක් ලෙස “ඔහුගේ දෑත් කෙල්ලක් මෙන් සලමින්”යන අපට එතරම් දෙයක් නො කියයි.
ඇත්ත වසයෙන් ම ෆ්රෑන්ක්ලින් හෝ මාගරට් පන්ති ව්‍යුහයක්, සිරිත් විරිත් හෝ සංස්කෘතියක් තිබෙන සමාජයකින් පැමිනෙන්නන් ලෙස නොපෙනේ.
තමන්ගේ වැඩිහිටියන්ට සැලකීමේ (?) “පැරනි ඇමරිකානු” සිරිතක් පිලිබඳව ක්රේස් විස්තර කරන නමුත් එය හදිසියේ කඩාපාත් වන්නක් ලෙස පෙනීම මගින් මෙම මනුෂ්‍යයන් දෙදෙනා හැදී වැඩුනු ලෝකය තර්කානු කූල නිර්මානය කිරීමට ඔහුට පවතින පොදු නොහැකියාව පමනක් ඉස්මතු කොට දක්වයි.
ඊට අමතරව පූර්ව යුදකාමී පරම්පරාවන් විසින් විනාශ කරන ලද ඇමරිකාව සමග මෙම ලෝකයට කිරීමට ඇත්තේ කුමක් ද? කතුවරයාගේ දැනගැනීමට ලක්විය යුතු මෙම සැඟවුනු ඉතිහාසය සුවිශේෂී ලෙස නිර්මානය කර ඇති බවත් නොපෙනේ.
සමූලෝත්පාඨක ඛේදවාචකයකින් වසර සියයකට පසුව ඇමරිකානු සමාජය කෙලෙසින් පෙනී සිටිනු ඇති ද: නවකතාකරුවා සඳහා මෙය සංකීර්න සහ සාරවත් ගැටලුවක් වුවත් ද පෙස්ටිහවුස් තුල දී එම ගැටලුවට ඒත්තු ගන්වන සුලු හෝ ගැඹුරු පිලිතුරක් සඳහා ක්රේස් උත්සාහ දරන්නේ නැත.
තවද එය පවා මුඛ්‍ය ප්‍රශ්නය නො වේ. මැකාති මෙන්ම ක්රේස් ද සමාජ සංවර්ධනයේ නීති පිලිබඳව වඩා අවධානය යෙදුවේ නම්, ජනතාවගේ මනෝභාවයන් පිලිබඳව වඩා අනුරූපී වූයේ නම් මෙතරම් සැහැල්ලු ලෙස එලඹෙන දශකයේ හෝ ශතවර්ෂයේ න්‍යෂ්ටික යුද්ධය, ම්ලේච්ඡත්වය හා ආඥාදායකත්වය පිලිබඳව අනාවැකි පල කරනු ඇත්ද? ද පෙස්ට්හවුස් හා ද රෝඩ් තුල අනාගතය පිලිබඳව තිබෙන ගැටලු ජනනය වන්නේ බොහෝ රචකයන්ට සමකාලීන ලෝකය පිලිබඳව අදහසක් ඇති කර ගැනීමේ දී මතුවන දුෂ්කරතාවයන්ගෙනි.
යුතෝපියානු වේවා ඩිස්ටෝපියානු වේවා ප්‍රබන්ධය තුල එන අනාගතය පිලිබඳ පරිකල්පන රූපය, කතුවරයාට අද්‍යතන අපේක්ෂාන් හා භීතීන් කෙරෙහි පවතින දෘෂ්ටිය පිලිබිඹු කරන බව නොරහසකි. මේවා කාගේ භීතීන් ද? මධ්‍යතන යුගයන්ට හෝ ඊටත් වඩා නරක යුගයන්ට ආපසු යාමක් බලාපොරොත්තු වෙමින් බයාදු ලෙස මුලුගැන්වෙන්නේ ජනගහනයේ කවර කොටස ද? කෘති දෙක ම සෞන්දර්යාත්මකව කිසිවෙක නොයෙදුන බව පෙනේ. ඒවයේ චරිතවල අභිප්‍රායන් එක්කෝ බොහෝ සෙයින් අවවර්ධිතය නැතහොත් නීරසය. ද රෝඩ් තුල දී පියා පුත්‍රයාට “අපි දීප්තිය රැ ගෙන යමින් සිටිමු” යයි කියද්දී ද පෙස්ට්හවුස්හි එක් අර්බුදකාරී අවස්ථාවකදී “අපි යමු. ඉදිරියට යමු. අපට කිරීමට ඉතිරිව ඇත්තේ එයයි.” යනුවෙන් මාගරට් පවසයි. මොවායේ ගැබ්වන්නේ සෞන්දර්යාත්මක කුසීතභාවයකි.
මෙම කෘතිය තුල අප සාක්ෂි දරන්නේ සංස්කෘතිකමය ප්‍රපංචයකට ය: එනම් මහා සමාජ අපේක්ෂාවන් පිලිබඳ අධෛර්්‍යය සම්පන්නභාවයකින් උපන් සාහිත්‍යමය රූපාකාරය වන ඩිස්ටෝපියාව බලාපොරෙත්තු සුන් වූ අතාත්විකත්වයකට එනම් සෞන්දර්යාත්මක බිඳවැටීමකට ලඟා වී ඇත. ක්රේස්ට සහ මැකාතිට අසුභවාදී වීමටත් එම රේඛා දිගේ ආරූඪව යාමටත් අයිතියක් ඇත. අනෙක් අතට ඔවුන්ගේ කෘති මාර්ගයෙන් පිටස්තර විඩාබර හා හිස් ලෙස නම් කොට ලේඛකයන්ට නව ඉදිරි දර්ශනයක් අවශ්‍යයයි නිගමනය කිරීමට අයිතිය ඇත.
සටහන් 1. පාඨකයන්ට මෙම නවකතා තුන Project Guttenberg වෙතින් බාගත හැකිය: A Traveler From Altruria, Looking Backward, News from Nowhere
[මෙය Two novels about America’s future: writers need a new perspective යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
