ඔවුන්ගේ බැංකු පද්ධතියට ඇප දීම සඳහා ඇමරිකානු සහ යුරෝපීය ආන්ඩු පොරොන්දු වීමත් සමග මතු වී තිබෙන ප්‍රකට ප්‍රශ්නය වන්නේ ඔවුන් එම මුදල් ලබා ගන්නේ කොහෙන්ද? විශේෂයෙන්ම, බෙහෙවින්ම නයගැතිව සිටින එක්සත් ජනපදය එහි ආරම්භක ඩොලර් බිලියන 700 වෝල්ස්ටී්‍රට් පැකේජය ආවරනය කිරීම සඳහා පමනක් ඊලඟ වසරේදී ඩොලර් ට්‍රිලියන 1.3 නව බැඳුම්කර නිකුත් කල යුතුව ඇත.
ක්‍රමයෙන් හීන වන මුල්‍ය සම්පත් සමග මුදල් ලබා ගත හැකි මූලාශ්‍රයන් ලෙස ට්‍රිලියන 4.35 විදේශ සංචිත පවතින චීනය සහ සෙසු ආසියාතික රටවල් දෙසට සමහර ඇස් යොමුවී තිබේ.
ඇමරිකාව සහ යුරෝපය සඳහා බිල ගෙවන්නේ කවුදැයි ෆෝබ්ස් සඟරාවේ ඔක්තෝබර් 24 පල වූ ලිපියක අසා ඇති අතර “විදේශිතයන් පලමුව” යනුවෙන් පිලිතුර සපයා ඇත. අවම වශයෙන් දැනට බදු ගෙවන්නන් විසින් ශතයක් වත් නොගෙවිය යුතු බවට පොරොන්දු වෙමින් ජාත්‍යන්තර නය වෙලඳ පොලෙන් මුදල් එකතු කරන බවට ප්‍රන්ස ආන්ඩුව කර තිබූ නිවේදනය එය සනිටුහන් කලේ ය. ආසියාවේ, මැද පෙරදිග සහ රුසියාවේ මහ බැංකු සහ ස්වෛරී ධන අරමුදල් පෙන්නුම් කරමින් “එය නිශ්චිතවම හැකි දෙයකැයි” ෆෝබ්ස් ලිවීය. එක්සත් ජනපද භාන්ඩාගාර සහ ජර්මන් බැඳුම්කර කෙරෙහි යලි යොමුවීම දැනට “ආනාකර්ශනීය” වන නමුත් “චීනය වැනි රටවල්වලට අලුතෙන් නිකුත් කල නය මිලට ගැනීම අවශ්‍ය බව බටහිර ආන්ඩුවලට තවමත අවශ්‍ය බව බටහිර ආන්ඩුවලට විශ්වාසය තබා ගත හැකි” යයි ෆෝබ්ස් වැඩිදුරටත් සඳහන් කලේ ය.
එක්සත් ජනපද ආර්ථිකය - චීන භාන්ඩ සඳහා විශාලම වෙලඳපොල - මෙන්ම යුරෝපීය ආර්ථිකයන්ගේත් වලංගුභාවය සහතික කිරීමේ විශාල මූල්‍යමය අභිප්‍රායක් නිශ්චිතව ම චීනයට තිබේ.
එමෙන්ම ඩොලර් ට්‍රිලියන 1.9 පමන වූ ලෝකයේ විශාලතම විදේශ සංචිත හිමියා ලෙස ඔවුන් ට උපකාර කල හැකි යහපත් තත්වයක සිටිනා බව මතුපිටින් පෙනෙනු ඇත. චීන නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතත් බුෂ්ගේ ඩොලර් බිලියන 700 ඇප දීමේ පැකේජයට මූල්‍යමය උපකාරයක් ලෙස එක්සත් ජනපද නයවලින් තවත් ඩොලර් බිලියන 200 මිලදී ගැනීමට චීන මහජන බැංකුව සලකා බලනු ඇතැයි සමහර වාර්තා ඇඟවුම් කර තිබේ.
කෙසේ නමුත් බීජිනයේ මූල්‍ය බලය බොහෝ සෙයින් සීමිත බව චීනයේ මුදල් සංචිත සම්බන්ධව කරනු ලබන සමීප විභාග කිරීමක් එලිදරව් කරනු ඇත.
එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් සහ ප්‍රධාන වශයෙන් ෆැනී මේ සහ ෆ්‍රෙඩී මැක් වැනි ආන්ඩුවේ පිටුබලය ලත් සංගතවල ඩොලර් වත්කම් තුල දැනටමත් චීනයේ ඩොලර් ට්‍රිලියන 1.9 සංචිතවලින් සියයට 60 සහ 70 අතර ආයෝජනය කර ඇතැයි විශ්ලේෂකයෝ තක්සේරු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද නය මිලදී ගැනීම සඳහා චීනයට ඇත්තේ ඩොලර් බිලියන 600-760 වත්කම් - සමහර ඒවා යුරෝ වත්කම් - පමනකි. මෙය සැප්තැම්බර් මාසයේ අග ඩොලර් ට්‍රිලියන 10කට ඉහල නැගුන - එය 2000 වසරේ මෙන් දෙගුනයකි - එක්සත් ජනපද රාජ්‍ය නයවලින් සුලු කොටසක් පමනි.
අගෝස්තු මාසය වනවිට ජපානයට (ඩොලර් බිලියන 585) සහ චීනයට (ඩො.බි.541) එක්සත් ජනපද භාන්ඩාගාර සුරැකුම්පත්වල විදේශීය තැන්පතුවලින් සියයට 40කට වඩා හිමිව තිබුනි. දැවැන්ත මූල්‍ය අලාභයක් පිලිබඳ භීතිය මධ්‍යයේ පසුගිය වසරේ ඩොලර් බිලියන 600 තරම් ඉහලට නැගී තිබුන තැන්පතු දැනටමත් ජපානය විසින් කප්පාදු කර තිබේ. චීනය එහි ආයෝජන දිගටම වැඩි කරන නමුදු මෙය වොෂින්ටනය කෙරෙහි විශාල අනුග්‍රහය දැක්වීමක් නියෝජනය කරන බවට සමහර නිලධාරින් අදහස් ප්‍රකාශ කර තිබේ. එහි ඩොලර් වත්කම් හීනවන තතු තුල තවදුරටත් එක්සත් ජනපදය නය මිලදී ගැනීම දැවැන්ත මූල්‍ය අලාභයන්ට තුඩු දීම කෙරෙහි බීජිනයේ අවධානය යොමු වී ඇත.
එක්සත් ජනපද සහ යුරෝපීය ඇපදීම් සඳහා අරමුදල්වලට චීනය උපකාර කලත් එහි සහයෝගය අනිවාර්යයයෙන් ම සාදරයෙන් පිලිගැනීමක් සිදු නොවනු ඇත. එක්සත් ජනපදය විදේශ නයකරුවන් මත යැපීම “දේශපාලනිකව ගිලීමට දුෂ්කර වී ඇතැයි”වෝල් ස්ටී්‍රට් ජර්නල් සඟරාව සැප්තැම්බර් 29 පිලිගත්තේය.
සූවස් ඇලේ පාලනය අතහැර දැමීම සඳහා 1956 දී බ්‍රිතාන්‍යයට බල කිරීමේදී “ දෙවන ලෝක යුද්ධයෙන් ආර්ථිකය විනාශභාග් ව පැවති බ්‍රිතාන්‍යය සඳහා මූල්‍ය ආධාර කපා දමන බවට තර්ජනය කිරීමේ” ප්‍රධාන අවිය වොෂින්ටනය විසින් යොදාත් බව එය යලි මතක් කලේය. පශ්චාත් යුද්ධ එක්සත් රාජධානියට වඩා හොඳ තත්වයක එක්සත් ජනපදය සිටිනා බවට සිය පාඨකයන්ට යලි සහතික කිරීමෙන් පසුව වෝල් ස්ටී්‍රට් ජර්නල් මෙසේ සඳහන් කලේ ය. “එසේ වුවත් විදේශ නයකරුවන්ට විශාල ප්‍රමානයක බලපෑම් ඇත. ඔවුන් එක්සත් ජනපද නය අතහැර දැමුව හොත් - හෝ තව දුරටත් මිලදී ගැනීමට අකැමති වුනොත් - භාන්ඩාගාර බිල්පත් මිලදී ගන්නන් ආකර්ශනය කර ගැනීමට අවශ්‍යවූ පොලී රේට්ටු ඉහල යනු ඇත. දැනටමත් දුර්වල වී ඇති එක්සත් ජනපද ආර්ථිකයට තවත් ප්‍රහාරයක් එල්ල වනු ඇත.” යුරෝපියානු අටුවාකරුවන් ද එබඳුම සැක සංකා මතු කර තිබේ. චීනය එහි “ට්‍රිලියන” වියදම් කලොත් ලෝකයට මන්ධාවදමනයක් මඟ හැරියහැකි බවත් ඒ නිසා මහ බලවතුන් 7 සංවිධානයට චීනයත් ඇතුලත් කර ගත යුතු බවට බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ ඇන්ඩෲ ග්‍රැහැම් ඔක්තෝබර් 15 ගාර්ඩියන්හි තර්ක කර තිබුනි.
කෙසේ නමුත් “ඇංග්ලෝ - සැක්සන් මොඩලයේ ” වියදමින් චීනය එහි බලපෑම වැඩි කර ගනු ඇතැයි ඔහු පිලිගත්තේ ය. ඔක්තෝබර් 15 “ චීනය බටහිරට ඇප දෙනු ඇතිද?” යන ශීර්ෂ පාඨය යටතේ පල කෙරුන බීබීසී වාර්තාවක් අවසන් කෙරුනේ බීජිනය තමන්ගේ ආර්ථික මන්දගාමී වීම කෙරෙහි වඩාත් යොමු විය යුතු අතර සෙසු රටවලට එහි නය දීම් “එකට ඇදුනු නූල්පොටවල් මෙන් පැමිනිය හැකි” බවත් ප්‍රකාශ කරමිනි.
දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට උත්සාහ කිරීම සඳහා එහි සම්පත් වඩවඩා උපයෝගි කර ගැනීමට චීනයට බලකෙරෙනු ඇත. මෑතම සංඛ්‍යා ලේඛනවලට අනුව චීනයේ දල දේශීය නිෂ්පාදනය මේ වසරේ තුන්වන කාර්තුවේ දී සියයට 9ට පහත වැටුනි. එය අපේක්ෂිත සියයට 9.7 වර්ධනයට වඩා නරක තත්වයක් වූ අතර 2007 සියයට 11.9 වර්ධනයට වඩා බොහෝ පහතට රූටා යාමකි. පසුගිය ඉරිදා පැවති චීන අමාත්‍ය මන්ඩලය රැස්වීමක් ඉහල වර්ධන අනුපාතයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගතයුතුබව ඉල්ලා සිටියේ ය. ගනු ලැබියහැකි පියවරවලට ඇතුලත්වීමට ඉඩ ඇත්තේ පොලී අනුපාත සහ බැංකු නය අනුපාත කැපීම, අපනය භාන්ඩ සඳහා බදු අඩු කිරීම, ගොවීන් සඳහා සහනාධාර සහ යටිතල පහසුකම් සඳහා වියදම් ඉහල දැමීම ය. ස්ටෑන්ඩඩ් චාර්ටඩ් චයිනා ආර්ථික විද්‍යාඥ ස්ටෙපන් ග්‍රීන්ට අනුව මෙම උත්තේජක පැකේජයට ගෙවීම සඳහා මුදල් අමාත්‍යංශය රටේ මහ බැංකුවේ ඩොලර් බිලියන 400 තැන්පත් කර ඇත. විරැකියාවේ තියුනු නැගීමක් සහ සමාජ පිපිරීමක් වැලැක්වීම සඳහා චීන ආර්ථික වර්ධනයේ ප්‍රමානවත් තරම් වේගයක් පවත්වා ගැනීමට කොපමන මුදලක් අවශ්‍ය වනු ඇත්දැයි වෙන් කර ඇති ඉහත මුදල් ප්‍රමානය ඉඟියක් සපයයි.
මූඩීස් ඉකොනොමික් ඩොට් කොම් හි ආර්ථික විද්‍යාඥයෙකුට අනුව චීනයේ ආර්ථික වර්ධනය සියයට 8ට වඩා අඩුවීම - සෙසු රටවල්වලට වඩා තවමත් ඉතා ඉහල මට්ටමක පවතින - වසරකට රැකියා මිලියන 24ක් උත්පාදනය කල යුතු හෙයින් “දියුනු ආර්ථිකයන්ගේ අවපාතයකට සමාන වනු ඇත.” ගොල් ය අර්බ ී දයක ු ් දරන හරිමින් පවතින අර්බුදය ප්‍රාථමිකව ම ඇමරිකානු හෝ යුරෝපියානු එකක් නොවේ. එය ස්වභාවයෙන්ම ගෝලීය වන අතර චීනය කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල දීර්ඝකාලීන ආර්ථික සබඳතා බිඳ වැටෙමින් පවතී. පසුගිය දශක දෙක තුල ලෝකය පුරා සංගතවල ජවය හීනවී යන ලාබ රේට්ටු ඉහල දැමීමේ ප්‍රධාන ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස චීනය ඉස්මතු විය. ඔවුන්ගේ මුදල්වල වටිනාකම පහත මට්ටමක තබා ගනිමින් චීනයට ජපානය සහ සෙසු ආසියානු රටවල් ඔවුන්ගේ දැවැන්ත අපනයන ඉපයීම් එක්සත් ජනපදයට යලි හරවා යැවීය. එය එක්සත් ජනපදයේ දැවැන්ත වෙලඳ සහ අයවැය පරතරයට අරමුදල් සැපයීමට උපකාර විය. රටතුලට මුදල් ගලා ඒමේ ලාබ නය පිලිවෙතක් පවත්වාගෙන යාමට එක්සත් ජනපද මහ බැංකුවට හැකියාව ලබා දුන්නේ ය. එය එක්සත් ජනපදය තුල නිවාස බුබුලට සහ නය මත දුවන පරිභෝජනයට ඉන්ධන සැපයූ අතර අනෙක් අතට චීන භාන්ඩ සඳහා වෙලඳපොලක් නඩත්තු කලේ ය.
මෙම සන්තතීන්ගේ බිඳ වැටීම ඇමරිකාවට පමනක් නොව චීනයට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇත.
වත්කම් එකතුකල කොාන්දේසි තුල චීන නිෂ්පාදන කර්මාන්තය මුලුමනින්ම වාගේ දැන් පවතින්නේ ඇමරිකානු මට්ටමට සමානවය. නමුත් එහි ඒක පුද්ගල ආදායම වර්ගීකරනය කෙරී ඇත්තේ ලෝකයේ සියවන ස්ථානයට ය. ඇමරිකාවේ මිලියන 300ක් ජනයා ඩොලර් ට්‍රිලියන 9.7ක් පරිභෝජනය කිරීම හා සැසඳීමේ දී එහි බිලියන 1.3ක් ජනයා 2007 පරිභෝජනය කර ඇත්තේ ඩොලර් ට්‍රිලියන 1.2කි. වෙනත් වචනවලින් කියතොත් චීන කර්මාන්ත ගොඩනගා ඇත්තේ සීමාසහිත දේශීය වෙලඳපොලට වඩා විදේශ වෙලඳපොලවල් සඳහා ය.
එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මන්දාවධමනයත් පිම්බෙන භාන්ඩ තොග ලේඛන, පහත වැටෙන මිල ගනන්, වැඩ පොලවල් වසා දැමීම සහ නාටකාකාර ලෙස ඉහල යන විරැකියාවට මග පාදමින් චීනය තුලඅනිවාර්යයෙන්ම දැවැන්ත අධිධාරිතාවක් නිර්මානය කරනු ඇත.
සමාජ නොසන්සුන්කම දැනටමත් ඉස්මතු වෙමින් තිබේ. චීනය ලෝකයේ සෙල්ලම්බඩුවලින් සියයට 70ක් නිෂ්පාදනය කරන නමුදු මේ වසරේ පලමු මාස 7 තුල රටේ සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවලින් භාගයකට වඩා ඒවායේ නිෂ්පාදනය නතර කර ඇත. කම්කරුවන් 6,500 රැකියා අහිමි කරමින් පසුගිය සතියේ හොං කොංහි පාදක ප්‍රධාන සෙල්ලම්බඩු නිපදවන ආයතනයක් වූ ස්මාර්ට් යුනියන් බංකොලොත් විය. එය සිදු වූයේ හොං කොංහි හි පිහිටි විදුලි උපකරන නිෂ්පාදනය කරන බීඊපී ආයතනය රැකියා 1500ක් කප්පාදු කරන බව නිවේදනය කිරීමෙන් පසුව ය. දස දහස් ගනනක් කම්කරුවෝ විරෝධතාවලට අවතීර්නවූ අතර ඒවා අත් හිටුවනු ලැබුවේ ඔවුන්ගේ වැටුප් ගෙවීමට බලධාරින් පොරොන්දු වීමෙන් පසුවය. නමුත් දොට්ට දමන දසදහස් ගනන් හෝ දශ ලක්ෂ ගනන් කම්කරුවන්ට ආන්ඩුව ගෙවන්නේ කොහොමද? රැකියා අහිමිවීමේ හිමපතනයක් දැනටමත් ක්ෂිතිජයට පැමින ඇත. කම්කරුවන් මිලියන 2.5 රැ කියා අහිමි කරමින් චීනයේ ප්‍රධාන අපනයන කලාපවලින් එකක් වූ පර්ල් රිවර් ඩෙල්ටාවේ හොං කොං විසින් ආයෝජනය කල මධ්‍යම සහ කුඩා ප්‍රමානයේ සමාගම් 25ක් පමන ජනවාරි මාසය වනවිට වසා දමන බව හොං කොං කර්මාන්ත මංඩලයේ සභාපති චෙන් චෙන්ග්-ජෙන් ඔක්තෝබර් 19 සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පතට පැවසී ය. කලාපය තුල දශ ලක්ෂ 45 කම්කරුවන් අතර පුලුල් ව පැතිරුනු නොසන්සුන්තාවයක තර්ජනයක් මුදා හැරීමේ අන්තරාය මතු කරමින් පර්ල් රිවර් ඩෙල්ටාවේ සෙසු විදේශ ආයෝජකයෝ ද එබඳු ම අපහසුතාවලට මුහුන දෙති. ෂැන්හයි අවට කේන්ද්‍රගත වූ යැන්ග්ට්සි රිවර් ඩෙල්ටා වැනි සෙසු නිෂ්පාදන කලාපවල තත්වය ද ඊට වෙනස් නැත.
සමපේක්ෂන ප්‍රාග්ධනය පිටතට ගලා යාම වැඩිවීමත් සමග ගෝලීය මූල්‍ය අර්බුදය චීනය තුල අස්ථාවරත්වයක් නිෂ්පාදනය කිරීමේ සලකුනු ද ඉස්මතු කරනු ලබයි. ජූලි මාසයෙන් පසු සෑම මාසයකම “හදිසි මුදල්” ඩොලර් බිලියන 10-20 අතර ප්‍රමානයක් චීනයෙන් පිටතට ගොස් ඇති බව සොසයිටේ ජෙනරාල් එස්ඒ සංවිධානයේ ප්‍රධාන ආසියානු ආර්ථික විද්‍යාඥ ග්ලෙන් මැගුයිරේ බ්ලුම්බර්ග් ඩොට්කොම් වෙබ් අඩවියට පැවසීය. ඩොලරයට ප්‍රතිමුඛව සැලකියයුතු මට්ටමකින් යුවාන් මුදල දුර්වල වුනොත් 1997-98 ආසියානු අර්බුදයට සමාන මූල්‍ය අර්බුදයකට තුඩු දෙන දැවැන්ත ප්‍රාග්ධන පිටතට ගලා යාමක් සිදු විය හැකි බවට චීන මහ බැංකුව ජූනි මාසයේ අනතුරු ඇඟවීය.
ලෝක මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට උපකාර වීම සඳහා ඊලඟ මාසයේ කැඳවුම් කර ඇති මහ බලවතුන් 20 සමුලුවේදී බීජිනය මතට දැවැන්ත පීඩනයක් ගෙන ඒම ගැන සැකයක් නැත. කෙසේ නමුත් තමන්ගේ ම ආර්ථික සහ මූල්‍ය අර්බුද වඩවඩා සමීප වන තතු තුල මානසික කනස්සල්ලට පත්ව සිටින චීන තන්ත්‍රයට අවශ්‍ය තරම් මුදල් තිබුනත් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ දැවැන්ත ඇපදීම්වලට කරදීමට හැකි තත්වයක නැත. සමාජ වියදම් බරපතල ලෙස කප්පාදු කිරීම් සහ ජීවන තත්වයන් පහත වැටීමේ ස්වරූපයෙන් එක්සත් ජනපදය සහ යුරෝපය තුල කම්කරුවන් විසින් මෙම පැකේජවල, දැවැන්ත වියදම දැරීමට සිදුවනු ඇත. එමෙන්ම චීනයේ කම්කරුවන්ට ද විරැකියාවේ දැවැන්ත ඉහල යාමක් සහ දරිද්‍රතාව මගින් ගෝලීය ධනවාදයේ අරාජකත්වයට ගෙවීමට බලකෙරෙනු ඇත.
[මෙය 2008 ඔක්තෝබර් 23 වැනි දින Can China fund the US and European bailouts? යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
