ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ බැරී ග්‍රේ 2008 අගෝස්තු 9 දා සසප ආරම්භක සම්මේලනයට ඉදිරිපත් කල වාර්තාවේ පලමු වන කොටස පහත පල කෙරේ. එම සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන ලියවිලි අපි දැනටමත් පල කර ඇත්තෙමු.
මෙම සම්මේලනය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ඉදිරි වර්ධනයක් නියෝජනය කරයි. එය කම්කරු පන්තියේ ම දේශපාලන විඥානයේ වර්ධනය අති මූලික මට්ටමකින් ප්‍රකාශයට පත් කරයි.
සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවනු ලබන්නේ දෘඩතර ම හා අතිශයින් ම සප්‍රතිපත්තික න්‍යායික හා දේශපාලන පදනම් මත ය. සම්මේලනය විසින් සම්මත කෙරෙන ලියවිලි -- 'සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ' සහ සසප 'ප්‍රතිපත්ති ප්‍රකාශනය ' -- මාක්ස්වාදය සඳහා වන සමස්ත ඓතිහාසික අරගලය ම සමග සසපයේ හා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පවත්නා අඛන්ඩතාව තහවුරු කරයි. ශත වර්ෂයකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ හා සමාජවාදී ව්‍යාපාරයේ මූලෝපායික අත්දැකීම්වලින් උකහා ගැනුනු මූලික දේශපාලන හා න්‍යායික පාඩම් සියල්ල ම මෙම ප්‍රකාශන මගින් සාරාංශ ගත කෙරේ.
විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ වර්ධනයෙහි එවන් සන්ධිස්ථානයකට ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදය තුල ගැඹුරු වෛෂයික මූලයන් පැවතිය යුතු ය.
තථ්‍ය වසයෙන් ගත් කල, අප මෙම සම්මේලනය පවත්වන්නේ, ලෝක ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් අතර තුරය. එක්සත් ජනපදයේ නිවාස හා නය බුබුල කඩාවැටීම, දැන් පුලුල් ලෙස පිලිගන්නා පරිදි, මහා අවපාතයෙන් පසුව මේ දක්වා පැවති දැවැන්තම මූල්‍ය අර්බුදය බවට ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. ආන්ඩු, මහ බැංකු හා අර්ථශාස්ත්‍රඥයන් සමත්ව ඇත්තේ, එක්සත් ජනපද මූල්‍ය දියවී යාමේ ප්‍රතිවිපාක කෙතරම් උත්ප්‍රේරාත්මක වනු ඇති ද යන්න අනුමාන කිරීමට පමනි. එහෙත් පැවතිය හැකි හොඳම කොන්දේසි යටතේ පවා, ලෝක ආර්ථිකය එක තැන පල්වීමේ හා මූල්‍ය කලබගෑනිවල දිග්ගැසුනු කාල පරිච්ඡේදයකට ඇද වැටී ඇත යන්න, පිලිගැනීමට ඔවුන්ට බල කෙරී ඇත. කෙටි කාලීන ප්‍රතිඵලය කුමක් වුව ද, වත්මන් අර්බුදය, ජාත්‍යන්තරව හා අන් සියල්ලට මත් වඩා එක්සත් ජනපදය තුල ම, ඇමරිකානු ධනවාදයේ විශ්වාසනීයත්වයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නව අවපාතයක් තුලට ලෝකය ඇද දමන මූල්‍ය කලබගෑනියක යථා ශක්‍යතාවක් ඒ තුල අන්තර්ගතය.
පසුගිය වසරේ සිද්ධීන් එක්සත් ජනපදයේ දැවැන්ත කඩාවැටීම තියුනුම ආකාරයකින් එලිදරව් කර තිබේ.
හදිසියේ ම, ලෝකයාගේ ඇස් ඉදිරියේ, අභ්‍යන්තර කුනුවීමේ දශක ගනනාවක දීර්ඝ ක්‍රියාදාමයක ප්‍රතිවිපාක කටුව බිඳ ගෙන මතු වූයේ ඉතිහාසය තුල පෙර නොවූ විරූ මට්ටමක මූල්‍ය පරපුටු භාවය හා සාපරාධී ස්වභාවය එලිමහනට ගෙන එමිනි. එවන් සිද්ධීහු මහජනතාවගේ විඥානය ගැඹුරට ම විනිවිද ඔවුන්ගේ දේශපාලන දිශාවනිතියේ ප්‍රගාඪ වෙනසකට අනිවාර්්‍යයෙන් ම තුඩු දෙති. එවන් වෙනස්කම්වල ශීඝ්‍රත්වය හා ප්‍රචන්ඩත්වය, කුඩු පට්ටම් කෙරෙන මිථ්‍යාවන්ගේ පරිමානයට සහ පැරනි මිථ්‍යාවන්ගේ වපරිසයට සමානුපාතික සම්බන්ධතාවක් දැරිය යුතුය.
නිදහස් වෙලඳ පොලේ, පුද්ගලික ව්‍යවසායේ හා පෞද්ගලික ස්වයං-පරායත්ත භාවයේ සුභාරංචිය වඩාත් ම ස්ථිරසාරව දේශනා කල පාලක පන්තිය, මිලියන ගනන් ජනයාට සිය නිවාස අහිමි වෙද්දී සහ දරිද්‍රතාව, විරැකියාව, ලෙඩ රෝග සහ නූගත්කම වර්ධනය වෙද්දී, ඩොලර් ට්‍රිලියන ගනනින් වියදම් කරමින් වෝල් වීදියේ යෝධයන්ට ඇප දීමට වලි කන තතු තුල, ඇමරිකානු සමාජය මත ආධිපත්‍යය දරන පන්ති භේදයන් වසං කිරීම තව දුරටත් කල නොහැකි ය.
මෙම ගැටලුවලට තර්කානුකුල හා ප්‍රගතිශීලී ආකාරයකින් ආමන්ත්‍රනය කරන කිසිදු ඉදිරිදර්ශනයක් පාලක පන්තියට හා එහි ඇටුවම් බැහැපු ද්වි-පක්ෂ ක්‍රමයට ඇත්තේ නැත. ඔවුන්ගේ කේන්ද්‍රීය උත්සුකය ලෙස පවතින්නේ ධනවත් ප්‍රභූවක් තව තවත් ධනයෙන්ආඪ්‍ය කිරීමයි. මහජනතාවගේ ඡන්ද අයිතිය තථ්‍ය ලෙස අහිමි කෙරුනු, මහා ව්‍යාපාරිකයන්ගේ දක්ෂිනාංශික පක්ෂ දෙක අතර පැවැත්වෙන චාරිත්‍රානුකුල හා වාචාල තරඟ බවට මැතිවරන ලඝු කෙරී තිබේ. ඇමරිකානු ධනවාදයේ අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරයක් තිබේ: එනම්, ප්‍රදේශ අල්ලා ගැනීමේ හා කොල්ලකෑමේ නොනවතින යුද්ධ මාලාවකි.
'ත්‍රස්ත විරෝධී යුද්ධය ' නමැති ප්‍රබන්ධය යටතේ එක්සත් ජනපද පාලක පන්තියේ අභිප්‍රාය වී ඇත්තේ, භීතිය ඇවිස්සීමේ හා මර්දනයේ සංයෝජනයක් මගින් ඇමරිකානු ජනතාව අලලා ගැනීම පිනිස ඔවුන් බිය ගැන්වීමේ යෙදෙන ගමන් ලෝකයේ මහජනතාව හා සම්පත් මත පය ගසාගැනීම පිනිස සිය උමතු ගාමකය උත්සන්න කිරීම යි. එක්සත් ජනපදයේ පරිහානිය පෙන්නුම් කරන එක් දර්ශකයක් නම් මෙයයි: මීට හැත්තෑපස් වසරකට ඉහත දී මහා අවපාතය මධ්‍යයේ, සමාජ ප්‍රතිසංස්කරන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය සම්පත් ඇමරිකානු ධනවාදය සතුව ඒ වනවිට පැවති තතු හමුවේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ප්‍රකාශ කලේ, 'භීතියට භීතියම මිස වෙනත් හේතුවක් නැති ' බව යි.
අද පාලක පන්තියේ මන්ත්‍රය වන්නේ, 'භීතිය හැර අන් කිසිවක් නැත. ' යන්නයි.
එක්සත් ජනපදයේ කඩා වැටීම වනාහි ලෝක ධනවාදී අර්බුදයේ වඩාත්ම සංකේන්ද්‍රිත ප්‍රකාශනය යි.
ඇමරිකානු ධනවාදයේ දැවැන්ත කාර්මික ශක්තිය හා මූල්‍ය සම්පත්, ස්ටැලින්වාදී නිලධරය විසින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව කරන ලද දේශපාලන පාවාදීම් මත පාදකව, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ධනවාදය යලි නගා සිටුවීමේ හැකියාව එයට ලබා දුනි. එය පෝෂනය කල ජාත්‍යන්තර සබඳතාවන්ගේ හා ආර්ථික ප්‍රසාරනයේ පශ්චාත්-යුද පද්ධතිය ඇමරිකානු ධනේශ්වරය විසින් සංවිධානය කරන ලද්දේ, 1914 පටන් අඛන්ඩව පැවතී අසමතුලිතතාවයේ, අවපාතයේ, යුද්ධයේ හා විප්ලවයේ කොන්දේසි කරා යලි ඇදවැටීමක් වලක්වා ඇමරිකානු ධනවාදයේ ප්‍රසාරනය සඳහා හිතකර රාමුවක් නිර්මානය කරගනු පිනිස ය. එක්සත් ජනපදය ජාත්‍යන්තර ධනවාදී ස්ථාවරත්වය සඳහා ප්‍රධාන සාධකය විය. සිය කාර්මික සුපිරි බලය හා මූල්‍ය ශක්‍යතාවය එක්සත් ජනපදයට අහිමි වීම එවන් කාර්ය භාරයක් ඉටු කිරීමේ එහි හැකියාව නැති කර තිබේ. එයට ප්‍රතිකූලව, ඇමරිකානු ධනවාදය ලෝක ධනේශ්වර අස්ථායිකරනයේ දැවැන්තම සාධකය බවට පත්ව ඇත.
වඩා පුලුල් ගැටුමක තියුනු තර්ජනාත්මක ඇඟවුම් සහිත යුද්ධයක් ජෝර්ජියාව හා රුසියාව අතර පුපුරායාම, අධිපතිවාදී විදේශ පිලිවෙතක් අනුගමනය කිරීමෙහි ලා නොඉවසිලි සහගත හා යුදවාදී විධික්‍රම යොදා ගැනීම මගින් සිය අර්බුදය විසඳා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන ්ප්‍රයත්නයන්ගේ ප්‍රතිවිපාක පිලිබඳ මෑතම නිදසුන පමනි.
ඇමරිකානු ධනවාදයේ කුනුවීම ගෙන ඇති සුවිශේෂී රූපාකාරය අති මහත් අර්ථභාරයක් දරයි. තමන් මිලට ගන්නා වත්කම් වල නියම වටිනාකම නොදන්නා ගැනුම්කරුවන් මෙන්ම , වඩ වඩාත් ආගන්තුක හා අපැහැදිලි මූල්‍ය උපකරනවල -- සීඩීඕ, එස්අයිවී, නය ගෙවීම පැහැර හැරීමේ ආදේශක -- ප්‍රවර්ධනය මගින් දැක්වෙන්නේ. ධන සමුච්චය සැබෑ වටිනාකම නිෂ්පාදනයෙන් මුලුමනින් ම පාහේ වෙන් කෙරුනු ආර්ථික ක්‍රියාදාමයකි. මෙය වනාහි, 1916 දී ලෙනින් මියෑදෙන ධනවාදයේ සාරභූත ගති ලක්ෂනයක් ලෙස අර්ථදැක්වූ මූල්‍ය පරපුටුභාවයේ සාරය යි. ඇමරිකානු ධනේශ්වරයේ පරපුටුභාවයේ අති මහත් පරිමානය, ලෙනින්ගේ කාලයේ පැවති මොනම තත්වයකටත් වඩා කිහිප ගුනයකින් ඉහල ය.
මූල්‍ය සමපේක්ෂනයේ වර්ධනය ඉදිරියට ගොස් ඇත්තේ, ඇමරිකානු කර්මාන්තයේ විශාල කොටස් බිඳවිසුරුවීම සහ නිෂ්පාදනය ලෝකය වටා පිහිටි ලාභශ්‍රම කලාප කරා මාරු කිරීම සමග ඇත්වැල් බැඳ ගෙන සහ ඒවායේ අවශ්‍ය අනුපූරකය ලෙස ය. ඇමරිකානු සමාජයේ නිෂ්පාදන පදනමේ මෙම ඛාදනය එක්සත් ජනපදයේ කඩාවැටීමෙහි තියුනුම ප්‍රකාශනය යි.
ඇත්ත වසයෙන් ම, ඇමරිකානු ධනපති පන්තිය කිසිදාක මූල්‍ය පරපුටුභාවයෙන් තොර වූයේ නැත.
එහෙත් පසුගිය ශත වර්ෂය එලඹීමත් සමග ම, ඇමරිකානු ධනවාදයේ නැගීම සහ අධිරාජ්‍යවාදී බලයක් ලෙස එහි මතුවීම මුල් බැස ගත්තේ, එහි කර්මාන්ත ක්ෂේත්‍රයේ අති මහත් බලය හා නිෂ්පාදන ඵලදායිතාව තුල ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නැගීමට පිටුපසින් පැවති ගාමක බලය වූයේ, සිවිල් යුද්ධයෙන් අනතුරුව සිදු වූ නිෂ්පාදන බලවේගවල අති මහත් වර්ධනය යි. මෙය පෙර නොවූ විරූ පරිමානයක ධනවාදී ප්‍රසාරනයක් නියෝජනය කලේ ය. නව කාර්මික ක්‍රියාදාමයන් (සම්මත පොදු යන්ත්‍ර කොටස් හා පිරිද්දුම් පේලි නිෂ්පාදනය) සහ කාර්මික කලමනාකරනයේ නව රූපාකාර වර්ධනය කෙරුනු අතර නව මූල්‍ය ව්‍යුහයන් හඳුන්වා දෙන ලදි. ඇමරිකානු ධනවාදයේ හිමිකම් දේහානුරූප කිරීමට පැමිනි පවුල් හැටේ ධනය බොහෝ සෙයින් බැඳී පැවතුනේ, කාර්මික හා සෙසු නිෂ්පාදන ක්ෂේත්‍ර තුල අධිරාජ්‍යයන් වර්ධනය කිරීම සමග ය: වානේ කර්මාන්තයේ කාර්නෙගී, තෙල් ක්ෂේත්‍රයේ රොකෆෙලර්, මෝටර් රථ කර්මාන්තයේ ෆෝඩ්.
1930 ගනන්වල ලෝක අවපාතය නිර්මානය කල ආර්ථික අර්බුදයේ අපකෙන්ද්‍රය වූයේ යුරෝපීය ධනවාදයේ කඩාවැටීම යි. යුරෝපය පලමු වන ලෝක යුද්ධයෙන් සැබැවින් ම ගොඩඒමට කිසිදා සමත් වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදයට සිය අතිරික්ත භාන්ඩ හා අතිරික්ත ප්‍රාග්ධනය සඳහා ප්‍රමානවත් වෙලඳ පොලවල් නැති විය. එක්සත් ජනපදයේ අර්බුදය ජයගනු ලැබුවේ දෙවන ලෝකයුද්ධය සඳහා වූ යුද නිෂ්පාදනය මගින් සම්පාදනය කෙරුනු අතිමහත් උත්තේජකය මගින් ම පමනි. යුද්ධය තුල දී, එක්සත් ජනපදය සිය වැඩි දියුනු නිෂ්පාදන විධික්‍රමවල සුපිරි භාවය ප්‍රදර්ශනය කලේ, ගුවන් යානා, නැව්, යුද ටැංකි හා උන්ඩ නිෂ්පාදනයෙහිලා සහ ඔවුන්ගේ සොල්දාදුවන්ට අවශ්‍ය ආහාර හා උපකරන සම්පාදනයෙහිලා ජර්මනියේ හා ජපානයේ ධාරිතාව ඉක්මවා බොහෝ දුර යමිනි. යුද්ධයේ අවසානය වන විට, ඇමරිකානු ධනවාදයේ සුපිරි බලය මුල් බැස තිබුනේ, එහි මිලිටරි සුපිරි භාවයට වඩා එහි කාර්මික ශක්තිය තුල ය.
යුද්ධයෙන් පසු දශකය තුල ඇමරිකානු කර්මාන්ත ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පෙන්නුම් කල දර්ශක සමහරක් මෙසේ ය: ලෝකය පුරා අලෙවි කෙරුනු සෑම මෝටර් රථ පහකින් හතරක් එක්සත් ජනපදයේ නිෂ්පාදනය කල ඒවා විය. ලෝක ජනගහනයෙන් සියයට 6ක් වාසය කල ඇමරිකාව ලෝකයේ භාන්ඩවලින් හරි අඩක් නිපදවූවාක් මෙන්ම පරිභෝජනය ද කලේ ය.
ඇමරිකාවේ දල දේශීය නිෂ්පාදිතය 1940 දී ඩොලර් බිලියන 100 සිට 1950 දී 300 හා 1960 දී 500 දක්වා ද නැගුනි.
එක්සත් ජනපදය, පශ්චාත් යුද කාලීන උත්පාත කාල පරිච්ජේදයේ කාර්මික අධිපති බලයේ සිට අද ගෝලීය මූල්‍ය පරපුටු භාවයේ දැවැන්ත ලෙස පැද්දෙන, කාර්මික රක්තහීනතාවයේ කේන්ද්‍රය බවට පරිවර්තනය වීමේ ක්‍රියාදාමය කුමක් වී ද? මූලිකවම ඇමරිකානු අධිරාජ්‍යවාදය ගීලී ඇත්තේ, ලෝක ආර්ථිකයත් ධනවාදී ආර්ථිකයන් වර්ධනය විය යුතු ජාතික-රාජ්‍ය පද්ධතියත් අතර පවත්නා ප්‍රතිඝතිතතා තුල ය. අවසාන විග්‍රහයේ දී, එකදු තනි ධනපති රාජ්‍යයක් වත්, එක්සත් ජනපදය වැනි ධනවත් රාජ්‍යයක් පවා, ගෝලීය ධනවාදයේ ගැටලු විසඳාලීමට සමත් නොවේ.
එක්සත් ජනපදය විසින් ගොඩනගන ලද පශ්චාත් යුද කාලීන ආර්ථික පර්යාය එහි ආරම්භයේ පටන් ම මාරාන්තික ප්‍රතිවිරෝධතාවක් ගැබ් කර ගත්තේ ය. එය නියෝජනය කලේ, වඩාත් ම බලගතු ධනපති රාජ්‍යයේ ශක්තියෙහි හා ආධිපත්‍යයෙහි පදනම මත ලෝක ධනවාදී ක්‍රමයේ පොදු ඓතිහාසික කඩාවැටීම ජයගැනීමේ ප්‍රයත්නයකි. එහෙත්, ඇමරිකානු ධනවාදය සිය අපනයන සඳහා වෙලඳ පොල්වල්, සිය ප්‍රාග්ධනය සඳහා ආයෝජන බිම් සහ සිය කර්මාන්ත සඳහා අමු ද්‍රව්‍ය හා ශ්‍රම බල මූලාශ්‍ර සපයා ගනු පිනිස පාදක වූ යුරෝපයේ හා ජපානයේ පශ්චාත් යුද කාලීන ප්‍රතිනිර්මානයේ සාර්ථකත්වය ම, පශ්චාත් යුද කාලීන පර්යාය පාදක වූ ඇමරිකානු ධනවාදය සිය ප්‍රතිවාදීන් මත්තෙහි පැවති දැවැන්ත ආධිපත්‍යයෙහි ක්ෂය වීමක් නොවැලැක්විය හැකි ලෙස ම අඩංගු කර ගත්තේ ය.
යුරෝපීය (විශේෂයෙන් ම ජර්මානු) සහ ජපාන කර්මාන්තවල යලි ගොඩ ඒම හා ප්‍රසාරනය, 1950 ගනන් අග වන විට, ඇමරිකානු කර්මාන්තවල ද සමස්තයක් ලෙස එක්සත් ජනපද ආර්ථිකයේ ද කලින් පැවති අනභිභවනිය සුපිරි බලයට වල කැපීම ආරම්භ කලේ ය.
මෙම මූලික ප්‍රතිවිරෝධතාව ඒ සමඟම, යුද්ධය අවසානයේ පිහිටුවන ලද ගෝලීය මූල්‍ය පද්ධතියේ විනාශය ද ගෙන ආවේය. බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතිය යටතේ, එක්සත් ජනපද ඩොලරය එක විට ජාත්‍යන්තර සංචිතයේ හා වෙලඳාමේ විනිමය ඒකකය ලෙස ද තනි ජාතික රාජ්‍යයක විනිමය ඒකකය ලෙස ද සේවය කිරීමට නියමිත විය. මෙම ප්‍රතිවිරෝධය අවසානයේ 1971 දී බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතියේ බිඳ වැටීමට තුඩු දුනි.
අවසාන විග්‍රහයේ දී, පශ්චාත් යුද කාලීන උත්පාතය වාරු වූයේ ඇමරිකානු නිෂ්පාදන විධික්‍රම භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස වැඩෙන ලාභ අනුපාතිකය මත ය.
කෙසේ වෙතත්, 1960 ගනන් අග වන විට, ලාභ අනුපාතික වැටීම ආරම්භ විය. මෙය 1974-75 දී ප්‍රධාන ගෝලීය ආර්ථික පසුබැස්මකට තුඩු දිය යුතුව තිබුනි.
නියමිත විය. එය වනාහි 1930 ගනන්වලින් පසුව පැමිනි ගැඹුරුතම පසුබැස්ම යි.
සිය අධිරාජ්‍යවාදී ප්‍රතිවාදින්ගෙන් එල්ල වන වැඩෙන තරඟයෙන්, සිය නිෂ්පාදන පදනමේ ලාභදායිත්වය මත වර්ධනය වන පීඩනයෙන් සහ වැඩෙන ඩොලර් අර්බුදයෙන් වට කරනු ලැබ තිබූ ඇමරිකානු ධනේශ්වරය, සිය ප්‍රතිචාරය දැක්වීමේ දී, ඇමරිකානු කම්කරු පන්තියේ අඛන්ඩ සටන්කාමිත්වයේ බාධාවට ද මුහුන දුනි.
වෘත්තීය සමිති නිලධරයේ ප්‍රතිගාමී දේශපාලනය තිබිය දී ම, එක්සත් ජනපද කම්කරුවෝ, සිය වැටුප් හා සේවා කොන්දේසි පහත හෙලීමේ සියලු ප්‍රයත්නයන්ට දරුනු ලෙස ප්‍රතිරෝධය දැක්වූහ. ඔවුන්ගේ ප්‍රතිරෝධයේ බලය හා ශක්තිය බැඳී පැවතියේ ඇමරිකානු කර්මාන්තයේ ම ශක්තිය හා බලය සමග ය.
ඇමරිකානු හා ලෝක ධනවාදය අතර වැඩෙන ආර්ථික ආතතීන් හා අසමතුලිතතා, එක්සත් ජනපදයේ සමාජ සබඳතාවන්ට වඩ වඩා ආතිත සහගත හා පුපුරන සුලු ස්වභාවයක් ලබා දුනි. 1963 දී කෙනඩි ඝාතනය මගින් සංඥා කෙරුනු 1960 ගනන් අඛන්ඩ සමාජ හා දේශපාලන අර්බුදයේ කාල පරිච්ජේදයක් විය.
1960 ගනන් අග හා 1970 ගනන් මුල දක්නට ලැබුනේ, මෝටර් රථ, වානේ, විද්්‍යුත්, වරාය හා තැපැල් ඇතුලු සෑම ආර්ථික අංශයක ම පාහේ හටගත් දිග්ගැසුනු හා තියුනු වර්ජන සටන් ය. වඩාත් ම පීඩිත හා දුගී ස්ථරයන් ද ඇතුලු සමස්ත කම්කරු පන්තියේම අලුත් කොටස්, 1950 ගනන්වල දී බලගතු ලෙස මතුව තිබූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ රූපාකාරයෙන් අරගලයට අවතීර්න විය. පුලුල්ව පැතිරුනු දරිද්‍රතාව සහ විශේෂයෙන් ම සුලුතර කම්කරුවන්ට එරෙහිව එල්ල කෙරුනු පොලිස් මර්දනය, දශකයේ දෙවන භාගයේ4 දී ඇමරිකානු නගර දුසිම් ගනනක් තුල ප්‍රචන්ඩ සමාජ පිපිරීම්වලට තුඩු දුනි. වියට්නාම යුද්ධය කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වයක් අවුලුවා ලු අතර තරුන ශිෂ්‍යයන්ගේ සමස්ත පරම්පරාවක් ම රැඩිකලීකරනය කලේ ය. ඔවුහු එන්ට එන්ටම ඇමරිකානු අධිරාජ්‍යවාදයටත් එහි ද්වි-පක්ෂ ක්‍රමයටත් විරුද්ධව හැරෙමින් විප්ලවවාදී ස්වභාවයක් දරන විකල්ප සෙවූහ.
සමාජ හා දේශපාලන ආතතීන් මැල්කම් එක්ස්, කනිෂ්ඨ මාටින් ලුතර් කිං සහ රොබට් කෙනඩි ඝාතන තුල ලේ වැකි හා කැපී පෙනෙන ප්‍රකාශන අත්පත් කර ගති. වොටර්ගේට් සෝලිය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රයේ වැඩෙන අර්බුදය ද පාලක පන්තියේ කොටස් ආඥාදායක පාලන ආකෘතීන් දෙසට හැරීම ද එලිදරව් කලේ ය. 1974 දී නික්සන්ගේ ඉල්ලා අස්වීම අඛන්ඩව වැඩෙන සමාජ හා දේශපාලන වියවුල පිලිබිඹු කලේ ය.
1970 ගනන් වනාහි, කේන්සියානු හිඟ අය වැය පිලිවෙත් 'ස්ටැග්ෆ්ලේෂන් ' (උද්ධමනය සමග ආර්ථිකය එක තැන පල්වීම) හමුවේ බිඳ වැටුනු කාල පරිච්ජේදය යි. එය වනාහි, එක්සත් ජනපදය තුලට ගලා ආ යුරෝපීය හා ජපාන කාර්මික භාන්ඩ ආනයනවල තියුනු වර්ධනයක් සහ මෝටර් රථ, වානේ, විද්්‍යුත් උපකරන හා සෙසු අංශයන්ගේ ගෝලීය හා එක්සත් ජනපද වෙලඳ පොලවල ඇමරිකානු සමාගම්වල පංඟුවේ ශීඝ්‍ර පල්ලම් බැසීමක් දක්නට ලැබුනු දශකය ද විය. මෝටර් රථ නිෂ්පාදනයෙහි එක්සත් ජනපදයේ කොටස 1965 සියයට 65 සිට 1980 වන විට සියයට 20 දක්වා වැටුනි.
එක්සත් ජනපදය 1955 දී ලෝකයේ වානේවලින් සියයට 39.3 ක් නිපදවී ය. 1975 වන විට එම ප්‍රතිශතය සියයට 16.4 දක්වා කඩා වැටී තිබුනි. 1984 දී එය යන්තම් සියයට 8.4ක් විය.
1979 දී ඩිමොක්‍රැටික් ජනාධිපති ජිමී කාටර් විසින් ෆෙඩරල් සංචිත මන්ඩලයේ (ඇමරිකානු මහ බැංකුවේ) සභාපති ලෙස වෝල් වීදියේ බැංකුකාර පෝල් වෝකර් පත් කරනු ලැබීම, ප්‍රධාන සන්ධිස්ථානයක් විය. එමගින් ඇඟවුම් කලේ, ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම මගින් සිය ධනය හා ජාත්‍යන්තර තත්වය ආරක්ෂා කර ගනු වස් ඇමරිකානු ධනේශ්වරය විසින් ගනු ලැබූ තීන්දුවකි. නව පිලිවෙත (නිව් ඩීල්) යටතේ ආරම්භ කෙරී තිබු සාපේක්ෂ පන්ති සම්මුතියේ හා සමාජ ප්‍රතිසංස්කරනයේ පිලිවෙත්වල නිශ්චිත අවසානය එමගින් සලකුනු කෙරුනි. කේන්ද්‍රීය එල්ලය වූයේ, පෙර වසර 40 තිස්සේ කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබූ ආර්ථික හා සමාජ ජයග්‍රහන ආපසු හැරවීම යි. මෙය සාක්ෂාත් කර ගැනීමට නියමිත වූයේ, ප්‍රමානවත් ඉහල ලාභ අනුපාතිකයක් සම්පාදනය කිරීමට තව දුරටත් අසමත් එක්සත් ජනපද කර්මාන්තවල ප්‍රධාන කොටස් වසා දැමීම ද සමිතිවලට පහර දීමට සහ කම්කරු පන්තියේ සටන්කාමී ප්‍රතිරෝධය බිඳීමට මහජන විරැකියාව ආයුධයක් ලෙස යොදා ගැනීම ද මගිනි. පොලී අනුපාතික සියයට 20ටත් වඩා ඉහල නැංවීම ඇතුලු, 'වෝකර් කම්පනය ' 1930 ගනන්වලින් පසුව පැවති ගැඹුරුතම ආර්ථික පසුබැස්ම සහ ඉහල ම විරැකියා අනුපාතික කරා ඇද දැමීම පිනිස යොදා ගැනුනි.
බිස්නස් වීක් එකල 'ඇමරිකාව නිර්-කාර්මිකකරනය කිරීම ' ලෙස නම් කල මෙම ක්‍රියාදාමය, අයෝජනයේ නිෂ්පාදන රූපාකාරයන්ගේ සිට ධන සමුච්චයේ හුදු සමපෙක්ෂන රූපාකාරයන් වෙත ඇමරිකානු ප්‍රාග්ධනය තීරනාත්මක ලෙස මාරුවීමක් සලකුනු කලේ ය. පලමු වන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ වී අවපාතයේ පලමු වසර ගනනාව දක්වා පැවති ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව ධනේශ්වරය මීට පෙර එල්ල කල ප්‍රහාරය එක්සත් ජනපද කර්මාන්තවල අඛන්ඩ ප්‍රසාරනයක් සමග සම්පාතව තිබූ බව සටහන් කර ගැනීමට අතිශයින් ම වැදගත්ය. එය වනාහි ඇමරිකානු ධනවාදයේ නැගෙන වක්‍රයේ කාල පරිච්ජේදයයි. නව ප්‍රහාරය සිදු වූයේ, වේගවත් වන කඩා වැටීමක සන්දර්භය තුල හා ඇමරිකානු කර්මාන්ත පදනමේ තීරනාත්මක අංශය ප්‍රතිවිරුද්ධ රූපාකාරයක් ගන්නා තතු තුල ය.
රේගන් පාලනාධිකාරිය කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය සහ මූල්‍ය සමපේක්ෂනයට හැරීම යන දෙක ම වේගවත් කලේ ය. 1981 අගෝස්තුවේ දී පැට්කෝ ගුවන් ගමන් පාලකයන් 13,000ක් රේගන් විසින් දොට්ට දමනු ලැබීම, ආර්ථිකයේ සෑම අංශයක් තුල ම සංගත විසින් සමිති බිඳීමේ හා වැටුප් කප්පාදුවේ රැල්ලක් ක්‍රියාවට දැමීම සඳහා සංඥාව විය.
මතු සම්බන්ධයි
[මෙය 2008 ඔක්තෝබර් 13 වැනි දින The revolutionary implications of the decline of American capitalism යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
