ඉදිරිදර්ශන

ඒබ්‍රහම්‌ ලින්කන්‌ සහ චාල්ස්‌ ඩාවින්ගේ ද්විශතසංවත්සරයට ගෞරව කිරීමක්‌

ඒබ්‍රහම් ලින්කන් සහ චාල්ස් ඩාවින් එකම දින එනම් 1809 පෙබරවාරි 12 දා උපත ලැබීම ඉතිහාසයේ අපූර්වතම සම්පාතවීම් අතරට අයත් වේ. ලින්කන් එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා ලෙස, මනුෂ්‍යවර්ගයාගේ දේශපාලනික විමුක්තියට අතිමහත් ප්‍රතිපදානයක් කලේ ය. අනෙක් අතට විද්‍යාත්මක ක්ෂේත්‍රයේ දී ඩාවින් එහි බුද්ධිමය විමුක්තියට යෝධ ප්‍රතිපදානයක් කලේ ය. අද දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනා පිලිබඳ මතකයට සිය උපහාරය පලකර සිටී.

ඒබ්‍රහම් ලින්කන් ඉතිහාසය තුල ඒබ්‍රහම් ලින්කන්ට හිමිතැන රඳා පවත්නේ 1861 සිට 1865 දක්වා පැවති එක්සත් ජනපද සිවිල් යුද්ධයේ ඔහුගේ නායකත්වය සහ වහල් මෙහෙය විනාශ කිරීමට නෛතික පදනම සම්පාදනය කල විමුක්ති ප්‍රකාශය ලිවීමේ දී ඔහුගේ කේන්ද්‍රීය භූමිකාව මත යි. එහෙත් අවසානයේ වහල් මෙහෙය සහ එය මත රඳාසිටි දකුනේ කතිපයාධිකාරය විනාශ කරන ලද්දේ, ඉතිහාසඥ ජේම්ස් මැක්ෆර්සන් ඉතා යෝග්‍ය ලෙස ප්‍රකාශ කොට ඇති පරිදි දීර්ඝකාලීන කන්ඩායමික අරගලය දෙවන ඇමරිකානු විප්ලවය බවට පරිවර්තනය කල එක්සත් ජනපද හමුදා දකුනේදී ලද ජයග්‍රහනය විසින් පමනි.

එක්සත් ජනපද ඉතිහාසයේ අන් කවර චරිතයකටත් වඩා වැඩියෙන් ලින්කන් පිලිබඳව ලියනු ලැබ තිබේ.

ඔහුගේ අත්‍ය’සාමාන්‍ය දේශපාලන ජීවිතයේ සෑම අංශයක් ම පාහේ සවිස්තරව ආවරනය කරනු ලැබ ඇත. ප්‍රතිමූර්තියෙන් සැබෑ පුද්ගලයා වියුක්ත කරගැනීම අසීරු වන පමනට ඔහුගේ නාමය වටා වන පුරාවෘත අධික ය. එහෙත් ලින්කන්ගේ ජීවිතය සහ චරිතය ඔහුගේ සමයේ ශ්‍රේෂ්ටතම ඓතිහාසික ගැටලු, එනම් වහල් ක්‍රමය සහ ජනපදයේ ඉරනම, සමග බැඳී ඇති ආකාරය විශේෂ අවධානයට ලක් කරනු වටී.

නවීන ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම ප්‍රගතිශීලී අරගලවලින් එකක දී ලින්කන් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ය.

මිනිසාගේ සමානත්වය ප්‍රබෝධජනක භාෂාවෙන් ප්‍රකාශයට පත් කර තිබුනා වූ ද සකල දුෂ්ටත්වයන් විනාශ කිරීමට විප්ලවය භාවිතා කිරීම බලාත්මක කොට තිබුනා වූ ද ප්‍රථම ඇමරිකානු විප්ලවය විසින් නො විසඳා ඉතිරි කොට ගොස් තිබුනු අතිමූලික පරස්පර විරෝධයන්ගේ අනම්‍ය ප්‍රකාශනය ලෙස සිවිල් යුද්ධය පැන නැගුනි.

1776 විප්ලවවාදීහු සමානතාවය පිලිබඳ ඝෝෂාවන් සහ වහල් ක්‍රමයේ පැවැත්ම අතර පරස්පර විරෝධය ගැන දැනුවත්ව සිටිය ද “සුවිශේෂී ආයතනය” පිලිබඳ ප්‍රයුක්තියට පැමිනි කල ඔවුහු තම මූලධර්ම සම්මුති ගැස්සවූහ. වහල් ක්‍රමය පිලිබඳ ගැටලුව නියමිත කලට විසඳේ යයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ යි යන්න නිසැක ය. එහෙත් විප්ලවයෙන් පසුව උතුරේ සමාජමය බර සහ කාර්මික ශක්තිය වැඩිවන අතරේ පවා වහල්හිමි පන්තිය රාජ්‍යයේ ආයතනවල තම බලය ක්‍රමයෙන් වැඩි කර ගත්තේ ය.

මුල්කාලීන ජනපදයේ භෞමික ප්‍රසාරනය වහල් සහ නිදහස් ප්‍රාන්තයන් අතර බලයේ සමතුලිතභාවය පිලිබඳ ගැටලුව නො නැවත ඉස්මතු කලේ ය. දකුනේ වැවිලිකාර පන්තිය තම දේශපාලනිකව වරප්‍රසාදිත තත්වය පවත්වාගෙන යාමට ඊර්ෂ්‍යා සහගතව සටන් වැදුනේ නව වහල් භූමිවලට අවම වසයෙන් සංඛ්‍යාවෙන් සහ ඡන්ද බලයෙන් සමාන විය යුතු ය යන ආස්ථානය දරමිනි. වඩ වඩා විකල් වූ දකුනේප්‍රභූව අතර කොටස් කැරීබියන් ප්‍රදේශය දක්වා විහිදෙන වහල් අධිරාජ්‍යයක් පිලිබඳ දැක්ම පවා දරා සිටියේ ය.

ටෙක්සාස් ප්‍රාන්තයේ සිට පැසිෆික් සාගරය දක්වා වූ නව භූමි ප්‍රදේශ සමගින් “වහල් බලය”ට වාසි ගෙනදීම ඉලක්ක කරගත් 1846 මෙක්සිකෝවට එරෙහි ප්‍රකෝපකාරී එක්සත් ජනපද යුද්ධය, අවසානයේ සිවිල් යුද්ධය කරා ධාවනය වූ සිද්ධි මාලාවක් මුදා හැරියේ ය.

එවකට ඉලිනොයිහි සෙනට් සභිකයෙකු වූ ලින්කන්, ව්‍යාජ “මිලිටරි උත්කර්ෂනයක් - ලේවැසි වස්සමින් නැගෙන ආකර්ශනීය යුද දේදුන්නක්” ලෙස හෙලා දකිමින් තම වඩාත් සිත් ගන්නා සුලු කතාවලින් එකක් කලේ මෙම යුද්ධයට ප්‍රතිචාර වසයෙනි. ලින්කන් යුද්ධය පිලිබඳ ජනාධිපති ජේම්ස් කේ. පෝක්ගේ සියලු ව්‍යාජ හේතූන් විචක්ෂනශීලීත්වයට භාජනය කලේ යුද්ධය ව්‍යවස්ථා විරෝධී බව හෙලිදරවු කරමිනි. මෙක්සිකෝඇමරිකන් යුද්ධය අතරවාරයේ පිලිකුලෙන් යුතුව ලින්කන් කොංග්‍රසයෙන් ඉවත් වී ගියේ ඉලිනොයිහි ස්ප්‍රිංෆීල්ඩ් හි යලි නීතිඥ වෘත්තියේ යෙදෙමිනි.

1850 ගනන් තුල දකුනේ ප්‍රභූව ජනාධිපති තනතුර, කොංග්‍රසය සහ ශ්‍රේෂ්ඨාධිකරනය පාලනය කරමින් රාජ්‍ය බලයේ ලීවරයන් මත සිය දේශපාලනික ආධිපත්‍යය තහවුරු කර ගත්තේ ය. එය මෙම බලය ප්‍රකෝපකාරී ක්‍රියාවන්වලට පරිවර්තනය කලේ වඩ වඩා උතුරේ මතය කෝප කරවමිනි.

ඉලිනොයි ඩිමොක්‍රටික් සෙනෙට් සභික ස්ටීවන් ඩග්ලස් විසින් 1854 කන්සාස්-නෙබ්‍රස්කා පනත කොංග්‍රසය තුලින් තල්ලු කර ගත්තේ ය. මෙම නීතිය, “මහජන ස්වාධිපත්‍යය” මත පදනම් වූ උතුරු භූමි ප්‍රදේශයට වහල් ක්‍රමය ප්‍රසාරනය කිරීමට අවසර දෙමින් සහ කන්සාස් ප්‍රදේශයේ වහල් විරෝධී බහුතරය සහ අසල්වැසි මිසූරිහි වහල් හිතවාදී බලයන් අතර සිවිල් යුද්ධයක් නිර්මානය කරමින් 1820 මිසූරි සම්මුතිය අවලංගු කර දැමීය. ඉන් පසු 1857 දී කුප්‍රකට ඩේ‍රඩ් ස්කොට් නඩුව පැමිනි අතර එහි දී අග විනිසුරු රොජර් ටේනිගේ ශ්‍රේෂ්ඨාධිකරනය අප්‍රිකානු පසුබිමක් සහිත ජනයාට ඔවුන් වහල් වුවත් නිදහස් වුවත් පුරවැසියන් හෝ ජනතාවන් ලෙස හිමිකම් නොමැති බවත් එක්සත් ජනපදයේ අනෙකුත් ප්‍රදේශවල වහල් ක්‍රමය අවලංගු කිරීමට කොංග්‍රසයට බලතල නොමැති බවත් තීන්දු කලේ ය.

කන්සාස්-නෙබ්‍රස්කා පනත යලිත් ලින්කන්ව දේශපාලනික ජීවිතයට රැගෙන ආවේ රිපබ්ලිකන් පක්ෂය නිර්මානය කිරීමට ආවේගය ලබා දෙමිනි. 1854 තම පියෝරියා කථාවේ දී ලින්කන්, නව භූමි ප්‍රදේශවලට වහල් ක්‍රමය ප්‍රසාරනය කිරීම කෙරෙහි සිය විරුද්ධත්වය නිරවුල්ව ප්‍රකාශ කලේ ය. එම අවස්ථාවේ සිට ඔහුගේ දේශපාලනික ජනප්‍රියත්වය රිපබ්ලිකන් පක්ෂයේ ජනප්‍රියත්වය සහ ඩේ‍රඩ් ස්කොට් තීරනයෙන් පසු ශක්තිමත් වූ වහල් ක්‍රමයට උතුරුදිග විරුද්ධත්වය සමග එකපෙලට වර්ධනය වූයේ ය.

සෙනෙට් සභාවට රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව පිලිගනිමින් ලින්කන් ඉලිනොයිහි පුරාවෘතමය විවාද මාලාවක දී ඩග්ලස්ට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනේ ය. ඉලිනොයි වැසියෝ දහස් ගනනක් මෙම පැය ගනන් ඇදුනු විවාදවලට සහභාගිවීමට දින ගනනක් සංචාරයේ යෙදුනා හ.

දැවෙන ප්‍රශ්නය වූයේ වහල් ක්‍රමය යි. ඩග්ලස් දකුන සමග සම්මුතිමය පිලිවෙතකට වඩා කැමති වූ අතර ලින්කන් වහල් ක්‍රමයේ සහ කන්සාස් නෙබ්‍රස්කා පනතේ වැඩිදුර ප්‍රසාරනයට එරෙහි විය. සමස්ත ජාතිය පුරා ලින්කන්-ඩග්ලස් විවාද සමීපව අනුගමනය කෙරුනේ ඉතිහාසය හුදෙක් ලින්කන්ව පමනක් නොව උතුරුදිග වැසියන්ව ද තම හස්තයට ගත් බවට ඉඟිකරමිනි. තමන් මැතිවරනයෙන් සුලුවෙන් පරාජය වුව ද ලින්කන් ජාතික දේශපාලනික වැදගත්කමක් සහිත චරිතයක් ලෙස ඉස්මතු විය.

එහෙත් ලින්කන්ව රිපබ්ලිකන් පක්ෂයේ ජාතික දේශපාලන නායකත්වයට වේගයෙන් තල්ලු කලේ 1860 පෙබරවාරි මාසයේ අවසන් භාගයේ නිව් යෝක් නගරයේ දී ඔහු පැවැත්වූ කූපර් යුනියන් කථාව යි.

මෙම කථාව මහජන ස්වාධිපත්‍යය පිලිබඳ ඩග්ලස්ගේ කියාපෑමේ නිෂ්ඵලත්වය දීප්තිමත් සහ ප්‍රවේසම් සහගතව හෙලිදරවු කිරීමකි. එම කථාව හුදෙක් ලින්කන්ගේ බුද්ධිමය බලය පමනක් නොව ඔහුගේ යෝධ දේශපාලනික දක්ෂතාවය ද ප්‍රදර්ශනය කලේ ය. මෙම දක්ෂතා ඔහුට 1860 රිපබ්ලිකන් ජනපති නාමයෝජනා වරනයේ දී වඩා ප්‍රකට අපේක්ෂකයන් වූ නිව් යෝක් සෙනෙට් සභික විලියම් සෙවෝඩ් සහ ඔහියෝ ආන්ඩුකාර සැමන් චේස් අභිබවා යාමට උපකාරී විය.

ලින්කන් 1860 ජනාධිපතිවරන භේදය මාවත් හතරකින් ජයගත්තේ කෙන්ටකිහි ජෝන් බ්‍රෙකින්රිජ් වටා දකුනේ ඩිමොක්‍රටිකයන් පෙලගැසීම නිසා සිය සම්මුතියේ සිහින බිඳ විසුනු වී ගිය ඩිමොක්‍රටික ස්ටීවන් ඩග්ලස් පරාජය කරමිනි. විග් පක්ෂයේ ඉතිරි වූවෝ ජෝන් බෙල්ව නම් කලහ. රටෙහි ධ්‍රැවාන්ත ගතවීම කෙතෙක් ද යත් ලින්කන් නිව් ජර්සි හැර උතුරේ ප්‍රාන්ත සියල්ල ම ජයගත් අතර ප්‍රාන්ත දෙකක් හැර දකුනේ ප්‍රාන්ත සියල්ලෙන් ම ඔහුව ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කරනු ලැබ තිබිනි. ලින්කන්ගේ ජයග්‍රහනයෙන් මාස තුනක් ඇතුලත දකුනේ බොහෝ ප්‍රාන්ත බෙදී වෙන්විය.

1861 අප්‍රේල් මාසයේ දකුනු බලකා සවුත් කැරොලිනාහි ෆෝට් සම්ටර්හි මධ්‍යම මිලිටරි කඳවුරට පහර දුන්හ.

එයට ප්‍රතිචාර වසයෙන් ලින්කන් එතැන් පටන් කැරැ ල්ලක් යනුවෙන් හැඳින්වූ දෙය පරාජය කිරීමට ක්ෂනික මහජන බලමුලුගැන්වීමක් කැඳවුම් කරන ලදී. ඔහු බියජනක දේශපාලනික කර්තව්‍යයකට මුහුන දුන්නේ ය.ජනපදයේ දිගුකල් පැවැත්ම අරභයා සම්මුති ගත වීමට වූ ලින්කන්ගේ අකමැත්ත, දකුනු සන්නද්ධ නැගිටීම පරාජය කිරීම නො හැකි හෝ අඥාන දෙයක් යයි විශ්වාස කල උතුරේ බොහෝ දෙනාගේ අනවබෝධයට සහ විරුද්ධත්වයට ලක්විය. මෙම ප්‍රධාන කාරකාදීන් අතරට අවශ්‍ය අධිෂ්ටානය සමගින් යුද්ධය දියත්කිරීම ප්‍රතික්ෂේප කිරීම ද්‍රෝහීත්වයක මට්ටමට ලඟාවූ මිලිටරි ප්‍රධානී ජෝර්ජ් මැක්ලෙලන් ද ඇතුලු මිලිටරි නිලධරය ද අයත් වූහ.

ලින්කන්ගේ මූලික අධිෂ්ටානය වූයේ ඔහු පෞද්ගලිකව විරුද්ධ වූ වහල් ක්‍රමය විනාශ කිරීම නොව ජනපදය රැකගැනීම බව සුප්‍රකට ය. වහල් ක්‍රමය අහෝසි කිරීමට උත්සුක වූ හොරේස් ග්‍රීලිට ඔහු සුප්‍රකට ලෙස 1862 දී ලියූ පරිදි: “කිසිදු වහලෙකු නිදහස් නො කර ජනපදය රැකගත හැකිනම් මම එලෙස කරමි; සියලු වහලුන් නිදහස් කොට එය කලහැකිනම් මම එලෙස කරමි; වහල් කොටසක් පමනක් නිහදස් කොට එය කලහැකිනම් මම එලෙස ද කරමි.” වහල් ක්‍රම විරෝධීන් වූ ෆ්‍රෙඩ්රික් ඩග්ලස් සහ විලියම් ලොයිඩ් ගැරිසන් මෙම ආස්ථානය නො තරම් සහ විනාශයට නියමිත යයි දැක ගත්තේ ය. අවසානයේ එම අහෝසිකිරීම්වාදියෝ නිවැරදි බව ඔප්පු කරනු ලැබිනි.

දකුනේ නැගිටීම පරාජය කිරීමට ජනපදය විප්ලවීය ප්‍රතිපත්ති අනුගමනය කල යුතු යයි ලින්කන් අවසානයේ හඳුනා ගත්තේ ය. එනම් දකුනේ කතිපයාධිකාරය සහ වහල් ක්‍රමය විනාශ කිරීමෙන් තොරව ජනපදය රැ කගත නො හැකි බවයි. ඔහු මෙම නිගමනයට පැමින මෙම විප්ලවීය අරමුන රැකගත් අධිෂ්ටානය ඔහු හුදෙක් එක්සත් ජනපදයේ පමනක් නොව නවීන ඉතිහාසයේ ශ්‍රේෂ්ට දේශපාලන නායකයන්ගෙන් එක් අයකු බවට ඔසවාලී ය.

ලින්කන් තමන් ම අත්‍ය’සාමාන්‍ය ජවයකින් යුත් දේශපාලනඥයකු බව සාධනය කරගති. සිද්ධියක් මෙන් ම එහි වර්ධනයේ වියහැකි ගමන්මාවත තක්සේරුකිරීමේ හැකියාව ඔහු ප්‍රදර්ශනය කලේ තීරනයක් ගැනීමට පෙර තීරනාත්මක ප්‍රශ්නවලට පරිනතවීමට ඉඩ හරිමිනි.

සමහර අවස්ථාවල සිද්ධීන්ට වර්ධනය වීමට ඉඩ දීමේදී ඔහුගේ ඉවසිල්ල පමාවීමේ මට්ටමට ලඟා වන්නේ යයි පෙනුනි.

1862 තරම් ඈත දී ලින්කන් මැක්ලෙලන්ව නෙරපූ පසු එවකට ජර්මානු පුවත්පතකට ඇමරිකානු සිවිල් යුද්ධය පිලිබඳව වාර්තා කරමින් සිටි කාල් මාක්ස් මෙම ගුනය අවධානයට ලක්කර තිබුනි. ඔහු මෙසේ ලිවීය: “ සිදුවීම්වල උදම් රැල්ල සහ පොදු මහජන මතය තවදුර පමාවීමක් වලක්වන තුරු ජනාධිපති ලින්කන් ඉදිරියට පියවරක් තැබීමට එඩිතර වන්නේ නැත. එහෙත් එවැනි හැරුම් ලක්ෂ්‍යයකට ලඟා වී ඇතැයි ‘මහලු ඒබ්’ තහවුරු කරගත් පසු හැකිතරම් නිශ්ශබ්දව ක්ෂනික මෙහෙයුමක් දියත් කිරීම මගින් ඔහු මිතුරන් සහ සතුරන් යන දෙගොල්ලන් ම පුදුමයට පත් කරයි.” විමුක්තියේ ශ්‍රේෂ්ට ගමන් මාවත සමග ලින්කන්ගේ නාමය අනන්‍ය වූයේ ඔහු අධිෂ්ටානවත්ව සිවිල් යුද්ධයේ නිරතවීම නිසා ය. ජනපදය තුල “වහල්භාවයේ තබාගෙන ඇති සියලු පුද්ගලයන් මෙතැන් පටන් නිදහස් මිනිසුන් වනු ඇත” යි ප්‍රකාශයට පත්කල විමුක්ති ප්‍රකාශය ලින්කන් නිකුත් කලේ 1863 ජනවාරි 1 දා ය.

විමුක්ති ප්‍රකාශය අවශ්‍ය කරනු ලැබුවේ යුද්ධයේ මිලිටරිමය හදිසි අවශ්‍යතා විසිනි. එහෙත් එය ප්‍රථම වරට යුද්ධයේ විප්ලවීය ස්වභාවය විවෘතව පිලිගත්තේ ය. වහලුන් නෛතිකව නිදහස් කිරීම - රුසියානු විප්ලවයට පෙර ලෝක ඉතිහාසයේ දැවැන්තම පුද්ගලික දේපොල අත්පත් කරගැනීම- මගින් ලින්කන් දකුනේ සමස්ත සමාජ පර්යායට ම මරනීය පහරක් ගැසීම ඉලක්ක කලේ ය.

යුරෝපයේ පන්ති විඥාත කම්කරුවෝ ලින්කන්ව ශ්‍රේෂ්ට ප්‍රගතිශීලී කාර්යයක -වහල් මෙහෙය විනාශ කිරීම- නායනයා ලෙස දැකගත් අතර එයට සම්පූර්නයෙන් අනන්‍ය වූයේ තම දේශපාලනික සහයෝගිතාව එයට ලබා දෙමිනි. සිවිල් යුද්ධය ඔවුන්ගේ කොටන් කම්හල් හාමත් කල ද මෙය විශේෂයෙන් ම ඉංග්‍රීසි කම්කරුවන් සම්බන්ධයෙන් සත්‍ය ය. ඉංග්‍රීසි ධනපතියන් ඇමරිකාවේ දකුනු ප්‍රදේශයෙන් යෝධ ලාභ ලැබුව ද 1864 වනතෙක් නිශ්චිත සලකා බැලීමක් වූ දකුනේ පාර්ශවයෙන් යුද්ධයට මැදිහත් වීම දේශපාලනිකව නො හැකි කලේ බ්‍රිතාන්‍ය කම්කරුවන් වහල් ක්‍රමයට දැක්වූ වෛරය යි.

ලින්කන් දෙවන වතාවට තේරී පත් වූ විට පලමුවන ජාත්‍යන්තරය වෙනුවෙන් මාක්ස් ඔහුට සුභ පැතීය.

ලින්කන්ට “කම්කරු පන්තියේ අධිෂ්ටානවත් පුත්‍රයා ලෙස විලංගු දැමුනු ජාතියක් ඉන් මුදාගැනීමටත් සමාජමය ලෝකය ප්‍රතිසංස්ථාපිත කිරීමටත් අසමාන අරගලයක් ගෙනයාමට රටට නායකත්වය දීමට” සිදු වී ඇති බව මාක්ස් ලිවීය. මාක්ස්ගේ ලිපිය අනුග්‍රාහී ලෙස පිලිගන්නා ලද අතර ලින්කන්ගේ බ්‍රිතාන්‍ය තානාපති සහ ජෝන් ඇඩම්ස් මුනුපුරා වූ චාල්ස් ෆ්‍රැන්සිස් ඇඩම්ස් විසින් එයට පිලිතුරු සපයනු ලැබිනි.

ඔහුගේ ක්‍රියාවන් යටින් තිබුනු අවංකත්වයේ ශක්තිය ජනපදයේ ප්‍රතිමූර්තීන් ඔහු ජාත්‍යන්තර ශ්‍රාවකයට ඉදිරිපත් කල අත්‍ය‘සාමාන්‍ය සහ සරල වාග් චාතුර්යයේ නිරවුල් භාවයට සාක්ෂි දරයි. නිදහස් ප්‍රකාශනය තුල තෝමස් ජෙෆර්සන්ගේ ගද්‍යය සමග එකපෙලට සිටි ලින්කන්ගේ කථා ඒවායේ තීරනාත්මක භාවයන් කිසිසේත් අහිමි කරගෙන නැත. ඔහුගේ අනුස්මරනීය සූත්‍රගත කිරීම් ඉංග්‍රීසි භාෂාවේ ඉහල ම ව්‍යක්ත භාවයන් අතර නො නැසී පවතී.4 ලින්කන් ඉස්මතු වූයේ හරියට ම ඇමරිකානු සාහිත්‍යය ලෝක වැදගත් කමක් සහිත කලාත්මක නියෝජනයක් ස්ථාපනය කරමින් සිටිද්දී ය. නතානියෙල් හෝතෝන් සහ හර්මන් මෙල්විල් ඔහුගේ සමකාලීනයෝ වූහ. කිං ජේම්ස් බයිබලය සහ ෂේක්ස්පියර් රචනා ලින්කන්ට මුල් කාලයේ බලපෑම් කල සාහිත්‍ය රචනා වූ අතර බයිබලයට ඔහුගේ කැමැත්ත හුදෙක් සාහිත්‍යමය විය. කිසි දිනෙක පල්ලියකට සම්බන්ධ නො වූ ඔහු වරක් මෙසේ කීවේ ය: “බයිබලය මගේ කෘතිය නො වන අතර ක්‍රිස්තියානි ධර්මය මගේ ආගම නො වේ.

ක්‍රිස්තියානි ආධානග්‍රාහයේ දීර්ඝ සංකීර්න ප්‍රකාශනවලට මට කිසිදිනක අනුමැතිය දිය නො හැක.” ෂේක්ස්පියර්ගේ ඉතිහාසයන් සහ ඛේදාන්තයන්වලින් දීර්ඝ කොටස් කට පාඩමින් කීමට ඔහුට හැකි බව ඔහුගේ සහායකයන්ට මතක ය.

බයිබලීය රූපක සහ කලාකරුවාගේ (ෂේක්ස්පියර්ගේ -පරිවර්තක) ඓතිහාසික නාට්‍යවල ග්‍රහනය ලින්කන්ගේ රචනා පැහැගැන්වීය. 1863 ගෙටිස්බර්ග් කථාවේ දී අරගලය “ජනතාවගේ, ජනතාව සඳහා වූ, ජනතාව විසින් කරන ආන්ඩුව මිහිතලයෙන් අතූගෑවීම වැලැක්වීම” තහවුරු කිරීමට කරන යුද්ධයක් ලෙස ලින්කන් හැඳින්වූයේ ය. 1858 දී ඩග්ලස් සමග පැවති විවාදයක දී “මම වහලෙක් නො වන අතර එලෙසින් ම මම වහල් හිමියෙකු ද නො වෙමි. ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් මට අර්ථවත් වන්නේ එය යි” යි ලින්කන් පැවසීය. 1858 දී ඉලිනොයි සෙනෙට් සභිකත්වය සඳහා රිපබ්ලිකන් නාමයෝජනාව පිලිගනිමින් ඔහු අනාගත වක්තෘමය ලෙස අනතුරු ඇඟවූයේ “එයට ම එරෙහිව බෙදී ගිය නිවසකට කෙලින් සිටිය නො හැකි ය” යනුවෙනි.

ඔහුගේ දෙවන සමාරම්භක කථාවේ දී සිවිල් යුද්ධයේ ආගමික අර්ථයන් හාස්‍යමය අවිශ්වාසය සමගින් ඔහු අවධානයට ලක් කලේ ය. “පාර්ශව දෙක ම එකම බයිබලය කියවමින් එකම දෙවියන්ට යදින අතර සැමෙකාම අනෙකාගේ ආධාරකරුවාට එරෙහිව තම ආධාරකරුට ආයාචනා කරයි. කිසිම මනුෂ්‍යයෙක් තමාගේ ආහාරය අනෙකාගේ දහඩියෙන් අඹරවා ගැනීමට නිකම් ම දෙවියන්ගේ සහයෝගය ඉල්ලීමට නිර්භීත වීම අපූර්ව ලෙස පෙනෙන අතර අපව විනිශ්චය කරනු නො ලබමින් අපි ද විනිශ්චය නො කරමු.” ලින්කන් අව්‍යාජව ම මානව හිතවාදී විය. ඔහුගේ ජෙනරාල්වරුන්ගේ අකමැත්තෙන් පවා සටන් බිමෙන් පලායාම පිලිබඳව චෝදනා ලැබූ සිය ගනන් සොල්දාදුවන්ගේ මරනීය දන්ඩන ඔහු අවලංගු කලේ ය. එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම විධායකය විසින් දඬුවම් ලිහිල් කිරීමේ නිරතවෙමින් 1862 මිනොසිටා නැගීසිටීම නිසා එල්ලා මැරීමට නියම වූ සියොක්ස් මිනිසුන් සහ දේශීය ඇමරිකානුවන් 269 දෙනකුගේ මරන දඬුවම් පුද්ගලිකව විමර්ශනය කල ඔහු ඒවා ලිහිල් කලේ ය.

එලෙස ම ඔහු ප්‍රමුඛ පෙලේ කථා කීමෙහි රුසියෙක් සහ අසාමාන්‍ය විදග්ධ සහ හාස්‍යජනක මිනිසෙක් ලෙස ප්‍රකට ය. එහෙත් මේ මිනිසාගේ ඡායාරූපවල නිරන්තරයෙන් දැකගත හැකි පරිදි මෙම චරිත ලක්ෂන සමග ප්‍රගාඪ දෝමනස්සයක් ද එකට පැවතුනි. සිවිල් යුද කාලය තුල සටන්වල සහ තුවාලකරුවන්ගේ තත්වය පිලිබඳ වචනයක් දැනගැනීම සඳහා ඔහු වොෂින්ටන්හි විදුලි පනිවුඩ කාර්යාලයේ බලා සිටී. වසර හතරක් ඇදීගිය සහ 600,000කට අධික ජීවිත බිලිගත් යුද්ධය මෙන් ම ඔහුගේ බිරිඳ වූ මේරි ටොඩ්ගේ කැලඹීම සහ පවුල හිරිහැරයට පත්කල පුද්ගලික ඛේදවාචකයන් ද ලින්කන් මත දැඩිව බලපෑවේ ය. මරනය දෙදෙනාගෙන් දරුවන් දෙදෙනෙකු බිලි ගත්තේ ය. 1862 දී 11 හැවිරිදි වියේ දී වියහැකි පරිදි ටයිෆොයිඩ් උනෙන් මියගිය දෙවන දරුවා වූ විලීට ලින්කන් විශේෂයෙන් බැඳී සිටියේ ය.

කාව්‍යමය ඛේදවාචකයක් ලෙසින් වර්ජිනියාවේ ඇපොමැටොක්ස් රාජ්‍ය ශාලාවේ දී දකුනු සන්ධානය යටත් වී සතියකට පසු 1865 අප්‍රේල් 14 වන දා ලින්කන්ට මරනීය වෙඩි ප්‍රහාරයක් එල්ල විය. සුප්‍රකට නලුවකු වූ ජෝන් විල්ක්ස් බූත් ඔහු සිටි කවයට ඇතුල් වී ගෙල පිටුපස ප්‍රදේශයට වෙඩි තබන විට ලින්කන් වොෂින්ටනයේ ෆෝඩ්ගේ රඟහලේ ප්‍රහසනයකට සහභාගි වෙමින් සිටියේ ය.

ලින්කන්ගේ ඝාතනයත් සමග යලි යුරෝපීය සමාජවාදී කම්කරුවන් වෙනුවෙන් පෑන අතට ගත් මාක්ස් මෙවර ආමන්ත්‍රනය කලේ ලින්කන්ට දෙවන නො වන ඔහුගේ උප ජනාධිපති ඇන්ඩෲ ජොන්සන්ට ය. ඔහු මෙසේ ලිවීය: ලින්කන් වනාහි “විපතේ දී බියෙන් නො ගැහෙන, සාර්ථකත්වයෙන් උදම් නො වන, තම ඉලක්කය කරා අනම්‍ය ලෙස පීඩනය යොදන, අන්ධ හදිසියෙන් සම්මුතිගත නො වන, හෙමින් බර පියවර තබන සහ එම පියවර කිසිදින පසුපසට නො ගන්නා, මහජන ප්‍රසාදය මගින් ඉවතට ගත නො හැකි, මහජන ස්පන්දනය දෘඩ වීම මගින් අධෛර්්‍යයට පත් නො වන, උනුසුම් හදවතක රශ්මිය මගින් දැඩි ක්‍රියාවන් පදම් කරන, හාස්‍යමය සිනාවක අනුරාගය මගින් අඳුරු ජවනිකාවන් ආලෝකමත් කරන, ස්වර්ගයේ උපත ලැබූ පාලකයන් විභූතියේ සහ පවත්නා තත්වයේ පුරසාරම් සහිත භාවයෙන් කුඩා දේවල් කරන ලෙස නිහතමානීව සහ සරල ලෙස තම යෝධ කර්තව්‍යයන් ඉටු කරන, එනම් තනි වචනයකින් කිවහොත් යහපත්භාවය කිසිවිටක නැති කර නො ගනිමින් ශ්‍රේෂ්ටත්වයට පැමිනෙන දුර්ලභ මිනිසෙකි. ඔහු සිය ජීවිතය පරිත්‍යාග කිරීමෙන් පසුව පමනක් ලෝකය ඔහු තුලින් වීරයෙකු සොයාගන්නා මෙම ශ්‍රේෂ්ට හා යහපත් මිනිසාගේ නිහතමානීභාවය එවැනි ය.”සමහරවිට ලින්කන් අපගේ මනෝගතීන් තුල සදාකාලික වන්නේ සිවිල් යුද්ධයේ ශ්‍රේෂ්ට ගමන් මාවතේ නිරතවීමේ දී ඔහු පෙන්වූ දැඩි පරිඥානයේ සහ මානුෂීයත්වයේ සංකලනය වන්නට පුලුවන. තම මරනයෙන් වසර 144කට පසුව ප්‍රගාඪ ආදරනීයත්වයේ අව්‍යාජ හැඟීමක් ජනනය කිරීමට සමත් වෙනත් චරිතයක් නවීන ඉතිහාසය තුල සොයාගැනීම අසීරු ය. 1865 සිදු වූ ලින්කන්ගේ ඝාතනය තවමත් මහා ඓතිහාසික ඛේදවාචයක් ලෙස දැනේ.

කෙසේ වෙතත් ඔහුගේ මරනයෙන් එක් පරම්පරාවක් තුල ලින්කන් පිලිබඳ නිල සැමරුම්, ඔහුගේ ජීවිතයේ විප්ලවීය අර්ථභාරය සෝදාහැරීමේ සහ සිවිල් යුද්ධය උතුරු පාර්ශවය විසින් ජයගැනීම මගින් ඉස්මත්තට ගෙන ආ නව පරස්පරවිරෝධයන් සඳහා සූදානම් වීමේ උපක්‍රමයක් එක්සත් ජනපද පාලක පන්තියට සම්පාදනය කලේ ය. 1877 වනවිට සමාජ පන්තීන් අතර අරගලය එක්සත් ජනපදය තුල පුපුරා ගියේ 19 වන ශතවර්ෂයේ ඉතිරි කාලසීමාව පුරා කලින් කලට යෝධ සහ ලේවැකි වර්ජන පුපුරා යමිනි. එතැන් පටන් එක්සත් ජනපද ඉතිහාසයේ කේන්ද්‍රීය ගාමක බලය වන්නේ මෙම නව අරගලය විය යුතු ය.

එම 1877 වසරේ ම දකුන ප්‍රතිනිර්මානය කිරීමේ ප්‍රතිපත්තිය අත්හැර දමන ලද්දේ අහම්බයකින් නො වේ. රිපබ්ලිකන් පක්ෂය හරහා ක්‍රියාත්මක වූ උතුරු ධනපතියෝ සමස්ත ජනපදය පුරා කාර්මික ධනවාදයේ සහ එහි පිලිවෙත්වල නිර්බාධිත ආධිපත්‍යයට හිලවු ලෙස දකුනේ ප්‍රභූවේ දේශපාලනික පුනරුත්ථාපනයට ඉඩ දෙමින් යුද්ධයෙන් පරාජයට පත් ඔවුන් සමග ගිවිසුමකට ඇතුලත් වූහ.

ලින්කන්ගේ ඝාතනය, ප්‍රතිස්ථාපනයේ කාල පරිච්ඡේදය තුල මතු වූ දේශපාලන අර්බුදයට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්දැයි යන ගැටලුවට පිලිතුරු නො තබා ගියේ ය. සියලු අවශ්‍යතා සමගින් ජනපදය ධනේශ්වර රේඛා ඔස්සේ වර්ධනය වීම ඓතිහාසිකව නිර්නය වූ ක්‍රියාදාමයකි. අවසානයේ ප්‍රතිස්ථාපනයේ පාවාදීම වැලැක්වීමට ලින්කන්ට හැකි වනු ඇද්දැයි යන්න සිතාගැනීමට අසීරු ය.

පසුව පැමිනි දශකවල ගමන් මාවත පුරා විශාල අප්‍රිකානු-ඇමරිකානු ජනගහනයට සිවිල් අයිතිවාසිකම් අහිමි කොට හිතුමතයේ බලාත්මක කරන ලද වර්නභේද තන්ත්‍රයක අපහාසයන්ට සහ සෑම ආකාරයේ කෲරත්වයන්ට භාජනය කරනු ලැබිනි. අප්‍රිකානුඇමරිකානුවන්ට සිවිල් අයිතීන් ක්‍රමානුකූලව අහිමි කිරීම 1960 ගනන් -එනම් සිවිල් යුද්ධයේ සිට වසර සියයක් දක්වා- නො නැවතී පැවතියේ ය.

එහෙත් මෙම ඉතිහාසය අව්‍යාජව ප්‍රගතිශීලී සහ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක නායකයා ලෙස ලින්කන්ට හිමි තැන කිසිදු අයුරකින් හීන කරන්නේ නැත . සෑම ශ්‍රේෂ්ට ඓතිහාසික චරිතයක් ලෙස ම ලින්කන් ද සිය යුගයේ මුද්‍රාව සහ සීමාසහිතභාවය දරා සිටී. එහෙත් සෑම ඓතිහාසික කාරනාවක් ම එක්තරා අර්ථයකින් එහි ම කාලපරිච්ඡේදයට ඉහලින් නැගෙමින් පසුව එන පරම්පරාවන්ට ආමන්ත්‍රනය කරයි. ලින්කන්ගේ ක්‍රියාකාරකම් මෙන් ම ඒවා යුක්ති සහගත කිරීමට සහ විස්තර කිරීමට ඔහු භාවිතා කල භාෂාව ද නො නවත්වා ප්‍රබෝධජනක වේ.

ටොම් එලි චාල්ස් ඩාවින් චාල්ස් ඩාවින් විසින් ජීවීන්ගේ සම්භවය පිලිබඳව - ධබ එයැ ධරසටසබ දf එයැ ීචැජසැි- යන්න ප්‍රකාශනය කිරීම ස්වාභාවික ලෝකය පිලිබඳ අපගේ අවබෝධයේ විප්ලවයක් කැඳවාගෙන ආවේ ය. පුනරුදයේ විද්‍යාත්මක කෞශල්‍යයන් ස්වීකරනය කරගනිමින් ඩාවින් ස්වභාවික ඉතිහාසයේ සංකීර්න රූපාකාරයන් ඉස්මතු වීම පාලනය කරනු ලබන ස්වභාව ධර්මයේ අපෝහක නීති සොයා ගත්තේ ය. ඔහුගේ උපතින් වසර දෙසීයයකට පසුව ද සදා ප්‍රසාරනය වන ජීව විද්‍යාවන්ගේ ඒකීකෘත න්‍යාය ලෙස ඩාවින්ගේ ස්වභාවික වරනය මගින් පරිනාමය වීම රැඳී සිටී.

ස්වභාවික වරනය මගින් පරිනාමය වීම අවබෝධ කරගනු ලැබිය යුත්තේ ඩාවින්ගේ න්‍යාය ද වීරකාව්‍යමය කූඨප්‍රාප්තියක් වූ පුනරුදීය ස්වභාවවාදයේ වර්ධනයෙහි සන්දර්භය තුල තබාය. ප්‍රකාශ විද්‍යාවේ ප්‍රගමනයෝ, ශුද්ධ ලියවිලි මගින් නොව නිරීක්ෂනයෙන් ව්‍යුත්පන්නකරගන්නා විශ්වය පාලනය කරන නීති පිලිබඳ විද්‍යාත්මක සංකල්පනයක් මගින් දේවධාර්මික විශ්ව විද්‍යාවට හිමිතැන ගැනීමට කොපර්නිකස්, බෲනෝ සහ ගැලීලියෝට ඉඩ ලබා දුන්හ. එලෙසින් ම ඩාවින්ගේ ජීවීන්ගේ සම්භවය පිලිබඳව හි සාරංශ ගතකොට තිබෙන ආකාරයට ස්වභාවික වරන නීතිය, කායික විද්‍යාවන්, රුධිර ගලනයේ, වර්ගීකරන විද්‍යාවේ සහ භූගෝල ශාස්ත්‍රයේ පරීක්ෂනයන් සහ පරිමානයෙන් ගෝලීය වන විද්‍යාත්මක ගවේෂයනයන් හරහා සමුච්ඡය කර ගන්නා ලද යෝධ දැනුම් සම්භාරයක් සංශ්ලේෂනය කලේ ය.

18වන සහ 19වන ශතවර්ෂවල මුහුදු ගමන්වල දී සොයාගන්නා ලද විශාල ඓන්ද්‍රීය ද්‍රව්‍ය සමූහයක් කාල් ලින්නේවුස්, ජෙෆ්රි සේන්ට් හිලරි, ජෝජස් කුවියර් සහ රොබට් ඕවන් වැනි ස්වභාව විද්‍යාඥයන් විසින් ඒවායේ ව්‍යුහීය වෙනස්කම්වලට අනුව වර්ගීකරනය කරනු ලැබීය. ඓන්ද්‍රීය ද්‍රව්‍යයන්, හඳුනාගතහැකි ලෙස ඒවායේ අදාල පැවැත්මේ තත්වයන්ට අනුරූපී වූ ඒවායේ ව්‍යුහීය සමානත්වයන්ට අනුකූලව අනුපිලිවෙලින් ගබඩා කරන ලදී.

ඓන්ද්‍රීය ද්‍රව්‍ය කාලයත් සමග වෙනස් වන බව ඩාවින්ට බොහෝ කලකට පෙර කොම්තේ ඩි බුෆොන්, ලැමාක්, රොබට් චේම්බර්ස් සහ ඩාවින්ගේ සීයා වූ ඉරේස්මස් ඇතුලු ස්වභාව විද්‍යාඥයෝ යෝජනා කොට තිබුනි. භූගෝල විද්‍යාඥ චාල්ස් ලියෙල් පෘථිවියේ පෘෂ්ටය සහ හරය අතර ප්‍රදේශයේ වැලලී ඇති අභාවයට ගිය ඇටකටු පිලිබඳව අදහස් දකවමින් පෘථිවියේ දීර්ඝ ඉතිහාසය පුරා සැලකිය යුතු ලෙස ජීවය වෙනස් වී ඇති බව හඳුනා ගත්ත ද එම වෙනස්වීම් විග්‍රහ කිරීමට යාන්ත්‍රනයක් නොමැති කම නිසා ඒවා දෙවියන් විසින් නිර්මානය කරන ලදැයි යෝජනා කලේ ය.

1836 දී එච්එම්එස් බීගල් වෙත කල මුහුදු ගමනින් පසු සජීවී සහ අජීවී විශේෂ “ස්වාධීනව නිර්මානය කරනු ලැබ නැතැයි ද ඒ වෙනුවට විවිධ උපවර්ගයන් මෙන් අනෙකුත් විශේෂයන්ගෙන් පහලට ගලාගෙන ඇවිත් ඇතැයි” ද ඩාවින් හඳුනා ගත්තේ ය.

විවිධාංගීකරනය සියලු ඓන්ද්‍රීය ද්‍රව්‍යයන්ට පොදු බව ද එම විවිධාංගීකරනයන් ප්‍රවේනි මූලධර්මය පරම්පරාවන් හරහා ඉදිරියට යවනු ලැබිය හැකි යයි ද ඩාවින් නිරීක්ෂනය කලේ ය. පැවැත්ම සඳහා කරන අරගලයේ දී සමහර විශේෂ නො නැසී පැවතීමටත් තවත් ඒවා එසේ නො වීමටත් ප්‍රවනතාවක් ඇති බව ඩාවින් දැක ගත්තේ ය. 1859 තම ජීවී විශේෂයන්ගේ සම්භවය ඔහු සුප්‍රකට ලෙස පහත පරිදි සමාප්ත කලේ ය: “මේ අනුව සොබාදම් යුද්ධයෙන්, සාගතයෙන් සහ මරනයෙන්, අපට සිතාගත හැකි වඩාත් උච්චතම නිර්මානය වන උසස් සත්වයන් නිෂ්පාදනය ඍජුව ම පැන නගී. ජීවය පිලිබඳ මෙම දැක්මට - ප්‍රාථමිකව රූපාකාර කිහිපයකට හෝ එකකට හුස්ම පිඹිනු ලැබ - එහි සමහර බලයන් සමගින් තේජසක් තිබේ. ඒ අතර ම මෙම ග්‍රහලෝකය ගුරුත්වාකර්ෂනය පිලිබඳ ස්ථාවර නියමයට අනුව චක්‍රීකරනය වී තිබිය දී ඉතාම සරලව ආරම්භ වී අනේක, වඩාත් ප්‍රසන්න, වඩාත් පුදුමාකාර රූපාකාරයන්ට පරිනාමය වෙමින් තිබී ඇති අතර තවදුරටත් එසේ වෙමින් පවතී.” ඩාවින්ගේ සොයාගැනීම ක්ෂනිකව කලබගෑනියක් නිර්මානය කල අතර අද දක්වා ම ගනන් නැති බුද්ධිමය සහ දේශපාලනික විවාදයන්ගේ කේන්ද්‍රයේ පවතී.

ආගමික දක්ෂිනාංශයට ද එක් හෝ තවත් හේතුවක් නිසා අවිද්‍යාව සහ මිථ්‍යාදෘෂ්ටිය දිරිගන්වන හා වගාදිගා කරන සියල්ලන්ට ම ද ඩාවින් යන නාමය පවා අරහං ය. ස්වභාවික වරනය මගින් පරිනාමය වීමේ න්‍යාය හුදෙක් ඩාවින්ට අනුව “විද්‍යාමාන ලෙස ලෝකය පිලිබඳ ව්‍යාජ ඉතිහාසයක්” වන මැවීම පිලිබඳ බයිබලීය කතාව නිෂ්ප්‍රභ කරනවා පමනක් නො වේ; එය මනුෂයවර්ගයාගේ සහ චින්තනයේ වර්ධනය ස්ථාවර ලෙස ස්වභාවික ඉතිහාසයේ පාලන ප්‍රදේශය තුල පිහිටුවයි.

මනුෂ්‍යවර්ගයා ද “මනසේ ඉන්ද්‍රීයයන්” ද ඇතුලත්ව “සොබාදහමේ සියලු දෑ ස්ථාවර නීතිවල ප්‍රතිඵල වේ” යයි ඩාවින් ලිවීය. පරිනාමය පිලිබඳ අවබෝධයක් මගින් “මනෝ විද්‍යාව නව පදනමක් මත, එනම් සෑම මානසික බලයක් සහ ධාරිතාවක් ම අනුක්‍රමයෙන් අයත් කරගැනීම මත, පදනම් කරනු ලබන” බව ඔහු උපග්‍රහනය කලේ ය.

ඩාවින්ගේ කාර්ය සාධනය ඔහුගේ කර්තව්‍යයේ අර්ථභාරය මුලින් ම අවබෝධ කරගත් අය අතරට අයත් වූ මාක්ස් සහ එංගල්ස්ගේ කාර්ය සාධනයට සමීපව සමාන්තර වේ. ප්‍රාග්ධනය රචනා කිරීම සහ සමාජ සංවර්ධනයට යටින් පවතින ඓතිහාසික නීති සොයාගැනීම ඒ හා සමානව පුනරුදීය චින්තනයේ කූටප්‍රාප්තිය පිලිබිඹු කරති.

අනාගතය දෙස, එනම් තරුන සහ නැගී එන ස්වභාව විද්‍යාඥයන් දෙස විශ්වාසවන්තව බැලු ඩාවින් “ස්වභාවික ඉතිහාසයේ විප්ලවයක් සිදුවනු ඇතැයි අපට මෘදු ලෙස කල්තබා කිව හැකි ය” යි ලිවීය. ඔහුට ඊට වඩා නිවැරදි විය නො හැකි ය. එතැන් පටන් වැඩී ඇති ඩාවින්ගේ න්‍යාය (ජාන මගින් ප්‍රවේනිය සිදුවීම සිදුවන ආකාරය අධ්‍යනය කිරීමේ) මෙන්ඩලියානු ජාන විද්‍යාව , නූතන සංවාදය, ඩීඑන්ඒ සොයාගැනීම සහ නවීන ජෛවිකීය ශික්ෂාවන්හි අංශ විශාල ගනනක් පෙලගැසීම මගින් පොහොසත්ව ඇත.

ඔහුගේ න්‍යාය අද වෙන කවරදාටත් වඩා සජීවී ය.

නිශ්චිතව ම ජීවිතය පිලිබඳ ඒකීකෘත න්‍යාය වන පරිනාමවාදයෙන් තොරව ජීවවිද්‍යාවේ කිසිදු අංශයක්වටහා ගනු ලැබිය නො හැක. ජෛව රසායන විද්‍යාව, ජාන විද්‍යාව සහ ක්ෂුද්‍රජීව විද්‍යාව, සංවර්ධන ජීව විද්‍යාව, වසංගත අධ්‍යයනය සහ නවීන ඖෂධවේදය යන එවායේ හදවතේ පවත්නේ පරිනාමය යි. පොසිල විද්‍යාව වැනි සාම්ප්‍රදායික මාවත් ඔස්සේ නො නැවතී ඉදිරියට ගොස් ඇති පරිනාමය ප්‍රබෝධජනක නව අංශයන් වන ස්නසා-ජෛවවිද්‍යාව සහ ජෛවේක්ෂාව (ප්‍රානවත්වූ ශරීරයකින් සිවිකොටසක් ගෙන කරන පරීක්ෂා) වැනි ක්ෂේත්‍රවලට ද ව්‍යාප්ත වී ඇත.

ඔහුගේ උපතින් වසර දෙසියයකට පසු චාල්ස් ඩාවින්ගේ කාර්ය සිද්ධිය මගින් අවුලුවාලු විද්‍යාත්මක සහ බුද්ධිමය විප්ලවය නො නවත්වා දිගහැරෙමින් සහ ශක්තිමත් වෙමින් පවතී.

ඩැනයෙල ි ඩග ් ලස් ්

[මෙය 2009 පෙබරවාරි 12 වැනි දින In honor of the bicentenary of Abraham Lincoln and Charles Darwin යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading