එල්ටීටීඊය උතුරේදී ලත් අන්ත මිලිටරි පරාජයත් සමඟ, දෙමල ජනතාව ඉමහත් පීඩාවන්ට මුහුනපා සිටිති. ශ්‍රී ලංකා හමුදාව සහ දක්ෂිනාංශික රාජපක්ෂ තන්ත්‍රය විසින් එල්ල කල නිර්දය ප්‍රහාර මගින් දහස් ගනනක් මරා දමා තවත් විශාල පිරිසකට තුවාල සිදුකර, දශලක්ෂයකට වැඩි ජනතාවට උන්හිටි තැන් අහිමිකර හා ලක්ෂ ගනනක් කාලකන්නි රැඳවුම් කඳවුරු තුලට ගාල් කර සිටිති.
එල්ටීටීඊ සටන්කරුවන් හා ඔවුන්ගේ නායකත්වය හමුදාව විසින් අමු අමුවේ මරාදමා ඇත.
කෙසේ වුව ද දෙමල ජනතාව මුහුනපා සිටින දුක්ගැහැට හා එල්ටීටීඊ සටන්කරුවන්ගේ කෲර ඉරනම පිලිබඳ අනුකම්පාව මඟින් යමෙක්, අති මූලික පාඩම් උකහා ගැනීමෙන් වැලකිය යුතු නැත.
අවසන් විග්‍රහයේදී එල්ටීටීඊය අත්විඳි ව්‍යසනය වනාහි, කිසිදු ප්‍රගතිශීලී ආර්ථික හෝ දේශපාලන තර්කනයකින් තොර ඉදිරිදර්ශනයක ප්‍රතිවිපාකයයි.
එනම්, ආන්ඩුවේ පිටුබලය සහිත දෙමල විරෝධී වෙනස්කම් කිරීමට පිලිතුර, කුඩා ශ්‍රී ලංකා දිවයිනේ එක් කොනක දෙමල සුලුතරය සඳහා වාර්ගිකව පදනම් කල වෙනම රාජ්‍යයක් නිර්මානය කිරීමේ ඉදිරිදර්ශනය යි.
මෙම ව්‍යාපාරය, බහුතරයක්වූ සිංහල සිවිල් ජනතාවට එරෙහිව එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාර ද ඇතුලුව උපයෝගීකොට ගත් ක්‍රමවේදයන් වනාහි, අන්තයට ගිය හෝ වැරැදි උපායක ප්‍රතිපලය නොව, පන්ති අරගලය වෙනුවට වාර්ගික අරගලය උපයෝගී කරගැනීම මත පදනම්වූ, සාවද්‍ය ඉදිරිදර්ශනයක නොවැලැක්විය හැකි නිෂ්පාදිතයකි.
සිංහල කම්කරු හා පීඩිත ජනතාවන්ට දේශපාලනිකව ආමන්ත්‍රනය කිරීමට හෝ දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීමට සිංහල ධනපති පන්තිය නිමක් නැතිව කල ප්‍රයත්නයන්ට ප්‍රතිරෝධය දැක්වීමට මෙම ව්‍යාපාරය තරයේම අසමත් විය. එහි බෙදුම්වාදී දැක්ම නිසා, ඉන්දියාවේ දෙමල කම්කරුවන්ට පවා එබඳු ආයාචනයක් කිරීමට ඔවුන්ට නොහැකි විය.
එසේම සිය පාලනය යටතේ පැවැති ප්‍රදේශය තුල, විශේෂයෙන්ම වැඩ කරන ජනතාව වෙතින් එල්ල වූ කුමන හෝ දේශපාලන විරුද්ධත්වයක් රුදුරු ලෙස මැඬීම තුලින් ප්‍රකාශයට පත්වූ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය ශ්‍රි ලංකාවේ දෙමල සුලුතරයේ විශාල ස්ථරයක් ඔවුන්ට විරුද්ධව පිහිටුවා ලීමට තුඩු දුන්නේ ය.
විසි හය වසරක සිවිල් යුද්ධය ආරම්භයේ පටන්ම එල්ටීටීඊයේ සන්නද්ධ අරගලය බැඳී තිබුනේ, දිවයිනෙහි උතුරු හා නැඟෙනහිර වෙනම රාජ්‍ය කැබැල්ලක් අටවාගැනීම පිනිස එක් හෝ තවත් මහා බලවතෙකුගේ සහාය දිනාගැනීමේ මූලෝපායකට ය.
උතුරට ඉන්දියානු හමුදා ගොඩබැස්සවීමට මඟ පෑදූ, 1987 ඉන්දු ලංකා ගිවිසුමට, එල්ටීටීඊය දැක්වූ සහයෝගයේ ප්‍රතිවිපාකය වූයේ දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය වීමයි. ඉන්දියානු ධනේශ්වරයට දන නැමීමට එල්ටීටීඊය එකඟ වූයේ, ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට එය සහාය දෙනු ඇතැයි යන නිෂ්ඵල බලාපොරොත්තුව ඇතිවය.
ඊට පසු ගතවූ දශකයන්හිදී, එල්ටීටීඊය අධිරාජ්‍යවාදී පිටුබලය සඳහා ආයාචනය කල අතර එක දිගටම පැහැදිලිවූයේ, දිවයින තුල අතුරු රාජ්‍යයක් කපා වෙන්කර ගැනීමේ එහි අරමුන වූයේ, දෙමල මහජනතාවගේ සමාජ තත්වයන් නඟා සිටුවීම නොව, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ලාභ ශ්‍රමය සම්පාදනය කරන ධනපති ආර්ථිකයක් නිර්මානය කිරීම බව ය.
පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදයේ සමස්ත අත්දැකීම පෙන්නුම්කර ඇත්තේ, ජාතිකවාදී ක්‍රියාමාර්ගයන්හි බංකොලොත් කමය. නිල වශයෙන් නිදහස ප්‍රදානය කරමින් අප්‍රිකාවේ, ආසියාවේ හා මැද පෙරදිග නව ජාතික රාජ්‍යයන් නිර්මානය කිරීම මඟින් කුමන මූලික අර්ථයකින් හෝ මහා ජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අභිලාෂයන් ඉෂ්ඨ කරනු ලැබුවේ නැත.
ඒ වෙනුවට මෙම රාජ්‍යයන්, අධිරාජ්‍යවාදයේ හා නව ජාතික ධනේශ්වරයේ ඕනෑ එපාකම් පිරිමසන මාධ්‍යයන් බවට පත්විය. ශ්‍රී ලංකාව තුල මෙන් තවත්බොහෝ තැන්වල දී, වාර්ගික හා ජාතික ආතතීන් වැඩකරන ජනතාව හා පීඩිත කොටස් දුබල කර බෙදීම සඳහා ගසාකනු ලැබ තිබේ.
වඩාත් මෑත අවධිය තුල, පලස්තීනයෙහි පීඑල්ඕ සිට දකුනු අප්‍රිකාවේ ඒඑන්සී දක්වා වූ ඊනියා ජාතික විමුක්ති ව්‍යාපාර, ජනතාව මත පීඩනයේ නව කොන්දේසි පනවන ලද ප්‍රතිගාමී ගිවිසුම්, අධිරාජ්‍යවාදීන් සමඟ ඇතිකරගෙන තිබේ.
අන්තර්ජාතික නිෂ්පාදනයේ වර්ධනය ද කර්මාන්ත හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි ගෝලීය ඒකාග්‍රකරනය ද වශයෙන් ලෝක ධනේශ්වර ව්‍යුහය තුල සිදුවූ වෙනස්කම්, මෙම ව්‍යාපාරයන්හි මෙන්ම, ජාතිකවාදය මත පදනම්ව සිටි සියලු සමාජ හා දේශපාලන සංවිධනවල පදනම්වලට ම පහරදී තිබේ.
එල්ටීටීඊ මිලිටරි පරාජය, සිවිල් යුද්ධය පතුලෙහි පැවති කිසිදු ප්‍රශ්නයකට විසඳුම් සපයනු නැත. හුදෙක්ම එය සනාථ කර ඇත්තේ ධනේශ්වර පදනමක ශ්‍රී ලංකා රාජ්‍යයේ එක්සත්කම පවත්වාගත හැක්කේ ලේවැකි මර්දනය හා ප්‍රහාරයන් මඟින් පමනක් බව ය.
කොලඹ දක්ෂිනාංශික සිංහල ස්වෝත්තමවාදී තන්ත්‍රය, ඔවුන්ගේම ජාතිකවාදී ආකෘතිය එනම්, ධනේශ්වර රාජ්‍යයේ එක්සත්කම පවත්වාගැනීමේ “ අයිතිය”, ආරක්ෂා කර ගත හැක්කේ මිලිටරි බලයෙන් පමනක් බව මනාව තේරුම් ගෙන සිටිති.
අවසානයේදී, වෙනස්කම් කිරීම හා දුගීභාවය පිලිබඳ ගැටලු ඉතිරිව පවතිනු ඇති අතර. කොලඹ තන්ත්‍රයේ “විජයග්‍රහනය,” දෙමල වැඩ කරන ජනතාව වෙතින් එම තන්ත්‍රය කෙරෙහි පලවූ වෛරය තවත් දලුලෑමට පමනක් තුඩුදෙනු ඇත.
මෙම කර්කශ අත්දැකීම් තුලින් සනාථකර ඇත්තේ, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද සමානාත්මතාවය ද සුරක්ෂිත කරගැනීමේ සටන පෙරට ගෙනයා හැක්කේ, ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත පමනක් බවය.
වෙනස්කම් කිරීමට හා වාර්ගික පෑගීමට පිලිතුර සොයාගත යුත්තේ වෙනම රාජ්‍යයක් තුල නොව, සමාජවාදී විප්ලවය සඳහා පොදු අරගලයක් වෙනුවෙන් පීඩිතයන් එක්සත් කිරීම තුල ය.
ජාත්‍යන්තර කමිටුව හා එහි ශ්‍රී ලංකා ශාඛාව සටන් වැද තිබෙන මෙම ඉදිරිදර්ශනය, දැන් බලගතු ලෙස සනාථ වී තිබේ.
සියලු වර්ගයේ සිංහල ස්වෝත්තමවාදයන්ට එරෙහිව දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙහෙස නොබලා ආරක්ෂා කරමින්, උතුරෙන් හා නැඟෙනහිරෙන් ශ්‍රී ලංකා හමුදා වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කර ගන්නා ලෙසට බලකිරීමේදී සමාජවාදී සමානතා පක්ෂය, එල්ටීටීඊ යට කිසිදු දේශපාලන සහයෝගයක් දී නැත. එය අවධාරනය කලේ, මෙම ජාතික බෙදුම්වාදී ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගය, දෙමල ධනේශ්වරයේ අභිලාෂී ආසක්තයන් ප්‍රකාශකල බව ද, දෙමල කම්කරුවන්ට හා ගොවීන්ට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත හැක්කේ, ධනවාදයට එරෙහිව පොදු අරගලයක් තුල, සිංහල වැඩ කරන ජනතාව සමඟ ඒකාබද්ධ විම මඟින් පමනක් බවයි.
ශ්‍රී ලංකාවේ ඛේදනීය සිදුවීම්, සමස්ත යුගයකම අවසානය සලකුනු කල ද, රටේ කිසිදු ප්‍රගාඪ ප්‍රතිවිරෝධයක් විසඳා ඇත්තේ නැත. දැන් විවර වෙමින් තිබෙන අවධිය තුල, දෙමල හා සිංහල කම්කරුවන් සියලු වර්ගයේ ජාතිවාදයන්ට හා වර්ගවාදයන්ට එරෙහිව ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා පොදු අරගලය තුල එක්සත් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය ගෙනයන සටන, දිවයිනේ මහජනතාවට ඉදිරි මාවතක් සපයනු ඇත. ලෝක පරිමානව කම්කරු පන්තියේ සමාජවාදී එකමුතුවක් සඳහා අරගලයේ කොටසක් ලෙස දකුනු ආසියාව පුරා වැඩ කරන ජනතාව ආකර්ශනය කර ගන්නා ජාත්‍යන්තරවාදී ස්ථම්භයක් ලෙස ද එය සේවය කරනු ඇත.
බිල් වෑන් ඕකන්
