( ඔයැ ඨදා ෘැකමිසදබල රිචඩ් ඩෝකින්ස් විසිනි, හූස්ටන් මිෆිලින් හිදී, 2006, පිටු 416) දෙවියන් පිලිබඳ මායාව ඔයැ ඨදා ෘැකමිසදබ නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත්වනු දැකීම සතුටට කාරනයකි. ලෝකයේ ප්‍රධාන පෙලේ පරිනාමවාදී ජීව විද්‍යාඥයන් අතුරෙන් කෙනෙකු, අදේවවාදය රැකීමට කැපවුනු පෙල පොතක් ප්‍රකාශයට පත් කිරීම සැමදා සිදුවන්නක් නොවේ. ආගම හා විද්‍යාව එකිනෙකට නොපෑහෙන අතර, අවසානයේදී විද්‍යාව ජය ගත යුතුය යන සාමාන්‍ය කියමන වඩාත් පිලිගත හැකි බව තහවුරු කරන්නේ නම් පමනක් ඩෝකින්ස් අපට සේවයක් කර ඇත.
සියලු කාර්මික රටවල් අතරින් වඩාත්ම ආගම්වාදී යයි පොදුවේ සැලකෙන එක්සත් ජනපදය ද ඇතුලු රටවල මහජනතාවගෙන් දෙවියන් පිලිබඳ මායාව, උද්යෝගිමත් ප්‍රතිචාරයක් දිනාගෙන තිබේ.
ඩෝකින්ස්ගේ ග්‍රන්ථය, නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ වැඩියෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන මුල්ම පොත් 15 අතර, මේ වන විටත් සති 24 ක් එක පෙලට වැජඹී ඇත. පසුගිය වසරේ ග්‍රන්ථය හඳුන්වාදීමේ සංචාරයේදී ඩෝකින්ස්, නිරන්තරයෙන්ම ආගමික මූලධර්මවාදය හා බැඳී සිටින, සමහර ජනපදවල (කැන්සාස් වැනි) විශාල අනුවේදී ජන සමූහයක් දිනා ගත්තේය.
ඩෝකින්ස්ගේ පොත මඟින් දල්වන ලද උනන්දුවෙන් කොටසක්, අවිවාදිතවම කතුවරයාට දිය යුතුය. ආත්මාර්ථකාමී ජාන :ිැකසෙිය ටැබැ* ද ඇතුලත් ඔහුගේ පොත් පත්, පරිනාමවාදී ජීව විද්‍යාවේ පිලිගත් පෙල පොත් බවට පත්ව තිබේ. පරිනාමවාදී න්‍යාය ගැන ඔහු පවසන සියලු දේ සමඟ යමෙක් එකඟ වුව ද නැත ද, ඩෝකින්ස් සංකීර්න ප්‍රශ්න සෘජු හා පැහැදිලි භාෂාවෙන් විස්තර කිරීමේ හැකියාව සහිත කුසලතා පූර්න ලේඛකයෙකු බව නිශ්චිතවම සත්‍යයකි.
කෙසේ වෙතත්, මේ තුල ඊට වැඩි යමක් පවතියි.
සෑමදෙනා විසින්ම සාර්වත්‍රිකව උපකල්පනය කරන පිලිගත් ප්‍රස්තුතයන්ට අභියෝගයක් වන විකල්ප ඉදිරිදර්ශනයන්ට හා අදහස් වලට දැඩි ආශාවක් අද පවතියි. ගුප්ත හා පුලුල්ව පැතිරුනු විරුද්ධවාදී මනෝගතීන් ද නැත්තේ නොවේ. කෙසේ වෙතත්, ඩෝකින්ස්ගේ කෘතිය බ්‍රිතාන්‍යයේ, එක්සත් ජනපදයේ හා ලෝකයේ බොහෝ ආන්ඩු විසින් වඩ වඩාත් අංග ලක්ෂනය කෙරෙන ආගමික මූලධර්මවාදයට හා පසුගාමීත්වයට එරෙහි ගැඹුරු වෛරයට කෙරෙන ආයාචනයකි.
ආගමික සංහිඳියාවට එරෙහිව ආගම පිලිබඳ ඩෝකින්ස්ගේ පිලිගැන්වීමෙහි ඇතැම් දැඩි සීමාවන් පවතින අතර ඒවා පහත සාකච්ඡා කෙරේ. කෙසේ වෙතත්, සමහරවිට ග්‍රන්ථයේ ඉතාමත් ප්‍රශංසාත්මක දේ වනුයේ, විවිධ නිකායන්වල ආගමික චිරස්ථාපිතයන්ට පමනක් නොව විද්‍යාත්මක ප්‍රජාව තුල, ආගම හා විද්‍යාව සමාදාන කිරීමට ගන්නා උත්සාහය හුවාදක්වන අයට ද එරෙහිව අභියෝග කිරීමට ඇති කැමැත්තය. ඩෝකින්ස් විසින් “නෙවිල් චේම්බර්ලේන් පරිනාමවාදීන්ගේ ගුරු කුලය” ලෙස නම්කර ඇති, මෙම චින්තකයන්ගේ ඉදිරිදර්ශනය වන්නේ, පරිනාමවාදය පාසැල් විෂය දහරාවෙන් ඉවත් කල යුතු බව කියා සිටින්නවුන් වැනි මූලධර්මවාදීන්ගෙන් විද්‍යාව ඉතා හොඳින් ආරක්ෂා කල හැක්කේ, ආගම පිලිබඳ මූලධර්මවාදී නොවන අදහස් වෙත නැඹුරුවීම මඟින්ය යන්නයි. මෙම චින්තකයන්ට අනුව, ආගම හා විද්‍යාව එකිනෙක ගැටීමට අවශ්‍ය නොවේ, සමහර විට ඒවා එකිනෙකට සම්බන්ධය, නැතහොත් ඒවා අවම වශයෙන් එකිනෙකට වෙනස් ප්‍රශ්න කථා කරයි ආදී වශයෙන් අවධාරනය කිරීම මඟින් එය සිදු කෙරෙයි.
අභාවප්‍රාප්ත පරිනාමවාදී ජීව විද්‍යාඥ ස්ටීවන් ජේ ගෝල්ඩ්, මෙම ඉදිරිදර්ශනය සමඟ සමීප ලෙස සම්බන්ධව සිටියේය. “උපරිපතනය නොවනඅධිකාරිත්වය” යනුවෙන් ඔහු සඳහන් කරන පරිදි, ආගම හා විද්‍යාව අත්‍යන්තයෙන්ම නොගැඹුරු අදහස් වසං කිරීමට වාග් බහුල යෙදුම් භාවිතා කරමින් සිටින්නේ යයි ඔහු තර්ක කරයි. ඩෝකින්ස් උපුටා දක්වා ඇති පරිදි, “පැරනි වාක්‍ය ඛන්ඩයක්” දැක්වීමට ගෝල්ඩ් මෙසේ ලියා ඇත. “විද්‍යාව පාෂාන වල කාල නීර්නය කරයි. ආගම කාලයේ පාෂාන නිර්මානය කරයි. විද්‍යාව දිව්‍ය ලෝකය පවතින්නේ කෙසේදැයි හදාරයි. ආගම දිව්‍යලෝකයට පිවිසෙන්නේ කෙසේදැයි හදාරයි.” ඩෝකින්ස් මෙයට සුදුසු පිලිතුරක් සපයයි. “ඔබ ඒ ගැන මොහොතක් සිතා බලන තුරු එය බිහිසුනු හඬක් නංවයි.” “එය භාවිතයේ නැති වුනත් හෝ තවමත් තීරනය කල එකක් නොවුනත් හෝ නිර්මානාත්මක සුපිරි-ඥානයේ පැමිනීම හෝ නොපැමිනීම ඒකාන්තයෙන්ම විද්‍යාත්මක ප්‍රශ්නයකි.” යන්න ඩෝකින්ස්ගේ එක් කේන්ද්‍රීය ප්‍රකාශයකි. එමෙන්ම බැතිබර මහජනතාව විශ්මයට පත්කිරීම සඳහා ආගම් විශ්වාසය තබා සිටින ආශ්චර්යමත් කථාන්තර සෑම එකක්ම සත්‍ය හෝ අසත්‍ය වීම ද එබඳුය. වෙනත් වචන වලින් කිවහොත්, දෙවියන් පවතින්නේ නම් හා එය හිස් සංකල්පයකට වැඩි යම් දෙයක් නම් ඔහුට, ඇයට, එයට ලෝකය මත යම් බලපෑමක් තිබිය යුතුය.
මෙය ස්ථිරවම, දෙවියන් ලෝකයට මැදිහත් වෙතැයි ද ආශ්චර්යයන් පෙන්නතැයි ද කන්නලව් වලට කන් දෙතැයි ද ආදිය විශ්වාස කරන වඩාත් ආගමට ලැදි මිනිසුන්ගේ ඇදහීමයි. යාඥාවන්ට එලඹෙන රෝගීන්, යාඥාවන්ට නොඑලඹෙන රෝගීන්ට වඩා යම් සුවයක් නොලබන බව පැවසෙන එක් පරියේෂනයක නිගමනයක් ගැන ඩෝකින්ස් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙය අමන පරියේෂනයක් ලෙස දිස්වෙයි.
(මෙය සැබවින්ම පවත්වා ඇත්තේ ආගමේ ආධරකරුවන් පිරිසකි.) එහෙත් එමඟින්, ආගමික ප්‍රපංච පවතින්නේ නම් ඒවා විද්‍යාත්මකව පරීක්ෂා කල හැකි විය යුතුය යන මූලික තර්කය පැහැදිලි කරයි.
මෙය වැදගත් නිරීක්ෂනයක් වන නමුත්, විද්‍යාව හා ආගම පිලිබඳ ඩෝකින්ස්ගේ ඉදිරිපත් කිරීමෙහි මඟහැරුනු යම් දෙයක් ඇත. නිදසුනක් වශයෙන්, ඔහු අඟහරු ග්‍රහයාගේ කක්ෂය වටා තේ පෝච්චියක් භ්‍රමනය වන්නේය යන ප්‍රකාශයට මූලිකව සමාන ලෙස “දෙවියන් පිලිබඳ උපකල්පනයට” සලකයි. (මෙය බර්ට්‍රන්ඩ් රසල් විසින් දෙන ලද ප්‍රසිද්ධ ප්‍රස්තුතයකි. එවැනි තේ පෝච්චියක් නොපවතින්නේය යන්න ඔහු තාක්ෂනිකව නොදන්නවා විය හැකි නමුත් ඒ පිලිබඳව ඔහු අඥෙයවාදියෙකු වීමට බැඳී නොසිටින බව ඔහු පෙන්වා දුන්නේය.) තම අදේවවාදය පිලිබඳ ඔහුගේ අවසාන යුක්තිසහගත කිරීම නම්, අඟහරු වටා කැරකෙන තේ පෝච්චියක් නැත යන්න ඉතාමත් සම්භාවී වන්නාක් මෙන්ම, දෙවියන් නොසිටී යන්න ද ඉතාමත් සම්භාවීය යන්නයි. සාක්ෂිවල සුලබ කම පෙන්වා දෙන්නේ දෙවියන් නොසිටීය යන්න බව ඩෝකින්ස් ප්‍රකාශ කරයි. බැරෑරුම් ලෙස අභියෝග කල හොත්, මෙම සියයට අනූ නවයක අදේවවාදය, සත්‍ය වශයෙන්ම සංශයවාදයට දොර විවෘත කර තබයි.
කෙසේ වෙතත්, දෙවියන් පිලිබඳ කල්පිතය, තේ පෝච්චි කල්පිතයට වඩා මුලුමනින්ම වෙනස් වර්ගයක කල්පිතයකි. සැබවින්ම එය කොහෙත්ම නියම කල්පිතයක් නොවේ. මන්ද යත්, උප කල්පිත විභාග කිරීම ඇතුලු විද්‍යාත්මක පරියේෂන ක්‍රියාදාමයන්ට, සත්‍ය කරා (අඩුම වශයෙන් සම්පූර්න සත්‍යය කරා) ලඟාවිය නොහැකිය යන ප්‍රකාශය එය එහි හරය තුල අඩංඟු කර ගන්නා බැවිනි. ආගමික ප්‍රස්තුත, විද්‍යාත්මක විමර්ෂනයක හැකියාවට පිටතින් සත්‍යය පවතින්නේය යන විශ්වාසය හා බැඳී පවතියි. එබැවින් ආගමික විශ්වාස සඳහා විද්‍යාත්මක සාධාරනීනරනයක් නොමැතිය, යන ප්‍රකාශය, ආගමට ලැදි පුද්ගලයෙකුගේ දෘෂ්ටි ආස්ථානයේ සිට බැලුව හොත්, කාරනයට අදාල නොවේ. එහෙත්, විද්‍යාව අවිශ්වාස කිරීමේදී ඔබගේ විද්‍යාත්මක පදනම් මොනවාදැයි යමෙක් ප්‍රශ්නය මඟ හැරීම සඳහා ප්‍රශ්න කල හැකිය.
විද්‍යාව හා ආගම අතර ගැටුම, ඩෝකින්ස්ගේ අනුභූතිවාදයට වඩා මූලික මට්ටමක පවතින දෙයකි.
අදේවවාදී විශ්වාසයන්ගේ පදනම, සැබවින්ම දෙවියන් නොවිය හැකි ප්‍රස්තුතයක්ය යන්න නොවේ. (කල්පිතය විද්‍යාත්මක කල්පිතයක් ලෙස ගනු ලැබුවත් එය යමෙකුට හමුවන ඉතාමත්ම අසම්භාවී කල්පිතයයි.) එහෙත් අදේවවාදය භෞතිකවාදී ලෝක දෘෂ්ටියකින් ගලා එයි. එනම් එය, පවතින්නාවූ සෑම දෙයක්ම එහි නොයෙකුත් හැඩයන්ගෙන් වර්ධනය වන්නාවූ ද්‍රව්‍යයේ නියාම පාලිත සන්තතියක්ය යන දර්ශනවාදී ආස්ථානය දරයි. ද්‍රව්‍යය නියාම පාලිත වන තාක් දුරට එය, විද්‍යාත්මක විමර්ෂනයකට භාජනය කල හැක, ඒ අතරම විමර්ෂනයට භාජනය වන දේ තාවකාලික සම්බන්ධතාවයන් සහිතව පවතින්නේය යන පූර්ව නිගමනය, විද්‍යාවට අවශ්‍ය කෙරේ. මෙය අවසානයේදී ආගම හා විද්‍යාව අතර කේන්ද්‍රීය ගැටුමයි. එනම්, භෞතිකවාදය හා විඥානවාදය අතර, තාර්කිකත්වය හා අතාර්කිකත්වය අතර ගැටුමයි. භෞතිකවාදී ලෝක දෘෂ්ටිය පිලිබඳ සනාථනය, ස්වභාවධර්මය සමඟ මානව වර්ගයාගේ අන්තර් ක්‍රියාකාරිත්වයේ සමස්ත ඓතිහාසික අත්දැකීම් තුල, විශේෂයෙන්ම පසුගිය අවුරුදු සිය ගනනක විද්‍යාත්මක ඥානයේ අසාමාන්‍ය වර්ධනය තුල, පෙන්නුම් කෙරේ. ඒ මඟින් මිනිස් වර්ගයා කල්පිත ගොඩනැඟුවා පමනක් නොව, භෞතික ලෝකය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තුල මෙම කල්පිත සාක්ෂාත් කර ගත්තේය.
ක්‍රමවේදාත්මක ස්වභාවධර්මවාදය හා අධිභෞතිකවාදී ස්වභාවධර්මවාදය අතර වෙනසක් නිර්මානය කිරීමට, පාසැල්වල පරිනාමාදය ඉගැන්වීමවෙනුවෙන් දැඩි ලෙස තර්ක කරන අතරම, විද්‍යාව හා ආගම අතර අනුරූපී බවක් ඇතැයි තර්ක කරන්නන් අතර එය පිස්සුවක් වී ඇත. (සමහර විට මේ අය අතර ප්‍රමුඛ වනුයේ විද්‍යා අධ්‍යාපනය පිලිබඳ ජාතික මධ්‍යස්ථානයේ ඉයුජින් ස්කොට් ය.) මෙම චින්තකයන්ට අනුව විද්‍යාව, ක්‍රමවේදාත්මක ස්වභාවධර්මවාදය මත පදනම් වෙයි. එනම්, විද්‍යාත්මක සම්පරීක්ෂනයක් පැවැත්වෙන අවධිය තුල හේතුව හා පල විපාක පිලිබඳ භෞතික ලෝකයට පිටස්තරව කිසිවක් නොපවතින්නේය යන්නය. මෙය හේතුව හා පලය පිලිබඳ භෞතික ලෝකයට පිටින් ඒකාන්තයෙන්ම කිසිවක් නොපවතින්නේය යන ප්‍රකාශයෙන් වෙනස්වේ.
විද්‍යා අධ්‍යාපනය අපේක්ෂා කරන අය විසින් ඉදිරිපත් කරන එවන් තර්කයක්, විද්‍යාත්මක පර්යේෂනය හා යථාර්තය අතර මොනයම්ම හෝ සම්බන්ධයක් බැහැර කරන බැවින්, එය සැබවින්ම සමස්ත වශයෙන්ම විද්‍යාවේ පදනම ද යටපත් කරයි. දෙවියන් හෝ වෙනත් ඕනෑම අධි භෞතිකවාදී වස්තුවක් පවතිනවා විය හැක.
විද්‍යාව, හේතුවාදී සම්බන්ධතා හා ස්වාභාවික නියාම පාලිත ක්‍රියාදාමයක උපකල්පන මත පදනම් වන බැවිනි.
මෙම යට ගැසුනු සත්‍යය විද්‍යාවට කිසිදාක සොයාගත නොහැකිය. (කාන්ට් ස්වායත්තය ලෙස නම් කලේ මෙය විය හැක.) මෙය ඇතැම් විට සිතූ පරිදි මානවයාට විශ්වය පිලිබඳව සම්පූර්න වැටහීමක් කරා ලඟාවීමට ඉඩ දෙනවා හෝ, නොදෙනවා විය හැකිය.
කෙසේ වෙතත්, ද්‍රව්‍යමය ලෝකය පිලිබඳව පුරෝකථනයට හා එය පරිවර්තනය කිරීමට විද්‍යාවට ඇති හැකියාව, ප්‍රයෝජනවත් ක්‍රමවේදයක් පමනක් නොව ථත්‍ය ලෝකය අවබෝධකර ගැනීම කරා ලඟාවීමේ මාර්ගයක් බව ද පෙන්නුම් කරයි. නිරීක්ෂනය, තර්කය, උපන්‍යාස හා අත්දැකීම් වලින් යුත් වෙහෙසකර පද්ධතියක් හරහා විද්‍යාව ඒ හැටියට පවතින ලෝකය පිලිබඳ වැටහීම කරා ලඟාවීමට මානවයාට ඉඩ ලබා දෙයි. එය ලෝකය සමග ප්‍රායෝගික අන්තර් ක්‍රියාකාරිත්වයක් තුලින් අපගේ සංකල්පවල නිරවද්‍යතාවය මැන බැලීමේ ක්‍රමවත් මාර්ගයකි. එක් හෝ තවත් අයුරකින් විද්‍යාව අතාර්කික, මිත්‍යාමය හා “භක්තිය” මත විශ්වාසය තබන ආගමෙන් වෙනස් කරනුයේ එහි තාර්කිකත්වයයි.
ආගමික විශ්වාස හා සමාජ ඉතිහාසය ඩෝකින්ස් මෙම දාර්ශනික කාරනා සමඟ බැරෑරුම් ලෙස හැප්පෙන්නේ නැත. ඔහු අදේවවාදය ආරක්ෂා කිරීම වැදගත්වන නමුත්, එය අවසාන වශයෙන් ඒත්තු නොයන අතර, නොගැඹුරුය. ඔහු තම ග්‍රන්ථයෙහි විශාල අවකාශයක් දෙවියන්ගේ පැවැත්ම අදාල කරගත් විවිධ සනාථකරනයන් (විශ්වවේදීය තර්ක, රටාවාදී තර්ක ආදිය) පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා කැප කරයි. මේ සියල්ල දැනටමත් සියක් වාරයක් ප්‍රතික්ෂේප කෙරී ඇති අතර, ඩෝකින්ස් එයට කිසිවක් අලුතෙන් එකතු කරන්නේ ද නැත. මෙම ඔප්පු කිරීම් වලින් වැඩි හරියක් (හැම ඵලයකටම හේතුවක් තිබිය යුතුය, ආර්ථික පසුබැසීම අවසානයේදී අනුත්පාදිත හේතුව කරා, එනම් දෙවියන් කරා යොමුවිය යුතුය වැනි ප්‍රකාශ) මේ වන විටත් දෙවියන් කෙරෙහි විශ්වාසය නොතබන බොහෝ දෙනාට යන්තම් වත් ඒත්තු නොයයි. එමෙන්ම ඒවායේ ප්‍රතික්ෂේපය, පොදුවේ දෙවියන් විශ්වාස කරන කිසිවෙකුට ඒත්තු යන්නේ ද නැත. නිරන්තරයෙන් “මතුරන තර්කයක්” ගැන සඳහන් කරමින් ඩෝකින්ස්, මෙම ඔප්පු කිරීම, ඩාර්වින් ඔහුගේ පරිනාමවාදය පිලිබඳ න්‍යාය තුල අවසානයකට ගෙනා බව පෙන්වා දෙයි. පරිනාමවාදී න්‍යාය ස්වාභාවික වරනයේ දීර්ග ක්‍රියාවලියේ නිෂ්පාදිතයන්, කෙතරම් සංකීර්නව, පැහැදිලිව, බුද්ධිමත් ලෙස නිර්මානය කල ජෛව වස්තූන් ද යන්න පැහැදිලි කලේය.
ආගමික විශ්වාසයන්ගේ මූලාරම්භය හා ඒවායේ සදාතනීකරනය ගැන සාකච්ඡා කිරීමේදී, දෙවියන්ගේ පැවැත්ම පිලිබඳ නා නා විධ ඔප්පු කිරීම් පුනරීක්ෂනය කිරීමට වඩා දෙයක් අවශ්‍යය.
විද්‍යාඥයෙක්, මෙම විශ්වාසයන් නැඟී ආවේ කුමක් නිසා ද හා මේවා සදාතනික වූයේ කුමක් නිසා ද යන කරුනු විභාග කල යුතුමය. මෙහිදී ඩෝකින්ස් තමාට තරමක් නුපුරුදු ක්ෂේත්‍රයකට අවතීර්න වන අතර, ආගමික විශ්වාස හැඩගැන්වීමේ හා සදාතනික කිරීමේ සමාජ සම්බන්ධතාවන්හි භූමිකාව ගැඹුරින් ග්‍රහනය කර ගැනීමට අසමත් වීම හේතුවෙන් නිරතුරුවම ඔහුගේ පය පැකිලෙයි.
ආගමට භෞතිකවාදී හා විද්‍යාත්මක ප්‍රවේශයක් යෙදීමට නම් සියල්ලටම පලමුව, ආගම යනු මූලිකවම සමාජීය නිෂ්පාදනයක් ලෙස පිලිගත යුතුය. සංස්කෘතිය යනු පුද්ගලයෙකුගේ නොව සමාජීය ප්‍රපංචයක් වන අතර පුද්ගලයෙක් ඔහුගේ වර්ධන ක්‍රියාවලියේදී, පුලුල් සමාජ වටපිටාවෙන් පිරිනැමෙන එක් හෝ තවත් ආකාරයක අදහස් වැලඳ ගනියි. එබැවින් ආගමික විශ්වාස පිලිබඳ භෞතිකවාදී විශ්ලේෂනයක්, සමාජය වෙත වන භෞතිකවාදී ප්‍රවේශයක් තුල පිහිටුවිය යුතුය.
කෙසේ වෙතත්, බොහෝ ස්වභාවධර්ම විද්‍යාඥයින් මෙන්ම ඩෝකින්ස් ද ඔහුගේ භෞතිකවාදය. සමාජ හා සංස්කෘතික ඉතිහාසය තුලින් ඉදිරියට ගෙන නොයයි.
ඔහු ආගමික විශ්වාස පිලිබඳ විඥානවාදී පැහැදිලි කිරීම් වල පිහිට පතමින් අවසන් කරයි.
ඓතිහාසික භෞතිකවාදය, එනම් මාක්ස්වාදය, ආගම් ඇතුලු දෘෂ්ටිවාදයන්, නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය නිසා මිනිසා බැඳී සිටින නිෂ්පාදන ක්‍රියාදාමය හා සමාජ සම්බන්ධතා තුල මුල් බැසගත්4 ඒවා ලෙස දකියි. දේශපාලන අර්ථශාස්ත්‍රය පිලිබඳ විවේචනයට එකතු කිරීමක් නමැති කෘතියේ සිය සුප්‍රකට පෙරවදන තුල මාක්ස් ලිවූ පරිදි, “ද්‍රව්‍යමය ජීවිතයේ නිෂ්පාදන පිලිවෙල, සමාජ දේශපාලන හා බුද්ධිමය ජීවිතයේ පොදු ක්‍රියාදාමය සකසා ලයි.
මිනිසුන්ගේ ජීවිතයෙහි පැවැත්ම නීර්නය කරන්නේ ඔවුන්ගේ විඥානයෙන් නොවේ. ඒ වෙනුවට ඔවුන්ගේ පැවැත්ම මඟින් ඔවුන්ගේ විඥානය තීරනය කරනු ලබයි.” අනෙක් අතට, ඓතිහාසික වර්ධනයේ විවිධ අවධීන්හිදී පාලක ප්‍රභූ කොටස්, නිශ්චිත සමාජ ආකෘතීන් සුජාත කිරීම සඳහා ආගම චිරස්ථායි කලහ.
උදාහරන ලෙස මධ්‍යතන යුගයේදී යුරෝපයේ කතෝලික පල්ලිය, වැඩවසම් වාදයේ එක් ප්‍රධාන ආයතනික, සංකල්පිත මුක්කුව වූ අතර ලොකුම ඉඩම් හිමි සංස්ථාවන්ගෙන් එකක් ද වූ බව කිව යුතු නැත.
නිෂ්පාදන බලවේග මත පාලනය තහවුරු කිරීමත් සමඟ පාලක ප්‍රභූවට පල්ලිය සමඟ අත්වැල් බැඳගෙන, දීර්ග කාලයක් තිස්සේ විවිධ ක්‍රම මඟින් ආගමික විශ්වාස චිරස්ථායී කල හැකි විය. නොයෙකුත් ධුරාවලීන් යුක්ති යුක්ත කරනවාට අමතරව දුප්පතුන්ට හා සූරා කැවෙන්නන්ට ගැලවීම තිබෙන්නේ මෙලොවට වඩා එලොව යයි කියා දීමට ආගම යොදාගෙන තිබේ.
අනෙක් අතට ආගම, හැමවිටම “රැවටිල්ලක” භූමිකාව රඟ දක්වයි. නිදසුන් වශයෙන් එය, දුප්පතුන්ට හා සූරාකැවෙන්නන්ට වෙනත් ලෝකයකදී ගැලවීමේ බලාපොරොත්තුව හා වඩා යහපත් ජීවිතයක සැනසුම සපයයි. මේ හේතුව නිසා, ආගමික දෘෂ්ටීන්ට සමාජයේ පුලුල් කොටසක් අතර සංවේදී ප්‍රතිචාරයක් ලබාගත හැකිය. ක්‍දබඑරසඉමඑසදබ එද එයැ ක්‍රසඑසුමැ දf ්‍යැටැක’ි ඡයසකදිදචයහ දf ඍසටයඑ (හේගල්ගේ හිමිකමේ දර්ශනවාදය පිලිබඳ විවේචනයට ප්‍රතිපදානයක්) කෘතිය තුල මාක්ස් මෙසේ ලිවීය. “ජීවයක් නොමැති පරිසරයක ජීවය වන්නා සේ ආගම, පීඩිතයන්ගේ සුසුම වෙයි.
හදවතක් නොමැති ලෝකයේ හදවත වෙයි, (පවත්නා) තත්ත්වයේ ජීවය වෙයි.” සැබවින්ම, ඔනෑම සංකල්පිත ප්‍රපංචයකදී මෙන්ම, ආගමේ ඉතිහාසය ද සංකීර්නය. ආගමික දෘෂ්ටිවාදය එහිම අභ්‍යන්තරික තර්කනයට අනුව, අර්ධ ස්වාධීන පැවැත්මක් අත්කර ගනියි. ආගමික පරිනාමය තුල ද ප්‍රවනතාවක් පවතියි. විද්‍යාත්මක පැහැදිලි කිරීම් හරහා මානවයා, ස්වාභාවික ලෝකය අවබෝධ කර ගනීම කරා ලඟාවීමත් සමඟ, දේව සංකල්පය වඩ වඩාත් වියුක්තයක් බවට පත්වීමට ද දෛනික සිදුවීම්වලින් වඩ වඩාත් ඉවත් කිරීමට ද ලක්ව ඇත.
එය මුලුමනින්ම සෘජු පරාවක්‍රයක නොවුන ද විද්‍යාත්මක දැනුම තවමත් ලඟාවිය යුතුව ඇති මානව අත්දැකීම් ක්ෂේත්‍ර තුල, ආගම අරක්ගැනීමේ නැඹුරුවක් ඇත.
පොදුවේ කිවහොත්, සමාජ ප්‍රගතිය, විද්‍යාවේ දියුනුව හා ආගමේ පසුබෑම සමඟ අතිනත ගෙන ඇත.
කාරනය වන්නේ ආගම පිලිබඳ මෙම පැහැදිලි කිරීම, සමාජ අන්තර්ගතය සමඟ වන ආගම පිලිබඳ ඕනෑම සාකච්ඡාවක්, සවිස්තරාත්මක විය යුතුය යන අදහස කාවැද්දීමයි. ඩෝකින්ස් මෙම ඉදිරිදර්ශනය මුලුමනින්ම ඉවත දමයි. “ආගම වනාහි පාලක පන්තිය විසින් පහල පන්ති යටත් කිරීම සඳහා යොදා ගන්නා මෙවලමක් ය” වැනි දේශපාලන අර්ථකථනවලට ඩාවින්වාදීහු සතුටු නොවෙති යයි ඔහු ලිවීය.
ඇමරිකාවේ කලු ජාතික වහලුන්, වෙනත් ජීවිතයක් පිලිබඳ පොරොන්දු වලින් නැලවූ බව නිසැකවම සත්‍යයකි. මෙය, සිය ජීවිතය සමඟ ඔවුන්ට පැවති අසන්තුෂ්ටිය මොට කල අතර, ඒ මඟින් ඔවුන්ගේ ස්වාමීන්ට වාසි සැලසුනි. “නරුම පූජකයන් හෝ පාලකයන් විසින් ආගම් හිතා මතාම සැලසුම් කලා ද යන ප්‍රශ්නය ඉතිහාසඥයන්ගේ අවධානයට යොමුවිය යුතු සිත් ඇදගන්නා කාරනයකි. එහෙත් එය අවශ්‍යයෙන්ම ඩාවීනියානු ප්‍රශ්නයක් නොවේ. මිනිසුන් ආගමික වශීකරනයන්ට මෙතරම් ගොදුරුවන්නේ කුමක් නිසා ද හා පූජකයන්, දේශපාලකයන් හා රජවරුන්ගේ සූරාකෑමට නිරාවරනය වී ඇත්තේ ඇයි දැයි තවමත් ඩාවින්වාදීන්ට දැනගැනීමට අවශ්‍යව ඇත.” මිනිසාගේ පරිනාමයේදී ආගමික විශ්වාස පිලිබඳ ඓතිහාසික මූලාරම්භය ගැන සාකච්ඡා කරන විට මෙය සැලකිල්ලට ගත යුතු කාරනයකි. “නරුම පූජකයන් හා පාලකයන්” ගැන කරන කථාව, ආගම පිලිබඳ මාක්ස්වාදී න්‍යායේ - ඩෝකින්ස් මෙය නම් නොකර සඟවයි. - යාන්ත්‍රික හා ඒකපාර්ශවික ඉදිරිපත් කිරීමකි. එසේ වුව ද, සෑම සමාජයකම පාහේ බොහෝ අවස්ථාවන්හිදී එක් හෝ වෙනත් ආකාරයක විශ්වාස මතුවීමේ ස්වභාවය සලකා, මිනිසාගේ පසුකාලීන වර්ධනයට සමාජයේ පරිමානය ප්‍රමුඛත්වය ගන්නා බව අවධාරනය කරද්දී පවා, ආගමික සංකල්ප අනුගමනය කිරීමට මානව සමාජය තුල පූර්ව ලැදිකමක් දක්වන්නාවූ යම් දෙයක් අපගේ ජීව විද්‍යාත්මක හැඩගැස්ම තුල ඇත්දැයි විමසීම නිවැරදිය. ආගම ඉටු කරන්නාවූ කාර්යයම කල හැකි වෙනත් දෘෂ්ටිවාදයන් ද තිබිය හැක. එසේ නම් ආගම අධිකාරය හිමිකරගෙන ඇත්තේ කෙසේ දැයි ඇසීමට යමෙක් උනන්දු විය හැක. ආගමික පැහැදිලි කිරීම් විශේෂයෙන් සිත් ඇදගන්නා දෙයක් බවට පත්කරන, ආගමික දෘෂ්ටිවාදය සුවිශේෂ විශ්වීය තත්ත්වයකට පත් කරන යමක් අපගේ උරුමය තුල ඇත්දැයි සාකච්ඡා කිරීමට ඩෝකින්ස් කැමති වනු ඇත.
ඔහු අවධානය යොමු කිරීමට කැමැත්තක් දක්වන ප්‍රශ්න කෙරේ ඩෝකින්ස්ගේ දෘෂ්ටිය පිලිබඳ යම් විස්තර වලට පසුව අපි මෙම ප්‍රවේශයේ සීමාසහිතකම් වලට මුහුන දෙන්නෙමු. සිය පිලිතුරු තුලදී ඩෝකින්ස්, ආගමික විශ්වාස පිලිබඳ පරිනාමීය විස්තර කථනයක් මඟින්ආගම සඳහාම වන පරිනාමීය ප්‍රතිලාභ සැඟවීම අවශ්‍ය නැතැයි සඳහන් කරයි. “ආගම වෙනත් කිසියම් දෙයක අතුරු ඵලයක් ලෙස දැකගනු ලබන බොහෝ ජීව විද්‍යාඥයන්ගෙන් එක් අයෙක් මම වන්නෙමි. වඩාත් පොදුවේ, ඩාවීනියානු මතවාදය නොනැසී පැවතීමේ වටිනාකම ගැන අනුමාන කරන ‘අප වැනි’ අය අතර ඵලයක් ගැන සිතීම අවශ්‍ය යයි මම විශ්වාස කරමි.
ඕනෑම දෙයක නොනස්නා පැවැත්ම ගැන අසන විට අප නඟන්නේ වැරදි ප්‍රශ්නයක් විය හැකිය.” ආගමික විශ්වාස ගැන පරිනාමවාදී පදනමක් පිලිබඳ ඩෝකින්ස්ගේ යෝජනාවේ විශේෂ ගැඹුරක් නැත. අපගේ වැඩිහිටියන් අපට පවසන දේ විශ්වාස කිරීමට අපි හැඩගැසී සිටින්නෙමු. මෙය ප්‍රයෝජනවත් බව ඩෝකින්ස් පවසයි. මක්නිසා ද යත්, පොදුවේ අපගේ වැඩිහිටියෝ නිවැරදිය, වැඩිහිටියන් සතු සමුච්චිත අත්දැකීම් සම්භාරය ප්‍රයෝජනයට ගෙන ඔවුන් තමන්ට පැවසූ දෙය නිවැරදි යයි ලමයි විශ්වාස කරති. මෙය නිවැරදි විය හැක. එහෙත්, වැඩිහිටියන් වෙතින් ලමයින් වෙත පිරිනැමෙන දේ, ආගමෙන් හැර වෙනත් දෙයක් තුලින් සිදු නොවන්නේ මන් ද යන ප්‍රශ්නය ඉතිරිව තිබේ. ඔහුගේ න්‍යාය කෙරෙහි පලවන අනිවාර්ය විරුද්ධත්වය, ඩෝකින්ස් විසින් නොසලකා හරින්නේය යන කාරනය මඟින්, ඔහු මෙම ප්‍රශ්නය පිලිබඳව ගැඹුරින් සිත යොමු කර නැත යන්න පෙන්නුම් කරයි.
ආගම යනු අතිමූලික වශයෙන්ම සාවද්‍යලෙස ආරෝපනය කරන ලද සචේතනිකතාව යි (සබඑැබඑසදබ්කසඑහ) යනුවෙන් ඩැනියෙල් ඩෙනට් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වඩා පලදායී බව පෙනී යයි.
මිනිසුන්ගේ සමහර ක්‍රියාවන්, විශේෂයෙන්ම ඔවුන් වටහා නොගත් ක්‍රියාවන්, සචේතනික සාධකය නිර්මානයක් ලෙස අර්ථ දැක්වීමට යොමුවිය. මෙය සැබෑ සචේතනික සාධකය සමග ම ගනුදෙනු කිරීමේදී ප්‍රයෝජනවත් ය. මන්ද යත් එය, මුල් අවධියේ මානවයන්ට, සතුන්ගේ හෝ තම සගයන් වූ මිනිසුන්ගේ හැසිරීම වඩා හොඳින් පෙරදැකීමට ඉඩ සැලසූ බැවිනි.
(සමාජ සම්බන්ධතා වර්ධනය වීමත් සමඟ එය විශේෂයෙන් ප්‍රයෝජනවත් ගුනයක් විය.) ආගම යනු ස්වාභාවික ලෝකය මත ආරෝපනය කරන ලද සචේතනිකතාවයි. වැස්ස වැසීමටත් ගඟ ගලායාමටත් හේතුව දෙවියන් ය යනාදි වශයෙනි.
මෙම නොයෙකුත් යෝජනා සිත්ගන්නා සුලු වන අතර, ඒවා පුරාවිද්‍යාව ද ඇතුලු විද්‍යාත්මක සාක්ෂි පිලිබඳ සම්පරීක්ෂනයක් තුල මුල්බැස නොගන්නා තාක් දුරට ඒවායේ විශේෂ ප්‍රයෝජනයක් ඇත්තේ නැත.
මේ දක්වා ඩෙනට් හා ඩෝකින්ස් යන දෙදෙනාම, මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී බෙහෝ කොටම නියැලී සිටින්නේ හාංසි පුටු පරිනාමවාදී ජීව විද්‍යාවෙහි ය.
වඩාත් මූලිකව ගත් කල, ඩෝකින්ස් හා ඩෙනට් යෝජනා කරන න්‍යායන්, ආගමේ ඉතිහාසය පිලිබඳව අපගේ අවබෝධය ඉදිරියට ගෙන නොයයි. මෙය (ආගමික ඉතිහාසය) ආගමේ පැවැත්ම හා අද දින එහි ස්වභාවය අවබෝධකර ගැනීමේදී, ඉතා වැදගත් ප්‍රශ්නයකි. අස්ථානගත චේතනාභිරෝපනය තුල හෝ ඔවුනට පවසන ලද දේ ගැන ලමුන් විශ්වාසය තැබිය යුතුය යන ප්‍රවනතාවෙහි හෝ, ආගමට ආරම්භක ආවේගයක් තිබුනේය යන මෙම සිතා ගැනීම, චේතනාභිරෝපනය සැබවින්ම අස්ථානගතවී ඇතැයි යන නිගමනය කරා විද්‍යාව අප මෙහෙයවා ඇති තත්ත්වයක පවා, අඛන්ඩව පැවතිය යුත්තේ ඇයි දැයි විස්තර නොකෙරේ. ප්‍රබන්ධ සත්තාවක පැවැත්ම තුල, ලමුන් දිගටම අවිචාරවත් පිලිගැනීමක නිරත විය යුත්තේ කුමක් නිසා ද හා දීර්ග කාල පරිච්ඡේදයක් පුරා ආගම පරිනාමයවී ඇත්තේ මන් ද යන්න ද එයින් පැහැදිලි නොකෙරයි.
මෙම ප්‍රශ්නයට මුහුනපෑමේදී ඩෝකින්ස් (සහ ඩැනට්) ජානයේ සංස්කෘතික සාම්‍යය යයි කියනු ලබන “මිමි” න්‍යායේ පිහිට පතයි. මිමි යනු “සංස්කෘතික උරුමය පිලිබඳ ප්‍රකාශිත” ඒකකයකි. සමහර මිමි වලට ඒවාම ප්‍රති ජනනය කර ගැනීම සඳහා දැඩි ප්‍රවනතාවක් තිබේ, යනාදි වශයෙන්,.. ( මිමි න්‍යාය - ඔයැදරහ දf ඵැපැ භාෂනය, අභිනය, සිරිත් විරිත් හෝ වෙනත් අනුකාරක ඉන්ද්‍රීය ගෝචර දේවල් තුලින්, එක මනසකින් තවත් මනසකට අන්තර් සම්ප්‍රේෂිත සංස්කෘතිකමය අදහස්, සංකේත හා භාවිතාවන්ගේ එකතුවක් හෝ අංගයක් ය යන න්‍යාය) ඩෙකට්ගේ මෝහනය බිඳීමස්වාභාවික ප්‍රපංචයක් ලෙස ආගම (ඊරු්නසබට එයැ ිචැකක-ඍැකැටසදබ ්ි ් බ්එමර්ක චයැබදපැබ්) යන කෘතිය පිලිබඳව ජේම්ස් බෲක්ෆීල්ඩ්ගේ විමර්ශනයෙහි වඩා විස්තර විවේචන සොයාගත හැකිය. දෘෂ්ටිවාදයක පැතිරීමෙහි පදනම අදහස් තුලම තැබීම මඟින්, (අදහස මතුව එන හා පැතිර යන සමාජය වෙනුවට) මිමි න්‍යාය පිලිබඳ උද්ඝෝෂකයෝ, ඉතිහාසය පිලිබඳ විඥානවාදී අර්ථනිරූපනයක් තුලට බැස ගනිති.
දෘෂ්ටිවාදාත්මක වර්ධනය සඳහා කුමක් හේතු වූයේ දැයි පැහැදිලි කිරීමේදී මෙම විධික්‍රමයට දැඩි දුෂ්කරතා වලට මුහුනපෑමට සිදුවෙයි.
“සදාචාරයේ ස්වභාවය හා ගුනය පිලිබඳව ලිවීමේදී සංස්කෘතික පරිනාමය පැහැදිලි කිරීමට ඔහුට පවතින දුෂ්කරතා ගැන ඩෝකින්ස් සමාවට කරුනු කියයි. “මෙය, සදාචාරාත්මක හා ආගමික සංකල්පයන්ගේ වෙනස්කම් වලට වග කියන, දශක ගනනාවක් තිස්සේ වෙනස්වීම් වලට භාජනය වන ගුප්ත සම්මතයක් බව” ඔහු පවසයි. මෙම “සදාචාරාත්මක ස්වභාවය හා ගුනය” තුල පවත්නා වෙනස්කම් ගැන ඔහුට සැබෑ පැහැදිලි කිරීමක් නැතිනමුත් ඩෝකින්ස්, “උත්තර දීමේ වගකීම මා වෙත පැවරී නැතැයි” පවසයි.
ඩෝකින්ස්ගේ සම්පූර්න එල්ලය, දෙවියන්ගේ නොපැවැත්ම පිලිබඳව තර්කානුකූල සනාථනයක් ඉදිරිපත් කිරීම හෝ මුල්ම මානව සමාජයේ වර්ධනය තුල ආගම් මතුව ඒමට අවකාශ සැලසුනේ කුමක් නිසා ද යන්නට න්‍යායක් ඉදිරිපත් කිරීමට නම් අපට මෙම ප්‍රකාශය පිලිගත හැකිය. එහෙත් සැබවින්ම ඩෝකින්ස් අරමුනු කරන්නේ ඊට වඩා යමක් කිරීමටයි.
ඔහුට සමකාලීන සමාජ හා දේශපාලන ප්‍රශ්න සමඟ පොරබැදීමට අවශ්‍යය. ආගම් දිගටම පවතින්නේ කුමක් නිසාදැයි පැහැදිලි කිරීමට කිසිදු පදනමක් නොමැතිව ඔහු මඩගොහොරුවක දඟලයි. බොහෝවිට ඔහු තම මාවත සොයා ගන්නේ ප්‍රතිගාමී ආස්ථානයන් දෙසටය.
ආගම හා දේශපාලනය ආගමික හා දෘෂ්ටිවාදී වෙනස්කම් විස්තර කිරීමේදී ඩෝකින්ස් හා අනෙක් අය මුහුන දෙන ගැටලුව, අවසානයේදී ලැගුම් ගන්නේ ඔවුන් මාක්ස්වාදී න්‍යාය යොදාගැනීම ප්‍රතික්ෂේප කිරීම තුලය. ඩෝකින්ස් එක් අතරවාරයකදී පමනක් මාක්ස් ගැන සඳහන් කරයි. ඉහතදී උපුටා දැක්වූ ඡේදය තුල පමනක් ඔහු පන්ති න්‍යාය ගැන සාකච්ඡා කරයි. ආගමේ සමාජ හෝ දේශපාලන වැදගත් කමක් ඩෝකින්ස්ට ඇත්තේ නැත. ඔහු ඒවාට සලකන්නේ වැඩි කොටම ජීවිතයේ ද්‍රව්‍යමය තත්ත්වයට සැබෑ සම්බන්ධයක් නැති හුදු අදහස් ලෙසය.
සාක්ෂි ලෙස ඔහු මෙසේ සඳහන් කරයි. “ පුද්ගලයින් ශුද්ධ ලියවිලි වචනානුසාරයෙන් හා බැරෑරුම්ව සැලකිල්ලට ගැනීමෙන් සිදුවන්නේ කුමක් ද යන්න ගැන කදිම නිදසුනකි, ඇෆ්ගනිස්ථාන තලිබාන්වරු හා ඇමරිකානු තලිබාන් වරු” (එක්සත් ජනපදයේ ක්‍රිස්තියානු මූලධර්මවාදය). සහතිකෙන්ම ශුද්ධ ලියවිලි භූමිකාවක් රඟ දක්වයි. එහෙත් ඇෆ්ගනිස්ථාන හා “ඇමරිකානු තලිබාන්වරු” යන දෙකොට්ඨාශයම ස්වකීය සමාජයන්හි ගැඹුරු සමාජ සම්බන්ධතාවන්හි නිමැවුමකි. සත්තකින්ම මෙම සමාජයන් අතර පවතින වෙනස්කම්, අදාල දෘෂ්ටිවාදයන් තුල ගැබ්වන වෙනස්වූ ලක්ෂන ප්‍රකාශ කරයි.
ආගම කරාවූ මෙම ප්‍රවේශය තුල නිශ්චිත දේශපාලන ප්‍රතිවිපාක ගැබ්ව තිබේ. ඩෝකින්ස් සිය ග්‍රන්ථය ආරම්භයේදීම, ඩෙන්මාර්ක් පුවත් පතක් වන ජයිලන්ඩ් පොස්ටෙන් (න්‍හක්බා ඡදිඑැබ) හි ඉස්ලාම් විරෝධී කාටූන් සිද්ධිය සාකච්ඡාවට ගනියි. 2006 වසරේදී මෙම සිද්ධිය ජනතාව අතර තියුනු විරෝධයක් ජනනය කලේය. ලෝකය වටා ආන්ඩු හා පුවත් පත් මෙම විරෝධය අදහස් පලකිරීමේ නිදහසට එරෙහි ප්‍රහාරයක් ලෙස හෙලා දුටු අතර, අවිචාරවත් කාටුනය පල කිරීමට මුල්වූ අය කථා කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටියවුන් ලෙස හුවා දක්වනු ලැබින. ඩෝකින්ස් මෙම අර්ථ කථනය මුලුමනින්ම ගිල ගත්තේය.
සත්‍යවශයෙන් නම් ඩෙන්මාර්ක් පුවත් පත සැබෑවටම පැටලුනේ නිදහස් භාෂනයේ අයිතිය ආරක්ෂා කිරීමට නොවන බව පිලිගැනීමට යමෙක්, ඉස්ලාම් මූලධර්මවාදී සංකල්පයේ ආධාරකරුවෙක් විය යුතු නැත. එහෙත් කාටූන් පලහිලව්ව යුරෝපයේ හෝ වෙනත් ඕනෑම තැනක මුස්ලිම් විරෝධය ඇවිලවීමට හිතාමතාම ඇති කරන ලද ප්‍රකෝපකරනයකි. අනෙක් අතට විරෝධතාව හුදෙක් ආගමික ස්වරූපයකට වඩා වැඩි කෝපයක් පිලිබිඹු කලේය. වැඩි කොටම මුස්ලිම් වරුන්ගෙන් සැදුම් ලත් රටවල, එක්සත් ජනපදයේ හා යුරෝපයේ ආන්ඩුවලට හා ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට එරෙහි කැකෑරෙන වෛරයක් පවතියි.
මැද පෙරදිග බොහෝ කලාප වල ද අනෙකුත් ප්‍රදේශ වල ද පැතිර පවතින අසන්තෘප්තිය නිතරම ආගමික ස්වරූපයක් ගැනීමේ කාරනය ම, ඓතිහාසික හා දේශපාලන සාධකවල නිමැවුමකි. අනාගමික ධනේශ්වර ජාතික ව්‍යාපාරවල ඉදිරිදර්ශනය මුලුමනින්ම බිඳවැටී ඇත. අනාගමික සමාජවාදී හා ජාත්‍යන්තර ව්‍යාපාර, ස්ටැලින්වාදීන් විසින් ක්‍රමානුකූලව පාවාදී ඇති අතර, එක්සත් ජනපදය හා අනෙකුත් බලවතුන් මෙම ව්‍යාපාර ආගමික ව්‍යාපාරවලට වඩා ඔවුන්ගේ අවශ්‍යතා වලට තර්ජනයක් වන ව්‍යාපාර බව වටහාගෙන ඇති බැවින්, සියලුම වර්ගයේ අනාගමික ව්‍යාපාර යටපත් කිරීම සඳහා දීර්ග කාලයක් තිස්සේ පරිශ්‍රම දරා ඇත. ඔසාමා බින් ලාඩන් හා තලිබාන් ව්‍යාපාරය යන දෙකම 1980 ගනන් වල ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මැදිහත්වීමෙන් නිර්මානය කල ඒවාය. මේ කාලයේදී එක්සත් ජනපදය දැඩි ඉස්ලාම් මූලධර්මවාදීන්ට නිර්ලෝභීව මුදල් පොම්ප කරමින් සෝවියට් සංගමයට එරෙහිව වක්‍රාකාර යුද්ධයක් ගෙන ගියේය. අනෙක් අතට, අල්කයිඩාවට වඩා සංයුතියෙන් වෙනස් ප්‍රපංචයක් වන පලස්තීන ප්‍රදේශවල හමාස් වැනි සංවිධාන, විශේෂයෙන්ම තමන් විසින්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයට අනුකූලව හැඩ ගැසෙමින් තව තවත් දකුනට තල්ලු වෙමින් සිටි පලස්තීන විමුක්ති සංවිධානය මඟින් නොසැපයූ අත්‍යවශ්‍ය සමාජ සම්පත් හා සේවාවන් සපයා ගැනීම සඳහා, අන් කිසිදු මාර්ගයක් නොමැති වීම නිසා බලයක් ගොඩ නඟාගෙන, සිය අවශ්‍යතා ඉටුකර ගනීම සඳහා පාර්ශවීය ලෙස ඉස්ලාම් මූලධර්මවාදය වෙත නැඹුරු විය. ආගමික සංකල්පයන්ගේ සමාජ හා දේශපාලන මූලයන් පිලිබඳව ඩෝකින්ස් දක්වන අන්ධ භාවය තුලින් ඔහුව මෙහෙයවා ඇත්තේ ප්‍රතිගාමී ආස්ථානයන් වෙතය. ඔහු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අධ්‍යයනය පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ පැට්‍රික් සූක්ඩියෝගෙන් පවා උපුටා දැක්වීම කරා ඉදිරියට ගියේය. සූක්ඩියෝ මෙසේ ලියා තිබුනි. “මරාගෙන මැරෙන මඟ තෝරාගත් තරුනයන් බ්‍රිතාන්‍යයේ මුස්ලිම් සමාජයේ වාටිය හෝඅන්තවාදී මූලධර්ම අදහන අය හෝ නොව, මුස්ලිම් ප්‍රජාවේ පතුලෙන් මතුව ආ අය වන අතර ප්‍රධාන ඉස්ලාමීය ප්‍රවනතාවන්ගෙන් පොලඹවනු ලැබුවෝ වෙති.” ඩෝකින්ස් විසින් මේ වචන අවිවේචනාත්මකව ඉදිරිපත් කරන විට යමෙක් අවිශ්වාසයෙන් දෑස් පිසදමාගන්නවා ඇත. ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අධ්‍යයනය පිලිබඳ ආයතනය, ක්‍රිස්තියානි මූලධර්ම වලට අනුකූලව යන සංවිධානයක් වන අතර එහි ප්‍රධාන එල්ලය ඉස්ලාම් විරෝධී ස්වෝත්තමවාදය නංවා ලීමයි.
ඉහතින් උපුටා දැක්වූ සුක්ඩියෝගේ වැකියෙහි අරමුන හරියටම එයයි. ඔහු කටයුතු කර ඇත්තේ තමන් උපුටා දක්වන්නේ කවුරුන් ද යන්න පිලිබඳ සැබෑ දැනුමකින් තොරවය යන අදහස මත යමෙකුට සැකයේ වාසිය ඩෝකින්ස්ට දිය හැකිය. ඉරාක යුද්ධයේ ක්‍රිස්තියානි සංකල්ප මෙන්ම ඉස්ලාමීය සංකල්ප ද කෙරේ දැඩි විරුද්ධත්වය පලකරන අයෙක් එවැනි අවම ඉදිරිදර්ශනයකට සිය අධිකාරය නයට දී ඇත යන්න සත්තකින්ම අභාග්‍යයකි. එහෙත් බෝහෝ ආගමික ප්‍රශ්න පසුපස රැඳී තිබෙන සමාජ හා දේශපාලන ප්‍රශ්න කෙරේ අන්ධව සිටීමේ විපාකය එවැනි ය. විඥානවාදී ඉදිරිදර්ශනයකින් එවැනි කරුනු වෙත ප්‍රවේශ වීමේදී ඩෝකින්ස්, ඉස්ලාම් මූලධර්මවාදීන්, සරලවම ආගමක් වශයෙන් ඉස්ලාම් ධර්මයේම නිමැවුමක් ය යන නිගමනය කරා ලෙහෙසියෙන්ම එලඹෙයි.
අදේවවාදයේ අනුගාමිකයන් අතර සමහර විට සෑම් හැරිස්ගේ කෘතිවල, මෙය පැහැදිලිව ඉදිරිපත් කෙරෙයි. තවමත් ලෝකය පුරා ආගමට නැඹුරුව සිටින කම්කරු පන්තියේ බහුතරයක් වන ජනතාව වෙත සාවඥ ආකල්පයක් දැරීමේ ප්‍රවනතාවක් ඇත. ආගම දෘෂ්ටිවාදී ප්‍රපංචයක් ලෙස පිලිසිඳ ගත් දෙයක් සේ අර්ථවත්කර ගැනීමෙන් පසුව සිදුවිය හැක්කේ, අවසාන වශයෙන් ආගම විශ්වාස කිරීමේ හේතුව මත මහජනතාවට දෝෂාරෝපනය කිරීම පමනක් වන අතර, සැනසීම කරා ආගමේ නාමයෙන් ගනු ලබන ඕනෑම ප්‍රතිපත්තියක්, යුක්තිසහගත ද කරනු ලබයි. ඩෝකින්ස් බොහෝ අවස්ථාවල අනුමැතිය සහිතව උපුටා දක්වන මෙය, නිතරම දක්ෂිනාංශික දේශපාලන ආස්ථානයන් කරා ගමන් කරනවා පමනක් නොව, ආගමික බලපෑම දියකර හැරිය හැක්කේ කෙසේ දැයි යෝජනා කිරීමට පවා මුලුමනින්ම අසමත් වෙයි.
මැද පෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය හා ලෝකය පුරා ආගමික ව්‍යාපාරවල බලපෑම යටපත් කිරීමට මාක්ස්වාදීන්ට ද අවශ්‍යය. ආගම උරුමයෙන්ම විද්‍යා විරෝධීය. එය සමාජයේ හා පීඩාවේ නියම ස්වභාවය වසන් කරයි. එය නිතරම සමාජ ප්‍රතිගාමිත්වයට හා මිලිටරිවාදයට රුකුල් දෙන දෘෂ්ටිවාදාත්මක කඩතුරාවක් ලෙස සේවය කරයි.
කෙසේ නමුත් මෙම අරමුන සාක්ෂාත්කර ගැනීමට නම් සියල්ලටම ප්‍රථමයෙන් යමෙක්, ආගමික විශ්වාසයන්ගේ සැබෑ සමාජ හා දේශපාලන පදනම තේරුම් ගත යුතුය. ඉහතින් උපුටා දැක්වූ කෘතියේම මාක්ස් සඳහන් කල පරිදි, “මිනිසුන්ගේ මායාකාරී සන්තුෂ්ටිය ලෙස පවතින ආගම අහෝසි කිරීම, ඔවුන්ගේ සැබෑ සන්තුෂ්ටිය සඳහා වන ඉල්ලීම වන්නේය. ඔවුන්ගේ තත්ත්වයන් පිලිබඳ මායාව අතහැර දැමීම සඳහා ඔවුන් වෙත කෙරෙන ඉල්ලීම, මායාව අවශ්‍ය කෙරෙන්නාවූ කොන්දේසි ඉවත දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමයි. මෙලෙස දිව්‍ය ලෝකය පිලිබඳ ඉල්ලීම මහ පොලොව පිලිබඳ විවේචනය බවට පත්වෙයි. දේවධර්මවාදය විවේචනය කිරීම දේශපාලන විවේචනය බවට පත්වෙයි.” ආගම පිලිබඳ විවේචනය, නියාම පිලිබඳ විවේචනය බව, වෙනත් වචන වලින් කිව හොත් ජන සමූහයන් අතර විද්‍යාත්මක විඥානය හා භෞතිකවාදී ලෝක දෘෂ්ටියක් සඳහා සටන, සමාජයේ හා පීඩාවේ සබෑ ස්වභාවය ජනතාවට පැහැදිලි කිරීමට දරන උත්සාහය සමඟ බැඳී තිබේ. එය දේශපාලන අරගලයක් හා සමාජවාදී ව්‍යාපාරයක් සඳහා අරගලය සමඟ බැඳී ඇත.
