ඇලෙක්ස්‌ ස්ටයිනර්ගේ දේශපාලන හා බුද්ධිමය චාරිකාව

හැඳින්වීම 2006 වසරේ මැයි-ජූනි මාසවල මම ඉතිහාසය හා සමාජවාදී විඥානය නමින්, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී වර්කර්ස් ලීගයේ සාමාජිකයන්ව සිට 1970 ගනන්වල අග භාගයේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය හැර ගිය ඇලෙක්ස් ස්ටයිනර් හා ෆ්‍රෑන්ක් බ්‍රෙනර් විසින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට එරෙහිව එල්ල කල ප්‍රහාරයකට පිලිතුරක් සම්පාදනය කලෙමි. විලිලජ්ජාවකින් තොරව බොහෝ වසර ගනනක් දේශපාලන විශ්‍රාමික දිවිය ගතකල ස්ටයිනර් හා බ්‍රෙනර්, වෛෂයිකවාදය ද මාක්ස්වාදය ද යන ලියවිල්ලකින් සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික කටයුතු, දේශපාලන ක්‍රියාකාරකම් හා සංවිධානාත්මක භාවිතයන් හෙලා දැක තිබේ. ස්ටයිනර්රැබ්‍රෙනර් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර කමිටුව අපෝහකයට විරුද්ධ වූ බවත් තත්කාර්යවාදයට එරෙහිව අරගලයක් ගෙනයාමට අසමත්ව ඇති බවත් ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට එසේ චෝදනා එල්ල වූ අපෝහකය නොතකා හැරීමේ ප්‍රතිවිපාක පහත සඳහන් පරිදි ප්‍රකාශයට පත්වේ. 1.

සමාජවාදී විඥානය පුබුදුවා ලීමේ මාධ්‍යයක් ලෙස යුතෝපියානුවාදය පුනර්ජීවනය කිරීමේ හදිසිභාවය හඳුනාගැනීමට අසමත් වීම 2. මනෝවිද්‍යාවේ හා ලිංගිකත්වයේ ගැටලු නොතකා හැරීම.

ස්ටයිනර්/බ්‍රෙනර්ට අනුව, ඔවුන් කියා සිටින දේශපාලන අභිප්‍රේරනය හා දිශානතිය හැඩ ගැස්වීමෙහිලා තීරනාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබන දෙවනුව කී කාරනයේ දී, අපගේ තත්වය අවශ්‍යයෙන්ම අතාර්කික ය. ඓතිහාසික හේතු දැක්වීම්, දේශපාලන විශ්ලේෂන හා ක්‍රියාමාර්ගික පැහැදිලි කිරීම් කෙරෙහි අවධානය යොමුකරන විට, ස්ටයිනර් හා බ්‍රෙනර්ට අනුව ජාත්‍යන්තර කමිටුව, මනුෂ්‍ය වර්ගයාගේ “කැටිගැසුනු අපරීක්ෂිත අතීතයක්” තුල දිගින් දිගටම පවතින්නාවූ “උප විඥානයේ අවරෝධිත වේදනයන්” තුල ලැගුම් ගෙන ඇති සමාජවාදයේ මනෝවිද්‍යාත්මක බාධකයන් පොරබැදීමට අසමත් වී තිබේ. (1) ස්ටයිනර්/බ්‍රෙනර් ලියවිල්ල පුලුල් වශයෙන් පදනම්ව ඇත්තේ “ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ විවේචනාත්මක න්‍යාය” හා සම්බන්ධ “බටහිර” හෝ “මානවවාදී මාක්ස්වාදය” ලෙස පොදුවේ හඳුන්වනු ලබන දෘෂ්ටිමය ප්‍රවනතාවන් සමඟ දිගු කලක් තිස්සේ සමාගම් පැවැත්වූ සංකල්ප මතය. මැක්ස් හෝර්ක්හයිමර්, තියඩෝර් ඇඩෝර්නෝ, කාල් කෝෂ්, හර්බට් මාකි්‍යුස්, අර්නස්ට් බ්ලොක්, එරික් ෆ්‍රොම් හා විල්හෙල්ම් රීක් ගේ වැඩ කටයුතු සමඟ අත්වැල් බැඳගත් ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සිය බලපෑමෙහි උපරිම ලක්ෂ්‍ය කරා ලඟා වූයේ 1960 ගනන් අවසන් වසරවල පෙරලිකාරී ශිෂ්‍ය විරෝධතාවයේ හිනිපෙත්තේ දී ය.

මධ්‍යම පන්තික පෙරලිකාරිත්වයේ එම රැල්ල බැස යාමෙන් පසුව ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ බලපෑම ස්ථානගත වූයේ බොහෝ රැඩිකලුන් ස්ථිර රැකියා අවස්ථාවන් සලසාගත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපනායතන තුල ය. අධ්‍යාපන පීඨවල බිත්ති හතර තුලින් ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ විරෝධතා කරුවන් සිය අනවරත යුද්ධය පවත්වා ගෙන ගියේ ධනවාදයට එරෙහිව නොව මාක්ස්වාදයට එරෙහිව ය. මෙම අරගලයේ දී ඔවුන් සැලකිය යුතු සාර්ථකත්වයක් අත් කර ගත්හ. විරල අවස්ථා කිහිපයක දී හැරෙන්නට මාක්ස්වාදය අහලකට වත් ආ කිසිවක් - යමෙක් එම යෙදුමෙන් අදහස් කරන්නේ ඉතිහාසය, සමාජය හා සමාජ විඥානය හැදෑරීම සඳහා දර්ශනවාදී භෞතිකවාදය බැරෑරුම් ලෙස භාවිතයට ගැනීම පමනක් නම් - විශ්වවිද්‍යාල හා අධ්‍යාපන පීඨවල මානවවාදී දෙපාර්තමේන්තු තුල දශක ගනනාවක් තිස්සේ උගන්වා නොතිබුනි.

මෙම බුද්ධිමය ප්‍රවනතාවේ අඛන්ඩ බලපෑමට යටින් අන්තර් සම්බන්ධිත ඓතිහාසික සාධක තුනක් පැවතුනි. පලමු වැන්න, 20 වන සියවසේ ප්‍රථම භාගය තුල කම්කරු පන්තිය ලද පරාජයන් හා ෆැසිස්ට්වාදය හා ස්ටැලින්වාදය විසින් සම්භාව්‍ය මාක්ස්වාදයේඋරුමක්කාරයන් වූ කම්කරු පන්තියේ හා සමාජවාදී බුද්ධිමතුන්ගේ සැලකිය යුතු කොටසක් මුලිනුපුටා දැමීම යි. දෙ වැන්න, පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ ජාත්‍යන්තර ධනවාදයේ පුනරුත්ථාපනය යි.

තෙවැන්න, ඉන් පසු අවධියේ වැඩි කාලයක් පුරා ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රතිසංස්කරනවාදී කම්කරු හා වෘත්තීය සමිති නිලධරයන් කම්කරු පන්තිය මත එක දිගට පවත්වා ගෙන ගිය අධිකාරය යි. කම්කරු පන්තියේ යලි හිස එසවීමට බාධකය බවට පත්ව තිබූ වෛෂයික හා ආත්මීය ඓතිහාසික සාධකවල සංකීර්න සංයුතිය, මාක්ස්වාදයට විරුද්ධ අශුභවාදී, දිරිසුන් බුද්ධිමය වාතාවරනය නිර්මානය කලේ ය.

මහජන විප්ලවකාරී පන්ති අරගලයේ න්‍යායික හෙලි තුඩ ලෙස සේවය කිරීමෙන් මාක්ස්වාදය වලක්වනු ලැබුන තාක් දුරට, එය විකෘති කර, දූෂනය කර කම්කරු පන්තියෙන් හුදෙකලා වූ ද, පරත්වාරෝපනය වූ ද, ඊට සතුරුවූ පවා සමාජ බලවේගයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගැනීම සඳහා මාවත සැකසුනි. මෙම ක්‍රියාවලිය තුල ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. එය, කම්කරු පන්තික අරගලයේ න්‍යායික හා දේශපාලන උපකරනය වූ මාක්ස්වාදය, - හෝර්ක්හයිමර්, ඇඩෝර්නෝ හා මාකි්‍යුස් විසින් ප්‍රතික්ෂේප කල - දේශපාලන අශුභවාදයේ ද, සමාජ පරත්වාරෝපනයේ ද, පුද්ගලික හා මනෝවිද්‍යාත්මක අපේක්ෂා භංගයට පත් මධ්‍යම පන්තිය සිය ප්‍රකාශනය සොයා ගත්, සමාජීය ව අරූපී සංස්කෘතික විවේචනයේ ද ආකෘතිය තුලට හරවා යැවීමට උත්සාහ කලහ.

ස්ටයිනර්රැබ්‍රෙනර්ගේ ලියවිල්ල, ප්‍රතිමාක්ස්වාදී ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය කෙරෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආකල්පය අර්ථනිරූපනය කිරීමට අවස්ථාවක් සලසා දී තිබේ. මම මෙසේ ලියා දැක්වීමි.

“ජාත්‍යන්තර කමිටුව සමඟ” ස්ටයිනර්රැබ්‍රෙනර්ට “ පවත්නා මතභේදයෝ හුදු වෙන් වෙන් ක්‍රියාමාර්ගික කරුනු පිලිබඳව නොවෙති. සමාජවාදය සඳහා අරගලය පදනම්ව ඇත්තාවූ දාර්ශනික ලෝක දෘෂ්ටිය පිලිබඳ බෙහෙවින්ම අති මූලික ප්‍රශ්නයන් පිලිබඳව වෙති.” (2) මාක්ස්වාදය ඉතිහාසය හා සමාජවාදී විඥානය කෘතිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සම්ප්‍රදායානුකූලව ප්‍රමුඛ ලෙස අවධාරනය කරන දේශපාලන ඉදිරිදර්ශනයන් වර්ධනය කිරීමෙහි ලා ස්ටයිනර්රැබ්‍රෙනර්ගේ විරුද්ධත්වයේ වැදගත් කම සමාලෝචනය කර තිබේ.

“ඓතිහාසික භෞතිකවාදී විධික්‍රමය මත පදනම් වූ විශ්ලේෂනයේ හා අදහස් පලකිරීමේ සංකල්පය (මාක්ස්වාදී) සමාජවාදී විඥානයේ වර්ධනයට අත්‍යවශ්‍ය වනවා පමනක් නොව අදාල ද වන්නේය.” (3) මෙයට ඔවුන් විරුද්ධ වන අතර “වෛෂයික ලෝකය පිලිබඳ හැකිතාක් නිවැරදි වූ හා නිශ්චිත වූ විශ්ලේෂනයක් මත විප්ලවවාදී භාවිතය පිහිටුවාලීමට යත්න දරන්නා වූ ඉදිරිදර්ශනය පිලිබඳ මාක්ස්වාදී සංකල්පය මුලුමනින්ම ප්‍රතික්ෂේප කලහ.” මා පැහැදිලි කල පරිදි, ඔබට අවශ්‍යව ඇත්තේ ජාත්‍යන්තර කමිටුව “ ප්‍රාථමිකව ම දේශපාලනය සහ ඉතිහාසය පිලිබඳව නොව - විශේෂයෙන්ම විල්හෙල්ම් රීක් සහ හර්බට් මාර්කි්‍යුස්ගේ කෘතිවල මෙන් -මනෝවිද්‍යාව සහ ලිංගිකත්වය පිලිබඳව උත්සුක වී ගැනීමය.” (4) ස්ටයිනර්/බ්‍රෙනර්ගේ ආත්මීය විඥානවාදී දෘෂ්ටි ආස්ථානය හතරවන ජාත්‍යන්තරය විසින් ඉෂ්ඨ කරන ලද කටයුතුවල භෞතිකවාදී පදනම් සමඟ මුලුමනින්ම විසංවාදී ය. “ජාත්‍යන්තර කමිටුවේ එම ඉදිරිපත් කිරීම්වල දී විස්ථාරනය කරන ලද න්‍යායික සංකල්ප හා ඉදිරි දර්ශනයන් වනාහි විල්හෙල්ම් රීක්, අර්නස්ට් බ්ලොක් හා හර්බට් මාර්කි්‍යුස් යන අයගේ අවමංගත ප්‍රතිමාක්ස්වාදී ව්‍යාජ-යුතෝපියානු (මනෝරාජික) වාදය හතරවන ජාත්‍යන්තරය තුලට කා වැද්දීමට-එනම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ න්‍යායික හා ක්‍රියාමාර්ගික පදනම් ද පන්ති දිශානතිය ද අතිමූලිකව විපර්යාස කර දැමීමට - ඔබ ගෙන යන ව්‍යායාමය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් බව ඔබ පැහැදිලිව ම වටහා ගත්තෙහිය.” (5) ස්ටයිනර්රැබ්‍රෙනර් විසින් හජාජාක ට දොස් පවරමින් එහි “වෛෂයිකවාදය” පිලිබඳව කල හෙලා දැකීම මඟින් උත්සාහ කලේ දර්ශනවාදී අහේතුකවාදය හා ආත්මීයවාදය නීතියුක්ත කිරීමට බව අපගේ පිලිතුර මඟින් අනතුරු ඇඟවීය. “විප්ලවවාදී දේශපාලනය සමාජ-ආර්ථික ප්‍රපංචයන් පිලිබඳ නිවැරදි මාක්ස්වාදී විශ්ලේෂනයක් මත පදනම් කිරීමට උත්සාහ දරන්නන්ට ද, ලෝක ධනේශ්වර පද්ධතිය, ජාත්‍යන්තර පන්ති අරගලය හා මහජන විඥානය තුල ඒවායේ පිලිබිඹුවෙහි රූපාකාරයන් ද පාලනය කරන නීති පිලිබඳ විද්‍යාත්මක අවබෝධයේ අවශ්‍යතාව අවධාරනය කල අයට ද එරෙහිව යොමු කල පරිහාසයේ යෙදුමක් ලෙස “ වෛෂයිකවාදය” ඔවුහු අපයෝජනය කලහ.” (6) සුලුධනපති කවයන් අතර මෝස්තරය බවට පත්ව තිබෙන යුතෝපියානු මිත්‍යා ප්‍රබන්ධනය පුනර්ජීවනය කිරීම සඳහා ස්ටයිනර්රැබ්‍රෙනර්ගේ ඉල්ලීමට විරුද්ධ වෙමින් මම මෙසේ ලිව්වෙමි. “ ධනවාදයේ ප්‍රතිඝතිතාවන් විප්ලවවාදී විඥානය වර්ධයෙහි ලා ප්‍රධාන හා තීරනාත්මක ආවේශය සපයයි.” මාක්ස්වාදී ව්‍යාපාරයේ කර්තව්‍ය වන්නේ මිත්‍යාමය යුතෝපියාවක් මත කම්කරුවන් ඇවිස්සීම නොවේ.

එය සංකල්පනය කෙරුනේ මෙසේ ය: “ධනේශ්වර පද්ධතියේ ගැඹුරු වන්නාවූ ආර්ථික හා සමාජ අර්බුදය තුලින් උග්‍ර කෙරුනු වෛෂයිකව සූරාකන්නාවූ අතිරික්ත - ශ්‍රම අපග්‍රහනයේ සන්තතිය තුලින් අනිවාර්යයෙන්ම පැන නඟින බව වටහා ගන්නා මාක්ස්වාදී ව්‍යාපාරය ඉතිහාසය නියාම පාලිත සන්තතියක් ලෙස විද්‍යාත්මක වැටහීමක් ද ධනේශ්වර නිෂ්පාදන විධිය සහ එය විසින් පැනනංවනු ලබන සමාජ සම්බන්ධතාවන් පිලිබඳ ඥානයක් ද, වර්තමාන අර්බුදය හා එහි ලෝක ඓතිහාසික ගම්‍යයන් පිලිබඳ අභිනිවේෂයක් ද කම්කරු පන්තියේ දියුනු කොටස් තුල වර්ධනය කිරීමට යත්න දරයි. මෙය වනාහි නොදැනුවත් ඓතිහාසික සන්තතියක් දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට ප්‍රතිවර්තනය කිරීම පිලිබඳ ප්‍රශ්නයකි. ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය උග්‍රවීමේ ප්‍රතිවිපාක පූර්වාපේක්ෂා කිරීමේ ද, ඒ සඳහා සූදානම් වීමේ ද, සිද්ධීන්ගේ තර්කනය එලිදරව් කරලීමේ ද, ඒවාට සරිලන්නාවූ දේශපාලන ප්‍රතිචාරයක් මූලෝපායිකව ද උපායිකව ද සූත්‍රගත කිරීමේ ද, ප්‍රශ්නයකි.” (7) එහෙත් “ධනවාදය විසින් ම නිර්මිත වෛෂයික සාධක තුල සමාජවාදයට පදනමක් දැක නොගන්නා වූ ද, පරාජයන් හා පසුබෑම්වල අත්දැකීම්වලින් දිරිසුන් බවට පත් වූ ද, ධනේශ්වර අර්බුදයේ ස්වභාවය වටහා නොගන්නා වූ ද, කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය තේරුම් ගන්නේ ද නැති අය” මේ සංකල්පයට විරුද්ධ වූහ. එම පුද්ගලයන්ට “විඥානය ප්‍රතිවර්තනය කිරීම පිලිබඳ ප්‍රශ්නය පෙනී යන්නේ සාරභූත වශයෙන්ම මනස්කාරවාදී පමනක් නොව මනෝවිද්‍යත්මක ප්‍රශ්නයක් ද ලෙසට ය. සමාජවාදී විඥානයට සැබෑ පදනමක් නොපවතින තාක් දුරට එවැන්නක් වර්ධනය වීමේ ශ්‍යක්‍යතාව සොයාගත යුත්තේ වෙනත් කිසියම් තැනක ය.” ස්ටයිනර්/බ්‍රෙනර් විශ්වාස කරන “සමාජවාදී සංස්කෘතියේ පුනර්ජීවනය සඳහා යුතෝපියාව නැතුව ම බැරිය” යන්නේ මූලය පවතින්නේ මෙහි ය. (8) ස්ටයිනර්/බ්‍රෙනර් ලියවිල්ලෙහි අඩංගු පිලිගත් හා පිලිනොගත් සමහර න්‍යායික බලපෑම් මාගේ පිලිතුරෙහි අවසන් භාගයේ දී සමාලෝචනය කර ඇත.

අවධානය යොමු කර ඇත්තේ විශේෂයෙන්ම, හෙන්ඩ්‍රික් ඩි මෑන්ගේ සමාජවාදයේ මනෝවිද්‍යාව, විල්හෙල්ම් රීක්ගේ ෆැසිස්ට්වාදයේ මහජන මනෝවිද්‍යාව හා හර්බට් මාකි්‍යුස්ගේ ශෘංගාරය හා ශිෂ්ඨාචාරය (ඊරෝස් ඇන්ඩ් සිවිලයිසේෂන්) වැනි මූලික කෘතීන් කෙරෙහිය.

“සමාජවාදී විඥානය සඳහා අරගලයේ දී මතුවන යථා ගැටලු පවතින්නේ වෛෂයික කොන්දේසිවල ක්ෂිතිජයට පිටතින්ය” යන ස්ටයිනර්/බ්‍රෙනර්ගේ ප්‍රකාශයන්ට පිලිතුරු වශයෙන් මම මෙසේ සඳහන් කලෙමි. “අප ජීවත් වන්නේ ද සටන් කරන්නේ ද ‘වෛෂයික කොන්දේසිවල’ ලෝකයේ ය. ඒවා අපගේ වත්මන් කරදරවල මූලාශ්‍රය වනවා පමනක් නොව, එම ගැටලුවල අවසාන විසඳුමෙහි ද මූලාශ්‍රය ද වන්නේය.” (9) 2007 සැප්තැම්බරයේ දී ස්ටයිනර්/බ්‍රෙනර් මාක්ස්වාදය, ඉතිහාසය සහ සමාජවාදී විඥානය කෘතියට ඔවුන්ගේ පිලිතුර පෙලගැස්වීමට පටන් ගත් අතර, එය තෙමසක් තිස්සේ කොටස් වශයෙන් පලකරන ලදී. මෙහි මාතෘකාව වූයේ ශීර්ෂය හෝ හදවත නැති මාක්ස්වාදය: ඩේවිඩ් නෝර්ත්ට පිලිතුරක් යන්නයි. (එය මින්පසුව ඵඋ්‍ය්‍ය ලෙස දැක්වෙයි.) 2. ස්ටයිනර්/බ්‍රෙනර් හා මාක්ස්වාදයේ උරුමය ස්ටයිනර්/බ්‍රෙනර් ඔවුන්ගේ ලියවිල්ල ආරම්භ කරන්නේ මාක්ස්වාදය ඉතිහාසය හා සමාජවාදී විඥානය හෙලා දකිමිනි. එය “මඟහැරීම් ද, වැරදි අර්ථකතනවලින් ද ගහන කෘතියක්” බව ඔවුහු දැඩි ලෙස කියා සිටිති. “උද්ධච්ඡ ස්වරයෙන්” ලියා ඇති එහි “හරවත් කමේ අල්පේච්ඡ භාවය” සැඟවිය නොහැක. එම ලියවිල්ල “අන් සියල්ලටත් වඩා, ජාත්‍යන්තර කමිටු නායකත්වය න්‍යායිකව කොතෙක් දුගී බවට පත්ව තිබේද යන්න පෙන්නුම් කරයි. නෝර්ත් හඳුන්වන ‘මාක්ස්වාදයේ’ හිස හා හදවත ඉන් අතුරුදහන්ව ඇත. මාක්ස්වාදය විප්ලවවාදී ධර්මතාවක් බවට පත්කරන ඒ නිශ්චිත දේවල් ම, එනම් අපෝහකය හා නිර්ධන පන්තියයි.” (10) ආත්මීය හා ප්‍රකෝපකාරී භාවයේ උග්‍ර හඬකින් ස්ටයිනර්රැබ්‍රෙනර් “ආරම්භයේ දී ම කුහකයෙක්” බව පවසමින් මට පහර දෙන අතර මගේ “අල්පේච්ඡ, ද්වේෂ සහගත හා වංචනික භාවය” ගැන දොස් පවරති.

(11) මෙම වර්ගයේ භාෂාවකට ප්‍රතිචාරයක් ලබාගත හැක්කේ දේශපාලන මතභේද කරා මූලධර්මාත්මක දෘෂ්ටි ආස්ථානයක සිට ප්‍රවිෂ්ට වීමට අසමත් අය අතර පමනි. මෙයාකාර ප්‍රහාරයන්ට පිලිතුරු දීමේ අවශ්‍යතාවක් මට නොපෙනේ. කෙසේ වෙතත් ස්ටයිනර්/බ්‍රෙනර් එල්ල කරන එක් චෝදනාවක් පිලිබඳව ප්‍රවේශමෙන් සලකා බැලීම වටනේය. ඔවුහු මෙසේ ලියති. “මෙම මෑතක ම ලිපිය තුල නෝර්ත් තව දුරටත් විප්ලවවාදී මාක්ස්වාදයේ උරුමය ආරක්ෂා නො කරන අතර ජාත්‍යන්තර කමිටුව එම උරුමයේ වැදගත් කොටස් අතහැර දැමීම සුජාත කරයි.” (12) මෙය වැදගත් ප්‍රශ්නයක් මතු කරයි. ඒ ස්ටයිනර්/බ්‍රෙනර් “විප්ලවවාදී මාක්ස්වාදයේ උරුමය” ලෙස සලකන්නේ හරියට ම කුමක් ද යන්නයි. දශකයක් මුලුල්ලේ ම ඔවුහු මාක්ස්වාදයේ න්‍යායික පදනම් සමඟ එන්ට එන්ටම පුලුල් වන සිය නො එකඟතාවය පලකරමින් සිටිය හ. ඔවුන්ගේ මතභේද පැන නැඟීමට පටන් ගත්තේ 1997 දී මාක්ස්වාදය ප්‍රමානවත් අයුරින් මනෝවිද්‍යාව යොදා නොගන්නේ යයි බ්‍රෙනර් කල ප්‍රකාශයත් සමඟ ය. 1998 දී ඔහු නිවේදනය කලේ මාක්ස්වාදයට “ලිංගභේදය පිලිබඳ නව න්‍යායක්” අවශ්‍ය වන බවයි. 1999 දී ස්ටයිනර් මට දැනුම් දුන්නේ දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය භෞතිකවාදය හා විඥානවාදය අතර සම්බන්ධයයි යන කාල් මාක්ස්ගේ ජීවිත කාලීන සහකරුවා වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ආස්ථානයට තමා එකඟ නොවන බවයි. තරමක් පසුව 2002 දී ස්ටයිනර් හා බ්‍රෙනර් කියා සිටියේ ජාක සමාජවාදී විඥානයේ සමකාලීන වර්ධනය සඳහා4 යුතෝපියානුවාදයේ (මනෝරාජිකවාදය) වැදගත්කම හඳුනාගත යුතු බවයි. 2003 දී ස්ටයිනර් “රුසියානු මාක්ස්වාදයේ පියා ලෙස හඳුන්වන ජී වී ප්ලෙකනොව් ගේ “ග්‍රාම්‍ය භෞතිකවාදය” හෙලා දැකීමට පටන් ගතතේය. මෙයට පසුව 2004 වසරේ දී ලෙනින්ගේ භෞතිකවාදය හා අනුභූතික විචාරය කෘතිය පිලිබඳව ස්ටයිනර් දිගු ප්‍රහාරයක් එල්ල කලේය. හජාජාක “වෛෂයිකවාදය” කරපින්නා ගැනීම හා විල්හෙල්ම් රීක් වැනි “ෆ්‍රොයිඩ් මාක්ස්වාදීන්” ගේ (සිග්මන් ෆ්‍රොයිඩ්වාදී) ප්‍රතිවේදයන් (ඉන්සයිට්ස්) එහි න්‍යායික කටයුතු තුලට වැද්දගැනීම ප්‍රතික්ෂේප කිරීමේ හේතුව මත 2005 වසරේ දී ස්ටයිනර් එල්ල කල ප්‍රසිද්ධ ප්‍රහාරයත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාරය නව අදියරකට සේන්දු විය.

ඔවුන්ගේ මෑත ලියවිල්ල තුල පොදුවේ ජාත්‍යන්තර කමිටුවටත්, පෞද්ගලිකව මටත් එල්ල කල අතොරක් නැති අවලාද ව්‍යාපාරයක් ඔස්සේ මෙම සියලු තේමාවන් ඔවුහු පෙරට ගෙන ගියහ.

දේශපාලනයේ දී සාමාන්‍යයෙන් පරිභව කිරීම් එල්ල කෙරන්නේ න්‍යායික හා දේශපාලන ප්‍රශ්නවල වෙස් මාරු කිරීම සඳහා ය. මෙම වෙස් මාරුව අවශ්‍ය කෙරෙන්නේ ඔවුන් දන්නා පරිදි සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පදනම්ව ඇත්තේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සමඟ මොනම පෑහීමක්වත් නැති න්‍යායික සම්ප්‍රදායක් මත වීම නිසාය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මත ඔවුන් පැටවීමට උත්සාහ කරන අදහස් නියෝජනය කරන න්‍යායඥයන්ගෙන් ඔවුන් නිල වශයෙන් ඈත්ව සිටින අතර ම, ඒවා හුවා දැක්වීමේ දී ස්ටයිනර්රැබ්‍රෙනර් ගලේ පැහැරූ බලලුන්ගේ තත්වයට පත්ව සිටිති. එබැවින් මා ඔවුන්ගේ දෘෂ්ටීන් හා ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයෙහි අයවලුන්ගේ දෘෂ්ටීන් අතර සම්බන්ධයක් ගොතා ඇති බව ඔවුහු පවසති. ඔවුන් මෙසේ කියයි.

“පුරසාරමට පුද්ගලයන්ගේ නම් ගාවා ගැනීමකින් තොරව කිසිදු කුමන්ත්‍රන න්‍යායක් සම්පූර්න නොවන අතර මෙහිදී නෝර්ත් ඇද ගන්නේ මාර්කි්‍යුස්, රීක් හා බ්ලොක් ගේ නාමයන්ය. මේ අවස්ථාවේ නෝර්ත් උනන්දු වන්නේ එක් දෙයක් ගැන පමනි.

එනම් ආශ්‍රය කිරීම වරදක් බවට පත්කිරීමය. අප මාක්ස්වාදය අතහැරීම පිලිබඳ හුදු මතුපිට සාක්ෂියක් ලෙස දක්වන්නේ මෙම මිනිසුන්ගේ නම්වලට අප කරන සැඳහුමයි. මාක්ස්වාදී විද්‍යාව ආරක්ෂා කිරීමේ ධජය යටතේ සිදුකෙරෙන මෙම දේවල්, සමස්ත අභ්‍යාසයට ම එකතු කරන තවත් කටුක උපහාසයක් පමනි. (13) ඉන්පසුව ඔවුන් රීක්, මාර්කි්‍යුස්, බ්ලොක් හා ඇඩෝර්නෝගේ වැඩ කටයුතුවලින් ඉගෙන ගැනීමට අසමත් වීමෙන් ජාත්‍යන්තර කමිටුව මාරක වැරැද්දක් කරන බව අවධාරනය කිරීම මඟින් මාගේ “කුමන්ත්‍රන න්‍යාය” නිෂ්ප්‍රභා කරනු ලබයි.

බ්ලොක්ගේ අසාර්ථකත්වයන්, සියල්ලටත් වඩා ස්ටැලින්වාදයට ඔහු දක්වන සහයෝගයනිසා ඔහුගේ කෘතීන් තුල තවමත් වටිනාකමකින් යුත් යමක් අඩංඟු වන බව හඳුනා ගැනීමෙන් යමෙක් නොවලකින අතර ඒ නිසා ඔහු බ්ලොක්ගේ ක්ෂමාලාපකයෙක් බවට පත් නොවේ. (14) අපි කිසි විටෙකත් රීක්ගේ අනුගාමිකයන්ව නොසිටියෙමු. නොඑසේ යයි පැවසෙනකිසිවක් අප ලියා ඇති දෙයකින් සොයාගැනීමට ද නොහැකිය.

ෆ්‍රොයිඩ්-මාක්ස්වාදීන් සමහර වැදගත් එකතුකිරීම් කර තිබෙන බව අප පිලිගන්නා අතරම, 20 වන සියවසේ අන් බොහෝ අය මෙන්ම ඔවුන්ගේ උරුමය ද පරස්පර විරෝධී එකකි. පසුගිය පරිච්ඡේදය තුල සඳහන් කල පරිදි එවන් වැඩ කටයුතු හමුවේ මාක්ස්වාදීන් එය විවේචනාත්මකව අගැයිය යුතු අතර ඒ තුල පවත්නා ජීවමාන යමක් ඇත්නම් ඒවා ප්‍රයෝජනයට ගත යුතුය. රීක් කෙරෙහි අපගේ ආකල්පය එයයි. (15) කෙසේ වෙතත් ඒ කී සියල්ල හමුවේ පවා රීක්ගේ ප්‍රතිවේදයන්හි තවමත් සැලකිය යුතු දේශපාලන වටිනාකමක් පවතියි. (16) යලිදු යමෙක් රීක්ගේ අදහස් තුලින් සිය විනිශ්චය ප්‍රවේශමෙන් තෝරාගත යුතුය.(නිදසුනක් ලෙස පොලිස්කාරයන් කම්කරුවන් ලෙස සැලකීමේ ඔහුගේ ආස්ථානයන් හෝ නාසිවාදීන් සමඟ වාදයේ පැටලීම මුලුමනින්ම නොමඟ යවන සුලුය.) ඔහුගේ කාලයේ පටන් දෛනික ජීවිතය පිලිබඳ බොහෝ දේ වෙනස්වී තිබේ. එසේ වතුදු, තරුනයන් සම්බන්ධව ඔහුගේ ආකල්පයන් කල් පවත්නා වැදගත් කමකින් යුක්තය. එසේ සලකන කල්හි ‘අනෙකුත් මිනිසුන්ගේ හිස්ගෙඩි තුල ඇති සිතුවිලි’වල දේශපාලන අර්ථභාරය පිලිබඳව ඔහු මනා උදාහරනයක් සපයා ඇත. (17) අර්නස්ට් බ්ලොක් මෙන්ම ඇඩෝර්නෝ හා මාර්කි්‍යුස් ගේ වැඩ කටයුතු ඔවුන් දේශපාලනිකව ගැරහීමට ලක් විය යුතුය යන පදනම මත ප්‍රතික්ෂේප කිරීමට දරන උත්සාහය වනාහි බුද්ධිමය හා සංස්කෘතික පසුගාමිත්වයට ඇමතීමට නොඅඩු දෙයකි. ස්ටයිනර් කියාපාන්නේ මෙම පුද්ගලයන් සතුව තිබිය හැකිවූ යම් වැදගත් අභිනිවේෂයන් අපගේ අන්තරායකාරී තදියම නිසා නොතකාහැර ඇති බවයි. අනෙක් අතට, ඔවුන්ගේ වැඩ කටයුතු විවේචනයට හසු නොවන බවක් හෝ ඔවුන්ගේ දේශපාලනය සමඟ නොගැටෙන කිසිවක් නොමැති බවක් හෝ මෙයින් අදහස් නොකරයි.

එහෙත් එවන් විෂමජාතීය එකතුවක් මුන ගැසුනු විට මාක්ස්වාදීන් කල යුතු වන්නේ එම වැඩ කටයුතු තුල ශරීරය තුලින් ඒවා පෙරා ගැනීම හා විවේචනාත්මකව ග්‍රහනය කිරීමයි. කතුවරයා දේශපාලනිකව ගැරහීමට පාත්‍ර වීමේ පදනම මත ඒවා කියවා බැලීමටත් පෙර කමකට නැතැයි නොතකා හැරීම හෝ ඉවත දැමීම නොකල යුතුය. (18) මේවා මගේ “කුමන්ත්‍රන න්‍යාය” සඳහා තවත් එකතු කිරීම් යෟ මාර්කි්‍යුස්, රීක්, බ්ලොක් හා තවත් අය “ඇදගැනීමේ” සැම අවස්ථාවක් ම ගසාකා ඇත්තේ මා නොව ඔවුන්ය. ඉහතින් සඳහන් කල ඡේද යමෙකු මෙසේ විමසීමට පොලඹවයි. “මේ සියල්ල සමඟ මාක්ස්වාදයේ උරුමය ආරක්ෂා කිරීමට ඇති සම්බන්ධය කුමක් ද?” ස්ටයිනර්රැබ්‍රෙනර් පෙනී සිටින්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පදනම්ව ඇති දර්ශනවාදී සම්ප්‍රදායන් සමඟ කිසිදු සමවායක් නැති දාර්ශනික සාරසංග්‍රහවාදයක් වෙනුවෙන්ය. තවද, “අපට එයින් ඉගෙන ගත නොහැකි ද?, අප සියල්ල ඉවත දැමිය යුතු ද?, ඒ තුල වැදගත් යමක් නොමැත්තේ ද?” යනාදී වශයෙන් වූ ඔවුන්ගේ වාදයෙහි එම රූපය ම කැටිකර දක්වන්නේ “එක් අතකින්, තවත් අතකින්” යන වර්ගයේ, එක එල්ලේ ම මාක්ස්ගේ දැඩි විවේචනයට පාත්‍ර වූ පන්ඩිත මානයයි. (19) ෆ්‍රැන්ෆර්ට් ගුරුකුලයේ වැඩ කටයුතු “වැදගැම්මකට නැති” නොවේ යයි ස්ටයිනර්/බ්‍රෙනර් විරුද්ධත්වය දක්වති. ඔවුන්ගේ කෘතීන් විස්තර කිරීමේ දී මා යොදාගත් වචනය එය නොවේ. කෙසේ වුවද ප්‍රශ්නය ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ කෘතීන් “වැදගැම්මකට නැති” ය යන්න නොව, ඔවුන් මාක්ස්වාදයේ හා ඉන් ඔබ්බට වර්ධනය පිලිබඳ විකල්පයක් නියෝජනය කරන්නේ ද යන්නය. ස්ටයිනර්/බ්‍රෙනර් කොතැනකදීවත් ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ සංකල්ප ක්‍රමානුකූලව විවරනය කිරීමට හෝ ඒවායේ ඓතිහාසික, සමාජ හා බුද්ධිමය මූලයන් හෝ ඒවා නියෝජනය කරන පුද්ගලයන්ගේ වැඩ කටයුතු අතර වෛෂයික අභ්‍යන්තර පුරුක් ස්ථාපිත කිරීමේ උත්සාහයක් දරා නැත. “අපෝහකය” පිලිබඳ ඔවුන්ගේ සියලු හඬතැලීම් තිබියදී ම ස්ටයිනර්/බ්‍රෙනර් ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සම්බන්ධයෙන් ඓතිහාසික හා අපෝහක භෞතිකවාදී විශ්ලේෂනයක් ඉදිරිපත් කිරීමට අසමත් වෙති. මේ සඳහා පසුව කී අයගේ සම්භවය, වර්ධනය, ප්‍රතිඝතිතා හා ඒවා දෘෂ්ටිමය වශයෙන් ප්‍රකාශයට පත්වීමේ පන්ති ප්‍රවනතාවන් ද පිලිබඳ සමාලෝචනයක් අවශ්‍ය කෙරෙයි. ඒ වෙනුවට පාඨකයාට දැනුම්දී ඇත්තේ රීක් හෝ මාර්කි්‍යුස් මුග්ධ දේ ලියා තිබිය හැකි වුවත් ඔවුන් ප්‍රයෝජනවත් දේ ද ලියා ඇති බවයි. එසේය, රීක් ප්‍රතිකොමියුනිස්ට්වාදියෙකු ලෙස අවසානයට පැමින තිබිය හැකි නමුත් ඔහුගේ ජීවිතයේ අවසන් අදියර අනෙකුත් අදියරයන්ට කිසිදු සම්බන්ධයක් නොදක්වයි.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ ප්‍රමුඛයන් කිසිවෙකුත් හතරවන ජාත්‍යන්තරය සමඟ දේශපාලන සම්බන්ධයක් කෙසේ වෙතත් හිතවත් කමක් පවා නොදැක්වීමේ කාරනය ස්ටයිනර්/බ්‍රෙනර් සරලව ම නොතකා හරියි.

මෙය කිසිසේත්ම අහම්භයක් නොවේ. ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ බුද්ධිමය වැඩ කටයුතු පදනම්ව ඇත්තේ ට්‍රොට්ස්කිගේ දේශපාලන හා න්‍යායික වැඩ කටයුතු පදනම්ව තිබුනු සම්භාව්‍ය මාක්ස්වාදයට ප්‍රතිවාදී වූ අහේතුකවාදී ආත්මීයවාදී හා පුද්ගලවාදී හා ප්‍රතිගාමී න්‍යායික සම්ප්‍රදායන් මතය. ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ දැක්ම හැඩ ගැන්වීමේ දී මාක්ස් හා එංගල්ස්ගේ කෘතීන් ඉටු කර ඇත්තේ, ෂෙලිං, ෂෝපන්හෝවර්, නිට්ෂේ හා හයිඩෙගර් වැන්නවුන්ට වඩා බෙහෝ අඩු කාර්යභාරයකි.

ෆ්‍රැන්ක්ෆ්ර්ට් ගුරු කුලය තුල පැතිර පවතින දේශපාලන දැක්ම අංඟ ලක්ෂිත වන කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කිරීම, ඓතිහාසික හා සංස්කෘතික අශූභවාදය, හා දේශපාලන සිදුවීම් කෙරෙහි පලවන එහි ධාරනාවාදී ප්‍රතිචාරය, හතරවන ජාත්‍යන්තරයේ වැඩ කටයුතු සප්‍රානික කල අපෝහක භෞතිකවාදී විශ්ලේෂනය මත පදනම් වූ එහි ඉදිරිදර්ශනය සමඟ මොනයම්ම හෝ පොදු භාවයක් ඇත්තේ නැත.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ප්‍රමුඛ නියෝජිතයන් සිය වැඩිහිටි ජීවිත කාලයෙන් බොහෝ කොටසක් ගතකර ඇත්තේ දේශපාලන වෛශ්‍යා වෘත්තියෙහි යෙදෙමිනි. “විවේචනාත්මක න්‍යාය” හා “නිෂේධනාත්මක අපෝහකය” පිලිබඳ නිපුනයන් වූ ඔවුන් ඒවා දේශපාලන විශ්ලේෂනයට යෙදීමේ දී අදක්ෂ හා නිරන්තරයෙන් මුල් සිඳගත් තත්වයකට පත් විය.

1930 ගනන්වල ෆැසිස්ට්වාදයේ නැඟීම හා කම්කරු පන්තියේ පරාජයන් සමාජවාදී විප්ලවයේ ශක්‍යතාවය පිලිබඳව ඔවුන්ට යම් කාලයක පැවතුනාවූ කුමන හෝ විශ්වාසයක් කැබලිකර දැමීය. 1947 දී ප්‍රකාශයට පත්කරන ලද ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ පාදක දාර්ශනික ප්‍රකාශය ලෙස පොදුවේ සලකන ලද, හෝර්ක්හයිමර් හා ඇඩෝර්නෝ විසින් රචිත බුද්ධි ප්‍රබෝධයේ බුද්ධි ප්‍රබෝධයේ බුද්ධි ප්‍රබෝධයේ අපෝහකය මානව ප්‍රගතියේ සියලු අපේක්ෂාවන්හි පරිහානිය ප්‍රකාශයට පත් කලේය.

1950 හා 1960 ගනන්වල දී ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දේශපාලනිකව ප්‍රතිගාමී ඇඟවුම් ඕනෑවටත් වඩා පැහැදිලිව තිබුනි. ඇමරිකානු පිටුවහලේ සිට ජර්මනියට ලඟාවූ එහි දිගු කාලීන අධ්‍යක්ෂක මැක්ස් හෝර්ක්හයිමර්ගේ භාරකාරත්වය යටතේ එය පශ්චාත් නාසිවාදී බටහිර ජර්මානු රාජ්‍යයේ නව බුද්ධිමය පදනම් වර්ධනය කිරීමේ මූලික කාර්ය භාරයක් ඉටුකලාය. ඒ කාලය තුලම, නූතන ධනේශ්වර සමාජය තුල විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කල විල්හෙල්ම් රීක් හා හර්බට් මාර්කි්‍යුස් සුලු ධනපති රැඩිකල් නව වමේ කොටස් අතර ප්‍රේක්ෂකත්වයක් දිනාගත්හ. අතහැර දැමුවේ යයි ස්ටයිනර්/බ්‍රෙනර් අපට චෝදනා කරන එම “උරුමය”, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට නම්කිසිවිටෙකත් සමාගම් නොපැවැත්විය හැකි හා කිසි කලෙකත් සමාගම් නොපැවැත්වූ දෙයකි.

ජාත්‍යන්තර කමිටුව හෙලා දැකීම සඳහා ස්ටයිනර්/බ්‍රෙනර් ඉදිරිපත් කල “මාක්ස්වාදයේ උරුමය” පිලිබඳ මැසිවිිල්ල තුල, ඔවුන්ගේ විවේචනයෙහි යථා ඓතිහාසික හා දාර්ශනික මූලයන්ගේ ආලෝකයෙන් බලන විට එක පැහැර ඇති දේශපාලන වංචනිකත්වය ගැන සඳහන් නොකලත්, ඒ තුල ස්වයං මුලාවේ අංඟ ලක්ෂන දැකගත හැකිය. තනි පුද්ගලයන් ලෙස ස්ටයිනර් හා බ්‍රෙනර් ඔවුන්ගේ දෘෂ්ටීන්ට හිමිකම් කියති. එහෙත් ජාත්‍යන්තර කමිටුව අනවරතයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබූ න්‍යායික හා දේශපාලන සංකල්පවලට හදිසියේ ම ජාත්‍යන්තර කමිටුව අනුගත විය යුත්තේ මන්ද යන්න පැහැදිලි කිරීමට ඔවුහු අසමත් වෙති. ස්ටයිනර්/බ්‍රෙනර් ඉල්ලා සිටින ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික හා දේශපාලන විෂයධාරාවේ වෙනස්කම් සඳහා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල කිසිදු පදනමක් ඇත්තේ නැත.

3. ස්ටයිනර් බ්‍රෙනර් විවාදයේ සම්භවය ව්‍යාපාරය විසින් මාක්ස්වාදය අතහැර දැමූ බව කියා පාමින් ඔවුන් ඉදිරිපත් කල විවේචන මාගේ අභිමතයට හිස නැමූ නිලධාරිවාදී පක්ෂ යාන්ත්‍රනය විසින් රුදුරු ලෙස මඬිනු ලැබීම නිසා, ඊට ගොදුරු වූවන් ලෙස පෙනී සිටිමින් දේශපාලන කථාන්තරයක්, ස්ටයිනර්රැබ්‍රෙනර් සොයාගෙන තිබේ. ඔවුන්ගේ ප්‍රති මාක්ස්වාදී සංකල්පයන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පොදු වේදිකාවක් ලෙස යොදා ගැනීමට ඉඩ සැලසීම සසප විසින් ප්‍රතික්ෂේප කිරීමේ කාරනය දේශපාලන ආඥාදායකත්වයක ආරම්භය ලෙස ඔවුහු ඉදිරිපත් කරති. දශක ගනනාවක ප්‍රති කොමියුනිස්ට්වාදී ප්‍රචාරනයේ ප්‍රතිවිපාකයක් ලෙස, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ මහජන විඥානය තුල ලැගුම්ගෙන තිබෙන, සමාජවාදය වනාහි පෞද්ගලික අයිතීන් මැඬීමේ ක්‍රමයක් ලෙස අනන්‍යකර ගෙන සිටින, දේශපාලනිකව අත්දැකීම් විරහිත කොටස් අතර මෙම කතාන්තරය මඟින් අනුකම්පාවක් දිනාගනු ඇතැයි ඔවුහු ගනන් බලති. සැබවින්ම සරල ලෙස නොතකා හල නොහැකි කාරනය නම් ස්ටයිනර්/බ්‍රෙනර් වසර 30 කට පෙර ව්‍යාපාරය හැර ගිය බවයි. ඔවුන් සිය වැඩිහිටි දිවිය මුලුමනින්ම පාහේ ගතකර ඇත්තේ සිය පෞද්ගලික ඕනෑ එපාකම් සපුරාගැනීම සඳහාය. ඔවුන්ගේ ලියවිලි ප්‍රසිද්ධ කිරීම සඳහා ලෝසවෙඅ ට කිසිදු බැඳීමක් තිබුනේ නැත. ඔවුන් මෙම ගැටලුව මතු කිරීමට උත්සාහ කලේ මෙසේ අවධාරනය කරමිනි.

අපට පක්ෂ සාමාජිකත්වය ලඝුකොට තැකීමේ කිසිදු අභිලාෂයක් නොපැවති නමුත් මේ සම්බන්ධයෙන් වෛෂයිකවාදය ද මාක්ස්වාදය ද තුල අප මතු කල ගැටලු සහගත කාරනයක් නෝර්ත් විසින් නොසලකා හලේය. ස්ටයිනර් 1998 දී පක්ෂයට යලිත් එකතුවීම සඳහා ඉල්ලුම් කල නමුත් පක්ෂ නායකත්වය-මෙයින් අදහස් කලේ ප්‍රධාන කොට ම නෝර්ත්ය - ඔහුගේ ඉල්ලුම් පත්‍රය ගැන ක්‍රියා නොකල අතර කිසි කලෙක ඊට හේතු පැහැදිලි කලේ ද නැත. මෙම අයැදුම් පත ඉදිරිපත් කලේ කිසිදු දේශපාලන මතභේදයක් මතුවීමට වසර ගනනාවකට පෙර හා ස්ටයිනර් ලෝක සමාජවාදී වෙබ්අඩවියට ලිපි ලේඛන සපයමින් සිටි අවධියක ය. කෙටියෙන් කිව හොත් ස්ටයිනර් පක්ෂයෙන් ඉවත් කර තැබුවේ හා දැන් ස්ටයිනර් පක්ෂ සාමාජිකයෙක්ව නොසිටි බවට චෝදනා කරන්නේ ද නොර්ත්ය.

නෝර්ත් මෙම විවාදය මතුවී ඒමට තුඩුදුන් සිදුවීම් පිලිබඳ විශ්වාසනීය වාර්තාවක් වැනි දෙයක් සම්පාදනය කරන්නේ ද නැත. (20) ඇත්ත වශයෙන්ම මෙම විවාදයේ සම්භවයන් පිලිබඳ වාර්තාවක් මාක්ස්වාදය ඉතිහාසය හා සමාජවාදී විඥානය කෘතිය තුල සම්පාදනය කර තිබේ. (21) කෙසේ වුව ද මා එම මුල් වාර්තාව තවත් විස්තර ද සහිතව ඉදිරිපත් කිරීමට හොඳින්ම සූදානම්ව සිටින්නෙමි. මේ සඳහා මා ඇලෙක්ස් ස්ටයිනර්ගේ දේශපාලන චරිතාපදානය සමාලෝචනය කිරීම අවශ්‍ය කෙරෙයි.

මේ දක්වන සැලකිල්ල ඔහු අගය කරයි ද යන්න සැක සහිත ය. මේ සියල්ලෙන් පසුව ඔහු ස්ටයිනර්/බ්‍රෙනර් ලියවිල්ලේ තවත් කොටසක් තුල මෙසේ ලියයි.

“ඇලෙක්ස් ස්ටයිනර් විප්ලවවාදී ව්‍යාපාරයක නායකයා නොවේ. පුද්ගලයෙක් ලෙස ඔහුගේ වැඩ කටයුතු මෙම සාකච්ඡාවට අදාල වන්නේ ද නැත.”(22) කෙතරම් නිහතමානී කමක් ද යත් මා එය ගෞරවයෙන් යුක්තව ප්‍රතික්ෂේප කරන්නෙමි.

කරුනු තුනක් පැහැදිලි කල යුතුය. පලමු වැන්න, සිය නායකත්වය ඉවත් කරන මෙන් පක්ෂ සාමාජිකත්වයෙන් සෘජු ලෙස කරන ඉල්ලීමක් ද ඇතුලත් ප්‍රසිද්ධ දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීම වනාහි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොව නායකත්වය සඳහා තරග කරන අපේක්ෂකයෙකුගේ ක්‍රියාවකි.

අවස්ථාව එලඹි කල්හි නායකත්වයේ වගකීම් භාරගැනීමට කතුවරයාගේ පාර්ශවයෙන් පලකෙරෙන කැමැත්ත ඉන් ඇඟවුම් කෙරෙයි. එනම් ඔහුගේ ලියවිල්ලෙන් ඉල්ලා ඇති දේශපාලන වෙනස්කම් සිදු කිරීමට ඔහු කැඳවූ විටෙක ඒ සඳහා සූදානම් බවය.

දෙවැන්න ස්ටයිනර්/බ්‍රෙනර් ලියවිල්ලේ න්‍යායිකදර්ශනවාදී පිලිවෙත් විස්තාරනය කල එම අංශයන්හි ප්‍රධාන කතුවරයා වන්නේ ස්ටයිනර්ම ය. ස්ටයිනර්ගේ බුද්ධිමය හා දේශපාලන ඉතිහාසය පිලිබඳ විමර්ෂනයක් ඔහුගේ දේශපාලන තර්කයන්ගේ සම්භවය හා ඇඟවුම් අවබෝධ කර ගැනීමේලා මඟ පෙන්වීමක් වනු ඇත.

තෙවැනුව, ප්‍රසිද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට පෙරාතුව සසප සමඟ පැවති ස්ටයිනර්ගේ මතභේද වර්ධනය වූආකාරය පිලිබඳ සැලකිය යුතු ලිඛිත වාර්තාවක් පවතින අතර ඒ ගැන සඳහන් කිරීමට ස්ටයිනර්/බ්‍රෙනර් අසමත් වුව ද ඒවා ලේඛන ගතකර තිබේ.

මෙම වාර්තාවට 1999 (1998 නොවේ!) සසප සාමාජිකත්වය සඳහා ඉදිරිපත් කල අයැදුම් පතට අදාලව හුවමාරු වූ ලිපි ද අන්තර්ගතය. ස්ටයිනර් හා සමාජවාදී සමානතා පක්ෂය අතර පක්ෂ ඉතිහාසය පිලිබඳව මෙන්ම මාක්ස්වාදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්න මත සැලකිය යුතු මතභේද එවකට ද පැවතුනු බව ඔහු මා වෙත හා සසප වෙත එවූ ලිපි මඟින් පැහැදිලිව දැක්වේ.

ස්ටයිනර්රැබ්‍රෙනර් විසින් පසුකාලීනව ලියන ලද ලේඛන තුල මතුකල මතභේද සියල්ලම පාහේ ස්ටයිනර්ගේ 1999 ලිපි තුල පූර්වාපේක්ෂිත විය.

ස්ටයිනර්/බ්‍රෙනර් ඔවුන්ගේ වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධියට පත් කල විවාදාත්මක කරුනු අඩංඟු ලිපි සිය ගනනක් තුල ඉහත කී ලිපි අඩංඟු නොවේ. ඔවුන්ගේ වඩාත් මෑත කාලීන හා කන්ඩායමික අභිප්‍රේරනයකින් යුත් යලි අගැයීම්වලින් පෙරලිකාරී ලෙස වෙනස්වන මාගේ න්‍යායික කටයුතු පිලිබඳ තක්සේරුවක් ඉදිරිපත් කරමින්, ස්ටයිනර් විසින් ලියන ලැබූ අනෙකුත් ලිපි ප්‍රකාශයට පත්කලේ ද නැත. මෙම කැපී පෙනෙන මඟහැරීම්, දෙපිටකාට්ටුව ද දේශපාලන හා බුද්ධිමය මූලධර්ම නොමැති කම ද පිලිබඳ පාපෝච්චාරනයකි.

මෙම ලිඛිත වාර්තාව සමාලෝචනය කිරීමට ප්‍රථමයෙන් අපි ස්ටයිනර්/බ්‍රෙනර් වෘත්තාන්තය තුල ඇති ඇස් නිලංකාර කරවන විසංවාදයක් කෙරේ පාඨකයාගේ අවධානය යොමු කරවන්නෙමු. සසපයේ ඇතැයි කියන න්‍යායික හා දේශපාලන පරිහානිය පිලිබඳ ඔවුන්ගේ න්‍යාය ඉදිරිපත් කරමින් ස්ටයිනර්/බ්‍රෙනර් අවධාරනය කරන්නේ ඩොට්.කොම් උත්පාතය පැවති වසරවල ධනේශ්වර වටපිටාවේ මිරිඟුවට ව්‍යාපාරය බිලිවූ බවයි. ඔවුන් මෙසේ ලියති.

“1993 හා 1998 අතර වසරවල සිදුවූයේ කුමක් ද යත්, ජාත්‍යන්තර කමිටු නායකත්වය ධනේශ්වර සමාජයේ ඉමහත් පන්ති පීඩනයන් හමුවේ කඩාවැටීමයි.” (23) සැබවින්ම කාරනය මෙය නම් 1999 දී සාමාජිකත්වය සඳහා ස්ටයිනර් ඉදිරිපත් කල ඔහුගේ අයැදුම්පත පිලිබඳව කෙසේ පැහැදිලි කරන්න ද? ජාත්‍යන්තර කමිටුවේ පරිහානිය පිලිබඳව ස්ටයිනර්ගේ අගැයීම නිවැරදි නම් ඉන් අදහස් කරන්නේ, දේශපාලන පරිහානියේ දුර්ගන්ධය මන බඳින බව ඔහු ඉවෙන් මෙන් දැනගත් බවත්, ඊට ඇදී ආ බව හා එහි පංඟුකාරයෙකු වීමට ඔහුට අවශ්‍යවූ බවත් ය.

සත්තකින්ම පැහැදිලි කිරීම මෙය නොවේ. අපට දකින්නට ලැබෙනු ඇති පරිදි 1999 දී ඔහු සාමාජිකත්වය අයැදුම් කරන විට සසපය පිලිබඳ ස්ටයිනර්ගේ තක්සේරුව, - 1997 හා 2003 අතර කාලයේ මා සමඟ පැවැත්වූ ලිපි හුවමාරුවේ වාර්තාව ගැන සඳහන් නොකලත් - ඔහු දැන් “ශීර්ෂයෙන් හෝ හදවතින් තොර මාක්ස්වාදය” (ඵඋ්‍ය්‍ය*ට හි ලියන දේට සපුරාම පටහැනි ය.

මතු සම්බන්ධයි සටහන් 1. මාක්ස්වාදය, ඉතිහාසය සහ සමාජවාදී විඥානය - කම්කරු මාවත ප්‍රකාශකයෝ 110 පිටුව.

2. - එම - 67 පිටුව 3. - එම - 17 පිටුව 4. - එම - පිටුව - 5. - එම - 9 පිටුව6. - එම - 40 පිටුව7. - එම - 103 පිටුව - 8. - එම - පිටුව - 9. - එම - 159 පිටුව - 10. ඵ්රංසිප උසඑයදමඑ ෂඑි ්‍යැ්ා දර ්‍යැ්රඑල චච 2-3ල 11. එම 252 පිටුව 12. එම පිටුව 2.

13. එම පිටුව17.

14. එම 241 පිටුව.

15. එම 267 පිටුව.

16. එම 275 පිටුව.

17. එම 278 පිටුව.

18. එම 247 පිටුව.

19. නිදසුනක් ලෙස දර්ශනවාදයේ දිලිඳු කම, ප්රූඩොන් මහතා සම්බන්ධයෙන් සෑම ආර්ථික ප්‍රවර්ගයකට ම පැති දෙකක් තිබේ - එකක් හොඳ ය, අනෙක නරක ය. මෙම ප්‍රවර්ගයන් දෙස ඔහු නෙත් යොමන්නේ සුලු ධනපතියා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙස බලන ආකාරයට ය. නැපෝලියන් ශ්‍රේෂ්ඨ මිනිසෙකි, ඔහු බොහෝ හොඳ දේ කර තිබේ, එසේම ඔහු බොහෝ වැරදි ද කර තිබේ.

ප්රූඩොන් මහතා සම්බන්ධයෙන්, හොඳ පැත්ත හා නරක පැත්ත, වාසි හා අවාසි, එකම රූපාකාරයෙන් සැම ආර්ථික ප්‍රවර්ගයක ම ප්‍රතිවිරෝධය බවට පත්ව තිබේ.

ගැටලුව විසඳිය යුත්තේ හොඳ පැත්ත තබාගන්නා අතර නරක පැත්ත අහෝසි කිරිමෙනි. (ඵ්රං-ෑබටැකි ක්‍දකකැජඑැා අදරනිල මාක්ස්-එංගල්ස් සංගෘහිත කෘති, වෙලුම 6, පි. 167) 20. එම 4 පිටුව.

21. මාක්ස්වාදය, ඉතිහාසය සහ සමාජවාදී විඥානය 74-90 පිටු 22. එම 127. පිටුව.

23. එම 144 පිටුව.

[මෙය 2008 ඔක්තෝබර් 22 වැනි දින The Frankfurt School vs. Marxism: The Political and Intellectual Odyssey of Alex Steiner යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading