ජර්මානු මිලිටරි නායකයෝ 1940 දෙසැම්බර් 05දා, සෝවියට් සංඟමය ආක්රමනය කිරීමේ යෝජිත සැලස්ම, නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් වෙත පිලිගැන්වූහ. බටහිර රුසියාවේ හා යුක්රේනයේ කාලගුනික තත්වය සැලකිල්ලට ගනිමින් හැකිතාක් ආසන්න කාලයක, එනම් 1941 මැයි මාසයේ ප්‍රහාරය ආරම්භ කිරීමට ඉන් යෝජනා කෙරුනි. හිට්ලර් එය වෙනස්කර ආක්රමනයේ දිනය දෙසැම්බර් 18දාට යොදා ගනිමින්, එහි කේත නාමය බාබරෝසා මෙහෙයුම බව ඔවුන්ට දැනුම් දුන්නේය.
නාසීන් ආරම්භයේදී එය, සෝවියට් ජනතාව “මූලෝත්පාටන” යුද්ධයක් ලෙස සැලකූ අතර ආක්රමනය සැලසුම් කෙරුනේ, මහා පරිමානයේ ආර්ථික කොල්ලයක යුද්ධයක් ලෙසය. ආරම්භක කඩාවැදීම් වලදී බාබරෝසා මෙහෙයුම, බාකු තෙල් ලිං ප්‍රදේශ වැනි ප්රමුඛ ආර්ථික ඉලක්ක වෙත මෙන්ම බෝල්ටික් හා කලු මුහුද වෙත සෝවියට් සංඟමයේ පිවිසුම් මාර්ග ඉලක්ක කල, එරට උතුරු හා දකුනු මායිම් ප්‍රදේශ වෙත අවධානය යොමුකර තිබුනි. හිට්ලර්ගේ දැක්මට අනුව මොස්කෝව, විශාල වැදගත් කමක් දැරුවේ නැත. සෝවියට් සංඟමය වෙත සේනාංක 150ක් පමන මෙහෙයවනු ලැබිනි.
1940 ග්‍රීෂ්මයේදී බටහිර පෙරමුනේ ප්රන්සය හා බ්‍රිතාන්‍ය තලා දැමූ වේමාක්ට් පාලකයින්ගේ ජයග්රහන හා 1939 අග හා 1940 මුල ෆින්ලන්තයට එරෙහි ශීත සෘතු යුද්ධයේදී සෝවියට් රතු හමුදාව පෙන්වා තිබූ දුබලකම, නාසි නායකයින්ගේ අධිෂ්ඨානයට පොහොර දැමීය. රතු හමුදාව, අසංවිධිත හා දිරිය සිඳුනු බවක් පෙනී ගොස් තිබුනි. 1930 ගනන් අග භාගයේ ස්ටැලින්ගේ විරේක කිරීම්, රතු හමුදාවේ නිලධාරි මට්ටමේ අති මහත් බහුතරයක් පිටුවහල් කර හෝ මරා දමා තිබුනු බව ප්රකටව තිබුනි.
දෙසැම්බරයේ පැවති සැලසුම් කිරීමේ රැස්වීම් වලදී “යුරෝපයේ පරමාධිකාරය පිලිබඳ තීන්දුව ගනු ඇත්තේ රුසියාවට එරෙහි සටනෙන්ය” යනුවෙන් හිට්ලර් පවසූ බව වාර්තා විය. “රුසියාව බෙලහීනවී ඇත. ඔවුන්ට නායකත්වයේ අඩුව තිබේ.” රතු හමුදාවේ හැකියාව හා අධිෂ්ඨානය ද සටන් කිරීමට සෝවියට් ජනතාවගේ ඇති සූදානම ද බෙහෙවින් අඩු තක්සේරු කරමින් හිට්ලර් බ්රෝකිස්ට්කි හා හෝල්ඩර් වෙත පවසා ඇත්තේ, “රුසියානු හමුදාව කුඩුපට්ටම් කල පසුව අවසන් ව්‍යසනය මඟහැරිය නොහැකිය” යනුවෙනි.
[මෙය 2015 නොවැම්බර් 30 වැනි දින 75 years ago: Nazi leadership plans invasion of the USSR යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
