වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිනු !

පෙබරවාරි 26 දා දිවයින පුරා පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරු වැඩ වර්ජනයක නිරත වෙති. ඔවුන් සටන් වදින්නේ, ඉහල වැටුප්, යහපත් රැකියා කොන්දේසි සහ මහජන අධ්‍යාපනයට ඉහල ප්‍රතිපදාන ඉල්ලමිනි.

ධනේශ්වර ක්‍රමයේ ගෝලීය අර්බූදයෙන් පැන නංවා ඇති රුදුරු ප්‍රහාරයන් හමුවේ, ජාත්‍යන්තරව පුනර්ජීවනය වී ඇති පන්ති අරගලයේ නව අවධිය තුල, ගුරුවරුන්ගේ අරගල ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබේ.

දෙලක්ෂයකට අධික ශ්‍රී ලංකාවේ පාසැල් ගුරුවරු, ඉහත ඉල්ලීම් මත, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සිව් වතාවක්, එක්දින සහ දෙදින වැඩවර්ජනයන්හි නිරත වූහ. එම අරගල මාලාවේ කොටසක් ලෙස මෙම වසරේ පෙබරවාරි 14 දා දහසකට අධික ගුරුවරු කොලඹ දී විරෝධතාවයක නිරත වූහ.

දිවයින පුරා ගුරුවරුන්, වාර්ගික රේඛාවන් හරහා ඒකාබද්ධ වෙමින්, මෙලෙස යලියලිත් අරගලයට පිවිසෙන්නේ, සමස්ත ධනපති පාලක පන්තිය කම්කරුවන් භේද කිරීම සඳහා ගෙනයන වාර්ගික ප්‍රෙකා්පකරනයන් සහ වෘත්තීය සමිති විසින් එම අරගල සීමා කිරීමට දරන ප්‍රයත්නයන් පවා නොතකා ය.

ලංකාවේ ගුරු සේවයේ ආරම්භක වැටුප රුපියල් 28,000 ක් පමන වන අතර සියලුදීමනා සමග ගුරුවරයෙකු ලබන්නේ රුපියල් 35,000 ක් තරම් සොච්චම් වැටුපකි. වසර 20 ක පමන සේවා කාලයක් හිමි ගුරුවරයෙකුගේ පවා මුලුවැටුප රුපියල් 60,000 ක් පමනි. නය වාරිකවලට කැපී යෑමෙන් පසු බොහෝමයක් ගුරුවරුන්ගේ අතට කිසිත් නො ලැබෙන තරම් ය. ඉහල යන ජීවන වියදම හමුවේ වැටුප්වල මූර්ත අගය පහල වැටෙමින් තිබේ.

සිසුන්ගෙන් පිරී ඉතිරී ගිය පන්ති කාමරවල අවිවේකීව ශ්‍රමය වැගිරීමෙන්, සිය ගනනක් උත්තර පත්ර බැලීම්වලින් වෙහෙසට පත්වන ගුරුවරුන් මත, ඊනියා කාර්ය සාධනයේ නමින් පටවා ඇති විවිධ ලේඛන කටයුතු, පාසල්වල මුදල් අය කිරීම සඳහා සිදුකරන විවිධ ව්‍යපෘතිවල බර පටවා තිබේ. රැකියාවට පැමිනීමේදී දිගු පැය ගනන් මහමගට කා දැමීමෙන් ගුරුවරු අන්තයටම හෙම්බත්වී සිටිති.

ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුප් සහ දරුවන්ට ගුනාත්මක අධ්‍යාපනයක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුලු සමස්ත නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම සඳහා සටන් වැදීමට ගුරුවරුන් අතර ඇත්තේ දැඩි අධිෂ්ඨානයකි.

නමුත්, අධිෂ්ඨානය පමනක් ප්‍රමානවත් නොවේ. මෙම අරගලයේදී තමා මුහුන දී සිටින යථා අභියෝග පැහැදිලිව හඳුනා ගනිමින්, ඒවා ජයගැනීමේ මූලෝපායක් වර්ධනය කර ගැනීමත්, එම මූලෝපාය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නව සංවිධාන රූපයන් ගොඩනගා ගැනීමත්, අත්‍යවශ්‍ය වෙයි.

මේ සඳහා අති මූලික බාධාව වනුයේ වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී භූමිකාව යි.

ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට අයත් ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) යන සමිති එක්ව මෙම වර්ජනය කැඳවන්නේමත්, ආන්ඩුවට ආයාචනා කිරීමේ හුදකලා විරෝධතා තුල ගුරුවරුන්ගේ සටන්කාමීත්වය දියකර දැමීමේ ඉලක්කයෙනි.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා වසර 23 ක් තිස්සේ ගුරු සංගම් ගෙන යන ”අරගලවල”නිස්සාරභාවය වනාහි, ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනා ගැනීමේ වෘත්තීය සමිති ඉදිරි දර්ශනයේ ඓතිහාසික බංකොලොත්භාවය පිලිබඳ සාධකයකි.

ගුරුවරුන්ගේ අරගලය අවශේෂ කම්කරුවන්ගේ අරගල සමග ඒකාබද්ධවීම වැලැක්වීමට මෙම සමිති දැනුවත්ව ක්‍රියා කරති.

ගුරු-විදුහල්පති සේවය ”සංවෘත සේවාවක්”බවට පත් කරන ලෙස ගුරු සංගම් කරන යෝජනාවෙන් එය මූර්තිමත් වෙයි. ”ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන ප්‍රකාශයේ විදිහට ගුරු-විදුහල්පති සේවාව සංවෘත සේවාවක් කරන්න”යැයි ලංගුස නායක ජෝසප් ස්ටැලින් 14 දා පැවති විරෝධතාවයේ දී ප්‍රකාශ කලේ ය.

”ගුරු වැටුප් වැඩි කිරීමක්, අනෙක් අංශවල ද ගැටලු(සටන්) නිර්මානය කරන බැවින්”ගුරු සේවය ”සංවෘත සේවාවක්”බවට පත් කරන බවටත්, එය සිදු කරන තෙක් ”අතුරු වැටුපක්”ගෙවන බවටත්, පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ කැබිනට් අනු කමිටුව දුන් ප්‍රෝඩාකාරී පොරොන්දුව මත, සමිති නායකයෝ ඔක්තෝබර් මස 7 දා සිට 12 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ දින 5 ක වර්ජනය අතහැර දැමූහ.

කම්කරුවන්ගේ අරගල පුපුරා යන විට, අනුප්‍රාප්තික ආන්ඩු සහ වෘත්තීය සමිති ඉදිරියට ගෙන එන ”සංවෘත සේවා”සහ ”වැටුප් විෂමතා”උගුල් වලට ගුරුවරුන් අසු නොවිය යුතු ය.

ඉහල යන ජීවන වියදම හමුවේ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුපක් යන්න සමස්ත කම්කරු පන්තියේම ඉල්ලීම විය යුතු යයි අපි කියා සිටිමු. තම වැටුප තීරනය කල යුත්තේ කම්කරු පන්තිය විසින්මයි.

මෙම ”සංවෘත සේවා”සහ ”අතුරු වැටුප්”යෝජනාවන් සම්බන්ධයෙන්, ගුරුවරුන් අතර වර්ධනය වන විරුද්ධත්වය ගසාකෑමේ අරමුනෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහෙයවන ඒගුසේස රැඩිකල් වෙස් පෑමක නිරත වෙයි. ”වසර 23 ක ශාපය නිමා කරමු, ජයග්‍රාහි සටනට පෙලගැසෙමු”යන හිසින් ඒගුසේස නිකුත් තල අත්පත්‍රිකාව තුල මෙසේ සඳහන් වෙයි: ”සංවෘත සේවා උගුලට හා ඊනියා අතුරු වැටුප් යෝජනා හමුවේ පසු නොබලා අරගලය පෙරට ගත යුතුය.”

”අරගලය”පෙරට ගතහොත් ”ජයග්‍රහන”ඇතැයි ඒගුසේස කරන ප්‍රකාශයේ එල්ලය, ධනවාදයේ අර්බූදයේ තතු වසන් කිරීමත්, සමාජවාදය සඳහා අරගලයක අවශ්‍යතාවය යටපත් කිරීමත් ය. ඒගුසේස පත්‍රිකාව තුල ”අරගල”වටා ”අවශේෂ බලවේග පෙලගස්වා ගැනීම”හා ”මර්දනය ඉදිරියේ අඛන්ඩව සටන් වැදීම”ගැන ”ජයග්‍රාහී”උදාහරනයක් ලෙස සයිටම් පෞද්ගලික උපාධි ආයතනයට එරෙහි ”සටන”පෙන්වා දෙයි.

පෙසප හා එය මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), ”සයිටම් අහෝසි කරනු”යයි ඝෝෂා කාරී උද්ඝෝෂනයක වසර දහයක් පුරා නිරත වූ නමුත් එම කාලපරිච්ඡේදය තුලම අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල කප්පාදු හා පෞද්ගලීකරනය වේගවත්ව ඉදිරියට ගෙන ගොස් ඇත.

පෙසප හා අවිශිබම කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට මුලුමනින්ම හතුරු ය. ”සයිටම් විරෝධි සිසු-ජන අරගලය”ට ඔවුන් හවුල් කරගෙන සිටියේ, එවකට විපක්ෂ මන්ත්‍රීවරුන්ව සිටි වත්මන් රාජපක්ෂ ආන්ඩුවේ මැති ඇමතියන්, විවිධ මධ්‍යම පන්තික සංවිධාන, වෘත්තීය සමිති නිලධරය හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි තවත් ව්‍යාජ-වාම පක්ෂ ය. ඒගුසේස යේ ”අවශේෂ බලවේගවලට”අයත් වන්නේ එවැනි ධනපති ගැති සංවිධාන රොත්තකි.

රටක් රටක් පාසා සිදු කෙරෙන ගුරු වැටුප් කප්පාදුවේ, ඔවුනගේ සේවා කොන්දේසිවල ඛාදනයේ සහ සමස්තයක් ලෙස මහජන අධ්‍යාපනය තුල සිදුකොට ඇති විනාශයේ ඉමහත් ගැඹුර මගින් පෙන්නුම් කරන්නේ දැවෙන මානව අවශ්‍යතා සපුරාලීමෙහි ලා ලෝක ධනේශ්වර ක්‍රමයේ පරිපූර්න නො හැකියාවයි.

ලෝක අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුවේ නය අර්බූදය දිනෙන් දින උග්‍ර කෙරෙමින් පවතී. මේ වසරේ ගෙවිය යුතු නය පොලී වාරිකය පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් තරම් විශාල මුදලකි. දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක් මට්ටමේ තිබෙන අය-වැය හිගය අඩකින් කප්පාදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සපථ වී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සුභසාධන ද, රැකියා හා වැටුප් ද තවදුරටත් කප්පාදු කිරීම දැනටමත් අරඹා තිබේ.

ලෝක ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර පරාජය කිරීමට නම්, ධනපති ආන්ඩු වලට එරෙහිව පමනක් නොව, ලෝක ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ල කරගත් දේශපාලන සටනක්, අත්‍යවශ්‍ය සහ අනිවාර්ය කෙරී ඇත.

ධනපති ක්‍රමයට ඓන්ද්‍රීයවම බැඳී ඇති උපකරනයක් වන වෘත්තීය සමිතිවලින් පරිපූර්නව බිඳී තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පාසල්බදව ගොඩනගා ගැනීමට ගුරුවරුන් ආරම්භකත්වය ගත යුතු අතර, දෙමව්පියන් හා සිසුන් සම්බන්ධ කරගනිමින් එම කමිටු ශක්තිමත් කල යුතුය.

එම ක්‍රියාකාරී කමිටු, අවශේෂ කම්කරුවන් සමග එකමුතුව තහවුරු කොට වැඩකරන ජනතාවගේ පොදු අරගලයක් සංවිධානය කරගැනීමටද ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට ද ගන්නා වැදගත් ඉදිරි පියවරකි.

සසප ඉදිරිපත් කරන කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිලිබඳ සංකල්පය ව්‍යාකූල කිරීම සඳහා ඒගුසේස ද තම පත්‍රිකාව තුල කමිටු විශේෂයක් යෝජනා කරයි. ”ක්‍රියාකාරී ගුරුවරු”ඇතුලත් කරගත් මෙම කමිටු, පාසැල් සහ කලාප මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩනැගිය යුතුයැයි ඔවුන් කියා සිටී.

මෙම කමිටුවල සහ වෘත්තීය සමිතිවල ක්‍රියා මාර්ගයන් අතර කවර හෝ වෙනසක් නොමැත. මෙය, ගුරුවරුන් සහ අවශේෂ කම්කරුවන් ධනපති ක්‍රමයට එරෙහිව බලමුලුගැන්වීමට එරෙහිව, ධනපති ක්‍රමය තුල ඔවුන් සිර කිරීමට අටවන තවත් මර උගුලකි.

ගුරුවරුන් ඇතුලු සමස්ත කම්කරු පන්තියේ හා දුගීන්ට තම අයිතීන් රැකගැනීම හා වර්ධනය කර ගැනීම කල හැක්කේ ධනවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස තම සටන වර්ධනය කර ගැනීමෙනි.

ධනපති ප්‍රහාර සහ එයට එරෙහිව මතුවන කම්කරු පන්තික අරගල තලා දැමීමේ ප්‍රති-විප්ලවවාදී සැලසුම් පරාජය කිරීමට කම්කරු පන්තියට තමන්ගේම මූලෝපායක් අවශ්‍ය කෙරී ඇත. ජාත්‍යන්තර පන්ති අරගලයේ වෛෂයික අවශ්‍යතාව වන්නේ කම්කරු පන්තිය දේශපාලන බලය තමන්ගේ අතට ගැනීමේ සහ පුද්ගලික ලාභ මත නොව සමාජ අවශ්‍යතාවන්ගේ පදනම මත ලෝක ආර්ථිකය ප්‍රති සංවිධානය කිරීම යි.

කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන අතිමහත් ධන ස්කන්ධය, මහජනයාගේ භෞතික සහ සංස්කෘතික මට්ටම් ඉහල නැංවීමට සහ සියල්ලන්ටම නිදහස්, ගුනාත්මක අධ්‍යාපනයක් සහතික කිරීමට යොදා ගත හැක්කේ ද, මානව වර්ගයා දරිද්‍රතාවයෙන්, සූරාකෑමෙන් සහ යුද්ධයෙන් ගලවා ගැනීමට හැකි වන්නේ ද එවන් ජාත්‍යන්තර සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක් යටතේ පමනි.

එම පදනම මත, ධනපති පන්තියේ සෑම කොටසකින්ම ස්වාධීනව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට ද ඉන්දියානු උප-මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සසප සහ එහි තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යෙයා් (සසජාතශි) සටන් වදී. සසප සහ සසජාතශි ට බැඳී මෙම ඓතිහාසික අරගලයේ දැනුවත් කොටස්කරුවන් වන ලෙස ගුරුවරුන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් හා සිසුන් ඇතුලු තරුන ජනයාගෙන් අපි ඉල්ලමු.

Loading