සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද ලියවිලි ලබාදීම, එෆ්බීඅයි හා අධිකරන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

12 මාර්තු 2020

මෙම ලිපිය 2020 පෙබරවාරි  20 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තොරතුරු දැන ගැනීමේ නිදහස පිලිබඳ පනත යටතේ ගොනු කරන ලද ඉල්ලීම, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) විසින් ප්‍රතික්ෂේප කර තිබේ. වසර 50 කට ආසන්න කාලයක් පුරා සමාජවාදී ව්‍යාපාරය තුල ඔහුගේ කටයුතු පිලිබඳව එෆ්බීඅයි සහ එයට සම්බන්ධ බුද්ධි අංශවල පරීක්ෂන තුලින් ආන්ඩුව  අත්කරගෙන ඇතැයි සැලකෙන ඕනෑම ලියවිල්ලකට ප්‍රවේශය ලබා ගනීම සඳහා  නෝර්ත් සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබුනි.

ඩේවිඩ් නෝර්ත් 2019 අප්‍රේල් මස, වේන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේදී ෆැසිස්ට්වාදයේ තර්ජනය ගැන කතා කලේය

ව්‍යවස්ථාපිත කාලසීමාවන් උල්ලංඝනය කල මාස නවයකට ආසන්න කාලයක් ප්‍රමාද වීමෙන් පසු, එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව,  නෝර්ත්ට දැනුම් දුන්නේ,  තොරතුරු දැන ගැනීමේ නිදහස පිලිබඳ පනතට සම්බන්ධ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ජාතික ආරක්ෂාව සහ විදේශ බුද්ධි මෙහෙයුම් හේතුන් මත ආන්ඩුව, නෝර්ත් ගැන නිරීක්‍ෂනය කිරීම් හා ඔහුගේ දේශපාලන කටයුතු කඩාකප්පල් කිරීමට දැරූ නීති විරෝධී උත්සාහයන් සම්බන්ධ වාර්තා පවතින බව  පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකරන බව එහි සඳහන් කර ඇත.

ලිපි ලේඛන සඳහා  නෝර්ත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් 2019 පෙබරවාරි 15 දින දරන ලිපිය තුල අධිකරන දෙපාර්තමේන්තුව මෙසේ ලිවීය.

ඔබගේ ඉල්ලීමේ ස්වභාවය අනුව, එෆ්බීඅයි හි ජාතික ආරක්ෂාව සහ විදේශ බුද්ධි කටයුතු වලට අනුකූල වන සම්පාදනය කල හැකි හෝ නොකල හැකි වාර්තා ඇඟවුම් කරයි. ඒ අනුව, එෆ්බීඅයි ආයතනයට ඔබේ විෂය පිලිබඳ කිසිදු වාර්තාවක් පවතින බව තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කල නොහැකිය. එවැනි වාර්තා පවත්නා හෝ නොපවත්නා බව  පිලිගැනීම [sic-එම] ජාතික ආරක්ෂක අවශ්‍යතාවන්ට හානියක් වනු ඇත. … මෙම ප්‍රතිචාරය, කිසිදු සෝදිසි  ලැයිස්තුවක ඔබේ නම පවතින බව සනාථ කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි)  විසින් දුන් “පිලිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත” ප්‍රතිචාරය, නෛතික පාරිභාෂිතය තුල ග්ලෝමර් ප්‍රතිචාරයක් (“Glomar responses”) ලෙස හැඳින්වේ. එවැනි යෙදුම් ඉතාමත්ම සංවේදී අවස්ථාවලදී පමනක් භාවිතා කරනු ලැබේ. නිදසුනක් ලෙස, 2018 මුදල් වර්ෂයේදී ආන්ඩුව, මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූයේ මුලු එෆ්ඕඅයිඒ ඉල්ලීම්වලින් සියයට තුනකදී පමනි.

2018 මැයි මාසයේදී ගොනු කරන ලද නෝර්ත්ගේ තොරතුරු දැන ගැනීමේ නිදහස පිලිබඳ පනත (එෆ්ඕඅයිඒ) සම්බන්ධ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට  ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි)  දින 270 ක් ගත කලේය. එෆ්ඕඅයිඒ යටතේ, ඉල්ලුම්කරුට දින 20 ක් ඇතුලත ප්‍රතිචාර දැක්වීමට හෝ “අසාමාන්‍ය තත්ත්වයන්හිදී”   තවත් දින 10 ක කාලයක් අවශ්‍ය බව දැනුම් දීමට ආන්ඩුව බැඳී සිටී. සාමාන්‍යයෙන් එෆ්බීඅයි, දින නවයකින් “සරල” ඉල්ලීම්වලට සහ දින 121 කින් “සංකීර්න ”ඉල්ලීම්වලට  ප්‍රතිචාර දක්වයි.

එෆ්ඕඅයිඒ පිලිබඳ ආඥා පනතේ අදාල වගන්තියෙහි දැක්වෙන “අසාමාන්‍ය අවස්ථාවන්හිදී” ප්‍රමාදය යුක්තිසහගත කල හැක්කේ පහත 1, 2, 3 සඳහන් තැන්වලදී පමනකි. (1)ප්‍රශ්නයට බඳුන්වන කාරනය විවිධ “ක්ෂේත්‍ර කාර්යාල” හරහා බෙදා ඇත්නම් (2) “එක් ඉල්ලීමකින් වෙනම හා විශේෂ වාර්තා විශාල ප්‍රමානයක් ඉල්ලා සිටීම” හෝ (3) ඉල්ලීම පිලිබඳ තීරනයක් ගැනීමට සැලකිය යුතු අභිලාෂයක් ඇති වෙනත් ඒජන්සියක්.....විමසා බැලීමේ අවශ්‍යතාවක්“ එෆ්බීඅයිට පවතින අවස්ථාවක. 

ඉල්ලීම පිලිකෙව් කිරීමකදී ආන්ඩුව, “වගකිවයුතු සෑම අයෙකුගේම නම් හා තනතුරු නාම හෝ තත්වයන් ගෙනහැර දැක්වීමට” ආඥාපනත අනුව බැඳී සිටියි. නෝර්ත් පිලිබඳ සිද්ධියේදී එෆ්බීඅයි, එහි ප්‍රමාදය යුක්තිසහගත කිරීම පිනිස “අසාමාන්‍ය අවස්ථාවන්” කිසිවක් ඉදිරිපත් කර නැතුවාක් මෙන්ම ප්‍රතික්ෂේප කිරීමට වගකිවයුතු පුද්ගල ඒජන්තයින් පිලිබඳ තොරතුරු සැපයීමට ද අසමත්ව ඇත.

ආන්ඩුව විසින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීමට එරෙහිව, 2019 අප්‍රේල් 15 ගොනු කල අභියාචනයේදී,නෝර්ත්ගේ නීතිඥවරු මෙසේ ලිවූහ:

නෝර්ත් මහතා සමාජවාදී ව්‍යාපාරය තුල,  වසර 48ක් තිස්සේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබෙන  කටයුතු වල නියැලී ඇත. නෝර්ත් මහතා 1976 පටන් අද දක්වා, වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ලෙස 1976 සිට 2008 දක්වාත් 2008 සිට අද දක්වා සමාජවාදී සමානතා පක්ෂයෙහි ජාතික ලේකම් වශයෙනුත් ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට නායකත්වය දී ඇත. එසේම ඔහු 1998 පිහිටවූ දා පටන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ලෙස කටයුතු කර ඇත.

අභියාචනය දිගටම සඳහන් කලේ: සිය දිගු දේශපාලන ජීවිතයේදී නෝර්ත් මහතා, ප්‍රසිද්ධියට පත්කර තිබෙන ලිපි ලේඛන දහස් ගනනක් රචනා කර ඇති අතර එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව ප්‍රධාන විශ්වවිද්‍යාල තුල දේශන සිය ගනනක් පවත්වා ඇත. ඔහු පොත්පත් ගනනාවක කතුවරයාය. එසේම ඔහු සැලකිය යුතු සමාජවාදී න්‍යායාචාර්ය වරයෙකු හා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ අධිකාරවත් අයෙකු ලෙස ලොව පුරාම පිලිගැනීමට ලක්ව ඇත.

 අභියාචනය තර්ක කලේ, නිදහසේ කතා කිරීම හා නිදහස් රැස්වීම සඳහා නෝර්ත්ට ඇති  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, එෆ්බීඅයි හි ප්‍රතිචාරය නිසා උල්ලංඝනය වී ඇති බවටය.

ග්ලෝමා ප්‍රතිචාරයේ දී එෆ්බීඅයි, නෝර්ත් මහතා ගැන නිරීක්ෂනය කරමින් සිටියාදැයි හෝ කරමින් සිටින්නේදැයි හෝ පැවසීම ප්‍රතික්ෂේප කිරීමට සිය බලතල යොදා ගනියි. ඔහුගේ දුරකථනයට හොරෙන් සවන් දීම, ඔහුගේ නිවසෙහි මයික්‍ර ෆෝන් සවි කිරීම, ඔහුගේ ඊමේල් කියවීම, ඔහුගේ ගමන් බිමන් නිරීක්ෂනය කිරීම හෝ වෙනත් ආකාරයකින් ඔහුගේ පෞද්ගලිකත්වයට හෝ දේශපාලන කථා හා කටයුතු නිරීක්ෂනය  හෝ ඇඟිලි ගැසීම.  ඔහු කිසියම් රහසිගත පරීක්ෂන ලැයිස්තුවක සිටීදැයි නෝර්ත් මහතාට පැවසීම ඒජන්සිය ප්‍රතික්ෂේප කරයි. ඔහු සෝදිසියට ලක්වීමට හෝ ඕනෑම ලැයිස්තුවකට ඇතුලත් කිරීමට හේතු වූ නිර්නායකයන් පිලිබඳ කිසිදු ඇඟවීමක් ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කරන අතර ඉන් උදාවන ප්‍රතිවිපාක පැහැදිලි නොකරයි.

එය තවදුරටත් මෙසේ පවසයි:

වාර්තාවල පැවැත්ම පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම මගින් ප්‍රතිචාරය,  නෝර්ත් මහතා නීතියට පිටින් සහ ව්‍යවස්ථාපිතව “අනතුරුදායක තැනක” තබා ඇති අතර, ඇමරිකානු පුරවැසියන්ට බලපාන නීතිය මඟින් සහතික කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ආරක්ෂාව කරා වන  පූර්න නෛතික ප්‍රවේශයක් තිබේ ද  සහ ඒවා ඔහු භුක්ති විඳිනවාද නැද්ද යන්න තීරනය නොකල හැකි තත්වයකට පත් කර ඇත. ඒජන්සියේ තර්කය, නාසි නීතිවේදී කාල් ෂ්මිට්ගේ “ව්‍යභිචාරයේ තත්වය” සහ ශාපලත් මිනිසා (හෝමෝ සැසර්ගේ) මූලධර්මය ඇතුලු ෆැසිස්ට් වර්ගයේ නෛතික න්‍යායන්ට තැතිගන්වන සුලු සමානකමක් දක්වයි. එය සඳහන් කරන්නේ,   ජීවත්වීමේ අයිතිය ද ඇතුලුව ඇතැම් පුද්ගලයින්  නීතියේ ආරක්ෂාවෙන් බැහැරකොට තැබීමට ආන්ඩුවට හැකිය යන්නයි. ඩ්‍රෝන් ප්‍රහාර සහ  (disposition matrices) “මානසික දූෂනයේ”  සමකාලීන සන්දර්භය තුල, මෙම උල්ලංඝනයන්හි ඇඟවුම් භයානක ප්‍රතිවිපාක ගෙන දේ.

අභියාචනය ප්‍රතික්ෂේප කර ඇති බව අධිකරන දෙපාර්තමේන්තුවේ තොරතුරු ප්‍රතිපත්ති කාර්යාලය නෝර්ත්ගේ නීතිඥයින්ට දන්වා තිබේ.

නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කලේය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නීතිවිරෝධී ලෙස සෝදිසි කිරීම හා කඩාකප්පල් කිරීම පිලිබඳව එක්සත් ජනපද ආන්ඩුවට දීර්ඝ ඉතිහාසයක් ඇත. මගේ එෆ්ඕඅයිඒ  ඉල්ලීමට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය මත පදනම්ව, මම සෝදිසියට ගොදුරු වී ඇති බව පැහැදිලිය. එය එසේ නොවේනම් ආන්ඩුවට, එවැනි නීති විරෝධී හා කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වී ඇතැයි යන්න සරලවම ප්‍රතික්ෂේප කල හැකිය.

සැබවින්ම (බොහීමියන් වර්ගයේ ගත් කතුවරයෙක්) කෆ්කේස්ක් (Kafkaesque) භාෂාවෙන් ආන්ඩුව ප්‍රකාශ කරන්නේ, මගේ කටයුතු පිලිබඳව ඔත්තු බැලූ බව පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පවා කල නොහැකි බවය. නමුත් දශක පහකට වැඩි කාලයක් තිස්සේ මා කල වැඩ කටයුතු සමන්විත වූයේ, මාක්ස්වාදී න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ වැඩපිලිවෙල ගැන කථා කිරීම හා ලිවීමෙනි. ආන්ඩුව විසින් මගේ ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂිත කටයුතු, ජාතික ආරක්ෂාවට කෙතරම් විශාල තර්ජනයක් ලෙස සලකනවාද යන්න නිරීක්‍ෂනය කිරීමට අදාල ලියකියවිලි පවතින බව පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප නොකිරීම , සමාජවාදය කෙරේ සහ විශේෂයෙන් ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමය මත පදනම් වූ අදහස්වලට ආන්ඩුව දක්වන බිය පිලිබඳ සාක්ෂි සපයයි.

මගේ එෆ්ඕඅයිඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම, සැබවින්ම සමාජවාදී වැඩපිලිවෙලක් ප්‍රචාරය කිරීම මත පදනම් වූ, සොසාලිස්ටිෂ් ග්ලීචයිට්ස්පාර්ටෙයි (එස්ජීපී) හි මගේ සම-චින්තකයින් කඩාකප්පල්කාරී සංවිධානවල නිල ලැයිස්තුවකට ඇතුලු කිරීමට ජර්මානු ආන්ඩුව මෑතකදී ගත් තීරනයෙහි සන්දර්භය තුල දැකිය යුතුය.  මෙම ක්‍රියාව යුක්ති සහගත කරන  ජර්මානු ආන්ඩුවේ නිල වාර්තාව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, එස්.ජී.පී. විසින් මගේ ලේඛන ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීම කඩාකප්පල්කාරී කටයුතු පිලිබඳ උදාහරනයක් ලෙස ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීම වාරනය කිරීමට ගූගල් සහ ෆේස්බුක් දරන උත්සාහය පිලිබඳව ද මෙම තීරනය නව ආලෝකයක් සපයයි.

 ආන්ඩුවේ ක්‍රියාමාර්ග පෞද්ගලික කාරනයක් ලෙස මා සලකන්නේ නැත. එෆ්බීඅයි සහ අධිකරන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය සිදුවන්නේ ප්‍රතිගාමී දේශපාලන වාතාවරනයක් තුල ය. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම දේශපාලන ප්‍රභූව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පෙර නොවූ විරූ ප්‍රහාරයන්ට අනුග්‍රහය දක්වයි, සංක්‍රමනික ගාල් කඳවුරු ඉදිකිරීම සහ “ජාතික හදිසි” අවස්ථාව පාවිච්චි කරමින් හමුදාව යෙදවීමේ සිට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් සහ තොරතුරු හෙලිකරනා වූ චෙල්සි මැනිං යන අයට එරෙහිව නඩු පැවරීම දක්වා ඒවා විහිද යයි .

අධිකරන දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගයන්ට ෆෙඩරල් උසාවියේදී තවදුරටත් අභියෝගයක් එල්ල කල හැකි නෛතික හේතුන් පිලිබඳව නෝර්ත් සහ ඔහුගේ නීති උපදේශක එමරි සෙලි බ්‍රින්කර්හෝෆ් සහ අබාඩි ආයතනයේ ඩැනියෙල් කෝර්න්ස්ටයින්, විමර්ශනය කරමින් සිටී.

“මගේ එෆ්ඕඅයිඒ ඉල්ලීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට අභියෝග කිරීම සඳහා නීතිමය මාර්ග තිබිය හැකිය,” නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. “එහෙත් උසාවිවල දරන ප්‍රයත්නයන්හි සාර්ථකත්වය, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන තීව්‍ර වන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් හා තරුනයින් අතර ගොඩනැඟෙන මහජන ව්‍යාපාරයක වර්ධනයට යටත් වන අතර ඒ මත මුලුමනින්ම රඳා පවතී.”