යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු!

ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

මෙම ප්‍රකාශය 2020 මාර්තු 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.                                                     

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ එලඹෙන මහ මැතිවරනයට තරඟ වදී.

මැතිවරන කොමිසම විසින් දෙවරක් ම කල්දැමීමෙන් පසු අගෝස්තු 5 වන දා පැවැත්වීමට නියමිත මෙම මැතිවරනයේ දී සසප ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලමු.

සසප කොලඹ, යාපනය හා නුවර එලිය යන දිස්ත්‍රික්ක තුනට අපේක්ෂකයන් 43 දෙනෙකු ඉදිරිපත් කරයි. 22 දෙනෙකුගෙන් යුත් කොලඹ ලැයිස්තුවට නායකත්වය දෙන්නේ දීර්ඝ කාලීන සසප නායිකාවක වන විලානී පීරිස් ය. යාපනය හා නුවර එලිය ලැයිස්තුවලට නායකත්වය දෙන්නේ තවත් ප්‍රමුඛ නායකයන් දෙදෙනෙක් වන පී. සම්බන්දන් හා එම්. දේවරාජා ය.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ඉන් බිඳී ගිය සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන ප්‍රධාන ධනපති පක්ෂ, ඔවුන්ගේ දක්ෂිනාංශික පන්ති යුද න්‍යාය පත්‍රයන් සඟවා කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා වර්ගවාදය ඇවිස්සීමට මැතිවරනය යොදා ගනිමින් සිටිති. රටෙහි තිස් අවුරුදු දෙමල-විරෝධී යුද්ධයෙන් ඇති කෙරුනු විනාශයට මේ සියල්ලෝ ම වගකිව යුතු ය. 

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා අනෙක් දෙමල ධනේශ්වර සංවිධාන මෙන් ම මුස්ලිම් පක්ෂ ද ඔවුන්ගේ ම වාර්ගික ප්‍රචාරක කටයුතුවල නියැලී සිටිති.

නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ධනපති-ගැති “වාම” කන්ඩායම් ක්‍රියාකරමින් සිටින්නේ ධනපති පක්ෂවල දේශපාලන ක්ෂමාලාපකයන් හා සහචරයින් ලෙස ය.

මේ සියලු පක්ෂවලට විරුද්ධ ව, විප්ලවවාදී ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ අරගලය සසප උද්ඝෝෂනය විසින් ගැඹුරු කරනු ඇත.

මානව වර්ගයා විනාශකාරී න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අන්තරායට, ඉහල යන සමාජ අසමානතාවට, කොරෝනා වෛරස් වසංගතය වැනි සෞඛ්‍ය ව්‍යසනයන්ට හා පාරිසරික විනාශයන්ට, ආඥාදායකත්වයට හා ෆැසිස්ට්වාදයට මුහුන දෙමින් සිටින්නේ ය යන සත්‍යය කම්කරුවන්ට, තරුනයන්ට හා දුගීන්ට ප්‍රකාශ කරන එකම පක්ෂය සසප පමනි. ධනවාදය විසින් නිර්මිත ගෝලීය ගැටලු වන මේ සියල්ලට ගෝලීය සමාජවාදී විසඳුම් අවශ්‍ය වේ.

කොරෝනා වෛරස් වසංගතයට මුහුන දීම සඳහා

කෝවිඞ් -19 (කොරෝනා) වසංගතය මිලියන ගනනකගේ ජීවිතවලට තර්ජනය කරයි. තීව්‍ර වන මෙම විනාශය පරාජය කිරීමට,  සියලු විද්‍යාත්මක හා තාක්ෂනික වත්කම් හා යෝධ මූල්‍යමය සම්පත්  ජාත්‍යන්තර ව බලමුලු ගැන්වීම සහ සියලු දෙනාට නොමිලේ සෞඛ්‍යාරක්ෂනයට ප්‍රවේශය සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

වෛරසය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත ප්‍රයත්නය සංවිධානය කිරීමට, පුද්ගලික ලාභය, එකිනෙක සමග තරඟ කරන ජාතික අවශ්‍යතා සහ ධනපති පන්තීන් විසින් අවුලුවනු ලබන භූ-දේශපාලනික ආතතීන් විසින් බාධා එල්ල කරන්නේ ය යන්න තහවුරු වූ සත්‍යයකි.

හින්දු අධිපතිවාදී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකාවේ අධිපතිවාදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔවුන්ගේ තන්ත්‍රයන් වසංගතය සමහන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කොට ඇති බවත්, “බිය වීමට” හේතුවක් නැති බවත් ව්‍යාජ ලෙස කියාපාති.

ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් මෙන් ම, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ හා මහ ව්‍යාපාරිකයේ නියෝග මත නිදහස් මහජන  සෞඛ්‍ය පහසුකම් ඇතුලු සමාජ සේවාවන් කප්පාදු කර ඇති දෙරටේ අනුප්‍රාප්තික ආන්ඩු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කරන කප්පාදු පියවරයන් රුදුරු ලෙස ක්‍රියාත්මක කරමින් සිටිති.

කෝවිඞ්-19ට එරෙහි ව සටන් කිරීමේ මුවාවෙන් රාජපක්ෂ තමන්ගේ පාලනය තවදුරටත් මිලිටරීකරනය කරමින් සන්නද්ධ හමුදා බලමුලුගන්වමින් සිටියි.

මෙම ව්‍යසනය නවත්වා ජීවිත බේරාගැනීම සඳහා අවශ්‍ය ගෝලීය සම්පත් බලමුලුගැන්වීම සඳහා වන අරගලයට ආරම්භකත්වය ගත හැකි වන්නේ සමාජයේ අතිමහත් බහුතරය නියෝජනය කරන ජාත්‍යන්තර කම්කරු පන්තියටයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය එම මූලිකත්වය ගත යුතුය. ජාතික දේශසීමා හරහා තර්කාන්විත සැලසුමක් ක්‍රියාවට දැමිය හැක්කේ ලෝක ආර්ථිකය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමක පදනම මත පමනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අපගේ සහෝදර පක්ෂ සමග ඒකාබද්ධ වෙමින්, සසප මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට අවශ්‍ය දේශපාලනික හා ප්‍රායෝගික පියවර ගනිමින් සිටී. මෙම උද්ඝෝෂනයට ක්‍රියාකාරී ව සහයෝගය දෙන ලෙස අපි කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගෙන් ඉල්ලමු.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කිරීම  අත්‍යවශ්‍ය කර්තව්‍යය යි!

ජාත්‍යන්තර කම්කරු පන්තිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව සටන් කිරීමට පෙරට එමින් සිටී. ලෝක ධනවාදය විසින් නිර්මිත ව්‍යසනයන් නැවැත්විය හැකි එකම සමාජ බලවේගය බලමුලුග ැන්වීම සඳහා වන වෛෂයික පදනම වන්නේ මෙම අරගල යි.

පසුගිය වසරේ මහජන විරෝධතා හා වැඩ වර්ජන ලොව පුරා පුපුරා ගිය අතර, මෙක්සිකෝව, පුඑතෝ රිකෝ, චිලී, ප්‍රන්සය, ස්පාඤ්ඤය, ඇල්ජීරියාව, ඉරාකය, ඉරානය, කෙන්යාව, දකුනු අප්‍රිකාව, ඉන්දියාව හා හොං කොං යන රටවල් ඉන් කිහිපයකි. එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් (ජීඑම්) කම්කරුවෝ වසර 40කට පසුව ඔවුන්ගේ පලමු ජාතික වර්ජනයේ නිරත වූ හ.

මිලියන ගනන් ඉන්දියානු කම්කරුවෝ ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා ජනවාරි 8දා මහා වැඩ වර්ජනයකට සහභාගි වූ හ. මරුති සුසුකි මෝටර් රථ කම්කරුවෝ 2013 පටන් රාජ්‍ය මර්දනයට එරෙහි  අරගලවල නිමග්න ව සිටිති.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අරගල මෙම ගෝලීය ක්‍රියාදාමයේ කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනවන ලද කප්පාදු පියවරයන්ට එරෙහිව පැනනැගුනු 1980 රාජ්‍ය අංශයේ වැඩ වර්ජනයෙන් මෙපිට විශාලතම කම්කරු පන්ති අරගලවල නියැලෙමින් ලක්ෂ ගනනක් වන වතු කම්කරුවෝ හා ගුරුවරු වැඩ වර්ජන දියත් කලහ. කොලඹ ආන්ඩුවේ මහ ව්‍යාපාරික පිලිවෙත්වලට එරෙහි කම්කරු පන්තික විරෝධය නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඊනියා සමගි පාලනය පතුරු ගියේය. 

සිරිසේන-වික්‍රමසිංහ පාලනය කෙරෙහි පැවති මහජන වෛරය ගසාකමින් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනියේ ය. සිංහල ස්වෝත්තමවාදය අවුලුවමින් හා මිලිටරියේ සහයෝගය ගොනු කරගනිමින් ඔහු “ස්ථාවර” හා   “ශක්තිමත්” තන්ත්‍රයක් තහවුරු කිරීමට ඔහු පොරොන්දු විය. එහෙත්, රාජපක්ෂ බලයට පත්වීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ වතුකරයේ, කහටගහ පතලේ, ගුරුවරුන්ගේ සහ දොට්ට දැමූ කම්කරුවන්ගේ වර්ජන හා විරෝධතා පුපුරා ගියේය. ඉන් පෙන්නුම් කෙරුනේ නව තන්ත්‍රය කෙරෙහි කම්කරු පන්තික අවිශ්වාසය හා විරුද්ධත්වය යි.

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වනු!

න්‍යෂ්ටික අවි යොදාගනිමින් සිදුකරන ව්‍යසනකාරී ගැටුමක් වනු ඇත්තා වූ ලෝක යුද්ධය සඳහා සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයෝ සූදානම් වෙති. ට්‍රම්ප් පරිපාලනය පසුගිය වසරේ වාර්ෂික මිලිටරි පිරිවැය සඳහා ඩොලර් ටි්‍රලියනයකට වඩා වෙන් කලේ, ප්‍රන්සය, ජර්මනිය හා එක්සත් රාජධානිය යන යුරෝපීය බලයන් ඔවුන්ගේ සන්නද්ධ හමුදාවන් සුවිශාල ලෙස ප්‍රසාරනය කරද්දී ය.

සෑම රටක ම සමාජ ආතතීන් ඉහල යද්දී, ලෝකය ආර්ථික අවපාතයක් අද්දර පවතී. එක්සත් ජනපදයේ පාලක පන්තිය එහි ආර්ථික ආධිපත්‍යය මිලිටරි බලය හරහා යලි ලබාගැනීමට ඉව බව නැති ව උත්සාහ දරමින් චීනය, රුසියාව හා ඉරානය ඉලක්ක කරගනී.

නව දිල්ලියේ පිටුබලය ලබමින්, වොෂින්ටනය, චීනයට එරෙහි එහි මිලිටරි ධාවනයේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කර ඇත. මෙම භූ-මූලෝපායික ඇටවුම් මගින් දිරිගන්වනු ලබන ඉන්දියාව, පකිස්තානය මත පීඩනය දැඩිකර ඇත්තේ, දුරදිග යන ගෝලීය ඇඟවුම් ගෙන එමින් ඉන්දු උපමහාද්වීපය මත න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය තියුනු ලෙස ඉහල දමමිනි.

ඔහු චීනය සමග පවත්වාගෙන ගිය සමීප සබඳතා හේතුවෙන් වොෂින්ටනය විසින් ක්‍රියාවට දමන ලද තන්ත්‍ර-මාරු මෙහෙයුමක කොටසක් වසයෙන්, 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය පෙරලා දමන ලදී.

සිරිසේන බලයේ පිහිටුවීමෙන් පසුව, වොෂින්ටනය එහි ඉන්දු-පැසිෆික් අන දෙන මධ්‍යස්ථානය සහ චීනයට එරෙහි මිලිටරි බලය තරකිරීම් සමග ශ්‍රී ලංකාවේ මිලිටරිය සමීප ව ඒකාග්‍ර කලේ ය. වොෂින්ටනය හා කොලඹ අතර වැඩි දියුනු කරන ලද හා දැනට මත් අත්සන් තබා ඇති ප්‍රවේශ හා හරස් සේවා ගිවිසුම (ඇක්සා), එක්සත් ජනපද මිලිටරියට සමස්ත දිවයින මිලිටරි කඳවුරක් ලෙස යොදාගැනීමට නිදහස් බලය ලබා දෙනු ඇති හමුදා තත්ත්ව ගිවිසුමක් (සෝෆා) විසින් අනුයෑමට නියමිත ය.

වොෂින්ටනය හා නව දිල්ලිය ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ යලිත් බලයට ඒම ගැන ගැඹුරින් ම උත්සුක ය. ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙතෙහි චීනය දෙසට කවර ආකාරයකින් හෝ මාරුවක් වොෂින්ටනය විසින් නො ඉවසන බව ජනාධිපති ට්‍රම්ප් ඇතුලු එක්සත් ජනපදය නායකයන් ජනාධිපති රාජපක්ෂට අනතුරු අඟවා ඇත. කෙසේවෙතත්, එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ පියවරයන් ගැන හොඳින් දන්නා බීජිනය, රට මත එහි ආර්ථික හා දේශපාලන ආනුභාවය වැඩිදියුනු කිරීමට අධිෂ්ටානවත් ය.

තමන්ට “මධ්‍යස්ථ විදෙස් පිලිවෙතක්” අනුගමනය කල හැක යන රාජපක්ෂගේ කියාපෑම මෙම වර්ධනයන් මගින් හෙලිදරවු  කෙරෙයි. කලාපයේ අනෙක් රටවල් මෙන් ශ්‍රී ලංකාව ද භූ-දේශපාලනික වාසුලියක් තුලට  ඇදග නු ලැබ තිබේ.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත් වීමකින් තොරව, යුද්ධය කරා වන ධාවනය වැලැක්විය නො හැක. ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද-විරෝධී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙනයන සටනට එක් වන ලෙස අපි ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාව පුරා කම්කරුවන්ගෙ න් ඉල්ලා සිටිමු.

ෆැසිස්ට්වාදයට හා ආඥාදායකත්වයට එරෙහි ව සටන් වදිනු!

ගැඹුරු වන ආර්ථික අර්බුදයට හා කම්කරු-පන්ති අරගලවල පුනර්ජීවනයට සෑම තැනක ම පාලක ප්‍රභූන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය දෙසට වේගයෙන් තල්ලු වෙමිනි.

ට්‍රම්ප් පරිපාලනයෙහි අනුකම්පා විරහිත සංක්‍රමන-විරෝධී මර්දනය සහ රට තුල ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ප්‍රහාර, යුද්ධය සඳහා වන එහි සූදානමේ කොටසකි. ජර්මනියේ හිට්ලර්ගේ නාසි තන්ත්‍රය ඇද වැටීමෙන් 75 වසරකට පසු, සංස්ථාපිතයේ පක්ෂ හා රාජ්‍යයේ පිටුබලය සහිත ව ෆැසිස්ට්වාදය ආපසු පැමිනෙමින් තිබේ.

ඉන්දියාවේ අගමැති මෝදි ඉස්ලාම්-විරෝධී මනෝගතිය අවුලුවමින් හින්දුඅධිපතිවාදී ආඥාදායක පාලනයක් දෙසට තල්ලු වෙමින් සිටී. ඔහුගේ ආන්ඩුව,  පුරවැසි පනතට ප්‍රතිගාමී සංශෝධනයක් ගෙනවිත්, දිල්ලියේ මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වය මුදාහැර තිබේ.  පසු ගිය අගෝස්තුවේ දී, ආන්ඩුව, කාශ්මීරය දඩු ගැසීමකට යටත් කොට, ඉන්දියාවේ එකම මුස්ලිම් ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරය දෙකට කඩා, නව දිල්ලියේ ඍජු පාලනයට යටත් කලේ, එම ප්‍රදේශවල හමුදා බලය තර කරමින්  හා පිටස්තර ලෝකය සමග සන්නිවේදනය කපාහරිමිනි. මෙම විෂඝෝර මුස්ලිම්-විරෝධී පියවරයන්, ඉන්දියාවේ සටන්කාමී කම්කරු පන්තියට එරෙහි ව රාජ්ය මර්දනය යොදාග ැනීම සඳහා වන පෙර පුහුනුවීම් ය.

යුද අපරාධ පිලිබඳව ගැඹුරින් ම චෝදනා එල්ල වී සිටින හිටපු මිලිටරි නිලධාරියෙකු වන ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජපක්ෂ, සිය පාලනය මත පවතින සියලු නෛතික සීමාවන් කටුගා දැමීම සඳහා ඔහුගේ ශ්‍රීලපොපෙට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සඳහා උද්ඝෝෂනය කරයි. මිලිටරිය හා සිංහල-බෞද්ධ අන්තවාදීන් මත බොහෝ සෙයින් රැඳී සිටින රාජපක්ෂ, ඔහුගේ පාලනය වේගයෙන් මිලිටරීකරනය කරයි. කම්කරුවන් හා තරුනයන් මෙහි අනතුර හඳුනාගත යුතු ය: මහ මැතිවරනයේ මුහුනත්තහඩුවට පිටුපසින් ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කරමින් තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු!

විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ සිරගත කිරීම හා ඔහු ව උදර්පනය සඳහා වන බොරු නඩුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ගෝලීය ව එල්ල කරන ප්‍රහාරයේ තියුනු ප්‍රකාශනයකි. අසාන්ජ් වධ බන්ධනයට ලක් කෙරෙන්නේ, එක්සත් ජනපදයේ යුද අපරාධ හා ආන්ඩුවල දූෂන පිලිබඳ සත්‍යය හෙලිදරවු කිරීම නිසා ය. සසප, එහි ජාත්‍යන්තර සහෝදර පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග ඔහුගේ නිදහස සඳහා වන අරගලයට නායකත්වය දෙයි. මෙය සියලු වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ගෙනයන සටනේ අත්‍යවශ්‍ය කොටසකි.

1948 පටන් කම්කරු පන්තිය බෙදා මර්දනය කිරීමට ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ පක්ෂ දෙමල-විරෝධී වර්ගවාදය අනවරත ව යොදාගෙන තිබේ. 1983 දී, එජාප ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය දියත් කලේ ය.

මෙම යුද්ධය යොදාගන්නා ලද්දේ දෙමල ජනයාත් සියල්ලටමත් වඩා කම්කරු පන්තියත් මර්දනය කිරීමට යි. දෙමල වැසියන් ලක්ෂ ගනනක් මරා දැමූ එය දසදහස් ගනනක් අතුරුදන් කලේ ය. මහත් අවධානයකට ලක්ව සිටි කර්තෘවරයකු හා මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග ඇතුලු දේශපාලන විවේචකයන් පැහැරගෙන යමින් හා ඝාතනය කරමින් ඝාතක කල්ලි රට පීරූ හ.

යුද්ධය සමයේ අතුරුදන් වූ 20,000ක් ජනයා “ඇත්ත වසයෙන් ම මිය ගිය” බව එක්සත් ජාතීන්ගේ කොලඹ නේවාසික සම්බන්ධීකාරක හන්නා සිංගර්ට රාජපක්ෂ ජනවාරි මාසයේ කීවේ ය. හිටපු ආරක්ෂක ලේකම් කල මෙම පිලිග ැනීම පෙර නුවූ විරූ දෙයක් විය. අතුරුදන් වූවන් පිලිබඳ කිසිදු තොරතුරක් සම්පාදනය කිරීම කොලඹ ආන්ඩු එකදිගට ම ප්‍රතික්ෂේප කර ඇත.

මිලිටරියේ හා ඔහුගේ ම අපරාධවලට සුදු හුනු ගෑමට උත්සාහ දරමින් රාජපක්ෂ දැන් කියා සිටින්නේ, අතුරුදන් වූවන් “එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබ” සටන්බිමේ දී මියගිය වුන් බව යි. මෙය ප්‍රතික්ෂේප කරන දෙමව්පියන් හා ඥාතීහු ඔවුන්ගේ ආදරනීයයන්ට සිදු වූයේ කුමක්දැයි දන්වන ලෙස ඉල්ලා සිටිති.

මෙම අපරාධ සිදුකල අය අත්අඩංගුවට ගෙන දඬුවම් දීමත්, ඝාතනවල සුල මුල හෙලිදරවු කිරීමත් සඳහා සසප සටන් කරයි. මේ සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සමාජවාදී පිලිවෙත් සඳහා වන සටනේ කොටසක් ලෙස සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය කරයි.

2009 මැයි මාසයේ යුද්ධය අවසන් වුවත්, උතුර හා නැගෙනහිර අඛන්ඩ මිලිටරි වාඩිලාගැනීම යටතේ පවතී. කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ඇතුලු මර්දන නීති යොදාග නු ලැබේ.

පසුගිය වසරේ පාස්කු ඉරිදා දින දේවස්ථාන හා හෝටල් ඉලක්ක කරගෙන අයිඑස්අයිඑස් පිටුබලය ලත් ඉස්ලාමීය කන්ඩායමක් විසින් ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, සංස්ථාපිතයේ සියලු පක්ෂ හදිසි නීතිය පැනවීමට, රට පුරා මිලිටරිය දිගේලි කිරීමට හා රුදුරු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයකට සහයෝගය දුන් හ. එලඹෙන ප්‍රහාරය පිලිබඳ ව සිරිසේනට, වික්‍රමසිංහට හා මහින්ද රාජපක්ෂට කල් තබා අනතුරු අඟවනු ලැබූ බවට ද  එනමුදු කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි රාජ්‍ය මර්දනය උග්‍ර කිරීම සාධාරනීකරනය කිරීම සඳහා ඔවුන් එම ප්‍රහාර සිදු වීමට ඉඩ දුන් බවට ද සාක්ෂ්‍ය පවතී.

ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ පාලක ශ්‍රීලපොපෙ “ශක්තිමත් ආන්ඩුවක්”, එනම්, ආඥාදායක පාලනයක් සඳහා උද්ඝෝෂනය කරති. එජාප හා ඉන් බිඳී ගිය සජබ, ජවිපෙ සහ ටීඑන්ඒ හා ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලු දෙමල හා මුස්ලිම් පක්ෂ යන අනෙක් සියලු දේශපාලන පක්ෂ ද තව තවත් දකුනට පැද්දී ගොස් ඇත. ජනාධිපති රාජපක්ෂ විසින් රාජ්‍ය යාන්ත්‍රනය මිලිටරීකරනය කිරීමට හා ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන්ට විරුද්ධ ව මෙම කිසිදු පක්ෂයක් වචනයක් වත් කියා නැත. මේ කිසිදු පක්ෂයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කිසිදු සහයෝගී පදනමක් නැත.

ප්‍රකාශනයේ නිදහස ගැඹුරු ප්‍රහාරයකට මුහුන දී සිටී! සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර අප්‍රේල් මාසයේ සිරගත කොට මාස හතරක් රඳවා ගන්නා ලද්දේ ඔහුගේ ලේඛන පිලිබඳ ව බෞද්ධ පූජක පක්ෂයේ ප්‍රතිගාමී කොටස් විසින් පොලීසියට කරන ලද ව්‍යාජ පැමිනිල්ලකින් අනතුරු ව ය. රාජපක්ෂගේ තේරී පත්වීමෙන් පසු රහසිගත පැරාමිලිටරි කන්ඩායම් විසින් ජනමාධ්‍යවේදීන්ට ද තර්ජනය කරනු ලැබ තිබේ.

මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගත හැක්කේ, ධනවාදයට එරෙහි අරගලය තුල සහ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වන කම්කරු පන්තියේ ව්‍යාපාරයක් මගින් පමනි. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් සදහා සසප කැඳවුම් කරයි. සියලු මර්දන නීති අහෝසි කිරීමත් දෙමල, මුස්ලිම් හා අනෙකුත් සුලුතරයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමත් සඳහා එය උද්ඝෝෂනය කරයි.

සමාජ අසමානතාවට හා කප්පාදුවට එරෙහි ව  සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කරනු

පලල් වන සමාජ අසමානතාව ගෝලීය ප්‍රපංචයකි. මෑත දී පලකරන ලද ඔක්ස්ෆෑම් වාර්තාවකට අනුව, බිලියනපතියන් 2,153 දෙනෙක්, ග්‍රහලෝකයේ දුප්පත් ම බිලියන 4.6ක් වන ජනයාගේ ධනයට වැඩි ධනයක් පාලනය කරති. ඉහල ම සියයට 1 සාමූහික ව ගත් විට බිලියන 6.9ක හෙවත් ආසන්න වසයෙන් සමස්ත ලෝක ජනගහනයේ ධනය මෙන් දෙගුනයකට හිමිකම් කියයි. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ පටන්, එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන බලයන් බැංකුවලට හා කොටස් වෙලඳපොලවලට ඩොලර් ට්‍රිලියන 4ක් පමන පොම්ප කර ඇති අතර, කම්කරු පන්තියේ මූලික සමාජ අයිතීන් හා ජීවන තත්ත්වයන් මත ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර තිබේ.

එම ප්‍රවනතාවන් ම ශ්‍රී ලංකාව තුල තියුනු ලෙස ප්‍රකාශයට පත් වේ. 2016 දී රටෙහි පොහොසත් ම සියයට 10 හෙවත් ඉහලම දහයෙන් එක, දුප්පත් ම නිවහන් සියයට 70 විසින් උපයන සමස්තයට සමාන ප්‍රමානයක් ඉපයී ය. පහල ම දහයෙන් එකේ පංගුව වූයේ සමස්ත කුටුම්බ ආදායමෙන් යන්තම් සියයට 1.6ක් පමනි.

ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, පසුගිය වසරේ සියයට 2.6 දක්වා ඇදවැටුනේ, 2002 පටන් අඩු ම අගය වාර්තා කරමිනි. රට දැන් සිටින්නේ, 2019න් පටන් ගන්නා වසර හතර සදහා ඩොලර් බිලියන 20ක් වන විදේශ නය  ආපසු ගෙවීම පැහැර හැරීම අද්දර ය. මැතිවරනයෙන් කවර පක්ෂයක් ජයග්‍රහනය කල ද එය අර්බුදයේ බර මහජනයා මත පැටවීමට උත්සාහ දරමින් ජාමූඅ කප්පාදු නියෝග අනුකම්පා විරහිත ලෙස ක්‍රියාවට දමනු ඇත.

කම්කරුවන්ගේ ජීවන කොන්දේසි මත දරුනු ලෙස බලපාමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නගිමින් තිබේ. කඳුගැසෙන මූල්‍ය අර්බුදයකට මුහුන දී සිටින සංගත කොඳු කැඩෙන වැඩ ඉලක්ක නියම කරමින් නව සම්මතයන් පටවයි. වැටුප් පහත හෙලීම සඳහා විරැකියාව හා ඌන රැකියා නියුක්තිය යොදාගන්නා සෑම අංශයක ම කලමනාකාරීත්වය, රැකියා සුරක්ෂිතතාව රහිත කොන්ත්‍රාත් කම්කරුවන් වෙත වඩ වඩා හැරෙමින් සිටී.

ග්‍රාමීය ජනයා බොහෝ සෙයින් රඳා පවතින්නේ යැපුම් ගොවිතැන මත යි. කෘෂිකාර්මික ගොවීන්, කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියම කරන පලිබෝධ නාශක හා පොහොර සමාගම් විසින් සූරාකනු ලැබේ. සදාකල් පවතින හා ඉහල යන නය බරෙහි ගිලී සිටින ගොවීහු, මූල්‍ය බර දරාගත නො හැකි වූ විට දිවි නසා ගනිති. ජාමූඅ නියෝග පිලිපදිමින් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු පොහොර සහනාධාර කපාහැර තිබේ.

බැංකු හා මහ ව්‍යාපාර අස්වාමික කිරීමටත්, පහත දැක්වෙන පිලිවෙත්වලට මුදල් සම්පාදනය කිරීම පිනිස ධනවතුන්ගේ සිට දුගීන් දක්වා යෝධ පරිමානයෙන් ධනය යලි බෙදාහැරීම සදහාත් සසප කැඳවුම් කරයි: 

■ වැටුප්වල කිසිදු කප්පාදුවකින් තොරව, වැඩ සතිය පැය 30ට අඩුකිරීම මගින් රැකියා විරහිතයන් සඳහා රැකියා අවස්ථා පුලුල් කිරීම. මහජනයා සඳහා නිවාස, පාසල්, රෝහල් හා මාර්ග ගොඩනැගීමටත් රැකියා නිර්මානය කිරීමටත් යෝධ ඉදිකිරීමේ වැඩසටහන් ක්‍රියාවට දැමීම. 

■ සුරක්ෂිත, හොඳින් ගෙවන, උද්ධමන දර්ශකයට අනුව වෙනස් වන ජීවත් වීමට සරිලන වැටුපක් සහිත රැකියාවක් සියලු කම්කරුවන්ට හිමිවිය යුතු මූලික සමාජ අයිතියකි. පරිපීඩිත කොන්ත්‍රාත් කම්කරු ක්‍රමය අහෝසි කල යුතු ය. 

■ සියලු දෙනාට නොමිලේ ලබාදෙන ඉහල ගුනාත්මකත්වයෙන් යුත් සේවාවන් සම්පාදනය කිරීම සඳහා නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යසේවය ප්‍රසාරනය කල යුතු ය. ශිෂ්ට සම්පන්න නිවහන් දැරිය හැකි මිලකට සම්පාදනය කිරීම සඳහා රාජ්‍ය නිවාස වැඩසටහන් සංවිධානය කල යුතු ය.

■ ඉඩම් නැති සියලු ගොවීන්ට රාජ්‍ය ඉඩම් ලබාදෙමින් සියලු දුගී ගොවීන්ගේ හා ධීවරයන්ගේ නය අහෝසි කල යුතු ය. ලාබදායී නය, තාක්ෂනික උපදෙස් හා අනෙකුත් සේවාවන් සම්පාදනය කල යුතු ය. ශිෂ්ට සම්පන්න ජීවන තත්ත්වයක් සුරක්ෂිත කිරීම සඳහා මිල පාලනය තහවුරු කල යුතු ය.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් වදිනු

පසුගිය අවුරුදු පහේ තික්ත පාඩම් ප්‍රදර්ශනය කරන්නේ, පාලක පන්තියේ සෑම කන්ඩායමකින් ම දේශපාලනික ව ස්වාධීන වීම සඳහා සටන් කිරීමෙන් තොර ව කම්කරුවන්ට තමන්ගේ අයිතීන් ආරක්ෂා කරගත නො හැකි බව යි.

2015 දී, ටීඑන්ඒ සංවිධානය, යුද අපරාධවලට සාධාරනය ඉෂ්ට කරගැනීමටත් ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනා ගැනීමටත් සිරිසේනට ඡන්දය දෙන ලෙස දෙමල ජනයාගෙන් ඉල්ලා සිටිමින්, එක්සත් ජනපදයේ තන්ත්‍ර-මාරු මෙහෙයුමට පිටුබලය දුන්නේ ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ස්ථාපිත කල විට, එහි තථ්‍ය හවුල්කරුවා බවට ටීඑන්ඒ පත්වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිලිවෙත් ක්‍රියාවට දැමීමට හා යුද අපරාධ විමර්ශන යටපත් කිරීමට සහයෝගය දෙමිනි.

පසුගිය ජනාධිපතිවරනයේ දී, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ කරවටක් ගිලී සිටින පක්ෂයක් වන එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන ලෙස මෙම දෙමල පක්ෂය මහජනයා ගෙන් ඉල්ලා සිටියේ ය.

“ජාත්‍යන්තර (බලයන්) අප පිටුපසින් සිටින” බවත්, “ඔවුන් (දෙමල ප්‍රශ්නවලට) දේශපාලන විසඳුමක් නිර්මානය කිරීමට උදවු වනු ඇති” බවත් කියාපාමින් ටීඑන්ඒ නායක ආර්. සම්බන්දන් මෑත දී දෙමල ඡන්ද දායකයන්ට ආයාචනා කලේ ය. එක්සත් ජනපද-ගැති මෙම පක්ෂය යලි වතාවක් සූදානම් වෙමින් සිටින්නේ, දෙමල කම්කරුවන් හා දුගීන් අධිරාජ්‍ය-ගැති වාර්ගික දේශපාලන උගුලකට හසුකිරීමට යි.

නසසප, එසප හා පෙසප සිරිසේනගේ ව්‍යාජ “යහපාලන” උද්ඝෝෂනයට පිටුබලය දුන් හ. සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක” නිෂ්පාදිතය යයි කියාපාමින් එයට අනුමැතිය දුන් නසසප, එය කම්කරු පන්තිය මත එල්ල කල ප්‍රහාරවලට සහයෝගය දුන්නේ ය. එසප හා පෙසප, වෘත්තීය සමිතිවලටත්, කම්කරුවන්ගේ අරගල ආන්ඩුවට කරන හානි රහිත ආයාචනා බවට අපසරනය කිරීමේ ඔවුන්ගේ උත්සාහයන්ටත් සහයෝගය දුන් හ.

පසුගිය වසරේ ජනාධිපතිවරනයේ දී මෙම පක්ෂ එජාප අපේක්ෂකයාට සහයෝගය දෙමින්, ආන්ඩුවට එරෙහි එකම “විපක්ෂය” ලෙස ව්‍යාජ ව පෙනී සිටීමට රාජපක්ෂට උදවු විය. රාජපක්ෂට ඡන්දය දුන් කම්කරුවන් හා දුගීන් බොහෝ කොට එසේ කලේ වික්‍රමසිංහ තන්ත්‍රයට විරෝධය පලකිරීමට යි.

සියලු ධනේශ්වර පක්ෂ මෙන් මෙම ව්‍යාජ-වාම කන්ඩායම් ද වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගල පුපුරා යාමක් ගැන භීතියට පත්ව සිටිති. පාලක ප්‍රභූව විසින් සූදානම් කෙරෙන ආඥාදායකත්වයට එරෙහි ව සටන් කිරීම සඳහා තම දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කරගැනීමට කම්කරු පන්තිය මෙම ධනපති-ගැති පක්ෂ ප්‍රතික්ෂේප කල යුතු ය.

කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සංවිධානය කරනු

කම්කරුවන් මෑත අරගලවල පාඩම  උගත යුතු ය - එනම්, වෘත්තීය සමිතිවල යකඩ සැට්ටය ඇතුලත තමන්ට තමන්ගේ අයිතීන් දිනාගත නො හැකි ය යන්නයි. ධනපති පක්ෂවලට හෝ “වාම” කන්ඩායම්වලට බැඳී සිටින වෘත්තීය සමිති, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට විරුද්ධ වන අතර, ඕනෑම අරගලයක් හුදකලා කොට විසුරුවා හැරීමට ක්‍රියා කරති.

අවශ්‍ය වන්නේ කම්කරුවන්ගේ අරගල සංවිධානය කිරීම පිනිස සෑම වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරුවන් විසින් තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි. ගෝලීය ව සංවිධිත සංගත විසින් එල්ල කරන, සමාන ප්‍රහාරවලට මුහුන දෙන අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර කම්කරුවන් සමග එකමුතුව ගොඩනගා ගැනීමේ පදනම මෙමගින් සූදානම් කෙරෙනු ඇත.

2018 දෙසැම්බරයේ වතු කම්කරුවන් 100,000ක් සම්බන්ධ වූ අරගලයේ දී ඇබොට්ස්ලී වත්තේ කම්කරුවෝ ක්‍රියාකාරී කමිටු සඳහා සසප කල කැඳවුමට ඇහුම්කන් දුන් හ. සෑම වැඩපොලක ම කම්කරුවන් මෙම ආරම්භකත්වය අනුගමනය කල යුතු ය.

ගම්බද ජනයාගේ නායකත්වය ලෙස පිහිටමින්, කම්කරුවන් ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමටත්, ධනවාදය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමටත්, ක්‍රියාකාරී කමිටු විසින් පදනම සකස් කෙරෙනු ඇත.

සසප සටන් වදින්නේ දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට යි. එවන් ආන්ඩුවක් විශාල විදේශීය හා දේශීය සමාගම් ද විශාල වතු හා බැංකු ද කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරන අතර, විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කරනු ඇත.

සසප ඉදිරිදර්ශනය පදනම් වන්නේ, ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනපති පන්තිය, අතිශය මූලික ප්‍රජාතාන්ත්‍රික හා සමාජීය කර්තව්‍යයන් ඉටුකිරීමට අපොහොසත් ය යන්න ප්‍රදර්ශනය කරන ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මත යි. සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස මෙම අභියෝගය බාරගැනීම කම්කරු පන්තියේ වගකීම යි.

මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස සසප ගොඩනගනු

විප්ලවවාදී අරගලවල නව කාලපරිච්ඡේදයකට එලඹ ඇති ජාත්‍යන්තර කම්කරු පන්තියට ලෝක සමාජවාදී ඉදිරිදර්ශනයක් හා විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය ය. ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලයෙහි අඛන්ඩතාව නියෝජනය කරන හා සෑම ආකාරයක ම අවස්ථාවාදයට එරෙහි අරගලය මගින් පන්නරගැන්වී ඇති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, මෙම නායකත්වය යි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි හඬ වන අතර සසප මෙම ලෝක පක්ෂයේ ශ්‍රී ලංකා ශාඛාවයි.

වසර 52කට ඉහත දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ලෙස ආරම්භ කරන ලද සසප, 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුව සමග එක්වී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදුන් ලංකා සම සමාජ පක්ෂයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලය මත පදනම් විය.

දෙමල ජනයාට එරෙහි වාර්ගවාදී යුද්ධයට විරුද්ධ වූ අපේ පක්ෂය, උතුරින් හා නැගෙනහිරින් වාඩිලාගත් හමුදා කොන්දේසි විරහිත ව ආපසු කැඳවන ලෙස අඛන්ඩ ව ඉල්ලයි. රාජ්‍ය ත්‍රස්තයට හා සෑම ආකාරයක ම මර්දනයට එරෙහි ව ගම්බද ජනයා ආරක්ෂා කල සසප, සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අනවරත ව සටන් කලේ ය.

ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ගෙන් හැකි සෑම ආකාරයකින් ම අපගේ මැතිවරන උද්ඝෝෂනයට සහයෝගය දෙන අපි ඉල්ලා සිටිමු. අපේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙසත් අපේ මැතිවරන අරමුදලට ආධාර කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලමු. සියල්ලටත් වඩා ජාත්‍යන්තර කමිටුවේ හා සසප ඉතිහාසය හා ක්‍රියාමාර්ගය හදාරා එයට බැඳී විප්ලවවාදී පක්ෂය ගොඩනගන්න.

Loading