ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු සේවාවන් අත්හිටුවීමට සූදානම් වෙයි

අපේ වාර්තාකරුවන්
3 අප්‍රේල් 2020

කොරෝනා රෝගය සම්බන්ධව කටයුතු කිරීමේ දී සිය සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව ඇතුලු‍ මූලික අවශ්‍යතා සම්පාදනය කිරීමට තවදුරටත් ආන්ඩුව අසමත් වුවහොත් ලංකාව පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ මස 04 දා සිට සිය සේවාවන් නවතා දමන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී. 

සෞඛ්‍ය පරීක්ෂකවරු මෙලෙස වර්ජනයට ගමන් කිරීමට තීන්දු කර ඇත්තේ, පෙර කීප වරක් දැනුම් දුන්න ද, ආන්ඩුව සහ   සෞඛ්‍ය බලධාරීන් විසින් අවම ආරක්ෂිත පහසුකම් නොසැපයීමට, ක්ෂේත්‍ර රාජකාරී සඳහා ප්‍රවාහන පහසුකම් නො සැපයීමට සහ, ආහාර ඇතුලු‍ මූලික අවශ්‍යතා හා අත්‍යවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය නොකිරීමට එරෙහිවයි.

එම සංගමයේ සභාපති එම්.ජී.යූ. රෝහන ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ කොරෝනා තත්වය උද්ගත වූවායින් පසුවත් සේවා කටයුතු පවත්වා ගෙන යෑමට අවශ්‍ය පහසුකම්වල කිසිදු  වර්ධනයක් සිදු වී නොමැති බවයි. “අපි පරන විදිහටමයි වැඩ කරන්නේ. මේ වන විට මූනු ආවරන නෑ. ඇල්කොහොල් මුසු අත් විෂබීජ නාෂක නෑ. අඩු ගානට ගන්න පුලු‍වන් සර්ජිකල් මාස්ක්වත් අපිට දෙන්න කියලා අපි ඉල්ලන්නේ. රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 345 ක් තියෙනවා. නමුත් වාහන 200 ක් විතර අඩුයි. තාවකාලිකව හෝ වාහන සම්පාදනය කරන්න සැලැස්මක් නෑ“ යයි ඔහු පැවසීය.

කොරෝනා මර්දනයට “නිසි පිලියම්“ ගෙන ඇති බවට ආන්ඩුව ගසන පම්පෝරි වල ව්‍යාජභාවය, කොරෝනා ආසාදනයේ අවදානමට මුහුන දී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු‍ සෞඛ්‍ය කාර්යමන්ඩල මුහුන දී ඇති දුෂ්කරතා මගින් යලි හෙලිදරව් කොට තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුන දෙන බරපතල දුෂ්කරතා ඔවුන්ට හුදකලා වූවක් නොවේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අනෙකුත් සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති විසින් මෙම ගැටලු‍ මුලු‍මනින්ම යට ගසා තිබුනත් ආන්ඩුවේ නොතැකීම සම්බන්ධව සෞඛ්‍ය කාර්ය මන්ඩල තුල වර්ධනය වී ඇත්තේ බරපතල විරෝධයකි.  

සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කිරීමට යන වර්ජන ක්‍රියාමාර්ගය පිලිබඳව අප්‍රේල් 02 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකින් ආන්ඩුවේ ඇමතියෙකු වන බන්දුල ගුනවර්ධන ලිස්සා ගියේ මෙසේය: “ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳීමට අගමැතිතුමා අද මැදිහත් වෙනවා.“

රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අතරින් රෝගීන් සහ මහජනයා අතර ගැවසෙන ක්ෂේත්‍ර නිලධාරීවරු වැඩිම අවදානමකට මුහුන දී සිටිති. මධ්‍යම පලාතේ සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෝසවෙඅ ට මෙසේ අදහස් දැක්වීය:

මුඛ වැසුම්, අත්වැසුම් වගේ දේවල් නැවත නැවත භාවිතා කල නොහැකියි. දිනකට මාස්ක් දෙකක්වත් අවශ්‍ය කෙරෙනවා. දවසේම වැඩ කරන්න වෙලා තියෙන්නේ අපේ නිල ඇඳුම ඇඳගෙන. අනෙක් කරුන අවශ්‍ය අවස්ථාවල දී භාවිතා කිරීමට ශරීරය වැසෙන ඇඳුම් අපට තිබිය යුතු යි. ඒ කිසිවක් අපට නෑ“.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ පසුගිය දිනවල ඔවුන් භාවිතා කලේ ඔවුන්ගේ වියදමින් සකසා ගන්නා ලද මුඛාවරන හා වෙනත් ආරක්ෂිත ඇඳුම් කට්ටල බවයි.

ලංකාවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 150 ඉක්මවා තිබේ. රෝගය බෝ වී ඇතැයි සැක කෙරෙන රෝගීන් කීප සියයක් රෝහල් ගනනාවක රඳවා සිටී. රෝග ව්‍යාප්තිය දැනට තුන්වන අදියරේ පසුවන අතර එය සිව් වන අදියරට ගමන් කලහොත් ඉදිරියේ අධි වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ දැනට ප්‍රකාශිත රෝගීන් සංඛ්‍යාව මෙන් 8 ගුනයක් රෝගීන් සමාජය තුල සංචරනය වන බවයි. එම නිසා තවදුරටත් රෝගය වැලඳුන පුද්ගයන් 500 ට වැඩි ප්‍රමානයක් සිටීමේ හැකියාව පවතී.

රටේ මහජනතාව මුහුනපා ඇති අන්තරාය මේ සා බරපතල වුවත් ආන්ඩුව සපයා ඇති සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය අවම   ප්‍රමානයටත් බෙහෝ සෙයින් පහල ය. සෞඛ්‍ය කාර්ය මන්ඩල හා රටේ මහජනයා මුහුන දෙන තත්වය බලයට පත් ආන්ඩු විසින් අඛන්ඩව සිදු කර ඇති සෞඛ්‍ය වියදම් කප්පාදුවේ   ප්‍රතිඵලයකි.

2007 වසරේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ආන්ඩුව යොදවන මුදල් ප්‍රමානය එක දිගටම කඩා වැටී ඇති අතර 2017 මහ බැංකු වාර්තාවට අනුව එය, දදේනි ප්‍රතිශතයක් ලෙස සියයට 1.5 කි. කියවන්න: ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුවේ රුදුරු ප්‍රතිවිපාක කොරෝනා වසංගතයත් සමග මතුවේ.

රෝගය පාලනය කරගැනීම සඳහා ජනතාව නිවෙස්වල කොටුකර තැබීම පමනක් ප්‍රමානවත් නොවන බව අවධාරනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අතිමූලික නිර්දේශය වන්නේ මෙයයි:  “පරීක්ෂාව පමනක්  නොවේ. රෝගීන් හඳුනාගැනීම පමනක්  නොවේ. නිරෝධායනය විතරක් නොවේ. සමාජ දුරස්තවීම පමනක් නොවේ. මේ සියල්ලම කරන්න.”

නිර්දේශය එසේ වුවත් ලංකාව තුල, ආසාදිත යැයි සැකකරන්නන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ හැකියාව පවතින රසායනාගාර පවතින්නේ 6 ක් පමනි.

ආසාදනය උග්‍ර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නම් ඔවුන්ට දැඩි සත්කාර ඒකක තුල ප්‍රතිකාර ලබාදිය යුතු ය. නමුත් මුලු‍ දිවයිනේම එවැනි දැඩි සත්කාර ඇඳන් පහසුකම් පවතින්නේ 500 ක් පමනි. රටක සෞඛ්‍ය තත්වය මැන බලන දර්ශකයක් වන මෙය ලංකාවේ පවතින්නේ ඉතා පහල අගයක් වන රෝගීන් ලක්ෂයකට ඇඳන් දෙකක මට්ටමේ ය.

කොරෝනා වෛරසය ආසාදිත යයි සැක කෙරෙන පුද්ගලයන් දැනුවත් කිරීම හා නිරෝධායන කටයුතුවලට යොමු කිරීම සිදුවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු අතිනි. ඔවුන් පෙන්වා දෙන්නේ සැකකටයුතු රෝගීන් අතර ව‍ෛරසය ආසාදිත පුද්ගලයන් සිටිය හැකි බැවින් වෛරසය ආසාදනය වීමේ බලගතු තර්ජනයට තමන් මුහුන දී සිටින බවයි.

සෞඛ්‍ය පරීක්ෂකවරු කිහිප දෙනෙකු එකවර එවැනි කටයුතු සඳහා ගමන් කිරීමේ දී ප්‍රවාහන පහසුකම් තිබිය යුතු වුවත් බොහෝවිට එම පහසුකම් සම්පාදනය වීමක් සිදු වන්නේ නැත. සාමාන්‍ය තත්වයේ දී ද යතුරුපැදියෙන් ගමන් කරන විට දී ආන්ඩුවෙන් ඉන්දන සඳහා මසකට හිමි වන්නේ රුපියල් 1,500 ක් වැනි සුලු‍ මුදලකි. මේ වනවිට ප්‍රවාහන වියදම් අධික වී තිබේ. එමෙන්ම ජංගම දුරකථන භාවිතය මේ දිනවල වැඩි වී තිබුනත් ඒ සම්බන්ධව කිසිදු දීමනාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමි වන්නේ නැත. රටපුරා ආපනශාලා වසා දමා ඇති බැවින් ආහාර ගැනීමේ ස්ථානයක් පවා ඔවුන්ට ඇත්තේ නැත.

සෞඛ්‍ය පරීක්ෂකවරු අතරින් වර්ධනය වන විරුද්ධත්වය සමස්ත සෞඛ්‍ය කාර්ය මන්ඩල තුල පැන නැගීමේ අනතුර ගැන සංවේදි වූ ආන්ඩුව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත ආරක්ෂාව ඇතුලු‍ පහසුකම් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. ඒ අනුව සේවය අත්හිටුවීමකට නොයෑමට සංගමය තීන්දු කර තිබුනද ආන්ඩුවේ පොරොන්දු සම්බන්ධයෙන් පහල සාමාජිකත්වයෙන් ආ විරෝධය හමුවේ යලි ඒ පිලිබඳව සලකා බැලීමට සංගමයේ නිලධාරීන්ට බලකෙරී ඇත.

රෝගයෙන් මරනයට පත් වූවන් ආදාහනය කිරීමේ දී පැන නැගිය හැකි නෛතික ගැටලු‍ විසඳීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලය පැවරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වී ඇති බැවින් එය කල් යනු ඇත.

ජාත්‍යන්තර පරිමානව වෛද්‍යවරු ඇතුලු‍ සෞඛ්‍ය කාර්යමන්ඩල සේවකයන් දහස් ගනනකට රෝගය වැලඳී ඇති බවත් ඉන් සැලකිය යුතු පිරිසක් මරනයට පත් වී ඇති බවත් සඳහන් කරමින් සෞඛ්‍ය කාර්යමන්ඩලවල ආරක්ෂාවේ වැදගත්කම අවධාරනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය:

ලෝකය මේ අවස්ථාවේ මුහුන දී තිබෙන තත්වයේ දී ලෝකයේ සියලු‍ සම්පත්, ධනය වසංගතය මැඩ පැවැත්වීමට යෙදවිය යුතු යි. නමුත් ආන්ඩු විසින් තවමත් මුදල් වෙන් කරන්නේ මහ ධනපතියන්ටයි. යුද්ධයටයි. ලංකාවේ මහ මැතිවරනය පවත්වනවා කියලා මැතිවරන කොමිෂමෙන් කිව්වා නම් ආන්ඩුව ඇඳිරි නීතිය දාන එකකුත් නෑ“.

බිලියන ගනන් මුදල් මහජනයා වෙනුවෙන් යෙදවීම සඳහා මහා බැංකු හා සමාගම් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කල යුතු ය. එය සිදු කල හැක්කේ අතලොස්සකගේ ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනපති ක්‍රමය ලෝක පරිමානව පෙරලා දමා මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය සැලසුම් කරන සමාජවාදී දේපල ක්‍රමයක් ලෝක පරිමානව ගොඩ නැගීමෙන් පමනි.