ලොව පුරා පාසල් වසා දැමීමේ අධ්‍යාපනික හා සමාජීය බලපෑම

මෙම ලිපිය 2020 අප්‍රේල් 9 දින ඉංග්‍රීසි බසින් පලවිය.

කොවිඩ්-19 වසංගතය පැතිරීම අඩපන කිරීමට උත්සාහ දරමින්, ලොව පුරා පෙර නොවූ විරූ පාසල්  සංඛ්‍යාවක් වසා දමා ඇත. මාර්තු අවසාන සතියේ සිට දල වශයෙන් ප්‍රාථමික සිට තෘතීයික අධ්‍යාපන මට්ටම දක්වා සිසුන් බිලියන 1.7 ක් පාසල් නොයන බව යුනෙස්කෝවේ ගෝලීය සංඛ්‍යාලේඛනවලින් හෙලිවේ. ජාතික පරිමාන අගුලුදැමීමට භාජනයවී ඇති රටවල් 188ක සිසුන්ට මේ තත්වය බලපා ඇත. වර්තමාන අධ්‍යයන වර්ෂයේ ඉතිරි කාලය තුල ද බොහෝ පැසැල් වසා තැබෙනු ඇති අතර, ජාත්‍යන්තර පරිමානයකින් පාසැල් වසා දැමීමෙ ක්‍රියාවලිය, ලෝක ධනේශ්වර ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්වයකි. 

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, රුසියාව, කැනඩාව සහ ග්‍රීන්ලන්තය ඇතුලු රටවල් සියල්ලකම පාසල් වැසීම දේශීය ක්‍රියාවලියකි. එක්සත් ජනපදය තුල ට්‍රම්ප් පරිපාලනය විසින් පාසල් වසා දැමීමේ තීරනය ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික්ක පාලකයින් මත පටවා ඇත. වේල පිරිමහගන්නා ක්‍රමයකට ඔවුන් ගන්නා තීරනවල ප්‍රතිපලයක් වශයෙන්, ප්‍රාන්ත ආන්ඩු 17ක් අධ්‍යයන වර්ෂය අවසන් වනතෙක් පාසැල් වසා තැබීමට නියෝග කර ඇති අතර, අනෙක්වායේ අප්‍රේල්, මැයි හෝ “නැවත දැනුම්දෙන තෙක්“ වසා දමනු ඇත.

කොවිඩ්-19 ආසාදනය පැතිරයාමේදී පාසල් එහි ප්‍රධාන මධ්‍යස්ථාන වන අතර, වසංගත විද්‍යාත්මක දෘෂ්ටි කෝනයකින් ගත් කල, වෛරසය පැතිරීම අවම කිරීම සඳහා පාසල් වැසීම අත්‍යවශ්‍ය වේ. එක්සත් ජනපදය තුල වර්තමාන වසංගත කේන්ද්‍රස්ථානය වන නිව්යෝර්ක් නගරයේ මෙය වඩාත් පැහැදිලිව ඔප්පු වී ඇති අතර, පාසල් ප්‍රමාද වී වසා දැමීම සහ මහජන පොදු ප්‍රවාහන පද්ධතිය දිගටම භාවිතා කිරීම අර්බුදය බෙහෙවින් උග්‍ර කර තිබේ. නිව්යෝර්ක් නගරයේ පමනක් තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 81,803 ඉක්මවා ඇති අතර මරන 4,571 කි. මේ වන විට අවම වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මරන දෙකක් වාර්තාවී ඇති නමුත් ප්‍රවාහන සේවකයින් අතර රෝගීන් 1,100 කට වැඩි සංඛ්‍යාවක් ද මරන 33 ක් ද වාර්තාවී ඇත.

සෞඛ්‍ය සේවකයින්ට අමතරව, මෙම අර්බුදය මධ්‍යයේ විවෘතව පවතින පාසල්වල උගතුන් වෛරසය ආසාදනය වීමේ ඉහලම අවදානමට මුහුන දී සිටින අතර, ලොව පුරා ආන්ඩුවල නොසැලකිල්ල හා මහජන සෞඛ්‍යයට වඩා ලාභ අපේක්ෂාව වෙනුවෙන් පෙනීසිටීම හමුවේ, දහස් ගනනකගේ ජීවිත අවදානමට ලක්ව ඇත. “රංචු වශයෙන් සිටීමේදී ප්‍රතිශක්තිය ඉහල මට්ටමක” පවතින්නේය යන සමාජ ඩාවින්වාදී සංකල්පය ප්‍රවර්ධනය කරන අතර අගමැති බොරිස් ජොන්සන්, ගුරුවරුන් අතර දැඩි විරෝධයක් ඇති වන තෙක් බ්‍රිතාන්‍යයේ පාසල් වසා දැමීම ප්‍රතික්ෂේප කලේය. ඒ හා සමානව, වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් තොරව, ගුරු කැරැල්ලකට මුහුන දෙන ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ආන්ඩු වලට පාසල් වසා දැමීමට බල කෙරී ඇත.

අත්‍යවශ්‍ය පූර්වාරක්ෂාවක් වශයෙන්, ධනවත් හා දුප්පත් යන රටවල් දෙකොට්ඨාශයේම පාසල් වසා දැමීම මඟින් වසර ගනනාවක් යනතෙක් අසමානතාව තවත් උග්‍ර කරනු ඇත. එය දැනටමත් සිසුන්ට විශාල බලපෑමක් කර ඇත.  

මෙම පෙර නොවූ විරූ ව්‍යසනයෙන් සියලුම සිසුන්ට යම් ආකාරයක කම්පනයක් ඇතිව තිබෙන නමුත් කම්කරු හා පීඩිත ජනතාවට  එහි බලපෑම වඩා විශාල හා දිගු කාලීන වනු ඇත. එනම්, බාධාවූ අධ්‍යාපනය, මානසික හා සමාජීය හුදකලාව, ගුරුවරුන්, උපදේශකයින් සහ ධනාත්මක වැඩිහිටි පුද්ගලයින් හමුවීමට නොහැකිකම සහ කුසගින්න සහ  අපයෝජන වලට ගොදුරුවීමේ හැකියාවය.

කැත්‍රිනා සුලි කුනාටුව නිව් ඕර්ලියන්ස් සිසුන්ට ඇති කල බලපෑම, ගෝලීය වශයෙන් සිසුන්ට හා තරුනයින්ට වසංගතයෙන් ඇතිකල හැකි බලපෑම ගැන කුඩා දර්ශනයක් ලබාදෙයි.  2005 අගෝස්තු මාසයේදී ඇති වූ සුලි කුනාටුවෙන් සිදු වූ විනාශයට ප්‍රතිචාර වශයෙන් ප්‍රන්ත ආන්ඩුව, එම වාරය පුරාම රජයේ පාසල් වසා දැමීය.

ටියුලේන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු සහ කැත්‍රිනා සුලි කුනාටුව සිසුන්ගේ අධ්‍යයන ප්‍රතිපල කෙරෙහි ඇති කල බලපෑම පිලිබඳව සොයා බැලූ අධ්‍යයනයක කතුවරයකු වන ඩග් හැරිස්ට අනුව, අහිමිව ගිය ඉගෙනීම යලි අත්කර ගැනීමට සිසුන්ට සාමාන්‍යයෙන් වසර දෙකක් ගත විය. හැරිස් තර්ක කරන්නේ ඉගෙනීමේ එවැනි අඩුවීමක්, හුදෙක් පන්ති කාලය අහිමි වීම නිසා පමනක් නොව, ආර්ථික බලපෑම් සහ අර්බුදකාරී සිදුවීමෙන් පැන නගින මානසික කම්පනය නිසා උග්‍ර වන බවයි.  ගෝලීය වශයෙන් වර්තමානයේ පාසල් වසා දැමීම් සහ ආර්ථික ඇනහිටීම, දැවැන්ත සිසුන් සංඛ්‍යාවකට කියා නිමකල නොහැකි දුෂ්කරතා හා බාධක නිර්මානය කරනු ඇත. 

කොවිඩ්-19 වසංගතය දිගහැරෙමින් ඇත්තේ, දශක ගනනාවක් තිස්සේ නොනවතින කප්පාදුවලට මුහුන දී ඇති, දැනටමත් අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙන පාසල් පද්ධතියක් තුලය.අන්තර්ජාල “දුරස්ථ ඉගෙනුම” පිලිබඳ ආකෘති එකට බද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන ඇති තත්වයක, සිසුන්ට ඒ කරා පිවිසීම හා ඒවා ලබා ගැනීමේ හැකියාව ඔවුන්ගේ නිවෙස්වල ඇති ද්‍රව්‍යමය තත්වයන්ගෙන් තීරනය වේ. බොහෝ පෞද්ගලික පාසල් රජයේ පාසල්වලට පෙරම  වසා දැමුන අතර අන්තර්ජාල ඉගෙනීමට වඩාත් පහසුවෙන් මාරුවීමට හැකිය. එයින් මේ සිසුන් මත පැටවෙන රිනාත්මක බලපෑම අඩු කරනවා විය හැක.

පුද්ගලික අන්තර්ජාල ඉගැන්වීමේ කර්මාන්තය ද එය දැරිය හැකි පවුල් සඳහා පමනක් විකල්පයක් වේ. පැයකට අන්තර්ක්‍රියාකාරී සැසියකට ඩොලර් 80 ක් අය කරන අන්තර්ජාල උපකාරක සේවාවක් වන වන්ක්ලාස්.කොම්, වසංගතය මධ්‍යයේ එහි ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුන කරගෙන තිබේ.

අන්තර්ජාලයට ප්‍රවේශය ඇති අය ගැන සලකන කල ඔවුන්ගේ සම්බන්ධතාවයේ වේගය ධනය මත රඳා පවතින අතර, වේගවත්ම හා විශ්වාසදායක සම්බන්ධතා ලබා ගත හැක්කේ ධනවතුන්ට පමනි. 2018 සිට මයික්‍රොසොෆ්ට් දත්ත මත පදනම්ව, එක්සත් ජනපදයේ අන්තර්ජාල භාවිතා කරන මිලියන 162ට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාලයට ප්‍රවේශය නොමැත. පිව් පර්යේෂන මධ්‍යස්ථානයේ සමීක්ෂනයකින් හෙලි වුනේ, වාර්ෂිකව ඩොලර් 30,000 ට වඩා අඩු ආදායමක් ලබන කුටුම්භ වැඩිහිටියන්, අන්තර්ජාලය භාවිතා කිරීම  ධනවත් වැඩිහිටියන්ට වඩා බොහෝ සෙයින් අඩු බවයි. එය සියයට 18 සියයට  2 වේ. 

පාසල් වසා දැමීම හේතුවෙන් ලොව පුරා මිලියන සිය ගනනක් සිසුන් අධ්‍යාපනය නොවැදගත් කර සැලකීමකට මුහුන දී සිටිති. විදුලි සංදේශ සංවර්ධන අංශය (ITU), 2018 දී ලෝක ජනගහනයෙන් සියයට 51 කට පරිගනක නොමැති බවත් සියයට 41 කට අන්තර්ජාල පහසුකම් නොමැති බවත් වාර්තා කර ඇත. අර්බුදයට පෙර, මිලියන සංඛ්‍යාත තරුන තරුනියන් අන්තර්ජාල ප්‍රවේශය සඳහා කැෆේ හෝ පුස්තකාල අන්තර්ජාල සේවා මත විශ්වාසය තැබූ අතර ග්‍රාමීය හෝ දුර බැහැර ප්‍රදේශවල බොහෝ පවුල්වලට අන්තර්ජාල ප්‍රවේශයක් නොමැත.

එක්සත් ජනපදයේ, බොහෝ රජයේ පාසල් දිස්ත්‍රික්ක, මාර්ගගත ඉගැන්වීමේ ආකෘතියක් සැකසීමට බලා සිටින අතර, එමඟින් ඉගෙනීමේ බිඳවැටීමක් පමනක් නොව, සිසුන් අධ්‍යාපන  සම්මුතියකට ද යටත් කෙරේ. ඩෙට්‍රොයිට් සහ ෆිලඩෙල්ෆියා වැනි ප්‍රධාන නගරවල සිසුන්ට සති තුනක පාසල් මග හැරී ඇත. සැන් ඩියාගෝ හි බොහෝ සිසුන් අප්‍රේල් 20 වන දින දුරස්ථ අධ්‍යාපනය ආරම්භ කරනු ඇත.

අධ්‍යාපනඥයින්ගේ පිටුපසින්, ගුරු සංගම් සහ ප්‍රාදේශීය පාසල් දිස්ත්‍රික්ක, අර්බුදය විසින් නිරාවරනය කරනු ලබන දැවැන්ත ගැටලු මඟහරවා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, මෙම ක්‍රියාවලියේදී සියලුම ගුරුවරුන්ගේ සාම්ප්‍රදායික රැකියා, අන්තර්ජාලය හරහා ඉගැන්වීම් වෙත වේගයෙන් මාරු කරන ලෙස ඉල්ලා සිටී.

පාසල් වැසීම මඟින් මෙම සිසු සමූහයා  සඳහා අවශ්‍ය සහාය ඉවත්ව ඇති නිසා  විශේෂ අධ්‍යාපනය බොහෝ දුරට මඟ වැටී ඇත. කායික හා ශස්ත්‍රීය ඉගෙනුම හා  ප්‍රගතිය සඳහා පෙර කාලයේ ලබා ගත හැකිවූ ගුරුවරුන්ට හා සම්පත් වලට ප්‍රවේශයක් නොමැති බව මධ්‍යස්ථ විශේෂ අධ්‍යාපන සිසුන්ට සහතික විය හැකිය. පන්ති කාමර පසුබිමක නිශ්චිත සහාය අවශ්‍ය, අවදානමට ලක්විය හැකි ජනතාවගේ දූ දරුවන් කෙරේ තවදුරටත් අවධානය යොමු නොකෙරේ. 

ට්‍රම්ප් පරිපාලනය, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් විසින් පාලනය කරනු ලබන ප්‍රාන්ත ආන්ඬු  වසංගතය දකින්නේ, නාටකාකාර ලෙස ජාතික පාසල් අවතක්සේරු කිරීමට සහ රාජ්‍ය අධ්‍යාපනය ඊටත් වඩා ගැඹුරු ලෙස කප්පාදු කිරීමට ඇති අවස්ථාවක් ලෙස ය. පාලක ප්‍රභූන් අන්තර්ජාල අධ්‍යාපනය සඳහා ඇති අවුල් සහගත හා දුෂ්කර මාරුව, එහි අනාගත ව්‍යාප්තිය යුක්ති සහගත කිරීම සඳහා උපයෝගී කරගනු ඇති බවට සැකයක් නැත. අධ්‍යාපනඥයින් ලක්ෂ ගනනකගේ නොවේ නම්, දහස් ගනනකගේ රැකියාවල වියදමිනි. 

අර්බුදයේ ප්‍රතිවිපාක බොහෝ සෙයින් බලපානුයේ, පඩියෙන් ජීවත්වන සහ අමතර වියදම් දැරීමට ඉතිරි කරගත් මුදලක් නොමැති දෙමව්පියන් හෝ භාරකරුවන් සමඟ ජීවත්වන සිසුන්ට ය. ගෝලීය ජනගහනයෙන් සියයට 20 කට ප්‍රමානවත් නිවාස නොමැති අතර, වැඩි පවුල් සාමාජිකයින් රැකියා විරහිත වීමත් සමඟ එය ඉහල යනු ඇත. ආර්ථික අවිනිශ්චිතතාව ගෘහස්ථ හිංසනයේ කොන්දේසි ද වැඩි කරනු ඇත. මේ වන විටත් එක්සත් ජනපදයේ සිසුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෘහස්ථ හිංසනයට මුහුනපා ඇත. නිරෝධායන කන්ඬායම් ආර්ථික විනාශයට මුහුන දෙනු ඇත.  

පාසැලේ දිවා ආහාරය ලබන එක්සත් ජනපදයේ සිසුන් මිලියන 30 ක් සහ උදේ ආහාරය ලබා ගන්නා මිලියන 14.7 ක් දැන් බෙදාහැරීමේ ස්ථාන කිහිපයකදී “පික්-ඇන්ඩ්-ගෝ” බෑග් වල සපයන දිවා ආහාරය ලබා ගැනීමට පොර බැදිය යුතුය. ලෝකයේ ධනවත්ම රට තුල පවා ආහාර අනාරක්‍ෂිතතාවයේ මට්ටම දැනටමත් අර්බුදකාරී තැන් කරා නැඟී ඇති අතර මෙම සිසුන් මිලියන ගනනක් කුසගින්නෙන් පෙලෙනු ඇතැයි බිය වීමට සෑම හේතුවක්ම තිබේ. ලොව පුරා මිලියන සිය ගනනක් ආහාර හිඟයකට මුහුන දී සිටින අතර එය බොහෝ දුරට දුප්පතුන් මතට වැටෙනු ඇත.

පාසල් වසා දැමීමත් සමඟ ලමයින්ට පාසල් උපදේශකයින්, පාසල් විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා සහ විවිධාකාර සමාජ සහයෝගය ද අහිමි වී ඇත. සම වයසේ මිතුරන් හා වැඩිහිටියන් සමඟ සමාජගත වීමේ අඩුපාඩුවට සිසුන් මුහුන දෙන අතර  අන්තර්ජාලයට ප්‍රවේශය නොමැති අවස්ථාවන්හිදී සිසුන්ට එය තවදුරටත් උග්‍ර ලෙස බලපායි. සිසුන්ගේ ආත්ම අභිමානය ගොඩනැගීම සඳහා අවශ්‍ය  මාර්ග සපයන ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද අවලංගු වී ඇත.

දරිද්‍රතාව, මන්දපෝෂනය සහ දැවැන්ත සමාජ අසමානතාව පිලිබඳ බියකරු යථාර්ථය, වසංගතය මඟින් උත්සන්න කර ඇත. ජාත්‍යන්තර වශයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් රැඩිකලීකරනය කරන වසංගතයේ අත්දැකීම්, තරුනයින්ගේ විඥානය මත නොමැකෙන සලකුනක් තබනු ඇත. සමූහ මරන, සාගින්න හා අගහිඟකමෙන් තොර අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා සමාජයේ රැඩිකල් පරිවර්තනයක අවශ්‍යතාව වැඩි වැඩියෙන් හඳුනා ගනු ඇත.

Loading