කොවිඩ්-19 රෝගීන් මිලියනය ඉක්මවද්දී නැවත සේවයට පැමිනෙන ලෙස යුරෝපීය ආන්ඩු ඉල්ලා සිටී

මෙම ලිපිය 2020 අප්‍රේල් 17 දින ඉංග්‍රීසි බසින් පලවින.

යුරෝපය පුරා තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඊයේ මිලියනයක් දක්වා වැඩි වූ අතර එය 40,612 සිට 1,011,369 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ මහාද්වීපය පුරා ආන්ඩු අගුලු දැමීම් අවසන් කර කම්කරුවන්ට වැඩට යන ලෙසට කල බලපෑම් හමුවේය.

 වසංගතය පැතිර යද්දී, ගෙවල් වලට වී සිටින ලෙසත්, පාසැල් හා කම්හල් වසා දමන ලෙසත් කල නියෝග හමුවේ යුරෝපයේ කොවිඩ්-19 පැතිරීම සීමා වී තිබුනි. දින ගනනාවක් තිස්සේ නව රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් තිබුනු ස්පාඤ්ඤයේ අප්‍රේල් 14 දින  එය වාර්තා වුනේ 3,961 ක් ලෙසය. පසු දිනයේ සංඛ්‍යාව හදිසියේම දෙගුනයකින් 6,599 ක් දක්වා වැඩි විය. ස්පාඤ්ඤය තුල නැවත සේවයට වාර්තා කිරීමේ තීන්දුව නිසා එය වේගවත් වනු ඇත. 

ප්‍රන්සය ඊයේ මරන 753 ක් ප්‍රකාශයට පත් කල අතර වාර්තාගත නව රෝගීන් සංඛ්‍යාව 17,164 ඉහල ගොස් 165,027 ක් බවට පත් විය. කෙසේවෙතත්, වැඩිම මරන වාර්තා වුන බ්‍රිතාන්‍යයේ එය 861 ක් විය. නව රෝගීන් 4,617 ක් සමඟ එක්සත් රාජධානියේ මුලු ආසාදිතයින් සංඛ්‍යාව 103,093 ක් දක්වා වැඩවී ඇති අතර එය රෝගීන් 100,000 සීමාව පසු කල හයවන රටයි.

2020 මාර්තු 9 සඳුදා, පොලිස් නිලධාරීන් හා හමුදා සෙබලු ඉතාලියේ මිලාන්හි ප්‍රධාන දුම්රිය පොලෙන් පිටව යන මගීන් පරීක්ෂා කරති (credit Twitter: Italian Army)

ඉදිරි දින හා සති කිහිපය තුල, නැවත සේවයට පැමිනෙන ලෙස යුරෝපීය ආන්ඩු දිගින් දිගටම ඉල්ලා සිටීමේ දේශපාලනික සාපරාධී භාවය මෙයින් සලකුනු කෙරේ. ස්පාඤ්ඤය මේ වන විටත් කාර්මික කම්කරුවන් නිවාස වලට වී සිටිය යුතුය යන නියෝගය ඉවත් කර ඇති අතර, ඉතාලි කම්කරුවන්ට දී ඇති අවසන් දිනය මැයි 4 ය. ඔවුන් ක්‍රමයෙන් නැවත සේවයට පැමිනෙමින් සිටින අතර, ජර්මනිය සහ ප්‍රන්සය පිලිවෙලින් මැයි 4 සහ මැයි 11 පෙර නැවත සේවයට පැමිනිය යුතු බව නිවේදනය කර ඇත. 

 සෙනෙට් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ප්‍රන්සයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජීන් ෆ්‍රාන් ඔයිස් ඩෙල්ෆ්‍රයිසි අනාවැකි පල කලේ, සාමාන්‍ය තත්ත්වයට පත්වීම මඟින්  නව දෛනික රෝගී වීමේ අවස්ථා වේගයෙන් පැතිර යනු ඇති බවයි. අගුලු දැමූ කාලයේදී එය සාමාන්‍යයෙන් 2,000 සිට 4,000 දක්වා වූ අතර ඒවා ඉවත් කිරීමෙන් පසුව  10,000,  15,000 දක්වා වැඩිවනු ඇත.

මේ සතියේ, ප්‍රන්සයේ සෞඛ්‍ය හා පර්යේෂන ජාතික ආයතනය (INSERM), ආපසු වැඩට යාම පිලිබඳ ඉල්ලීම් වලින් මතු කෙරෙන අන්තරායන් ගැන අනතුරු ඇඟවීය. “විකල්ප උපාය මාර්ගයකින් තොරව  නිවාසවල රැඳී සිටීම  අවසන් කිරීම, වසංගතයේ දෙවන රැල්ලට තුඩු දෙන අතර එය රෝහල් ක්ෂේත්‍රය මුලුමනින්ම ගිල දමනු ඇත. ” ඔවුන් තවදුරටත් මෙසේ පැවසීය: “ උපරිම දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව මෙන් රෝගීන් 40 ගුනයකට  වැඩි යැයි ගනන් බලා තිබෙන තත්වයක් තුල, පැහැදිලි විකල්ප උපාය මාර්ගයක් නොමැතිව අගුලු දැමීම අවසන් කිරීම සිදුවේ." ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ලබන මාසයේ පාසල් යලි විවෘත කල යුතු බව පවසා ඇති අතර, විශේෂඥයන් කියන්නේ සැප්තැම්බර් මාසය වන තුරු එය කල් දැමිය යුතු බවයි.

" ඉදිරි සති කිහිපය තුල වසංගතය  පැතිරෙන ආකාරය පිලිබඳ පැහැදිලි දැක්මක් තවමත් නොමැති," බව පැරිසියේ පිටී-සැල්පෙට්‍රියටි රෝහලේ මහාචාර්ය රෙනෝඩ් පියරොක්ස් පවසන අතර, මැයි 11 දා ආපසු වැඩට යන ලෙසට මැක්‍රොන් කරන ඉල්ලීම, “යම් ආකාරයක ඔට්ටුවක් ” ලෙස හඳුන්වයි.

මහජන සෞඛ්‍ය සේවකයින් දිගින් දිගටම කොවිඩ්-19න් පීඩා විඳිමින් මිය යන අතර, අගුලු දැමීම සති 3 න් දීර්ඝ කරන බව බ්‍රිතාන්‍යය මාර්තු 23  දින ප්‍රකාශ කලේය. 12 ඉරිදා,  28 හැවිරිදි ගැබිනි හෙදියක් වන මේරි අගියෙවා අන්යාපොං, සිසේරියන් සැත්කමකින් පසු දරුවෙකු ප්‍රසූත කර මිය ගියාය. නර්සිං නොට්ස් සංවිධානය, එක්සත් රාජධානියේ  වෛද්‍ය කාර්ය මන්ඩලයේ 27 දෙනෙක් මේ වන විට මියගොස් ඇති බවට ආන්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි. සැබෑ සංඛ්‍යාව 56ක් බව ඔවුහු සඳහන් කරති.  " වෙනසට හේතුව ලියාපදිංචි නොකල කාර්ය මන්ඬලය, ලෝකම් ආයතනයේ කම්කරුවන්, සම සෞඛ්‍ය වෘත්තිකයන් සහ සමාජ සත්කාර සේවකයන් අත් හැරීම යයි අප විශ්වාස කරනවා. ”

බදාදා පැවති වීඩියෝ සම්මන්ත්‍රනයකින් පසු ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ විවිධ ජර්මානු ප්‍රාන්තවල අගමැතිවරු, වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මේ දක්වා ක්‍රියාත්මක කර ඇති සීමාවන් ක්‍රමයෙන් අඩු කරන පැකේජයකට එකඟ වූහ.

ජර්මානු ආන්ඩුවේ තීරන අනුව,  සමාජ දුරස්තභාවය සහ සම්බන්ධතා සීමා කිරීම් පිලිබඳ “මේ දක්වා නිකුත් කර ඇති රෙගුලාසි   මැයි 3 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.“ එහෙත් ක්‍රමයෙන් පාසැල් අඩුම තරමින් මැයි 4 සිට යලි විවෘත කිරීමට නියමිතය. මුලදී, ඉහලම ප්‍රාථමික පාසල් පන්ති, උපාධි පන්ති සහ ලබන වසරේ විභාග පැවැත්වෙන පන්ති වලින් පාසැල් ආරම්භ කිරීමට නියමිතය. එසේම විශ්ව විද්‍යාල විභාග පැවැත්විය යුතු අතර පුස්තකාල හා ලේඛනාගාර විවෘතව තබනු ඇත.

ජර්මානු සිල්ලර අංශයේ, වර්ග මීටර් 800 ක් දක්වා විකුනුම් ප්‍රදේශ ඇති වෙලඳසැල් ලබන සතිය මුලදී නැවත විවෘත කල හැකිය. “ මෝටර් රථ, බයිසිකල් අලෙවිහල්, පොත් සාප්පු විකුනුම් ප්‍රදේශය නොසලකා විවෘත කල හැකිය.“ සේවා සපයන්නන් අතර “කොන්ඬා මෝස්තරකරුවන් වැනි භෞතික සමීපත්වය අත්‍යවශ්‍ය වන අංශ, මැයි 4 සිට මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් විය යුතුය. ”

කෙසේ වෙතත් ජර්මන් ආන්ඩුවේ ප්‍රධාන ඉලක්කය, ආර්ථිකය නැවත ආරම්භ කර නිෂ්පාදනය වැඩි කිරීම ය. විශේෂයෙන් මෝටර් රථ කර්මාන්තයේ. "පසුගිය සති කිහිපය තුල අත්‍යවශ්‍ය උපාංඟ හිඟය නිසා නිෂ්පාදන ප්‍රශ්න ඇතිවූ අතර නිෂ්පාදන නැවැත්වීම් ස්වාධීනව සිදු වී තිබේ. ”

ජර්මන් ෆෙඩරල් හා ප්‍රාන්ත ආන්ඩු දැන් ප්‍රධානකොටම සහාය වන්නේ, " කඩාකප්පල්ව ඇති ජාත්‍යන්තර සැපයුම් ජාලයන් යලි පිහිටුවා ගැනීමටය. ”

ආරක්ෂාව පිලිබඳ ව්‍යාජ වැටහීමක් ඇතිකර ජනතාව සන්සුන් කිරීම සඳහා, "ජන ජීවිතය " හා " කඩාකප්පල්වූ සැපයුම් ජාල"  යලි යථා තත්වයට පත්කිරීම සඳහා ගනු ලබන ආරක්ෂක පියවර මගින්, එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් නව ආසාදන ක්‍රියාවලියක් මතුවීම හැකිතාක් දුරට වලක්වා ගත යුතු බව එම රෙගුලාසිවල සඳහන්ය. ” මෙහි අරමුන,  “ සෞඛ්‍ය සේවා පහසුකම් සහ හෙද කාර්ය මන්ඬලයට සම්පුර්නයෙන්ම වෛද්‍ය  මුහුනු ආවරන සපයා ඇති බව සහතික කිරීමයි. ”

වෙනත් වචන වලින් කිවහොත්, සෞඛ්‍ය ආරක්ෂන පද්ධතිය තුල ප්‍රමානවත් ආරක්ෂක මුහුනු  ආවරන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රමිතියකින් සැපයෙන්නේ නැති වුව ද, නව අවස්ථා ඇවිල යන විට, ආර්ථිකය සහ ජන ජීවිතය ඊට ගැලපෙන පරිදි සූදානම් කිරීමට ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු සූදානම් වෙමින් සිටින බවයි! ඇත්ත වශයෙන්ම  වඩ වඩාත් රෝහල් වසංගතයේ උච්ඡ ස්ථාන බවට පත්වෙමින් තිබේ. රොබට් කොච් ආයතනයට (ආර් කේඅයි) අනුව, ආරක්ෂන මෙවලම් හිඟය නිසා ජර්මානු රෝහල්වල දැනටමත් වෛද්‍යවරුන් සහ හෙදියන් 2,300 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇත.

“ අප ලබා ඇති සාර්ථකත්වයන් අප රැකගත යුතුයි ” යයි මර්කෙල් අවධාරනය කලේ, මුදල් අමාත්‍ය ඔලාෆ් ෂෝල්ස් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - එස්පීඩී), බැවේරියානු අගමැති මාකස් එස් ඕඩර් (ක්‍රිස්තියානි සමාජ සංගමය - සීඑස්යූ) සහ හැම්බර්ග් නගරාධිපති පීටර් ෂෙන්චෙස්චර් (එස්පීඩී) සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය රැස්වීමකදීය. චාන්සලර් කතා කරන්නේ මොනවා දැයි කෙනෙකු කල්පනා කරනු ඇත. 14 හා 15 යන දිනවල  ජර්මනියේ මරන 300 කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. වසංගතයේ මුල් කේන්ද්‍රස්ථානය වන චීනයේ වාර්තා වූ 3,342 ට වඩා ජර්මනියේ මරන සංඛ්‍යාව ඉහලය. එය3943 දක්වා වැඩිවීමත් සමඟ. ඒ තවත් මරන 139 ක් 16දා වාර්තා වීමත් සමඟය.

යුරෝපීය බැංකු හා ආන්ඩුවල ප්‍රතිපත්ති කම්කරු පන්තිය සමඟ ගැටීමේ මාවතකට යොමු කරයි. එය ඉතාලියේ කම්කරුවන් විසින් කරන ලද ක්ෂනික වැඩ වර්ජන සහ ස්වයංසිද්ධ පාගමන් රැල්ලකින් සනිටුහන් වූ අතර ඒවා,  ඉතාලි ආන්ඩුවට, නිරෝධායන සහ නිවාසවල රැඳී සිටීමේ නීති සම්මත කර ගැනීමට බල කල අතර පසුව එය යුරෝපය පුරා ව්‍යාප්ත විය. දශක ගනනාවක් තිස්සේ යුරෝපීය සංගමය (ඊයූ) විසින් සිදුකල සහන කප්පාදු හා සෞඛ්‍ය සේවා කප්පාදුව පිලිබඳ වාර්තාව මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇත. එසේ වුව ද කම්කරුවන්ගේ ජීවිතවල වියදමෙන් ලාභය ඉහල නැංවීම සඳහා නැවත වැඩට දැක්කීම සඳහා බැංකු සහ ප්‍රධාන සමාගම්, වෘත්තීය සමිති සමඟ කුමන්ත්‍රනය කරති.

ප්‍රන්සයේ, ස්පාඤ්ඤයේ හා ජර්මනියේ ඡන්ද විමසීම් සියල්ල පෙන්නුම් කලේ,  ජනගහනයෙන් සියයට 80 ක්ම නිවාසවල රැඳී සිටින්න යන නියෝග වලට  සහාය දක්වන බවකි. යුරෝපීය ධනේශ්වරය, හැකි  ඉක්මනින් කම්කරුවන් විශාල පිරිසක් නැවත වැඩට යාම ගැන මනාප බවට සැකයක් නැත. 

කෙසේ වෙතත්, මර්කෙල් ජාත්‍යන්තර සැපයුම් දාමයන් නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටිය ද නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම රඳා පවතින්නේ,  යුරෝපයේ හෝ වැඩ වර්ජන මගින් වසා දැමූ දකුනු යුරෝපය පුරා කම්හල් නැවත විවෘත කිරීම මත ය.

පසුගිය මාසයේදී ප්‍රන්ස මූල්‍ය උපදේශක රෙක්ස්කෝඩ් අනතුරු ඇඟවූයේ, “කොවිඩ්-19 උතුරු ඉතාලියේ සමහර කොටස් අඩපන කිරීමෙන්, රටේ කාර්මික නිෂ්පාදනයෙන් සියයට 55 ක් පමන නතර වූ බවයි.” එහි සඳහන් වූයේ, “යුරෝපීය කාර්මික සැපයුම් දාමයන් මත ඉතාලිය දරන බර චීනයට වඩා බොහෝ සෙයින් වැඩි ය. සමහර රටවල් විශේෂයෙන් ඒවා මත වාරුවී සිටියි. ප්‍රන්සයේ රෙදිපිලි හා යන්ත්‍රෝපකරන වැඩිපුරම පීඩාවට පත්වේ. ”

යුරෝපීය හා ජාත්‍යන්තර සැපයුම් දාමයන්හි ඇති වන බාධාවන්ට වඩාත්ම නිරාවරනය වන්නේ යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ය. යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ෆොක්ස්වැගන්, “විකුනුම් හා සැපයුම් දාම අවිනිශ්චිතතාව” තම කර්මාන්තශාලාවල නිෂ්පාදනය කඩාකප්පල් කල බව පැවසීය. පීඑස්ඒ සහ රෙනෝල්ට් ස්පාඤ්ඤයේ සැපයුම් කඩාකප්පල් වීම් ගැන සඳහන් කරමින් පැවසුවේ, මොට්බෝල් කම්හල වසාදැමූ බවය. 

යලි වැඩට යාමේ තීරනය, ආන්ඩු හා වෘත්තීය සමිති නිලධරයන්, ජන ජීවිතය පිලිබඳව දක්වන සතුරුකම විවෘත රහසක් වන අතර, සිය ඉරනම ඒවා වෙත පැවරීම කම්කරුවන්ට කල නොහැක. බැංකු වලට ඇපදීමට යොදාගත් යුරෝ ට්‍රිලියන ගනන් සම්පත් අත්පත් කරගෙන ඒවා, විද්‍යාත්මක පරියේෂනයන්ට, සෞඛ්‍ය සේවා වහාම පුලුල් කිරීමට හා ජාතික, වාර්ගික සම්භවයන් නොතකා, ව්‍යසනයෙන් පීඩාවට පත් කුඩා ව්‍යාපාර හා කම්කරුවන්ට සෘජු මූල්‍යාධාර සැපයීමට මුදාහැරිය යුතුය. මේ සඳහා යුරෝපය පුරා කම්කරු පන්තියේ අරගල සමාජවාදී වැඩපිලිවෙලක් මත ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ.

Loading