වසර 75ට පෙර: රතු හමුදාව බර්ලිනය යටත්කර ගැනීමත් සමඟ නාසි ජර්මනිය පරාජයට පත්වේ.

බර්ලිනයේ නටඹුන් අතර බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව, 1945 ජූනි

සෝවියට්, බ්‍රිතාන්‍ය, ඇමරිකානු හා ප්‍රන්ස මිලිටරි හා සිවිල් නිලධාරීන් ඉදිරිපිට 1945 මැයි 8දා බර්ලිනයේදී, ජර්මන් හමුදාවේ අංශ තුනම නියෝජනය කරමින්, ජ්‍යෙෂ්ඨ ජර්මානු මිලිටරි නායකයෝ, නිල වශයෙන් යටත්වීමේ කඩදාසි වලට අත්සන් තැබූහ. නාසි තුන්වන රීකයේ පරාජය යුරෝපය තුල දෙවන ලෝක යුද්ධයේ අවසානය සලකුනු කලේය.

යටත්වීමත් සමඟ සෝවියට් රතු හමුදාව බර්ලිනය සියතට ගත්හ. ජර්මානු අගනුවර යටත්කර ගැනීම සඳහා නඟරය පුරා සති ගනනක් සටන් පැවති අතර, මුහුනට මුහුන පැවති බිහිසුනු සටන් වලින් පසුව නාසි හමුදාවේ සන්නද්ධ බලකොටු සෝවියට් හමුදා අතට පත්විය.

ආරක්ෂාව බිඳවැටී ඇති බව දැනුම් දීමෙන් පසුව අප්‍රේල් 30දා, ජර්මානු අඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් බර්ලිනයේ ඔහුගේ බන්කරය තුලදී සියදිවි නසාගත්තේය.  මැයි 2දා නඟරයේ ප්‍රධාන බලකොටුව යටත්විය. සමහර මිලිටරි සේනාංක බර්ලිනයේ බටහිර, වයඹ හා නිරිතදිග කොටස්වල මැයි 8දා දක්වා සටනේ යෙදී සිටියහ. සටන් අවසානයේ, නඟරයේ විශාල ප්‍රෙද්ශ, කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර වලින් සුන්බුන් බවට පත්ව තිබුනි. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ප්‍රහාරක යානා ගනන් බලා ඇති පරිදි ටොන් 75000ක බෝම්බ නඟරය මත හෙලන ලදී.

මැයි 8දා අත්සන් තැබීමෙන් පසුව එවැනිම උත්සවයක්, ඊට පසුදින උතුරු ප්‍රන්සයේ රෙයිම්ස්හිදී පැවැත්වින. එහිදී කොන්දේසි විරහිත යටත්වීමට, ජර්මානු හමුදාවන්හි ක්‍රියාන්විත මන්ඬලයේ ප්‍රධානී ජෙනරාල් ඇල්ප්‍රඩ් ජොඩ්ල් විසින් අත්සන් තබන ලදී. එය සිදුවුනේ මිත්‍ර පාර්ශවයේ ඇමරිකානු අනදෙන නිලධාරී වූ ඩ්විට් ඩී අයිසන්හවර් ගේ නිවහනෙහි ය.  රතු හමුදාවේ කොටස් එය දැකගත්තේ, ජයග්‍රහනය සඳහා මූලික ක්‍රියාකලාපය ඉටුකල සෝවියට් සංඟමය නොතකා හැරීමේ උත්සාහයක් ලෙසය. බර්ලින් අත්සන් තැබීමට සම්බන්ධවූ ජර්මන් මිලිටරි අංශ තුනෙන් දෙකක් පමනක් රෙයිම්ස්හි නියෝජනය විය.

ජූලි මුලහරියේදී මිත්‍ර පාක්ෂිකයන්, ජර්මනිය පුරා පැවති සියලු ආන්ඩුවේ සිවිල් ආයතන නිල වශයෙන් විසුරුවා හරින බව නිවේදනය කලේය. පසුව එලඹි සති හා මාස ගනනාව තුල ස්ටැලින්වාදී සෝවියට් නිලධරය, මහාද්වීපය පුරා පැතිර පැවති ෆැසිස්ට් විරෝධී මහජන මනෝගතිය, ලාභ පද්ධතියට එරෙහි විප්ලවකාරී සමාජවාදී අරගලයක් කරා වර්ධනය වීම වැලැක්වීම පිනිස ධනපති මිත්‍රපාක්ෂික ආන්ඩු සමඟ සමීපව කටයුතු කලේය. 

Loading