වසංගත අගුලුදැමීම් තවදුරටත් පවත්වාගෙන යාමේ විද්‍යාත්මක උපදෙස් නොතකන නවසීලන්ත අගමැති, මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවනු ලබයි

මෙම ලිපිය 2020 මැයි 4 දින ඉංග්‍රීසියෙන් පලවින.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 2020 මැයි 2 දා පවත්වන ලද ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය ඇමතූ ටොම් පීටර්ස්ගේ කථාව පහත දැක්වේ. ඔහු නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඬායමේ ප්‍රමුඛ සාමාජිකයෙකි

ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය, බ්‍රිතාන්‍යයේ, බ්‍රසීලයේ සහ අනෙකුත් ආන්ඩු හා සසඳා බලන කල නවසීලන්ත ආන්ඩුව, ගෝලීය වසංගතයට වඩාත් මානවවාදී ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙස ධනපති මාධ්‍ය  විසින් හුවාදක්වන ලදී.

“ ලෝකයේ වඩාත්ම කාර්යක්ෂම නායකයා ලෙස අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් අත්ලාන්තික් සාගර කලාපයේදී මෑතකදී ප්‍රශංසා වට ලක් වූවාය.

“අපගේ කරදර කාලයේ ගැලවුම්කරු ශාන්ත ජසින්ඩා නැගී සිටියි.” යන ශීර්ෂපාටයෙන් යුත් තීරු ලිපියක් ෆිනෑන්ෂල් ටයිම්ස්  හි පල විය.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය, වෛරසය සමඟ පොරබැදීමේ මූලෝපාය අතින්, “ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ විශ්වාසය යලි පනගන්වන ආන්ඩු” ලෙස නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ  හුවාදැක්වීමට ලක්වෙයි.

ආර්ඩර්න් කාන්තාවක් වීම හේතුවෙන් ඇය ස්වභාවයෙන්ම මානුෂීය කරුනු හමුවේ වඩාත් සංවේදී වන බවත්, නායිකාවන් වඩ වඩ වඩාත් නායකත්වයට පත්කර ගැනීමෙන් පමනක් ලෝකයේ පැන නගින ගැටලු වලින් එය මුදා ගැනීමට හැකියාව ඇති බවත් කියවෙන ලිපි ගනනාවක් දැක ගත හැකිය.

ටොම් පීටර්ස් විසින් 22.29ට ආරම්භ කල කථාවේ වීඩියෝව

මෙවැනි  ප්‍රචාරයන්ගෙන් කිසිවෙකුත් රැවටිය යුතු නැත. නවසීලන්තය තහවුරු කර ඇති, කොවිඩ් 19 ආසාදනයන් 1,479 ක් ද  මරන 19 ක් ද වාර්තා කර ඇත. කොවිඩ් 19 ආසාදනයන් සහ මරන සංඛ්‍යාව වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව  අඩු මට්ටමක පැවතිය ද , සෑම දිනකම නව ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර වෛරසය මුලුමනින්ම තුරන් කර නැත. 

විද්‍යාඥයින් නිර්දේශ කරන ලද කාල සීමාවට වඩා සතියකට පෙර පාසල් සහ ව්‍යාපාර නැවත විවෘත කිරීමට ඉඩ ලබා දෙමින් ආන්ඩුව පසුගිය 28දා  අගුලු දැමීමේ නීති රීති ලිහිල් කලේය. ආන්ඩුවේ මෙම පියවරට විරුද්ධ ව ගුරුවරුන්, දෙමාපියන් සහ ලමා ආරක්ෂන සේවකයින්  45,000 කට ආසන්න පිරිසකගේ අත්සන් සහිත පෙත්සමක් ද ඉදිරිපත් කරන ලදී.

ආර්ඩර්න් එයට පිලිතුරු ලෙස පැවසුවේ, අගුලු දැමීම දිගු කාලයක් පවත්වාගෙන යාම වෛරසය තුරන් කිරීමට  උපකාරී වූ නමුත් ඒ තුලින් “ව්‍යාපාර කටයුතු මත රඳා පවතින ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම“, එනම් ව්‍යාපාරයන්ගේ ලාභ කෙරෙහි ඇති කෙරෙන බලපෑම  පිලිබඳව සලකා බැලිය යුතු බවයි. මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතවලට කුමන ඉරනමක් අත් වුව ද ඔවුන් නැවත සේවයට පැමිනීම සඳහා බල කරන අනෙකුත් රටවල නායකයින් මෙම තීරනය උදාහරනයක් සේ සලකයි.

නවසීලන්තයේ මහජන සෞඛ්‍ය පද්ධතිය දශක ගනනාවක් තිස්සේ අරමුදල් හිඟයෙන් පෙලෙන  අතර, ගෝලීය වසංගතයකට මුහුන දීම සඳහා කිසිසේත් සූදානම් කර නොතිබින. හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් විසින් 2018 දී රටපුරා සිදු කරන ලද වැඩ වර්ජනයේදී ආඩර්න් අවධාරනය කලේ, රෝහල්වල පවතින අර්බුද විසඳීමට ප්‍රමානවත් මුදල් ආන්ඩුව සතුව නොමැති බවයි. එම සේවක ඉල්ලීම් හමුවේ වුවත් වෘත්තීය සමිති නිලධරය, තව දුරටත් අනාරක්ෂිතව සේවය කිරීමට කම්කරුවන්  වැඩට දැක්කීය.

වැලැක්විය හැකි රෝගී තත්වයක් පුලුල්ව පැතිර ගියේය. මාඕරි සහ පැසිෆික් දූපත්වල ප්‍රජාවන් අතර විශේෂයෙන් කම්කරු පන්තිය අතර පැතිර ගියේය. පසුගිය වසරේදී නවසීලන්තයේ පුද්ගලයන් 83 දෙනෙකු මරුමුවට පත් කල ඉතා දරුනු  සරම්ප රෝගයක් දිලිඳු පැසිෆික් රටක් මෙන්ම පෙර නවසීලන්තයට අයත් යටත් විජිතයක්ද වන සමෝවා දක්වා පැතිර පැතිර යන තෙක්ම එය මැඩපැවැත්වීමට ආන්ඩුව අපොහොසත් විය‍.

ආන්ඩුව සෞඛ්‍ය අංශයට අවශ්‍ය තරම් අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කල ද වසංගතයට ප්‍රතිචාර වශයෙන් ව්‍යාපාර සහන, ඇපදීම් හා බදු විරාම වෙනුවෙන් ඩොලර් බිලියන 12ට වඩා පිරිනමා ඇත. මූල්‍ය ක්‍රමය නඟාසිටුවීමට ප්‍රමානාත්මක ලිහිල් කිරීම් තුලින් බිලියන ගනනක් අමතරව ලබාදීමට රිසර්ව් බැංකුව පොරොන්දුවී තිබේ.

මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් පවසන්නේ, රජය දී ඇති නය ප්‍රමානය, නවසීලන්ත වැසියන් “පරම්පරා ගනනක්“ විසින් අපසු ගෙවිය යුතු බවයි. සැබවින්ම ඔහු අදහස් කරන්නේ, තව තවත් තරවෙමින් සිටින සුපිරි ධනවතුන්  නම් නොවේ. 

කම්කරු පන්තිය සූරාකෑම උග්‍ර කිරීමට ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය, රැකියා හා වැටුප් වලට පුලුල් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වේ. අර්ථශාස්ත්‍රයින් අනාවැකි පලකර ඇත්තේ, විරැකියාව සියයට 10 හා සමහරවිට සියයට 30 තරම් වනු ඇති බවයි. එය මහා ආර්ථික අවපාතයෙන් පසුව දක්නට නොලැබුන මට්ටමකි.

වසර ආරම්භයේ පටන් දස දහස් ගනනක් ජනතාව රැකියා වලින් නෙරපා ඇත. සෑම අටදෙනෙකුගෙන් එක් අයෙක් සේවයේ නිරතව සිටින සංචාරක කර්මාන්තය බිඳවැටී ඇත. මහ සමාගම් සියයට 20න් හෝ වැඩි ප්‍රමානයකින් වැටුප් පහත දමා ඇති අතර, විශ්වවිද්‍යාල ද එයම කරන බවට තර්ජනය කරයි. 

දශ ලක්ෂ 5ක ජනගහනයකින් යුත් රටේ, ලක්ෂ 6 ජනතාව දුප්පත් කමේ ගිලී සිටින අතර ඒ සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් ඇත. වසර ආරම්භයේ සිට අවශ්‍ය තරම් ආහාර සපයාගත නොහැකි ජනතාව ජනගහනයෙන් සියයට 10ත් 20ත් අතර වන බව පුන්‍යායතනයක් විසින් ගනන් බලනු ලැබ ඇත. ආහාර සහනාධාර සපයන ආයතන වාර්තා කර ඇත්තේ, සියයට 400ක් වන දැවැන්ත ප්‍රමානයකින් ඉල්ලුම වැඩිවී තිබෙන බවයි.

කම්කරු, හරිත හා සංක්‍රමන විරෝධී නවසීලන්තයේ ෆස්ට් පක්ෂ හවුලක් වන ආඩර්න් ආන්ඩුවට, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ශක්තිමත් සන්ධානයක් ගොඩනඟා ගැනීම ඇතුලු, මහා විරැකියාව, දරිද්‍රතාව, ජාතිකවාදය හා මිලිටරිවාදය හැරෙන්නට වෙනත් විසඳුමක් ඇත්තේ නැත. 

මින්සුන් 51 දෙනෙක් මරා දමමින් ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකකට වසරකට පෙර එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ආන්ඩුව, අන්ත දක්ෂිනාංශයේ වර්ධනය දිරිගන්වන, සමාජ ගැටලු වලට විදේශකයින් දුක්ගන්නා රාලලා බවට පත්කිරීම දිගටම කරගෙන යයි.

කෙසේ වෙතත් 1930 ගනන් වල මෙන් සමාජ ව්‍යසනය, ධනවාදය පිලිබඳ මිත්‍යාවන් බිඳ දමමින් මිලියන ගනන් ජනතාව වමට තල්ලුකර ඇත. තීරනාත්මක කර්තව්‍ය වන්නේ, එලඹෙන විප්ලවවාදී අරගලයන් සඳහා අවශ්‍ය සමාජවාදී නායකත්වය ගොඩනැඟීමයි.

නවසීලන්තයේදී මේ සඳහා, ලේබර් පක්ෂය, හරිත පක්ෂය මෙන්ම වෘත්තීය සමිති, ජෙසින්ඩා ආඩෙන් හුවාදක්වමින් ආන්ඩුවට සහාය දෙන ව්‍යාජ වාම කන්ඬායම් වලින් පූර්න දේශපාලන වෙන්වීමක් අවශ්‍යය. 

නිදසුනක් ලෙස ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ආඩෙන් “විශිෂ්ඨ දේශපාලන චරිතයක්“ බව කියා සිටිමින් ඇයට හිමිව ඇත්තේ  “ගැලපෙන තැනක්“ යයි ඇය හුවා දක්වයි. යුනයිට් හා අනෙකුත් සමිති විසින් සහාය දක්වනු ලබන ලිබරල් ඩේලි බ්ලොග්, අගමැතිගේ වැටුප දෙගුන කල යුතු යයි යොජනා කර ඇත. එම බ්ලොග් අඩවිය සංක්‍රමන සීමාකිරීම හා විශාල මිලිටරියක් ඉල්ලා සිටින අතර, වසංගතය වෙනුවෙන් චීනයට චෝදනා නඟන ඇමරිකානු ප්‍රචාරනය වමාරයි.

හජාජාක සහයෝගය දක්වන නවසීලන්තයේ සමාජ සමානතා කන්ඬායම, ආඩෙන් ආන්ඩුවට සමාජවාදී දෘෂ්ඨි ආස්ථානයෙන් විරුද්ධ වන එකම ප්‍රවනතාවයි. වර්ගය හා ලිංගිකත්වය මත කම්කරු පන්තිය බෙදීමට උත්සාහ කරන ජාතිකවාදයේ හා අනන්‍යතා දේශපාලනයේ සියලු රූපාකාරයන් අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

වත්මන් අර්බුදයට ඇති එකම විසඳුම, මාඕරි, යුරෝපීය පැසිෆික් හා ආසියානු සංක්‍රමනිකයන් ඇතුලු නවසීලන්තයේ වැඩකරන ජනතාව, ලාභ සූරාකෑමේ ක්‍රමය අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරුවන් සමඟ එක්සත් කිරීමයි. මෙම ඓතිහාසික අරගලය සඳහා අපි සමඟ එක්වන ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමු.

Loading