මේ සතියේ ඉතිහාසය: මැයි 11-17

වසර 25 කට පෙර: ඉබෝලා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහල නඟී

වසර 25 කට පෙර: ඉබෝලා රෝගයෙන් මියගිය සංඛ්යාව 170 දක්වා ඉහල නඟී 

1995 මැයි 12 වන දින ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ, සයිරේ (Zaire; දැන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව) තුල ඉබෝලා වෛරසය පැතිර යාමෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහල ගොස් ඇති බවයි. අගනුවර වන කිංෂාසා සිට කි.මී. 500ක් නැගෙනහිරින් පිහිටි කිවු පලාතේ කික්විට් නගරය කේන්ද්‍රකරගෙන වෛරසය පැතිරගියේ ය.

මිලිටරිය විසින් කික්විට් ප්‍රදේශය නිරෝධායනය කර තිබුනත්, වෛරසය මිලියන 5 වාසය කරන නගරයක් වන කිංෂාසා වෙත පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය සේවකයින් කනස්සල්ලට පත් විය. සායන සහ පාසල් වසා දැමූ අතර නිවසේ රැඳී සිටීමේ නියෝගයක් ක්‍රියාත්මක කලේය. ප්‍රාදේශීය ගුවන්තොටුපල ද වසා දැමූ අතර කික්විට් ප්‍රදේශයෙන් පැමිනෙන සියලුම ට්‍රක් රථ සහ මෝටර් රථ නවත්වා පරීක්ෂා කිරීමට මාර්ග බාධක ස්ථාපිත කලේය. 

ඉබෝලා වෛරසය [Photo by NIAID / CC BY 2.0]

මෙම වෛරසය ප්‍රථම වරට හඳුනාගත්තේ 1976 දී සයිරේහි  ගම්මානයක පැතිරෙමින් තිබියදීය. එය රුධිර නාල වලට පහර දෙන රක්තපාත උන වෛරසයකි. එමඟින්  ශරීර උෂ්ත්වය අධික ලෙස ඉහල නඟින අතර රක්තපාතය පාලනය කරගත නොහැකි  තත්වයකට පත් වේ. මරනය සිදුවන්නේ රුධිර වහනය හේතුවෙන් ඇතිවන කම්පනයකින් හෝ හෘදයාබාධයකින් ය.  පැතිරීමේ මාරාන්තික අවස්ථාව ලඟාවූ විට ආසාදනය වූවන්ගෙන් සියයට 80 ත් 90 ත් අතර සංඛ්‍යාවක් මිය ගියේය.

රෝගය මතුවීමට ප්‍රධාන හේතුව, සයිරේහි ජල හා මලාපවහන පද්ධති හිඟය සහ රටේ පොදු රෝහල් පද්ධතියේ දුගී හා ප්‍රාථමික තත්වය යි. වසංගතය අවධියේ සයිරේහි මිලියන 43 ක ජනගහනයෙන් සියයට 14 ක් නගර සහ නගර ආශ්‍රිතව වාසය කල අතර පිරිසිදු ජලය ලබා ගත හැකි වූයේ ඔවුන්ගෙන් සියයට 14 කට පමනි.

එකල වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නතක් නොතිබූ අතර ප්‍රතිකාරයක් ද නොතිබුනි. එක්සත් ජනපදය  2019 දෙසැම්බර් වනතෙක් පලමු ඉබෝලා එන්නත අනුමත කලේ නැත.

වෛරසය පලමුවෙන්ම පැතිරෙන්නට පටන්ගත්තේ 1994 දෙසැම්බරයේ තරම් මෑතකදී බවට සැක කෙරේ. කික්විට් හි “සාමාන්‍යයෙන්” ඇති වූ අතීසාරය, මැලේරියාව සහ වෙනත් බෝවන රෝග හේතුවෙන් සිදු වන මරන නිසා වෛරසයෙන් සිදුවන මරන වෙනස් කොට හඳුනා ගැනීම දුෂ්කර වූ අතර එය අප්‍රේල් මැද වන තෙක්ම නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි විය. මෙම තත්වය එක්සත් ජනපදයේ පිහිටි රෝග පාලන මධ්‍යස්ථානය වෙත 1995 මැයි 6 වන දින තෙක්ම දැනුම් දී නොතිබුනි. මැයි 17 වන විට පරීක්ෂන මගින් තවත් සැක කටයුතු රෝගීන් 93 ක් හඳුනාගෙන තහවුරු කර ගත් අතර අතර ඉන් සියයට 92 ක් මාරාන්තික විය.

ඉබෝලා වෛරසය කැස්ස හෝ කිවිසුම් මගින් සම්ප්‍රේෂනය නොවන නමුත් පැතිරීම සඳහා ශාරීරික තරල සමඟ සම්බන්ධ වීම අවශ්‍ය විය. වෛරසයට ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් ආසාදනය කිරීමේ හැකියාව ඇතත් එහි පුර්ව වර්ධන කාලය (incubation period) සාපේක්ෂව කෙටි නිසා පැතිරීම දින 7 සිට 21ට පමන  සීමා වේ. රෝගී වූවන් ඉක්මනින් මිය යෑම නිසා තවදුරටත් ආසාදන ඇතිවීමේ අවස්ථා සීමා වේ.

Loading