ශ්‍රී ලංකාවේ කම්කරුවෝ හා තරුනයෝ පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීම හෙලාදකිති

සමන් ගුනදාස
16 ජූනි 2020

මෙම ලිපිය ජූනි 11දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද පොලිසිය විසින් කරන ලද ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ කුරිරු ඝාතනය සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇති කම්කරුවන් සහ තරුනයින්, දැනට පවතින ගෝලීය පෙලපාලි වලට සහාය පලකරමින් සමාජ මාධ්‍ය භාවිතා කරනු ලැබේ.

සමාජ අසමානතාවය, දරිද්‍රතාවය, මහජන විරැකියාව, සමාජ සුභසාධනයට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර සහ පවතින අධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳව වැඩෙන මහජන කෝපයේ ප්‍රකාශනයකි, විරෝධතා ව්‍යාපාරය.

ඩෙරෙක් චොවින් යන  මිනියාපොලිස්හි ‍පොලිස් භටයා තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සහාය ඇතිව, හුස්ම හිරවී ඔහු මිය යනතෙක් ෆ්ලොයිඩ්ගේ ගෙල සිය දනහිසෙන් තදකරගෙන සිටිනු දැක්වෙන වීඩියෝ පටය, සමාජ මාධ්‍ය තුල පුලුල් වශයෙන් නරඹනු ලැබ බෙදාගෙන ඇති අතර තරුන ශ්‍රී ලාංකිකයින් මෙම අමූලික මිනිස් ඝාතනයෙන් කම්පාවට පත්ව සිටී. 

ඊට වෙනස් ලෙස ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සමහර කතුවැකි සහ තීරුවලින්,  “සුදු ජාතිවාදයට ” එරෙහි කැරැල්ලක් ලෙස එම විරෝධතා උලුප්පා දැක්වීමට උත්සාහ දරා ඇත. උදාහරනයක් ලෙස, මැයි මස 2දා පී.කේ. බාලචන්ද්‍රන් විසින් “ෆ්ලොයිඩ් ඝාතනය හා පසුව හටගත් එහි විපාක, එක්සත් ජනපදය තුල වර්ගවාදයේ ගැඹුරු මුල් පෙන්වයි ”යන මාතෘකාවෙන් යුත් තීරුවක් පලවිය.

පුවත්පතේ ප්‍රමුඛ තීරු රචකයෙකු වන බාලචන්ද්‍රන්, “එන්නතක් සොයාගැනීමෙන් පසුව කොරෝනා වෛරසය බැසයනු ඇති නමුත් වර්ගවාදය එක්සත් ජනපදයේ ගැඹුරින්ම මුල්බැසගෙන ඇති වසංගතයකි” යයි අවධාරනය කරයි.

මෙම ප්‍රකාශ පලකෙරෙන්නේ, එක්සත් ජනපදයේ සහ වෙනත් තැන්වල විරෝධතාවන්හි බහු වාර්ගික හා මහජන ස්වභාවය වසන් කිරීම සඳහා ය. වර්ගවාදය පැහැදිලිවම පොලිස් ප්‍රචන්ඬත්වයට හේතුවක් වන නමුත් මෙම ප්‍රචන්ඩත්වයේ උල්පත ධනවාදය සහ පන්ති පීඩාවයි.

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය සිය මැයි 30 වන දින ප්‍රකාශයේ සඳහන් කල පරිදි: “ජෝර්ජ් ෆ්ලොයිඩ් තිරිසන් ලෙස ඝාතනය කිරීම හමුවේ ඊට එරෙහිව ඇවිලගිය, සියලු ජනවර්ගවල කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහජන විරෝධතා, වාර්ගික අර්ථකතන ඉවත දමන දැවැන්ත සමාජ එකමුතුවක් පිලිබඳ ප්‍රකාශනයක් වන්නේය. එය සුදු ජාතියට එරෙහි කලු ජාතික විරෝධතා පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ධනවතුන්ට එරෙහි කම්කරු පන්තතියේ විරෝධය පිලිබඳ ප්‍රශ්නයකි. මෙය දැවැන්ත ඉදිරි පියවරක් සලකුනු කරයි. විරෝධතා සලකුනු කරන්නේ, පන්ති අරගලයේ වර්ධනයෙහි නව අදියරකි.”

ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ මාධ්‍ය, යට සඳහන් පන්ති අරගලයේ ජාත්‍යන්තර එකමුතුව ප්‍රකාශ කර තිබේ..

එක් ෆේස්බුක් සටහනක ප්‍රියන්ත චන්ද්‍රසිරි මෙසේ ලියයි. “වාර්ගිකත්වය නොසලකා මෙම ධනේශ්වර පාලකයෝ බලහත්කාරයෙන් ශ්‍රමය  සූරාකති. අපි මෙම ක්‍රමයට එරෙහිව ක්‍රියා කල යුතුයි. ”

තාරක විජයබාහු මෙසේ පවසයි. “ඇමරිකානු අරගලය සුදු ජාතිකයින් සහ කලු ජාතිකයන් අතර නොවේ. සුදු සහ කලු  ජනතාවගේ අයිතීන් සඳහා, පාලකයන්ගේ මර්දනයට හා පෑගීමට වාර්ගික භේදකරනයට එරෙහිව සටන් (කල) යුතුය. ”

කරුනාදාස මුනගම ලිවූ ෆේස්බුක් සටහනක මෙසේ සඳහන් වේ: “මෙම අරගලය තුල සමාජ පරිවර්තනයක් සිදු නොවූව ද  අනාගත සමාජ පරිවර්තනයක් සඳහා අවශ්‍ය මනෝභාවය නිර්මානය වීම නොවැලැක්විය  හැකිය. ඇමරිකාව විසින් මෙහෙයවනු ලබන ධනවාදී සමාජය නුදුරු අනාගතයේ දී පරිවර්තනයකට භාජනය වනු ඇත. ”

පී. ජී. පුන්‍යවර්ධන ෆේස්බුක්හි මෙසේ විස්තර කරයි:  “ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා කලු හා සුදු වාර්ගික රේඛා ඔස්සේ ආගමික සහ වාර්ගික කොටස් භේද කිරීම, ම්ලේච්ඡ ධනපති ක්‍රමය ප්‍රයෝජනයට ගනියි.  ජීවත්වීමට සහ හුස්ම ගැනීමට ඇති අයිතිය එම ධනේශ්වරය විසින් පැහැරගෙන ඇත. මෙය දැඩි ලෙස හෙලා දැකිය යුතුය. ඇමරිකානු කලු සුදු තරුනයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ලේඛකයින්,  ලෝකයේ අනෙකුත් රටවල සිතන මතන කොටස්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ පෙලගස්වමින් ධනවාදයේ සියලු ප්‍රහාර අවසන් කිරීමට ලෝක සමාජවාදය වෙනුවෙන් සටන් කරමු. ”

Wasantha Wijesiri

පොලිස් ඝාතනය නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටින මාධ්‍යවේදී වසන්ත විජේසිරි ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසුවා.  “මෙම විරෝධතා හා පෙලපාලි වලින් අවධානය යොමු කෙරෙන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වෙත වුව ද ඒවා,  ඇමරිකානු ජනතාව මුහුන දෙන ආර්ථික-සමාජ ගැටලු වලින් අවුලුවන සමාජ අර්බුදයේ ප්‍රතිඵල ද වන්නේය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලබන මර්දනකාරී පියවරයන්ට එරෙහිව මෙම විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර, මෙම රාජ්‍ය මර්දනයට එරෙහිව නැඟෙන කම්කරු පන්තියේ සටන්කාමීත්වය මෙය ප්‍රකාශ කරයි. ”

විජේසිරි, ට්‍රම්ප්ගේ ප්‍රතිගාමී පියවර ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය සමඟ සසඳයි: “කොවිඩ්-19 අර්බුදය මධ්‍යයේ  ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ද සූදානම් වන්නේ, මිලිටරි තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට ය. හමුදාව 'රණවිරුවන් ‘ ලෙස හුවා දැක්වීමට මාධ්‍ය උපයෝගී කර ගන්නා අතර, පරිපාලනයේ සෑම කොටසක්ම මිලිටරීකරනය කිරීමට උත්සාහ කරන්නේ  කම්කරු පන්තිය මර්දනය කිරීමට එය මුදා හැරීමට සූදානම් වෙමිනි. ”

සුපිරි වෙලඳ සැල් අධිකාරිවරයෙකු හා  ලෝසවෙඅ නිත්‍ය පාඨකයෙකු වන තරුන රන්දික හෙට්ටිආරච්චි පැවසුවේ, " ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව පැනනැගී ඇති ජාත්‍යන්තර අරගල පෙන්නුම් කරන්නේ, ලොව පුරා වැඩ කරන පන්තියේ පීඩිත ජනතාවගේ පොදු ප්‍රශ්නයක් ලෙස රාජ්‍ය මර්දනය කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. ජාත්‍යන්තර සමාජවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙ මඟින් කොන්දේසි නිර්මානය වී ඇති බව පැහැදිලියි.

“ ලොව පුරා වර්ධනය වන මෙම විරෝධතාවන්ට මම පූර්න සහාය දෙමි. කම්කරු පන්තිය අවස්ථාවාදී දේශපාලන ප්‍රවනතාවයන්ගෙන් කැඩී වෙන්වෙමින් තමන්ගේම ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතුය. ”

වයස14ක ශිෂ්‍යයෙක් වන චතුරංඟ මහගම, ෆ්ලොයිඩ් ඝාතනය හෙලා දකිමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලිපියක් එවා ඇත. ඔහු මෙසේ ලියා ඇත: ෆ්ලොයිඩ් මරා දමන අයුරු මම අන්තර්ජාල වීඩියෝවකින් නැරඹුවෙමි. බිමවැටී සිටි ෆ්ලොයිඩ් ගේ බෙල්ල පොලිස් නිලධාරියෙකු තම දනහිසෙන් සිරකරගෙන සිටිනු එහිදී මම දුටුවෙමි. ඔහුගේ බෙල්ල සිරවී තිබියදී ෆ්ලොයිඩ් මෙසේ පවසයි: “මට හුස්ම ගන්න බෑ. මට හුස්ම ගන්න බෑ. ඔබ මාව මරන්නද හදන්නේ”. 46 හැවිරිදි ෆ්ලොයිඩ් තම ජීවිතය ඉල්ලමින් කෙඳිරි ගායි, නමුත් පොලිස් නිලධාරියා ඒ කිසිවක් ගනන් ගන්නා බවක් වීඩියෝවෙන් නොපෙනේ. ෆ්ලොයිඩ් ගිලන් රථයට ඔසවා දැමීමට පෙරම ඔහු ජීවිතයෙන් සමුගෙන අවසන් බව එම වීඩියෝවෙන් වැටහෙයි.

ඝාතනය සිදුවී දින දෙකක් ගත වනවාත් සමගම මාගේ පාසලේ මිතුරන් අතර එම වීඩියෝව විශාල වශයෙන් ඉන්ස්ටග්‍රෑම් හරහා සංසරනය වීමට පටන් ගැනුනි. එම වීඩියෝ බෙදාහදා ගැනීමේදී ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි කනස්සල්ල සහ කෝපය ප්‍රකාශ කරන වගන්ති ද එකතු කර තිබුනි. අනතුරුව ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ඇමරිකානුවන් දක්වන විරෝධතාවයන් ගේ වීඩියෝ පට විශාල ලෙස සමාජ මාධ්‍ය තුල සංසරනය වන්නට පටන් ගත්තේ ය. ඒවා බොහෝ විට ප්‍රවෘත්ති මාධ්‍යන් තුල දක්නට නොලැබුනි. එක් වීඩියෝවක කෝපයට පත් මිනිසුන් පොලිස් රථයකට පහර දෙන දර්ශනයකි. මා එම වීඩියෝව ෂෙයා කල පසු බොහෝ පිරිසක් එය නරඹා තවත් අයට ෂෙයාකර තිබුනි. ඔවුන් සෑමදෙනාම පවසා තිබුනේ මිනිසුන්ගේ කෝපය සාධාරන බවය.

“තවද මගේ බොහෝ මිතුරන් සඳහන් කර තිබුනේ කලු-සුදු භේදයකින් තොරව මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිසියට විරුද්ධ විය යුතු බවයි. මා සිතන ආකාරය ද එයයි. තවද මෙහිදී අපට බොහෝ සෙයින් දැකගත හැකි වූයේ එම විරෝධතාකරුවන් කලු-සුදු භේදයකින් තොර ව විරෝධතාවයේ නියැලී සිටි බවයි. 

ලෝක සමාජ වෙබ් අඩවියේ පලවූ ලිපියකින් මා දැනගත්තේ සෑම වසරක් තුල ම ඇමරිකාවේ මෙවැනි පොලිස් ඝාතන දාහක් පමන සිදුවන බවකි. ඇමරිකාවේ පමනක් නොව, ශ්‍රී ලංකාවද ඇතුලු ලොවපුරා මෙවැනි ඝාතන සිදු වන බව අපි දන්නෙමු. එය ශුන්‍යය දක්වා අඩු කල යුතුය. නැතිනම් එක් ඝාතනයක් හෝ සිදු නොවිය යුතුය. පොලිසිය සහ හමුදාව ට වඩා බලයක් කම්කරුවන් අත තියෙන බව පෙන්වා දිය යුතුයි. මා සිතන්නේ සියලුම රටවල මහජනතාව එකාවන්ව මෙම විරෝධතා දිගටම ගෙන යායුතු බවයි. එම විරෝධතාවන්ට නිසි නායකත්වයක් ද අත්‍යවශ්‍ය ය.