ඉදිරිදර්ශන

වාර්ගික- ප්‍රජාගනවාදී දේශපාලනය සහ දෙවන වරටත් ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කිරීම

වහල් ක්‍රමයේ බලය විනාශ කරමින්, වහල්භාවයේ සිටි අප්‍රිකානු ඇමරිකානුවන් මිලියන ගනනක්  විමුක්ත කෙරුනු, දෙවන ඇමරිකානු විප්ලවය මෙහෙයවූ එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ මතකයට ගරු කරන ස්මාරකවලට එල්ල කෙරුනු දරුනු ප්‍රහාර හේතුවෙන් ඇති වූ ජුගුප්සාව පිලිබඳ හැඟීම ප්‍රමානවත් ලෙස විස්තර කෙරෙන වචන සොයා ගැනීම පවා දුෂ්කර ය.

සිව් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කරමින්, ප්‍රධාන කොන්ෆෙඩරේෂන් හමුදාව යටත් වී සතියකටත් අඩු කාලයකදී, 1865 අප්‍රේල් 14  දින සවස, වහල් ගැති නලුවෙකු වූ ජෝන් විල්ක්ස් බූත් විසින් ලින්කන්ගේ හිසට වෙඩි තැබීය. පැය නවයකට පසු, අප්‍රේල් 15 වන දින උදේ 7: 22 ට, ඝාතකයා විසින් සිදු කරන ලද තුවාලයෙන් ලින්කන් මිය ගියේය. ලින්කන්ගේ මරන මංචකය අසල සිටගෙන, යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ “දැන් ඔහු ඉතිහාසගතවී හමාර” බවයි.

ලින්කන්ගේ ජීවිත පරිත්‍යාගය එක්සත් ජනපදය හා ලෝකය පුරා උතුරායන ශෝකයක් දැල්වීය. තමන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ හා මානව සමානාත්මතාවයේ ශ්‍රේෂ්ඨ ශූරයකු අහිමි වී ඇති බව කම්කරු පන්තියට දැනුනි. ලින්කන් ඝාතනයෙන්  දින කිහිපයකට පසුව ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ සංගමය වෙනුවෙන් ලියමින් කාල් මාක්ස්,  ඔහු “යහපත් පුද්ගලයෙකු වීම තිබියදීම, ශ්‍රේෂ්ඨ වීමට සමත් වූ දුර්ලභ කෙනෙකි” ( “one of the rare men who succeed in becoming great, without ceasing to be good.”,  යනුවෙන් ලිවීය.

ඒබ්‍රහම් ලින්කන් අතිශය සංකීර්න මිනිසෙකි, ඔහුගේ ජීවිතය හා දේශපාලනය ඔහුගේ කාලයේ ප්‍රතිවිරෝධතාවන් පිලිබිඹු කලේය. වරක් ඔහු පැවසූ පරිදි “ඉතිහාසයෙන් ගැලවීමට” ඔහුට නොහැකි විය. සමූහාන්ඩුව (Union) බේරා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඔහු, ලේවැකි සිවිල් යුද්ධයේ තර්කනය යොදාගෙන විප්ලවීය පියවර ගත්තේය. කුරිරු අරගලය අතරතුර, ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ට “නිදහසේ නව උපත” සඳහා සටන් කිරීමට හා ජීවිත පරිත්‍යාගය කිරීමට පෙලඹවූ විප්ලවවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රාර්ථනාවන්ට, ලින්කන් ප්‍රකාශනයක් අත්කර දුන්නේය.  

ඇමරිකාවේ දේශපාලන නැගිටීම්වල සෑම කාල පරිච්ඡේදයක්ම ලින්කන්ගේ ජීවිතයෙන් ආශ්වාදය ලබා ඇත. වොෂිංටන් ඩීසී හි ලින්කන් ස්මාරකය 1922 දී විවෘත කල දින සිට, වාර්ගික හිංසනයට එරෙහි හා සමානතාවය සඳහා වූ අරගලයේ වැදගත්ම අවස්ථාවන් කිහිපයක් සඳහා යොදාගත් ස්ථානයක් වී ඇත. 1939 දී හිට්ලර්ගේ නාසීන් යුරෝපයේ පෙලපාලි දක්වද්දී ද  ඇමරිකානු පාලක ප්‍රභූව අතර ෆැසිස්ට්වාදයට බොහෝ හිතවතුන් සිටිද්දී ද, පහත් ස්වරයෙන් ගීත ගයන සුප්‍රසිද්ධ අප්‍රිකානු ඇමරිකානු මේරියන් ඇන්ඩර්සන්ට ව්‍යවස්ථා මන්ඩල ශාලාවේදී ගායනා කිරීමේ අයිතිය අහිමි කෙරිනි. ඒ වෙනුවට ඇය 75,000 ක පිරිසක් ඉදිරියේ ලින්කන් ස්මාරකයේ පඩිපෙල මත ගායනා කලාය.

1963 දී, වොෂිංටන් පාගමනේදී කනිෂ්ඨ මාටින් ලූතර් කිං, 250,000 ක ජනතාවක් ඉදිරියේ සමානතාවය සහ වාර්ගික ඒකාබද්ධතාවය ඉල්ලා සිටිමින් “මට සිහිනයක් තිබේ” (I have a dream) යන දේශනය පැවැත්වූයේද මෙම ස්ථානයේම සිටය. එම දශකය අවසානයේ, වියට්නාම් යුද්ධයට විරෝධය දැක්වූ දස දහස් සංඛ්‍යාත තරුනයින් රැස් වූයේ ද ලින්කන් ස්මාරකය අසලය.  

තරුන ලින්කන් මහතා (1939) සහ ඉලිනොයිස් හි අබේ ලින්කන් (1940) (Young Mr. Lincoln (1939) and Abe Lincoln in Illinois (1940) යන චිත්‍රපට  ද ඇතුලුව ලින්කන් පිලිබඳ විශිෂ්ට කලාත්මක නිරූපනයන් සමඟ 1930 ගනන්වල කම්කරු පන්තියේ නැගිටීම සම්බන්ධ වීම අහම්බයක් නොවීය. ආරොන් කොප්ලන්ඩ්ගේ ආදරනීය වාද්‍ය-ආඛ්‍යානමය කෘතිය වන ලින්කන් පෝට්රේට් (1942)Lincoln Portrait (1942), එක්සත් ජනපදයේ දහසයවන ජනාධිපතිවරයා “තම රටවැසියන්ගේ මතකයේ සදාකාලිකයි” යන ප්‍රකාශයත් සමඟ අවසන් වේ.

නමුත්, ෆෝඩ් රඟහලේ සිදුවූ ඛේදවාචකයෙන් වසර 155 කට පසුව දැන්, ලින්කන් දෙවන වරටත්  ඝාතනය කෙරේ. මෙය ජය නොගත යුතුය.

වොෂිංටන් ඩීසී හි ලින්කන් උද්‍යානයෙන් සුප්‍රසිද්ධ විමුක්ති අනුස්මරන ස්මාරකය ඉවත් කිරීමේ පනතක් ගෙන එන බව කොන්ග්‍රසයේ ජන්දබලය නැති එහි නියෝජිතවරිය වන එලිනෝර් හෝම්ස් නෝර්ටන් පැවසුවාය. හිටපු වහලුන් විසින් බරපැන දරන ලද සහ 1876 දී කලු ජාතික අහෝසිකිරීම්වාදියකු වූ ෆ්‍රෙඩ්‍රික්  ඩග්ලස් ගේ කැපවීම ලද ස්මාරකය කඩා දැමීමට අදහස් කරන බව වර්ගවාදය මත ඇලී ගැලී ඇති විරෝධතාකරුවෝ ප්‍රකාශ කර ඇත. 

“වොෂින්ටන් ඩීසී ලින්කන් පාර්ක්හි විමුක්ති ස්මාරකයේ නිර්මානකරුවන්, අප්‍රිකානු ඇමරිකානුවන්ගේ අදහස් සැලකිල්ලට නොගත්තේය” යනුවෙන් නෝටන් ට්වීට් පනිවුඩයක සඳහන් කලාය. සිවිල් යුද්ධයේ විමුක්තිය සංකේතවත් කිරීමට මූර්ති ශිල්පියා අදහස් කල, දුවන්නකුගේ ඉරියව්වෙන් සිටින වහලෙකු නිදහස් කරන බව ලින්කන් නිරූපනය කරන නිසා, මෙම ප්‍රතිමාව “කලු ප්‍රජාව” අවමානයට පත් කරන බව ඩිමොක්‍රටිකයෝ පවසති.

නෝර්ටන්ගේ ප්‍රතිගාමී ප්‍රයත්නයට සහාය දෙන බොස්ටන්හි ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරියෝ, එම නගරයේ විමුක්ති ස්මාරක ඉවත් කිරීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි සතිවලදී සාකච්ඡා පවත්වනු ඇත.

කොන්ෆෙඩරේට් විරෝධී බලවේග අතුරින් ලින්කන් පමනක් නොවේ ඉලක්ක කරගෙන ඇත්තේ. පසුගිය සතියේ සැන් ෆ්‍රැන්සිස්කෝහි දී, ජයග්‍රාහී යූනියන් (සමූහාන්ඩු)  හමුදාවේ ශ්‍රේෂ්ඨ ජෙනරාල් සහ පසුව එක්සත් ජනපදයේ ජනාධිපති වූ යුලිසස් එස්. ග්‍රාන්ට්ගේ පිලිරුවක් කඩා බිඳ දමන ලදී. 

වර්ගවාදී උද්ඝෝෂනය පිලිබඳ ඊටත් වඩා අශික්ෂිත උදාහරනයකි, පුරාවෘතගත 54 වන මැසචුසෙට්ස් ස්වේච්ඡා පාබල රෙජිමේන්තුවට ගෞරව කරන බොස්ටන් ස්මාරකය අපකීර්තියට පත් කිරීම. අහෝසිකිරීම්වාදියකු වූ රොබට් ගුල්ඩ් ෂෝගේ නායකත්වය දැරූ  54 වන මැසචුසෙට්ස්, සිවිල් යුද්ධයේදී සංවිධානය කරන ලද දෙවන කලු ජාතික රෙජිමේන්තුව විය. ග්ලෝරි (1989) Glory (1989), චිත්‍රපටයේ ප්‍රචලිතව නිරූපනය කෙරුනු 54 වන රෙජිමේන්තුව, සුදු නිලධාරියෙකු වන ෂෝ විසින් මෙහෙයවන ලද්දේය යන කාරනයට විරෝධතාකරුවෝ විරෝධය පල කරති. නිව් යෝර්ක් ටයිම්ස් හි සම-ප්‍රධාන කලා විචාරක හොලන්ඩ් කොටර්, ස්මාරකය “සුදු අධිපතිවාදී” දර්ශනයක් යයි අපහාස කලේ, ෂෝ සිය අප්‍රිකානු ඇමරිකානු බලඇනියට නායකත්වය දුන් නිසාය.

තවත් අහෝසිකිරීම්වාදියකු වූ හාන්ස් ක්‍රිස්ටියන් හෙග්ගේ යූනියන් ස්මාරකය (1829–1863), අඟහරුවාදා රාත්‍රියේ විස්කොන්සින් මැඩිසන් හි දී බිමට ඇද දමන ලදී. අසල ඇති වැවකට විසි කිරීමට පෙර ස්මාරකයේ හිස වෙන්කර දැමුනි. 

නෝර්වීජියානු සංක්‍රමනිකයෙකු වූ හේග්, කොන්ෆෙඩරේටයට එරෙහිව ස්කැන්ඩිනේවියානු රෙජිමේන්තුව ලෙස හැඳින්වෙන 15 වන විස්කොන්සින් රෙජිමේන්තුවට නායකත්වය දුන්නේය. යුද්ධයට පෙර, ෆ්‍රී සොයිල් පක්ෂයේ සාමාජිකයෙකු වූ, වහල් ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ වූ හේග්, විස්කොන්සින්හි වහලුන් කොටුකරන්නන්ට විරෝධී මිලීෂියාවකට නායකත්වය දුන්නේය. වයස අවුරුදු 33 දී, 1863 සැප්තැම්බර් මාසයේ චිකාමුගා සටනේදී, ඔහු ඝාතනය කරන ලදී.

සමාජවාදී සමානතා පක්ෂය මෙම ස්මාරක අවමානයට ලක් කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා ඉදිරිපත් කර ඇති සියලු බොලඳ ලිබරල් නිදහසට කරුනු සහ යුක්තිසහගත කිරීම් ප්‍රතික්ෂේප කරයි. ඒවාට අභිප්‍රේරනය වූ දේ කුමක් වුවත්, ක්‍රියාවන්වලට වෛෂයික වැදගත්කමක් සහ බැරෑරුම් සැබෑ දේශපාලන ප්‍රතිවිපාක ඇත.

ඇමරිකානු විප්ලවයේ සහ සිවිල් යුද්ධයේ නායකයින්ට ගෞරව කරන ලින්කන් ස්මාරක සහ වෙනත් ස්මාරකවලට පහරදීම, වාර්ගික සතුරුකම් ඇවිලවීම් අරමුනු කරගත් දේශපාලන ප්‍රකෝප කිරීම් ය. එවැනි ප්‍රකෝප කිරීම් ප්‍රජාගනවාදී දේශපාලනයේ සුප්‍රසිද්ධ රූපාකාර වන අතර එය මුස්ලිම් පල්ලි හින්දු උන්මත්තකයන් විසින් හෝ හින්දු කෝවිල් මුස්ලිම් අන්තවාදීන් විසින් ගිනිබත් කිරීම හා සමාන වේ. එක්සත් ජනපදයේදී, ස්මාරක වලට පහර දේන්නේ ඒවා “සුදු” පාලනයේ නිදසුන් ලෙස හංවඩු ගසමිනි.

ස්මාරක වලට පහරදීම, ඇමරිකානු දේශපාලනය වාර්ගිීකරනය හා ප්‍රජාගනවාදීකරනය  සඳහා ධනේශ්වර පක්ෂ දෙක සහ ඉහල මධ්‍යම පන්තියේ විවිධ ප්‍රතිගාමී කොටස් විසින් කරන ලද උද්ඝෝෂනයේ ප්‍රතිඵලයකි. මෙම උද්ඝෝෂනයේ වැඩෙන තීව්‍රතාවය වනාහි, ධනවාදයට තර්ජනයක් ලෙස පෙනෙන කම්කරු පන්තියේ සටන්කාමීත්වයේ නැගීමට දැක්වූ ප්‍රතිචාරයකි. පොලිස් කෲරත්වයට එරෙහි පෙලපාලිවල දක්නට ලැබෙන අන්තර් වාර්ගික සමගිය පිලිගැනීමට වඩා, එහි දේශපාලන ඇඟවුම් නිසා, පාලක ප්‍රභූන් සහ මධ්‍යම පන්තියේ වඩාත් වරප්‍රසාදිත කොටස් භීතියට පත්ව සිටිති.

වාර්ගික දේශපාලනය ප්‍රවර්ධනය කිරීමේදී ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ අතර ශ්‍රම විභජනයක් පවතී. ට්‍රම්ප් සහ රිපබ්ලිකානුවන් ඔවුන්ගේ ආයාචන, ඇමරිකානු සමාජයේ වඩාත්ම දේශපාලනික වශයෙන් නොමඟ ගිය කොටස් වෙත යොමු කරමින්, වර්ගවාදී සතුරුකම අවුලුවාලීමටත්,  සමාජ කෝපය ධනවාදී ක්‍රමයෙන් ඉවතට හරවා යැවීමටත් ගැලපෙන පරිදි, ඔවුන්ගේ ආර්ථික අනාරක්ෂිතතාවයන් උපායිකව යොදා ගනිති.

සියලු සමාජ ගැටලු සහ ගැටුම් වර්ගවාදී වශයෙන් තක්සේරු කර පැහැදිලි කරමින් ඩිමොක්‍රටික් පක්ෂය, ප්‍රජාගනවාදී දේශපාලනයේ තවත් ප්‍රභේදයක් භාවිතා කරයි. දුප්පත්කම, පොලිස් කෲරත්වය, විරැකියාව, අඩු වැටුප්, වසංගතය නිසා සිදුවන මරන වැනි, විශේෂිත කාරනය කුමක් වුවත්, එය තනිකරම පාහේ වාර්ගික වචනවලින් අර්ථ දක්වා ඇත. මෙම වාර්ගීකරනය කල මනඃකල්පිත ලෝකය තුල “සුදු ජාතිකයින්ට” සියලු දුෂ්කරතාවලින් නිදහස්  සහජ “වරප්‍රසාද” ඇතැයි කියනු ලැබේ.

වර්තමාන යථාර්ථයේ මෙම විකාර සහගත  විකෘතිය සඳහා  විකාර සහගත අතීත විකෘතියක් අවශ්‍ය වේ. සමකාලීන ඇමරිකාව නිර්දය වාර්ගික යුද්ධයේ දේශයක් ලෙස නිරූපනය කිරීමට නම්, එම පදවලින් ඓතිහාසික ආඛ්‍යානයක් නිර්මානය කිරීම අවශ්‍ය වේ. පන්ති අරගලය වෙනුවට එක්සත් ජනපදයේ සමස්ත ඉතිහාසයම සදාකාලික වාර්ගික ගැටුමක කතාව ලෙස ඉදිරිපත් කෙරේ.

වසංගතය පැතිරීමට පෙර පටන්ම, සමකාලීන ප්‍රජාගනවාදී දේශපාලනය සඳහා වාර්ගික පදනම් ඇති කිරීමේ උත්සාහයන් හොඳින් සිදු වෙමින් පැවතුනි. ඩිමොක්‍රටික් පක්ෂයේ සංගත හා මූල්‍ය  අනුග්‍රාහකයන්ගේ ප්‍රධාන හඬ වන නිව්යෝක් ටයිම්ස් ,  ද්‍රෝහී ලෙස 1619 ව්‍යාපෘතිය ගොතන ලදී. එහි ප්‍රධාන අරමුන වූයේ වාර්ගික ආඛ්‍යානයක් ප්‍රවර්ධනය කිරීමයි. 2019 අගෝස්තු මාසයේදී එලිදක්වන ලද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන තර්කය වූයේ, උතුරු ඇමරිකානු වහල් ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකානු විප්ලවය සිදු කල බවත්, වර්ගවාදී ඒබ්‍රහම් ලින්කන් විසින් නායකත්වය දුන් සිවිල් යුද්ධයට වහල් ක්‍රමය අවසන් කිරීම සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය. ඒ නිසා, නව කතාන්තරය අනුව, වහල්ලු ඔවුන් විසින් ම නිදහස ලබාගත්හ.

ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, ඉතිහාසය පිලිබඳ මුසාවාදයේ අරමුන, සැබෑ සමාජ ප්‍රතිවිරෝධතාවන් සැඟවීමයි. මෙම අවස්ථාවේ දී ප්‍රතිවිරෝධතා යනු ධනවාදය විසින් නිපදවුනු සමාජ අසමානතාවයේ පුදුමාකාර මට්ටම්වල අන්තර්ගත වී ඇති දේය. මෙම ප්‍රතිවිරෝධතා ප්‍රගතිශීලී පදනමක් මත විසඳා ගත හැක්කේ, ධනවාදය අවසන් කිරීමට කම්කරු පන්තිය සවිඤ්ඤානිකව සටන් කොට එය සමාජවාදය මගින් ප්‍රතිස්ථාපනය කරන පන්ති අරගලයේ ක්‍රමවේදයන් මගිනි. වාර්ගික අනන්‍යතාවයේ විෂවාතය තුලට පන්ති අනන්‍යතාවය  දියකර හරිමින්, එම අරගලය අවමංගත කරමින්, කඩාකප්පල් කිරීමට දරන උත්සාහය, නොවැලැක්විය හැකි ලෙසම මෙහෙය වෙන්නේ ෆැසිස්ට්වාදය දිශාවටය.

ප්‍රජාගනවාදයේ අනුවාදයක් ප්‍රවර්ධනය කිරීම තුලින් පාලක පන්තියේ සියලු කොටස්, කම්කරු පන්තිය වඩා හොඳින් සූරාකෑමට හා විප්ලවයේ තර්ජනයෙන් මිදීම සඳහා කම්කරු පන්තිය භේද කිරීමට උත්සාහ කරති. 120,000 කට අධික පිරිසක් මරනයට පත්කර, මහා අවපාතයේ පරිමානයේ ආර්ථික අර්බුදයකට තුඩු දුන් කෝවිඩ්-19 වසංගතයේ බරින් මිරිකී ඇති ඇමරිකානු සමාජය, වෙහෙසට පත්වන විට, ඩිමොක්‍රටිකයෝ වෙන කවරදාටත් වඩා දරුනු ලෙස මූලික ප්‍රශ්නය වර්ගය බවට පත් කිරීමට උත්සාහ කිරීම අහම්බයක් නොවේ. 

වාර්ගික ප්‍රජාගනවාදයේ දේශපාලනයට විකල්පය වන්නේ කම්කරු පන්තියේ එක්සත් සමාජවාදී දේශපාලනයයි. මෙයයි සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙල. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන අය අපගේ පක්ෂයට සම්බන්ධ විය යුතුය.

Loading